Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

Wednesday, 7 December 2016

බොළඳ ජීවිත - අසම්මතය "මම ආදරෙයි"




"මම ආදරෙයි"

ඇය මා දෙස බලා සිටී , ඒ බැල්මට තවත් ආදරේ වැඩිවෙයි.මම පට්ටට බොලද වීගෙන එන හැඩය.


"මමත් ආදරෙයි..ඒත්"


ඇය බිම බලාගෙන මුමුණයි.එය උවමනාවෙන්ම අසා සිටියේ නැති නම් මට කොහෙත්ම ඇහෙන්නේ නැත.
ඇයට තවත් මොනවාදෝ කියන්නට උවමනා සේය. කියන්නට ඉඩ හැර මම බිම බලාගත්තෙමි.


"ඒත් මල්ලියෝ මේක වැරදියි"


දකුණු කකුලේ මහපට ඇගිල්ලෙන් පොලව හෑරීම නතර කල මම ඇය දෙස බැලුවෙමි..


"ඇයි....ඔයා වැඩිමල් නිසාද? "


"හ්ම්ම්ම්ම්"

සිහින් හඩින් මිමිණීමක්....


"ඔයාට පිස්සු..මෙන්න මෙහෙ ඉන්න ලගට ඕවා හිතන්නැතුව.."


මම ඇයව තව තවත් තුරුල් කර ගත්තෙමි...



Sunday, 21 July 2013

විසේකාර පෙම්වතී (My Girlfriend) - "පට්ට කෑල්ල බං"



සැප්තැම්බර් 30

මට අඩි දෙක තුනක් ඉදිරියෙන් ඇය ගමන් කරමින් සිටියාය.කුමක් හෝ හේතුවකට මම ඇයට වඩා අඩි දෙක තුනක් පසුපසින් ගමන් කලෙමි.
නැත..හේතුවක් නැත..මා සෑම විටම සිටියේ ඇයට පිටු පසිනි..
ඇගටම ඇලුණු ඩෙනිම් කලිසමෙන් ඇයගේ පශ්චාත් ප්‍රදේශය ඉස් මතුවී පෙනේ.ඇය අඩි 5කුත් අගල් 6ක් උස වූවත් දමා ඇති අගල් තුන හතරක් උස අඩි පාවහන් හේතුවෙන් ඇයගේ උස වැඩියෙන් පෙනේ.අමුතු ලෙස පීරා තිබූ කොන්ඩයට දමා තිබූ විලාසිතාව කුමක්දැයි මට තවමත් තේරුම් ගත නොහැකිය.ඉතින් මේ පිරිමි හිත හිරි වැට්ටීම අරුමයක් නොවේ.හිරි වැටුනේ මේ පිරිමි හිතම පමනක් නොවේ.ඇය පසු කර යන හැම පිරිමි හිතක්ම හිරි වැටී ගොස් ඇති බව, ඔවුන් ඈ දෙස බලන බැල්මෙන් වැටහේ..

"පට්ට කෑල්ල බං"

ඇය පසුකරගෙන යන හිරිමල් වයසේ කොලු ගැටයෙකු පවසනවා මාගේ සවනත වැටුනි.
තවත් බලා සිටිය නොහැක..පෙර කියූ අඩි තුන හතරක පරතරය අවම කර ගැනීමට හනි හනිකට මම පා තැබුවෙමි.කලබලයත් , ඉක්මන් ගමනත් නිසා වැරදීමකින් ඇයගේ දකුණු පාදය මත මාගේ වම් පාදය පතිත විය..එසැනි මාවෙත හැරුණු ඇය කට හඩ අවදි කලාය...

"ඌයීයා තාරක...මට රිදුනා"
ඔබගේ හිත්වලද ඇය ගැන බලාපොරොත්තු තිබුනා නම් කරුණාකර ඒවා ඉවත් කරගන්න..ඇය මාගේ පෙම්වතියයි.
මා ඇයගේ පාදය දෙස බැලූයෙමි..රක්ත වර්ණ ගැන්වූ නියපොතු දුඹුරු පැහැ මඩ තට්ටුවකින් වැසී ගොස් තිබුනි.සුදු පැහැති දකුණු කකුල ක්ෂණයකින් අවලස්සන කිරීම හේතුවෙන් මම මටම බැන ගත්තෙමි.

"සොරි නෙත්මි..වැරදිලා පෑගුනේ.."
"මැට්ටා.."

එක් අතක් මාගේ උරහිස මත තැබූ ඇය වම් පාදයට බර දි දකුණු පාදය ඔසවා ගත්තාය.අඩි 6කට වඩා උස තිබීමේ වාසිය එයයි.

"ඉන්නවකෝ හොද වැඩක් කරන්න "

ගමන් මල්ලෙන් එලියට ගත් ටිෂූ කඩදහියකින් දෙපා පිහිදන ගමන් ඇය තොදොල් වූවාය.
පාදය හොදින් පිස දමා ටිෂූ කඩදහිය අසල තිබූ කානුවක් වෙත විසි කල ඇය , මා වෙනතක් බලාගත් සැනෙකින් මාගේ පාදය මත ඇයගේ උස්වූ , වුල් වූත් සෙරෙප්පුව පතිත කලාය.

"ආවු.."

සිතුවාටත් වඩා වැඩි හඩකින් පිටවූ ඒ ශබ්දය වට පිටේ ගමන් කරමින් සිටි කිහිප දෙනෙකුගේම දෙනෙත් මා දෙස එල්ලවීමට හේතුවක් විය.
ඇය සිනා සුනාය..මා තුරුලු කරගෙනම සිනා සුනාය..විටෙක ඇයගේ ඔලුව මාගේ උරහිස මත තබාගෙන ඇය සිනාසෙයි.පිරිමියෙක් අඩි 6ක් වත් උස විය යුතුයැයි මම නැවත නැවත ඔබට කියන්නේ එබැවිනි...මේවා මට අමුතු දේවල් නොවීය.ඇය මට කෙලිලොල් ප්‍රේමවන්තියක්ම වූවාය.විසේකාරම ප්‍රේමවන්තියක් වූවාය.

"ආ...මෙන්න..."

තවත් ටුෂූ කඩදහියක් මාවෙත දිගු කරමින් ඇය පැවසයි.
මම මගේ දෙපා දෙස බැලූවෙමි..පෙරේදා අලුතෙන් පටියක් දැමූ නිසා රබර් සෙරෙප්පු කබල් දෙකේ වෙනසක් නොපෙනෙයි.
මා ජීවිතයේ සැබෑ තතු දැන දැනත් නෙත්මි මට ආලය කලාය..කැම්පස් වචන වලින් කිවතොත් ඇය මට බොක්කෙන්ම ලව් කලාය..
විශ්ව විද්‍යාලීය ජීවිතයේ මේ තාක් ගතකල අවුරුදු දෙක ඇතුලත ඇයගේ ආදරයේ අඩුවක් දක්නට නොලැබුනි.මම ඇයට කිසිදු තහංචියක් නොදැම්මෙමි.එසේයැයි කියා ඇය ඒ නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගත්තේම නැත.මගේ හිතටත් වඩා මම ඇයගේ සිත විශ්වාස කලෙමි.එය අයිතිව තිබුනේ මටම පමනක් බව ,මම හොදාකාරව දනිමි.ඉතින් ඔබලා ඉරිසීයා නොකරන්න..ඇය මාගේ විසේකාර පෙම්වතිය වූවාය.
අඩුවක් තිබුනා නම් තිබුනේ ඇයගේත් මගේත් සමාජීය මට්ටමය.ඇය ඉහල පන්තියක එකියක් වූවාය.
එම වාක්‍යය තුල මා පහල පන්තියක එකෙක් බව ද ගැබ්ව තිබේ.එය සදහන් නොකලත් මාදෙස බලන්නෙකුට එය හොදින් වැටහේ.නෙත්මි ඒ කිසිවක් නොසැලකුවාය.ඉතින් ඒ ගැන මම තවත් හිතන්නේ කුමකටද?

------------------------------------------------

"ලොකු පුතේ......තාරක..."

මම කාමරයේ දොර රෙද්ද දෙස බැලූවෙමි..එය මෑත් කරමින් අම්මා කාමරයට ආවාය.

"පාඩම් කරනවද.."

"හ්ම්ම්ම්ම්"

කෙදිරියකින් පමනක් මම පිලිතුරු දුන්නෙමි..

"කවද්ද ආයේ යන්නේ?"

කතාවට මගෙන් ආරම්භයක් නොමැති තැන ඇය නැවත පැනයක් විමසුවාය.

"කැම්පස් එකටද?"

"හ්ම්ම්ම්ම්.." 
එවර කෙටි පිලිතුර ඇයගෙනි..

"අනිද්දා උදේම යන්න ඕනේ අම්මේ..එක්සෑම්  එක ඊලග සතියේ පටන් ගන්නවා.."
"හ්ම්ම්ම්ම්ම්"

දෙවරක් පමන මාගේ හිස අත ගෑ ඇය යන්නට හැරුනාය..මම නැවත පොත දෙසට ඔලුව හරවා ගත්තෙමි..

"ලොකු.."
"හ්ම්ම්ම්.."

ඔයා ලග රුපියල් 2000ක් විතර ගන්න නැද්ද පුතේ."

මාගේ මුහුණ දෙසවත් නොබලා ඇය විමසුවාය.සමහර විට කෙලින්ම මගෙන් විමසන්නට ඇයට ලැජ්ජා සිතෙන්නට ඇත.තැනින් තැන ඉරීගොස් තිබූ ගවුම් රෙද්දකින් මසා නිමකල ඇයගේ ඇදුම , තව තවත් පරන වීගොස් යැයි මට සිතේ..දැනට මාස කිහිපයක සිටම ඇය දහවල් කාලයේ ගෙදර වැඩ කරනා විට හැදගෙන සිටින්නේ එම ඇදුමමය.ඇරත් ඇයට ඇදුම් තුන හතරකට වඩා නොතිබූ බව මම හොදාකාරවම දනිමි..

"එච්චර සල්ලියක් කොහේද අම්මේ.සර්ලා පන්ති පටන් අරන් දැන් ටික දවසක් නිසා පෝස්ටර් ගහන්න දෙන්නේ නෑ. මහපොල සල්ලි වලින් තමා මෙච්චර දවසක් කෑවේ.කොහොම හරි මමත් class එකක් කරන්න හිතන් ඉන්නවා.ඒකත් ඉතින් කවද්ද කියන්න බෑ."

"හ්ම්ම්ම්ම්...මම හිතුවා මහපොල සල්ලි කීයක් හරි ඇති කියලා."

"අනේ නෑ අම්මේ...මොකටද?"

"මල්ලිට, දොස්තරලා ලියන පොත් වගයකුයි පෑන් වගයකුයි ගන්න ඕනලු..පලවෙනි අවුරුද්ද නිසා ඔක්කොම අලුතෙන් ගන්නෝන කියන්නේ.."

දොර රෙද්ද මෑත් කරමින් ඇය යන්නට සැරසුනාය.සමහර විට මගෙන් මුදල් ඉල්ලීම ගැන ඇයට ලැජ්ජා සිතෙන්නට ඇත.

"මම කිව්වා අයියට කෝල් එකක් දීලා අහන්න කියලා.හෙට අනිද්දට කෝල් එකක් එයි.සල්ලී කීයක් හරි හොයා ගන්න පූලුවන් උනොත් ඌට දෙන්න පුතේ.."

"බලමු අම්මා..මම මොනවා හරි කරන්න බලන්නම්.."

දොර රෙද්ද වැසෙනවාත් සමගම මම මුදල් පසුම්බිය අතට ගත්තෙමි.කොල ගොඩක් අස්සට වන්නට දමා තිබූ රුපියල් දෙදහසේ කොලය අතට ගෙන මම නැවත පොත දෙස බැලුවෙමි..

-----------------------------------------------------------------------------

අවසානයේ මම සියල්ල අහවර කර ගත්තෙමි...දැන් මුලු මුදලම සම්පූර්ණ වනු ඇත.
ගමන් මල්ල තුල ඔබාගෙන සිටි අවසාන පෝස්ටරයත් තාප්පයේ අලවා හමාර කල මම ඩෙනිම් කලිසමේ ඉහිරී ගොස් තිබූ පාප්ප ටික දකුණු අතින් ගසා පිස දැමූයෙමි.කෙසේ හෝ මෙම ඩෙනිම තව දවස් 5ක් වත් එක දිගට ඇදිය යුතුය.මෙහි කුණු ගෑවුනොත් අදින්නට කලිසමක් නොමැති බව මම දැන සිටියෙමි.

"දිවයිනේ  ජනප්‍රිය දේශක නදීර හෙන්නායක මෙහයවන රසායන විද්‍යා නව පන්ති ආරම්භය"

පොල්ගෙඩි අකුරින් පෝස්ටරයේ ලියා තිබූ වදන් කිහිපය අඩි විස්සක් තිහක් ඈතට ගිය පසුවද පෙනේ.
පාර අයිනට වන්නට නවතා තිබූ බයිසිකල් කටුවට නැගී නැවත වරක් පොස්ටරය කියවා බැලූවෙමි...
නදීර හෙන්නායක වෙනුවට තාරක ගුණවර්ධන නම පෝස්ටරයෙන් මතුවී මැකී යයි..
එය තනිකරම සිහිනයක් යැයි වටහා ගැනීමට මට හොදටම ඕනෑකම ඇත.නමුත් කෙදිනක හෝ එය සැබෑවක් වුවහොත්..
අනුන්ගේ පෝස්ටර් ඇලවීමෙන් මා ලද විශාලතම ආත්ම තෘප්තිය එයයි. මේ පෝස්ටර් ඇලවීමත් සිහින දැකීමත් ,විශ්ව විද්‍යාලට පැමිණි දින සිටම ඒකාකාරව සිදු කෙරේ.වෙනසක් වූවා නම් සිදු වූයේ පෝස්ටර් ඇලවීම වෙනුවෙන් වෙනුවෙන් ගෙවන මුදලේ පමනි..

බයිසිකලය මත නැගි මම තවත් පැය භාගයකට පමන පසු ටියුශන් පන්තිය ඉදිරියට පැමිනියෙමි.තට්ටු කිහිපයක උස ගොඩනැගිල්ල පැත්තකට වන්නට තිබූ මාර ගසට බයිසිකලය හේත්තු කෙලෙමි.

"නදීර සර් ඉන්නවද?"

කාඩ් මිටියක් දකුනු අතේ හිරකරගෙන,නිල් පෑනින් මේසයට තට්ටු කරමින් සිටි තරුණයාගෙන් මම විමසීමි.

"ඇතුලේ ඇති" යැ‍යි මුවින් නොකී හෙතෙම දකුණු අත කාර්‍යාල දෙසට දිගු කලේය.

ටියුශන් පන්තියට එන නානා ප්‍රකාර තරුණියන් අතරේ මට ඇයගේ මුහුණ මතුවී පෙනේ.ඇයගේ සිනහවන් මතුවී පෙනේ...සැප්තැම්බර් 30 වීමට තව වැඩි දවසක් නොමැත..නමුත් මා කෙසේ හෝ ඇයව පුදුමයට පත් කල යුතුමය.මාගේ විසේකාර පෙම්වතිය මා පුදුමයට පත්කල යුතුමය.
සමහරවිට මේ ඉතුරු කල රුපියල් දෙදහසක මුදල සෑහීමට පුලුවන.නමුත් එම මුදල මදි වුවහොත්..නැවත ඇයගේ රූපය මතුවී පෙනේ.ඒ සියුමැලි මුහුනට නොගැලපෙන සිනහ හඩක් එක් වරම මතුවේ...ඒ සමගම ශරීරයම සෙලවෙන බවක් දැනේ.

"තාරක...තාරක.."

"සර්"

නදීර හෙන්නායක මහතා මා ඉදිරියේ සිනහ සෙමින් සිටියි.

"මොකො බං..මොනවද හිතන්නේ.."

"මුකුත් නෑ සර්." මම සිනහසෙමින්ම පැවසීමි..

"ඔන්න ඕකනේ මම කැම්පස් කොල්ලොන්ට වැඩ දෙන්න කැමති නැත්තේ.පොඩ්ඩ ඇත්නම් මනෝ ගහනවා..හරි කියපන්..ඔක්කොම ටික ඇලෙව්වද?"

"ඇලෙව්වා සර්..මට දීපු Area එකම Cover වෙන විදිහට ඇලෙව්වා.."

"උඹත් එක්ක ආව අනිත් උන් නම් ගාන අරන් ගියා.උඹ විතරයි එන්න හිටියේ.මම හිතුවා උඹ පෝස්ටර් මිටියත් අරන් මාරු වෙලා කියලා.."

රුපියල් පන්සියයේ කොලය මාගේ අත්ලේ තබමින් හෙතම සිනාසෙමින් පැවසීය.

"හරිනේ...ආයේ වැඩක් ආවොත් මම කෝල් එකක් දෙන්නම්."

"සර්..." යන්නට හැරුනු ඔහු මාගේ ආමන්ත්‍රනයත් සමගම නැවතුනේය..

"මොකෝ ඒපාර"

"පොඩි උදව්වක් ඕනේ..මේ පන්සීයේ කොල හතර අරන් මට දෙදාහේ කොලයක් දෙන්න පුලුවන්ද?"

ඔහුට සිනහ ගියේය..එම සිනහවත් සහිතවම මුදල් පසුම්බිය අතට ගත් හෙතෙම දෙදහසේ කොලයක් පිටතට ගත්තේය.

අවසානයේ පන්සියයේ කොල හතර වෙනුවට දෙදහසේ කොලයක් මා අත්ල මත ගුලි විනි.පසුම්බිය එලියට ඇදගත් මම , එහි තිබූ කොල කෑලි කිහිපයක් අතරට තබා එය සගවා ගත්තෙමි...

--------------------------------------------------

හන්තාන කදු මුදුන මත ඇති දුරකතන කුලුණ දෙස මමත් ඇයත් අක්බාර් පාලම මතට වී බලා සිටියෙමු.අප පසුකර යන ඉන්ජිනේරු පීඨ සිසුන් මට නොදැනෙන්නට ඇය දෙස බලාගෙන යන බව මම හොදා කාරයෙන් දැන වුන්නෙමි.එය මට ආඩම්බරයට කරුණක්ද එසේත් නැතිනම් ඉරිසියා කිරීමට කරුණක් දැ‍යි මම නොදනිමි.

"අර Tower එක හදන්න ඕන කරන දේවල් කොහොම හන්තාන උඩට ගෙනිච්චද මන්දා"

සෑහෙන්න සංකීර්න ප්‍රශ්නයක් ලෙස ඇය පහු ගිය මිනිත්තු කිහිපයේදීම නොකඩවා මේ ගැනම මගෙන් ඇසුවාය.
නැත...එක් අතකට ඇයට ප්‍රශ්න විය යුත්තේ මේවාය.ජීවිතය ඉතා සැහැල්ලුවෙන් ගෙවා දමන ඇයට වෙන මොන ප්‍රශ්නද..?
මට සිහින් සිනහවක් මතු වේ..

"මොකො යකෝ හිනාවෙන්නේ..."

ඇය මා කොනිත්තයි...වට පිට යන අය තව තවත් අපදෙස බලයි..

"පිස්සියේ,අනිත් අයට පේනවා..."

"ඉතින් මොකො...මගේ නේ..."

"පිස්සු....මම මගේ විතරයි...මගේ අත..මගේ කට... මගේ..."

"ආ....කට ඔයාගෙද....ඉන්නවකෝ එහෙනම්..."
ඉන් පසු ඇය වටපිට බලයි..පාලම මතින් කිසිවෙකුත් ගමන් නොකරන තුරු හිත තදින් මා දෙතොල සිපගනී.විදුලි දහරාවක් ඇගපුරා ගලාගෙන යන ඒ තත්පර කිහිපය..

"ඇද්ද...දැන් කට මගේ...ම්ම්ම්ම්ම්ම්ම්..අයිස්ක්‍රීම් රසයි..." තම දෙතොල් දිවෙන් පිරිමදිමින් ඇය පවසයි..

ඇයට ආලය කිරීමට හේතු ඇසුවහොත් උඩින්ම ඇති හේතු කිහිපයට මේ විසේකාර බව ඇතුලත් විය යුතුමය.

"අයිස්ක්‍රීම් නෙමේ...ඔන්න ලිෆ්ස්ටික් තට්ටුවයි , මේකප් තට්ටුවයි ගැලවිලා බිමට වැටුනා..දැන් හැටි බලනවකෝ කන්නාඩියෙන්..කබරියෙක් වගේ.."

"ර්‍රර්‍රර්‍රර්‍ර...ඌරා.."
"තෑන්කියු අනේ..."
"කලවැද්දා.."
"තව ටිකක් තැන්කියු"
"ජිරාෆ්"
"හෙහෙ..ඉතින් මොකො ඔයා මේ ඌරා,කලවැද්දා,ජිරාෆ් එක්ක ඉන්නේ.."

"ඉන්නේද.."  ඇය නැවත වට පිට බලයි..ඉන්පසු පෙර කියූ විදුලියක් ගමන් කරන සුලු මොහොතක අත්දැකීම.

"ඉන්නේ ආදරේ නිසා.."

 ඔව්...සැබැවින්ම ඇය මට ආලය කලාය.පුරා වසර දෙකක් මුලුල්ලේ මාහා සිටියේ ඇය සැබැවින්ම මට ආලය කල බැවිනි..
ඉතින් මේ සැප්තැම්බර් 30 වන දින මම ඇයට විශේෂ යමක් දිය යුතුමය.

අහා....සමාවන්න..සැප්තැම්බර් 30 ,  මට එය මීට පෙර ඔබට සදහන් කිරීමට නොහැකි වින..ඇයගේ උපන්දිනය සැප්තැම්බර් 30 වන දිනට යෙදී තිබුනි.
ඉතින් පෙම්වතෙකු ලෙස මම ඇයට කුමක් හෝ විශේෂ දෙයක් ලබාදිය යුතුයමය.
ඔව්...එම විශේෂ දෙය කුමක්දැයි මම මේ වනවිටත් තීරණය කර හමාරය.සැබැවින්ම එය තීරණය කිරීම එතරම් අපහසු වුනේම නැත.

"නෙත්මි.."

"මොකො ඒ පාර"

"දැන් ඔයාට ඉන්න අර ටෙඩිබෙයාර් , බෝනික්කෝ Collection එකේ ඔක්කොම කීයක් විතර ඉන්නවද?"

"අනේ යනවා යන්න විහිලු නොකර..ආයේ ඒක අල්ලගත්තා මට විහිලු කරන්න.
"විහිලු නෙමේ..කියන්න ඉතින්.."

"විසි එකයි"

"ඉතින් තාත්තා මේ අවුරුද්දෙත් උපන්දිනේට එකක් අරන් දෙනවා කිව්වද?"

"පිස්සු...මම දැන් පොඩි එකෙක්යැ..අනික මට මේ ලොකූ ටෙඩි බෙයාර් කෙනෙක් ඉන්නේ..." නැවත පෙර කියූ විදුලිය ගමන් කල මොහොත...

"ඒත් ඉතින් මගේ ලග ඉන්න ඔක්කොම මේන් මෙච්චර සයිස්.."
ඇය දණහිස මට්ටමට අත තබා පෙන්නුවාය..ඒත් මම ආසයි මේන් මේ සයිස් එකෙකුට..."  
ඉගටිය තෙක් අත ඉහලට ගෙන ආ ඇය නව මට්ටම සලකුනු කලාය..මම දැක්කා ඒ සයිස් එකෙක් ඉන්නවා නුවර Shop එකක."

මම සිනාසීමි.ටිකක් අමුතු වීදිහකට සිනාසීමි.

"මොකො ඔහොම හිනාවෙන්නේ.."

"නෑ ඉතින්...ඔහොම එක එක සයිස් කඩවල විකුනන්න තිබුනම අහිංසක අපිට මොකද වෙන්නේ..."
"ආ....පෝ.......ඔයා නම්.....හඃ... හොද නෑ...."

ලැජ්ජාවෙන් තව තවත් ඇය මාහට තුරුලු වූවාය..

-----------------------------------------------------------------

"ඒයි.....මොනාද හිතන්නේ..."

ඇය තවමත් ටිශූ කඩදාසිය මාවෙත දිගු කරගෙනමය.මඩ තට්ටුව තවමත් පාදය මත තිබූ ලෙසටම තිබේ..
ටිශූ කඩදහිය ඇයගෙන් ගත් මම පාදය පිසදාගත්තෙමි..

"හරි යමු.."

ඇය වහ වහා මාගේ දෑතේ එල්ලීගත්තාය..

"ඉතින් දැන්වත් කියන්නකෝ තාරක..අපි කොහේටද යන්නේ කියලා"

"ඒවා දැන්ම කියන්නෑ...පොඩි කුතුහලයක් තියෙන්නත් ඕනේ නේ.."

"හුහ්.." 
ඇය ගස්සා ඉවත බලාගත්තාය.ඉන් පසුව කට ඇද කලාය..
සෙනග පිරුනු වීදී අතරින්, කහ ඉරි වලින් පාර මාරු වෙමින්ම අපි අදාල ස්ථානයට පැමිනියෙමු.
අහා...මට නැවත වරක් අමතක විනි.අපි මේ යන්නේ කොහේටදැයි ඔබට කීමට මට මතක නැතිවී ගොස් තිබුනි.සැබැවින්ම එය කුඩා ලමුන්ගේ කෙලි සෙල්ලම් බඩු විකිනීමට තබා තිබූ කඩයකි.එහි ඉදිරිපිට වීදුරු ඇසුරුම තුලින් නෙත්මිගේ ඉගටිය දක්වා උස්වූ බෝනික්කෙක් විය.

Rs:1999.99 .

 මිල සදහන් කල කොල කැබැල්ල බෝනික්කාගේ කරෙහි එල්ලා තිබුනි.

"තාරක.."
ඇය නොසන්සුන් හඩින් මා ඉදිරියේ දෑස් ලොකු කරගෙන බලාගෙන සිටියාය..

"ඔයා ඇත්තටම ඒක ගන්නද යන්න්?"

ඔව් කියන්නට මෙන් මම සිනහසුනෙමි...

"අනේ...ඒත් කොහෙන්ද සල්ලි....?"

"අනේ පිස්සී...ඔය ප්‍රශ්න වලට පස්සේ උත්තර දෙන්නම්..ඉස්සෙල්ලා අපි ඒක අරගෙන ඉමුකෝ..."

කඩය තුලට අඩිය තබනවාත් සමගම මාගේ ජංගම දුරකතනය නාදවන්නට විය..

"Malli Calling....."
ජංගම දුරකතනයේ තිරය මත සදහන් වී තිබේ..
දෙවරක් නොසිතාම ඇමතුම විසංදි කල මම නෙත්මිත් රැගෙන කඩය තුලට පිය මැන්නෙමි...
  
   නිමි.
 

  (නම් ගම් පමනක් නොව , කතාවද මනඃකල්පිතයි )
      

Monday, 8 October 2012

සමාවන්න ,මම වලත්තයෙකු නොවෙමි.........



"ලොකු පුතා.."

අම්මාගේ හඬින් මම කාමරයෙන් එලියට පැමිණියෙමි.
ඇයව පලමු වරට මා දුටුවේ අදය.ඇය කවුරුදැයි මම ඔබට නොකියමි.අඩුම වශයෙන් ඇයගේ නම මෙය යැයි ද මම නොකියමි.සමහර විට ඇය හැඩය.
නැත.නැත...
ඇය සිරාවටම හැඩය.ලා නිල් පැහැති බ්ලවුසයත් ඇඟටම ඇලෙන ලෙස හැඳ සිටි ඩෙනිම් කලිසමත් ඇයට මනාව ගැලපුනේය.එතරම් උස නොවූ නමුත් පැලඳ සිටි පාවහන් යුවල නිසාදෝ උසින් අඩුවක් නොදැක්කෙමි.දෙතොල ලා රෝස පැහැතිය.එම රෝස පැහැය මාගේ පෙම්වතියගේ දෙකොපුල් වල පැහැයට වඩා ටිකක් වැඩිය.දෙතොල් ආලේපන නිසාදෝයි මට සිතේ..
 මේ සියලු දේ නිරීක්ෂණය කිරීමට මට ලැබුනේ තත්පර දහයක්ම පමනි.
තත්පර දහයකට මෙපමන හරියක්? 
සමාවන්න..., හිතවත් පාඨකය..
මම වලත්තයෙක් නොවෙමි.මේ කොල්ලන්ගේ හැටිය.

"මේ ඉන්නේ නිර්මාණි ඇන්ටිගේ දුව.එයා ඔයාගේ පරණ පොත් ටික ඉල්ලගන්න ඇවිත් තියෙන්නේ" 

අම්මා ඇයව හඳුන්වා දුන්නාය. මට වැරදුනේ නැත..නිර්මාණි ඇන්ටී යනු බොරු නමකි.ඔබ කොපමන මගෙන් ඇසුවත් මම ඇයගේ ඇත්ත තතු හෙලි නොකරමි.කතාව පමණක්ම කියමි..

"යන්න දුව අයියා එක්ක"

ඇය රැගෙන යා යුත්තේ මාගේ කාමරයටද? අවුරුදු 18 ක කෙල්ලෙක් මගේ කාමරයට තනි පංගලමේ එක්ක යන්නේ කෙසේද? . අම්මා මා විශ්වාස කරන සෙයකි. නැත...ඇයගේ සිතේ යටි අරමුණක් තිබුනා ද විය හැකිය.

 ඇයගේ අඩුවක් නොමැත.ඇය හැඩය.හැම කෙල්ලෙක්ම වාගේ විලාසිතා වලට කැමතිය.අම්මාද මගේ පැත්තේ නම් මගේද අකමැත්තක් නොමැත.අහෝ..!! මා වලත්තයෙකු වේගන එන හැඩය.සමාවන්න නැගනිය.මට පෙම්වතියක් සිටියි.ඔබට කාමරයට ඒමට පමණක්ම මම ඉඩ දෙමි.මගේ හිතේ ඔබට ඉඩක් නැත..

දොර රෙද්ද මෑත් කරමින් අපි කාමරයට ඇතුලු වූයෙමු.
අඳුරු වී ගොස් තිබූ කාමරයම ඇයගේ ආගමනයත් සමඟම ආලෝකමත් වූවාදෝයි මට සිතේ.

 "ඕන පොත් ටික මේසේ උඩ ඇති.නංගි තෝරලා ගන්න."

මා පැවසීමටත් පෙර ඇය මේසය දෙසට ඇවිදගෙන ගියාය.

"ඊට ඉස්සෙල්ලා කරන්න වැඩ ගොඩක් තියෙනවා වගේ" 

මේසයට මුහුණලා තිබු ජනෙල් පලු තුන අතරින් මැද ජනෙල් පලුව විවෘත කිරීමට ඇය දිග ඇදුනාය.ඇයගේ අත දිග මදිය.ඇය තවත් ඇදුනාය.ඩෙනිම් කලිසමත් බ්ලවුසයත් අතර අඟල් කිහිපයක වෙනසක් තත්පර කිහිපයකට ඇති වුනි.මා කෙතරම් ඒ දෙස බලා සිටියේදැයි මට මතක නැත.කාලය නැවතී ඇති සෙයකි.සමාවන්න...මම වලත්තයෙක් නොවෙමි.මම දුටුව දේ පමණක්ම ලියමි.

"ඔන්න දැන් තමයි මනුස්සයෙකුට ජීවත් වෙන්න පුලුවන් වෙන්නේ මේ කාමරේ"

සිහින් සිනාවකින් මුව සරසාගත් ඇය මා දෙස හැරෙමින් පවසයි.
දෙවියනේ!!! ඇය හැඩය..කෙලිලොල්ය.කුලුපගය

පියවර කිහිපයක් පසු පසට අඩි තැබූ ඇය නැවත මේසය අසලට පැමිණියාය.

"මේ පොත් ගොඩේ මම කොහොමද ඕන පොත් ටික තෝරගන්නේ..මේක නිකන් පිස්සන් කොටුවක් වගේ නේ"

ඇය නැවත සිනාසෙයි..මා වහා කන්නාඩිය ඉදිරියට යා යුතුය.මාගේ මුහුනේ ඉරියව් බලා ගත යුතුමය.නැතිනම් ඇය මා ගැන වරදවා සිතනු ඇත.මෙතරම් කුලුපග වන්නට අප පෙර දැන සිටියේ නැත.යුවතියෝ ලැජ්ජාශීලී විය යුතුය.සම්ප්‍රධායද එයයි.ඇය සම්ප්‍රධාය බිඳ දමමින් යයි.කොල්ලෙක් බලාපොරොත්තු වන්නේ මෙවැනි යුවතියක් නොවේද.? ඇය මට නොගැලපෙන්නේද?
 සමාවන්න...මම වලත්තයෙකු නොවෙමි..මට පෙම්වතියක් සිටියි...මම නැත සිහියට පැමිනිය යුතුය..

"අයියා.."

"ම්ම්ම්ම්"

"මම මේ මේසේ ටිකක් පිළිවලකට හැදුවට කමක් නැද්ද?"

දෙවියනේ....ඇය අවසර ඉල්ලනවා නොවේද...?මාගේ ජීවිතයද මේ ලෙසම පිළිවලකට සෑදීමට ඔබට අවසර දෙන්නට පුලුවන් නම්..මම තනිවම සිතුවෙමි...මම ඇයට පිලිතුරක් දිය යුතුය.ඇය මා දෙස බලා සිටී..

"හදන්න හදන්න..ඒත් සමහර පොත් ඒ තැන් වලම ආයේ තිබ්බොත් තමා හොඳ"

අරමුණ ඉටු කරගත් කෙනෙකුගේ මුවෙහි පහල වන සිනා රැල්ලක් ඇයගේ මුව මඬල පුරා පැතිරෙයි.

"එහෙනම් ඇවිල්ලා සපෝර්ට් එකක් දෙන්න..මගේ මේසේ නෙමේනේ"

හිතුවක්කාරෙට මගේ කාමරයට පැමිනි ඇය , මාගේම පොත් මේසය සෑදීමට මටම ආරාධනා කරන අපූරුව..අම්මාගේ යටි අරමුණ මම තේරුම් ගත්තෙමි.පෙම්වතියක් සිටියාට කම් නැත.මාගේ පොත් මේසය පිළිවලකට සෑදීමට මේ කෙලිලොල් යුවතියට ඉඩ ලබා දිය යුතුය.

"ඔය අයිනේ තියෙන හැම එකම වගේ කැම්පස් එකේ පොත්.ඒවා ඒ අයිනෙම තියෙන්න අරින්න."

ලා නිල් පැහැති පාට කල නියපොතු සහිත අතින් ඇය පොත් එකින් එක එකතු කරයි.ඉන්පසු ඒවා ලමැදට තබා හිරකර ගනී.මේසය උඩ ඇති පොතක් වන්නට ඇතිනම් යැයි මට සිතේ.නැවත පා ඇඟිලි වලින් ඇය ඉස්සෙයි..මේසයේ කෙලවරටම අත දිගු කරයි..ඩෙනිම සහ බ්ලවුසය අතර පෙර පරිදිම හිඩසක්! මා ඒ දෙස බලාගෙන සිටියෙමි.බලා සිටියාට වලත්තයෙකු වන්නේ නැත.මේ මොහොත උපරිමයෙන්ම විඳිය යුතුය.ඔව්...උපරිමයෙන්ම විඳිය යුතුය.

"ඉංග්‍රීසි පොත් වගයක්,මේවා අයියට ඕනද?"

ඇය පොත් වල පිටු පෙරලමින් මගෙන් අසයි..මාගේ ජීවිතය මට ඕනෑ විදිහට හැඩ කරන්න ඔයාට අවසරයි!

"කෝ බලන්න..."

මම ඇයට කිට්ටු වුනෙමි.ඇයගේ අතේ තිබූ පොත ගැනීම අනවශ්‍ය කරුණකි.නමුත් මම එය ගත්තෙමි.හිතා මතාම ඇයගේ අතෙහි මගේ අත වැද්දූයෙමි.එතරම් සිනිඳු බවක් මා මීට පෙර විඳ නැත.ඒ තත්තපරය!!!

"ඒ ටිකත් එතනම තියන්න.."

"ඒ උනාට ඒවා ඉංග්‍රීසි පොත්නේ අයියේ.ඒ ටික වෙනම තියමු."

"නෑ...ඒ ටිකත් කැම්පස් එකේ පොත්..ඒක නිසා එතනින් තියන්නකෝ."

ඇය ගැස්සුවේය..

"පණ්ඩිතයා නොවී ඉන්නෝ හලෝ..මම මේක පිළිවලකට හදලා දෙන්නම්"

මේක හරි වැඩක්ය.මම ඇයට පොත් මේසය හදන්නට කීවේ නැත.ඇයම බලෙන් එය හදන්නට ඉල්ලා ගත්තේය.ඇයටම ඕන පරිද්දෙන් එය සාදාගෙන යන්නේය..මාගේ ජීවිතයත් ඇය මෙහෙම කලොත්...?
ප්‍රශ්නයකි.... පොත් මේසය නම් ඇය ගිය පසු නැවත මට හදා ගත හැකිය...ඒත් ජීවිතය...?
අම්මාගේ බලාපොරොත්තු බිඳ දැමිය යුතුය.මා මේ යුවතියක් සමඟ තනිවම කාමරයට වී සිටීම සිදු නොකල යුතුය...මෙතනින් පැනගත යුතුය..මට පෙම්වතියක් සිටී..මම වලත්තයෙක් නොවිය යුතුය..

"නංගී ඕක හදලා ඕන පොත් ටික අරන් යන්න"

"අයියා?"


ඇය පුදුමයෙන් හා දුකෙන් අසයි

"යාලුවෙක් එනවා කිව්වා ටවුන් එකට.. දැන් මම යන්න ඕන"

ඇයගේ මුහුනේ ඉරියවු වෙනස් වීගෙන එයි..ඒ දෙස මොහොතක් වත් නොබැලූ මම කාමරයෙන් එලියට පැනගත්තෙමි.ජීවිතය යනු හැඟීම් ඔස්සේ ගොස් වරද්දා ගත යුතු නැති දෙයකි.වලත්තයෙකු යනු කැත වචනයක් ද නොවේ..අපි සැවොම කිසියම් මොහොතකදී හෝ වලත්තවේ..එය මෙය යැයි කියන්නේ එහෙමත් එකෙකි.

ජංගම දුරකතනය අතට ගත් මම පෙම්වතියගේ අංකය ඇමතූයෙමි....

Monday, 27 August 2012

සිහිනෙන් ඇවිදින් (කෙටි කතාව) - "ඊයා හිරූෂ..ඔයා හරි නරකයි.තමුසේ කියන්නේ ජරා වචනයක්.."


හවස් වෙන්න වෙන්න නුවර වැව් බැම්මට හීනියට සීතලක් එනවා.දකුණේ ඉදලා ආපු අපිට මේ සීතල උහුලගන්නටිකක් අමාරුයි.වැව් බැම්ම උඩට වෙලා මාලිගාව දිහා බලාගෙන ඉන්නකොට කලුවර වැටෙනවා තේරෙන්නෙම නෑ.පේරාදෙණියෙ කැම්පස් එකට ඇවිල්ලත් අදට හරියටම අවුරුද්දක්.දෙවියනේ අපි වයසට යන ඉක්මන!!.
මේ කාලෙට කැම්පස් එක පුරාවටම රොබරෝසියා බල් පිපෙනවා.පුදුම ලස්සනක් ඒ මල් වල තියෙන්නේ.සමහරු මගෙන් අහනවා රොබරෝසියා මල් ගැන මෙච්චර ලියන්නේ මොකද කියලා.මම ඇරෙන්න ඒකට උත්තරේ දැනගෙන ඉදියේ ඔයා විතරමයි.ඔයත් එක්ක තුරුල් වෙලා මේ රොබරෝසි මල් අස්සේ ඇවිදින්න කොච්චර නම් හීන මැව්වද,දවස් දෙක තුනක් පිපිලා බිමට වැටෙන රොබරෝසියා මල් වගේම ඒ හීනත් පරවෙලාම බිමට වැටුන හැටි....
       මීට අවුරුදු හතරකට කලින් ගාලු කොටු බැම්ම උඩ බංකුවක වාඩි වෙලා ඔයත් එක්ක හිනා වුන හැටි මට තාමත් මතක් වෙනවා.අවුරුදු හතරක් අපි ආදරේ කරා.සමහර විට ඊටත් වැඩි කාලයක් වෙන්න ඇති.ටියුශන් පන්ති අස්සේ කාතවත් නොදැනෙන්න හොර රහසේ අපේ ආදර කතාව ගලාගෙන ගියපු හැටි මතක් වෙනකොට හිනා වෙන්නද අඩන්නද කියලා හිත මගෙන්ම අහනවා..
 කැම්පස් එකට එන්න දවස් දෙකකට කලින් ඔයාව හම්බ වුනෙත් ඒ කොටු බැම්ම උඩදිමයි. 

 "මොකෝ මැට්ටෝ මූන එල්ලන්"
"මුකුත් නෑ..කවද්ද යන්නේ කැම්පස්"
"අනිද්දා යන්නේ මැණික"
"ඊයා අනේ..මැණික කියන්නෙපා..ඒක කැතයි."

ඔයා මැණික කියනවට කැමති නැති බව දැන දැනම ඒ වචනේ කිව්වේ චුට්ටක් විතර කේන්ති ගස්සන්න.කේන්ති ගිහින් කම්මුල් වල ගැහෙනකොට ඔයා මාර ලස්සනයි.

"මෙන්න වැඩක්..මැණික නොකියා මොනවා කියන්නද?"
"වෙන මොකක් හරි කියන්න"
"හරි එහෙනම් බූරු පැට්ටෝ..තමුසෙ මගෙන් කන පලාගන්නේ නැතිව හිනා වෙලා ඉන්නවද.."
"ඊයා හිරූෂ..ඔයා හරි නරකයි...තමුසේ කියන්නේ ජරා වචනයක්.."
"ඔච්චර බොලද වෙන්න එප බං" 

"හරි හරි බොලද නෑ.."
ටික වෙලාවක නිශ්ශබ්දතාවයක්.මම නැගිටල ඈත මුහුදට පුංචි ගල් කැටයක් විසි කරනකොටම ඔයා ආයෙත් කතා කරා..
"ඒක නෙමේ හිරූ."
"හ්ම්ම්ම්"
.කැම්පස් එකේ කෙල්ලෝ ගොඩක් ඉන්නවා නේ"
 "හ්ම්ම් හ්ම්ම්..ගොඩක් ඉන්නව නම් තමා..ඒත් ඉතින් අවුරුදු හතරක් නඩත්තු කරපු සජිනි කියනේ මේ මෙන්ටල් කේස් එක අමතක කරන්නේ කොහොමද මම"

"ඔයාට නම් විහිලු..ඔය ඕන තරම් කොල්ලෝ කැම්පස් ගිහින් වෙන කෙල්ලොත් එක්ක යාලු වෙනවා..එහේ ගියාට පස්සේ ඔයාට මාව මතක් වෙන එකක් වත් නෑ."
"අන්න හරියටම කිව්වා.ඔයාව පොඩ්ඩක් වත් මට මතක් වෙන එකක් නෑ."
ඒ වචන ටික කියද්දි ඔයාගේ හිත කොච්චර දුකකින් පිරුනද කියලා මම හොදටම දන්නවා සජිනි.ඇස් දෙකම රතු වෙලා මූනත් බිමට හැරුනා.
"ඒයි මෙන්ටලේ..මේ බලපන් බං..මතක් වෙන්නේ අමතක වෙච්ච කෙනෙක්ව..ඔයාව මට කවදාවත් මතක් වෙන්නේ නෑ.මොකද හැම වෙලාවෙම හැම මොහොතෙම ඔයා මගේ මතකෙ ඉන්නවා."
ඔයාගේ ඔය ඇස් දෙක දිහා බලාගෙන මම කිව්වේ ඇත්තටමයි..ඇස් වලින් වැටුන පුංචි කලුදු කැටයක් අල්ලට අරගෙන විසි කරලා දැම්මේ හැමදාම ඔයා අඩන වෙලාවට ලගින් ඉදන් කදුලු පිහිනවා කියලා හිතාගෙන.

දෙවියනේ..මම මොනවද මේ මතක් කර කර මටම රිද්ද ගන්නේ.මගේ හිත සෑහෙන්න බොලදයි..කොල්ලොත් මෙච්චර බොලදයිද?
අමතක කරන්න ඕන දෙයක් හිතා මතාම අමතක කරන්න බැහැ කියන එක දැන දැනම මෙහෙම රිද්ද ගන්න එක මෝඩකමක්

"දැන් ඔයා මොකක්ද කරන්න ඉන්නේ..ජොබ් එකක් වත් කරන්න අදහසක් නැද්ද? "

"අදහසක් තියෙනවා.ෆැක්ට්‍රි එකක වැඩට එන්න කියලත් තියෙනවා.ඒත් යන්න කම්මැලි හිරූ"
"කම්මැලිකමේ ඉදලා බෑ නේ මැණික..ඔයා එතන වැඩට යන්න.ගිහින් හොදට වැඩ ටික කරන්න"
"ඔය ඉතින් ආයේ මැණික කිව්ව..හැමෝමලා පාවිච්චි කරන වචන අපි පාවිච් කරන්න හොද නෑ.."
"හරි හරි ගෙම්බෝ..ඔයා පරිස්සමෙන් ඉන්න.."
"ඔය ඉතින් යන්නද හදන්නේ."
"ඇදුම් ලැස්ති කරගන්න තියෙනවා සජිනි.අපි ආයේ දවසක ඉක්මනට හම්බෙමු"
ඉරත් ටිකෙන් ටික බැහැගෙන යනවා.ජීවිතේ තිබුන සතුටත් ටිකෙන් ටික මේ විදිහටම නැතිවෙලාම යනවා.මාලිගාව දිහාට නෙලුම් මල් අතේ තියාගෙන මහා ගොඩාක් මිනිස්සු ඇවිදගෙන යනවා.මේ හැමෝමලා යන්නේ බුදුන් වදින්න ද නැතිනම් එතනට ගිහිල්ලා තමන්ගේ ජීවිතේට මොනවා හරි ඉල්ලන්නද?
"මල් තියලා බුදුහාමුදුරුවොන්ගෙන් මුකුත් ඉල්ලන්න හොද නෑ" ඉස්සරම දවසක ඔයා මට කිව්වා යාන්තමට වගේ මතක් වෙනවා.මට පිස්සු හැදීගෙන එනව වත්ද?!! දෙයියනේ මම ඔයාව අමතක කරන්න ඕන!!

දින සති මාස ගෙවිලා ගියේ කට හඩින් විතරක් අපි දෙන්නව ලංකරවලා.ජංගම දුරකතනය හදපු කෙනාට පින් සිද්ද වෙන්න අපි දුරින් ඉදියත් හිත් වලින් ලං වෙලා ඉදියේ.දුරින් ඉන්න දෙන්නෙක් ඉක්මනට දුරස්ම වෙලා යනවලු.කවුදෝ දවසක් මට කිව්වා.
පහු ගිය මාස දෙක ඇතුලත ඔයාගෙන් කෝල් එකක් තියා කෙටි පණිවිඩයක් එන එකත් අඩු උනා..ඒත් මම පොඩ්ඩක් වත් අහිතක් හිතුවේ නෑ සජිනි..පොඩ්ඩක් වත් නෑ.

"පව්..උදේ ඉදලා ෆැක‍්ට්‍රියේ මැරිලා මැරිලා වැඩ කරනවා ඇති."
හැමදාමත් හිතේ තිබුනේ ඒ සිතුවිල්ල නිසා ඔයාට කරදර කරලා තවත් රිද්දවන්න මට ඕන උනේ නෑ
ගිය ඉරිදා මහ රෑ ජාමේ ඔයාට කෝල් එකක් ගත්තේ ඔයාව ඇහැරවන්න හිතාගෙන නෙමේ..එලි වෙනකල් පාඩම් කරලා හිතට ආපු තෙහෙට්ටුව පොඩ්ඩක් මග ඇරවගන්න..
ඒත් දෙයියනේ!! මර රෑ 1 ටත් ඔයාගේ ෆෝන් එක waiting.එක පාරටම ඒ කෝල් එක කට් කරලා මගේ කෝල් එකට ආන්සර් කරපු ඔයාගෙන් අහපු ප්‍රශ්න වලට ගොත ගගහා දීපු උත්තර හැම එකක්ම පිලි ගත්තා වගේ ඉදියට හිතෙන් දහස් වාරයක් මැරි මැරී ඉපදුනා..විභාගේත් පැත්තක දාලා සදුදා උදේ පාන්දරම කෝච්චියට නැග්ගේ ඒ හැම දෙයක්ම කතා කරලා විසදගන්න..
දවල් 3 ඉදලා හවස 7 විතර වෙනකල් ඔයා වැඩ කරන ෆැක්ට්‍රියේ ගේට්ටුව ගාවට වෙලා බලාගෙන ඉදියේ ඔයත් එක්ක විනාඩි 15ක් හරි කතා කරලා හිත හදාගෙන යන්න..
ඒත් දෙවියනේ...
ඔයා වෙන කෙනෙකුගේ අතේ එල්ලිලා හිනා වෙවී ආවේ අවුරුදු හතරක් කරපු මගේ ආදරේ මාස දෙකකින් අමතක කරලද මැනික...කැම්පස් යන කොල්ලෝ විතරද කෙල්ලෝ එක්ක යාලු වෙන්නේ??



 ලා රෝස රොබ රෝසි මල් වැටුන ගුරු පාරේ
පටලවා අප දෑත් පිය නැගූ හැටි සිහිවේ
හැරදමා මගේ දැත ඔහු තුරුලේ හිටි තාලේ
මතකයෙන් විසිකරන හැටි කියා දෙනු මැණිකේ

පැය ගනන් වරු ගනන් ඔබ හින්දා ගෙව ගෙවා
පොද වැස්සේ සීතලට තෙමි තෙමී සිටි එදා
ඒ වගෙම වහිනවා අහස් කුස දෙදරවා
තෙමෙන්නට කවුරුවත් නෑ සිටියේ ඔබ නිසා

කදුලු නෑ අඩන්නට ඇසුත් බොද වී ගියා
වෙර දරමි හිනැහෙන්න දෙනෙත් පිස දම දමා
ආදරේ දුක දන්න පුංචි හිත හඩවලා
හිනැහෙමින් මගේ මැණික ඔහු තුරුලේ සැනසුනා

( මීට සෑහෙන්ඩ කාලෙකට පෙර ලියපු පද බැදුමකට කතාවක් ලිව්වෙමි..සත්‍ය සිදුවිමක් නොවේ )

Saturday, 18 August 2012

උපාසකම්මා...


ඇයට වයස අවුරුදු හැටක් පමන වන්නට ඇත. සිල් රෙද්ද සුලගේ යා නොදී ගුලි කරගත් ඇය බුදුන් වදින්නට වූවාය.

"සාදු... සාදු..."

"නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස...."

"හිත වාවන්නේම නෑ... ඔබ ආයේත් එන්නේ නෑ.. මම තාම දන්නේ මා ඔබේ කියා..."

ගාථා තාලය බිදිමින් ඇයගේ ජංගම දුරකතනය නද දෙන්නට විය.

"හෙලෝ... කවුද මේ... තමුසෙට පිස්සුද ඕයි කෝල් අරන් කතා කරන්නේ නැත්තෙ.."

ඇමතුම විසන්දි කෙරුනි..

"බුද්ධං සරණ්ං ගච්චාමි..

ධම්මං සරණ..."

"හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ.."

"හෙලෝ.. තෝ දැනගනින් @#$%$ මම පදියතලාවේ මේරී.. තෝ මට අහුවුනොත් තොගේ හතරහන්දි කඩලා මෙතනම බාවනවා වල් බල්ලා.."

ජංගම දුරකතනය ක්‍රියා විරහිත කෙරුනි...

"පානාති පාතා වේරමනී සික්ඛාපදං සමාදියාමි"  

Wednesday, 25 July 2012

"ආත්මගරුත්වය" - (කෙටිකතාව)


"නම"
"සිරිසේන"
"වයස"
"අවුරුදු 56යි මහත්තයෝ" 
 "මොනවා කරන්න ගිහින්ද කවව්ව ගත්තේ"
"අනේ මුකුත් කරන්න ගියේ නෑ මහත්තයෝ.අපේ ග්‍රාමසේවක මහත්තයගේ බල්ලා.මම ගේට්ටුවෙන් ඇතුලට යනකොටම දුවගෙන ඇවිල්ලා හැපුවේ.මට හෙල්ලෙන්න වත් වෙලාවක් තිබුනේ නෑ"
"හ්ම්ම්ම්.."

දොස්තර මහතා කුඩා සටහන් පොතේ  මොන මොනවාදෝ කුරුටුගානවා සිරිසේන බලාගෙන සිටියේය.කකුල රිදුම් දෙනවාට වඩා හිතේ ඇතිවෙන වේදනාව උහුලා ගත නොහැකිව සිරිසේන සුසුමක් හෙලුවේය.එක් අතකින් රුවන්ත හරිය.

කුඩා කල සිටම මුරණ්ඩු දරුවෙකු වූ රුවන්තව අසීරුවෙන් උස් මහත් කල හැටි සිරිසේනට සිහිවේ.

"මම කැමති නෑ තාත්තා එක එකා ලග හෑල්ලු වෙනවට.තමන්ට ආත්ම ගරුත්වයක් තියෙනව නේ තාත්තේ.ඇ‍යි මිනිස්සු ඉස්සරහ බාල්දු වෙන්නේ."
"එදා වේල බඩට දාගන්න නැති අපිට කොහෙන්ද පුතේ  ආත්ම ගරුත්වයක්"

 ඉන් පසු තව මොන මොනවාදෝ බර දේශපාලන වේදිකා වල ඇහෙන වචන කිහිපයක් රුවන්තගේ මුවින් පිට වූ බව සිරිසේනට යාන්තමට මෙන් මතකය. 

"තමුසෙලා තැන් තැන් වල ගිහිල්ලා බල්ලන්ට කියලා කව්වගෙන එනවා.ඒක ඉතින් ප්‍රශ්නයක් නෙමේ නේ.හැමදේම රජයෙන් නොමිලේම දෙන නිසා තමුසෙලට හොදයි.දන්නවද මේ ඉන්ජෙක්ශන් එකකට රජයෙන් කීයක් වියදම් කරනවද කියලා"

පියවි සිහියට ආ සිරිසේන,දොස්තර මහතාගේ පැනයට සිනා සීම පමනක් සිදු කලේය.
 
"හිනා වෙනවා ඉතින්..දන්නවනම් බල්ලෙක් ඉන්න පැත්තකින් වත් යන එකක් නෑ."

මෙතක් වේලා කුරුටු ගෑ සටහන් කොලය සිරිසේනගේ අතට දෙමින් දොස්තර මහතා පැවසීය.

"හතරේ කාමරේ මිසීට මේ තුන්ඩුව දෙනවා.එතනින් අද ඉන්ජෙක්ශන් එක විද්දට පස්සේ මේ තුන්ඩුවේ තියෙන දවසට වරද්දව ගන්නේ නැතුව ඇවිත් බෙහෙත් ටික විදගන්නවා."

දොස්තර මහතාගේ පිලිකුල් සහගත බැල්මට යටහත් ලෙස හිස කසමින් සිනහවකින් සංග්‍රහ කල සිරිසේන කාමරයෙන් එලියට ආවේය..

"ආත්මගරුවය"

සිරිසේනගේ දෙසවන් පිරවෙමින් සුලං රැල්ලක් කෑ ගැසුවේය.
 හතරවන කාමරයේ දොර අසලට ගිය සිරිසේන ඇතුලත දෙස විමසිලිමත් බැල්මක් හෙලීය.කුඩා පුටුවක පශ්චාත්භාගය අමාරුවෙන් රදවාගත් හෙදියක් බලමින් සිටි පුවත්පත පැත්තකට කර ඔහු දෙස බලනවා දුටු සිරිසේන සිනාසුනේය.

"මොකද"
"බෙහෙත් එකක් විදින්න මිසී"
අපහසුවෙන් පුටුවෙන් නැගිටගත් හෙදිය සිරිසේන අත තිබු තුන්ඩුකෑල්ල ඉල්ලා ගත්තේය.සමාවන්න..එය උදුරා ගත්තේය..
"කවද්ද කෑවේ?"
"අද,දැන් ටිකකට කලින් මිසී"
"තමුසෙලා ඉන්නකල් ඉතින් අපිට වැඩ නැතුවට වැඩ" 

සිරිසේනගේ මුවේ සුපුරුදු බයාදු සිනහව මතුවී නැතිවී යයි.
 
එන්නත විද ගැනීමෙන් අනතුරුව පාරට ආ සිරිසේන බස් නැවතුමට ඉබි ගමනින් ඇවිද ගීයේය.තමා බයගුල්ලෙක්ද..සිත ඔහුගෙන්ම විමසයි.

"වැඩක් කර ගන්න ඕන නම් ඒ ඕන දෙයක් විදගෙන ඔලුව පහත් කරගෙන ඉන්න වෙනවා සිරිසේනයෝ"
පියදාස මාමා වරෙක කිව් කතාවක් සිරිසේනගේ මතකයට නැගුනේය.
වේගයෙන් පැමිනි බස් රථයකට අත පෑ ඔහු හෙමි හෙමින් පාපුවරුවට ගොඩ වූයේය.

"අංකල්,ඉක්මනට නගින්න බැරිනම් කරුණාකරලා බහිනවද"

"ආත්මගරුත්වය"
කොන්දොස්තර කොලුවාගේ විදානයත් කකුල රිදුම් දෙන වේදනාවත් අතරින් සිරිසේනගේ දෙසවන් වලට කොහේදෝ සිට පැමිනි සුලගක් කෙදුරුවේය.බස් රථයේ රේඩියෝ හඩ අඩුවෙන් ඇසෙනා ඉසව්වක හිස්ව තිබූ ආසනයක් බලා වාඩි වූ සිරිසේන නැවත සිතුවිලි සයුරේ කිමිදෙන්නට විය

"කුඹුක්ගහ හන්දියේ රැස්වීමක් තියෙනවා පක්ෂේ ඉදිරි ගමන වෙනුවෙන්.අද කොඩි වැල් අදිද්දි මැම්බර් මහත්තයත් ආවා.තාත්තටත් එන්න කියලා උන්නැහේ කිව්වා" 
"මට උඹලගේ දේශපාලන හරුප තේරෙන්නේ නෑ පුතේ.මැම්බර් මහත්තයට කියපන් මේ පාර මට ඡන්දේ දාන්න වෙන්නේ නෑ කියලා"
"ඒ මොක්ද ඒ"
"තාම නැති වෙච්ච හැදුනුම්පත ලැබුනේ නෑ නේ පුතේ"
"වල් බල්ලා..ග්‍රාමසේවකයා දන්නවා තාත්තාගේ ඡන්දේ වැටෙන්නේ මැම්බර් මහත්තයට කියලා.තාත්තගේ හැදුනුම්පත හදන එක පරක්කු කරාම උගේ එකාට එක ඡන්දයක් හරි උඩට එන්න පුලුවන් නේ"
"ග්‍රාම සේවක මහත්තයටත් වැඩ වැඩියි පුතේ.ඡන්දෙට කලින් කොහොම හරි දෙන්න පොරොන්දු උනා"
"කටු කන බල්ලා.කොහේද..තාත්තා කොන්ද පහත් කරගෙන ඉන්නකල් ඕකුන් රජකරයි.තාත්තට කිව්වට වැඩක් නෑ නේ.මම දැන්ම ගිහින් උගෙන් අහගෙන එන්නම්කෝ හැදුනුම් පත නැත්තේ මොකද කියලා"
 "නෑ නෑ..පුතා යන්න ඕන නෑ..මමම ගිහින් එකලාසයක් කරගෙන එන්නම්"

"හිනැටිගල හන්දිය බහිනවා"

කොන්දොස්තර කොලුවා පිටුපස සිට කෑගසන හඩ කන වැකුනු සිරිසේන කල්පනාවෙන් මිදුනේය.

"දෙයියනේ..බහින තැනත් පහුවෙලා."

තමාටම දොස් නගා ගනිමින් ඔහු හනි හනිකට බස් රථයේ සීනුව නාද කරන්නට විය.

"ඕයි...තමුසේ ඕක කඩන්නද මිනිහෝ හදන්නේ..ඉන්නවා බස් එක හෝල්ට් එකේ නවත්තනකල්"

කොන්දොස්තර කොලුවාගේ ගෝරනාඩු හඩට සිරිසේන යටපත් විය.බස් රථය නැවැත්වූ පසු රිදුම් දෙන කකුලත් අද්දමින් සිරිසෙන බස් රථයෙන් බසින්නට විය.

"ඉක්මන් කරනවකෝ අංකල්...හරේ යං"

අවසාන අඩිය තියනවාත් සමගම බස් රථය පිටත් වීම නිසා සමබරතාවය බිද වැටුනු සිරිසේන ඇද වැටුනේය..බස් රථයෙන් නැගුනු දුහුවිලි වලින් සිරිර වැසෙද්දී,නැවත කොහේදෝ සිට පැමිනි සුලං රැල්ලක් සිරිසේනගේ දෙසවනට කෙදුරුවේය..
"ආත්මගරුත්වය"

Sunday, 8 April 2012

රොබරෝසියා මල්....



මුලු කැම්පස් එක පුරාවටම රොබරෝසියා මල් පිපිලා පුදුම ලස්සනක් තියෙන්නේ.රෝස පාටින් පාට වෙච්ච රොබරෝසියා ගස් උඩින් පේන හන්තාන කන්ද චිත්‍රයකට අදින්න ඇත්නම් කියලා මට් හිතුනේ පාරක් දෙපාරක් නම් නෙමේ.


"මලිතු මෙන්ටලේ"


කිරි හලේ බංකුවක් උඩට වෙලා ඒ ලස්සන බල බල ඉදපු මගේ ඇස්,කටහඩ ආපු දිහාවට හෙමීට යොමු උනා.රොබරෝසියා මලේ රෝස පාටට හුරු ස්කර්ට් එකක් ඇදලා ඉදපු ඔයාවත් මට පෙනුනේ රොබරෝසියා මලක් වගේ.ඒ ලස්සන වැඩි වෙලාවක් බලාගෙන ඉන්න ලැබෙන්නේ නැ කියලා හිතට දැනෙනකොට මට ආවේ දුකක් එක්ක කේන්තියක්.


"මොනවද මෙච්චර වෙලා කරේ,විනාඩි 20ක් පරක්කුයි.ඊලග Lecture එකට තව විනාඩි 40යි තියෙන්නේ.ඔයාට නම් ගානක් වත් නෑ."


එයා පරක්කු උන හේතුව අහන්නෙත් නැතුව මම බැනගෙන බැනගෙන ගියා.රොබරෝසියා මල් හැමදාම රෝස පාටින් ලස්සනට පිපෙනවා වගේම එයාගේ මූනේ තිබුන රෝස පාටත් කිසිම වෙනසක් නැතුව ඒ විදිහටම තිබුනා


"අයියෝ.අද Lecture එක විනාඩි 10ක් වැඩිපුර කරා.සයන්ස් එකේ වගේ නෙමේ ආර්ට් එකේ Lectures තියෙන්නේ.ඒක මම කලිනුත් කියලා තියෙනවනේ Mr.Science "


"ඔන්න පුරුදු විදිහටම කච බචේ පටන් ගත්තා..ඔක්කොම ආර්ට් කාරියෝ ඔහොමයි.මොනවද ඉතින් හිටගෙන බලගෙන් ඉන්නේ.මෙතනට වෙන කෙල්ලෙක් ඇවිල්ලා වාඩි වෙන්න කලින් ඇවිත් වාඩිවෙන්න"


ඒ වචන ටික මම කිව්වේ වෙනද වගේම හුරතල් විදිහට ඉනට අත් දෙක තියාගෙන ඇදකරගෙන ඉන්න ඔය ඇස් දෙක දිහා බලන්න හිතාගෙන.ඒත් ඒ ඇස් වෙනදා වගේ නෙමෙයි.පුදුම විදිහට පොඩි වෙලා තිබුනා.පරවෙන්න ඔන්න මෙන්න තියෙන රොබරෝසියා මල් වල තියෙන රෝස පාට ටිකෙන් ටික අඩුවෙලා ගිහින් සුදුපාට මතු වෙනවා වගේ ඔයාගේ මූනේ තිබුනු රෝසපාටත් අඩුවේගන එනවා..



"අපරාදේ මලිතු,ඔයාට තිබුනේ ආර්ට්ස් කරන්න.එහෙනම් ඔයත් Art Faculty එකේ.මමත් Arts එකේ.එහෙනම් අපි දෙන්නට හම්බෙන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ"


"ඉතින් Miss.Arts , මම සයන් කරාට කලාකාරයෙක් වගේ නේ.ඒකනේ බකමූනියකගේ වගේ තියෙන ඔයාගේ ඔය මූනයි,ගිරා හොටයක් වගේ තියෙන ඔයාගේ ඔය චූටි නහයයි ගැන මාරම ලස්සන කවි ලියලා ඔයාට දෙන්නේ"


"ඔය ඉතින්,ඔයාට ගානක් වත් නෑ.හැමදේම විහිලුවට ගන්න එප මලිතු"


"විහිලු නෙමේ ලිහිණි,මේ අහන්නකෝ..ඇත්ත..මම Science කරේ.එහෙම කියලා මම ඔයාට ආදරේ කරන්නේ අවකලනයෙන් වත් නිව්ටන් නියම වලින් වත් නෙමේ.ඒ වගේම ඔයා මට ආදරේ කරන්නේ ජර්මන් භාෂාවෙන් වත් දේශපාලනයෙන් වත් නෙමේ.ඒක මේ මුලු කැම්පස් එකටම පොදුයි "


"අපි දැන් යමු.ඔයාට Lecture එකට යන්න පරක්කු වෙනව නේ."



"දැනටමත් පරක්කුයි.අදවත් අපේ Faculty Common එකෙන් කන්න එනවද Miss.Arts"


"අම්මෝ...මම කියලා තියෙනව නේ..ඔයා ඇර වෙන Science තියෙන තැනක මම ගෑවෙන්නෙවත් නෑ"


"කවුද හලෝ කිව්වේ එතනට ගිහින් එක එක්කෙනාගේ ගෑවී ගෑවී කෑම කන්න කියලා..වාඩි වෙලා කන්න යමු..මට පරක්කුයි නේ අද..."


මම එහෙම කිව්වේ මට පරක්කු නිසාම නෙමේ..ලිහිනිවත් අරගෙන අපේ ෆැකල්ටි කොමන් එකෙන් බත් කටක් කන්න තිබුනු ආසාව නිසා.


"මට බෑ..පුරුදු විදිහටම ගෙම්බා එකට කන්න යමු...කෝ නැගිටින්න..පරක්කු නම් දුවලා යමු..මගේ පස්සෙන් දුවගෙන එන්න"
ඔයා දිව්වා..මාව දාලා ගොඩක් දුර දිව්වා..
කිරිහල ගාව තියෙන රොබරෝසියා ගහේ මල් තුන හතරක් එක පාරට හුලගට පාවෙලා ගිහින් බිමට වැටුනා..හිතුවට වඩා ඉක්මනට වසන්තය ඉවර වෙයි වගේ..

පහුගිය අවුරුදු හතර පුරාවටම කිරිහල ලග තියෙන බංකුවට වෙලා රොබරෝසියා ගහෙන් වැටෙන මල් දිහා බල බල දෙන්නා දෙන්නා ගුලි වෙලා එක අයිස්ක්‍රීම් එකක් බෙදාගෙන කනවා.ඒත් මම  ඒ බංකුවක් උඩටම වෙලා,අවුරුදු හතරක් තිස්සේ ඔයා ඒ දුවගෙන ගියපු හැටි මතක් කරලා තාමත් විදවනවා..
ජීවිතේ හරිම පුදුමයි කියන්නේ ඒකයි.කලාකාරයෙකුට විද්‍යාව දැනගන්න අයිතියක් තියෙනවා වගේම විද්‍යාව කරපු මට කලාවට ආදරේ කරන්න ඉඩක තියෙනව නේද..
ඉස්සර වගේම තාමත් මේ ගස් වල රොබරෝසියා මල් පිපෙනවා.ඒවගේ ලස්සන දැක්කම කොල පුරවලා ලියන්න තරම් කවි සිතුවිලිත් මට එනවා..
ඒත් ඒවා ලියලා දුන්නම ආදරෙන් කියවපු ඔයා අද මගේ ලග නෑ...Miss.Arts...ඔයා අද කොහේද?.



ආදරණීය  රොබරෝසියා මලේ,
උපතේ සිට විපත තෙක්...
පරපරාගනයේ සිට ස්වපරාගනය තෙක්........
මුදුන්මුලේ සිට කේශනාලිකා තෙක්.... 
නුඹ ගැන ලියන්නට හැකිසේම මට,
වසන්තයට පෙරම පීදී එන
නුඹේ ඔය රෝස පෙති ගැනද
ලියන්නට හැකි බව.......
නුඹ මෙන්ම,
ඇයත් දැනගෙන සිටියා නම්........
                                                    ----- මලිතු ----


                      

Friday, 12 August 2011

හිනා වෙන්න බැරි තරමට.....



වෙනදට මේ පත්තරේ අතට ගන්නේ එක එක විදිහේ ප්‍රවෘත්ති බලන්න උනත් පහු ගිය සති තුන හතරෙදි පත්තරේ අතට ගත්තු ගමන් ඇස් දුවන්නේ නිර්මාණ පිටුවට...
 එකේ තියෙන නිසදැස් එකින් එක කියවනවට වඩා කෙනෙක්ගේ නමක් හොයන එක මගේ දවසේ රාජකාරිය වුනා..

'සදලි නිම්සලා'

පත්තර පිටු අතරේ මගේ ඇස් මටත් තේරෙන්නේ නැතුවම එහේ මෙහේ දුවනවා..
ආ...මේ තියෙන්නේ....

හැරගියා

වහිද්දි හොදටෝම..
සිතත් හැඩුවා මතකයි..
අඩද්දී මුලු සිතම...
ඔබත් හැඩුවා මතකයි..
හඩද්දී ඔබ මා ගාව..
හැරගියා මම ඔබව..
මතකයි මතකයි මතකයි...
             -- සදලි නිම්සලා---

සදලි...මේ ඔයාමද දෙයියනේ!!
 අවුරුදු හතරක් තිස්සේ ඔයා මට දීපු නිසදැස් මිටිය මම එක අතකින් තුරුල් කර ගත්තා..කොල්ලො හරි බොලදයි..උන් බොලද බව එලියට පෙන්නන්නේ නෑ.
ඔව්...මමත් බොලද මම එලියට පෙන්නනේ නෑ...ඒත් මම බොලදයි දෙයියනේ...මමත් ආදරේ කරා..නොසෑහෙන්න ආදරේ කරා...
ආයෙමත් පත්තරේ අතට ගත්තු මම ඇද මිට්ටමට කොට්ටයක් තියාගෙන හේත්තු උනා..එදා දවස තාමත් ඇස් ඉස්සරහා මැවෙනවා...ඒ හැම වචනයක්ම මගේ කන් වලට ඇහෙනවා..දෙයියනේ!! මම බොලදයි...සෑහෙන්න බොලදයි...

'පිස්සු මෙන්ටලේ.....' මොනවද මෝඩියේ කල්පනා කරන්නේ.. අහස අල්ලන්න ප්ලෑන් එකක් වත් ගහනවද?

'හ්ම්ම්ම්ම්ම්ම්ම්.....නෑ '

'කියපන් බන්...මොකක්ද අවුල...ආයෙත් ගෙදරින් බර බරේද පැට්ටෝ...'

 'ගෙදරින් මොන ප්‍රශ්න ආවත් මම ආදරේ කරන එක නවත්තන්නේ නෑ කියලා ඔයා දන්නවනේ මලිතු'

මොකක් හරි ලොකු ප්‍රහ්ස්නයක වගේ..නැති නම් සදලි මෙහෙම හැසිරෙන්නේ නෑ

'එහෙනම් මොකක්ද අවුල..'

"මට මේ මගුලේ විභාගේ කරන්න බෑ..දැන් දෙපාරක් කරා..කිසි තේරුමක් නෑ නේ රත්තරනේ..ඔක්කොටම වඩා හපන් බයෝ පාඩම් කරන්න ගියාම.."

අපෝ...මේකද මේ මහ ලොකු ප්‍රශ්නේ...හැමදාම මේකට උත්තර බැදලා එපා වෙලා අප්පා..

'බෑ කියලා දෙයක් නෑ සදලි..ඔයාට පුලුවන්...මම ඒක දන්නවා හොදටම..ලස්සනට නිසදැස් ලියන එක වගේම මේ පාර එක්සෑම් හොදට ගොඩ දාලා මම ඉන්න ෆැකල්ටි එකටම එන්න පුලුවන් කියලත් මම දන්නවා...'

'මම ආර්ට්ස් කරානම් ඉවරයි මලිතු..එහෙනම් ඔයාව මට හම්බෙන්නෙත් නෑ..මේ කිසිම ප්‍රශ්නයක් ඇත්තෙත් නෑ..'

' ඇයි සදලි...මොකක්ද කියන්න දෙයියනේ වෙලා තියෙන්නේ...'

'මම පත්තරේකට බයෝ ඩේටා එකක් ෆිල් කරලා යැව්වා..එයාලා අලුතෙන ලියන කට්ටියට චාන්ස් එක දෙනවලු...මම එක්සෑම් කරන්නේ නෑ..මට කවදාවත් ඔයාව අයිති වෙන එකකුත් නෑ..ආයේ ජීවිතේ වරද්ද ගන්න බෑ මලිතු..මම දන්නේ ලියන්න විතරයි..ඊට එහා දෙයක් මට බෑ..'

'කමක් නෑ..ඔයා කැමති දෙයක් කරන්න සුදු මැණික..ඒත් ආදරේ මම ගොඩක්...'

එයාගේ හැකියාවට මම විරුද්ධ වෙන්නේ මොකටද...මම තනිවම හිතුවා...

පස්සේ අපි අතරේ විනාඩියක නිශ්ෂබ්දතාවයක්...
 
'මට ඔයාට ආදරේ කරන්නත් බෑ මලිතු..'

අන්තිමට එයා ඒක කිව්වා..ඔව් එයා ඒක කිව්වා..
එයාගේ තියෙන හීන වලට මගෙන් භාදාවක් වෙන හැටි එයා හරි අපූරුවට විස්තර කරා...
 ඔයා යන්න ගියා සදලි..

කදුලු පිරිච්ච ඇස් වලින් මම ආයේ පත්තරේ දිහා බැලුවා..ඔයා හොදට ලියනවා..ඇත්තටම ලස්සනට ලියනවා.මම වගේම ගොඩක් අය ඔයා ලියන ඒවා කියවනවා ඇති...
ගිය කෙනෙක් වෙනුවෙන් අඩන්න මම බොලද වැඩියි සදලියෝ....ඇත්තටම බොලද වැඩියි....

මතකය...
 හැර යන්න ගිය ඔබව..
සොය සොයා හැම තැනම...
හන්ගමින් කදුලු කැට..
නොසලමින් දෑස්පිය...
බලා හිදිනා...
මේ දෑස බොලද දෝ...
සිතුනා..මට සිතුනා