Tuesday 12 June 2012

රත්ගමයා ආපසු එයි - "චික්...මොනවද මේ..සුදු පාටට උකුවට ඇග පුරාම"


කාලෙකට පස්සේ මුකුත් ලියන්න බැරි උනා.ලිව්වත් දාන්න බැරි උනා.ඒකට හේතුව උනේ ඉස්සරහා කාමරේ එකාගේ ඩොන්ගල් එක මගේ අතින් නැති වීම.දැන් ඉන්ටර්නෙට් යාම කෙසේ වෙතත් කලිසමක් වත් උගෙන් ඉල්ලනවා බොරු.ඒක නිසා හා හා පුරා කියලා මමත් ගත්තා අලුතෙන් කලිසමක්.කලිසමක් විතරක් අරගෙන්න මදි නිසා ශර්ට් කෑල්ලකුත් ගත්තා.ඩොන්ගලේ නැති උනේ අරූගේ.වාසි උනේ මට.

කොහොම කොහොම හරි පස්සේ දවසේ උදේ පාන්දර සූර්යා ඩොටේ නගිද්දි ඇහැරිච්ච මම අලුත්ම කලිසමයි ශර්ට් එකෙනුයි සැරසිලා හැඩ බැලුවා.
ශා.....මම නිකන් රත්ගමයා වගේමයි.දත් මැද්දේ නැති උනාට මූන හේදුවේ නැති උනාට ඒ ඔක්කොම අඩුපාඩු මග ඇරගන්න පුලුවන් එකම එක සෙන්ට් පාරකින්.වැඩිය හිතෙන්නේ නැතුව මේසේ උඩ තිබුන බොඩි ස්ප්‍රේ එකෙන් ඩිංගක් ඇගට ගහගත්තා.....

ඉකේ...මේ මේ මොනවද මේ...සුදු පාටට උකුවට ඇග පුරාම...
සෙන්ට් එකේ වයර් මාරු වෙලාවත් ද?.ඒ අස්සේ කොහෙන්දෝ හිනා හඩක් ඇහෙනවා..

"හූ හු....ඇද්ද තොට..මගේ ඩොන්ගල් එක නැති කරලා අලුත් ඇදුම් ගත්තට.."

"චික් විතරක් නරක සමනලයා...තෝද මගේ බොඩි ස්ප්‍රේ එක වෙනුවට ශේවින්ග් ක්‍රීම් එක මාරු කරපු සුදු රෙදි හොරා.අනේ තොට කැන්ටිමේ කෑම විස වෙලා බඩ විරේක වෙයන්.."

උගේ ජාතිය අමතලා ඉවර වෙච්ච මම ඇන්ඩ්‍රොයිඩ් මෙව්වා එක තියෙන ෆෝන් එකෙන් අපේ ගෙදරට කෝල් එකක් ගත්තා.ගෙදර කට්ටිය මම නැතුව පාලුවෙන් ඇත්තේ.මගේ හිත ජුංජන් දුකකින් පිරිලා ගියා.
දෙපාරක් විතර නාද උන ෆෝන් එක එහා කොනෙන් ඉස්සුවා..

"හෙලෝ"

ආ....චූටි මල්ලිද කොහේද....

"හෙලෝ..ඕයි මේ මම..."

"මම මම ගාන්නේ..නම කියන්න."

මේ ගෝනි බිල්ලාට මගේ කටහඩත් අමතක වෙලාද කොහෙද.

"ඕයි මේ මම යකෝ.."

"සමාවෙන්න...රෝන්ග් නම්බර්"

"යකෝ..බිබික්කමෝ...තොට ඉදියද ලොකු අයියා කෙනෙක් කැම්පස් එකේ ඉගෙන ගන්න ගියපු."

"ම්ම්ම්ම්ම්ම්....ලොකු අයියා කෙනෙක් නම් ඉදියා වගේ ලාවට මතකයි...ඉතින්"

"ඉතින් නෙමේ බොල..අන්න ඒ ලොකු අයියා තමා කතා කරන්නේ.."

"අපෝ..තෝද...මම ඒත් හිතුවා කෝල් එකක්වත් නැති කොට තෝව සුදු වෑන් එකකින් වත් උස්සලද කියලා.ඉතින් මොකටෙයි ගත්තේ..."

"අම්මට කියපිය මම මේ සතියේ ගෙදර එනවා කියලා."

"හා..මම තියෙනවා මට පන්ති යන්න ඕනා"

එහා කෙලවරින් ෆෝන් එක තිබ්බම ඇහෙන ටීක් ටීක් මෙව්වා එක ඇහුනේ නැති නිසා මම කෝකටත් ෆෝන් එක කනේ තියාගෙනම ඉදියා.

"අම්මේ....."

එහා කෙලවරින් චූටි මල්ලිගේ කට හඩ ඇහෙනවා..ශුවර් එකටම අම්මට පණිවිඩේ කියන්න තමා මූ යන්නේ.කොච්චර උනත් චූටි මල්ලි මට ආදරෙයි.ගෙදර එනවා කිව්ව ගමන් ඉවසිල්ලක් නැතුව ඇත්තේ..

"අම්මේ....අන්න ලොකු එකා මේ සතියේ එනවලු.මම යනවා මගේ ඇදුම් ටික හංගන්න.පොඩි අයියා ආවම එයාටත් කියන්න එයාගේ සෙන්ට් බෝතල්,ඔරලෝසු ටික පේන්නේ නැති තැනක හංගන්න කියලා.මේ සති අන්තේ ඉවරටම ඉවරයි.."

ෆෝන් එක පොලවේ ගහන්න මට හිතුනත් මම එහෙම කරේ නෑ.කොච්චර උනත් ඇන්ඩ්‍රොයිඩ් නේ...

කොහොම කොහොම හරි සතිය ගෙවිලා දන්නේම නැතුව මම ගෙදරටත් ඇවිල්ලා.මහනුවර ඉදලා මාතරටම කෝච්චිය තියෙන නිසා කිසි කරදරයක් නැතුවම ගෙදරට එන්න පුලුවන්.

ගෙදර ආවම ඉතින් මට රජ සැලකිලි තමා.කන්න ලගට ගෙනත් දෙනවා,බොන්න ලගට ගෙනත් දෙනවා..සැලකිලි කෝටියයි.(මම එහෙම හිතන් ඉදියා )

ගියපු පලවෙනි දවසේ පොල්සම්බලුයි බතුයි,ඊට පස්සෙන්දා උදේට කෑම නෑ.ආයේ දවල්ට බතුයි පොල්සම්බලුයි,රෑට පොල් සම්බලුයි පානුයි.

"මොනවද අප්පා මේ කෑම..මේ රටේ තියෙන්නේම පොල් ගස් විතරද?" 
හදවතේ තෙරපුනු වේදනාව වචන වෙලා එලියට පැන්නා.

"නෑ..තොට ඕන නම් තණකොලත් තියෙනවා.ඒත් හැමදාම කන කෑම නේද කියලා අම්මා හදලා නෑ."

ලොකු මල්ලි අමානුශික විහිලු කරනවා..මූ දැන් කොලොප්පන් කරන්න ටියුශන් ක්ලාස් එකකට වත් යනවද මන්දා..මීට වඩා හොදයි කැන්ටිමේ තියෙන කෑම ටික කාගෙන කැම්පස් එකට වෙලා කෙල්ලෙක් එක්ක කිරි හලට ගිහින් කුක්කු ටිකක් බිව්ව නම්.ඔක්කොම හරි ඒත් කෝ කෙල්ලෙක්..? කොහේද අපේ අම්මලට කිසිම ඕන කමක් නෑ නේ මේ ගැන.
නෑ මම අහන්නේ..මම දැන් ලොකු ලමයෙක් නේද? හ..
අපි නිකන් ගෙදට්ට නාකි වෙනවා.අපේ වයසේ කෙල්ලෝ කසාද බැදලා දරුවොත් අපිට මාමේ කියනවා.මේක මහා කුරිරු ලෝකයක්.
මේ හිතට දැනුන වේදනාව තුනී කරගන්නත් එක්ක මම බොන්න හිතුවා.සෑහෙන කාලෙකින් හොද ශොට් එකක් දාන්න බැරි උනා.

"චූටී.....චූටි මල්ලෝ....කොහේද මේ හොර ගෙඩියා.."

හැමදේටම කඩේ යවන්න ඉන්නේ මූ නිසා මම සද්දෙට ඌට කතා කරා..

"මොකෝ තොට වෙලා තියෙන්නේ අද.මොනවද ගේන්න ඕන"

"මට බොන්න නෙක්ටෝ එකක්"

"එහෙම කඩේ ගිය කාලේ ඉවරයි අයියේ..ඕනම නම් මට පගාවක් දෙන්න වෙනවා"

"චික්..මූත් ස්වර්නවාහිනියේ නිව්ස් බලලද කොහේද මහා අවලම් වෙලා.තව ටික දවසකින් මට පිහියෙන් ඇනලා හරි ගගේ ගිල්ලවලා හරි මූත් යනවා ඔය අසූචි වාහිනියේ නිවුස් වලට..

"මම කියලා තියෙනවා නේ උඹට රෑ අටට ඕක බලන්න එපා කියලා.ඒක වැඩිහිටියන්ට පමනයි වැඩසටහනක්."

"මම බලන්නේ දගර වලිග ලප වානර විතරයි. හ.. පගාව කිව්වේ සල්ලි නෙමේ යකෝ..අද හවස මාව එක්ක යන්න ක්ලාස් එක ගාවට වර..හැබැයි කාර් එකේ එන්න ඕන."

හෑ...යකෝ මූ ගිය උඩක්..ශුවර් එකට කවුරු හරි කෙල්ලෙක්ට පේන්න තමා මූ මේ එන්න කියන්නේ.ඒත් කමක් නෑ..මූට හරි යනවා කියන්නේ මට හරි යනවා වගේ තමා නේ.

"හරි එන්නම්.දැන් නෙක්ටෝ එක ගෙනෙන්.මට දිව රතු වෙන්න බොන්න ඕනා"

ඌව කඩේ යවලා නෙක්ටෝ එක ගෙන්න ගත්තු මම ඇදට වෙලා ඇලට් එකක් දැම්මා.
ලාවට නින්ද යාගෙන එනකොටම වෙච්ච කුජීත  දේ..ඒ වගේම චූටි මල්ලිත් එක්ක පන්ති ගිහින් එනකොට පොලීසියේ රාලහාමිට අහුවෙලා උන දේවල් වගේ මහා භයානක ඇග කිලිපොලා යන ලිංගික දර්ශන සහිත කොටස් වලින් පිරිච්ච් දෙවන කොටසින් ලගදීම හමුවෙමු...

104 comments:

  1. ලොකු අයියාට මෙච්චර අමානුෂික විදිහට මල්ලිලා සළකන්නේ වෙන කොහේද ???

    ReplyDelete
    Replies
    1. වෙන කොහේද ඉතින් අපේ ගෙදර මිසක්.... :)

      Delete
  2. නිකන්ම අවලංගු වෙලා වගේ...

    ReplyDelete
    Replies
    1. එහෙම අවලංගු වෙන්නේ නෑ...මම මිස්ටර් ලොකු අයියා...

      Delete
  3. තොපි තුන්දෙනාව වෙනම පන්තියකට යවන්ඩ ඕනා එකිනෙකාට කතාකරන්ඩ ඉගන ගන්ඩ..

    ReplyDelete
    Replies
    1. මම ආදරෙන් නේ මුන්ට කතා කරන්නේ..හ...

      Delete
  4. අනේ අම්මේ මේ අයියලා මල්ලිලා ටික එකතු උනාම ගෙදර කොහොමට ඇද්ද ?

    ReplyDelete
    Replies
    1. මල්ලිලා කිව්වේ ? හැංගිච්ච මල්ලිලාද ?

      Delete
    2. හරිම සංසුන් සාමකාමී වටපිටාවක් තියෙන්නේ

      Delete
  5. හයියෝ මල්ලි...හයියෝ සල්ලි! :P

    ReplyDelete
    Replies
    1. සල්ලි වැඩි නම් දියන්

      Delete
  6. //කෙල්ලෙක් එක්ක කිරි හලට ගිහින් කුක්කු ටිකක් බිව්ව නම්.// කිරිහලකට යන්න කිව්වේ....?

    ReplyDelete
    Replies
    1. umba wage P lata owwa therenne naa

      Delete
    2. කෙල්ලෙක් එක්ක කුක්කු බොන්න කිරිහලකටම යන්ඩ ඔනිද ඇහ් ?

      Delete
    3. ponz ubata matak wenne owa tama..man me dagena post eka liuwa uba awith magulak kiyawala wana karanawa post ekama..

      Delete
    4. පොන්නයන්ට තේරෙන්නෙ නෑ තමා. ඒකනෙ මගේ කොමෙන්ටුවෙන් කියන දේ තේරෙන්නෙ නැත්තෙ.

      Delete
    5. කවුද බං මේ "ඇන්න පොනෝ"

      කමෙන්ට් එකක් තේරෙන්නෙ නැහැ. නම ගම එක්ක කමෙන්ට් දාන්න කොන්දක් නැහැ.

      Delete
    6. හරියට නිකන් සෑම්.. රාජ් කියපුහම මුළු ලංකාවම දන්නවා වගේ ..... කොහේ හරි තියෙන නමක් දාගෙන උදේ ඉදන් රෑ වෙනකන් එක එක අඩවි වල මන්ද බුද්දික කතා කොට කොට ඉන්නවා

      Delete
    7. @Anonymous12 June 2012 23:21 = ඒ ඇනෝ උඹත් එහෙමෙයි. මේ වගේ බුද්ධිමත් උත්තර දෙන්න ඇනෝ කෙනෙක් වෙලාම එන්න ඕනේ නේ.

      Delete
    8. ඇනොනිමස් ආතල්....

      Delete
  7. හික් .. හික් .. සුදු පාටට උකුවට ඇඟ පුරාම කිව්වම මම හිතුවෙ වෙන මෙව්ව එකක්ය කියල. මොනව උනත් මල්ලිල දෙන්න අයියට පන ඇරල ආදරෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. වෙන මොනවයි..චික් විතරක් නැහැදිච්චකම...

      Delete
  8. මරු මල්ලි.....ඔහොම තමා ඉන්න ඕනි....

    ReplyDelete
  9. අපේ මලයා එහෙම මෙහෙම නෑ.. ඌ මට බොක්ක දෙන්න ඉන්නෙ.... වැඩ ඉවර උනු වෙලාවක කාමරේට එන්න.

    ජය වේවා පෝස්ට් එක සුපිරි......

    ReplyDelete
    Replies
    1. අපේ උන් දෙන්නත් බොක්ක දෙනවා උන්න්ට වාසියක් වෙනව නම්...

      Delete
  10. පව් බන් උබ... තනි ඇහැට ඇඩෙනවා

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. ඒ මේ... මං නිකමට අහන්නෙ.. උබේ බොඩි ස්ප්‍රේ එක බ්ලැක් නයිට් ද බං?

    හයියෝ සල්ලී... දැං ඔයාට කාර් එකක් තියෙනවයි කිව්වනං මේ ඔක්කොම අහවරයි නේ බං....

    ReplyDelete
    Replies
    1. තව එක එක ඒවා තියේ..ඒවා ඉස්සරහට දාන්නම්....නම මතක නෑ..ඒකත් අනුන්ගේ

      Delete
  13. ඩොංගලේ නැති උනා නම් තෝ මේක ලිවෙ අහවල් එකෙන්ද?

    ReplyDelete
    Replies
    1. Muu nathikaragaththe uge dngl eka newei muu nathi kale mage dngl eka dan man anaathai muu net yanawa

      Delete
    2. ඔන්න නිවැරදි පිලිතුර

      Delete
  14. මුං සෙට් එක වගේ සෙට් එකක් ලොවෙත් නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. ලොවේ නෑ....අපේ ගෙදර ඉන්නවා...

      Delete
  15. සුදු පාට උකු කිවුවම මම හිතුවේ වෙන දෙයක් :) :D

    ReplyDelete
  16. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක සල්ලි වුණාට ඇන්ඩ්‍රොයිඩ් නම් නිකං දෙන එකකි..එනිසා පොලවෙ ගහපිය..
    සුදු පාටට ආවෙ බොඩි ස්ප්‍රේමදැයි මට නම් ෂුවර් නැත..
    උඹෙ වගේ මල්ලිලා ලැබීමට පෙර ආත්මයේ ආනන්තරිය පුඤ්ඤකරුම කර තිබිය යුතුමය..
    නෙක්ටෝ කොම්පැණියෙන් උඹට මාසෙකට කොමිස් කීයක් දෙනවැයි?
    කාර් එකේ රෙන්ට් එකට මාසෙට කීයක් ගෙවනවැයි?
    අනිත් ඒවා නම් මක්කා වුවත් කක්කා වාහිනිය ගැන නම් කියා ඇත්තේ අමූලික ඇත්තය..බඩ පිරි සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. උඹ එකක් අරන් මට පොලවේ ගහන්න දියන්... කාර් එක හෙන ගානක් උනා යකෝ....

      Delete
    2. උඹ පොලේ ගහල කක්කා @ 8 වල දාපංකො..ඊට පස්සෙ අර මාල හැට හුටාමාරක් දාගත්තු භද්‍රකාලි අම්මියාන් දේවාලෙ උන්දැ උඹට කාර් එකක් අරන්දෙයි..

      Delete
  17. දෙවනි කොටහත් දාපිය,යකෝ බොලය් ගෙවල් පෑත්තේ කොහොමත් මහ කාලකනි පොලිස් සෙට් එකක් ඉන්නව,බුස්ස රත්ගම අතර,රෑට මුන් දෙන වදයක්....

    ReplyDelete
    Replies
    1. ඉකේ...රෑට රෑට අපේ පැත්තේ පොලිස් මාමිලා එක්ක මක්කා කරනවද දන්නේ නෑ

      Delete
  18. මාත් මැරි මැරි ඉන්නේ ඉක්මනටම ක්‍රීම් සෝඩ උගුරක් ගහන්න පුලුවන් දවස එනකං! මෙහෙ එව්වා නැහැ නෙ!

    ReplyDelete
    Replies
    1. ක්‍රීම් සෝඩා මොකටද බොන්න නෙක්ටෝ...

      Delete
  19. සෑම ලොකු අයියා කෙනෙක්ටම සමාන අත්දැකීං..
    ලංකාවේ සංස්කෘතිය ඈ..

    ReplyDelete
    Replies
    1. වාසනාවන්ත අයියලාගේ කතාව

      Delete
  20. රත්(යී)ගමය ගෙදර එනවට ගෙදර කවුරුත් නෑ වගේ !!! කුජීතයි !!!
    ඊලඟ කොටසත් බලලම ඉදිමු !!!

    ReplyDelete
    Replies
    1. ගෙදර උන්දලා ගනන් ගන්නේ නෑ නේ

      Delete
  21. බොලාගෙ අම්මට සම්මනයක් දෙන්න ඕනේ... බොඅලත් එක්ක ඉහ ගහගෙන ඉන්නවට

    ReplyDelete
    Replies
    1. දිරිය කාන්තා සම්මානය වගේ එකක්?

      Delete
  22. බොට හොද වැඩේ...ගෙදර උදවිය උබට සලකනවා වැඩි....අනික් කොටසත් දාපන් ඉක්මනට...

    ReplyDelete
  23. කුජීතයි.මල්ලිලා ඔහොම වත් සලකනවා ඇති.

    ReplyDelete
    Replies
    1. මේකට කියන්නේ සලකනවා කියලයි :O

      Delete
  24. හප්පටසිරි
    චූටි මල්ලිත් එක්ක පන්ති ගිහින් එනකොට පොලීසියේ රාලහාමිට අහුවෙලා උන දේවල් වගේ මහා භයානක ඇග කිලිපොලා යන ලිංගික දර්ශන සහිත කොටස් වලින් පිරිච්ච් දෙවන කොටසත් ඉක්මනට දාහන් අය්යේ :ප

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා හිටින්..

      Delete
  25. මල්ලිල අයියට හරි ගරුසරුයි වගේ..

    ReplyDelete
    Replies
    1. මෙහෙම මල්ලිලා ලබන්න මම මාර පින් කරලා තියෙන්නේ ඕන

      Delete
  26. ආ... අයියටත් ඇන්ඩ්‍රොයිඩ් එකද්ද තියෙන්නේ? :p

    ReplyDelete
  27. අඩේ මං ආසම මැක්සා ලිවිල්ලක් මචෝ. පට්ට. ඈ... අර මොනවද දර්ශන සහිත ජවනිකා ටික ඉක්මනට දාන්ඩෝ එහෙනම්

    ReplyDelete
  28. නෙක්ටෝ බීල වාහන එළවලා පොලිසියෙන් අල්ලයි වගේ .....

    ReplyDelete
  29. ඇ රත්ගමයෝ උබට ඇන්ඩ්‍රෝයිඩ් එකක් තියනවා කියලා එහෙනම් රටටම කීවා...:)

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් එක කියල ගොඩක් කල් මේක කිව්වේ කාර් එකක් තියෙනවා කියන්න

      Delete
    2. කාර් එකකුත් තියෙනවා ඇන්ඩ්‍රෝයිඩ් ෆෝන් එකකුත් තියෙනවා මාරයි අෆ්ෆා.

      Delete
    3. ඒවා හෙලි කරලා ගොඩක් කල්....

      Delete
  30. මල්ලිලා ඉතින් ඔහොම තමයි.... අයියලට හරිම ආදරෙයි නොවැ....!

    මගේ මල්ලිත් එහෙමයි.... ඒ කාලේ මාව හම්බවෙන්න යාළුවෙක් ආවහම...."තමුසේ මොකටද මෙහේ ආවේ..?" කියලා ආගන්තුක සත්කාර පුද කරනවා.....!

    තව එකක් රත්ගමයෝ, අර ඇඩ්වර්ටීස්ට්මන්ට් පාරත් නරකම නෑ....! අර නයාව ඇරිය ටික.....!

    අන්ඩ්‍රොයිඩ් එක, කාර් එක, ඔරලෝසු "ටික"....

    ReplyDelete
    Replies
    1. අපිට ඉතින් ටීවී එකේවත් ඇඩ් එකක් දාලා දෙන්නේ නෑ නේ මෙහෙම දාගත්තොත් මිසක්

      Delete
  31. කුක්කු කියනකොට ගෙදර මතක් වෙනවා ඔයි.. හික්...!
    ඇහුවට තරහ වෙන්නෙපා මලේ, දැන් කිරි හලේ ඕවට වෙනම තැනක් වෙන් කොරලා තියනවැයි...?
    ජය...!

    ReplyDelete
    Replies
    1. වෙනම තැන් නම් නෑ අයියේ...ඒ බංකුව උඩම ඉදන් තමා ඉතින් කුක්කු ඩ්‍රින්ක් කරන්නේ

      Delete
  32. මේක නයි පෝස්ට් එකක්ද කොල්ලෝ . . .හික්z

    ReplyDelete
    Replies
    1. පිස්සුද දුකා අයියා...නයා යවනව නම් තව කොච්චර දේවල් තියේද කියන්න

      Delete
  33. ඊලග එකේ අසභ්‍ය ඒවත් තියෙනවද? එහෙනම් බලන්නම එපැයි.. උබට ගිය කලදසාව ගැන මේ කල්පනා කලේ.. සතියකට පාරක්වත් ඇවිත් නම ලකුණු කරලවත් පලයන්..

    ReplyDelete
    Replies
    1. ඩොන්ගල් එකක් නැතුව මේ ටිකේ වේලෙනවා...මේ පාර නම් සල්ලි බලන්නේ නෑ එකක් ගන්නවමයි

      Delete
    2. ඇයි බං කැම්පස් එවුන්ට දෙනවා නේද ඩොන්ගල් සහන මිලට ඩය-ලොග් එකේ උන්දලා?

      Delete
  34. හිකිස්.... ඇඩෙනවා...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  35. උබ ගොඩක් කෑලි අතින් දැම්ම නේද? :)

    ReplyDelete
    Replies
    1. පිස්සුද අප්පා...ඇත්ත ඇති සැටියෙන්

      Delete
  36. මේ ඔක්කොටම හේතුව අර කෙහෙල්මල් strike එකනේ බන්!නැත්නම් ආතල් එකේ කැන්ටිමේ බත රස බල බලා ඉන්න පුලුවන්නේ!

    ReplyDelete
    Replies
    1. පොල්සම්බලයි බතුයිට වඩා ඒක හොදා

      Delete
  37. නියම මල්ලියෙක්නේ......ඊළඟ කොටසත් දානකම් අපි බලාගෙන ඉන්නවා......

    ReplyDelete
  38. "ගෙදර ආවම ඉතින් මට රජ සැලකිලි තමා.කන්න ලගට ගෙනත් දෙනවා,බොන්න ලගට ගෙනත් දෙනවා..සැලකිලි කෝටියයි.(මම එහෙම හිතන් ඉදියා )" මමත් හැමදාම ගෙදර යද්දී මෙහෙම හිතනවා ;)

    ReplyDelete
    Replies
    1. හිතන්නේ නැතුව ආව නම් ඉවරයි

      Delete
  39. මෙහෙමත් සහෝදරකමක්!
    henryblogwalker the Dude

    ReplyDelete
  40. ඒ එල එල ................................

    ReplyDelete
  41. ඉකේ....එච්චර දිගට දාන්නේ නෑ....

    ReplyDelete
  42. මූ ඉස්සරහා කාමරේ එකාගේ ඩොන්ගල් එක බොරුවට නැති වුනා උට කියලා, ඒක විකුණලා ඇදුම් අරගෙන ඇත්තේ ෂුවර්.. මොනා වුනත් තත්වය සෝචනීයයි බං. :P

    ReplyDelete
  43. හම්මෝ.. නයි ටිකක් නටවලා අර කිරිහල ගැනත් ලියලා.. මො-බි- ටෙල් ජෝන්ගලයක් වත් අටෝගනින්.

    ReplyDelete
  44. ane pako boru nodha hitapan... wal ponnaya

    ReplyDelete
  45. //මීට වඩා හොදයි කැන්ටිමේ තියෙන කෑම ටික කාගෙන කැම්පස් එකට වෙලා කෙල්ලෙක් එක්ක කිරි හලට ගිහින් කුක්කු ටිකක් බිව්ව නම්.//

    හෑ.... කැන්ටිං වලත් කුක්කු බොන්න ස්පොට් හදලා තියෙනවද??? යකෝ කැම්පස් ගිහින්ම අත්හදා බලන්න වටින වැඩක්නේ....

    පට්ට ලිවිල්ලක් සහෝදරයා...

    ReplyDelete
  46. හපොයි....උබලගේ ගෙදර එවුන්ට උබව ඇලජික් වෙන්ඩ හුනියමක්වත් කරලද දන්නෙ නෑ කව්රුහරි ....හොද කට්ටඩියෙක් අල්ලල තොයිලයක්වත් කරහන්...
    නැත්නම් ඔහොමත් සලකනවද බන් ලොකු අයියට මල්ලිල....
    2 කොටසත් දාපන් අර තියනව කිව්වා ලිංගික දර්ශන කොටු කොටු ඇතුව දාන්න....පොඩි එවුනුත් එනවනෙ මෙව්ව බලන්න...

    ReplyDelete
  47. ඔක්කොම බඩපිස්සු එක බොට්ටුවේ රත්ගමස්... මොකද කිවුවොත් අපේ අයියා තම රට.. ලඟදි ලංකාවට එනවා.. ඔන්න අපෙ නංඟි අයියට දෙන උපදෙස් :-
    "අයියා , ඔයා ගෙදර ආවාම , හැමදාම ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඉස්කෝලෙ ලඟ හිටගෙන ඉන්න ඕනෙ.. මොකද අපෙ ඉස්කෝලෙ කොල්ලො කුරුර්ට්ටො දැන ගන්ඩ ඕනෙ මට අයියා පරාණයක් ඉන්නවා කියලා.. කාරෙකේ එන්ඩ පුළුවන් නං වඩා හොදයි.."

    ඔන්න.... ඉතිං තව වෙන මොනවද..?:D

    ReplyDelete
  48. Hi, I do think this is a great website. I stumbledupon it ;)
    I'm going to revisit once again since i have bookmarked it. Money and freedom is the best way to change, may you be rich and continue to help other people.
    Also visit my webpage :: my blog joomla

    ReplyDelete
  49. මරේම මරු
    ගියපු පලවෙනි දවසේ පොල්සම්බලුයි බතුයි,ඊට පස්සෙන්දා උදේට කෑම නෑ.ආයේ දවල්ට බතුයි පොල්සම්බලුයි,රෑට පොල් සම්බලුයි පානුයි.

    "මොනවද අප්පා මේ කෑම..මේ රටේ තියෙන්නේම පොල් ගස් විතරද?"
    හදවතේ තෙරපුනු වේදනාව වචන වෙලා එලියට පැන්නා.

    "නෑ..තොට ඕන නම් තණකොලත් තියෙනවා.ඒත් හැමදාම කන කෑම නේද කියලා අම්මා හදලා නෑ."

    ඒක තමයි මරුම කෑල්ල

    ReplyDelete
  50. මල්ලිල හොදට සලකනවා වගේ අයියට ... අයියගෙ හැටි හිතාගන්න පුලුවන් ඒකනෙ ගෙදරට එනකොට මල්ලිල බඩු හන්ගන්නෙ :p

    ReplyDelete
  51. යකෝ නෙක්ටෝ එක හොදම දිව රතු පාට වෙන කොටසේම නවත්තල

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)