Saturday 7 May 2011

රත්ගමයාගේ වර්ල්ඩ් කප් ගමන (පලමු කොටස)..

ඔන්න කාලෙකට පස්සේ ආවා රත්ගමයා මහතා...

කට්ටිය දන්නේ නැති උනාට රත්ගමයටත් ලෝක කුසලාන අවසාන මහා තරගේ බලන්න යන්න චාන්ස් එකක් ලැබුනා..මෙච්චර කල් කියන්න කියලා හිත හිත ඉදියට කියන්න බැරි උනා නේ...අද කියන්න යන්නේ ඒ කතාව.

කුප්පාභිෂේකයේ පලවෙනියා උනයින් පස්සේ හිතපු නැති විදිහට ජන අප්‍රිය උන රත්ගමයගේ ජංගම දුරකතනයට නම් නිවනක් තිබ්බේ නෑ..

ඔන්න දවසක් එකපාරටම දුරකතනය නාද වෙන්න ගත්තා,

'හෙලෝ....රත්ගමයා කතා කොරන්නේ..ඔය කවුද?'

'ආ...පුතේ....මම මේ මංමෝහන් සිං තුමා කතා කොරන්නේ..උඹ සිරිලංකාවේ හෙන ප්‍රසිද්ධයි නෙව..මමයි අපේ සහෝලා සැට් එකයි හිතුවා උඹවත් ඉන්දියා එකගෙන එන්න මැච් එක බලන්න..මොකද කියන්නේ..'

'අප්පට සිරි අංකල්..මම ඕන වෙලාවක ඔට්ටුයි..ශාරුක් අයියත් එනව නම් බැට් එකයි බෝලෙයි අරගෙන එන්න කියන්න...අපිට ප්ලේන් එකේ යන ගමන් බෝල ගාන්න ඇහැකි..'

'හරි හරි කොල්ලෝ...දැන් 235ක නැගලා කටුනායක හන්දියෙන් බැහපන්...උඹලගේ ලොක්කයි...දියවන්නවේ සැට් එකයි එතන ඇත්තේ

ඔන්න ඔහොම මට ආරාධනාවක් කොරපු එතුමා දු.ක තිබ්බා..

මම දැන් එයාර් පෝට් එකට යනවා..පාර දෙපැත්තේ අම්බානෙක සෙනග.යකෝ...මේ ඉක්මනට මම ඉන්දියාවේ යන සීන් එක ලීක් වෙලා ද...අද කාලේ කොල්ලෙකුට පාරේ බැහැලා යන්න නෑ නේ..ප්‍රේක්ෂක ජනයා මගේ අත්සන ගන්න පොරකනවා..මරා ගන්නවා උන් එතන..

පාර දෙපැත්තේ අනිත් මිනිස්සු කෑ ගහනවා..එක එකා බෝඩ් උස්සගෙන පාර දෙපැත්තේ....මේක හරියට උත්සවයක් වගේ නේ...

" කප් එක අපි ආයෙම ගේමු , රත්ගමයාට ජය වේවා , සයිබර් සැනකෙලියට මෙතනින් යන්න , අපි වවමු රට හදමු , අඩෝ..ලිබියවට අත නොතබනු , සුදු මුහුන දැක ගන්න ඉන්නේ බලා..." වගේ එව්වා තමා ඒ බෝඩ් කෑලි වල ගහලා තිබ්බේ...

කොහොමි කොහොම හරි සෙනග පීරගෙන එයාර්පෝට් එකට යන්න හම්බ උනා..මල කෙලියයි..මම යනකොට නාමල් අයියලා කලින් මෙව්වා එකේ ගිහිල්ලා..ඊලග එක එනකල් මට ටිකක් වෙලා ඉදියා..ඔන්න ප්ලේන් එක ඇවිල්ලා එයාපෝර්ට් එකේ නැවැත්තුවා..කට්ටිය දුවලා ගිහිල්ලා යන්තම් ඒකේ නැග ගත්තා..

පැය දෙකක විතර ගුවන් ගමනකින් පස්සේ අපි ඉන්දියාවට ගොඩ බැස්සා..

එයාර් පෝට් එකෙන් එලියට එනකොට ටිකක් විතර කොට සුදු ඩයල් එකක් පිට්ටුවක් වගේ ගෑනියෙකුත් එක අතක එල්ලගෙන අනිත් අතේ තඩි බෝඩ් එකක් එල්ලගෙන ඉන්නවා...

බෝඩ් එකේ සිංහලෙන් ගහලා තිබ්බා "රත්ගමයා මහතා" කියලා...අප්පටසිරි..මේ මගේ නම නේ ඕයි..මම අඩිය තියෙනකොටම මෙහේ කුප්ප කුජීතම වෙලා ගිහිල්ලා..

මමත් පනාව දාගෙන එතැනට් කිට්ටු උනා..ලගට ගියාමනේ දැක්කේ..

සීවර්ම් දෙයියනේ...මේ මිහිර් අංකලුයි තුල්සි ඇන්ටියයි නේ...

අනේ...ආන්ටි තුල්සි...ඔයා තාම ජීවත් වෙනවද..ආච්චි අම්මට තාම පණ තියනවද..."

"අනේ....සුදු පුතා එනකල් මහ ගෙදර අපි හැමෝමලා බලන් ඉදියේ.ආච්චි අම්මා තමා ගහක් ගලක් වගේ ඉන්නේ..දැන් උන්දැට 200ත් පැනලා..කතාවේ තව කොටස් 2000ක් විතර තියේ නේ..එතකල් උන්දැ ඉන්නවා යහතින්..කෝ දෙන්න අනේ ඔය මලු ටික..ඒයි කරන්...මෙන්න මේ මෙව්වා ටික මෙයාගෙ අතින් ගන්න පුතේ.."

එහෙම කිව්ව විතරයි කොට කෙට්ටු ඩයල් එකක් මගේ අතේ තිබ්බ බෑග් එක ගත්තා..

එහෙනම් අපි යමු නේද පුතා..මේ තියෙන්නේ කාර් ගොඩ..ඔයා කැමති පාටක් කියන්න..ඒ කාර් එකේ අපි යමු..

ඈ බොලේ...හරි...අංකල් එහෙනම් පටන් ගන්න....නෑ එක්කෝ මම පටන් ගන්නම්...

ටක් ටක් ටක්......

කවුද ආවේ...

රාස්සයෙක්...

මක්කටද ආවේ...

පාටක් සොයන්න..

මොන පාටද....

"අඩේ....අංකල්..මම ඉස්සර ඉදලාම ආස ලා වම්බොටු ගෙඩිය පීදීගෙන එනකොට එන පාටට..මෙතන එහෙම එකක් නෑ නේ..ඒක නිසා ඔන්න ඔය කැමති එකක යමු අනේ.."

එහෙම කියාගෙනම අපි එතන තිබ්බ කාර් එකට නැග්ගා.. තඩි තුල්සියයි කෙට්ටු මිහිරයි මැද්දේ අහිංසක මම..හිතා ගන්න ඇහැකි නේ වැඩේ...

ඔන්න ඔහොමයි කතාවේ මුල් කොටස ඉවර වෙන්නේ....

ත්ගමයා මහගෙදර ගිය හැටි...ක්‍රිකට තරගය නැරඹූ හැටි වැනි අතිශය ජුගුප්සාජනක සිදුවීම් රැසක් ඊලග පෝස්ටුවෙන් බලාපොරොත්තු වන්න,..එතකල් ඉවසලා හිටපියෝ....

23 comments:

  1. elaz... kujeethai...keep it up.... ithuru tikath ikmanta daapan... :)

    ReplyDelete
  2. අඩේ .... මට කොහොමද මේ රත්ගමයා මහතා ව ඉන්දියාවෙදි මගඇරුනෙ ? ? ?.... කොහෙද ඉතින්, මගෙ Indian fanatic ල නිසා වටපිට බලන්නවත් හම්බුනේ නෑ නොවැ...

    ReplyDelete
  3. ආ..... මහත්තයා ආවද.. කුප්ප කතාවක් අරන්.. හොදා හොදා...

    ReplyDelete
  4. කුප්පයි නෙව.... කියමු බලන්න ඉතුරු ටිකත්....

    ReplyDelete
  5. ලොවෙත් නෑ රත්තෝ... කුජීතයි..
    කාලෙකට පස්සේ මම හිතුවා බොරු කියන එක නවත්තල ඇති කියලා..

    ReplyDelete
  6. ඔක්කොම හොඳයි.
    "අද කාලේ කොල්ලෙකුට පාරේ බැහැලා යන්න නෑ නේ."
    කොල්ලෙකුට කියලා දාපු එක තමා වැරදිච්ච තැන...

    ReplyDelete
  7. කුප්පයි අති කුජීතයි.......... මරු අයියේ

    ReplyDelete
  8. එතකොට ඔය උඹෙං අස්සං ගන්න තැතනුව කෙලි පොඩ්ඩ එයාපෝට් හංදියෙ කොට්ටං ගහ යටද හිටියෙ . . . ?????

    ReplyDelete
  9. සුදු තම්බියා
    දාමු දාමු....බලන් ඉදපන් කෝ...
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ප්‍රභාත් චාමික
    හෑ..උඹ කොහේ ඉදියේ.... :O
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------
    සුදු හංසි
    ඔව් ආවා...තව බොරු ටිකක් කියලා යන්න ආවේ...
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------
    පාණ්ඩේ
    ඉවසලා ඉන්නකෝ භාන්ඩේ...
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------
    සුපර් මාරියෝ
    ඒක මගේ රස්සාව නේ...බොරු කීම...
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------
    කුරුං ගුරුං
    මම වගේ කොල්ලෙකුට පාරෙ බැහලා යන්න බෑ බන්..
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------
    බීටා
    දෙන්න මලේ අත....
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ඕනයා
    කොට්ටන් ගහට මෙහා...ඒකනේ කොට්ටන් ගහ පල්ල කිව්වේ...

    ReplyDelete
  10. මොකද බොල පරණ කතා දාන්නෙ?දාපියකො අලුත් කතා ටිකක්...

    ReplyDelete
  11. රත්ගමයා මේක තව කොහේ හරි තැනක දාල තිබ්බා දැක්කා ....

    ආපු ගමන් කුප්ප කතාවක් ..බලාගෙන රත්ගමයෝ!! මේ වගේ කතන්දර ලියලා තාත්තාගේ ඇස් රතු කරවන්න නම් එපා . හරිද ? දන්නැද්ද තාත්තා ආඩම්බර කාරයනේ ..තාත්තගේ ඇස් රතු උනොත් අපි නිකම්ම නිකං දේස ද්‍රෝහියෝ වේවි ..

    ReplyDelete
  12. හප්පා...... මේන් ඇවිත්.......

    සැප සනීප කෝමද මලේ????

    ලියමු බලන්න ඉක්මනට.
    ඒක නෙමෙයි මහගෙදර ආච්චිට එච්චර වයසෙයි???????

    ReplyDelete
  13. අද උදේ ඉදන් මහන්සිවෙලා හිටියේ.මේක කියව්වහම හිතට සතුටක් දැනුනා.චිත්‍රපටියක් බලනවට වඩා උබේ කුජීත කුප්ප කටකැඩිච්ච කතා හොදයි මලයා.ඔබට මේව ඔළුවට එන එකනෙ වැඩේ.මහගෙදර කට්ටියත් එක්කද මැච් එක බැළුවේ.

    ReplyDelete
  14. සීතල අයියා
    ඉන්න අයියා...දානවා හෙට..මේකේ දෙවනි කොටස...
    -------------------------------------------------------------------------------------------------------------------------------------------------
    හිස් අහස
    කියන්න බෑ..වෑන් එකක් ආවොත්...හික්...මේක කලින් බුකියේ දැම්මා..ඒක වෙන්න ඇති...
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------
    රොබින්
    කිතිද?
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------
    හා පැටික්කි (MS)
    1. ඔව් ඇවිත්...
    2. හොදින් ඉන්නවා
    3.ලියමි ලියමි...
    4.එච්චර වයසක් නම් නෑ..තාම කෙල්ල වාගේ...මාත් එක්ක කොපර කොපර පිපිඤ්ඤා කරා..
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------
    සෝරෝ
    කිති කැවිලා වාගේ නේ....
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------
    JHOTHISHALANKA
    හප්පා...දැන් තමා ලේ ඩිංගක් ඉනුවේ..මම හිතුවේ මෙකට හිනා යන එකක් නෑ කියලා...හිතට අප්සට් මේකේ රචනා කොරාපු විදිහ...

    ReplyDelete
  15. එල එල.. රත්ගම පැත්තේ සුදු වෑන් කාලෙක ඉදන් වැඩියිලු නේද.. කමක් නෑ ඊළග එකත් බලමුකෝ.. හැබැයි පරිස්සමින්..

    ReplyDelete
  16. එල එල.. රත්තො එක හීනෙන් එලි වෙන්නෙ නෑනෙ... :P

    ReplyDelete
  17. රත්ගම දැකලද කට්ටිය පැරදුනේ. හොඳයි හොඳයි ඉතුරු ටිකත් කියමුකෝ

    ReplyDelete
  18. මේක මීට ඉස්සල්ලා කියෝලා තියනවා බොල

    ReplyDelete
  19. මචෝ.. මමත් ගියෙ නමල්ට පස්සේ ගියපු ප්ලේන් එකේ තමා. මම යූ එන් පී නිස මට පලවෙනි එකේ යන්න දෙන්න බෑ කිව්වා.උබ ගියේ පිටිපස්සේ පා පුවරුවේද බන්??????
    ප්ලේන් එකේ දමිත් අසන්කගේ සිරා සින්දු ටිකක් ගිය පට්ට නේ.....මම දැක්කා උබ කාටද හේත්තු වෙලා.... (එක්කෝ ඕන නෑ) .. නෑ නෑ.. මම මුකුත් දැක්කේ නෑ...
    දිව දොට්ට...
    ජය වේවා

    ReplyDelete
  20. වම්බට්ට කොහෙද යකෝ පීදෙන්​නේ, මෝරනවා මිසක්...

    ReplyDelete
  21. අපරාදේ අපිට එහෙම ඉන්දියාවේ යන්න සෙට් වෙන්නේ නෑනේ බොල. මාරම ෆන් ඇති නේ ඉන්දියා ගමන නම්. එල එල රත්ගමස් මල්ලි

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)