හවස් වෙන්න වෙන්න නුවර වැව් බැම්මට හීනියට සීතලක් එනවා.දකුණේ ඉදලා ආපු අපිට මේ සීතල උහුලගන්නටිකක් අමාරුයි.වැව් බැම්ම උඩට වෙලා මාලිගාව දිහා බලාගෙන ඉන්නකොට කලුවර වැටෙනවා තේරෙන්නෙම නෑ.පේරාදෙණියෙ කැම්පස් එකට ඇවිල්ලත් අදට හරියටම අවුරුද්දක්.දෙවියනේ අපි වයසට යන ඉක්මන!!.
මේ කාලෙට කැම්පස් එක පුරාවටම රොබරෝසියා බල් පිපෙනවා.පුදුම ලස්සනක් ඒ මල් වල තියෙන්නේ.සමහරු මගෙන් අහනවා රොබරෝසියා මල් ගැන මෙච්චර ලියන්නේ මොකද කියලා.මම ඇරෙන්න ඒකට උත්තරේ දැනගෙන ඉදියේ ඔයා විතරමයි.ඔයත් එක්ක තුරුල් වෙලා මේ රොබරෝසි මල් අස්සේ ඇවිදින්න කොච්චර නම් හීන මැව්වද,දවස් දෙක තුනක් පිපිලා බිමට වැටෙන රොබරෝසියා මල් වගේම ඒ හීනත් පරවෙලාම බිමට වැටුන හැටි....
මීට අවුරුදු හතරකට කලින් ගාලු කොටු බැම්ම උඩ බංකුවක වාඩි වෙලා ඔයත් එක්ක හිනා වුන හැටි මට තාමත් මතක් වෙනවා.අවුරුදු හතරක් අපි ආදරේ කරා.සමහර විට ඊටත් වැඩි කාලයක් වෙන්න ඇති.ටියුශන් පන්ති අස්සේ කාතවත් නොදැනෙන්න හොර රහසේ අපේ ආදර කතාව ගලාගෙන ගියපු හැටි මතක් වෙනකොට හිනා වෙන්නද අඩන්නද කියලා හිත මගෙන්ම අහනවා..
කැම්පස් එකට එන්න දවස් දෙකකට කලින් ඔයාව හම්බ වුනෙත් ඒ කොටු බැම්ම උඩදිමයි.
"මොකෝ මැට්ටෝ මූන එල්ලන්"
"මුකුත් නෑ..කවද්ද යන්නේ කැම්පස්"
"අනිද්දා යන්නේ මැණික"
"ඊයා අනේ..මැණික කියන්නෙපා..ඒක කැතයි."
ඔයා මැණික කියනවට කැමති නැති බව දැන දැනම ඒ වචනේ කිව්වේ චුට්ටක් විතර කේන්ති ගස්සන්න.කේන්ති ගිහින් කම්මුල් වල ගැහෙනකොට ඔයා මාර ලස්සනයි.
"මෙන්න වැඩක්..මැණික නොකියා මොනවා කියන්නද?"
"වෙන මොකක් හරි කියන්න"
"හරි එහෙනම් බූරු පැට්ටෝ..තමුසෙ මගෙන් කන පලාගන්නේ නැතිව හිනා වෙලා ඉන්නවද.."
"ඊයා හිරූෂ..ඔයා හරි නරකයි...තමුසේ කියන්නේ ජරා වචනයක්.."
"ඔච්චර බොලද වෙන්න එප බං"
"හරි හරි බොලද නෑ.."
ටික වෙලාවක නිශ්ශබ්දතාවයක්.මම නැගිටල ඈත මුහුදට පුංචි ගල් කැටයක් විසි කරනකොටම ඔයා ආයෙත් කතා කරා..
"ඒක නෙමේ හිරූ."
"හ්ම්ම්ම්"
.කැම්පස් එකේ කෙල්ලෝ ගොඩක් ඉන්නවා නේ"
"හ්ම්ම් හ්ම්ම්..ගොඩක් ඉන්නව නම් තමා..ඒත් ඉතින් අවුරුදු හතරක් නඩත්තු කරපු සජිනි කියනේ මේ මෙන්ටල් කේස් එක අමතක කරන්නේ කොහොමද මම"
"ඔයාට නම් විහිලු..ඔය ඕන තරම් කොල්ලෝ කැම්පස් ගිහින් වෙන කෙල්ලොත් එක්ක යාලු වෙනවා..එහේ ගියාට පස්සේ ඔයාට මාව මතක් වෙන එකක් වත් නෑ."
"අන්න හරියටම කිව්වා.ඔයාව පොඩ්ඩක් වත් මට මතක් වෙන එකක් නෑ."
ඒ වචන ටික කියද්දි ඔයාගේ හිත කොච්චර දුකකින් පිරුනද කියලා මම හොදටම දන්නවා සජිනි.ඇස් දෙකම රතු වෙලා මූනත් බිමට හැරුනා.
"ඒයි මෙන්ටලේ..මේ බලපන් බං..මතක් වෙන්නේ අමතක වෙච්ච කෙනෙක්ව..ඔයාව මට කවදාවත් මතක් වෙන්නේ නෑ.මොකද හැම වෙලාවෙම හැම මොහොතෙම ඔයා මගේ මතකෙ ඉන්නවා."
ඔයාගේ ඔය ඇස් දෙක දිහා බලාගෙන මම කිව්වේ ඇත්තටමයි..ඇස් වලින් වැටුන පුංචි කලුදු කැටයක් අල්ලට අරගෙන විසි කරලා දැම්මේ හැමදාම ඔයා අඩන වෙලාවට ලගින් ඉදන් කදුලු පිහිනවා කියලා හිතාගෙන.
දෙවියනේ..මම මොනවද මේ මතක් කර කර මටම රිද්ද ගන්නේ.මගේ හිත සෑහෙන්න බොලදයි..කොල්ලොත් මෙච්චර බොලදයිද?
අමතක කරන්න ඕන දෙයක් හිතා මතාම අමතක කරන්න බැහැ කියන එක දැන දැනම මෙහෙම රිද්ද ගන්න එක මෝඩකමක්
"දැන් ඔයා මොකක්ද කරන්න ඉන්නේ..ජොබ් එකක් වත් කරන්න අදහසක් නැද්ද? "
"අදහසක් තියෙනවා.ෆැක්ට්‍රි එකක වැඩට එන්න කියලත් තියෙනවා.ඒත් යන්න කම්මැලි හිරූ"
"කම්මැලිකමේ ඉදලා බෑ නේ මැණික..ඔයා එතන වැඩට යන්න.ගිහින් හොදට වැඩ ටික කරන්න"
"ඔය ඉතින් ආයේ මැණික කිව්ව..හැමෝමලා පාවිච්චි කරන වචන අපි පාවිච් කරන්න හොද නෑ.."
"හරි හරි ගෙම්බෝ..ඔයා පරිස්සමෙන් ඉන්න.."
"ඔය ඉතින් යන්නද හදන්නේ."
"ඇදුම් ලැස්ති කරගන්න තියෙනවා සජිනි.අපි ආයේ දවසක ඉක්මනට හම්බෙමු"
ඉරත් ටිකෙන් ටික බැහැගෙන යනවා.ජීවිතේ තිබුන සතුටත් ටිකෙන් ටික මේ විදිහටම නැතිවෙලාම යනවා.මාලිගාව දිහාට නෙලුම් මල් අතේ තියාගෙන මහා ගොඩාක් මිනිස්සු ඇවිදගෙන යනවා.මේ හැමෝමලා යන්නේ බුදුන් වදින්න ද නැතිනම් එතනට ගිහිල්ලා තමන්ගේ ජීවිතේට මොනවා හරි ඉල්ලන්නද?
"මල් තියලා බුදුහාමුදුරුවොන්ගෙන් මුකුත් ඉල්ලන්න හොද නෑ" ඉස්සරම දවසක ඔයා මට කිව්වා යාන්තමට වගේ මතක් වෙනවා.මට පිස්සු හැදීගෙන එනව වත්ද?!! දෙයියනේ මම ඔයාව අමතක කරන්න ඕන!!
"මල් තියලා බුදුහාමුදුරුවොන්ගෙන් මුකුත් ඉල්ලන්න හොද නෑ" ඉස්සරම දවසක ඔයා මට කිව්වා යාන්තමට වගේ මතක් වෙනවා.මට පිස්සු හැදීගෙන එනව වත්ද?!! දෙයියනේ මම ඔයාව අමතක කරන්න ඕන!!
දින සති මාස ගෙවිලා ගියේ කට හඩින් විතරක් අපි දෙන්නව ලංකරවලා.ජංගම දුරකතනය හදපු කෙනාට පින් සිද්ද වෙන්න අපි දුරින් ඉදියත් හිත් වලින් ලං වෙලා ඉදියේ.දුරින් ඉන්න දෙන්නෙක් ඉක්මනට දුරස්ම වෙලා යනවලු.කවුදෝ දවසක් මට කිව්වා.
පහු ගිය මාස දෙක ඇතුලත ඔයාගෙන් කෝල් එකක් තියා කෙටි පණිවිඩයක් එන එකත් අඩු උනා..ඒත් මම පොඩ්ඩක් වත් අහිතක් හිතුවේ නෑ සජිනි..පොඩ්ඩක් වත් නෑ.
"පව්..උදේ ඉදලා ෆැක‍්ට්‍රියේ මැරිලා මැරිලා වැඩ කරනවා ඇති."
හැමදාමත් හිතේ තිබුනේ ඒ සිතුවිල්ල නිසා ඔයාට කරදර කරලා තවත් රිද්දවන්න මට ඕන උනේ නෑ
ගිය ඉරිදා මහ රෑ ජාමේ ඔයාට කෝල් එකක් ගත්තේ ඔයාව ඇහැරවන්න හිතාගෙන නෙමේ..එලි වෙනකල් පාඩම් කරලා හිතට ආපු තෙහෙට්ටුව පොඩ්ඩක් මග ඇරවගන්න..
ඒත් දෙයියනේ!! මර රෑ 1 ටත් ඔයාගේ ෆෝන් එක waiting.එක පාරටම ඒ කෝල් එක කට් කරලා මගේ කෝල් එකට ආන්සර් කරපු ඔයාගෙන් අහපු ප්‍රශ්න වලට ගොත ගගහා දීපු උත්තර හැම එකක්ම පිලි ගත්තා වගේ ඉදියට හිතෙන් දහස් වාරයක් මැරි මැරී ඉපදුනා..විභාගේත් පැත්තක දාලා සදුදා උදේ පාන්දරම කෝච්චියට නැග්ගේ ඒ හැම දෙයක්ම කතා කරලා විසදගන්න..
දවල් 3 ඉදලා හවස 7 විතර වෙනකල් ඔයා වැඩ කරන ෆැක්ට්‍රියේ ගේට්ටුව ගාවට වෙලා බලාගෙන ඉදියේ ඔයත් එක්ක විනාඩි 15ක් හරි කතා කරලා හිත හදාගෙන යන්න..
ඒත් දෙවියනේ...
ඔයා වෙන කෙනෙකුගේ අතේ එල්ලිලා හිනා වෙවී ආවේ අවුරුදු හතරක් කරපු මගේ ආදරේ මාස දෙකකින් අමතක කරලද මැනික...කැම්පස් යන කොල්ලෝ විතරද කෙල්ලෝ එක්ක යාලු වෙන්නේ??
ලා රෝස රොබ රෝසි මල් වැටුන ගුරු පාරේ
පටලවා අප දෑත් පිය නැගූ හැටි සිහිවේ
හැරදමා මගේ දැත ඔහු තුරුලේ හිටි තාලේ
මතකයෙන් විසිකරන හැටි කියා දෙනු මැණිකේ
පැය ගනන් වරු ගනන් ඔබ හින්දා ගෙව ගෙවා
පොද වැස්සේ සීතලට තෙමි තෙමී සිටි එදා
ඒ වගෙම වහිනවා අහස් කුස දෙදරවා
තෙමෙන්නට කවුරුවත් නෑ සිටියේ ඔබ නිසා
කදුලු නෑ අඩන්නට ඇසුත් බොද වී ගියා
වෙර දරමි හිනැහෙන්න දෙනෙත් පිස දම දමා
ආදරේ දුක දන්න පුංචි හිත හඩවලා
හිනැහෙමින් මගේ මැණික ඔහු තුරුලේ සැනසුනා
( මීට සෑහෙන්ඩ කාලෙකට පෙර ලියපු පද බැදුමකට කතාවක් ලිව්වෙමි..සත්‍ය සිදුවිමක් නොවේ )
මාර මැණිකක් නේ
ReplyDeleteමැණික මාරයි.....
ReplyDeleteමේක නම් ඔයාගේ කතාව :)
ReplyDeleteලස්සනයි යාලු....දිගටම ලියපන්..නුඹට ලස්සනට ලියන්න පුලුවන්..සුබපැතුම්...!
ReplyDeletesuperb බං superb !
ReplyDeleteශෝයි මැණිකක් .
ReplyDeleteපුදුම ගෑනු අම්මපා.. මෙහෙමත් එවුන් ඉන්නවනේ..
ReplyDeleteහ්ම්ම්ම්... ලියනකම් බලාගෙන හිටපු කතාවක්. ලස්සනට ලියල තියෙනව මචො.
ReplyDeleteඩිගටම ලියන්න.
ගොඩාක් මැනිකෙල ඔහොම තමා. :(
හ්ම්ම්ම්... ලියනකම් බලාගෙන හිටපු කතාවක්. ලස්සනට ලියල තියෙනව මචො.
ReplyDeleteඩිගටම ලියන්න.
ගොඩාක් මැනිකෙල ඔහොම තමා. :(
හ්ම්ම්ම් ලස්සනට ලියල තියනවා මල්ලී...... ගොඩක් දුක හිතුන සමහර අදරේ කරන අය අපිව ටෙහ්රේම් ගන්නේ නේ... සමහර අය ආදරේ කරට පස්සේ දල යනන්ව.... වටිනාකම තියෙන්නේ අපි හැමදාම ආදරෙන් ඉන්න එක ආදරේට අදරේ කරන්න මිනිස්සු දන්නා ගන්න ඔන්න ගොඩක් අය ඒක දන්නේ නේ ...හ්ම්ම්ම්ම් හිතට ගොඩක් වැදුන......දිගටම ලියන්න...... ඔබට ජය.......
ReplyDeleteදුකයි මලයා
ReplyDeletemachan lassanata liyala tiyanawa,eath mata ubath ekka tada wela hitiye me daws tikema mukth damme nathi ekata monawa hari dapan hoda deyak api hama dama kiyawanawa ne anika podi help ekak mata meke sinhalen coment karanne baha ne mokakda use karanne one font eka............
ReplyDeleteහම්..... බාගෙට සනීප වෙච්චි තුවාලයක් ආයෙම පෑරුණාද මන්ද..
ReplyDeleteවිශ්වාස කරන්න අමාරු ගැහැණු හිත.....නිර්මාණාත්මකයි. එල ඈ...!
ReplyDeleteඅඩෝ රතෝ අඬවන්න එපා බං...මේකත් සීරියස් කේස් එකක් නම් අම්මප අද රෑට බොන එක බොනවා
ReplyDeleteහ්ම්ම්ම්ම්.... පනුච්චිටත් බඩවැලටම වැදුනා :(
ReplyDeleteහිතට වැදුණු කතාවක් .....
ReplyDeleteසත්‍ය කතාවක් නේද බන්?
ReplyDeleteකොහොම වෙතත් ලස්සනයි කියන්න බෑ ශෝකාන්තයක් කොහොමද මචන් ලස්සන වෙන්නේ
:(
ReplyDeleteහ්ම්ම්....බොක්කටම වදින්න ලියල මචන්.බැඳලා වෙන එකෙක් එක්ක යනවට වඩා බඳින්න කලින්ම මෙහෙම වෙලා උඹ බේරුන එක ගැන වත් හිතල හිත හදාගන්න බලපන් මල්ලි.
ReplyDeleteනියම කතාව මලයා... උඹේ කලින් ඒවා එක්ක බලද්දි මේ ලිවුවේ උඹමද කියලා හිතෙනවා.. නියමයි..
ReplyDeleteමේකනම් ඇත්ත කතාවක්!!! දුකායි... හොදටම දැනුනා හිතට රත්තෝ....... :(
ReplyDeleteඔය මැනිකගේ අතේ එල්ලිලද අර රේල් පාරේ ගියේ..? මමත් දැකල තියෙනවා.. ඇත්තටම මටත් තියෙන ප්‍රශ්නේ "කැම්පස් යන කොල්ලෝ විතරද කෙල්ලෝ එක්ක යාලු වෙන්නේ??
ReplyDeleteමමත්ම්ම්ම් හොඳ නිර්මාණයක්... :)
පව් අසරණයා!!!
ReplyDeleteමුලින්ම කතාව කියවගෙන යනකොට මම් හිතුවේ කොල්ලෝ දෙන්නෙක් ගැන ලියපු සීන් එකක් ය කියලා.
ReplyDeleteපස්සේ තමා කෙල්ලවයි කොල්ලවයි වෙන්කරලා බේර ගත්තේ.
ලව් ඉලව්...
ReplyDeleteලව් කේස් වලට අපි නැත :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආදර කතා ගැන මටත් වැඩිය තේරෙන්නෙ නෑ කියන්න.කතාව නම් ලස්සනයි
ReplyDeleteඕක මම දන්න දෙතුන් දෙනෙකුටම උනා බන්.ලස්සනයි
ReplyDeleteමරු මැණික :)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteදුක හිතුනා....:(
ReplyDeleteරත්ගමයට දෙන තියන ලොකුම අප්සෙට් එක කෙල්ල දාලා ගිය එක නෙවේ ! වෙන එකක් සැට් කොරගන්න පෙර එකේ කෙල්ලෝ නැ ! මේ දවස් ටිකේම රූම් එකේ නේ ඉන්නේ !
ReplyDeleteරත්ගමයට දෙන තියන ලොකුම අප්සෙට් එක කෙල්ල දාලා ගිය එක නෙවේ ! වෙන එකක් සැට් කොරගන්න campus eke engineering faculty eke එකේ කෙල්ලෝ නැ ! මේ දවස් ටිකේම man inne art feculty eke ඉන්නේ !
ReplyDeleteරත්ගමයාගේ රූමා
නියමේට ලියල තියෙනවා... සුපාම තමා.. හැබැයි ටිකක් දුක හිතුනා..
ReplyDeleteහොද කතාවක්.. මුල ඉදල අගටම කියෙව්වා එක හුස්මට.. ලස්සනයි යාළු.. දිගටම ලියමු.. - ඩයිනමයික්
ReplyDeleteගෑනු කවුරුද වරදෙ නොබැඳෙන! ඕකුන් මහ ආත්මාර්ථකාමී ජාතියක් බං!
ReplyDeleteමචං ඔක්කොම ඇත්ත වරහං ඇතුලේ තියෙන්නේ පට්ටපල් බොරුවක් කියලා දන්නෝ දනිති . ජය!( අඩෝ ෆැකල්ටියේ කෙල්ලෝ නැද්ද බං??)
ReplyDeleteහපොයි. මේවා කියවනකොට බයත් හිතෙනවා. කෙල්ලෝ නැති ජීවිතේ සැපයි වගේ...
ReplyDeletehmm......hithata wadena widiyata lassanata liyala tiyenawa ayya.......
ReplyDeleteඅඩේ අය්යෙ උඹට මාර මෙව්ව එකක්නෙ තියෙන්නෙ ඈ.....කොහොමෙයි බං මෙච්චර ලේසියෙන් හදවතට කතා කරන්නෙ?
ReplyDelete( මීට සෑහෙන්ඩ කාලෙකට පෙර ලියපු පද බැදුමකට කතාවක් ලිව්වෙමි..සත්‍ය සිදුවිමක් නොවේ )
ReplyDeleteහ්ම්ම්ම්ම්....... :|
කක්කා මැණික
ReplyDeleteමම කථාව කියවනකොට කමෙන් කරන්න හිතන් හිටියේ උබේ ආදර කථාව සම්පූර්න කියපන් කියලා... එත් ඉතින් අන්තිමය තියනවනේ සත්‍ය කථාවක් නෙමෙයි කියලා..
ReplyDeleteබොක්කටම වදින්න ලියලා තියනවා..
ජේ හෝ..
ලස්සනයි..ගොඩක්ම..මම නම් මේ කතාව කියෙව්වෙ අද.බ්ලොග් එකෙනුත් නෙමෙයි "තරුණයා" පත්තරෙන්.ඒ ලිපියෙ අගට රත්ගමයගෙ නම තිබුනම ගොඩක් සතුටු හිතුනා.ජයවේවා..දිගටම ලියන්න :)
ReplyDeleteඔය මැනික් ඔහොම තමයි බන්
ReplyDeleteHikz...!
ReplyDeletenothing lasts 4ever,, :)
ReplyDeletepodu kathawak...lassanata liyala thiyenawa
ReplyDeleteඇත්ත කතාවක් නොවුනෙ හොද වෙලාවට ... මේම දේවල් නම් කාටවත් වෙන්න හොද නෑ .. කැම්පස් යන කෙල්ලො වෙනස් වෙනව කිය කිය මාත් එක්ක රණ්ඩු කරල අන්තිමට මාවම දාල ගියපු අවුරුදු 4ක මගෙ ආදරෙ මට මතක් උනා හුම්ම්ම්ම් .... සැක් .... කෝම උනත් කතාව ලස්සනයි ඈ ...
ReplyDeleteekenma pattay kiyanna puluwan pattama kathawak hariya... :P
ReplyDeleteදුරින් ඉන්න දෙන්නෙක් ඉක්මනට දුරස්ම වෙලා යනවලු eka eththak ban athdekimenma :(
ReplyDeleteniyamai
ReplyDeletemanikakda gal katayakda :p
ReplyDelete