Thursday 20 December 2012

අවසාන මොහොත - "මම ඔයාට ආ........"


මෙය කීමට තිබුනේ බොහෝ කලකට පෙරය.සමහර විට ඇයව හදුනා ගත් දිනයේදීමය.නමුත් මේ අවසාන මොහොතේ ඇය කුමක් සිතාවිද.
උල්කාපාතයක් පොලව මතට කඩාගෙන පතිත වනවාට වඩා කම්පනයක් ඇයට දැනෙන්නට ඉඩ ඇත.
සත්තයි...මා එය එදා කියූවා නම්....
ඔව්....
එසේ නම් ලෝක විනාශය ඇයට අරුමයක් නොවන්නට ඉඩ තිබුනි.ඒ කම්පනය ඇයට තවත් එක විහිලුවක් වන්නට ඉඩ තිබුනි.නමුත් කාලය ගත වී අවසානය.
ඇයගේ දෙතොලෙහි වෙවුලන ස්වභාවය අගල් පහලවක් තරම් කුඩා වූ පරිඝණක තිරය මත දී වුවත් පැහැදිලිව දැක ගැනීමට හැකිය.ස්කයිප් ඔස්සේ සම්භන්ධ වී සිටින කී දහසක් දෙනෙකුගේ දෙතොල් මේ අයුරින් වෙවුලනවා ඇතිද.?
දෙවියනේ...ඇයගේ දෙතොල හන්තාන කන්ද මුදුනේ සීතල මිහිදුම් අතරේ තනි වූවෙකුගේ මෙන් සුදු මැලි වී ඇත.සමහර විට ඇය බියෙන් තැති ගෙන ඇත.

"තව කොච්චර වෙලාවක් අපිට ඉතුරුයිද?"'

සැලෙන දෙතොලෙන් ඇය විමසුවාය.

"මම දන්නේ නෑ නිර්මාණි.සමහර විට තව පැයක්.."

ඇය අත් ඔරලෝසුව දෙස දෙනෙත් යොමු කලාය.

"හ්ම්ම්ම්ම්ම්..පැයක්...මේ පැයට ඔයා මොනවා කරන්නද හිරූශ.විනාස වෙලාම යද්දෙන්.."

යටි අරමුණක් ඇතිව ඇය එල්ල කල වදන් හදවත මතම පතිත විය.උල්කාපාතය...නුඹ මෙතරම් ප්‍රමාද වන්නේ මන්ද...මේ පැය ඉවසාගෙන සිටීමට නොහැකි හැටි..
මාස තුනක් තිස්සේ ආදරය කියා ගත නොහැකිව සිටි මම පැයකින් කුමක් කරන්නද?
ලෝකය...උඹ විනාශ වී යද්දෙන්...
තවමත් ගැහෙන දෙතොල් පෙති...ඒවා කෙතරම් සීතල ඇද්ද...සමහර විට ලෝක විනාශයෙන් පසු ඉතිරිවන අවසාන ජීවී සුසුම් පොද වාතලයට එක් කරන සීතලද පරාද වනු ඇත.ඒ දෙතොල සිප ගන්නට ඇත්නම්...
එසේ නම් ලෝකය,උඹ මේ දැන්මම විනාස වී යද්දෙන්..

"හිරූශ"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්"

"ඔයාට මොනව හරි කියන්න්න තියෙනවද...සමහර විට මේ අන්තිම විනාඩි කිහිපයේදී වත්.."

ඔව්...කියන්නට දහසකුත් දේ තිබේ..ඒත්....මේ අන්තිම විනාඩි කිහිපය?? පිස්සෙක්....මාස හතරක් තුල නොකී දේ අවසාන විනාඩි කිහිපයේ කියන්නේ කෙසේද...
විනාඩි කිහිපයක නිහැඩියාවක්...

"හිරූ....ඔයාට මතකද ඒ දවස...අපි දෙන්නා මුලින්ම හම්බුන දවස.."

ඇය අතීතයට යන්නේ මන්ද...අවසාන මොහොතේදීත් ඇය මගෙන් බලාපොරොත්තු වන්නේ ඒ දෙය නොවේද...

දෙයියනේ මම ආදරෙයි....මම ආදරෙයි.....මම ඒක කියන්න ඕන...සිත මටම අවනත නැත...දා බිදු නලලත මතින් නැගේ...ලෝක විනාශය නිසාද ඒසේත් නැති නම්....

"මතකයි....එදා ඔයා කතා කරේ වචන කොච්චර අඩුවෙන්ද නිර්මානි...මම පිස්සෙක් වගේ කියෙව්වා...තේරුමක් නැති දාහක් දේ මම කියෙව්වා..."

"ඔව්...ඔයා මොනවාදෝ කියෙව්වා...මම ඒ හැම දේම අහගෙන ඉදියා...ඒත් අද??"

"අද මොනවා කියවන්නද...මාස හතරක් තිස්සේ කියවලම වචන හිදිලා..."

"වෙන්න බෑ...කොහෙත්ම වෙන්න බෑ...ඔයාට කවදාවත් කතා කරන්න වචන නැති වෙන්න විදිහක් නෑ...ලෝකේ තියෙන හැම වචනයක්ම ඔයා කියවන්න ඇති මේ මාස හතරට..ඒත් එකම එක වචනයක් ඇර.."

නැවතත් ඒ නිශ්ශබ්දතාවය,...දෙවියනේ....මේ දැන්ම උල්කාපාතය කඩාගෙන වැටේ නම්....

වට පිටාව අදුරු වීගෙන යන හැටියකි..ඉදගෙන සිටින් පුටුවද ඒ මේ අත සෙලවේ...දෙවියනේ...මේ අවසානය විය යුතුය...

පරිඝනක තිරයෙන් ඇගේ දෙනෙත් දිස්වේ....කදුලු කැට කඩා හැලෙමින් පවතී...මා මෙය කිව යුතුය....

"නිර්මානි......මම ඔයාට ආදරෙයි....මම ඔයාට ආදරෙයි...."
 
 
"ඕයි....තොට මාන්දමද....නැගිටලා පිටි එක බීපන් හොටු හිවලා..."
හුටා සිදු වූයේ කුමක්ද....ලෝක විනාසය කැන්සල් ද...
ඇද ඉස්සරහා චූටි මල්ලී හිටගෙන සිටී..උගේ අතේ කිරි වීදුරුවකි...
සරමත් කොහෙන්දෝ හොයාගත් මම හනි හනිකට කුක්කු ටික බීවෙමි..
චූටි මල්ලිගේ වෙනසක් නැත..හොද වෙලාවට මම හීනෙන් මුකුත් කියවා නැත..
කිරි වීදුරුවත් රැගෙන චූටි මල්ලී එලියට ගියේය..මම සුසුමක් හෙලුවෙමි..
මොහොතකින් දොර රෙද්ද මෑත් වෙයි...
""ඒ ලොකු අයියේ..."
"මොකො"
"කවුද බන් නිර්මාණි"
යකෝ...ලෝකය විනාශ වෙලාම ගියානම් ....

86 comments:

  1. හැමදාම හීන..
    චූටි මල්ලි..
    ඇඳ උඩ.. ඔච්චරද?

    දැන් උඹත් හීන මාර්කට් කරනවා! දැන් අපිට හීන කතා අහලා එපා වෙලා! වෙන රස කතාවක් දෙන්ඩ!

    ReplyDelete
    Replies
    1. මදෑ එක ගහන්ඩ ආව :p

      Delete
    2. ත්‍රාසය,භීතිය,ශෝකය සමඟ කුතුහලය පිරුණු පුවත්පත් වලින් හෙලි නොවූ තතු සමඟ හන්තානේ කතාව ළඟදීම :ඩී
      මදෑ..පව් පොඩි එකා..

      Delete
    3. ඔව් අර සීතලේ කලිසම තෙත් වෙච්ච සීං එකනෙ ? අපිට අරංචියි!

      Delete
  2. කව්ද ඕයි නිර්මාණි."
    සුබ පැතුම්ි...ඉක්කනට අහපන්.නැත්තන් මන් වගෙ දුක් විදවිද ඉන්න වෙන්නෙ :/

    ReplyDelete
    Replies
    1. ඉක්කනට අහන්නෙ කොහොමෙයි කිව්වොත් සලකා බලන්නම්..:පී

      Delete
  3. තව
    උඹ අර Seeking a Friend for the End of the World ෆිල්ම් එක බලව්වද?

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ ෆිල්ම් පෙනුනි..

      Delete
  4. මචං ලෝක විනාශ වුනොත් අපි ඊලග ලොකෙත් 21 වෙනි සියවසේ බ්ලොග් ලියමු පරිස්සමෙන් හිටපන්
    -මකුණුවා

    ReplyDelete
    Replies
    1. ඒක උනේ නෑලු..:පී

      Delete
    2. උනා බන් උබට තේරෙන්නේ නෑ උබ තවම නිදි http://maheshslife-multiaxial.blogspot.com/2012/12/blog-post_20.html

      Delete
  5. කිව්වත් වගේ උබ හීන ලන්තෙක ඉන්නේ :)

    ReplyDelete
    Replies
    1. හැබෑ ලෝකෙට වඩා එහෙ හොඳයි..:)

      Delete
  6. Replies
    1. දිගටම වැස්ස හන්දද මන්දා ජන්ම ගතිය මතුවෙලා..

      Delete
  7. රත්ගමයා අයියේ,අපි බ්ලොග් එකේ නම "හීන ලන්තය" කියල වෙනස් කරමුද ;)

    ReplyDelete
    Replies
    1. චැහ්..බෑ බෑ..හැමෝම ආදරේ මේ නමට..:පී

      Delete
  8. සුපිරියි..

    ReplyDelete
  9. :D උඹේ පෝස්ට් කොච්චර රහද කියලා උඹට තේරෙනවා නම්! ටිකක් වැඩිපුර ලියහං! :D

    ReplyDelete
  10. අනේ නිර්මාණි! දැන් ඉතිං උඹ වලක් කපා ගෙන වැලලියන්!!!! නොදෝමකින්! හොටු හිවලා!

    ReplyDelete
    Replies
    1. මං වගේ සත්ගුණවත් ප්‍රසිද්ධ පුද්ගලයෙකුට කියන කතාද අප්පා මෙව්වා..

      Delete
  11. මම හිතුවා හොටු හිනයක් තමයි කියලා. ගස් ගෙම්බා.

    ReplyDelete
    Replies
    1. යනෝ යන්න ගස් ගෙම්බි..:පී

      Delete
  12. Replies
    1. නිර්මාණි මගේ නිර්මාණයකි..

      Delete
  13. පට්ට කතාව බන් .ඔහොම හීනයක් හරි පෝස්ට් කරහන් බන් .ෂික් මට ඔහොම හීන පේන් නෑනේ

    ReplyDelete
    Replies
    1. නින්දෙයි සැප නින්දෙයි වෙනස :ඩී

      Delete
  14. ඕක හීනයක් වෙච්ච එක හොඳයි. නැත්නම් කිසි ගතියක් නෑ. මුගේ බොරුද කොහෙද? අනේ පලයන් යන්න වගේ කමෙන්ට් ලැබීමට ඉඩ ඇත.

    ReplyDelete
    Replies
    1. යකෝ...ලෝකය විනාශ වෙලාම ගියානම් කියලා මට ආයෙම හිතුනා

      Delete
  15. මමත් ඈවිදල ඈවිදල හීනලන්තයකට ගොඩ බෑස්සෙ???? කතාව හොදයි.... දිගටම මේ පෑත්තෙ සන්චාරයටයි හිත....

    ReplyDelete
  16. අම්මාපල්ල මට අනන්තවත් හීන පේන එකේ ඔය වගේ ආතල් හීන පේන්නෙ නෑනෙ.. චික්..

    ReplyDelete
    Replies
    1. මං කියනවට ආපිකෝ මෙට්ටයක් පාවිච්චි කරන්න..:පී

      Delete
  17. අර FM නාලිකාවක ඉන්න හීන තේරුම් කරන නෝනගෙන් ඕකෙ තේරුම අහගත්තෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. කොහෙද ලෝක විනාසෙ වෙනකන් බලන් හිටියා මිසක් ඒක මතක් උනේ නෑනෙ..

      Delete
  18. හනේ හපොයි රතෝ..

    ReplyDelete
  19. :) :) shooi hine...........aparade malliya awith kewane...... :)

    ReplyDelete
  20. හුටා. කෙළා නෙහ්?

    යසයි කූජිත රත්ගොමයා. මට බ්ලොගක් කොරන්න ආස හිතුනෙත් මේ කූජිත කතා අහලා, ඒත් කොහෙද? එදයින් පස්සෙ අදයි පෝස්ට් එකක් ආවෙ.

    SPIDER-The Detective පරීක්ෂණ රහස් කථා

    ReplyDelete
  21. යනවා යන්න ගෙඹි රත්තා.. මං හිතුවා මේකත් විකාර හීනයක් තමයි කියල..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!!

    ReplyDelete
    Replies
    1. යනෝ යන්න පණුච්චි..:ඩී

      Delete
  22. හොටු හිවලුන්ට පේන හීනවල හැටි. :D

    ReplyDelete
    Replies
    1. පැහැදිලි ඉරිසියාව..

      Delete
  23. හොටු හිවලා... සිරාම නම උඹට..

    ReplyDelete
  24. පස්ටයි ඕයි .....

    ReplyDelete
  25. පස්ටයි කියන්නෙ කතාවට පියාමන පිරීසිත් ඇලුම් කරනවා.එන්න අපේ පැත්තට http://sinhapedia.blogspot.com/ මේ දැන්මම ඊ මේල් එකේ චෙක් පාරක් දාන්න.බ්ලොග් සම්මාන 27 වෙනිදා සවස 3.00 ට බත්තරමුල්ලදී දෙනවා.මාත් එනවා..එයත් අනිවාරයෙන් එන්න.අපි එතනදි හමුවෙමු

    ReplyDelete
  26. හයියෝ...හයියෝ.....හික්....

    ReplyDelete
  27. කෙලලා වරෙන්කො..බඩු මැන්ගුස් නේද ?

    ReplyDelete
  28. මාත් බලං හිටියෙ ඔය මගුල විනාශවෙල යනකන්, කොහෙද. මූ නං ඒ අස්සෙ හීනත් දැකල.

    ReplyDelete
  29. ඔය ජාතියේ හීනයක්වත් පෙන්නේ නැහැනේ කරුමෙට වත්

    ReplyDelete
    Replies
    1. ඔය වයසට මේ ජාතියෙ හීන :ඩී

      Delete
  30. සැක් චූටි මල්ලි වැඩේ කෑවනේ රෙද්ද මැද්දට පැනලා

    ReplyDelete
  31. හීන කතන්දර ඉව...රයි....:P

    ReplyDelete
    Replies
    1. තව පෙනෙයිද කියන්න බෑ

      Delete
  32. අඩේ රත්තෝ.. මේ මං උඹෙ බ්ලොගේට කමෙන්ට් එකක් දාන පලවෙනි වතාව ඕං.කමෙන්ට් එකක් දාන්න මග බලං හිටියෙ අලුත් කතාවක් දානකං. කොහෙද උඹට ලෝකෙ විනාස වෙනක්ංම ඉන්ඩ ඕනි උනානෙ කතාවක් දාන්ඩ.
    උඹ දන්නැතුවට උඹ මගෙ ලෝකෙ එක්‍තරා වීරයෙක්. මට බොහොම අහම්බෙන් උඹෙ බ්ලොගේ හම්බුනේ.. ඉතිං කියෙව්වා.. මේ ඉට්ටයිල් එකට මං මාර කැමතියි.. කොහොම හරි මමත් බ්ලොගක් හදාගන්න ඕනි හිතෙන සිතිවිල්ල එන එකටත් උබත් ලොකු හේතුවක් උනා. ඉතිං බ්ලොගක් හදාගෙනම අද කමෙන්ට් කරනව ඕං.. සන්තෝසයි ඉතිං.. දිගටම ලියහං. ආසාවෙං කියොනව ඉස්සරහටත් ^_^
    එෆ් බී එකේ උබට රිවෙස්ට් එකක් දාන්ඩ හැදුවට බෑ. වේකන්සි ඉවරයිලුනේ.. ඉතිං දුක තමයි :(

    ReplyDelete
    Replies
    1. විභාගේ තිබුණු නිසා අළුතින් මොනාත් ලියන්න වෙලාවක් ලැබුණෙ නෑ..ස්තූතියි කමෙන්ටුවට..:) මගේ රියල් ප්‍රොෆයිල් එකේ තාම වේකන්සි ඇත..:ඩී

      Delete
  33. Hey Romeo,
    I hope you are fine.. I'm still reading ur blog.. And this 1 is also awesome as always! Sory I had to leave without saying good bye to my friends.. And I miss all of you guys.. I hope u remember who I am.. Waiting for ur next post.. T.c Romeo!

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ... :) ටුවිටර් විතරක් නෙමේ නේ තියෙන්නේ :)

      Delete
  34. අනේ නරියෝ, උඹ හැමදාම පොඩි මල්ලියි, චූටි මල්ලියි ඉස්සරහ කුජීත වෙනවනේ. ඒක නෙවෙයි, මොනවද ගහපු බ්‍රෑන්ඩ් එක. ලෝක විනාසේ වෙනකන් අමුවෙන් හිටියා කියන එක පිලිගන්නත් අමාරුයිනේ.

    ReplyDelete
    Replies
    1. එලිෆන්ට් හවුස්..දිව රතු වෙනකම්ම බිව්වා..

      Delete
  35. Hi! I really like ur blog posts! I read them often. You can make others 'feel' the essence of the story :) I always become emotional when reading ur posts :)Wish u gud luck to write more. And I may u have the kind of a great love u r always hoping for. :)

    ReplyDelete
  36. කව්ද බං නිර්මාණි? අර අරයද? :P

    (උඹ ගෙදර.. මං උඹේ හොස්ටල් රූම් එකේ. :D)

    ReplyDelete
    Replies
    1. අපොයි..මට ආපහු එද්දි හඳුන්කූරු පෙට්ටියක්වත් ගේන්න වෙයි වගේ :ඩී

      Delete
    2. පල පල! තෝ හිතුවද උඹ වගේ මාත් ගඳයි කියල? :P

      Delete
  37. රත්ගමයා is back apoo mala wadhee:D

    ReplyDelete
    Replies
    1. :පී යනෝ හලෝ..මං එනකල් කී දෙනෙක් බලන් ඉන්නවද?

      Delete
  38. නිර්මාණි කිවේ ගාල්ලේ එකද බන්

    ReplyDelete
  39. අතීසය කුජීතය...එනමුත් ලෙසටම පස්ට ගතියක් දෑනේ...ඒ ඈත්තටම නිර්මානි කවුද බන්..

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)