Sunday 29 May 2011

අපිත් කුජීත මෙගා ටෙලියක් හදමු!!........


                 කොහොමද ළමා..යි ..අද මම කියලා දෙන්නේ අපි කාටත් වැදගත් දෙයක්..අද බලමු කොහොමද අවම පිරිවැයකින් සුපිරියට හිට් වෙන මෙගා ටෙලියක් හදන්නේ කියලා...
              මුලින්ම අපි ටෙලියට හොද තිර රචනයක් හොයා ගන්න ඕන.ඒක කොරන්න හරිම ලේසියි..ඔය බෝක්කුවක් අස්සේ ඉන්න ගමේ කොල්ලෙක්.එහෙම නැති නම් ඔය මලගෙවල් වල පාලු මකන්න ඉන්න අංකල් කෙනෙක් අල්ල ගත්ත නම් හොද තිර පිටපතක් ගන්න පුලුවන්.
                  හැගීම් අවුස්සන හිරි ඔතප් බිදෙන කිතිකැවිලා යන තිර පිටපත් ආදරය ගැන වෙනව නම් හොදයි.ඕන නම් කෙල්ල දුප්පත් කරලා කොල්ලා පෝසත් කරන්න පුලුවන්..එහෙම නැති නම් කොල්ලා දුප්පත් කරලා කෙල්ල පෝසත් කරන්න පුලුවන්..කොයි විදිහට ලිව්වත් කතාවේ දුෂ්ඨ චරිතයක් නම් ඉන්නම ඕන.ඒක කොල්ලෙක් වගේ කෙල්ලෙක්,එහෙම නැති නම් මැරයෙක් වගේ කොල්ලෙක් ගන්න පුලුවන්.ඒක කරන්න නම් බාර් එකක් අස්සටම යන්න වෙනවා.
                            අපි දැන් බලමු මේ කතාවට නලු නිලියන් තෝරාගන්නා ආකාරය.ඔබ ලියන කතාවේ කෙල්ල පෝසත් නම් කිසි ප්‍රශ්නයක් නෑ.කෙලින්ම යන්න පොලීසියට.ගිහින් පොලිස් පොත පෙරලලා බලන්න ඇදුම් කඩේකින් ඇදුම් හොරකම් කරපු කෙල්ලක්ගේ නමක් තියෙනවද කියලා.එහෙම තියනව නම් හිත හිත ඉන්න එපා.කෙල්ල හොයාගෙන ගිහින් චරිතෙට අඩගහන්න.
            පෝසත් කෙල්ලට සැට් වෙන දුප්පත් කොල්ලා හොයාගන්නේ කොහොමද? ඒක ඕනම අධ්‍යක්ෂක කෙනෙක්ට එන ප්‍රධාන ගැටලුවක්.ඒත් දැන් ඒකට හිත හිත ඉන්න දෙයක් නෑ.ඔයා යන්න ඕන කෙල්ලෝ ගොඩාක් ඉන්න තැනකට.එතන ඉන්න ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඉන්න ගෑනු පහේ පිරිමි චරිතයකට රගපාන්න එන්න කියන්න.මෙතනදි මතක තියාගන්න ඕන මූලිකම දේ තමයි කොල්ලා වගේ ඇදගෙන ඉදියට ඌ අමු ගෑනියෙක් වීම.
 ඔය කතා කරේ පෝසත් කෙල්ල සහ දුප්පහ් කොල්ලා ඉන්න කතාවකට චරිත තෝරාගන්නා ආකාරය ගැන.කෙල්ල දුප්පත් වෙලා කොල්ලා පෝසත් උනත් ඔය චරිත තෝරන විදිහම අනුගමනය කරලා ඔයාලට හොද නලු නිලි දෙපලක් හදාගන්න පුලුවන්.
මීලගට තමයි මෙගා ටෙලියක් හිට් කරගන්න පුලුවන් වෙන චරිතය..ඒ කියන්නේ ටෙලියේ ජෝකර් ගේ චරිතය තෝරාගන්න යන එක..ඒක ටිකක් අවදානම්.මොකද සමහරු ජෝක් කරාට ඒක ජෝක් එකක් කියලා අනිත් අයට නොතේරීම.මේ ජෝකරෙගේ චරිතය එක එක ආකාරට ටෙලියට දාගන්න පුලුවන්..කෙල්ලගේ ගෙදර වැඩකාරයා,කොල්ලාගේ තාත්තා එහෙමත් නැති නම් කොල්ලගේ මාමා ඒත් නැති නම් කඩේක වැඩ කරන එකෙක් හරි කමක් නෑ.පුරුෂ ජෝකර් චරිතයක් නම් ඒකට පුරුෂ ගතියක් ගෑවෙන්නවත් බෑ..
ඔය වගේ මූලික චරිත හොයා ගත්තයින් පස්සේ තමා ඉතුරු චරිත හොයන්න ඕනා.කොල්ලගේ යාලුවා,කෙල්ලගේ යාලුවා චරිත දෙක කොහේ හරි පාක් එකකට ගිහින් අස්සක ඉන්න කපල් එකක් උස්සගෙන ආව නම් ගැලපෙනවා.මොකද කතාවේ අන්තිමට උන් දෙන්නත් ජෝඩු වෙන නිසා.
               කතාවේ දුෂ්ඨයා විදිහට ගන්න එකාට තියන්න ඕන මූලික සුදුසුකම තමා මැරකම.නිතරම දුෂ්ඨයා බලන්න ඕන කෙල්ලගේ දේපල ටික ගන්න එක.
                   ඔය විදිහට චරිත තෝරගතයින් පස්සේ අල්ලපු ගෙදර,ඊට එහා ගෙදර සහ ඉස්සරහා ගෙවල් වලින් අනිත් පිරිස හොයා ගන්න පුලුවන්.ඔන්න දැන් අපි ටෙලියට ඕන ගොඩක් අය හොයාගෙන ඉවරයි.දැන් අපිට ඕන සල්ලි ටිකක් විතරයි.ඒක මාලයක් හරි කරාඹු දෙකක් හරි උකස් තියලා හොයාගන්න පුලුවන්.එහෙම බැරි නම් කෙලින්ම යන්න දුරකතන ජාල ආයතනයකට හරි බීම බෝතල් කොම්පැනි එකකට හරි.එතනින් ඔයාට ඕන අනුග්‍රහය හොයාගන්න අමාරුවක් වෙන්නේ නෑ.
මෙගා ටෙලිය 7.30 ටයිම් එකට හරි 8.30 ටයිම් එකට හරි දාගන්න පුලුවන් උනොත් ඔයා ගොඩ ගියා කියලා හිතා ගන්න.
දැන් ඉතින් ඔයාලා හැමෝමලට ඔයාලටම කියලා මෙගා ටෙලියක් හදා ගන්න පුලුවන්.තියන ඕනම ප්‍රශ්නයක් මගෙන් අහන්න.මේ පියවරවල් ඒ විදිහටම කරොත් ඔයාලට අචාර්‍ය්‍ය පට්ටමක් හරි දේශමාන්‍ය පට්ටමක් හරි දාගන්නත් පුලුවන්,...
ඉතින් ඔයාලජ ජය වේවා!!!! 
මේ පාඩම ඔයාලට ගෙන ආපු මම 
           රත්ගමයා සර් (බී ඇස් සී ඉන් මෙගා ටෙලි ඩ්‍රාමා)

60 comments:

  1. ela ne....mama hithan hitiye pradana chatitheta anna duka thama පොලිස් පොත
    nama na ne :'(

    ReplyDelete
  2. ටෙලියට කලින් මේවාම අනුගමනය කරලා හොඳ බොළඳ නව කතාවක් ලිව්වානම් වැඩේ තවත් නැගලා යනවා....

    ReplyDelete
  3. ලඟදිම රත්ගම් group එකෙන් හදපු එකක් බලාගන්න පුළුවන් වෙයි වගේ...
    කුප්ප මෙගාවක් වෙයි ඒක

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මල්ලියේ මේවා ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කොරන්න හොඳ නෑ...විජාතික බලවේග වල කුමන්ත්‍රණයකටවත් අහුවුනොත් උඹට රත්ගමවත් ඉන්න දෙන එකක් නෑ.... :)

    මොනවා වුනත් නියම නිර්මාණය...අර අබේපාල මාමා කිව්වා වගේ බොළඳ නවකතාවකුත් ලියලා ඔය දෙකයි පනහේ ඇඩ් ට්කක් සෙට් කරගත්ත නම් 7.30 නෙමේ මොන බෙල්ට් එකේ ගියත් නාටකේ හිට් වෙනවා ශුවර්.....

    ReplyDelete
  6. ඉරිසියා කරන්න එපා යකෝ.. ඔය සුදුරෙදි හොර නැද්දා එක්ක රැයක් ගතකරන්න දුන්නා නම් උබ ඔහොම කතා නරන්නැනේ ? :D උබට ඉරිසියයි නේ වෙන කොල්ලෙ ඒකිව අතගානවට :D

    ReplyDelete
  7. shani
    එහෙනම් යන්න ඇදුම් කඩේකට..ගිහින් ඇදුමක් දෙකක් උස්සන්න..වැඩේ ගොඩ...
    -----------------------------------------------------------------------------------
    අභීත
    හිරි මල් වයසේ ආදර නව කතාව....අපැහැදිලි මීදුම්..ඒක අනිවා කොරන්න ඕන අභී අයියේ..ඒක පොඩ්ඩක් අමතක උනා නේ
    ---------------------------------------------------------------------------------------
    රොබින්
    ස්වයං රැකියාවක් ලෙස කරන්න කියලා බැලුවේ.... :)
    ------------------------------------------------------------------------------------
    ශාන්.....
    සුදු වෑන් එකක් එවාවිද දන්නේ නෑ..අධ්‍යක්ක්ශකයෝ මට ලෙඩේ දාවි.වෘත්තීමය රහස් එලිකරා කියලා..
    --------------------------------------------------------------------------------------
    Bunny
    ඉකේ...මෙන්න මේ වලා කියන කතා.....තෝ තමා වලා...

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ඒයි මේ මං ගාව තියේ ඔකට ෆට්ට ලෙසටම ගැලපෙන තිර පිටපතක්.. මම නවය වසරේදි ඔක ලිව්වේ... නටුවෙන් ගිලිහුනු පින්න මලක් කියලා..මේ ඒකේ සියලුම නලු නිලියෝ සැට් කරන වැඩේ ඔයැයිට කරන්න බැරිද මල්ලි... අනේ ප්‍රධාන නලුවා ඔයා වෙන්නකෝ.... නිලියට අපි ගන්න කෙනොට කියමු සාප්පුවකට පැනලා ඇදුමක් දෙකක් උස්සන්න කියලා

    ReplyDelete
  10. කෙල්ල පෝසත් නම්, කො‍ටු දාන්න ඔන්න මෙන්න ගානට ඇඟේ පෙන්නන්න පුලුවන් හැමතැනම පෙන්නන්නත් ඕනෙ...

    නාට්ටියට කොහෙං හරි පාතාලෙ ගැන් එකක්, කප්පං කාරයෙක් එහෙමත් ගාවන්න ඕනෙ....

    මේ ටිකත් ඇතුල් උනා නං ආයෙ නාට්ටිය හිට් වෙන එක නවත්තන්න සක්කරයටවත් බැහැ..

    ReplyDelete
  11. සීතල අයියා
    උඹ තරම් නම් වල් නෑ සීතලයා...
    -----------------------------------------------------------------------------------
    සුදු හංසි
    අනේ මගේ තුන් හිතකවත් නෑ ඔය ජරා ගොඩට බහින්න....මගේ පුංචි කුමාරි කැමතිත් නෑ නේ...එයැයි ඇදුම් උස්සන්නේ නෑ හරිය... :)
    -------------------------------------------------------------------------------------
    දිනිත්
    ඇමතියෙක් දාගත්ත නම් තවත් ගොඩ..නිකන් ඉන්න එකේ උත්සහ කරලා බලන්න :)

    ReplyDelete
  12. පුහ්...
    \\රත්ගමයා සර් (බී ඇස් සී ඉන් මෙගා ටෙලි ඩ්‍රාමා)// අනේ හිපටුවෝ... :P :P

    ReplyDelete
  13. ඇත්තට රත්ගම සෑර්ටම පිටපත ලියන්න බැරිද? සෑර්ටනම් ජෝකර් චරිතයත් ගැලපෙනවා. :D

    ReplyDelete
  14. රත්ගමය අයියට වැදගත් දෙයක් අමතක වෙලා..
    කොහේ හරි ඉන්න ගොතයෙක්ට කියල කතාව පටන්ගන්න වෙලාවට යන සින්දුව ගොඩ දාගන්න වෙනවා සුපිරියටම. හින්දි සින්දුවක බීට් එකක් තිබුනානම් ආයේ වැඩක් නෑ කියල.

    මතක ඇතුව සින්දුවේ විඩියෝවේදී කෙල්ල, කොල්ල මොන තත්වේ හිටියත්(කතාවේදී කන්න බොන්න සල්ලි නැති තත්වේ හිටියත්) සුපිරි ඇදුමෙන් සරසල මල ගස් ටිකක් වටේ දුවවන්නම වෙනවා. ඔය අතරේ කෙල්ලගේ ගවුම පොඩ්ඩක් උඩ ගියාට කිසිම අව්ලක් නෑ....

    ReplyDelete
  15. මේකට ඇගකිලිපොලා යන ත්‍රාසජනක දර්ශන , වැඩිහිටියන්ට වඩාත් සුදුසු දර්ශන එහෙම දැම්මොත් කොහොම හිටීද

    ReplyDelete
  16. ට්‍රයි එකක් දාලා බලන්නෝනි.. උඹව තමා දුෂ්ඨයා කරන්නේ..

    ReplyDelete
  17. udeni
    mama innam kellage gedara wadakarita reddai hattei adala bada tikak penna tikak passa natawala giyama komada thiyana gathiya mmm?
    mokada kiyanne oya golla eka gana
    oni nam diya redda adagena nana seen ekak unath aulak naaaa
    kamathi nam kiyanna mama ennam

    ReplyDelete
  18. රත්ගමයාගෙන් තවත් හරසුන් ලිපියක්... හික් හික් හික්

    එල එල... පොඩි ජෝක් එකක් කරේ.. මරු අයිඩියා එක බන්

    ReplyDelete
  19. දුෂ්ඨයො වර්ග කීපයක් ඉන්නව . . .

    1. ඉතා ප්‍රබල ඇමතිවරයෙක් වන කෙල්ලගෙ තාත්ත නිසා නොකල වැ‍රැද්දකට අවුරුදු 20කට හිරේ ගිහිං එලියට ඇවිත් ඩෙවොන් එකෙන් තේකක් බොද්දි කොල්ලට සෙට් වෙලා කොල්ලට උදවු කරන සාදාරන චන්ඩියෙක්. මේ චන්ඩියට නිශ්චිත ආදායම් මාර්ගයක් නැති උනත් හොඳට බීල කාල ඉන්න සල්ලි තියනව.

    2. කොල්ලො කුරුට්ටො ටිකක් වටකරගත්ත අමුතු වොයිස් එකකින් කතා කරන කප්පං ගන්න මැරයෙක් . . . මූ ගොඩක් වෙලාවට බලන්නෙ කෙල්ලගෙ තාත්තගෙං කප්පං ගන්න.

    3.පෝසත් කෙල්ලව ගෙදරින් බලෙන් බන්දන්න හදන පෝසත් කොල්ල නිසා අනාත වෙලා ඉන්න දුප්පත් කෙල්ලට පෝසත් කොල්ලව කසාද බන්දන්න උත්සාහ කරන ඒ දුප්පත් කෙල්ලට හිතිං ලවු කරන "රොමෑන්ටික්" දුෂ්ඨයෙක්. මුගෙත් ආදායම් මාර්ග එච්චර පෙන්නන්න ඕනෙ නෑ.

    4.පෝසත් කෙල්ලගෙ තාත්ත තරුන කාලෙ බඳින්න බලාගෙන ආස්සරේ කරල පස්සෙ අතෑරපු නිසා පෝසත් කෙල්ලගෙ ජීවිතේ අවුල් ජාලයක් කරල කෙල්ලගෙ තාත්තගෙං පලිගන්න හදන "දුෂ්ඨියක්". මෙයාට මොනම ආදායමක් නැතත් . . . දිස්නෙ ගහන පට්ට සාරි ටිකක් නං අනිවා ඕනෙ.

    5. තමන්ගෙ 'චන්ඩි" පුතාට පෝසත් කෙල්ලව මොන ජාතියකින් හෝ කසාද බන්දල කෙල්ලගෙ නමට තියන දේපල ටික අයිති කරගන්න බලන කෙල්ලගෙ තාත්තගෙ සහෝදරියක් වන "දුෂ්ඨ නැන්ද" සහ ඒ නැන්දගෙ "දුෂ්ඨ" හබිය.

    මේ තමයි මචෝ මගෙ හිතට වැ‍ටුන දුෂ්ඨයො කැටිගරි ටික . . . . මෙතන වඩාත්ම වැදගත් දේ තමයි මේ දුෂ්ඨයින කෙල්ලගෙන් හෝ කෙල්ලගෙ තාතගෙන් පලිගන්නව ඇරෙන්න වෙන කිසිම වැඩක් හෝ අරමුනක් නැතිවිය යුතු වීම.

    ReplyDelete
  20. එල එල ඔයා මෙගා ටෙලිනාට්‍ය හදන එකෙක් මේක බලත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
  21. එලම තමා ඔයිට අමතරව කැමරා පොල්ලක් (බාලම එකක් උනත් කමක් නැ හයර් එක අඩු නම් ) ලයිට් , මයික් සහ අනෙකුත් කලමනා සහ ඒ වා එක්ක වැඩකරන්න කොහෙන් හරි අහුල ගත්ත පොරවල් ටිකක් ( ලයින් එහෙන් මෙහෙන් වැඩි උනාට , කතාව මැද්දෙ මයික් එක දෙතුන් පාරක් පෙනුනාට , සවුන්ඩ් රෙකෝඩින් කුජීත උනාට කමක් නැ උපකරනවල කැලි ගලෝගෙන යන්නෙ නැත්නම් ) . නලු නිලියන්ට දිනපතා යන්න පුලුවන් තැන් වලින් ලොකේශන් හොයා ගන්න ඕනි (කතාව ලියද්දිම ඒ ගැන හිතන්න ඕනි .. ආතල් එකක් එහෙම ගන්න හිතාන ඉන්නව නම් කඳුකර පලාතක හරි මූදු කරේ හරි ෂූටින් සතියක් දෙකක් සැරින් සැරේට වැටෙන්න ස්ක්‍රිප්ට් එක ලියා ගන්න වෙනව ) ,

    ආ... තව නලු නිලියො එහෙට මෙහෙට අදින්න ලොකු වැන් කට්ටටුත් හයර් කරන්න වෙනව .

    ReplyDelete
  22. udeni
    mama innam kellage gedara wadakarita reddai hattei adala bada tikak penna tikak passa natawala giyama komada thiyana gathiya mmm?
    mokada kiyanne oya golla eka gana
    oni nam diya redda adagena nana seen ekak unath aulak naaaa
    kamathi nam kiyanna mama ennam

    ReplyDelete
  23. udeni
    ko ane kawruwath mage comment ekata comment karala na ne ane
    mokadda oyalata mawa mathaka nadda meyala ai ane mama NIL NETHU eke hitiye BRADDA ara pahugiya dawas wala ATHURUGIRIYA paththe podi seen ekak mattu une
    mamath tele drama field ekata set une director kenek ge ukule wadi wela thamai nama kiyanna ba ne hari na ne eth eya mata wada tikak balai

    ReplyDelete
  24. සටන් ජවනිකාවක්නම් අනිවා ඕන

    ReplyDelete
  25. ඔය මෙගා ටෙලි දැන් දුවන්නෙ අළුත් තාලෙට අපි හදන එකත් ඒ වගේ වෙන්න ඕන ඒකේ ඉන්දියානු ක්‍රමෙයි ලාංකීය ක්‍රමෙයි මිශ්‍ර වෙන්න ඕන.ඒක මෙහෙම කරන්න පුළුවන්,අපි හිතමු කෙල්ල පෝසත් කොල්ල දුප්පත් කියල,එතකොට පෝසත් කෙල්ලගෙ වටපිටාව ඉන්දියානු ක්‍රමයට වෙන්න ඕන.නිතරම මූන මේකප් කරගෙන ඉන්න අම්මා ආච්චි වගේ කට්ටිය ගෙදරට සාරි අදින්න ඕන.ගෙදර රජ මාලිගාව වගේ වෙන්න ඕන.දවල්ටත් මුළු ගෙදරම ලයිට් දාලා තියෙන්න ඕන.අල්ලපු ගෙදරට යන්නෙත් කාර් එකෙන්.කෙල්ලගෙ ගෙවල් පරිසරය ක්‍රොන්ක්‍රීට් වගේ.තේ කඩ කොත්තු කඩ,වින්කල්,ප්‍රයිවෙට් බස් අහලකවත් තියෙන්න බැහැ.එතකොට කොල්ල ඌ ඉන්නෙ මුඩුක්කුවක.උගේ පරිසරය වටපිටාවත් ඒ වගේ වෙන්න ඕන.දුප්පත් වුනත් හොද ගතිගුණ තියෙන සංවර පිරිසිදු ග්‍රාමීය ගති කොල්ල ගාව තියෙන්න හොද නැහැ.කොල්ලගෙ අම්මා තාත්තා සහෝදර සහොදරියන්ගේ කපටිකම් අසරණකම් හොදට උළුප්පල දෙන්න ඕන.අඩුම තරමේ කතාංග දාහක්වත් දුවන්න ඕන.කෙල්ලයි කොල්ලයි හම්භවෙන ක්‍රමයකට ඕනනම් කෙල්ලගේ ලෝභ තාත්තා ඇදුම් ගන්න සල්ලි දෙන්නැති නිසා කෙල්ල කඩෙකින් රෙදි හොරකම් කරන්න ගිහින් මාට්ටු වෙලා දනගහගෙන ඉන්නකොට කොල්ලගෙ දෘෂ්ථියට වැටීම දාන්න පුළුවන්.
    කෙල්ල,කොල්ල අම්මා තාත්තා,ජෝකර්ල දුෂ්ඨයො බේබද්දො පිස්සො බුරුවො ,චන්ඩි,මන්ද බුද්ධිකයො,සල්ලාලයො,වේසියො,නපුංසකයො ඔය සේරම චරිත දාල කරන මෙගාව සුපර් හිට්

    ReplyDelete
  26. රත්ගමයෝ එනවද මම හදන මෙගා එකේ රගපාන්න මම හොද චරිතයක් දෙන්නම්

    ReplyDelete
  27. මචන් මමත් එනෝ.....
    අභීතයියේ මොලද නවකතාවලට බනින්නෙපෝ

    ReplyDelete
  28. එතකොට මෙගාවේ කොටස් ගාන එහෙම නැත්නම් එපිසෝඩ් ගාන කොහොමද තීරණය වෙන්නේ? ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ.තව එකක් තියෙනවා. මෙගාවේ පරම්පරා පහ හයක් වගේ තියෙනවනම් පට්ට තමා. ආච්චි අම්මා ජිම් එහෙම ගිහින් එන්න කෙනෙක් වෙයි.

    ලගදිම "රත්ගම ප්‍රිසන්ට්ස්" කියලා මෙගා ටෙලියක් බලන්න පුලුවන් වෙයි වගේ !!!!!

    ReplyDelete
  29. අඩෝ.... උඹ ඔය තනිකරකම දෙමළ ෆ්ල්ම් එකක තියෙන විස්තරේනේ කියලා තියෙන්නේ.... හැම එකම ඔය වගේ... අනේ බොල...

    ReplyDelete
  30. ඔය වගේ චරිතවලට හොයාගන්න නිළි කෙල්ලො නම් 100 ක් හරි හොයා ගන්න පුළුවන් වේවි....අර JHOTHISHALANKA කියනවා වගේ ෆුල් ඉන්දියන් වටපිටාවක් දැම්මම අපේ අය හොටු පෙර පෙර බලාවි

    ReplyDelete
  31. සහතික ඇත්ත කියලා තියෙන දේ... රත්ගමයෝ ඔය ටෙලියක් කරනවම් මාව බැක්ග්‍රවුන්ඩ් එකේ ඇවිදගෙන යන පුංචි චරිතයකට හරි ගන්න. හරිය?

    ReplyDelete
  32. "පෝසත් කෙල්ලට සැට් වෙන දුප්පත් කොල්ලා හොයාගන්නේ කොහොමද?"
    ඔයි හරිය කියවද්දි මගේ නාට්‍යට රත්ගම පැත්තෙ ඉන්න එකෙක් මතක් උනා...දිගටම කියවද්දි මතක් උනේ ඌට
    "ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඉන්න ගෑනු පහේ පිරිමි චරිතයකට රගපාන්න එන්න කියන්න.මෙතනදි මතක තියාගන්න ඕන මූලිකම දේ තමයි කොල්ලා වගේ ඇදගෙන ඉදියට ඌ අමු ගෑනියෙක් වීම."
    සුදුසු කමත් තියේ ලු...

    ReplyDelete
  33. අනේ ඇත්තට ලකාවේ ටෙලි නාට්‍ය වලට ගිය කලක්

    ReplyDelete
  34. කෙල්ල දුප්පත් කොල්ල පෝසත් කොල්ල දුප්පත් කෙල්ල පෝසත් කතා වලින් මොකක්ද හොඳ කියලා හොයන්න මං දැන් කාලෙකට කලින් සමාජ සමීක්‍ෂණයක් කළා.

    මෙන්න ඒකේ ප්‍රතිඵලයඃ
    http://kathandara.blogspot.com/2010/06/blog-post_01.html

    ReplyDelete
  35. එල එල රත්ගමයෝ.. කරන විදිහ දන්න එකේ නරකද මෙගා එකක් කලොත්.. මම අනුග්‍රහය දෙන්නම්...:)

    ReplyDelete
  36. ane yako..kuppayata giya kalak...hoda hoda...apiwa light ussannawath ganna hode...:D :D

    ReplyDelete
  37. මට පේන්නෙ මූ මෙගා ටෙලි මරුවෙක් වගේ.. නැත්තං කොහොමෙයි මෙච්චර දන්නෙ.. මමනම් ඕවට කියන්නෙ "කක්ක" කියල.. අපේ පොඩි එකා දවසක් වෙන ගෙදරකදි කියපි.. "තාත්තෙ අන්න කක්ක නාට්ටියක් යනව කියල"

    අවංකවම ජෝකර් චරිතනම් මරු... අම්මප..

    ReplyDelete
  38. හොඳයි හොඳියි මමත් කරනවා මෙගා එකක්..කරලා දානවා 7.30 පටියට..අම්මපා වැඩේ ලේසියිනේ බං

    ReplyDelete
  39. ඇයි කතාවෙ කොටස් ගාන වැඩිකරගන්න කෙල්ල පට්ට දිග හීන දකින්න ඕනෙ... කොල්ලත් එහෙමයි...එක හීනයක් කොටස් 3ක් විතර දිග උනාට කමක් නෑ... මූදු වෙරලෙදි කොල්ල කෙල්ලව උස්සගෙන යන්නවා.. කෙල්ල පැණි බේරෙනා කතා කියනව.. දෙවනි දවසෙදි එකපාරට දුශ්ඨය එනව කොල්ලට ඇඩ්‍රස් නැතිවෙන්න නෙලන..ව කෙල්ලව ඇදන් යනව.. තුන්වෙනි දවසෙදි කෙල්ල කොහොම හරි ගිරිදුර්ග් තරනය කරල කොල්ල බලන්න හොස්පිටල් එකට එනකොටම කොල්ලගෙ මූණන සුදු රෙද්දකින් වහනව.. කෙල්ල කොල්ලගෙ නම කියාගෙන කෑ ගහගෙන නැගිටිනවා.. බලන්න කොච්චර ලේසිද.. කොටස් තුනක්ම ගිය කතාව පොඩ්ඩක්ක්ත් යන්නෙ නැතුව.. ආයෙ එක කොටසක කතාව ගිහින් දවස් තුනක හීනයක් අරවගේම කොල්ලටත් පේනව... කොටස් දෙකෙන් සතිය කවර්...

    ReplyDelete
  40. මීට සෑහෙන්න සමාන ලිපියක් මේ ළඟකදී කියෙව්වා............. මම මේ කල්පනා කලේ ඒ මොන බ්ලොග් එකේද කියලා

    ReplyDelete
  41. මෙගා කීවම ඉතින් මට උන්හිටි තැනුත් අමතක වෙනවා ..රත් ගමයා ඉතින් අපිට උපදෙස් දෙන එකේ .. බ්ලොග් කාරයෝ සේරෝම ටික එකතු කරගෙන මෙගා ටෙලියක් කරානම් ඉවරනේ..මම එක පයින් ම එනවා ..ආයේ ඉතින් ජොබ් ඕනත් නෑ මැරෙනකම්ම රඟපෑව හැකි ..

    මෙගා වීදී නාට්‍ය දැකලා තියනවද ?

    ReplyDelete
  42. අනේ බං උඹත් බොඳ මීදුම් ලෙසටම බලනව වගේ නේ... එල එල.

    ReplyDelete
  43. හෙහ්...හෙහ්....හෙහ්....

    ReplyDelete
  44. හොඳයි.... ලකාවේ ටෙලි නාට්‍ය වලට ගිය කලක් නේද??

    ReplyDelete
  45. සුළඟිල්ල | pinkie
    මොකෝ යකෝ අවලමෝ....ඉරිසියාද
    -------------------------------------------------------------------------------------
    priyantha
    මමත් මේ බැලුවේ ඔය ලමයව දුප්පත් කොල්ලගේ චරිතේට ගන්න කියලා...
    --------------------------------------------------------------------------------------
    ADK කොලුවා
    හෑ කොලුවො...බොටත් හොදට ඇක්ස්පීරියන්ස් තියනවා වගේ නේ ඔය මෙගා ගැන..හරියටම කියලා නේ
    ----------------------------------------------------------------------------------------
    ItalyDilan
    ඉකේයියා.....ඒවා ලංකාවේ බෑ..ඉතාලියේ විතරයි....
    ----------------------------------------------------------------------------------------
    චතුවා (ළමයා)
    උඹ ජෝකර් ගේ කැරැක්ටුව කරොත් මොකද? ඔය රා බන්ඩියත් එක්ක උඹව ගැලපෙනවා
    ------------------------------------------------------------------------------------------
    සුපර් මාරියෝ
    පල යන්න....
    -------------------------------------------------------------------------------------
    ඕනයා
    ඔය කැටගරි එකේ ඉන්න ඔක්කොමලා දැන් පෙන්නන ටෙලි වල ඉන්නව නේ..අපි අලුත්ම එකක් හොයමු.නිකන් කොල්ලා පැරදිලා දුෂ්ඨයට කෙල්ල අයිති වෙන ජාතියේ එකක්..
    හික්..ඔය කැට ගරි එක නම් මරු...මෙගා අත්දැකීම්..... :)
    -----------------------------------------------------------------------------------
    ලක්ශාන්
    හරි දෙන්නම්..එකක් නෙමේ ගොඩක් දෙන්නම්..කොල්ලා ගුටි කන ඒවා තමා වැඩි...
    --------------------------------------------------------------------------------------------------
    JHOTHISHALANKA
    අපොයි....බඩ අල්ලගෙන හිනා මට ඒ කමෙන්ට් එකට..අර අන්තිමට කියපු හැම චරිතයක්ම ඉන්නවා නම් තමා ඔය නාටිටි වල...මාර විග්‍රහයක් නේ.... :)
    ------------------------------------------------------------------------------------------
    කුක්කා
    කුක්කා කක්කා කතා කියනවනේ...ඉකේයියා....
    ------------------------------------------------------------------------------------
    යසියා
    ඔව් ඉතින්..උඹ දවස ඉවර කරන්නේ ඔව්වා බලල නේ එකින් එක...
    -------------------------------------------------------------------------------------
    මධුරංග
    ඉකේ එහෙම එකක් නම් හදන්නේ නෑ....එපිසොයිඩ් ගාන තීරනය වෙන්නේම නෑ..අන්තිමට කතාව ඉවර කරන්න ඕන උනාම හිතලා ඉවර කරන්න ඕනා...
    --------------------------------------------------------------------------------------
    Prasanna
    බොන දෙමල ෆිල්ම් ද බොල මාලුවෝ....
    ------------------------------------------------------------------------------------
    දිල්
    කෙල්ලෝ ද අප්පා නැත්තේ දිල් අක්කේ.... :)
    --------------------------------------------------------------------------------
    කොට ජීවිතේ
    අම්මෝ...පාසල් අයියට කියලා කන පලා ගන්න තමා මටත් වෙන්නේ...
    ----------------------------------------------------------------------------------
    කුරුං ගුරුං
    තෝ ගැන වෙන්න ඇති කියන්නේ නේ ඇටකිච්චෝ....බොට තාම 18 පැනලත් නෑ නේ..දුප්පත් නලුවගේ ලමා කාලයට උඹව ගන්න පුලුවන්...
    -------------------------------------------------------------------------------------
    ayesha
    අනේ ඇත්තට අපිත් මේවම බලනව නේ කට ඇරගෙන
    -----------------------------------------------------------------------------------
    කතන්දර Kathandara
    කොල්ලා පෝසත් ඒවට කට්ටිය කැමති වගේ නේ..ඒ විදිහ එකක් හැදුවොත් ගොඩ තමා...
    --------------------------------------------------------------------------------
    Dinesh
    හපොයි...අර පැනිබීම දුරකතන ආය්තන වගේ අනුග්‍රහයක් නම් එපෝ....
    ----------------------------------------------------------------------------------------------
    දිලීප
    ගන්නම් ගන්නම්...කට්ටිය මේ අඩු වෙලා නේ ඉන්නේ...
    -----------------------------------------------------------------------------------
    මාතලන්
    මරුවෙක් නෙමේ බොලේ...ඔය ඉතින් අපේ කන් වලට ඇහෙන ඒවා තමා..එක කොටසක් ඇහුනම මුලු කතාවම තේරෙනවා...
    -----------------------------------------------------------------------------------
    ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර
    ලේසි කියන්නේ....තේ හදනවටත් වඩා ලේස්යි...
    -------------------------------------------------------------------------------------
    පොඩි මෑන්
    පොඩි මෑන්ගේ කෑලි ටිකත් එකතු කර්‍රගන්න ඕන මේක සම්පූර්න වෙන්න..ඔය තියෙන්නේ අත්දැකීම්.මීට කලින් එකක් හැදුවද?
    --------------------------------------------------------------------------------
    පූසා
    විවේචනේ වෙන්න ඇති...ඒක දැකලා තමා වෙනස් කොරලා ලිව්වේ මයේ අදහස් දාලා
    --------------------------------------------------------------------------------------

    ReplyDelete
  46. හිස් අහස
    අප්පටසිරි...ඔය පැත්තේ මෙගා වීදි නාට්ටිත් තියෙනවද බොලේ....ඒක නම් අලුත්ම සීන් එකක්..කොලබ පෙන්නලා ඊලග කොටස බලන්න අම්පාරට එන්න ඕනද
    --------------------------------------------------------------------------------------------
    ඇනෝ..
    ආයේ ලෙසටම තමා
    -------------------------------------------------------------------------------------------
    Observer
    අපොයි හිනාව....
    ----------------------------------------------------------------------------------------
    emailkavikaari
    අනේද කියන්නේ...

    ReplyDelete
  47. මලේ මටත් මොකක් හරි පොඩි කෑල්ලක් දෙන්න බැරිය ඔයි මෙගාවෙ? අම්මප මං ඇප්ලිකේශන් එකක් එවන්නෙයි?

    ReplyDelete
  48. ඕක තමයි මචං ඉල්ලුමට අනුව සැපයුම කියන්නේ.
    උඹලා අපි කීප දෙනෙක් ඇරුනම බහුතරයක්ම ඉල්ලන්නේ..ඕවා නොවැ....

    ReplyDelete
  49. අනේ අනේ රත්ගමයටත් හිතෙන එව්වා. ඒක නෙමේ කට් ඕෆ් ලකුණු ආවා නේද? මොකෝ තත්වෙ?

    ReplyDelete
  50. ශා නියමයිනෙ..මකුළු පැංචිත් මෙගා ටෙලියකට අතගහන්න ඕනෙ...ඒක නෙවෙයි රත්ගමයෝ..ඔය මෙගා ටෙලියක කොටස් කීයක් විතර තිබ්බොත්ද හොඳ..???

    ReplyDelete
  51. ඔය අත්දැකීම් ගන්න එකක් හදන්නම ඕනෙද... සෙට් එකේ කට්ටියට දවස් දෙකක් තේ ඇල්ලුවනම් ඇති.. හිකිස්...

    ReplyDelete
  52. මට තියන අත්දැකීම් උබ දැක්කනේ මගේ අසහන කාරයෝ පොස්ට් ඒකෙන... හිකි හිකි

    ReplyDelete
  53. දැන් ඔය පිටරට හෙම කෑල්ලක් දානවා නම් මෙහෙ එන්න . කොල්ලයි කෙල්ලයි හීනෙන් වියට් කොන් ගරිල්ලෝ වෙලා ඉඳලා කොල්ල ඇමරිකන් වෙඩි පාරකින් '''බුදු අම්මෝ '' කියාගෙන 'මැරිලා වැටෙද්දී කෙල්ලට දාඩිය දාගෙන ඇහැරෙන සින් එකක් වගේ. නැගලම යයි. කාලයක් ප්‍රසිද්ධ නිලියක් පිටරට කතා හදල නොමිලේම ඒ රටවල් බලා ගන්න දුන්නේ....මෙලෝ රහක් නැති කතා වුනත්.

    ReplyDelete
  54. කොල්ල නොමිලේම දුෂ්ටයගෙ චරිතෙට ඉන්නම්.

    ReplyDelete
  55. මට පේන්නෙ රත්ගමයයි, කමේන්ට් දාපු ගොඩක් උනුයි අර හොර රෙදි නැන්ද ඉන්න කථාව බලනව වගේ... ;)

    වෙලාවට මම ඉන්න තැන ටීවී එකක් නැත්තෙ...

    @ඕනයා: අයියගෙ කැටගරි ටික නම් මරු..

    ReplyDelete
  56. ඔන්න මමත් බ්ලොග් කරන්න අවා..ඇත්තටම ඔයගෙ කතාව සහතික ඇත්ත...http://tharindugeadaviya.blogspot.com/

    ReplyDelete
  57. යකෝ මේක හරිම සිම්පල් වැඩක්නේ . . . මම හිතාගෙන හිටියේ පට්ට අමාරු සීන් එකක් කියලා . . තැන්කූ ඈ ඔත්තුවට හික්ස්

    ReplyDelete
  58. රත්ගමයා මහත්තයෝ , හරිම රසවත් ඔබේ ලිපි . ඒ වගේම ඔබේ මිතුරු පිරිසගේ Comments ... මම මේ බ්ලොග් කළාවට අලුත් කෙනෙක් , ඉන්නේනම් රත්ගමට කිට්ටුව ..... මේ බ්ලොග් එක ඔබේ මිතුරන් අතරට ගෙනියන්න , ඒ හුදෙක් ප්‍රජාව වෙනුවෙන් කරන සේවාවක් විදියට

    www.nursingschool.tk

    ReplyDelete
  59. එහෙනම් එකක් කර්න්න පටන් ගනින්... හරි ගියොත් අපටත් බැරියෑ එකක් කරන්න.....

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)