Thursday 26 April 2012

අයියා නිරුවත් කිරීම - "යකෝ!!,ජනාධිපතිතුමා මගේ බ්ලොග් එක කියවනවා.."


    අද නම් මගේ ජීවිතයේ අමරණීය දිනයකි.මේක නම් අදහා ගන්නටත් බැරිය.අපේ ලොකු අයියාට බ්ලොගර් එකෙන් ලොග් අවුට් වීමට අමතක වී ඇත.ඒ අපතයා දැන් පේරාදෙනියට වී පච කෙල කෙල සිටිනු ඇතැයි මම සිතමි.මූ නැති නිසා අපි ගෙදර සතුටින් වෙසෙමු.මට කරනා අපහාස සියල්ලකටම පලි ගැනීමේ වේලාව පැමින තිබේ....කෙසේ පටන් ගනිමුදෝයි සිතා ගත නොහැක.

        අපේ ලොකු අයියා වනාහි අමානුශික ලෙස කුප්පයෙකි.කොටින්ම ඔහු මුහුන සෝදන්නේද සුනාමියක් එනවා යැයි කිව්වොත් පමනි. මක් නිසාද යත් සුනාමි දවසට පමනක් ඌට කාර් එක එලවීමට ලැබෙන නිසාය.දැන් දැන් සුනාමි අනතුරු ඇගවීම් නිතර නිතර වන නිසා කාර් එකට එයාර් ෆ්‍රෙශ්නර් එකක් සවි කලමු. ( නිකන් මොකටෙයි කාර් එක ගද ගස්ස ගන්නේ ).
ලියාගෙන යනවිට මට මුගේ රසකතා එකින් එක මැවී මතුවේ..

මෙදා අවුරුද්ද දවසේ පොර මාර සතුටින් මා කරා පැමිනියාහුය...

"මේ ඕයි චූටි මල්ලි.."

ශුවර් එකටම මේ පැමිනෙන්නේ මාව කඩේ යවන්නට බව මම නුමාන කලෙමි..

"ඇයි ලොකු අයියේ.."

බයාදු ලෙස මම ඔහුගෙන් අසන්නේ කඩේ යාමට ලැබෙන රුපියල් 20 ගැන සිතමිනි..

"අද මගේ ජීවිතේ අමරණීය දවසක් ඕයි.."

 එසේ කියා ඔහු නිවසේ සිවිලිම දෙස බලා සිනා සෙයි..

"මම මේ වගේ කෙනෙක් කියලා....දෙවියනේ මම පොඩ්ඩක් වත් දැන ගෙන ඉදියේ නෑ.."

ලොකු අයියා හැගීම් බරව කියාගෙන යයි

"උඹට පිපිඤ්ඤද බං ලොකු අයියේ,නැති නම් සමාජ රෝගයක් වත් හැදුනද?"

 ඔහුගේ හැගීම් තේරුම් ගත නොහැකිව මා ඇසුවෙමි.

"නෑ ඕයි....අද මට මාර සතුටක් තියෙන්නේ..අද මට බොන්න ඕන.දිව රතු වෙනකල් බොන්න ඕන..නෙක්ටෝ බෝතලයක් ගේනවකෝ..ආ.....පුලුවන් නම් බයිට් පැකට් එකකුත් සාක්කුවෙ දාගෙන එනවා..හරිය..."

"නොදකින් ගල් ඉබ්බා..මාව කඩේ යවන්න ආවා මෙතන..තොගේ සතුටට හේතුව කියපිය කුප්පයෝ මාව යකා අවුස්සන්නේ නැතිව..තෝ සුරාන්තයට පත් උනාවත් ද හිටගෙන ඉන්දැද්දිම..

මුගේ අප්‍රභ්‍රංශ තේරුම් ගත නොහැකිව මා ඇසුවෙමි..

"යකෝ..තෝ දන්නවද අපේ ජනාධිපතිතුමාව"

"ඉතින්"

"ඉතින් නෙමේ යකෝ..ජනාධිපතිතුමා මගේ බ්ලොග් එක කියවනවා.!!!!."

මූට සිරාවටම සමාජරෝගයක් සෑදී තිබේ යැයි මම මොහොතකට සිතුවෙමි.නමුත් මාගේ භය තුනී කරමින් ඔහු කතා කලේය..

"මේ බලපන් යකෝ මගේ ෆෝන් එක.."

එසේ කියමින් ඔහු ජංගම දුරකතනය මා වෙත දික් කරයි..

 මෙන්න තියෙනවා අද උදේ ජනාධිපතිතුමා මට සුබපතලා එව්ව මැසේජ් එක..බලපන් ඇස් ඇරලා.....මම වගේ පාඩුවේ බ්ලොග් එකක් ලියාගෙන ඉන්න එකෙක්ගේ නම්බරේ කොහොමද එතුමා දන්නේ..අන්න බලපන්...රත්ගමයා බ්ලොග් එක කියවලා..ඈ....ඊට පස්සේ රහස් පොලීසියෙන් දාලා මගේ නම්බරෙත් හොයාගෙන මට අවුරුද්දට විශ් කරලා මැසේජ් එවන්නේ අනිවාර්යයෙන් මගේ බ්ලොග් එකට කැමති නිසානේ ඕයි.,."

"නොදකින් හිපාටුවෝ..ඔය මැසේජ් එක පොඩි අයියටත් ඇවිල්ලා තිබ්බා ඕයි...."

"හෑ.....ඌත් බ්ලොග් එකක් ලියනවද එතකොට"

එතනින් එහාට මා කතා කිරීමට නොගියෙමි.

මේ මාසය ආරම්භයේදීම ලොකු අයියා නිවාඩුවට ගෙදර පැමිනියේය.මෙතක් කල් පොඩි අයියා එකම ඇදුම ගෙදරට ඇදීමේ හේතුව සොයා ගත්තේ එදාය.

මූ පොඩි අයියාගේ ඇදුම් සියල්ලක්ම හොරෙන් ගෙන ගොස් තිබේ..දැන් ඉතින් ඒවා කාටව්ත් ඇදීමට බැරිය..

"ඩෙටෝල් ටිකක් දාලා වත් ගමුද ? "යයි පොඩි අයියාගෙන් විමසූ විට

 "උබ හිතුවද යකෝ මමත් උරුලෑවෙක් කියලා" යැයි  කියමින් ඔහු මට බැන වදී..

නිවාඩුව අවසන් වීමෙන් පසු පොඩි අයියාගේ අලුත් ඇදුම් සෙට් එකද හොරාට බෑගයේ දමා ගැනීම මට මාට්ටු වුවද රුපියල් 20ක් අතේ ගුලි කිරීම නිසා මම කට වහගෙන සිටියෙමි..
 
මෙදා පාර සයිබර් සිහින බක්මහා උලෙලට ඇදගෙන ආවේ ඒ ඇදුමක් බව මම ඉතා පිලිකුල් සහගතව ප්‍රකාශ කරමි..

අවුරුදු කුමාරයා වීම අපේ ලොකු අයියාගේ සිහිනයකි.එය සිහිනයක් වන තරමට හොදය.නැති නම් අපට කනක් ඇහිලා ඉන්නට නැතිය.ගිය අවුරුද්දේ කාගේදෝ සාටකයක් දමාගෙන හොරෙන් අවුරුදු කුමාරයා වී අපේ කන් වින්ද දුක් අපමනය.අප්‍රමානය...

නිවාඩුවට පැමිනි අලුත ලොකු අයියා දත් බුරුසුවක් ගත්තේය.එය ලබන අවුරුද්දේ අවුරුදු නිවාඩුවට පැමිනෙන තෙක්ම අලුත් පිට තිබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.ඒ අතින් නම් අපේ ලොකු අයියා සරල පුද්ගලයෙකි..දත් බෙහෙත් ,සබන් ආදී දේ වලට යන වියදම් අවම කර ගැනීමට ඔහු කට යුතු කර තිබේ.

ලොකු අයියා සිතාගෙන සිටින පරිදි පොර හෙන හැන්ඩ්සම්ය.හැන්ඩ්සම් යන වචනයේ තේරුම වෙනස් වී ඇද්දැයි මම ගූගල් එකේ හිටන් සර්ච් කර බැලුවෙමි.නමුත් වචනය එසේමය.අහිංසකයෙකුගේ සිහින සිතුවිලි සමග කොලොප්පන් කර මට ලැබෙන බයිට් පැකට් එකක් නැත.ඒම නිසා මම කට පියාගෙන සිටිමි..ඌ පව් ය

මෙම සටහනෙන් පසු සමහර විට මට ලැබෙන රුපියල් විස්ස නොලැබෙනු ඇත.ඉතින් මට සමන් පිච්ච මල්ද...ඌ නැති උනාට මට පොඩි අයියා සිටීය.

තවත් ඉදිරියට මේකාගේ අප්‍රිය සහගත කියුම් කෙරුම් රැසක් එලි කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි..ලොකු අයියේ , උඹ ඉවරයි!!!!

Saturday 21 April 2012

ගිය වර සිහින බක්මහා උළෙලේදී කෙරුනු කුමන්ත්‍රනයක් හෙලි වේ!!!

මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක්...

ගිය වර පැවති සිහින බක්මහා උලෙලදී රත්ගමයාට විරුද්දව සිදු කෙරුන ලැබූ අතිශය පිලිකුල් සහගත කුමන්ත්‍රනයක සුලමුල හෙලි වී තිබේ.මේ අදිසි කුමන්ත්‍රනය සිදු කලේ කවුරුන්දැයි සොයා බැලීමට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මන්ඩලයක් පත් කිරීමට නියමිතය.

ආරම්භයේදීම වතුර ගසා රත්ගමයාගේ මේකප් තට්ටුව නැති කරේ කවුරුන්ද..කාගේ උවමනාවකටද...

විස්තර නොදත් අයගේ දැන ගැනීම පිනිසයි...

සත්‍යයේ මෙව්වා එක බුද්ධියේ මෙව්වා එකට..!!
 ගිය වර සිහින බක්මහා උලෙලදී රත්ගමයා සිහින කුමාරයා වනු දැකීමට අකමැති වූ කිහිප දෙනෙකු සංවිධානාත්මක ලෙස එල්ල කරනු ලැබූ ජල ප්‍රහාරයකින් පසු ඔහුගේ සිහින කුමරු වීමේ ගමන වැලැක්වීමට  කුරිරු ලෙස උත්සහා කෙරුවත් රත්තා ඉන් නොසැලී තරගයට ඉදිරි පත් උනි.

ආරම්භයේ සිටම කාගේත් සිහින කුමරු ලෙස තේරීම වී තිබූ රත්ගමයගේ නම වෙනුවට කොහේදෝ සිට පැමිනි චේ උන්නැහේ නම් පාන් පිටි බතලයෙක්ගේ නමක් සිහින කුමරු ලෙස තෝරාගෙන තිබීම විමතිය දනවන සුලු කාරනයක් විය.කවුරුන් කෙසේ කීවද පැමින සිටි සියලු දෙනාගේ හදවත් තුල අප්පිරිය සහගත ලෙස සිහින කුමරු වීමට ලැබීම රත්තා ලැබූ පට්ටාම භාග්‍යකි.

කෙතරම් භාදා ආවත් මෙවරද ඔහු සිහින කුමරු තරගයට ඉදිරිපත් වන බවට කට කතා ඇත.
 මෙවර කිසියම් හෝ තර්ජනයක් ආවොත් ඔහුගේ ජීවිතය බේරා ගැනීම උදෙසා සුදු වෑන් කිහිපයක් වැල්ලවත්තට දැනටමත් පිටත් කර අවසන්ය..

එක එක්කෙනාගේ කැමරාවට අසු වූ අප්පිරිය දසුන් වගයක් පහතින් දක්වමි...









 හැමෝමලා එනව නේ!!!! ඔන්න ලස්සනට එන්න ඕන හොදේ!!!

Monday 16 April 2012

චූටි මල්ලී - "සුදු පාට රේන්ද අල්ලන්නේ යට සායවල් වලනේ යකෝ"


නිවාඩුවට ගෙදර පැමින දැන් සති දෙකකටත් වඩා ගෙවී ගොස් තිබේ.කරන්නට වැඩක් නොමැති ලෙස ජීවිතය හිස්ව ගොස් ඇත.ඉද හිට රූපවාහිනිය ඉදිරියට ගොස් උන් පෙන්නන දෙයක් බලා සිටිනවා විනා කිසිදු අලුත් වැඩක යෙදීමට අවස්තාව නොලැබුනි.

"ඒ හලෝ....මේ...ලොකු අයියේ.."

දයාබර චූටි මල්ලීගේ ආදරණීය හඩින් මාගේ මනෝ ලෝකය කඩාබිද වැටුනි..

"ඔව් කියපන්..ඒ පාර මොකාටද එන්න හදන්නේ.."

ඔහුගේ මුවේ පිරී තිබූ සිනහව මාගේ ලමා කාලය සිහිගන්වන්නට විය.මා අවලම් වැඩකට අර අදින මාගේ කුඩා මුහුනේද මේ හැගීමම තිබූනා නේදැයි සිහි වී සිහින් සිනහවක් මා මුවෙන් ගිලිහේ

"මේ ඕයි..අන්න පොඩි අයියා තමුසෙගේ ෆෝන් එක අරන් ඇන්ග්‍රි බර්ඩ් ස්පේස් ගහනවා "

කේලම් ඇදහැලීමේ සහජ දක්ෂතාවය මැනවින් විදහා දක්වමින් දඩ කේලමක් මා ඉදිරියේ ඇද බැවේය.මූ මාගේ කපාපු පලුවක්මයැයි මා මීට පෙරද පැවසූවෙමි

"ඉතින්..ඌට ගහන්න දිය..උඹට මොකක්ද වෙන්න ඕන"

මම සැරෙන් ඇසීමි

"ඒක මට ඉල්ලලා දෙනවකෝ"

බයාදු මුහුනින් මා දෙස බලා සිටින චූටි මල්ලී ගැන මට මහත් අනුකම්පාවක් ඇති විය.චූටි මල්ලිගේ හිතේ ඇත්තේ පොඩි මල්ලීට කෙල වීමේ සද්ගුනවත් චේතනාවය.මුන් දෙන්නා කොටවා මම ආශ්වාදයක් ලබනා බව ප්‍රසිද්ද රහසකි.

"එහෙනම් ඉතින් කඩේට දුවලා දුවලා ගිහින් මට කන්න බයිට් පැකට් එකක් ගෙනෙන්..බෝල බයිට් නැති නම් නෙක්ටෝ එකක් ගෙනෙන් හරිය "

මාගේ කටින් අවසන් වචන කිහිපය නික්මීටට මත්තෙන් එය ඔහු වටහාගත්තේ සැමදා මා පගාව ලෙස ගන්නේ බයිට් පැකට් එක සහ නෙක්ටෝ බෝතලය බැවිනි.චුටි මල්ලී කඩේ යැවීම එක්තරා ආකාරයට විනෝදජනක ක්‍රියාවකි.

ඇතැම් දිනවල ඔහු බයිට් පැකට් ගෙනැවිත් රස කර කර ආහාරයට ගනී.ඔහුට දෙකක් ඇන බයිට් පැකට් එක උදුරාගෙන කෑම මාගේ විනෝදාංශයක් බව ඔහු මෙන්ම අම්මද දනී.ටොක්කක් කෑම හා බයිට් පැකට් එක අහිමි වීමේ දුකෙන් අම්මා වෙත දිව යන චූටි මල්ලී සැනසීමට ගත ගත වන්නේ තත්පර කිහිපයකි.

නැවත විනාඩි කිහිපයකින් මා වෙත  දිව එන ඔහු මට ඇනුම්පද කියයි,නිගරු කරයි.කොපමන දේ කීවත් නැවත් බයිට් පැකට් එක හිමි නොවන බව අද්‍යාත්මය විසින් ඔහුගේ නොවැඩුනු මනසට කෙරෙන්නාවූ බලපෑම නිසාම අවලාදයන් සියල්ල නතර කර දමා මා එහා පැත්තේ ඇති පුටුවට පැමින රූපවාහිනිය නරඹයි.

පෙර සිටම චූටි මල්ලී වැඩ බෙදාගෙන සිදු කිරීමට දක්ෂතාවයක් පෙන්නුවේය.අධ්‍යාපනය සම්භන්ධ ගැටලු පොඩි මල්ලීටත් සමාජයේ අවලම් කුප්ප වැඩ සම්භන්ධ ගැටලු මා වෙතටත් ඉදිරිපත් කිරීමට හේ පසුබට නොවේ.

"මේ අයියේ..ඕයි....මම බඩ්ඩක් අහන්නෙයි..."

"ඒ පාර මොන මගුලක්ද..අහපිය.."

ඔහේට මතකෙයි ගිය සතියේ අර අපි ඉස්සරහින් ගිය කෙල්ල..අර සුදු පාට රේන්ද අල්ලපු ගවුමක් ඇදන් ගියේ"

"සුදු පාට රේන්ද අල්ලන්නේ යට සායවල් වලනේ යකෝ.."

ඔහුට වඩා කාන්තා යට ඇදුම් ගැන වැඩි වැටහීමක් ඇති මා ආඩම්බරයෙන් පැවසුවෙමි.

"නෑ අයියෝ...අර කෙට්ටු එක්කෙනා..මම ඒ කෙල්ල යන වෙලාවේ තමුසෙගේ කකුල පෑගුවේ.."

"ඔව් ඉතින්...."

"මම එයාගෙන් පෑනක් ඉල්ල ගත්තා....මේ........"

 එසේ කියමින් ඔහු මට පෑනක් පෙන්නයි..විල්ල කටේ දමා උරච්චි කරනු ලැබූ තින්ත ඉවරවීමට ආසන්නව ඇති පෑන දෙස බලන්නෙකුට ජුගුප්සාජනක හැගීමක් පැමිනියද පෑන අත හැරියේ චූටි මල්ලී නොවේ.ඔහුගේ ලමා මනසට එය එක්තරා ආකාරයේ නැවුම් ආශ්වාදයකි.

"ඉකේ.....මොන මල ජරාවක්ද ඕයි ඕක...විසික්කරපිය එලියට.."

"අපෝ බෑ...මේක මම ලබන සතියේ ගිහින් දෙන්න ඕන"

මොකක්දෝ කියාගත නොහැකි අවලම් හැගීමකින් පිරී ගොස් ඇති ඔහුගේ දෑස කාන්තියෙන් බබලයි.. තවමත් කිරි සුවද ගොස් නැති මේකා මනමාලකම් කරයි.මූ මාගේ කපාපු පලුවක් බව මම පුන පුනා ඔබට කිව්වෙමි.

තවත් දින දෙකඉන් හෝ තුනකින් නැවත සුපුරුදු ජීවිතය වෙත පියමන් කල යුතුය.ලොකු මල්ලීද තවත් ටික දවසකින් විශ්ව විද්‍යාල ජීවිතයට අවතීරණ වනු ඇත..
ඉතින් චූටි මල්ලියේ..ඊට පසු මේ මුලු නිවසම උඹේ රජ දහන වනු ඇත...අවලම් අලුගුත්තේරු වැඩ නොකරන්න..මක්නිසාද යත්
BIG BROTHER IS WATCHING YOU!!!!

Wednesday 11 April 2012

දුර වැඩියි කුමරියේ........



එක පාලු දිනයක..
මුලු හිතම හිස් වූ මොහොතක.
දෙනෙත් අල්වන ලස්සනම ලස්සන
පුංචි තරුවක්
හිනැහුනා මා එක්ක..
ආලෝක වර්ෂ ගනනක්...
ඈත අහසේ ඉදගෙන..
දුර වැඩියි කුමරියේ
කෙසේ ලංවෙමිද නුඹට..
පොලෝතලයේ ඉදගෙන..
කියා ගත නොහැකි තනිකමින්..
සුසුමක් පිටකරමින්..
තැබුවා පියවරක් ඉදිරියට...
ඉන් පසුව තවත් පියවරක්
එසේ පියවර තුනක්..
................................
පුදුමයක්මය..
නැවතුනේ මම මගේ පුංචි තරු කුමරිය ලග....
හිනාවක් නැගුනා සොදුරුම...
අමතක උනා මට
මම ආලෝකය බව...
                          
    ලියපු දිනය - මීට අවුරුදු තුනකට කලින්...හරියටම අවුරුදු තුනකට කලින් අදවගේ දවසක 
          

Sunday 8 April 2012

රොබරෝසියා මල්....



මුලු කැම්පස් එක පුරාවටම රොබරෝසියා මල් පිපිලා පුදුම ලස්සනක් තියෙන්නේ.රෝස පාටින් පාට වෙච්ච රොබරෝසියා ගස් උඩින් පේන හන්තාන කන්ද චිත්‍රයකට අදින්න ඇත්නම් කියලා මට් හිතුනේ පාරක් දෙපාරක් නම් නෙමේ.


"මලිතු මෙන්ටලේ"


කිරි හලේ බංකුවක් උඩට වෙලා ඒ ලස්සන බල බල ඉදපු මගේ ඇස්,කටහඩ ආපු දිහාවට හෙමීට යොමු උනා.රොබරෝසියා මලේ රෝස පාටට හුරු ස්කර්ට් එකක් ඇදලා ඉදපු ඔයාවත් මට පෙනුනේ රොබරෝසියා මලක් වගේ.ඒ ලස්සන වැඩි වෙලාවක් බලාගෙන ඉන්න ලැබෙන්නේ නැ කියලා හිතට දැනෙනකොට මට ආවේ දුකක් එක්ක කේන්තියක්.


"මොනවද මෙච්චර වෙලා කරේ,විනාඩි 20ක් පරක්කුයි.ඊලග Lecture එකට තව විනාඩි 40යි තියෙන්නේ.ඔයාට නම් ගානක් වත් නෑ."


එයා පරක්කු උන හේතුව අහන්නෙත් නැතුව මම බැනගෙන බැනගෙන ගියා.රොබරෝසියා මල් හැමදාම රෝස පාටින් ලස්සනට පිපෙනවා වගේම එයාගේ මූනේ තිබුන රෝස පාටත් කිසිම වෙනසක් නැතුව ඒ විදිහටම තිබුනා


"අයියෝ.අද Lecture එක විනාඩි 10ක් වැඩිපුර කරා.සයන්ස් එකේ වගේ නෙමේ ආර්ට් එකේ Lectures තියෙන්නේ.ඒක මම කලිනුත් කියලා තියෙනවනේ Mr.Science "


"ඔන්න පුරුදු විදිහටම කච බචේ පටන් ගත්තා..ඔක්කොම ආර්ට් කාරියෝ ඔහොමයි.මොනවද ඉතින් හිටගෙන බලගෙන් ඉන්නේ.මෙතනට වෙන කෙල්ලෙක් ඇවිල්ලා වාඩි වෙන්න කලින් ඇවිත් වාඩිවෙන්න"


ඒ වචන ටික මම කිව්වේ වෙනද වගේම හුරතල් විදිහට ඉනට අත් දෙක තියාගෙන ඇදකරගෙන ඉන්න ඔය ඇස් දෙක දිහා බලන්න හිතාගෙන.ඒත් ඒ ඇස් වෙනදා වගේ නෙමෙයි.පුදුම විදිහට පොඩි වෙලා තිබුනා.පරවෙන්න ඔන්න මෙන්න තියෙන රොබරෝසියා මල් වල තියෙන රෝස පාට ටිකෙන් ටික අඩුවෙලා ගිහින් සුදුපාට මතු වෙනවා වගේ ඔයාගේ මූනේ තිබුනු රෝසපාටත් අඩුවේගන එනවා..



"අපරාදේ මලිතු,ඔයාට තිබුනේ ආර්ට්ස් කරන්න.එහෙනම් ඔයත් Art Faculty එකේ.මමත් Arts එකේ.එහෙනම් අපි දෙන්නට හම්බෙන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ"


"ඉතින් Miss.Arts , මම සයන් කරාට කලාකාරයෙක් වගේ නේ.ඒකනේ බකමූනියකගේ වගේ තියෙන ඔයාගේ ඔය මූනයි,ගිරා හොටයක් වගේ තියෙන ඔයාගේ ඔය චූටි නහයයි ගැන මාරම ලස්සන කවි ලියලා ඔයාට දෙන්නේ"


"ඔය ඉතින්,ඔයාට ගානක් වත් නෑ.හැමදේම විහිලුවට ගන්න එප මලිතු"


"විහිලු නෙමේ ලිහිණි,මේ අහන්නකෝ..ඇත්ත..මම Science කරේ.එහෙම කියලා මම ඔයාට ආදරේ කරන්නේ අවකලනයෙන් වත් නිව්ටන් නියම වලින් වත් නෙමේ.ඒ වගේම ඔයා මට ආදරේ කරන්නේ ජර්මන් භාෂාවෙන් වත් දේශපාලනයෙන් වත් නෙමේ.ඒක මේ මුලු කැම්පස් එකටම පොදුයි "


"අපි දැන් යමු.ඔයාට Lecture එකට යන්න පරක්කු වෙනව නේ."



"දැනටමත් පරක්කුයි.අදවත් අපේ Faculty Common එකෙන් කන්න එනවද Miss.Arts"


"අම්මෝ...මම කියලා තියෙනව නේ..ඔයා ඇර වෙන Science තියෙන තැනක මම ගෑවෙන්නෙවත් නෑ"


"කවුද හලෝ කිව්වේ එතනට ගිහින් එක එක්කෙනාගේ ගෑවී ගෑවී කෑම කන්න කියලා..වාඩි වෙලා කන්න යමු..මට පරක්කුයි නේ අද..."


මම එහෙම කිව්වේ මට පරක්කු නිසාම නෙමේ..ලිහිනිවත් අරගෙන අපේ ෆැකල්ටි කොමන් එකෙන් බත් කටක් කන්න තිබුනු ආසාව නිසා.


"මට බෑ..පුරුදු විදිහටම ගෙම්බා එකට කන්න යමු...කෝ නැගිටින්න..පරක්කු නම් දුවලා යමු..මගේ පස්සෙන් දුවගෙන එන්න"
ඔයා දිව්වා..මාව දාලා ගොඩක් දුර දිව්වා..
කිරිහල ගාව තියෙන රොබරෝසියා ගහේ මල් තුන හතරක් එක පාරට හුලගට පාවෙලා ගිහින් බිමට වැටුනා..හිතුවට වඩා ඉක්මනට වසන්තය ඉවර වෙයි වගේ..

පහුගිය අවුරුදු හතර පුරාවටම කිරිහල ලග තියෙන බංකුවට වෙලා රොබරෝසියා ගහෙන් වැටෙන මල් දිහා බල බල දෙන්නා දෙන්නා ගුලි වෙලා එක අයිස්ක්‍රීම් එකක් බෙදාගෙන කනවා.ඒත් මම  ඒ බංකුවක් උඩටම වෙලා,අවුරුදු හතරක් තිස්සේ ඔයා ඒ දුවගෙන ගියපු හැටි මතක් කරලා තාමත් විදවනවා..
ජීවිතේ හරිම පුදුමයි කියන්නේ ඒකයි.කලාකාරයෙකුට විද්‍යාව දැනගන්න අයිතියක් තියෙනවා වගේම විද්‍යාව කරපු මට කලාවට ආදරේ කරන්න ඉඩක තියෙනව නේද..
ඉස්සර වගේම තාමත් මේ ගස් වල රොබරෝසියා මල් පිපෙනවා.ඒවගේ ලස්සන දැක්කම කොල පුරවලා ලියන්න තරම් කවි සිතුවිලිත් මට එනවා..
ඒත් ඒවා ලියලා දුන්නම ආදරෙන් කියවපු ඔයා අද මගේ ලග නෑ...Miss.Arts...ඔයා අද කොහේද?.



ආදරණීය  රොබරෝසියා මලේ,
උපතේ සිට විපත තෙක්...
පරපරාගනයේ සිට ස්වපරාගනය තෙක්........
මුදුන්මුලේ සිට කේශනාලිකා තෙක්.... 
නුඹ ගැන ලියන්නට හැකිසේම මට,
වසන්තයට පෙරම පීදී එන
නුඹේ ඔය රෝස පෙති ගැනද
ලියන්නට හැකි බව.......
නුඹ මෙන්ම,
ඇයත් දැනගෙන සිටියා නම්........
                                                    ----- මලිතු ----


                      

Thursday 5 April 2012

කලු කුහරය - විද්‍යා ප්‍රබන්දය





"මහාචාර්යතුමා මාව විශ්වාස කරන්න.මාව බැරිනම් මේ ගණිත සූත්‍ර දිහා වත් බලලා මාව විශ්වාස කරන්න"


"මම හිතන්නේ නෑ ක්ලාක් මහත්තයා ඕක වෙන්න පුලුවන් දෙයක් කියලා.ගණිත කර්ම වල නම් වැරද්දක් හොයන්න නෑ.ඒත් අභ්‍යවකාශය ගැන කිසිම දෙයක් දන්නේ නැති ඔබතුමා කොහොමද මේ වගේ සූත්‍රයක් ඔප්පුකරන්නේ"


"මම සාමාන්‍ය මිනිහෙක් බව නම් ඇත්ත මහාචාර්යතුමා,ඒත් ඒක සිතුවිල්ලක්...මේ හැමදේටම මුල සිතුවිල්ලක්..ඒ සිතුවිල්ල කොහෙන් ආවද කියන්න මම දන්නේ නෑ..ඒත් ඒක එහෙම වෙන්න පුලුවන්.මම ඒක හොදටම දන්නවා. කලුකුහරයක් ඇතුලේ තියෙන්නේ මේ අපි ජීවත් වෙනවා වගේම විශ්වයක් මහාචාර්යතුමා...ඔව් ඒක ඇතුලේ තියෙන්නේ විශ්වයක්..."


"කලුකුහරයක් ඇතුලේ තියෙන්නේ මොනවද කියන එක ගැන එක එක අය එක එක මත පලකරලා තියෙනවා.ඒත් කලුකුහරයක් ඇතුලේ විශ්වයක් තියෙනවා කියලා ඔය සමීකරන ඇරුනාම වෙන ඔප්පු කරන්න විදිහක් නෑ නේ  ක්ලාක් මහත්තයා .ඔබ වගේ සාමාන්‍ය කෙනෙක් මේ වගේ මතයක් ඉදිරිපත් කරාම ඒක කොහොමද පිලිගන්නේ"


"ඒක පිලිගන්නම වෙනවා මහාචාර්යතුමා.මම උදාහරනයක් දෙන්නම්"


"හොදයි..මෙන්න ඔබතුමාගේ විශ්ව ආකෘතිය.මේ තියෙන්නේ කලුකුහරයක් කියලා හිතමු.සාමාන්‍යයෙන් විශ්වය හැදිලා තියෙන්නේ මොනවගෙන් කියලද ඔබතුමන්ලගේ මතය තියෙන්නේ "


"විශ්වය කියන්නේ ශක්තිය ගැබ්වෙලා තියෙන තැනක්.එහෙමයි තාරකාවිද්‍යාවෙදි අපි සලකන්නේ" 


"අන්න නියමයි.එතකොට කලුකුහරයක් හැදිලා තියෙන්නේත් ශක්තිය එක් රැස් වෙලා.ඒක නිසා ඒකට යන ආලෝකය ඔක්කොම උරාගන්නවා.ඉතින් මේ අපි ජීවත් වෙන විශ්වය තියෙන්නෙත් අන්න ඒ වගේ කලුකුහරයක් ඇතුලේ කියලා හිතුවොත් අපේ සූර්ය‍යා වගේම අනිත් තාරකාවලින් එන ආලෝකය මේ විශ්වය තියෙන කලුකුහරය ඇතුලෙන් පිටට යන්නේ නෑ නේ..ඒ වගේම අපි හදුනාගත්තු කලුකුහර ඇතුලෙන් එන ආලෝකයත් එලියට එන්නේ නෑ."


"මේ සමීකරණ දිහා බැලුවත් ඒක ඔප්පුවෙනවා මහාචාර්යතුමා.මේ හැම දෙයක්ම පෙන්නන්නේ එකම දෙයයි..කලුකුහරයක් ඇතුලේ තියෙන්න ඕන විශ්වයක්....."




අවුරුදු තුනකට පසු


"කාලෝ 11 යානය අමතන්න..පෘතුවි නිරීක්ෂන මැදිරියට ඔබගේ තත්වයන් වාර්තාකරන්න..අමතන්න..."


"කාලෝ 11 යානය පෘතුවිය අමතනවා..අපි දැනට බී 34 කලුකුහරයට ආලෝකවර්ශයකටත් වඩා අඩු දුරින් සිටින්නේ.මහාචාර්ය ලූපින් ඇතුලු සත් දෙනෙක් තාරකා නින්දේ පසු වෙනවා.දැනට යානය තුල අවදියෙන් සිටින්නේ මමත් ක්ලාකුත් පමනයි.තව සුලු මොහොතකින් අනිත් සත් දෙනා තාරකා නින්දෙන් අවදි කිරීමට සූදානම්.තවත් දින දෙකකින් අපි කලුකුහරයේ ආසන්නටයම පැමිනීමට නියමිතයි"


"නිරතුරු ඔබගේ දත්තයන් අප වෙත ලැබීමට සලස්වන්න.ඔබත් අපත් අතර දුර වැඩි නිසා තරංග ලැබීමේ ප්‍රමාදයක් තිබෙනවා"


දින දෙකකට පසු


''කාලෝ 11 ඔබේ විස්තර පවසන්න..අමතන්න''


''අපව දැන් කලුකුහරයේ ගුරුත්වයට හසුවී අවසන්.යානයත් සමග එය වෙත අප ඇදී යනවා.දෙවියනේ!!! මේක නම් පුදුමයක්.මේ විශ්වයේම තවත් ජීවීන් ඉන්නවා.අපිට වෙනත් ග්‍රහලෝකයකින් පනිවිඩයක් ලැබෙනවා..ඔවුන් කියනවා කලුකුහරය දෙසට යන්න එපාලු...... ටීක්....ටික්,......ටීක්......."


අමතන්න කාලෝ 11 අමතන්න.....ඔබව බිද වැටුනා අමතන්න''


අවුරුදු 50කට පසු


"මම හිතුවා හරි..කලුකුහර ඇතුලේ තියෙන්නේ මේ අපි ජීවත් වෙනවා වගේම විශ්වයක්.ඒකෙන් නිකුත්වෙන තරංග ජීවී සිතුවිලි ආකර්ෂනය කරගන්නවා හරියට කාන්දමක් වගේ.කොයිතරම් නූගත් කෙනෙකුට උනත් කලුකුහරයේ තරංග බලපෑම නිසා ඒක හොයාගෙන යන්න තරම් හැකියාවක් ලැබෙන සමීකරන උනත් ගොඩ නගන්න පුලුවන.සිතුවිලි වලට අපි නොහිතන ශක්තියක් තියෙනවා.අන්න ඒ ජීවී සිතුවිලි වලින් තමා කලුකුහරය ඇතුලේ තියෙන විශ්වයට ශක්තිය ලැබෙන්නේ.මේ අපි ජීවත් වෙන විශ්වය උනත් එහෙමයි.ඒකට ශක්තිය ලැබෙන්නෙත් පිටින් තියෙන විශ්වයක ජීවී සිතුවිලි වලින්:.ඇක්ස්නෝෆ්,ඔබ මොකද සිතන්නේ මේ ගැන.."


"ඔබ කියන එක මට පැහැදිලියි දිමිත්‍රි.ඒත් සිතුවිලි කොහොමද මෙච්චර දුර ඉදලා ඇදලා ගන්නේ..ඒක ශක්තියක් වෙන්න නම් කුහරය ඇතුලටම යන්න ඕන නේද..."


"ඔව්..ඒක හොයාගන්න එකම එක ක්‍රමයයි තියෙන්නේ...ඔබත් මාත් එක්ක එනවා නේද මේ ගමන යන්න.."


"විශ්වයේ රහස් හොයාගෙන මැරුනත් කමක් නෑ දිමිත්‍රි.මම ඔබත් එක්ක එනවා.."




ඇක්සිනොෆ්,ඉවාන් සමග තවත් 6 දෙනෙක් රැගත් ලින්ඩියා 34 යානයද කලුකුහරය අසලදී තරංග බිදීමකට ලක්වී අතුරුදහන් වී ඇත.
එසේ අතුරුදහන් වූ අවසන් යානයද මෙය නොවේ.
තවත් යාන 20 ක් පමන මෙම ඉරනමට මුනුන දී ඇත.කලුකුහරයක සත්‍ය පසුව සොයාගන්නා ලදී.
නමුත් සත්‍ය සිද්දිය සොයාගනිද්දී අතුරුදහන් වූ 150කටත් අදික මිනිස් ජීවීත හා සිතුවිලි තවත් විශ්වයකට ශක්තිය ලෙස එකතුවී හමාරය.
කලුකුහරයක් ඇතුලේ ඇත්තේ විශ්වයකි.එම විශ්වයේ තාරකාවන් ආදී ශක්තිය සපයන ප්‍රභව
සියල්ලකටම මූල ශක්තිය ලැබෙන්නේ පිටස්තර විශ්වයක  ජීවී සිතුවිලි වලිනි.ජීවියෙකුගේ එක් සිතුවිල්ලක් කුහරයක් තුලින් යාමේදී ජනිත වන ශක්තිය අතිමහත්ය.එම ශක්තියෙන් කොටසක් නැවත පරාවර්තනය වී තවත් ජීවී සිතුවිලි කලුකුහරය වෙත ගෙන්වා ගැනීමට මග පාදයි.
මේ සියල්ල අනාවරනය වීමෙන් පසු පෘතුවියෙන් කලුකුහර වෙත දියත් කෙරෙන සියලුම යානා නතර කරන ලදී.
දැන් කුහරයන් ශක්තිය සපයා ගන්නේ කෙසේද...? විශ්ව විශ්ව විනාසයක් නොවේද...?




තවත් අවුරුදු 50කට පසු


 "අපට සංඤා ලැබෙමින් පවතිනවා..ජීවී යානයක්..ඔව් ඒක ජීවී යානයක්..ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් ගමන් කරනවා...නියමයි...මේක විශ්වාස කරන්නත් බෑ..අපි විශ්වයේ තනිවෙලා නෑ.."


"තරංග මාර්ගයෙන් පනිවිඩයක් යවන්න..ඔවුන්ට කියන්න අපි පෘතුවියෙන් බව"


"පනිවිඩය යවා අවසන්...ඒත්.....සර්...මොහොතක් ඉන්න...දෙවියනේ....ඔවුන් යන්නේ කලුකුහරයක් දිහාවට.."


"ඉක්මන් කරන්න කලුකුහරය දිහාවට යන්න එපා කියලා පනිවිඩයක් යවන්න "
-------------------------------------------------------------------------------





පලවෙනි පාරට තමා විද්‍යා ප්‍රබන්දයක් ලිව්වේ..මේ කතාව මේ විදිහට නෙමේ හිතේ ඇදුනේ..මීට වඩා ගොඩක් දිගට.ඒත් දිගට ලිව්ව නම් මේක කියවන කට්ටිය අඩු වෙයි.වෙනද වගේ නෙමේ දැන් කමෙන්ට් වැටෙන එකත් අඩුයි නේ.. :/ .
මේ කතාවේ වගේ දේවල් ඇත්තටම සිදුවෙනවා කියලා මම කියන්නේ නෑ..ඒත් කියන්න ඕන සිතුවිල්ලකට පුලුවන් ගොඩක් දේවල් කරන්න..ඉතින් මට අනුව ඒ සිතුවිල්ල ශක්තියක්..
නුඹ රහසින් ඇවිත් " නවකතාව වගේ තවත් දිග කතාවක් ලියන්නත් හිතෙනවා..ඒ කතාවට ප්‍රතිචාර සෑහෙන්ඩ තිබුනා..කොටින්ම දේශපාලනේ ගැන ලියපු ලිපි බලන්න ආපු කට්ටියට වඩා වැඩි ගානක් නවකතාව බලලා තිබුනා. PDF එකක් විදිහට අප්ලෝඩ් කරාට පස්සේ 567 දෙනෙක් ඒක ඩවුන්ලෝඩ් කරගෙන තිබුනා...
ඉතින් ඒ ගැන පොඩි සතුටක් වගේම ආඩම්බරයකුත් තියෙනවා..
අන්තිමට කියන්නේ මේ කතාවේ අඩුපාඩු තියෙනව නම් කියලා යන්න.මොකද එතකොටයි ඒවා හදාගන්න පුලුවන්

Tuesday 3 April 2012

මාස එක හමාරකට පසු - "කොමඩ් එකේ වාඩි වෙන හැටිද අමතකව ගොස් තිබේ.."


                                   හිමිදිරි උදයේ කුකුලා වෙනුවට කාගේදෝ ජංගම දුරකතනයක එලාර්ම් සද්දයෙන් මා දෑස් හැර බැලුවෙමි.
නොදකින්ය..තවම වේලාව පාන්දර 6 ය.මම නිදාගෙන තිබෙන්නේ පැදුරකය.ඒ මදිවාට එලාර්ම් එක මහා සද්දෙට ඇසේ.එහා පැත්තේ රෙද්දකින් වසාගෙන මොකෙක්දෝ එකෙක් නිදිය.


"කවුද යකෝ චාමර වීරසිංහගේ සිංදු වලින් එලාර්ම් තියන එකා.."


 මාගේ මිහිරි හඩින් එහා පැත්තේ එකා උඩ ගොස් බිම වැටුනේය (සිරාවටම උඩ ගියේ නැත ).ඌ එක් වරක් මගේ දෙස බලයි.නැවත ඇස් පිස දමා බලයි.ඉන්පසු මහ හඩින් සිනා සෙයි.
කොහේදෝ සිට පැමිනි බැජීලා තුන්දෙනෙකුත් දොර රෙද්ද මෑත් කර සාලෙට එබෙයි.ඉන් පසු උනුත් මගේ දෙස බලමින් සිනා සෙයි.මේක හරි මුද්දරස්පලමක් නේ යකෝ.මුන් නිකන් හිනා වෙන්නේ මම සරම නැතුව ඉන්නවා වගේනේ.


"හුටා!!!" සරම!!!!


හනිකට කොට්ටයක් තුරුලු කරගත් මම සරම හොයයි.ඉන්පසු සිනා සෙමින්ම එය ඇද ගනියි..
''හූ හූ.......ඔයාලා රැවටුනා නේ..මම ඒක් හිතලමයි කරේ'' ..
මා ලැජ්ජාවෙන් පවසයි..
කැම්පස් එකේ නිවාඩුවට ගෙදර යන්නට පැමිනි මා දැන් සිටින්නේ කොහේදැයි මට නොවැටහේ..ඊයේ රාත්තිරියේ පාටියක් තිබූ බව යන්තම් මතකය.පියවි සිහිය ඉර එලියත් සමග ස්ථාන ගත වෙමින් තිබුනි.
මා මේ සිටින්නේ නෙක්ටෝලෑ ගෙදරය.සිරාවටම ඊයේ පාටියක් තිබ්බේය..
සොදුරු අතීතය අමතක කල මම ගෙදර යෑමට මුව දොවා ගත්තෙමි.
යන්න කලින් අම්මට කියන්න ඕන මම ගෙදර එනවා කියලා.මාස එක හමාරකින් විතරනේ ගෙදර යන්නේ.හදිසියේ සිතට නැගුනු සිතුවිල්ලෙන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය සහිත මාගේ ජංගම දුරකතනයෙන් ගෙදර නම්බරය ඩයල් කලෙමි..


"හෙලෝ..."


එහා කෙලවරින් අම්මාගේ හඩ අසුනි...


"හෙලෝ....මම අද ගෙදර එනවා"


"මොකා...කවුද කතා කරන්නේ"
හෑ......මම නැවත නම්බරය දෙස බැලුවෙමි..නම්බරය හරිය..
ලෝකය ජුගුප්සාජනකය..මාස එකහමාරට වෙච්ච දෙයක්...


"හෙලෝ අම්මේ...මම මේ පුතා කතා කරන්නේ...ලොකු එකා...අර පේරාදෙණියේ ඉන්නේ...අන්න ඒකා.."


"ආ...උඹද...මොකටද කතා කරේ.."


"මම අද ගෙදර එන්න කියලා බැලුවේ"


"උඹට දැන්ද ගෙදරක් තියෙනවා කියලා මතක් වෙන්නේ"


"ආ,.......ඔව් නේ"


"මෙන්න පොඩි පුතේ අයියා කතා කරනවා"
(පසුබිමෙන් ඇහුන හඩක් ) 
"අයියා.. ඒ මොකෙක්ද? "


"හෙලෝ මල්ලියේ"


"ආ...උඹද.....උඹව අල්ල ගන්න තමා ඉදියේ..තෝ ගිය පාර කැම්පස් එකට යනකොට මගේ ඩෙනිමක් ඉස්සුව නේද...හොද හිතින් ඒක ගෙනත් දියන් අයියේ.."


"හරි හරි ඔක්කොම ගේන්නම්....
මේ ඒක නෙමේ මල්ලියේ..උඹ රට ඉදලා එනකොට සුදු අයියට මක්කද ගෙනාවේ"


"ආ...උඹට ගෙනාව නෑනෙක්"


"හුටා...මරු නේ ඕයි"


"නොදකින් රිලවා..මගේ ඩෙනිම අරන් ඉක්මනට වර..."
දඩාං... (දුරකතනය තිබ්බේය )


තත්වය දැන් සංසුන්ය..ගෙදර උන්ට ලාවට මෙන් මාව මතකය..
කෝකටත් කියා මම මාගේ හැදුනුම්පත උඩ සාක්කුවට දමා ගත්තෙමි.
ගාලු පාරට පැමින ගාල්ල කොළඹ බසයකට අත දැමුවෙමි...


"ගාල්ල විතරක් නගින්න"
කොන්දාපොර ටෝකක් දෙයි...


"අයියා රත්ගම නැග්ගට කමක් නැද්ද"


මා ඌට කොලොප්පමක් කලෙමි..
රත්ගම නොනවත්වන බස් එකක් නැත...නොනවත්වා ගියොත් ඊලග දවසේ ඒ බස් එක පාරේ යන්නේද නැත..


කොන්දා අපහසුතාවයට පත්වේ..
"නගින්න මහත්තයා" යැයි කට පුරා පවසයි..
අක්බාර් හෝල් එකේ කැන්ටිමේ වැඩ කරන සෙට් එක් හැර පිට එකෙක් මහත්තයා යැයි කියනු ඇසුනාමය..




කෙසේ හෝ බස් පැය දෙකක ගමනකින් පසු ගෙදර දොර ආසන්නයට පැමිනියෙමි...


"ටක් ටක් ටක්"


"අපෝ....අන්න අරූ ඇවිල්ලද කොහේද..ඕකගේ බෑග් චෙක් කරන්නේ නැතුව ගෙට ගන්න එපා..මගේ අතේ බදින ඔරලෝසුවටත් විදින්න ඇත්තේ ඕකා තමා"
මල්ලී ගේ ඇතුලේ සිට කෑගසනු ඇසේ


නොදැනුවත්වම මගේ දකුනු අත වම් අත වෙත ගොස් අතේ බැද තිබූ ඔරලෝසුව ගලවා දමූයේය..



"අනේ පිස්සුද මල්ලී..මම ගත්තේ නෑ"


"පිස්සුද ඕයි...ලොකු අයියට මොකටද තමුසෙගේ ජරා ඔරලෝසු"


එසේ කියමින් කවදත් මාව බේරාගන්නා චූටි මල්ලී හනික පැමින දොර ඇරියේය...
හැමදාම මෙන් මාව බේර ගැනීම වෙනුවෙන් ගෙවන ලද රුපියල් 20 කොලය අතේ ගුලි කිරීමෙන් පසු ඔහු තවත් මාව වර්නනා කිරීම අරඹන ලදී..





මාස එක හමාරට ගෙදර බඩු මුට්ටු ද අමතක වී ගොසිනි.ටොයිලට් එක ඇති පැත්තද අමතක ගොස්ය..ඒ මදිවාට කොමඩ් වල වාඩි වෙන ආකාරයද අමතකව ගොස් ඇත.
හොස්ටල් එකේ පුරුද්දටදෝ,නිදා ගෙන නැගිටිමෙන් පසු රුපියල් තුනකුත් අතේ ගුලිකර අම්මා වෙත ගොස් ප්ලේන්ටියක් ඉල්ලා ගුටිත් කන්නට ගියේය..
මේ ජීවන චක්‍රය මේ මස් 18 වන දා තෙක් සිදුවනු ඇත..ඉන් පසු නැවතත් නැවත නැවතත් මෙයම සිදු වනු ඇත....

ප.ලි = සැප්තැම්බර් මාසේ ඉදලා වැඩිය පෝස්ට් දාන්න උනේ නෑ..දැම්මත් දැම්මේ මෙලෝ රහකට නැති ඒවා...මේ පාර යන්න කලින් ඩේටා කනෙක්ශන් එකක් ගන්න ඕන..එතකොට ඉතින් පුරුදු අසික්කිත අලුගුත්තේරු අප්‍රිය කතා දාන්න පුලුවන් වෙයි..රැදී සිටින්න..බ්ලොග් අවකාශයේ කුප්පම කතා ඇතුලත් අප්‍රියම බ්ලොගය සමග







Monday 2 April 2012

හැපී බර්ත් ඩේ ටූ රත්තා

කේක් දැක්කම ඉතින් වෙන මොනවා හිතෙන්නද..ඔව්..අද තමා උපන්දිනේ... (ඊයේ නොවන බව වගකීමෙන් ප්‍රකාශ කරමි.අවශ්‍ය නම් කේන්දර කොපිය,වේල්පත් කඩය ආදී සියලු ලිපි ලේඛන ඉදිරිපත් කල හැක.)
සුබ පතන්න එන උන් පෝලිමට වරෙව්....කන්න දෙන්න මුකුත් නෑ...
තාම මහපොල ලැබුනේ නෑ නේ....
ඔන්න එහෙනම් සිංදුවක් එහෙම කියලා කේක් කාලා යන්නෝ.......