Wednesday 18 May 2011

පාපැදියෙන් අවසන් ගමනට............



මේ ලිපිය පල වෙලා තිබුනේ ක්‍රීඩා සගරාවේ
...ක්‍රීඩාව කියන්නේ ජීවිතේට වැදගත්ම දෙයක්.ඒ වැදගත් දේ නිසාම මරනයට පත් උන ක්‍රීඩකයෝ අනන්තවත් ඇති..ඒ ලිපිය ගොඩක් දෙනෙක්ට වැදගත් වේවි කියලා හිතුවා..ඉතින් ඒ ගැන පොඩ්ඩක් දාන්නම්...

1.සෙර්සේ කොපි (ඉතාලිය)



සුපිරි පාපැදි ශූර ෆවුස්ටෝගේ මල්ලීය.සවාරි කිහිපයක් ජයගෙන සිටියේය.ඉතාලියේ තරගයකට සහභාගී වන විට පාපැදියෙන් වැටී අනතුරකට ලක්විය.එසේ වුවත් කිලෝමීටරයක් වූ තරගයේ ඉතුරු ප්‍රමානය නිම කරන ලදී.නමුත් පසුව මිය ගියේය..
උපත - 1923.03.19
විපත - 1951.06.29



2.ස්ටෑන් ඔකර්ස් ( බෙල්ජියම)



1950 සහ 1952 ප්‍රංශ සවාරියේ අනුශූරයාය.එවිට මාර්ග ධාවන ලෝක ශූරයාය.ඇන්ටිවර්ප් ධාවන පථයකදී වූ අනතුරකින් මිය යන ලදී
උපත - 1920.02.03
විපත - 1958.09.01



3.වවුටර් වේලෑන්ඩ්ට් (බෙල්ජියම)




2011 ඉතාලි සවාරියේ තෙවන අදියරේදී කදුකර මාර්ගයකදී සිදුවූ අනතුරකින් මිය ගියේය.ඔහු අනතුරට ලක් වූයේ තරගය නිමවීමට තවත් කිලෝමීටර් 25ක පමන දුරක් තිබියදීය.තරගය ඒ වනවිට ජයගෙන සිටියේ ඔහුය.
උපත - 1984.09.27
විපත - 2011.05.09



4.ටොම් සිම්සන් (බ්‍රිතාන්‍යය)


1965 නාර්ග ධාවන ලෝක ශූරයාය.1967 පැරිස් - නීස් සවාරියේ ශූරයාය.ප්‍රංශ සවාරියේ 13 වන අදියරයට සහභාගී වනවිට හදිසියේ මිය ගියේය..
උපත - 1937.10.30
විපත - 1967.07.13



5.ජින් පියරි මොන්සේරි(බෙල්ජියම)


1970 මාර්ග ධාවන ලෝක ශුරයාය.1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් ක්‍රීඩා උලෙලේ 06 වැනි තැන හිමි කරගත්තය.ඔහු මිය ගියේ තරගයක් අතරතුරදී මෝටර් රථයක හැපීමෙනි.
උපත - 1948.09.08
විපත - 1971.03.15



6.එමිලියෝ රාවාසියෝ (ඉතාලිය)


එවිට සුප්‍රකට ඉතාලි සවාරියේ පලමු අධියරට සහභාගී වන වන විට බරපතල ලෙස තුවාල සිදුවිය.අනතුරින් සති දෙකකට පසු මිය ගියේය.



7.ඇන්ඩ්‍රෙයි කිවිලෙව් (කසකස්තානය)



පැරිස්-නීස් සවාරියේ දෙවන අදියරේදී අනතුරට ලක් විය.එහිදී හිසට සිදු වූ තුවාල වලින් මිය ගියේය.මේ සිදුවීමෙන් පසු ඇතැම් ප්‍රධාන සවාරි සදහා සහභාගීවන විට ආරක්ෂිත හෙල්මට් පැලදවීම ජාත්‍යන්තර පාපැදි සංගමය ක්‍රීඩකයන්ට අනිවාර්ය කලේය.
උපත - 1973.09.20
විපත - 2003.03.12



8.ඇලෙසියෝ ගැලෙට් (ඉතාලිය)


සුබීඩා නාරන්කෝ පාපැදි සවාරියට සහභාගී වා විට හෘදයාබාධයකට ලක් වීමෙන් මිය ගියේය.ඒ තරගය නිමා කිරීමට තවත් කිලෝමීටර් 15ක් ඉතිරිව තිබියදීය.මිය යන විට වයස අවුරුදු 37 කි



9.ෆාබියෝ කැසාර්ටෙලී(ඉතාලිය)


1992 බාර්සිලෝනා ඔලිම්පික් මාර්ග ධාවන ශූරයාය.ප්‍රංශ සවාරියේ 15 වන අදියරයේදී අනතුරකට ලක්වීමෙන් පසුව මියගියේය.
උපත - 1970.10.16
විපත - 1995.07.16



21 comments:

  1. වැදගත් තොරතුරු ටිකක් , මට මේ ලිපිය දැක්කාම මතක් උනේ ලංකාවෙ පාපැදී වීරය සුමනවීර . කොලඹ රස්සාවේ ඉඳන් දෑල (රත්නපුර නගරෙට පොඩ්ඩක් එහා ) තියන ගෙදරටත් බයිසිකලේ පැදගෙන තමයි ගිහින් තියෙන්නෙ කිලෝමීටර 100 ක් විතර පැය තුනකටත් අඩු කාලයකින් . ඒ පාපැදි තරඟ වලින් සමු අරගෙන ගොඩ කාලෙකට පස්සෙත්

    ReplyDelete
  2. ආ මචං.. නියම ලිපියක්.. එල.!

    ReplyDelete
  3. එතකොට උබ මැරෙන්නෙ...???

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. @සුලා

    රත්ගමයා මහතා
    2011 කුප්පාභිශේකයේ ජයග්රා0හකයාය. බ්ලොග් අතර කුප්පම බ්ලොගය ලියු කෙනාය. තම බ්ලොගයේ තවත් කුප්ප කතාවක් ලියමින් සිටියදී අභිරහස් ලෙස මරණයට පත්විය. ඒ වනවිටත් මොහු ලියමින් තිබූ ලිපිය සම්පූර්ණයෙන්ම වාගේ ලියා තිබූ අතර ඉතිරිවී තිබුනේ ලිපිය පෝස්ට් කිරීමට පමනි.

    උපත-19**.**.**
    විපත-20**.**.**

    ReplyDelete
  6. මමත් ආසයි බයිකලෙන් එලොව යන්න

    ReplyDelete
  7. ගොඩක් වැදගත් ලිපියක් රත්ගමයෝ මගේ යාළුවෙක්ව මට මතක් උනා..මේක කියවලා .මටත් ඉන්නවා පාපැදි තරඟයක් අතරතුර අනතුරට ලක් වෙච්චි යාළුවෙක් ..ඒත් පොර වාසනාවන්තයි අවුරුදු ගානක් ගියා සනීප වෙන්න . සනීප වෙච්ච ගමන් මෙදාපාර අවුරුදු උත්සවයේ සයිකල් රේස් එකටත් සහභාගී උනා

    ReplyDelete
  8. බයිසිකල් රේස් බලන්න මමත් හරි ආසයි.තරගයකදී අනතුරක් වෙනවා මමත් ඇස් පනාපිටම දැකල තියෙනවා.

    ReplyDelete
  9. මේ ගොඩක් අනතුරු වෙලා තියෙන්නෙ ඉතාලියෙ පැත්තෙ නේ?මොකද දන්නෙ නෑ. :-\

    ReplyDelete
  10. සුමනවීරලා, ජිනදාස අල්විස්ල ස්ටැන්ඩර්ඩ් බය්සිකල් වලින් කප් ගහපු කාලෙ රේසින් අංශය දිනපු මොරිස් කුමාරවේල්, ඇන්තනි සිමන්ඩ්ස් වගෙ කට්ටිය, දැන් මොකද තත්වෙ දන්න කව්රුවත් ඉන්නවද?

    ReplyDelete
  11. buwa
    ඒ ගැන නම් අමතක කරන්න බෑ...සුමන වීර ගැන දන්නේ නැති අය ඕන තරම් ඇති..
    -----------------------------------------------------------------------------------------
    චතුවා (ළමයා)
    :))
    ------------------------------------------------------------------------------------------
    සුළඟිල්ල | pinkie
    තව අවුරුදු අසූවකින් වරෙන්
    -------------------------------------------------------------------------------------------
    කිඩෝ
    ඇගිල්ලට දීපු උත්තරේමයි
    --------------------------------------------------------------------------------------------

    ReplyDelete
  12. මගේ බාප්පා (තාත්තගේ මල්ලී) නැතිවුනෙත් තරඟේ දිනලා බයිසිකලේ නවත්තගන්න බැරුව ගිහිං ගහක වැදිලා...

    ReplyDelete
  13. බීටා
    ගිහින් වරෙන් එහෙනම් වෙලාවක
    --------------------------------------------------------------------------------------
    හිස් අහස
    එහෙනම් අවුලක් නෑ..ජීවිතේ ඔහොම තමා නේ
    ---------------------------------------------------------------------------------------------------
    JHOTHISHALANKA
    ඒ කොහේද??
    ----------------------------------------------------------------------------------------------
    සීතල අයියා
    උඹත් ඉතාලි යන්න නේ ඉන්නේ...පරිස්සම් කරගනින් එයාව හොදේ
    -----------------------------------------------------------------------------------------
    Observer
    මම හිතන්නේ මතක නැතුව ඇති...ක්‍රිස් ගේල් ලා ,ශෝන් මාස් ලා දන්න අය නම් ඕන තරම් ඇති
    -------------------------------------------------------------------------------------------
    රොබින්
    හ්ම්ම්ම්
    -----------------------------------------------------------------------------------------------
    කුරුං ගුරුං
    එලයැ..
    --------------------------------------------------------------------------------------------

    ReplyDelete
  14. මම හිතන්නේ මූ වැදගත් ලිපියක් ලිව්වමද කොහෙද

    ReplyDelete
  15. වැදගත් පෝස්ට් එකක් මල්ලියේ.. ගොඩක් අය ඉතාලි කට්ටියනේ...

    ReplyDelete
  16. හොඳ වෙලාවට පාපැදි ක්‍රීඩකයෙක් නොව්නේ

    ReplyDelete
  17. මේ වසරෙත් ඉතාලි සවාරිය දකින්න ලැබුනා,,බලපන්කෝ මලේ මම පොටෝ ගන්න කියලා ගියා පොටෝ එක ගද්දී පලවෙනි සෙට් එක ගිහින් ඉවරයි,,මුං මාර යාමක් නේ ගියේ,ඇගට හීතල හුලං පාරක් විතරයි වැදුනේ,,තව ටයර් වලින් ආපු සද්දේ,,පුං ආසාවේ බෑ කොල්ලෝ,,,ඇත්තටම අර කොලුවගේ අනතුර නම් හරිම අප්සට් එකක් ගියේ පටන් ගත්තු මුල්ම දවස් වල නේ,,,මමත් මේ ටිකේම ඕක නරබනවා,,
    මම දකින විදිහට ඉතාලි උන් බයිසිකල් පදින්න දක්ශයි,,අපේ අල්ලපු ගෙදර ඉන්නවා 60 පැනපු නාකියෙක්,මූ රේස් පදින්නත් නෙමේ හැමදාම උදේ කිට ගහගෙන ප්‍රැක්ටිස්...

    ReplyDelete
  18. බලපිටියෙදි,ගාළු පාරෙදි තමයි අනතුර,වාහනයක හැපුන බයිසිකලේ බිම තියෙද්දි මනුස්සයා උඩින් ගිහින් මහපාරෙම වැටුනා.වාසනාවට එයාගේ අත කැඩුනා විතරයි.

    ReplyDelete
  19. ඔන්න මමත් හිතුවා හයියක් දෙන්න..

    එලම පෝස්ට් එකකි...

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)