Wednesday 7 December 2016

බොළඳ ජීවිත - අසම්මතය "මම ආදරෙයි"




"මම ආදරෙයි"

ඇය මා දෙස බලා සිටී , ඒ බැල්මට තවත් ආදරේ වැඩිවෙයි.මම පට්ටට බොලද වීගෙන එන හැඩය.


"මමත් ආදරෙයි..ඒත්"


ඇය බිම බලාගෙන මුමුණයි.එය උවමනාවෙන්ම අසා සිටියේ නැති නම් මට කොහෙත්ම ඇහෙන්නේ නැත.
ඇයට තවත් මොනවාදෝ කියන්නට උවමනා සේය. කියන්නට ඉඩ හැර මම බිම බලාගත්තෙමි.


"ඒත් මල්ලියෝ මේක වැරදියි"


දකුණු කකුලේ මහපට ඇගිල්ලෙන් පොලව හෑරීම නතර කල මම ඇය දෙස බැලුවෙමි..


"ඇයි....ඔයා වැඩිමල් නිසාද? "


"හ්ම්ම්ම්ම්"

සිහින් හඩින් මිමිණීමක්....


"ඔයාට පිස්සු..මෙන්න මෙහෙ ඉන්න ලගට ඕවා හිතන්නැතුව.."


මම ඇයව තව තවත් තුරුල් කර ගත්තෙමි...



Saturday 3 December 2016

බොලඳ ජීවිත ( Blog Is Back )



මම ඇයට ඇගිල්ලෙන් ඇන්නෙමි. මාගේ උරහිසෙන් ඉවත් වූ යුවතිය දෑස් විවර කලාය. අවුල් වූ හිසකෙස් අතරින් ඇයගේ නිදි බර වූ දෙනෙත් හීනියට දිස්වේ. වරක් මාදෙස බැලූ ඇය නිදි බර දෙනෙත් තඩි කර නොසෙල් වී සිටියාය. ඇයගේ මුහුණ පැහැදිලිව දුටුවේ මෙවරය. දෙතොල් ලා රෝස පැහැතිය. කම්මුල් සුදුය. සුජීව ප්‍රසන්නාරච්චිලාගේ කතාවල කෙල්ලන් තරම් රූමත් නොවූවත් කෙල්ල හැඩය.


"මොකද ඩිම් වෙලා වගේ බලන්නේ"

 මම ඇයගෙන් විමසුවෙමි.

ඇය කතාවක් නැත. තවමත් තඩි කරගත් දෑසින් යුතුව මා දෙස බලා සිටී. 


"ඔහොම බලන් ඉන්නෙපා.ඇස් දෙක වැටෙයි බිමට" 


ඇයට මද සිනහවක් පහල වෙයි. ඒ සිනහවේ ආඩම්බර බවක්ද මුසුවී ඇතැයි සිතේ


"සනීපෙට නින්ද ගියා නේද? මගේ උරහිසේ කෙල එකයි "


"අනේ සොරි.මම හිතලා නිදා ගත්තේ නෑ. " ඇය තොදොල් වේ.


"සොරි කියලා හරියන්නෑ. කාමර කුලිය ගෙවන්න" සුපුරුදු ජෝකර්ගේ චරිතයට පණ පොවමින් මම පැවසුවෙමි


"ඒ මොකටද"


"ඒ මොකටද අහන්නේ. කොළඹ ඉදලා අවිස්සාවේල්ලට එනකල් උරහිසේ නිදා ගත්තට. නන්නාදුනන අයට චාර්ජ් කරනවා.. "


"මම ලිහිණි. දැන් හරි නේ. අදුරගත්තනේ. සල්ලි ගෙවන්න ඕනෙ නෑ නේ දැන් " ඇය තවත් හුරතල් වේ.
" ලිහිණි නෙමේ පිළිහුඩුවෙක් උනත් මට කමක් නෑ , බස් වල යද්දී කොල්ලන්ට කොට කොට යනවද මම අහන්නේ මෙහෙම"


ඇය සිනාසුනාය. නන්නාදුනන තරුණයෙකු ඉදිරියේ ඇය ඇස් වලින් කදුලු එනතුරු සිනහසුනාය . බස් රථයෙන් බසින තුරු ඇයගේ හුරතල් වදන් අඩුවක් නොවීය. මාගේ කවටකම් වලින්ද අඩුවක් නොවීය.


"නංගි ,මම බහිනවා. වැරදිලා හරි ආයේ බස් එකකට නැගලා නිදාගන්න ඕන උනොත් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න" මාගේ දුරකතන අංකය ඇයට දෙමින් මම බසයෙන් බැස ගියෙමි.



---------------------------------------------------------------------------



මේසය මත නාදවෙමින් තිබූ දුරකතනය අතට ගත් මම දුරකතනයේ දිස්වූ නාදුනන අංකය දෙස බලා ආන්සර් කලෙමි.


"හෙලෝ"


"හෙලෝ මිස්ටර් තාරක" අනෙක් පසින් යුවතියකගේ හඩ


"ඔව් කතා කරනවා"


"මිස්ටර් තාරක , බුකින්ග් එකකට කතා කරේ. ලබන සෙනසිරාදටත් ඔය උරහිස මට ගන්න පුලුවන්ද"


මට සිනහ පහල විය