Sunday 22 May 2011

අසමජ්ජාතියෝ දෙන්නෙක් සහ කොන්දොස්තර මහත්මයෙක්..........



එක එක ජාතියේ කොන්දොස්තරලා අතරේ වෙනස්ම කොන්දොස්තර කෙනෙක් ඊයේ මට හමුවුනා
     ඊයේ දිලුම් අයියගේ අවසන් කටයුතු වලට සහභාගී වෙලා ගෙදර එන්න කොටුවට එනකොට වෙලාව 11 ත් පැනලා.ගොඩක් පරක්කු උන නිසා ඉක්මනින් ගිහිල්ලා නවත්තලා තිබුන මාතර කොළඹ බස් එකේ නැග්ගා.බස් එක ගමන පටන් ගන්නේ රෑ 12ට.මහන්සි වැඩි කමටද කොහේද ටිකක් විතර නින්ද ගියා.බස් එක නැවතුම් පලෙන් යන්න පිටත් වෙනකොටම වගේ පිටිපස්සේ ආසනය පැත්තෙන් කෙනෙක් කෑ ගහනවා ඇහුනා.


"අයියේ..බස් එක පොඩ්ඩක් නවත්තන්න..මේ ශීට් එකේ හිටපු දෙන්නා නෑ"

බස් ඩරයිවර් මහත්තයත් බස් එක ටික ටික හෙමීට ඉස්සරහට ගෙනිච්චා.ගෙනිහින් කලර් ලයිට් ඉස්සරහ නැවැත්තුවා.ඒ වෙලාවේ කහ පාට විදිලි බුබුල නිවි නිවී පත්තු වෙනවා.ඒක නිසා එතන නවත්තන එකේ ප්‍රශ්නයක් තිබුනේ නෑ.ටික බලන් ඉදියා.ඒත් ඒ දෙන්න නෑ.ඒත් ආසනේ බෑග් තියලා එහා පැත්තේ ඉදපු කෙනාටත් කියල තමා ගිහින් තියෙන්නේ.විනාඩි 10ක් විතර බස් එක නවත්තගෙන ඉදියා.ඒත් ඒ ගියපු දෙන්නා නෑ.බස් එකේ ඉදපු අයට ටිකක් විතර කේන්ති ගිහින්.මගේ ඉස්සර ශීට් එකේ ඉදපු මහත්මයෙක් කොන්දොස්තරට කෑ ගැහුවා..
"බස් එක ගන්නවා ඕයි.තව කොච්චර වෙලා ඉන්නද"
එහෙම කරන එක හරි නෑ නේ මහත්මයා.අපි තව විනාඩි දෙකක් බලමු.අපි ඔක්කොටම පරක්කු වෙනවා තමයි.සමහර විට ඒ ආසනේ ඉදපු මහත්වරු දෙන්නා මොකක් හරි ශරීඅර අවශ්‍යතාවයක් නිස එලියට ගියාද දන්නේ නෑ නේ..තව විනාඩි දෙකක් ඉන්න..මම බලලා එන්නම්'
 එහෙම කියපු කොන්දොස්තර මහත්මයා බස් එකෙන් බැහැලා ගියා.ගිහින් විනාඩියක් යන්නත් කලි අර ගියපු මහත්වරු දෙන්න (කතාව අවසානයේ උන්ට මහත්වරු කීම මම ඉල්ලා අස් කර ගනිමි ) එක්කගෙන ආවා.කතාවක් නැතුවම ඒ දෙන්නා බස් එකට නැග්ගා.
ඒ දෙන්නා බස් එකට නගිනකොට එයාල ඉදපු ආසනේ පොඩි බබෙක් එක්ක කාන්තාවක් වාඩි වෙලා ඉදියා.බස් එකට නැගපු ගමන් අරුන් දෙන්නා ඒකාන්තාවට සද්දේ දාන්න ගත්තා.

"ඕක අපි ඉදිපුඉ ශීට් එක කරුණාකරලා නැගිටින්න"

"අපි මොරටුවෙන් බහිනවා එතකල් යන්නද"

කාන්තාව බයෙන් උත්තර දුන්නා.

"නෑ නෑ..ඕකේ වාඩි වෙලා ඉදියේ අපි නේ..මොරටුව නෙමේ කොහේ උනත් කමක් නෑ ශීට් එක දෙන්න..පොඩි එක්කෙනා ඔය වාඩි වෙලා ඉන්න කාගේ හරි උකුලට දෙන්න"


නැගපු උන් දෙන්නා ගේ සද්දේ මුලු බස් එකටම ඇහෙනවා.අර කාන්තාව අසරන වෙලා.බයෙන් බලන් ඉන්නවා..කරන්න දෙයක් නෑ කියලා හිතුනම එයා බබාවත් වඩාගෙන නැගිට්ටා.පොඩි එකා මහ සද්දෙට අඩනවා.මේ කලබලේ අස්සේ තමා කොන්දොස්තර එතනට එන්නේ..
"මහත්මයා මේ..ඔයාල දෙන්නා එනකල් මේ බස් එකේ මිනිස්සු කොච්චර වෙලා බලන් ඉදියද..අන්තිමට ඔයාලව හොයන්න මට අර තොරන ලගටම යන්න උනා ( ප්‍රයිවට් සෑටෑන්ඩ් එකේ ඇති තොරණ).එච්චර දෙයක් මේ මිනිස්සු ඔයාලට කරා.ඒත් ඔයාලා දෙන්නට මේ ආසනේ විනාඩි 20කට මේ නෝනට දෙන්න බැරි උනා.ඔච්චර පහත් තත්වයට පත් වෙන්න එපා.

"මොකක්ද ඕයි කියන්නේ..අපි සල්ලි දීලා බස් එකට නැග්ගේ.වාඩි වෙලා යන්න නැති නම් අපි මේකට නගින්නේ නෑ නේ"

අසමජ්ජාතියෝ දෙන්නගේ සද්දේ හොදටම වැඩ්යි.ඒත් කොන්දොස්තර මහත්මයා නෙමේ සැලුනේ.

"තමුසේලා දෙන්නා කොහේ හැදිච්ච උන් ද දන්නේ නෑ.මෙන්න තමුසෙලාගේ ටිකට් වල සල්ලි.කරුනාකරලා බහිනවා බස් එකන්. සුනිල් අයියේ බස් එක පොඩ්ඩක් නවත්තන්න..බැහලා හොදට වාඩි වෙලා වෙන බස් එකක එනවා."

"අඩෝ...තෝ දැන ගනින්.තෝ ආයේ **** (ගමක නමක්) පැත්තෙන් බස් එක ගෙනියන්න නෙමේ වල් පරයා"

උන් දෙන්නා කොච්චර සද්දෙට කෑ ගැහුවත් අන්තිමට උන්ට බස් එකෙන් බැහැලාම යන්න උනා.මේක ලිව්වේ ඔබ වෙනුවෙන්..බස් එකේ නම සමරසිංහවීර ට්‍රැවල්ස්..
හැම කොන්දොස්තර කෙනෙක් මේ ඒ වගේ වෙනව නම් කොන්දා කොන්දා කියන්නේ නැතුව කොන්දොස්තර මහත්මයා කියලා කියන්න පුලුවන්..
ඒ සිද්දිය ගැන හිත හිත ගෙදර ආවා.එනකොට වෙලාව පාන්දර තුනයි...

47 comments:

  1. යකෝ ඇගහිරිවැටිලා ගියා.. අවලම් බල්ලො දෙන්නාට කනට එකක් ගහල පන්නන්න තිබ්බෙ බස් එකෙන්.. කාලකන්නි හැත්ත.. ඌ ඉපදුනේ මොන ක්‍රමෙකටද දන්නැ.. ළමයෙක් ඉන්න අම්මා කෙනෙක්ට කැ ගහන්න තරම් සමාජේ තිරිසං වෙලාද කියලා..
    කල කිරෙනවා බං..!

    ReplyDelete
  2. මොනව උනත් කොන්දක් තියෙන කොන්දොස්තර කෙනෙක්

    ReplyDelete
  3. කොන්දොස්තර මහත්මයාට මගේ උපහාර...

    ReplyDelete
  4. අන්න මිනිස්සු...
    (= කොන්දොස්තර මහතා බව කරුණාවෙන් සලකන්න)

    ReplyDelete
  5. ඒ නම් හොද මනුස්සකම් තියෙන කොන්දොස්තර මහත්තයෙක්.. අරුන් දෙන්නට බය නොවි උන්ව බස් එකෙන් බස්සපු එකනම් හොද වැඩක්.. ළමයෙක් එක්ක ඉන්න අම්මා කෙනෙකුට සීට් එක දෙන්න බැරිනම් උන් මිනිස්සුද..

    ReplyDelete
  6. ඔව් බන්. හොද කොන්දොස්තරලත් ඉන්නව..ඊයෙ මන් පන්ති යද්දි බස් එකට රුපියල් 80ක් දුන්නම මට රුපියල් දහයක් ඉතුරු සල්ලිත් දුන්න :ඩී (ටිකට් එක 78යී ශුද්ද ලාබය රුපියල් 8යි )

    ReplyDelete
  7. එළ කොල්ලෙක්නේ...

    ReplyDelete
  8. මවු කිරි බිව් කටින් ඔහොම ගැහැනුන්නට අමතන උන්ට......ඊලග ආත්මෙදි සිද්ද වේවි අනිවාර්යෙන්ම..පෙගනිවල පිටින් පාර කොනක හඩමින් ජීවිතය අරබන්න..... කුනුහර්ප තියෙන්නේ මේ වගේ එවුන්න්ට බනින්න තමයි බන්......******************************************************************

    පොඩ්ඩක් හිතන්නෙපයි වැරැද්දක් තියාගෙන කැ* කත කියද්දි... වේ** පුතලා.....

    ReplyDelete
  9. ඔව් බන් ගාල්ල මාතර සෙමි ලක්ශරි අවුන් ක්ලාස් යන අයගෙන් ගන්නෙ නෝමල් ටිකට් එකේ සල්ලි... එහෙම උන් ඉක්මනටම බස් අහ්යිතිකාරයො වෙන්න ඔන.

    ReplyDelete
  10. අරුන් දෙන්න වැරදිලා මිනිස් ආත්මෙක උපන්න දෙන්නෙක්ද කොහොද... නොදකින් පවුකාරයො...

    ReplyDelete
  11. හොද වැඩේ පණ්ඩිතයෝ දෙන්නට....රත්ගමයෝ, ඊලග බස් එක එනකන් ඒ දෙන්නා කොච්චර වෙලා බලාගෙන ඉන්න ඇද්ද??

    ReplyDelete
  12. නොදකින් උන් දෙන්නනනං මවු කුසකිං ඉපදුන් උන් වෙන්න බෑ...

    ReplyDelete
  13. යකෝ කපන්න එපැයි උන් දෙන්නව..!

    මේක කියෙවුවාම තව බස් කොන්දොස්තරයෙක් ගැන මතක් වුනා බං.. ඊයේ මතකනේ..

    ReplyDelete
  14. **** (ගමක නමක්)=Rathgama?
    ela kondek...

    ReplyDelete
  15. Well done ......කොන්දොස්තර මහත්තයා.

    ReplyDelete
  16. මෙහෙමත් අසමජ්ජාති මිනිස්සු ඉන්නවනෙ

    ReplyDelete
  17. වෙසක් කාලේ තොරං හෙම බලලා මෛත්‍රී සිත් ඇතුව වෙන්නැති බස් එකට නගින් ඇත්තේ!

    ReplyDelete
  18. කලාතුරකින් හමුවන කොන්දොස්තර මහතෙකු.... ඒ වගේම සුලබ තිරිසන්නු දෙදෙනෙක්...

    ReplyDelete
  19. මාත් එක්ක කතරගම බස් එකේ එන්න හිටිය නම් ඕවා අහන්න වෙන්නේ නේ නෑ නේ.. මළ ගෙදර ගිය බස් එකෙන් බැහැපු ගමන් අන්තරස්ධාන වෙලා ගියේ ඕකට ද..

    ReplyDelete
  20. ගමේ නමනම් රත්ගම වෙන්න ඕනා.වෙන නමක් වෙන්න බෑ.ඒ වෙලාවෙ කන පැලෙන්න දෙකක් දෙන්න තිබ්බෙ උං දෙන්නට.

    ReplyDelete
  21. ඈ මී හරකො..?? අර බබාත් එක්ක උන්නු ඇන්ටි නැකිටිල හිටගන්නකන් තො බලන්න හිටියද..?? හාල් පාරුව.. තොට දෙන්න තිබ්බනෙ සීට් එක.. :P

    ReplyDelete
  22. නියම කොන්දොස්තර මහත්තෙයක් , කකුල් දෙකේ වල් බල්ලො දෙන්නෙක් සහ ඒ වෙලේ කට ඇරගෙන බලා හිටපු (සහ මොකුත් නොකරපු ) කුජීතයෙක්

    ReplyDelete
  23. අනේ අනිච්චං මෙහෙමත් මිනිස්සු.කොන්දොස්තර නියම වැඩේ කරල තියෙන්නෙ.

    ReplyDelete
  24. මොනා වුනත් කොන්ද පණ තියෙන කොන්දොස්තර කෙනෙක්.

    ReplyDelete
  25. කොන්දොස්තර මහතාට මකර අධිරාජයාගේ උපහාරය

    ReplyDelete
  26. Oya wage unta hena gehuwath madi macho...

    ReplyDelete
  27. බස් කොන්දොස්තර මහතාට උපහාරය දැක්වීම පිණිස ගූග්ල් බසයක් පාරට දැමූ වගයි
    https://profiles.google.com/chanakam2000/posts/Kh9nHX6d2Vw

    ReplyDelete
  28. සිරාවටම... දැනුවත් කිරීම ගැන මාගේ ස්තුතිය... ඔතන ඉන්න තිබුනේ අපේ සදරූ සර්....

    බස් එකේ උන් ඔක්කොම එකතු වෙලා නෙලන්න තිබුනේ උන් දෙන්නට

    ReplyDelete
  29. කොන්දොස්තර මහත්මයා උසස් මනුස්සයෙක්. සමාජයේ යහපත් දෙයක් ගෙනහැර දක්වා ලියපු මල්ලීටද පිං.

    ReplyDelete
  30. නියම කොන්දොස්තර මහත්මයෙක්. මේ වගේ කොම්දොස්තරලා ඉන්නවනම් මගී ප්‍රවාහන සේවය කොච්චර සුන්දර වෙයි ද ????

    ඒ කොන්දොස්තර මහත්මයාට ජාතියේ උත්තමාචාරය !!!!!

    ReplyDelete
  31. පවු බං කොන්දොස්තර උන්නැහේ ! අරුංව එක්කං එන්නත් මාර කට්ටක් කාල අන්තිමට අහගත්ත හරිය මදෑ ..කතාවේ හැටියටනම් උංන් දෙන්නා හෙන චන්ඩි දෙන්නෙක් වගේ බස් එකේ සේරම සෙට් වෙලා දෙන්න තිබ්බා ඕකුන්ට බඩ එලිය යන්න .. අඩේ මගේ ඇඟ නලියනවා ..කොන්දොස්තර එල කිරි ඩයල් එකක් ..

    ReplyDelete
  32. එළකිරි කොන්දොස්තර මහත්මයෙක්
    ජය වේවා...!!!

    ReplyDelete
  33. කොන්දොස්තර මහත්මයට මගෙනුත් මල් මිටක් ..අර දෙන්නට [ බුරුවො ,,හරක් කියා ඒ සතුන්ට අපහාස නොකරමි] කොසු මිටක්

    ReplyDelete
  34. බය නැතුව කොන්දොස්තර මහත්මයා කියලා කියන්න පුලුවන් මනුස්සයෙක්.., බස් එකට පරක්කු වෙලා නැගලා සද්දේ දාන ඔය වගේ බත්කන හරක් ඉන්නවා.., අතේ ඇඟිළි පහ එකවගේ නෑනේ..!!

    ReplyDelete
  35. කොන්ද ඉස්තර

    ReplyDelete
  36. වන සිව්පවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත!

    ReplyDelete
  37. කොන්දොස්තර මහත්තයා වගේම ඒ දේවල් අගය කරලා පෝස්ට් එකක් ලියපු එක පිලිබද මගේ උපහාරය ( මල්ල් වෙඩි සමග )

    ReplyDelete
  38. උඹ රත්ගමය නේද?.. අනෙත් දවසෙ පැනපු ගමන් ගහපන් කන පැලෙන්න. ඔයලොකු ටෝක් දෙන එවූන් අවිල්ල බය ගුල්ලො.. ඌ නම් නියම කොන්දෙක්. දැනට බොහෝ කාලෙකට ඉස්සෙල්ල මම පොකට් ගහන මහත්තයෙකුත් එක්ක පැටලැවුනා.. කොන්දා ආපු ගමන් දුන්නෙ එකයි.. ධාවනය වන් බස් එකෙන් එලියට විසි වෙන්නම දුන්න..

    එළ ලිපිය කොලුවො.....

    ReplyDelete
  39. හිතක් පපුවක් තියෙන සිරා කොන්දොස්තර කෙනෙක් මචං

    ReplyDelete
  40. අර කිවත් වගේ කොන්දා තනියෙන් ඌන් එක්ක එල්ලෙනකම් බස් එකේ හිටපු උන් පොල් ගෑවද බං ??? ඉස්සර නම් ඔහොම සීන් එකක් වුනොත් වටේ පිටේ උන් අනිවා කටවල් අරිනවා. දැන් නම් කොහොමද දන්නේ නෑ. මයේ හිතේ අනුන්ගේ කේස් වලට අත දාලා ටින් කිරි ගාගන්න ඕනේ නෑ කියලා හිතන උන් දැන් වැඩියිද කොහෙද? මොනවා වුනත් කොන්දොස්තර මහත්තයා එල කොල්ලෙක්.....

    ReplyDelete
  41. ටිකට් මැසිමක් විතරක් නෙමෙයි ඔළුගෙඩිය ඇතුලෙ මොල ගෙඩියකුත් තියන මනුස්සයෙක් !

    ReplyDelete
  42. මේ කාලෙ සීඝ්‍රයෙන් වඳවීගෙන යන සත්ව කොට්ඨාශයකට අයත් පුද්ගලයෙක්. එහෙම අය ඉන්නවයි කියල අහන්නට ලැබීමත් සතුටක්.

    ReplyDelete
  43. මිනිස්සු අතර ඔය වගේ අසමජ්ජතියොත් ඉන්න එපැයි. එතකොටනේ උන් මිනිස්සුනෙන් වෙන්වෙලා පේන්නේ..
    කොන්දොස්තර මහත්මයා නම් නියමම මහත්මයෙක්. මිනිහෙක් මහත්මයෙක් වෙන්නේ කරන රස්සාවේ හැටියටවත් උපන් තැනේ හැටියටවත් නෙවෙයි, ජීවත් වෙන විදිහ අනුව කියලා හොඳටම ඔප්පු වෙනවා.

    ReplyDelete
  44. අම්මපා ඕකුන් දෙන්නා ඔය යන බස් එකකින් පහලට කඩාගෙන වැටෙන්න ඕනා

    ReplyDelete
  45. බස් පළුවානන්ට හීනියගෙ උපහාරය.... (මකර ස්තුතියි ලින්ක් පොඩ්ඩට)

    ReplyDelete
  46. ස්තුතියි බෙදාගත්තට.... කොන්දොස්තර මහත්මයා ට ජය !!!

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)