Tuesday 7 June 2011

නුඹ රහසින් ඇවිත්.... ( 5 වන කොටස )









       සකුන්තල සිනහ මුසු මුහුනින් ගැහැනු ලමෝ අසලට පැමිනියේය..

 "ආ...මේ එන්නේ බ්‍රයිට් කේස් එක...මෙහෙම කෙනෙක් එක්ක ඉන්න ලැබෙන එකත් වාසනාවක් නේද අනු...."
අනුත්තරා කලේ සිනහසීම පමනකි..තමා සමග කතා කල මේ අපූරු ඉලන්දාරියා ගැන මුලු පන්තියේම ගැහැනු ලමුන් උමතුවෙන් සිටිනා බව පමනක් ඇය දැන සිටියාය..

"අනුත්තරා ටෙස්ට් එක ලිව්වේ නෑ නේ..ලිව්ව නම් ළකුනු බලාගන්න තිබ්බා..කමක් නෑ.ඊලග මාසේ එකම ලියමු නේ..."

"කොච්චර එක්සෑම් ලිව්වත් ඔයාව පාස් කරන්න නම් කොහෙත්ම බෑ සකුන්තල" අනුත්තරා සකුන්තල දෙස එක එල්ලේ බලා කීවාය..."

මේ අතර තවත් දෑසක් අනුත්තරා දෙස එක එල්ලේ බලා සිටින වග ඇය තබා ඇය සමග හුන් අනෙක් දෙදෙනාද නොදැන සිටියෝය්ය..තරූශ පෙරේරාගේ බොර පැහැ දෑස දුර ඈත සිට දැන්වීම් පුවරුව තෙක් විහිදී තිබුනි..


අප කතා නායකයා මේ මුහුන දී සිටින්නේ ජීවිතයේ කෙදිනකවත් ලබා තිබූ අත්දැකීමකට නම් නොවේ..

ඔබ පලවෙනි වතාවට කෙනෙක් ගැන ආදරයක් ඇති වූ මොහොත හෝ දවස මතකද..තරූශ මේ මුහුන දී සිටින්නේද එවැනි අවස්තාවකටය..සමහර විට ඔබ සැවොම ඒ අත්දැකීමට වයස අවුරුදු 18 ට පෙර මුහුන දෙන්නට ඇත.ඒත් අයාලේ ගිය රස්තියාදුකාර ජීවිතයකට ආදරයේ පලමු සෙවනැල්ල අරියාදු කරනා විට එය ඔහු කෙලෙසක නම් දරා ගන්නද....

තවත් විනාඩි 10 කට පමන පසු අප චරිත හතරම සිටියේ බස් රථයකය.සියල්ල ඒ ආකාරයටම සිදුවිය..නමුත් එක් වෙනසක් විය..වෙනදා පාපුවරුවේ එල්ලීගෙන ගිය ඉලංදාරියෙක් බස් රථය ඇතුලටම ගොඩවී යුවතියක් දෙස බලා සිටියේය..

 තරහා නොවන්න...
ආදරය ඇතිවීම මෙතරම් ඉක්මනින් සිදුවේවි යැයි ඔබ නොසිතන්නට ඇත..නමුත් එය සිදුවෙමින් පැවතුනි..ආදරය ඇතිවීමට කාලය ඕනෑ නැත..මේ මොහොත වෙන විටත් ලෝකෙයේ කොතැනක හෝ දෙදෙනෙක් ආදරයෙන් බැදී පවතිනු ඇත...තරූශ පෙරේරා නොහොත් රස්තියාදුකාර කතානායකයාගේ ජීවිතයට ආදරය හිනැහෙමින් තිබේ..

ඒ ආදරයට ඔච්චම් කරනා දක්ෂ ඉලංදාරියෙකුත් තම වාරය එලඹෙන තෙක් බලා සිටී....

හික්කඩුව නගරයෙන් බැසගත් තරූශ මුහුදු මායිමට ආසන්නයේ වූ නිවස දෙසට පිය මැන්නේය..අද මුලු මුහුදම නිශ්චලය..ඔහුගේ හිත ඊටත් වඩා නිශ්චලය..වෙරල ආරක්ෂාවට දමා තිබූ කලු ගලක් මත ඔහු හිදගත්තේය,...

තමාට සිදුවන්නේ කුමක් දැයි ඔහු දැන සිටියේ නැත..අනුත්තරා ගැන විශේෂ ඇල්මක් පමනක් හිතේ තිබෙනා බව ඔහු දනී.එය ආදරයමද...විටෙක ඔහු ඔහුටම සිනාසෙයි..පිස්සු...
"මම ජීවිතේට කෙල්ලෙක්ට ආදරේ කරාවිද..."

ආදරය කරනා තරුණයෙකුට කොපමන නම් ප්‍රශ්න තිබේද....ඒ සියල්ලට උත්තර සොයාගත යුත්තේ තනිවමය..අනුත්තරා සමග කෙසේ හෝ කතා කල යුතුය..ඒ සදහා එක අවස්තාවක් හෝ ලබා ගැනීමට ඔහු අදිටන් කරගත්තේය...."ඊලග සිකුරාදා දවස....ඔව් එදාට මම එයත් එක්ක කතා කරනවා..."

තරූශ ඒ තීරනයට එන විට ඈත අහසින් හිරු නොපෙනී යාමට ආසන්න වෙමින් තිබුනි....


 -------------------------------------------------------------------------------------------------

වේලාව 11 ත් පසු වී තිබේ..කාමරයේ මීට පැය කීපයකට කලින් විදුලි බුබුල නිවා දැමුවද අනුත්තරාට නින්දක් නැත.සකුන්තල සමග උදෑසන කතා කල දේවල් මෙන්ම යලි ගෙදර එන අතර තුරේදී කතාකල දේවල් ද ඇය මෙනෙහි කලාය..
ඔබ ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා සමග ජීවිතයේ පලමු වතාවට කතා කල දවස ඔබට මතකද....ඔබට ඒ කතා කල වචන එකක් නෑර මතක බව මම දනිමි..එය ආදරයේ හැටිය...අනුත්තරාටද ඒ කතාකල දේවල් නැවත නැවත මතක් වෙනු ඇත...

        තරූශ පෙරේරාද ඇදේ පෙරලෙමින් නිදා ගැනීමට උත්සහා ගත් වාර ගනන අනන්තය..ඇසිපිය තද කරගන්නා වාරයක් වාරයක් පාසා අනුත්තරා ඔහුගේ දෑස අද්දර සිනා සෙයි..එය ඔහුට එක්තරා ආකාරයේ සැනසීමකි...
"අද රෑට මමයි අනුයි ඉන්න හීනයක් පේන්න ඕන.." ඔහු විටෙක එලෙසද සිතුවේය..කොතරම් මැරවරයෙක් වුවද ආදරය ඉදිරියේ ඉතා බොලදය..

මේ සියල්ල මෙලෙස සිදුවන විට නිදි නැති දෑසක් කර්මාන්ත රසායනය පාඩම් කරමින් සිටියේය.ඇමෝනියා නිපද වීමේ හේබර් ක්‍රමය, ස්පර්ෂ ක්‍රමයෙන් සල්ෆියුරුක් නිපදවීම ගැන තිබූ සිද්ධාන්ත සියල්ල ඔහු මෙනෙහි කලේය..පොත් අතරින් මැවෙන අනුත්තරාගේ රුව බලමින් විනෝද වීමද ඔහුගේ පාඩමේ කොටසක්ම විය..නමුත් ඒ රුව සකුන්තලගේ පාඩම් වැඩ වලට භාදා වූයේ නැත..මනස පිලිවෙලකට තබා ගත් තරුණයා නිදාගන්නා විට රාත්‍රී 12 ත් පසු වී තිබුනි...

  --------------------------------------------------------------------------------------

සතියක් ගතවී ඊලග සිකුරාදා දිනයද උදා විය...තරූශ , අනුත්තරා සහ සකුන්තලද නොයිවසිල්ලෙන් සිටින්නේ සිකුරාදා වන තුරුය..සුපුරුදු පරිදි ගාල්ලෙන් අනුත්තරා සමග බසයට නැගගත් සකුන්තල ප්‍රීතියෙන් අම්බලන්ගොඩ තෙක් පැමිනියෝය..
ඔවුන්ගේ පුද්ගලික කතා කියමින් ඔබ වෙහෙසට පත් කිරීම මාගේ අරමුණ නොවේ..ඊට වඩා වැදගත් කතාවක් කීමේ වගකීමක් මට ඇත..
තරුණ ජෝඩුවට භාදා කිරීමට තරූශ අද නැත..ඔහුට එම බසය මග ඇරී තිබුනි.තරූශගේ දෑස් අනුත්තරා වෙතටද අනුත්තරාගේ හා සකුන්තලගේ දෑස් එකිනෙකා දෙසද යොමුවෙමින් තිබුනි...කෙසේ හෝ නොසන්ඩාල ඉලංදාරියෙකු යන්තමින් හික්මී තිබේ.....

නැවත වැදගත් යමක් සිදු වූයේ පන්තිය අවසානයේ ය..

අනුත්තරා පන්තියෙන් එලියට පැමිනෙන තෙක් කාඩ් මාර්ක් කරන තැනට වි සිටි තරූශගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් අනුත්තරා සකුන්තල සහ ඉරේශා සමග එලියට ආවාය..

"ඉරේශා සිටියාට කමක් නෑ..ඒත් මේ ඇඹලයා මෙයාගේ නැට්ට වගේ වෙලා...." 
ඔහු තනිවම සිතුවේය....
"මුට මුකුත් නොකරොත් මූ තවත් උඩින් යාවි...හොදයි බලමුකෝ ඊලග දවසේ....

සැබැවින්ම ඊලග දවස මොවුන්ගේ ජීවිතයේ තීරනාත්මකම දවස බව කිසිවෙකු දැන සිටියේ නැත..

42 comments:

  1. එල එල මචන්..මරු කතාව..ඉක්මනට ඉතුරු ටිකත් දාපන්.ඇත්තටම තරුශව මම දන්නව වගෙ ;)

    ReplyDelete
  2. රත්ගමයා මචං..උඹ මේ කතාවේ මම කියපු චරිතෙම වුණත් කමක් නෑ හොඳට කරලා තියනවා..එලස්ය..

    ReplyDelete
  3. කතාවේ කතා නායකයාට වඩා සහාය නළුවා ඉදිරියෙන් හිටියා මේ වෙනකම්ම.. අද කතාව ටිකක් වෙනස් උනා.. තරුශගේ පළමු ආදරය කොයි විදිහට ගලා ගෙන යාවිද??

    ReplyDelete
  4. මේ කතාව දෙන්නේ සිරසටද,ස්වාධීනෙටද...තරුශයා ගේමට එන්ටර් වෙන්න වගේ යන්නේ

    ReplyDelete
  5. අර හදනවා කිව්ව මෙගා නාට්‍යය..... දැන් නම් හරි වගේ

    කෙල්ල...කොල්ලා...දුෂ්ටයා....ඔහොම යන් :D

    ReplyDelete
  6. කෝ බන් අර ජෝක් දාන යාළුවගෙ චරිතෙ... එල එල මචන්... ඉතුරු ටිකත් ඉක්මනට දාමු..

    ReplyDelete
  7. එල එල ඉතුරු ටිකත් ලියමු..

    ReplyDelete
  8. කතාව නියමයි. ඉක්මනට ඉතුරු ටිකත් දාන්න. කුප්ප කමක් ගෑවිලාවත් නෑ මේ කතාවේ.

    ReplyDelete
  9. මටත් දැන් නම් ..තරූශ කවුද කියලා ..පොඩි සැකයක් තියෙනවා.
    බලමුකෝ.....

    ReplyDelete
  10. ඔය ටික හොදොටෝම ඇති නොවැ මෙගා ටෙලියක් කරන්න,, එලස් ආ :)

    ReplyDelete
  11. උබ ලියන ස්ටයිල් එක එළ මචං... මට පේන්නේ ලබන සතියේ සකුන්තලය ආයෙමත් කයි වගේ..

    ඉතුරු ටිකත් ඉක්මනට දාපාන්

    ReplyDelete
  12. අඩො... මං කිවුවෙ කෙල්ලව තරුශට දෙන්න කියල විත්‍රයි. තො මොනාද මේ කොරන්නෙ.. තරූශවත් අර සකුණද මොකාද වගේ නපුන්සකයෙක් කොරන්නද යන්නෙ...?? අනේ තොට හෙනම ගහපිය...

    ReplyDelete
  13. හරි...... ඔය ආවේ චරිත ටික කැපිලා ලස්සනට. :)

    ReplyDelete
  14. ඕනෙ දඟ කොල්ලෙක් ආදරේ ඉස්සරහ සන්සුන්.

    ReplyDelete
  15. මාත් කියන්න ඔය සකුන්තලයාව බස් එකකවත් හප්පලා දාපන් මචං... මට ඕකත් එක්ක හෙන ඇරියස් එකක් තියනවා හේතුවනං මම වත් නොදනී... සික් දැන්වත් තරූශයාව ඉගනීම පැත්තට දාපන් අරූට පු* ඇගිල්ල ගහන් යන්න....

    ReplyDelete
  16. දැන් නම් ලියන වේගය හොඳයි. ඔහොම ගිහින් සුජීව අය්යටත් යනෙන මන් නැති වෙයිද? වෙන කතාවල දුප්පත් කොල්ල තමයි දක්ෂයා. සල්ලියි ..අද්යාපනෙයි ඔක්කොම සකුන්තලට දුන්නම අර අසරණය කෙල්ලගේ හිත ගන්නේ කොහොමෙයි. බස් එකක හැපෙන්න යද්දී ජිවිතේ එපා කියලා කෙල්ලව බේර ගනී වත්ද . අපිටත් ඉතින් ඉවසන්න බැහැ නේ මොකක් වෙයිද කියලා දැනගන්නමයි හිත

    ReplyDelete
  17. "ඒත් අයාලේ ගිය රස්තියාදුකාර ජීවිතයකට ආදරයේ පලමු සෙවනැල්ල අරියාදු කරනා විට එය ඔහු කෙලෙසක නම් දරා ගන්නද " පිස්සු හැදෙයි කිව්වලු මචෝ.. අයේ කියන්න දෙයක් නෑ සිරා.. හැබැයි උඹ තරුශයට හරිම අපරාදයක් කරන්න යන්නේ..පව් බං කොච්චර අගේට හිටපු කොල්ලෙක්ද..? දැන් ඌට අඩු ගානෙ නිදා ගන්නවත් ලැබෙයිද මංදා හොඳට.... :O

    ReplyDelete
  18. මචං රත්තො, ගහමු මෙගාවක්, දෙපැත්තටම නැති එකෙකුත් පැත්තකින් සෙට් කරගත්තනම් ගොඩම තමා බං, 7.30 බෙල්ට් එකේ පට්ට හිට් එකක් වෙයි. මොකෝ කියන්න ඩීල් එක කතාකරල දෙන්නෙයි I.T.N එකත් එක්ක ?

    ReplyDelete
  19. මේකනම් හරියන්නේ නෑ. මම අයෙත් සතියකට විතර උබේ බ්ලොගට එන්නේ නෑ. කතාව ලියල ලියල කුප්ප පොත එකකින් නවත්තනවා. දැන් ඉතින් බලන ඉඩපල්ලකෝ ඊලග ඒක එනකල්. සතියකින් විතර ඇවිල්ල ඔක්කොම ඒක හුස්මට කියවනවා.

    කතාව ගැන නම් කියන්න වචන නෑ.. මැක්සා....

    ReplyDelete
  20. සුපිරි කතාව රත්ගමයෝ . අද තමයි ඔන්න නිවි හැනහිල්ලේ කතාව හරියට කියෙවුවේ . මචං මේක පට්ටම මෙගාවක් වේගෙනයි එන්නේ . කමක් නෑ උඹ හිටු කියලා ලියන එක හරි කරනවා නේ මේ දවස් වල . ඇත්තටම මේ කතාව පට්ටයි බං ඔෆිස් එකේදී මම කවුරු හරි දකියි කියලා හොරෙන් තමයි මේක බලන්නේ .. අදනම් ඔන්න ගෙදර ඉඳන් සන්තෝසෙන් මේක බලනවා ..

    මම සාමාන්‍යයෙන් මේ වගේ කතා නොකියවන කෙනෙක් විදිහට තමයි මිතුරන් අතරේ පොර පාට් එක දාගනෙ ඉන්නේ .. ඒවුනාට ඉතින් මාත් හොරෙන් හොරෙන් කියනවා ..

    ReplyDelete
  21. අහ් අද නං එළ. සඳරු කිව්ව වගේ මාත් මේව කියවන්නෑ කියල තමයි ඉන්නේ ඒත් මේක නං අතඅරින්නෙ නෑ. එළ එළ ඔහොම යං. ඊළඟ එක එනකං ඉන්න බැරියෝ. ඉක්මනට දන්න. මට තේරෙන්නෙ නැත්තෙ හැමෝම ඇයි තරුශයට කැමති ඇයි කියල. මම නං කැමති සකුන්තලය දිනනවට. කොහොම හරි කමක් නෑ. කතාව සුපිරි ඈ!!

    ReplyDelete
  22. කොහොම හරි අන්තිමට තරුෂ, අනූ නිසා ඉගෙනීමට උනන්දු උනාලු, පස්සෙ කාලෙක හොඳට ඉගෙන ගෙන දැන් බ්ලොග් එකකුත් ලියනවලු....කුජීතයි නේද පින්වතුනි?

    ReplyDelete
  23. Anonymous
    ඒ කොහොමද බොල ඇත්තටම ඌව දන්නේ .....
    ---------------------------------------------------------------------------------------
    ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර
    මම ඊයේ කිව්වා නේ බොල කියන්න ඕන ඒවා...මම තරූශ
    --------------------------------------------------------------------------------------
    Dinesh
    හැමෝටම පලවෙන්යට ආදරේ කරන කෙනා ලැබෙන්නේ නෑ නේ අයියේ...බලමු කෝ...තව කොටස් තුනක් නැති නම් හතරක් විතරයි...
    --------------------------------------------------------------------------------------
    ItalyDilan
    මේක යන්නේ පියෝ ටීවී එකේ...ඉතාලියේ පෙන්නන්නේ නෑ....
    ----------------------------------------------------------------------------------------
    දිල්
    මේකේ දුෂ්ඨයා තමා කොල්ලා වෙන්නේ...කෙල්ල දුෂ්ඨි වෙනවා...
    ----------------------------------------------------------------------------------------
    සාතන්
    මේක මෙගා එකක් නෙමේ නේ බොලේ...

    ReplyDelete
  24. පැතලියා
    ඉවසපන්...
    -------------------------------------------------------------------------------------
    මධුරංග
    ඊලග එක ඉතින් හෙටම තමා....
    -------------------------------------------------------------------------------------------
    - නිල් අහස -
    ඔව් මම තමා...මොකෝ....
    ----------------------------------------------------------------------------------------
    $චාටර් කොල්ලා
    මෙගා එකකට කොටස් පහද බන්?
    -----------------------------------------------------------------------------------------
    නචියා
    කන පාටක් තමා පේන්න තියෙන්නේ...ආදරේ ඇතිවෙන පාටකුත් පේන්න තියනවා..

    ReplyDelete
  25. සුළඟිල්ල | pinkie
    ඕන රස්තියාදුකාරයෙක් ආදරේ ඉස්සරහ නපුංසක වෙනවා බන්....
    --------------------------------------------------------------------------------------
    හා පැටික්කි (MS)
    කැපිලා??
    -----------------------------------------------------------------------------------
    පිණිබිඳු...
    අන්න රයිට් අක්කට තේරුනා...කොච්චර නොසන්ඩාල උනත් ආදරේ කරන්න ගත්තම මාර විදිහට ජෙනුවින්...
    ---------------------------------------------------------------------------------
    කිඩෝ
    ඌව හැප්පුවොත් කෙල්ල ඌට තව ලව් වෙනව නේ බන්...කෙල්ලෝ එහෙමයි...

    ReplyDelete
  26. Bindi
    ප්‍රේම කතාවල නේ එහෙම අය ඉන්නේ...මේක වෙනස්ම කතාවක්...කතානායකයට කෙල්ලව ලැබෙන්න ඕනම නෑ නේ....
    -------------------------------------------------------------------------------------
    sudheera
    ඌ හොදට නිදා ගනීවි...ඕකා රට ඇම්ඩා...
    ---------------------------------------------------------------------------------------
    nawammawatha
    ඉකේ,,,ඒ මල ජරාවේ නාලිකාව නැතුව ඕන එකක්...
    -----------------------------------------------------------------------------------
    ADK කොලුවා
    ඊලග එක හෙට බන්..තව දවස් හතරයි..කතාව ඉවරයි...
    --------------------------------------------------------------------------------------
    හිස් අහස
    මැදැයි...සදරු අයියයි තරූශයි මැච් කරන්න මම බැලුවේ....වලි වලට දෙන්නම දක්ෂයි නේ...හොරෙන් කියවන්න..නැති නම් කොල්ලෝ කාඩ් ගහයි...
    --------------------------------------------------------------------------------------
    දොඩන්
    කතාව ලියවෙන්නේ තරූශට වාසි විදිහට නේ,..ඒකයි...සකුන්තගේ පැත්තෙන් ලිව්වොත් තරූශ තමා දුෂ්ථයා

    ReplyDelete
  27. හේබර් ක්‍රමය මතක් කරපු එකෙන් කතාවේ ලස්සන ගියා

    ReplyDelete
  28. දිනිත්
    ඔව් ඔව්...වරෙන් බ්ලොග් ලියවන්න...මගේ නම රත්ගමයා බොල...තරූශ නෙමේ....
    ----------------------------------------------------------------------------------------------
    Bunny
    ඒක හෙට තමා...

    ReplyDelete
  29. uddawak widihata me comment eka kemathinam vitharak danna.

    http://t.co/4jgKXhq

    ReplyDelete
  30. ඔළුව කරකෝල අතෑරියා වගේ....

    ReplyDelete
  31. නෑ වෙන්නෙ නෑ.. එහෙම නපුන්සක වෙන්නෙ නෑ. උබ තමා එහෙම කරේ.. අනේ තොට හෙනම ගහපන්...

    ReplyDelete
  32. අයියෝ ඉක්මනට ලියන්නකො අයියෙ ඉතුරු ට්ක..

    ReplyDelete
  33. ඔන්න මමත් ආවා මේ පැත්තෙ ඇවිල්ලා යන්න..
    ඒත් මේ......................
    මාතර කොළඹ බස් රත්ගම නතර කරනවනෙ...ඇයි හික්කඩුවෙන් නගින්නෙ....

    ReplyDelete
  34. එල ඉතින් මන් මොනා කියන්නද? කියන්න ඔන ඔක්කොම කියලනේ.

    ReplyDelete
  35. අතිවිශිෂ්ටයි රත්ගම කොල්ලෝ..... :)

    ReplyDelete
  36. සින්ඩි9 June 2011 at 09:10

    අනේ මන්ද මට නම් නිකන් හිතෙනවා අනු ට ගැලපෙන්නේ තරුෂ කියල.එහෙම වෙන එකක් නැහැ ඒ වුනත්...නේ...?
    ගොඩක් ලස්සසයි කතාව, ඔක්කොටම වඩා ලියන ස්ටයිල් 1 මාරම මාරයි.
    ගුඩ් ලක් දිගටම මේ වගේ කියවන්න බෝරිං නොවෙන ලස්සන විදියටම ලියන්න.. :)

    ReplyDelete
  37. අගේ නොකර ඉතුරු ටිකත් ඉක්මනට දාන්නො........

    ReplyDelete
  38. මොන මඟුලක් වෙයිද දැන් ...........

    ReplyDelete
  39. ඊලග දවසේ මොකෝ වෙන්නේ බලමු එහෙනම්.....

    ReplyDelete
  40. උඹ කතාවල අලුත් පිටුවක් පෙරලන්න වගේ හදන්නේ...

    තරුශ හොඳ එකෙක් වෙයි. නැත්නම් අන්තිම දරුණු වෙයි!

    ReplyDelete
  41. අනේ රතෝ.. ඇයි බං මෙහෙම කරන්නේ.. :(
    මගේ කතාව උබ මට කියනවා අලුතින්... මම අද කියවන්න ගත්තේ.. :(
    අනේ මන්දා... ලියන් පලයන්.... :\

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)