Sunday 5 June 2011

නුඹ රහසින් ඇවිත්...... (2 වන කොටස)




අනුත්තරාත් ඉරේශාත් පන්තිය අවසානයේ අම්බලන්ගොඩ බස් නැවතුම් පල වෙත සෙමෙන් සෙමෙන් පියනැගුවෝය.බස් රථවල නොනවතින හෝන් හඩත් මිදුමක් මෙන් නැගෙන දුහුවිල්ලත් අනුත්තරාගේ ඇස් දවාලයි.

මෙතක් කතාව මම කියුවේ අනුත්තරා දිසානායකට වාසි සහගත ලෙස යැයි ඔබට සිතෙනු ඇත.ගැහැනු ලමුන්ගේ කතා වලට මැදිහත් වීම අපට සුදුසු නැත.ඉදින් අපි තරුන ඉලන්දාරියා දෙසට හැරෙමු.මේ අවස්ථාව ඊට සුදුසුද නැද්ද මම නොදනිමි.නමුත් දැන් කරන්නට දෙයක් නැත..

තරූශ දිසානායක සිරුරේ වූ වැලි පිස දමමින් ජයග්‍රාහී ලෙස නැගිට්ටේය.බයාදු මුහුනින් ඔහුගේ සිරුරට යට වුනු සකුන්තල මොන මොනවදෝ මුමුනයි..

"තොට දැන ගන්න තිබ්බා ඔහොම කතාවක් කියන්න්න කලින්.තාත්තා නැති උනාට අම්මා ඉන්නවා යකෝ මාව හදාගන්න.තොපි මාව හදන්න ඕන නෑ.අනික තෝ මතක තියාගනින්.හැමදාම පන්තියේ වැඩිම ලකුනු අරගෙන පලවෙනිය වෙලා ගෑනු ගොඩේ සෙවලය වගේ ඉදියට අපේ කොල්ලෝ පාඩම් කරන්න ගත්ත දවසට තොට යන එනමං නැති වේවි."

සකුන්තලගේ මුහුනට තවත් දෙකක් අත ගුලිකර දුන් තරූශ බස් නැවතුමේ මුල්ලකට ඇවිද ගියේය.

සකුන්තල අමාරුවෙන් වාරුගෙන නැගිට්ටේය.
එසැනින් තරුන ගැහැහු ලමෝ කීප දෙනෙකු ඔහු වටකර ගත්තේය.එතන අනුත්තරාගේ අතින් ඇදගෙන දිව ආ ඉරේශා ද සිටිය බව අකමැත්තෙන් වුවද ඔබට මම කියමි.

"මොකක්ද මෝඩයෝ කරගත්තේ.ඔය කාලකන්නිය එක්ක රංඩුවට යන්න එපා කියලා අපි කොච්චර කියනවද.ඌ හිතක් පපුවක් තියන එකෙක් ද.දැන් තමුසේ එක්ක ගිහින් නැන්දටයි මාමටයි මම මොකක්ද කියන්නේ.මෙන්න මේ ලේන්සුවෙන් ඔය අත බැදගන්නවා.අත් දෙකම තුවාල වෙලා..අනූ...ඔයාගේ ලේන්සුවත් දෙන්න ඩියර්.මූ කරගන්න ඒවට මට තමා වගකියන්න වෙන්නේ"

ඉරේශාගේ සහ අනුත්තරාගේ ලේන්සුවලින් දෑතම බැදගත් සකුන්තල අනුත්තරාට සිනහවකින් සංග්‍රහ කලාය.

ඔබද මමද තරූශට අකමැති බව සැබැවි.ඒත් සකුන්තලට අනුත්තරා පෙරලා සිනහවක් පෑම ඔබටවත් මටවත් නොරුස්සයි.එය අද කාලයේ ආදර කතාවල ලක්ෂනයකි.

 මේ සියලු සිදුවීම් දෙස කාලකන්නි ඉලන්දාරියා උපහාසයෙන් යුතුව බලා සිටියේය.අනුත්තරා සකුන්තලට සිනහව පෑම අපට තරම් ඔහුට ප්‍රශ්නයක් නොවීය.පන්තියේ අන් පිරිමි ළමුන්ගේ සිත් පිනවන රූසපුවක් අනුත්තරාට තිබුනත් එය ඉලංදාරි කොලු ගැටයාය කිසිම ආකරයක ප්‍රශ්නයක් නොවේ.
අනුත්තරා යනු ඔහුට තවත් එක කෙල්ලෙක්ම පමනි....

කොළඹ සිට ගාල්ල බලා යන බස් රථයට අප කතාවේ දැනට හමූ වූ චරිත හතරම නැග ගත්තේය.තරූශගේ රවා බැලීම් හමුවේ සකුන්තල තව තවත් කෙල්ලන් දෙදෙනාට මුකුලු වූවේය.

  ටිකට් එකක් වත් නොගෙන බස් රථයේ පාපුවරුවේ එල්ලීගෙන යන තරූශ දෙස ඔබගේ මගේ දෑස් වලට අමතරව අනුත්තරා දිසානායකයේ දෑසද ඉද හිට යොමූ වූ බව පමනක් අද කතාවේ අවසානයට කියමි.

සෑම ආදර කතාවකම ලෙස මේ ආදර කතාවටද පෙම්වතුන් යුවලක් ඕනෑමය.ඔබගේත් මගේත් හිත් ඉල්ලන පරිදි සිත්පිත් නැති රස්තියාදුකාර ඉලන්දාරියාට මේ සුන්දර යුවතියව අයිතිකර දිය හැකිද.කතාව ඔබටවත් මටවත් වෙනස් කල නොහැක.එය සිදු වූ ආකාරය පමනක් මම ඔබට කියාගෙන යන්නෙමි....

25 comments:

  1. මේ කතාව හරි අමුතුයි.ඊලඟ කොටස කියවනකම් ඉන්න බැරි ගතියක් දැනෙනවා.ඉතුරු කොටසුත් ඉක්මනට දාන්න.

    ReplyDelete
  2. ලියන ආකරය හොදයි. ඒත් සමහර තැන් එක පාරටම කතාවට ඔබ්බල වගේ කියල හිතෙනව.. හොදයි ඊළග එකත් ලියමුකෝ...

    ReplyDelete
  3. ලස්සන කතාවක්. ඊලග කොටසත් ඉක්මනට ලියන්න. අනුත්තරාට ඊලගට මොකද වෙන්නේ ?

    අලුත් ඩොමේන් එකත් එක්ක අලුත් ගමනක්. සුබ පතනවා රත්ගමයාට !!!!!

    ReplyDelete
  4. අඩො.. ඔය තරූශ කියන්නෙ අර නිල් ඉරි ඉරි ටී එකක් ගහන් හිටපු එකා නේද??? එහෙනම් තො ඇයි හාල් පාරුවො, "ඔබද මමද තරූශට අකමැති බව සැබැවි..." මෙහෙම කියන්නෙ?? චික් විත්‍රක්.. මං ආස මේකෙ උගෙ චරිතෙට බන්... ඊලඟ එකත් කියවන්න එනව හරිය. හැබැයි තො අර වගේ කඩුප්පුලි කතා කියල හවුවෙන්නෙ නෑ හරිය...??

    ReplyDelete
  5. ඔබද මමද තරූශට අකමැති බව සැබැවි.මේ කතාවට එකග නොවෙමි..මෙතන හොදම චරිතය තරූශ කියලයි හිතෙන්නේ.. මේ ලියන විදිහට නම් මම මාර ලයික්...මේක හැමදාමත් දකින ආදර කතාවක් නොවේවා කියලා පතනවා...ඒත් ඉතින් ඔයාම කියලා තියෙනවනෙ මේක “ඔබටවත් මටවත් වෙනස් කල නොහැක.“ කියලා...ඉතිරියත් ඉක්මනට දාන්න මල්ලි ජය වේවා !!

    ReplyDelete
  6. මෙගා ටෙලියක් කරන්න එපා ඕයි...ඉක්මනට ලියපන් ඕයි..ඊලග එක කියෝනකන් නිකන් කසනව කසනව වගේ ඕයි.. :)

    ReplyDelete
  7. මේ ලියලා තියෙන තරූශට අපි හැමෝම අකමැති ඇති.. ඒත් අනුත්තරා කැමතිද කියලා අපි දන්නේ නෑනේ.. ඉතිරි කොටස් වලින් අපිට ඒක දැන ගන්න පුළුවන් වේවි.. කතාව යන විදිහ හොදයි..

    ReplyDelete
  8. JHOTHISHALANKA
    අපේ කතා නායකයා වීරයෙක් නෙමේ දුෂ්ඨ්යෙක්...
    --------------------------------------------------------------------------------------------
    හිම කුමාරි
    මේ කොටසෙදි එහෙම හිතෙනවා ඇති..පොඩ්ඩක් ඕවර් ගියා මම හිතන විදිහත් කතාවට ඔබපු නිසා.
    --------------------------------------------------------------------------------------------
    මධුරංග
    හික් හික්..ඩොමේන් එක දාපු ගමන් පරන ලෙසක් ආයේ ආව නේ..මේ සදරු අයියා කන්ටැක් කරගන්න හදනවා...
    -----------------------------------------------------------------------------------------
    සුළඟිල්ල | pinkie
    මේකනේ බන්...කතාව යන්නේ ඌ වීරයා විදිහට උනාට ඌ තමා දුෂ්‍ඨයා...
    -----------------------------------------------------------------------------------------
    අකීකරු හිත
    හැමදාම ලියන ආදර කතාවක් විදිහට තමා ලියන්න පටන් ගත්තේ...ඒත් මේක වෙනසක් කරන්න ඕන කියලා හිතුවා...ඉතින් කතාව මම වෙනස් කරනවා..ඒ වෙනස කොහොම වේවිද කියන්න මම දන්නෙ නෑ අක්කේ...
    ----------------------------------------------------------------------------------------
    $චාටර් කොල්ලා$
    ලියනව බොල...ඊයේ එකක් දැම්මා..අද එකක් දැම්මා...අනික හෙට...වැඩිම උනොත් සතියයි...
    ---------------------------------------------------------------------------------
    Dinesh
    අනුත්තරත් කැමති කරොත් ඒක තවත් එක ආදර කතාවක් වෙනවා නේ අයියේ...

    ReplyDelete
  9. ම්ම්ම්...මම කෑමති නම් තරුශ ට,,,

    කතාව නම් ටොප්...ඇත්තටම ඉතුරු ටික ඉක්මනට දානකම් බලන් ඉන්නවා..

    ReplyDelete
  10. අඩේ එක පාරට වලියක් නේද..? මූ සඳරුගෙ ලොකු අයියද..?

    ReplyDelete
  11. නිම්ශා
    කතාවක චරිත වලට අපි ආස වෙන්නේ ලියන කෙනා ලියන විදිහ අනුව තමා...කොච්චර රස්තියාදුකාර උනත් ඒකට ආසවෙන්නේ ඒ හේතුව නිසා
    ------------------------------------------------------------------------------------
    මාරයාගේ හෝරාව
    සදරු අයියා ගහලා නවතින්නේ නෑ නේ...අතක් පයක් කඩන්නම නේ යන්නේ

    ReplyDelete
  12. වලියත් එක්ක කතාව පටන් ගත්ත එක නම නිකං අප්සැට් වගෙ...මට කරකැවිල්ලත් හැදුනා.. :D
    එළ..!

    ReplyDelete
  13. මචං කුප්ප කතා වලට වඩා මේ වගේ කතා ලියන්න උබට හොදට පුලුවන්නේ.... කුප්ප කතා කියන එක අතඇරලා මේ වගේ කතා ලියන්න ගනින්.... උබ මරුවට ලියලා තියනවා මම කැමතියි උබේ වීරයයි දුෂ්ඨයයි දෙන්නව එකා කරපු එකට ඒකෙන් කතාවට අමුතු කික් එකක් එනවා... මචං අනාවැකියක් නොවන අනාවැකියක් දෙන්නම් කවද හරි ඔය මෙගා කරන එකෙක් මේක දැක්කොත් අනිවා ඌ මේ කතාව ටෙලියක් කරනවා......

    ReplyDelete
  14. මරු මරු මචං... උබෙ කතාවට වගේම කතාවත් එක්ක තියන විචාරයත් සිරා....

    //....කතාව ඔබටවත් මටවත් වෙනස් කල නොහැක.// යකෝ තොට බැරිනම් කාටද පුලුවන්.. බොරු නොකියා හිටු.. :P

    ReplyDelete
  15. කතාව නම් නියමයි අනික් කොටසත් ඉක්මනට දාන්න

    ReplyDelete
  16. "ඔබද මමද තරූශට අකමැති බව සැබැවි"...
    ..ඉතිං උඹ කොහොමද දන්නේ අපි තරුශට කැමතිද.. අකමැතිද කියලා...?

    ReplyDelete
  17. මේක බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් ගේ ඉස්ටැයිල් එක.
    ඒ කියන්නේ කතාව කියන ගමන් මේ කියන්නේ කතවක් බව විටින් විට අපිට මතක් කරලත් දෙනවා.
    මේ ආකාරයේ නාට්‍යත් දැකලා තියෙනවා නේද?
    ඔන්න ෆුල් සිරා කේස් එකක් යද්දී කියනවා - මේ වේදිකාවෙන් ඉන්න අපි දිහා බලා ඉන්න ප්‍රේක්‍ෂකයෝත් මේකට සාක්කි වගේ කැලි.

    ReplyDelete
  18. නයි කයිද නවල්ස් කිව්වලු..එල්ස් රත්ගමයා

    ReplyDelete
  19. අහා....මෙගා ටෙලි ගැන එහෙම කියාගෙන හැරිලා තියෙන්නෙ එහෙනන්...මෙගා ස්ටෝරියකට නොවෑ....නියමයි..

    ReplyDelete
  20. ලියනවා ටිකක් තද වැඩියි වගේ... ලියාගෙන යමුකෝ බලන්න... ඉතින් ඉතින් ඉතුරු ටිකත් ඉක්මනට දාපන්... මට හිතෙන්නේ තරෑශට අනුත්තරා බොක්කෙන්ම ලව් කරයි....

    ReplyDelete
  21. කා.කා.කියන විදිහට මේක තමා බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් ගේ ඉස්ටැයිල් එක. ලංකාවෙ අපිට මේ ක්‍රමය බලන්න පුලුවන් හොදම නාට්‍ය තමා බ්‍රෙෂ්ට් ගේ "හුනු වටයේ කතාව". (සිංහල නිශ්පාදනය හෙන්රි ජයසේන) නාට්‍ය අතර මගදි අපිට මතක් කරල දෙනවා "ඔබ මේ බලන්නේ නාට්‍යක්" බව. එමෙන්ම මෙය මායාවක් බව.

    ReplyDelete
  22. බලමු ඉතුරු ටිකත් .........

    මට හිතා ගන්න බැරි වුනා වැලි පිහදාන කතාව දැක්කාම, මම හිතුවෙ දෙවෙනි කොටස නැතුව මම වෙන කොටසක්වත් කියවනවාදෝ කියලා ..

    ReplyDelete
  23. බලමු අනිත් කොටසත්...

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)