Monday 25 June 2012

මතකයන්......( ලිව්වේ රත්ගමයා )

 මතක 1

වැව් බැම්මට උඩින් ඉදන් හුලං පොදක් විද ගන්නට
ආල කතා කොදුර කොදුර ඔයත් එක්ක ගුලි වෙන්නට
නුග ගස් යට වාඩි වෙලා නුඹෙ තනුවට ගී හදන්ට
පෙරුම් පිරුව පුංචි හිතට සිද්ද උනේ දුක් විදින්ට

ඈත අහසේ පියඹන්නට මාත් එක්ක පෙරුම් පිරුව

වලාකුලක සැගවෙන්නට ආසාවෙන් බලන් උන්න
පාලු රැයක එලි වෙනකල් කන් පිරෙන්න කතා කෙරුව
පුංචි හිතට දුකක් දුන්නේ කොහොමද ඔබ මට කියන්න

දෑ අවුරුදු ප්‍රේමය හිත විදව විදව රිද්දනකොට
අපේ පුංචි මතක අස්සේ හීනෙන් මම තනි වෙනකොට
ඔයා කියපු බොලද වදන් දෙසවන් මගේ පුරවනකොට
ඇස් පියාන නිදා ගන්නේ කොහොමද මම
සත්තකටම



මතක 2
තරු තිබුනට අහස පුරා එක තරුවක් හිනා වුනා
තරුනකමට ආදරේට මාත් ඔහේ කතා කරා
විනාඩියක් අහස දිනා නොබලා ඉන්න නොහැකි උනා
තරු කුමරිට ජීවිතේට වැඩියෙන් මම ආල කලා

ඔයා දුරයි තරු කුමරියේ ලං වෙන්නට නොහැකි තරම්
ආලෝකයවත් වීලා එන්න හිතයි ලගට දුවන්
කෝල බැලුම් ආල කියුම් මතකයි ඔබ දුර ඉදියත්
ආදරයෙන් පිරෙවුනේ හිත හිතා ගන්න බැරිය තවත්

නවතින්නෑ කාලය අද අපිට හොරා යන්න ගියා
ඩිංග ඩිංග ආදරයේ එලිය ඔබෙන් ඈත් උනා
පොලවේ ඉදන් ආකාසෙට දුවලා එන්න හිත් දුන්නා
ඉරුත් එක්ක ඉගි කරලා සදුත් එක්ක යාලු උනා

27 comments:

  1. ඉරුත් එක්ක ඉගි කරලා සදුත් එක්ක යාලු උනා
    මොනා කරන්නද ඉතිං
    හිත හදාගන්න තියෙන්නේ...

    ReplyDelete
  2. hikz, උඹේ කවි නවකතා වගේ දිගයි නේ.

    ReplyDelete
  3. එහෙනං ඒකත් පිට ගියා ඈ..

    උඹට - සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. ලස්සනයි....

    ReplyDelete
  5. ඕවා ඔහොම තමයි..........

    ReplyDelete
  6. පට්ට කවි සෙට් එක !!!

    ReplyDelete
  7. මොනා කරන්නද මචං...!!

    ReplyDelete
  8. මමනම් ඉවසපන් පපුව කියලා අත ගානවා බිත්තිය.... ජය..!

    ReplyDelete
  9. ඉරුට වඩා සඳු සිසිළයි කියල හිතෙන්න ඇති...

    ReplyDelete
  10. සුපර්බ්බ්බ්බ්බ්බ්බ්

    ReplyDelete
  11. සිරා නම් ට්‍ර‍යි එක දීලා දීලා වැඩේ ලොස් උනාම කලේ උණු උණු ප්ලේන්ටියක් එක හුස්මට පපුව පිචිචිලා යන්නම ගහල දාපු එක.... මාරම කික්..... දැනෙන්න ලියා තිබේ

    ඔබට ජය!

    ReplyDelete
  12. විරහව බලන බලන හැම තැනම.මුං බූට් කාලා නවතින්නෙත් නෑ, උං ගාව බූට් ඉවර වෙන්නෙත් නෑ..

    ReplyDelete
  13. කිසිවක් නොකියමි.. ඒ බව කියා යමි!!
    ජය වේවා!!

    ReplyDelete
  14. මෙන්න රත්ගමය BOOOOOOOOOOOOOOOOOOOOOOOOOT එකක් කාලා !

    ReplyDelete
  15. රත්ගමයෝ මතක දෙකම බූට් ද? හික්. හික්. :) :) :) :D :D:D :D

    ReplyDelete
  16. මතක 3 ක් නොලියවේවා කියලා ප්‍රාර්තනා කරනවා. ලස්සන කවි ටිකක්

    ReplyDelete
  17. lassanai....a wagema godak duka hitena kawi tikak.......

    ReplyDelete
  18. ඉතිං මොකද කරන්නේ?

    henryblogwalker the Dude

    ReplyDelete
  19. ලස්සනයි.....

    ReplyDelete
  20. නියමයි නියමයි උත්කෘෂ්ටයි :)

    ReplyDelete
  21. "පොලවේ ඉදන් ආකාසෙට දුවලා එන්න හිත් දුන්නා
    ඉරුත් එක්ක ඉගි කරලා සදුත් එක්ක යාලු උනා"..

    ගොඩක් කතාවල මෙහෙමලු...

    ReplyDelete
  22. ලස්සනයි ඒත් දුකයි ඔහොම තමයි ජීවිතේ දුක වැඩියි සතුට අඩුයි! හිත හදා ගන්න කොහොමත් කවදා හරි ඔක්කොම දාලා යන්න වෙනවා නේ.

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)