Saturday 30 June 2012

මල්ලිලා වර්ජනය කරමු!!! - "අනේ බුදු අයියේ...මට වාවන්නේ නෑ මගේ දෙයියෝ...."


දුක් කරදර ගලාගෙන යනවා ඉවරයක් නැතුව.පහු උන සති ටික ගෙවිලා ගියේ හුස්මත් හදවතත් රත්කරලා..සමහර දේවල් අමතක කරන්න ඕන.අමතක කරන්න බැරි උනත් අමතක කරන්න ඕන.ඒවා අමතක කරලා දාන්න ඕන නිසා මම හිනා වෙලා මෙහෙම ලියනවා...

සති අන්තයේ දවසක් උවත් මම බිසී උනෙමි.නෑදෑ ගෙවල් කිහිපයකම යා යුතුය.ඒ අතර කැම්පස් එකේ මිතුරන් කිහිප දෙනෙකුගේ පුද්ගලික ජීවිතය කඩා කප්පල් කිරීමට උන්දලාගේ ගෙවල් වලද යා යුතුය.මා මක්කා කරම්දැයි සිත සිතා සිටින විටදීම ජංගම දුරකතනය දෙදරන්නට විය ( ඒකට කියන්නේ වයිබ්‍රේටරය කියාය.)  නන්නාදුනනා අංකයකි.සුදු වෑන් එකක් එක් ඇසකින් මතු වී අනෙක් ඇසින් නොපෙනී යයි.යකෝ මේ නම්බරේට බලහත්කාරකමක් වත් කරලද දන්නේ නෑ නමක් නැත්තේ..

"හෙලෝ"

"හලෝ..මම මේ අහවලා" (අහවලා යනු වලත්තයෙකුට යෙදෙන කෙටි යෙදුමක් නොව නිර්නාමික කිරීමට යෙදූ යෙදුමකි."

"ආ..අහවලා කියපන්"

"ඕයි හැන්දාවෙලා අපේ ගෙදට්ට වරෙන්.."

"ඒ...අර මක්කටෙයි"

"නෑ නිකන් බන්.අපේ මමීට උඹව බලන්න ඕන ලු."

හුටා මමී.මෙන්න මූ මට කඩ්ඩෙන් බනිනෝ.. 

"අඩෝ අවලම් වල් ඉත්තෑවා,සුදු රෙදි හොරා,උන්ඪුක පුච්චයා..ෆේස් ටු ෆේස් වර ඩෝ..කඩ්ඩෙන් කුනුහර්ප කියන්නේ නැතුව..මමී වෙන්ටු ද ශෝ,අයි වෝන්ට් ටු ගෝ ටු ද ටොයිලට්,සාමා අර බලන්න අතන සල් මල් පිපිලා.." 

 "තොට නට්ද යකෝ..අපේ අම්මට උඹව දකින්න ඕනලු"

"හෑ....යකෝ මම එච්චර ජනප්‍රියද බන්.ෆෝටෝ එකක් එවන්නෙයි"

"ෆෝටෝ නෙමේ යකෝ.උඹව ලයිව් දකින්න ඕනලු.."

"ඒ..ඔයත් එක්ක බෑ ඒයි..ඔට්ටු නෑ ඒයි..හ..සිංහලෙන් කියන්නෙත් නෑ තේරෙන්න..තලායි හොදේ.."

"යකෝ කකුස්සියෝ,උඹත් එක්ක අපේ අම්මට කතා කරන්න ඕනලු.ඒක නිසා හවහට අපේ ගෙදෙට්ට වර"

"අන්න එහෙම කියහන්.මම හවහට මගේ හයිබ්‍රිඩ් කාර් එකෙන් එන්නම්"

"ඕන @#$%& වර"

කට් කරන බොත්තම ඔබපු මම කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව තත්පර දෙකයි දශම පහක් බලාන උන්නා..මල්ලි ලංකාවෙන් දෙක උනත් හරි මම රටේම ජනප්‍රිය චරිතයක් වෙලානේ.අපේ මල්ලිට මෙහම තැනකට එන්න පාර කපපු z ස්කෝර් එක ගනනය කරන කට්ටියයි අධ්‍යාපනේ කරවන ඇමතිතුමාලයි ලබන ආත්මේ පරෙයියෝ වෙලා ඉපදෙන්න ඕන.එතකොට මම කූඩුවක දාලා ඇති කරනවා.හැමෝටම පලවෙනියා වෙන්න පුලුවන් එතකොට.

"ලොකු මල්ලියේ..."

මම ආදරෙයෙන් උන්දව ඇමතුවා..

"ඇයි පොට්ටයෝ.."

ඌ ආදරයෙන් මාව අමතනවා.අන්න බලන්න හැදෙන ගහ වචන භාවිතයෙන් දැනේ කියන්නේ ඔන්න ඕකටයි..

"මේ ඕයි...දැන් ඔය අලුත් z මෙව්වා එක එනකොට උඹ අන්තිමයා වෙලා ඉදීවියැ."

"එහෙම උනොත් මම අරූගේ අන්නශ්‍රෝතය කනවා.."

අපේ මල්ලිට තරහා ගිය පාරට ඌ මනුස්සයෙක්ය කියන එකත් අමතක වෙලා.ශරීර අවයවයක් පේන්න බෑ ඒක කන්නමයි හදන්නේ..

"කියන්න බෑ නේ බන්.දැන් ඔය z දෙක මෙන්න මෙහම අරන් මෙහම එකතු කරාම උඹ පලවෙනියා වෙන්නත් පුලුවන්."

මම උගේ ගැන ඇති උන ආත්ම අනුකම්පාවෙන් කිව්වා.මමත් ටිකක් ඔය z මෙව්වා එක හදන හැටි දන්නවා කියලා පොරට තේරෙන්න ඇති..

"අනේ බුදු අයියේ...මට වාවන්නේ නෑ මගේ දෙයියෝ...."

එකපාරටම සුනාමියක් ආවා වගේ මූ අඩන්න ගත්තා.දැන් ඉතින් හොයපන්කෝ කුවේනියක් මුහුදට බිලිදෙන්න (ඉතිහාසය පිලිබද මගේ දැනුම කෝමෙයි..) 

"ඇයි තෝ පලවෙනියා වෙනවා කිව්වම අඩන්නේ.ඒක ප්‍රීති වෙන්න ඕන කාරනයක් නේ යකෝ.."

"මට බෑ ඕයි එයාව දෙවනියා කරන්න..මට බෑ..මට වාවන්නේ නෑ.."

මූ ආයේ අඩනවා..

"එයා?? කවුද යකෝ මම නොදන්න එයා??"

ඌ දුවලා ගේ ඇතුලට ගිහින් තුන හතරට නවලා තිබුන පත්තර කෑල්ලක් මගේ අතේ ගුලි කරා..
ඒකේ පොල්ගෙඩි සයිස් අකුරෙන් ලියලා තියෙනවා..

"වානිජ අංශයෙන් ලංකාවෙන් පලමු තැන @#$^@#amp; දිස්ත්‍රික්කයේ @#$%& #$%^ දියණියට"

අප්පට සිරි..මෙයාද එයා..නෙද්දකින්...තෝ නම් හරිම පැනියෙක් තමා..

අන්න බලන්න ප්‍රිය පාඨකයිනි..දැන් කාලේ කෙල්ලෙකුට නිදහසේ ලංකාවෙන් පළවෙනියා වෙන්න නෑ නේ මේ වගේ නරක සමනල්ලු ඉන්නකල්..

අහවල් යාලුවට වුන පොරොන්දුව ඉටු කරන්නත් එක්ක උගේ ගෙදර දවල් කෑමටම යන්න කියලා මම හිතා ගත්තා.අද චූටි මල්ලී නෑ..ඌට පන්ති..ඒක නිසා ඌත් එක්ක පරම්පරා ගැටුමක් ඇති කරගන්න හේතුවක් නෑ..

දවල් 1 විතර වෙද්දි මම අහවල් යාලුවගේ ගෙදරට ආවා.සමහර විට මුන්ගේ අම්මා මට එන්න කියන්න ඇත්තේ උගේ ගැන විස්තර අහන්න වෙන්න ඇති.අපි හොද හැදිච්ච දරුවෝ උනාට මුන් එහෙම නෑ නේ.ඒකනේ අහවලා කියන්නේ..

 "ආ..පුතා ආවද...නියම වෙලාවට ආවේ..දවල්ට කාලම යන්න පුලුවන්.."

"අනේ ඕන නෑ ඇන්ටි..කරදර වෙන්න එපා."

මමත් ඉතින් අහිංසක පොඩි එකා වගේ ලාවට හිනාවක් දැම්මා..

"ඉතින් පුතා කොහොමද? මල්ලිගේ රෑන්ක් එකට එහෙම ප්‍රශ්නයක් නෑ නේ..?"

"ප්‍රශ්නයක් වෙන එකක් නෑ ඇන්ටි.අම්මා විභාගේට කලින් බෝධි පූජා , තොවිල් එහෙම කරලා නේ තියෙන්නේ.තාම ඒවා වැඩ කරනවා නේ."

"හී..හී....."

 "ඉතින් දැන් මල්ලි මොකද කියන්නේ..තව කොච්චර කල් බලන් ඉන්න වේවිද කැම්පස් යන්න?"

මේක හරි කෙලියක් නේ යකෝ..මාව ගෙන්න ගත්තේ මල්ලි ගැන අහන්නද? ඔන්න බලන්න මල්ලිලා උඩ ගියාම අයියලට වෙන දේ.අනේ මේ වගේ දුකක් කිසිම අයියා කෙනෙකුට වෙන්න එපා දෙයියනේ!!

"අනේ මන්දා...ඌ දැන් අර චාට‍ර් අකවුන්ටන් ද මොකක්ද එක කරනව නේ.."

"චාටර් නෙමේ යකෝ..චාටඩ්.."

"ආ...ඔව් ඒක කරනව නේ..ඒකේත් ඔන්න උඩින්ම ඉන්නවලු...මමත් ඉතින් ඔය වයසෙදි හරි හරි දස්කම් තමා කරේ ඇන්ටි..ඇන්ටිට කියන්න ඒකාලේ ස්පෝර්ට් මීට් එකේ විල් බැරක්ක තල්ලු කරන රේස් එකෙන් මම පලවෙනියා,තව තනි කකුලෙන් දුවලා පලවෙනියා..තව...."

"ආ...නෑ කමක් නෑ පුතා..ඊලග දවසේ එනකොට මල්ලිවත් එක්කගෙන එන්නකෝ..මම කෑම ලෑස්ති කරන්න යනවා.."

මේ ලෝකේ හරිම අසික්කිතයි..ඇයි යකෝ..මට පුලුවන් මේ වගේ කාට හරි මඩක් ගහලා දාන පෝස්ට් එකක් බ්ලොග් එකේ දාන්න විතරයි..ඒත් ඉතින් ඒකෙන් ඇති වැඩේ මොකක්ද..ඔන්න පත්තරේකට හරි පොඩි ලිපි කෑල්ලක් දාගන්න තියෙනව නම් ඒකත් එකක්.ඒත් ඉතින් පත්තරේ දාන්න පුලුවන් ඒවයැ ලියන්නේ.මේ ඔක්කොම අත ඇරලා පොතක් අරන් කාගෙන යන්න හිතෙන්නේ මේ වෙලාවට තමා.එත් දෙයියනේ කන්න උනත් කෝ පොත්...
ඇන්ටි ගිය හැටියේ මම යාලුවා ලගට කිට්ටු උනා..

"ඒ බං උඹට නංගි කෙනෙක් වත් ඉන්නවද? "

"ඇයි උඹ එහෙම අහන්නේ.." පොර මගෙන් අහනවා,

"නෑ ඉතින් උඹලගේ අම්මා අපේ මල්ලි ගැනම අහන්නේ මොකො මාව ගෙදරට ගෙන්නගෙන.මම කලු‍ය.හ..."

 "නංගි කෙනෙක් නම් නෑ බන්..ඒත් උඹ නම් කලුයි, කැතයි, උසයි.ඒ මදිවට කණ්නාඩි දෙකකුත් දාගෙන.උඹ වගේ පොට්ට‍යෙකුට දෙන්න නංගිලා අපේ ගෙදර නෑ."

නෙද්දකින්..මේ වගේ ගස් ගෙම්බෝ නේ අපිත් ආස්සරේ කරන්නේ..

මේ අවනඩුව මම කාට කියන්නද දෙයියනේ..අටේ ප්‍රවෘත්ති වලට වත් දාන්න ඕන..මේක මානව හිමිකම් කඩ කිරීමක්.අපහාසයක්..ඒත් දැන් කරන්න දෙයක් නෑ..දෙන බත් එකක් කාලා මෙතනින් මාරු වෙන්න ඕන.

"ආ...එන්න පුතා කෑම කන්න..."

ඇන්ටියා ගේ ඇතුලේ ඉදලා කෑගහනවා.

"වැඩිය මුකුත් හැදුවේ නම් නෑ පුතා..මේ හදලා තියෙන ඒවයින් මල්ලි කන්නේ නැති කෑම මොනව හරි තියෙනවද?"

යකෝ එතනත් මල්ලි..මේක හරිම අසික්කිත ක්‍රියාවක්..අපේ මල්ලි විතරයිද දන්නේ නෑ මේ ගෙදර උන්ට ටෙන්ඩර් දාලා තියෙන්නේ.මේකත් හරියට ක්‍රිකට් පෙන්නන්න CSN එකට දුන්නා වගේ තමා.අවුරුදු තුනකට මුන්ගේ ගෙදර කතා වෙන්නේ අපේ මල්ලි ගැනද කොහේ.

"ඒ මොකටද ඇන්ටි මල්ලි කන කෑම? "

මමත් ඉතින් පුදුමෙන් වගේ ඇහුවා.

"නෑ පුතා..මල්ලිටත් එක්ක බත් පැකට් එකක් දෙන්න කියලා බැලුවේ.."

ඇයි දෙයියනේ මේ ලෝකේ කුනුහර්ප මෙච්චර ටිකක් විතරක් හැදුවේ..මට මේ මතක් වෙන ටික මදි මෙතන කියන්න..

"ඌ කිසිම එලවලුවක් කන්නේ නෑ..ඌ කන්නේ තණකොල මලවලා විතරයි."

එහෙම කියන්න මට හිතුනත් මම එහෙම කිව්වේ නෑ.

"එහෙම ප්‍රශ්නයක් නෑ ඇන්ටි.එයා ඕන ජාතියක් කනවා.."

"එහෙනම් පුතා කන්නකෝ..මම ඉක්මනට බත් එක බදින්නම්.."

එහෙන් මෙහෙන් බත් ටිකක් අනාගෙන කාපු මම බත් පැකට් එකක් අරන් හෙමීට මාරු වෙලා ආවා..
අපි මේ අධ්‍යාපන රටාව වෙනස් කරන්න ඕන.මේක අයියලව පහත් කරන රටාවක්.මේකට එරෙහිව අපි හඩක් නගන්න ඕන..ඒක කරන්න සැලසුමක් හිතෙන් හදහද ගෙදරට එනකොට 4ත් පහුවෙලා...
-----------------------------------------------------------------------------------

ප.ලි - පහුගිය ටිකේම දාපු කමෙන්ට් වලට රිප්ලයි දාන්න බැරි උනා.ඒ මදිවට කාගෙවත් බ්ලොග් එකක් පැත්තේ එන්නත් බැරි උනා.අද සිට සුපුරුදු පරිදි බ්ලොග් අස්සේ රිංගනවා.මාත් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගත්තා අතේ ගෙනියන්න පුලුවන් කනෙක්ශන් එකක්.. ඒක නිසා පරිස්සමෙන් ඉන්න...රත්ගමයා සැරිසරනවාලු... 

Monday 25 June 2012

මතකයන්......( ලිව්වේ රත්ගමයා )

 මතක 1

වැව් බැම්මට උඩින් ඉදන් හුලං පොදක් විද ගන්නට
ආල කතා කොදුර කොදුර ඔයත් එක්ක ගුලි වෙන්නට
නුග ගස් යට වාඩි වෙලා නුඹෙ තනුවට ගී හදන්ට
පෙරුම් පිරුව පුංචි හිතට සිද්ද උනේ දුක් විදින්ට

ඈත අහසේ පියඹන්නට මාත් එක්ක පෙරුම් පිරුව

වලාකුලක සැගවෙන්නට ආසාවෙන් බලන් උන්න
පාලු රැයක එලි වෙනකල් කන් පිරෙන්න කතා කෙරුව
පුංචි හිතට දුකක් දුන්නේ කොහොමද ඔබ මට කියන්න

දෑ අවුරුදු ප්‍රේමය හිත විදව විදව රිද්දනකොට
අපේ පුංචි මතක අස්සේ හීනෙන් මම තනි වෙනකොට
ඔයා කියපු බොලද වදන් දෙසවන් මගේ පුරවනකොට
ඇස් පියාන නිදා ගන්නේ කොහොමද මම
සත්තකටම



මතක 2
තරු තිබුනට අහස පුරා එක තරුවක් හිනා වුනා
තරුනකමට ආදරේට මාත් ඔහේ කතා කරා
විනාඩියක් අහස දිනා නොබලා ඉන්න නොහැකි උනා
තරු කුමරිට ජීවිතේට වැඩියෙන් මම ආල කලා

ඔයා දුරයි තරු කුමරියේ ලං වෙන්නට නොහැකි තරම්
ආලෝකයවත් වීලා එන්න හිතයි ලගට දුවන්
කෝල බැලුම් ආල කියුම් මතකයි ඔබ දුර ඉදියත්
ආදරයෙන් පිරෙවුනේ හිත හිතා ගන්න බැරිය තවත්

නවතින්නෑ කාලය අද අපිට හොරා යන්න ගියා
ඩිංග ඩිංග ආදරයේ එලිය ඔබෙන් ඈත් උනා
පොලවේ ඉදන් ආකාසෙට දුවලා එන්න හිත් දුන්නා
ඉරුත් එක්ක ඉගි කරලා සදුත් එක්ක යාලු උනා

Thursday 21 June 2012

පොලීසියේ අංකල් - "තමුසේ හිතුවද අපි ජරාව කනවා කියලා.."


කලින් වෙච්ච දේවල් මතකයිනේ.චූටි මල්ලිව  පන්තියෙන් ගන්න එන්න කියලා නෙක්ටෝ එකක් ගෙන්න ගත්තා.ඒක කියවපු නැති අය මෙතනින් කියවන්න

කොහොමින් කොහොම හරි සබ්බ සකලමනාවම ලෑස්ති කරලා දෙයියනේ කියලා ජුංඩක් ඇදට ගියා නිවි හැනහිල්ලේ නිදාගන්න..යාන්තමට ඇහැපියවීගෙන එනකොටම මහා සද්දයක් එක්ක භූමිකම්පාවක්....!!!

"ඕයි අයියේ.....චූටි මල්ලිට පන්ති ඉවර වෙන්න ලගයි ගිහින් එක්කගෙන වර...නැගිටිනවා ඕයි.." 

පොඩි මල්ලී මගේ බෙල්ලෙන් අල්ලගෙන හොල්ලනවා
නොදකින් විතරක්...මැදැයි ටිකක් මමයි මගේ සිතුවිලියි තනිවෙන්න හැදුවා.කකුස්සියට ගියත් මුන් මටයි මගේ හිතටයි තනිවෙන්න දෙන්නම නෑ නේ..ශුවර් එකට මම ගිය ආත්මේ ආනන්තරීය පාපකර්මයක් කරලා තියෙනවා මේ වගේ ගොබිලෝ දෙන්නෙක් මල්ලිලා වෙන්න..අම්මගෙන් බැනුම් අහන තරමට නම් ගිය ආත්මේ මම ප්‍රවාහන ඇමති හරි අධ්‍යාපන ඇමති හරි වෙලා ඉන්න ඇති.

"දැන්ම එක්කන් එන්න ඕන නෑ නේ යකෝ..පොඩ්ඩක් නිදාගන්න දියන්කෝ වද නොදී"

"වෙලාව බලනවා.පොඩි එකා පන්තිය ලගට වෙලා බයේ ගැහි ගැහී ඇති.ඉක්මනට ඇදුමක් ඇදගෙන යනවා"

මූ දැන් මට තර්ජනයත් කරනවා.දවල් කාපු පොල්සම්බලේ විස වෙලාවත්ද මංදා

"අනේ බය වෙන්න අරූ චූටි කොල්ලානේ..ඌ දැනටමත් කෙල්ලෝ ගොඩක් වට කරගෙන පම්පෝරි ගහනවා ඇති."

මම එහෙම කිව්වා නෙමේ කියවුනා..චූටි මල්ලිත් මගේ කපාපු පලුවනේ.ඒත් කවුද දන්නේ මම කරපු දේවල් ඌත් කරනවද කියලා.

"ඒවයින් වැඩක් නෑ..අම්මට කියන්න කලින් ඉක්මනට පල.."

"යන්නම් යන්නම්..හොද මල්ලි වගේ ඔන්න ඔය ඇද යටින් සරම හොයලා දියන් මයේ අම්මේ.."

"චික්..ඕන්න ඕක තමා අම්මා උඹව දැන්ම බන්දන්නේ නැත්තේ.පැය 24 න් පැය 12ක්ම උඹ හෙලුවෙන් නේ"

"හා....නරකට තියේ..හ.. මේ ....ඒක නෙමේ....මූන හෝදන්නම ඕනෙයි? "

"!@#$%^&*())(*&^%$##$%^&* ඕන @#$%^ කරපිය.."

දැන් කාලේ හැදෙන මල්ලිල නම් ගන්න දෙයක් නෑ..මුන්ගේ භාෂා භාවිතය නම් බිංදුවයි..නරක කුනුහර්පමනේ කියන්නේ..හොද එකක් කියපන්කෝ..."

දඩ බඩ ගාලා මූනේ වතුර ටිකක් උලාගත්තු මම කාර් එකේ කී එකත් අරන් කාර් එකට නැග්ගා ( මගේ බ්ලොග් එකේ ඇඩ් දාන්න මට මුදල් ගෙවන්න ඕනෑ නැත ).

 අතපත ගාලා යතුර දාන හිල හොයාගත්තු මම දෙපාරක් හිතන්නේ නැතුවම වාහනේ ගැරිජ් එකෙන් එලියට ගත්තේ ගේට්ටුව අරින්න රිමෝට් එකේ බටන් එකත් ඔබන ගමන් ( ප්‍රධාන පාලක මැදිරිය ).

ඕන්න දැන් මම වාහනේ මෙන්න මෙහෙම එලවගෙන යනවා.ඔයාලට කිව්වට මොකද ඒසී එක උහුලන්න බෑ මෙයාලා.ඒ විතරක්ද අර යන පාර පෙන්නන GPRS ද මොකක්ද එකෙන් යන්න ඕන පාරත් කියනවා.
බලන්න අදකාලේ වාහන වල තියෙන පහසුකම් නේ. 

මමත් නිවි හැනහිල්ලේ සිංදුවක් අහගෙන වාහනේ මෙන්න මෙහෙම එලවගෙන යනවා.
හුටා.....
පැන්නා නේද පොලිස් මාමි කෙනෙක් වාහනේට..

ඇයි වදේ..නිදහසේ පාරකවත් යන්න දෙන්නේ නැති හැටි..හ...
දුශ්ඨයා...
මම හිතෙන් බැන්නා..වාහනේ පාර අයිනට කරලා මම නැවැත්තුවා..බයෙන් බයෙන් පොලිස් මාමි ලගට ඇවිදගෙන ගියා..මාමි ඉන්නවා හිනා වෙවී..මම මොකටද බයවෙන්නේ..මම වැරැද්දක් කරේ නෑ නේ..

"වැරැද්ද දන්නවද? "

පොලිස් මාමි අහිංසකව ඇහුවා..

"අනේ සෑර්,.මගේ පෙර වැරදි නම් නෑ.මම ඉදලා හිටලා නෙක්ටෝ එකක් බොනවා එච්චරයි..අනාචාරේ හැසිරිලාම නෑ.."

"මාව කොලොප්පමකට ගත්තද.රාලහාමි අඩි පොලවේ හප්පලා මගෙන් අහනවා

"නෑ"

"එහෙනම් කියනවා වැරැද්ද දන්නවද?"

"නෑ සෑර් දන්නේ නෑ..දන්නව නම් ඉතින් කරන්නේ නෑ නේ"

"ශීට් බෙල්ට් දැම්මද?"

හුටා හත්වලාමේ...ඒක අමතක උනානේ දැන් මොකද කරන්නේ.අහිංසක මම අද මුන් දෙන්නට බිලි වෙන්නයි යන්නේ..අතේ ගුලි කරන්න කීයක් වත් ගෙනාවේ නෑ..පර්ස් එක දාලා නේ ආවේ...

මලකෙලියයි..පර්ස් එක දාලා ආවේ..පර්ස් එකේ අයිඩෙන්ටි කාර්ඩ් එකයි ඩ්‍රයිවින්ග් ලයිසන් එකයි..දැන් නම් ඉතින් අයියනායක දෙවි පිහිටම තමා..හෙට ශුවර් එකටම ස්වර්ණවාහිනියේ නිවුස් වලට මේක යනවා.

"තව වැරදි තියෙනවා..සුදු ඉර කපලා බයික් එකට ඉස්සර කරා"

"ඉතින් සෑර් ඉර කපන්නේ නැතුව ඉස්සර කරොත් අර මනුස්සයා යටවෙලා මැරෙනවනේ."

"හෑ...ගන්නව බලන්න තමුසෙගේ ලයිසන් එක"

"ඒක ගෙදර දාලා ඇවිල්ලා සෑර්..අනේ සෑර් මම අහිංසක දරුවෙක් සෑර්..මට අනුකම්පා කරන්න...මම පව් සර්..කීයක් වත් දෙන්න පර්ස් එක ගෙනාවේ නෑ සෑර්.."

"චී...තමුසේ හිතුවද අපි ජරාව කනවා කියලා.."

"ඔව්..නෑ...අනේ නෑ සෑර්..මම බ්ලොග් එකක් ලියනව සර් රත්ගමයා කියලා.සර් කියවලා ඇති මගේ හිතේ."

"මේ මම කියවපු බ්ලොග් එකක් නෑ..වැරදි තුනක් තියෙනවා..ලියනවා මේක.."

දැන් මොකද කරන්නේ...ලයිසම කොහොමත් නැ..පලයන්කෝ දැන් උසාවි.ඔන්න ඕය අතරේ තමා සීනි කන්දක් මැද්දෙන් ගිහින් මගේ චූටි මොලේට කුප්ප අයිඩියා එකක් ආවේ.

"සර් අපේ බාප්පා ප්‍රාදේශිය සභාවේ සභාපති"

ලියන එක නවත්තපු පොර මගේ දිහා බැලුවා..

"කවුද මේ අපේ අහවල් මහත්තයා"

"ඔව් සර්...අහවල් මහත්තයා,ඒ අපේ බාප්පා.."

කටට ආපු බොරුව දෙපාරක් නොහිතම ඇදලා දැම්මා.

"හෑ...ඒ මගෙත් බාප්පනේ මල්ලී.."

මැදෑ කොලා...ඇයි දෙයියනේ බාප්පම කියන්න මතක් උනේ..පොඩි සීයා,ලොකු තාත්තා වගේ එකක් ආවේ නැත්තේ මොකද? ශුවර් එකටම අපේ මල්ලී මට හූනියමක් කරලා..එක කරදරේකින් බේරෙන්න යනකොට තව කරදරයක්..

"ඒ අපේ තාත්තගේ මල්ලිගේ මස්සිනා අයියේ..අපි කියන්නේ පොඩි බාප්පා කියලා.."

"එතකොට ඔයා විමලසේන මාමගේ පුතාද?"

"ඔව් අයියේ..ඒ අපේ තාත්තා" (මම දන්න මගුලේ විමලසේන...)

"අඩේ...දැන් උස ගිහින් ලොකු කොල්ලෙක්නේ..ඒ දවස්වල මෙන්න මෙච්චරයි."

හුජ්ජකරන තැනට අත තියලා පොර මගේ උස පෙන්න්නුවා.නොදකින් නරක පොලිස් සමනලයා..මම ඔච්චර පොඩි වෙලා ඉදියේ නෑ.. 

 අනික මම දන්න විමලසේන මාමෙකුත් නෑ..කමක් නෑ දෙයියනේ විමලසේන මාමා පොලීසියට අදිපති දෙයියා වේවා!! මාව මේ කරදරෙන් බේරගත්තෝත්..

"මල්ලිට මාව අදුරන්න බැරිද..මේ...."

එහෙම කියලා පොර හෙල්මට් එක ගැලෙව්වා..මොන තට්ටයෙක්ද මේ..අදමයි දැක්කේ.. 

"බෑ අයියේ..එච්චර මීටරේට එන්නේ නෑ..ගොඩක් දවසකින් නේ ගෙදර ආවේ.."

"ආ..එහෙමද...වෙන්න ඇති ඒ දවස් වල දැක්කට පස්සේ ඔය දැක්කමයි නේ..ඉන්නකෝ මම විමලසේන මාමාට කෝල් එකක් අරන් කියන්න කොල්ලා වාහන පදින හැටි."

ඒපාර තව කෙලියක්..දැන් නම් වැඩේ මාට්ටු වෙන්නයි යන්නේ..

"මම යන්නද අයියේ..මගේ යාලුවෙක් ඉන්නවා කිව්වා මග.දැනටමත් පරක්කුයි..ගෙදර ගිහින් ලයිසන් එකත් අරන් ආයේ එන්න ඕන නේ.."

"හා හා...එහෙනම් ඉතින් යනවා..සමහරවිට පාලම එහා පැත්තෙත් අපේ දෙන්නෙක් ඇති.එතනින් ඇල්ලුවොත් රාජා රාලහාමි දන්නවා කියලා ශේප් එකක් දාගන්නවකෝ..මම එන්නම් හෙට අනිද්දා ගෙවල් පැත්තේ තාත්තව හම්බෙලා යන්න.."

ඒ වචන ටික පිටවෙනවත් එක්කම කාර් එක ස්ටාර්ට් කරගත්තු මම දෙපාරක් හැරෙන්නේ නැතුව කඩාගෙනම ගියා.

රාජා රාලහාමි විමලසේන මාමා එක්ක මොනවා කරගත්තද කියල නම් දන්නේ නෑ...සමහර විට මාව හොයලා දැනටමත් විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් වෙනවත් ඇති..

Tuesday 12 June 2012

රත්ගමයා ආපසු එයි - "චික්...මොනවද මේ..සුදු පාටට උකුවට ඇග පුරාම"


කාලෙකට පස්සේ මුකුත් ලියන්න බැරි උනා.ලිව්වත් දාන්න බැරි උනා.ඒකට හේතුව උනේ ඉස්සරහා කාමරේ එකාගේ ඩොන්ගල් එක මගේ අතින් නැති වීම.දැන් ඉන්ටර්නෙට් යාම කෙසේ වෙතත් කලිසමක් වත් උගෙන් ඉල්ලනවා බොරු.ඒක නිසා හා හා පුරා කියලා මමත් ගත්තා අලුතෙන් කලිසමක්.කලිසමක් විතරක් අරගෙන්න මදි නිසා ශර්ට් කෑල්ලකුත් ගත්තා.ඩොන්ගලේ නැති උනේ අරූගේ.වාසි උනේ මට.

කොහොම කොහොම හරි පස්සේ දවසේ උදේ පාන්දර සූර්යා ඩොටේ නගිද්දි ඇහැරිච්ච මම අලුත්ම කලිසමයි ශර්ට් එකෙනුයි සැරසිලා හැඩ බැලුවා.
ශා.....මම නිකන් රත්ගමයා වගේමයි.දත් මැද්දේ නැති උනාට මූන හේදුවේ නැති උනාට ඒ ඔක්කොම අඩුපාඩු මග ඇරගන්න පුලුවන් එකම එක සෙන්ට් පාරකින්.වැඩිය හිතෙන්නේ නැතුව මේසේ උඩ තිබුන බොඩි ස්ප්‍රේ එකෙන් ඩිංගක් ඇගට ගහගත්තා.....

ඉකේ...මේ මේ මොනවද මේ...සුදු පාටට උකුවට ඇග පුරාම...
සෙන්ට් එකේ වයර් මාරු වෙලාවත් ද?.ඒ අස්සේ කොහෙන්දෝ හිනා හඩක් ඇහෙනවා..

"හූ හු....ඇද්ද තොට..මගේ ඩොන්ගල් එක නැති කරලා අලුත් ඇදුම් ගත්තට.."

"චික් විතරක් නරක සමනලයා...තෝද මගේ බොඩි ස්ප්‍රේ එක වෙනුවට ශේවින්ග් ක්‍රීම් එක මාරු කරපු සුදු රෙදි හොරා.අනේ තොට කැන්ටිමේ කෑම විස වෙලා බඩ විරේක වෙයන්.."

උගේ ජාතිය අමතලා ඉවර වෙච්ච මම ඇන්ඩ්‍රොයිඩ් මෙව්වා එක තියෙන ෆෝන් එකෙන් අපේ ගෙදරට කෝල් එකක් ගත්තා.ගෙදර කට්ටිය මම නැතුව පාලුවෙන් ඇත්තේ.මගේ හිත ජුංජන් දුකකින් පිරිලා ගියා.
දෙපාරක් විතර නාද උන ෆෝන් එක එහා කොනෙන් ඉස්සුවා..

"හෙලෝ"

ආ....චූටි මල්ලිද කොහේද....

"හෙලෝ..ඕයි මේ මම..."

"මම මම ගාන්නේ..නම කියන්න."

මේ ගෝනි බිල්ලාට මගේ කටහඩත් අමතක වෙලාද කොහෙද.

"ඕයි මේ මම යකෝ.."

"සමාවෙන්න...රෝන්ග් නම්බර්"

"යකෝ..බිබික්කමෝ...තොට ඉදියද ලොකු අයියා කෙනෙක් කැම්පස් එකේ ඉගෙන ගන්න ගියපු."

"ම්ම්ම්ම්ම්ම්....ලොකු අයියා කෙනෙක් නම් ඉදියා වගේ ලාවට මතකයි...ඉතින්"

"ඉතින් නෙමේ බොල..අන්න ඒ ලොකු අයියා තමා කතා කරන්නේ.."

"අපෝ..තෝද...මම ඒත් හිතුවා කෝල් එකක්වත් නැති කොට තෝව සුදු වෑන් එකකින් වත් උස්සලද කියලා.ඉතින් මොකටෙයි ගත්තේ..."

"අම්මට කියපිය මම මේ සතියේ ගෙදර එනවා කියලා."

"හා..මම තියෙනවා මට පන්ති යන්න ඕනා"

එහා කෙලවරින් ෆෝන් එක තිබ්බම ඇහෙන ටීක් ටීක් මෙව්වා එක ඇහුනේ නැති නිසා මම කෝකටත් ෆෝන් එක කනේ තියාගෙනම ඉදියා.

"අම්මේ....."

එහා කෙලවරින් චූටි මල්ලිගේ කට හඩ ඇහෙනවා..ශුවර් එකටම අම්මට පණිවිඩේ කියන්න තමා මූ යන්නේ.කොච්චර උනත් චූටි මල්ලි මට ආදරෙයි.ගෙදර එනවා කිව්ව ගමන් ඉවසිල්ලක් නැතුව ඇත්තේ..

"අම්මේ....අන්න ලොකු එකා මේ සතියේ එනවලු.මම යනවා මගේ ඇදුම් ටික හංගන්න.පොඩි අයියා ආවම එයාටත් කියන්න එයාගේ සෙන්ට් බෝතල්,ඔරලෝසු ටික පේන්නේ නැති තැනක හංගන්න කියලා.මේ සති අන්තේ ඉවරටම ඉවරයි.."

ෆෝන් එක පොලවේ ගහන්න මට හිතුනත් මම එහෙම කරේ නෑ.කොච්චර උනත් ඇන්ඩ්‍රොයිඩ් නේ...

කොහොම කොහොම හරි සතිය ගෙවිලා දන්නේම නැතුව මම ගෙදරටත් ඇවිල්ලා.මහනුවර ඉදලා මාතරටම කෝච්චිය තියෙන නිසා කිසි කරදරයක් නැතුවම ගෙදරට එන්න පුලුවන්.

ගෙදර ආවම ඉතින් මට රජ සැලකිලි තමා.කන්න ලගට ගෙනත් දෙනවා,බොන්න ලගට ගෙනත් දෙනවා..සැලකිලි කෝටියයි.(මම එහෙම හිතන් ඉදියා )

ගියපු පලවෙනි දවසේ පොල්සම්බලුයි බතුයි,ඊට පස්සෙන්දා උදේට කෑම නෑ.ආයේ දවල්ට බතුයි පොල්සම්බලුයි,රෑට පොල් සම්බලුයි පානුයි.

"මොනවද අප්පා මේ කෑම..මේ රටේ තියෙන්නේම පොල් ගස් විතරද?" 
හදවතේ තෙරපුනු වේදනාව වචන වෙලා එලියට පැන්නා.

"නෑ..තොට ඕන නම් තණකොලත් තියෙනවා.ඒත් හැමදාම කන කෑම නේද කියලා අම්මා හදලා නෑ."

ලොකු මල්ලි අමානුශික විහිලු කරනවා..මූ දැන් කොලොප්පන් කරන්න ටියුශන් ක්ලාස් එකකට වත් යනවද මන්දා..මීට වඩා හොදයි කැන්ටිමේ තියෙන කෑම ටික කාගෙන කැම්පස් එකට වෙලා කෙල්ලෙක් එක්ක කිරි හලට ගිහින් කුක්කු ටිකක් බිව්ව නම්.ඔක්කොම හරි ඒත් කෝ කෙල්ලෙක්..? කොහේද අපේ අම්මලට කිසිම ඕන කමක් නෑ නේ මේ ගැන.
නෑ මම අහන්නේ..මම දැන් ලොකු ලමයෙක් නේද? හ..
අපි නිකන් ගෙදට්ට නාකි වෙනවා.අපේ වයසේ කෙල්ලෝ කසාද බැදලා දරුවොත් අපිට මාමේ කියනවා.මේක මහා කුරිරු ලෝකයක්.
මේ හිතට දැනුන වේදනාව තුනී කරගන්නත් එක්ක මම බොන්න හිතුවා.සෑහෙන කාලෙකින් හොද ශොට් එකක් දාන්න බැරි උනා.

"චූටී.....චූටි මල්ලෝ....කොහේද මේ හොර ගෙඩියා.."

හැමදේටම කඩේ යවන්න ඉන්නේ මූ නිසා මම සද්දෙට ඌට කතා කරා..

"මොකෝ තොට වෙලා තියෙන්නේ අද.මොනවද ගේන්න ඕන"

"මට බොන්න නෙක්ටෝ එකක්"

"එහෙම කඩේ ගිය කාලේ ඉවරයි අයියේ..ඕනම නම් මට පගාවක් දෙන්න වෙනවා"

"චික්..මූත් ස්වර්නවාහිනියේ නිව්ස් බලලද කොහේද මහා අවලම් වෙලා.තව ටික දවසකින් මට පිහියෙන් ඇනලා හරි ගගේ ගිල්ලවලා හරි මූත් යනවා ඔය අසූචි වාහිනියේ නිවුස් වලට..

"මම කියලා තියෙනවා නේ උඹට රෑ අටට ඕක බලන්න එපා කියලා.ඒක වැඩිහිටියන්ට පමනයි වැඩසටහනක්."

"මම බලන්නේ දගර වලිග ලප වානර විතරයි. හ.. පගාව කිව්වේ සල්ලි නෙමේ යකෝ..අද හවස මාව එක්ක යන්න ක්ලාස් එක ගාවට වර..හැබැයි කාර් එකේ එන්න ඕන."

හෑ...යකෝ මූ ගිය උඩක්..ශුවර් එකට කවුරු හරි කෙල්ලෙක්ට පේන්න තමා මූ මේ එන්න කියන්නේ.ඒත් කමක් නෑ..මූට හරි යනවා කියන්නේ මට හරි යනවා වගේ තමා නේ.

"හරි එන්නම්.දැන් නෙක්ටෝ එක ගෙනෙන්.මට දිව රතු වෙන්න බොන්න ඕනා"

ඌව කඩේ යවලා නෙක්ටෝ එක ගෙන්න ගත්තු මම ඇදට වෙලා ඇලට් එකක් දැම්මා.
ලාවට නින්ද යාගෙන එනකොටම වෙච්ච කුජීත  දේ..ඒ වගේම චූටි මල්ලිත් එක්ක පන්ති ගිහින් එනකොට පොලීසියේ රාලහාමිට අහුවෙලා උන දේවල් වගේ මහා භයානක ඇග කිලිපොලා යන ලිංගික දර්ශන සහිත කොටස් වලින් පිරිච්ච් දෙවන කොටසින් ලගදීම හමුවෙමු...