Thursday 21 June 2012

පොලීසියේ අංකල් - "තමුසේ හිතුවද අපි ජරාව කනවා කියලා.."


කලින් වෙච්ච දේවල් මතකයිනේ.චූටි මල්ලිව  පන්තියෙන් ගන්න එන්න කියලා නෙක්ටෝ එකක් ගෙන්න ගත්තා.ඒක කියවපු නැති අය මෙතනින් කියවන්න

කොහොමින් කොහොම හරි සබ්බ සකලමනාවම ලෑස්ති කරලා දෙයියනේ කියලා ජුංඩක් ඇදට ගියා නිවි හැනහිල්ලේ නිදාගන්න..යාන්තමට ඇහැපියවීගෙන එනකොටම මහා සද්දයක් එක්ක භූමිකම්පාවක්....!!!

"ඕයි අයියේ.....චූටි මල්ලිට පන්ති ඉවර වෙන්න ලගයි ගිහින් එක්කගෙන වර...නැගිටිනවා ඕයි.." 

පොඩි මල්ලී මගේ බෙල්ලෙන් අල්ලගෙන හොල්ලනවා
නොදකින් විතරක්...මැදැයි ටිකක් මමයි මගේ සිතුවිලියි තනිවෙන්න හැදුවා.කකුස්සියට ගියත් මුන් මටයි මගේ හිතටයි තනිවෙන්න දෙන්නම නෑ නේ..ශුවර් එකට මම ගිය ආත්මේ ආනන්තරීය පාපකර්මයක් කරලා තියෙනවා මේ වගේ ගොබිලෝ දෙන්නෙක් මල්ලිලා වෙන්න..අම්මගෙන් බැනුම් අහන තරමට නම් ගිය ආත්මේ මම ප්‍රවාහන ඇමති හරි අධ්‍යාපන ඇමති හරි වෙලා ඉන්න ඇති.

"දැන්ම එක්කන් එන්න ඕන නෑ නේ යකෝ..පොඩ්ඩක් නිදාගන්න දියන්කෝ වද නොදී"

"වෙලාව බලනවා.පොඩි එකා පන්තිය ලගට වෙලා බයේ ගැහි ගැහී ඇති.ඉක්මනට ඇදුමක් ඇදගෙන යනවා"

මූ දැන් මට තර්ජනයත් කරනවා.දවල් කාපු පොල්සම්බලේ විස වෙලාවත්ද මංදා

"අනේ බය වෙන්න අරූ චූටි කොල්ලානේ..ඌ දැනටමත් කෙල්ලෝ ගොඩක් වට කරගෙන පම්පෝරි ගහනවා ඇති."

මම එහෙම කිව්වා නෙමේ කියවුනා..චූටි මල්ලිත් මගේ කපාපු පලුවනේ.ඒත් කවුද දන්නේ මම කරපු දේවල් ඌත් කරනවද කියලා.

"ඒවයින් වැඩක් නෑ..අම්මට කියන්න කලින් ඉක්මනට පල.."

"යන්නම් යන්නම්..හොද මල්ලි වගේ ඔන්න ඔය ඇද යටින් සරම හොයලා දියන් මයේ අම්මේ.."

"චික්..ඕන්න ඕක තමා අම්මා උඹව දැන්ම බන්දන්නේ නැත්තේ.පැය 24 න් පැය 12ක්ම උඹ හෙලුවෙන් නේ"

"හා....නරකට තියේ..හ.. මේ ....ඒක නෙමේ....මූන හෝදන්නම ඕනෙයි? "

"!@#$%^&*())(*&^%$##$%^&* ඕන @#$%^ කරපිය.."

දැන් කාලේ හැදෙන මල්ලිල නම් ගන්න දෙයක් නෑ..මුන්ගේ භාෂා භාවිතය නම් බිංදුවයි..නරක කුනුහර්පමනේ කියන්නේ..හොද එකක් කියපන්කෝ..."

දඩ බඩ ගාලා මූනේ වතුර ටිකක් උලාගත්තු මම කාර් එකේ කී එකත් අරන් කාර් එකට නැග්ගා ( මගේ බ්ලොග් එකේ ඇඩ් දාන්න මට මුදල් ගෙවන්න ඕනෑ නැත ).

 අතපත ගාලා යතුර දාන හිල හොයාගත්තු මම දෙපාරක් හිතන්නේ නැතුවම වාහනේ ගැරිජ් එකෙන් එලියට ගත්තේ ගේට්ටුව අරින්න රිමෝට් එකේ බටන් එකත් ඔබන ගමන් ( ප්‍රධාන පාලක මැදිරිය ).

ඕන්න දැන් මම වාහනේ මෙන්න මෙහෙම එලවගෙන යනවා.ඔයාලට කිව්වට මොකද ඒසී එක උහුලන්න බෑ මෙයාලා.ඒ විතරක්ද අර යන පාර පෙන්නන GPRS ද මොකක්ද එකෙන් යන්න ඕන පාරත් කියනවා.
බලන්න අදකාලේ වාහන වල තියෙන පහසුකම් නේ. 

මමත් නිවි හැනහිල්ලේ සිංදුවක් අහගෙන වාහනේ මෙන්න මෙහෙම එලවගෙන යනවා.
හුටා.....
පැන්නා නේද පොලිස් මාමි කෙනෙක් වාහනේට..

ඇයි වදේ..නිදහසේ පාරකවත් යන්න දෙන්නේ නැති හැටි..හ...
දුශ්ඨයා...
මම හිතෙන් බැන්නා..වාහනේ පාර අයිනට කරලා මම නැවැත්තුවා..බයෙන් බයෙන් පොලිස් මාමි ලගට ඇවිදගෙන ගියා..මාමි ඉන්නවා හිනා වෙවී..මම මොකටද බයවෙන්නේ..මම වැරැද්දක් කරේ නෑ නේ..

"වැරැද්ද දන්නවද? "

පොලිස් මාමි අහිංසකව ඇහුවා..

"අනේ සෑර්,.මගේ පෙර වැරදි නම් නෑ.මම ඉදලා හිටලා නෙක්ටෝ එකක් බොනවා එච්චරයි..අනාචාරේ හැසිරිලාම නෑ.."

"මාව කොලොප්පමකට ගත්තද.රාලහාමි අඩි පොලවේ හප්පලා මගෙන් අහනවා

"නෑ"

"එහෙනම් කියනවා වැරැද්ද දන්නවද?"

"නෑ සෑර් දන්නේ නෑ..දන්නව නම් ඉතින් කරන්නේ නෑ නේ"

"ශීට් බෙල්ට් දැම්මද?"

හුටා හත්වලාමේ...ඒක අමතක උනානේ දැන් මොකද කරන්නේ.අහිංසක මම අද මුන් දෙන්නට බිලි වෙන්නයි යන්නේ..අතේ ගුලි කරන්න කීයක් වත් ගෙනාවේ නෑ..පර්ස් එක දාලා නේ ආවේ...

මලකෙලියයි..පර්ස් එක දාලා ආවේ..පර්ස් එකේ අයිඩෙන්ටි කාර්ඩ් එකයි ඩ්‍රයිවින්ග් ලයිසන් එකයි..දැන් නම් ඉතින් අයියනායක දෙවි පිහිටම තමා..හෙට ශුවර් එකටම ස්වර්ණවාහිනියේ නිවුස් වලට මේක යනවා.

"තව වැරදි තියෙනවා..සුදු ඉර කපලා බයික් එකට ඉස්සර කරා"

"ඉතින් සෑර් ඉර කපන්නේ නැතුව ඉස්සර කරොත් අර මනුස්සයා යටවෙලා මැරෙනවනේ."

"හෑ...ගන්නව බලන්න තමුසෙගේ ලයිසන් එක"

"ඒක ගෙදර දාලා ඇවිල්ලා සෑර්..අනේ සෑර් මම අහිංසක දරුවෙක් සෑර්..මට අනුකම්පා කරන්න...මම පව් සර්..කීයක් වත් දෙන්න පර්ස් එක ගෙනාවේ නෑ සෑර්.."

"චී...තමුසේ හිතුවද අපි ජරාව කනවා කියලා.."

"ඔව්..නෑ...අනේ නෑ සෑර්..මම බ්ලොග් එකක් ලියනව සර් රත්ගමයා කියලා.සර් කියවලා ඇති මගේ හිතේ."

"මේ මම කියවපු බ්ලොග් එකක් නෑ..වැරදි තුනක් තියෙනවා..ලියනවා මේක.."

දැන් මොකද කරන්නේ...ලයිසම කොහොමත් නැ..පලයන්කෝ දැන් උසාවි.ඔන්න ඕය අතරේ තමා සීනි කන්දක් මැද්දෙන් ගිහින් මගේ චූටි මොලේට කුප්ප අයිඩියා එකක් ආවේ.

"සර් අපේ බාප්පා ප්‍රාදේශිය සභාවේ සභාපති"

ලියන එක නවත්තපු පොර මගේ දිහා බැලුවා..

"කවුද මේ අපේ අහවල් මහත්තයා"

"ඔව් සර්...අහවල් මහත්තයා,ඒ අපේ බාප්පා.."

කටට ආපු බොරුව දෙපාරක් නොහිතම ඇදලා දැම්මා.

"හෑ...ඒ මගෙත් බාප්පනේ මල්ලී.."

මැදෑ කොලා...ඇයි දෙයියනේ බාප්පම කියන්න මතක් උනේ..පොඩි සීයා,ලොකු තාත්තා වගේ එකක් ආවේ නැත්තේ මොකද? ශුවර් එකටම අපේ මල්ලී මට හූනියමක් කරලා..එක කරදරේකින් බේරෙන්න යනකොට තව කරදරයක්..

"ඒ අපේ තාත්තගේ මල්ලිගේ මස්සිනා අයියේ..අපි කියන්නේ පොඩි බාප්පා කියලා.."

"එතකොට ඔයා විමලසේන මාමගේ පුතාද?"

"ඔව් අයියේ..ඒ අපේ තාත්තා" (මම දන්න මගුලේ විමලසේන...)

"අඩේ...දැන් උස ගිහින් ලොකු කොල්ලෙක්නේ..ඒ දවස්වල මෙන්න මෙච්චරයි."

හුජ්ජකරන තැනට අත තියලා පොර මගේ උස පෙන්න්නුවා.නොදකින් නරක පොලිස් සමනලයා..මම ඔච්චර පොඩි වෙලා ඉදියේ නෑ.. 

 අනික මම දන්න විමලසේන මාමෙකුත් නෑ..කමක් නෑ දෙයියනේ විමලසේන මාමා පොලීසියට අදිපති දෙයියා වේවා!! මාව මේ කරදරෙන් බේරගත්තෝත්..

"මල්ලිට මාව අදුරන්න බැරිද..මේ...."

එහෙම කියලා පොර හෙල්මට් එක ගැලෙව්වා..මොන තට්ටයෙක්ද මේ..අදමයි දැක්කේ.. 

"බෑ අයියේ..එච්චර මීටරේට එන්නේ නෑ..ගොඩක් දවසකින් නේ ගෙදර ආවේ.."

"ආ..එහෙමද...වෙන්න ඇති ඒ දවස් වල දැක්කට පස්සේ ඔය දැක්කමයි නේ..ඉන්නකෝ මම විමලසේන මාමාට කෝල් එකක් අරන් කියන්න කොල්ලා වාහන පදින හැටි."

ඒපාර තව කෙලියක්..දැන් නම් වැඩේ මාට්ටු වෙන්නයි යන්නේ..

"මම යන්නද අයියේ..මගේ යාලුවෙක් ඉන්නවා කිව්වා මග.දැනටමත් පරක්කුයි..ගෙදර ගිහින් ලයිසන් එකත් අරන් ආයේ එන්න ඕන නේ.."

"හා හා...එහෙනම් ඉතින් යනවා..සමහරවිට පාලම එහා පැත්තෙත් අපේ දෙන්නෙක් ඇති.එතනින් ඇල්ලුවොත් රාජා රාලහාමි දන්නවා කියලා ශේප් එකක් දාගන්නවකෝ..මම එන්නම් හෙට අනිද්දා ගෙවල් පැත්තේ තාත්තව හම්බෙලා යන්න.."

ඒ වචන ටික පිටවෙනවත් එක්කම කාර් එක ස්ටාර්ට් කරගත්තු මම දෙපාරක් හැරෙන්නේ නැතුව කඩාගෙනම ගියා.

රාජා රාලහාමි විමලසේන මාමා එක්ක මොනවා කරගත්තද කියල නම් දන්නේ නෑ...සමහර විට මාව හොයලා දැනටමත් විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් වෙනවත් ඇති..

51 comments:

  1. මෙවන් පොලිස් අය වෙන කොයින්දා :D

    ReplyDelete
    Replies
    1. වෙන කොහේද ලංකාවේ මිසක්.....

      Delete
  2. හිකි හිකි! පුල් ආතල් ඕයි!

    ReplyDelete
    Replies
    1. පොලීසිය පැත්තේ යන්න උනා නම් තව ආතල්....

      Delete
  3. :D මේකා මාර පොරක්නේ
    මේ ඇත්තටම උබේ කාර් එක ඒසී තියෙන ජිපිඑස් තියෙන එකක් නෙවේ නේද?

    ReplyDelete
    Replies
    1. ඇයි බොලේ...එහෙම එකක් වෙන්න බැරිද?

      Delete
  4. Replies
    1. එල වෙනවා තව ටිකෙන්

      Delete
  5. අයියා මාර පොෂ් නේ... :P

    ReplyDelete
    Replies
    1. ඇයි අපි ගොඩේ වගේද....හ....

      Delete
  6. අප්පට සිරි. සර්, අයිය වෙල. තව ටිකක් හිටියනම් ඌ උඹේ පුතා වෙනව !

    ReplyDelete
    Replies
    1. අනේ ඒ සුදු අයියාට මක්කවත් කියන්න එපා හරිය,,හ...

      Delete
  7. මල්ලි මං පොලිසියේ වැඩ කරන්නේ කියනවා බලන්න තමුසෙගේ ඇඩ්‍රස් එක

    ReplyDelete
  8. මං බයයයයයයය වෙලා

    ReplyDelete
  9. උඹ යටට ඇඳගෙන ගියේ කියල ශුවර් නේද?

    ReplyDelete
  10. අනාචාරෙ හැසිරිලාම නැද්ද ඈ?

    ReplyDelete
  11. සීනි කන්දක් මැදින් නොගියත් ප්‍රධාන ආහරය මංචි ටිකිරි මාරි වෙන්ඩ ඇති නේ.... ද..? :D:D

    ReplyDelete
  12. සීනි කන්දක් මැදින් නොගියත් ප්‍රධාන ආහරය මංචි ටිකිරි මාරි වෙන්ඩ ඇති නේ.... ද..? :D:D

    ReplyDelete
  13. කොයි පොලීසියද..? බං ඔය...!!!

    ReplyDelete
  14. මම හිතුවෙම මේක හීනයක් කියලා රත්ගමයා. ඔබ තනි නැත. මෙන්න ඔයවගෙ තවත් එකක්.
    තවත් පොලිස් කතා තුනක්: #2. ‘මම නිකං බැලුවෙ’

    මේක ඊට වෙනස්. නමුත් මම හිතනවා මේක ප්‍රයෝජනවත් වෙයි කියලා.

    ෂීට් එකක් එලාගෙන කශ්ටියටම ආතල් එකේ එක පොකුරට යං මෙයා!

    අර "කපනව ඩෝ" කියලා හොඳින් කියලා තිබ්බ හන්දමයි ඩෝ මේ කමෙන්ට් එක දැම්මෙ. අන්න එහෙම වරෙං.

    henryblogwalker the Dude

    ReplyDelete
  15. ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ! අපේ පොලිස් අංකල්ලා එහෙම කරන්නෑ!

    ReplyDelete
  16. ආයිස් අමිමා... රත්ගමයා මචෝ, උඹනමි දෙයියෙක්. මොකද කියනවානමි ඔය වගේ වැඩ කරන්න හොද මොලයක් තියෙන්න ඔිනනේ... මරු!!!

    ReplyDelete
  17. දැන්ම කැම්පස් පටන් ගන්නෙ නෑ වගේ. ඒ හන්දා ඔය ප්‍රවාහන ඇමති තනතුරේ තව සෑහෙන්න කාලයක් හිටියහැකි.

    ReplyDelete
  18. පොලීසියේ කට්ටිය ඔච්චර ඉක්මණට රවට්ටන්න පුලුවන්ද ? මටනම් සැකයි !

    ReplyDelete
  19. හිටු දෙන්න නිවුස් එක පොලෝසියට

    ReplyDelete
  20. ,ලයිසොං නැතිව එලෙව්වම ලියන ඒවා නිවුස් වලට දාන්න තරම් ස්ව(ම)ර්ණවාහිණිය කුජීත වෙලාද බං......

    ReplyDelete
  21. ෂුවර්ද දඩ කොලෙ වාහනෙ අංකය ලියාගත්තෙ නෑ කියල? රත්ගමයාට අඹ සරණයි!

    ReplyDelete
  22. අපරාදේ.. දෙකක් ඇනලා කූඩුවට දාන්න තිබ්බේ. නාහෙන් අඩපු නිසා යන්න දුන්නම, මූ දැන් පම්පෝරි ගහලා පෝස්‍ටු ලියනවා. අහුවෙයකෝ අනිත් දවසේ මට. ඒ.සී. ජී.පී ආර්. එස් නේද..? දෙන්නම් ජම්බු...

    (රාජා හාලරාමී)

    ReplyDelete
  23. වෙලාවට විමලසේන මාමට පුතෙක්ම හිටියේ.. දුවෙක් හිටිනම් තමා කෙලිය වෙන්නේ

    ReplyDelete
  24. මගේ බ්ලොග් එකේ ඇඩ් දාන්න මට මුදල් ගෙවන්න ඕනෑ නැත
    රාජා රාලහාමි ඕකව මහඋලු ගෙදරම යවන්න ඈ..

    ReplyDelete
  25. උඹ හෙට අනිද්දම ඇතුලේ කොල්ලෝ.....ඒක නෙමේ අර රාජා ගැන කියලා උඹ තාමත් ‍ෂේප්මන්ට් දානවද?

    ReplyDelete
  26. කුප්පකම අඩුවෙයි යැ මේකාගේ...

    ReplyDelete
  27. හඃ හා,,, තැනට සුදුසු නුවණ...

    ReplyDelete
  28. පොලීසියෙන් උඹව ඔච්චර හොයනවනම් උඹ ඕක ලියලා කර ගත්තේ ලොකු වැරැද්දක්.. කොම උනත් හොද අඩියා එක..

    ReplyDelete
  29. පට්ට ආතල් පොලිස්කාරයෙකුයි. ඒකාටම හරි යන කොල්ලෙකුයි !!!

    ReplyDelete
  30. පව් බන් අර අසරණ විමලසේන මාමා!මොනවා උනත් පට්ට වැඩේ!

    ReplyDelete
  31. උඹ තමයි මිනිහා :ඩ්

    ReplyDelete
  32. ඇයි බං අර පොඩි එකාගේ මුලික අයිතිවාසිකම් කඩ කරන්නේ.
    පන්ති ඇරිලා ඌට තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන තනියම ගෙදර එන්න ඉඩ දීපන් බාල්දි පෙරලන්නේ නැතුව.

    පොලිස් මාමලට කරපු දේනම් මරු...
    මේ දවස්වල මගේ ග්‍රහයා හොඳයිද කොහෙද, පොලිස් මාම කෙනෙක් එක්ක ගනුදෙනුවක් කරන්න සෙට් උනේ නැහැ කාලෙකින්... ;)

    ReplyDelete
    Replies
    1. අඩේ බං ලොකු පුතා. මොකෝ බං සද්දෙ වහලා?
      henryblogwalker the Dude

      Delete
  33. පොලිස් මාමි ලා නම් ඉතා හොදය... ගෙදරට ෆ්‍ර‍යිඩ් රයිස් , එළවලු /පළතුරැ ආදිය ගෙනයන්නට මෙසේ දග වැඩ කරති. එසේ නැති වුවහොත් ගෙදර ඇත්තීගෙන් විසුමක් නොමැති නිසා මට නම් ඒ පීඩිත පොලිස් මාමි ලා ගැන ඇත්තේ අනුකම්පාවකි..

    ReplyDelete
  34. හප්පේ.....උඹලත් කරන කුප්ප වැඩ....එදා අරූ විමලසේන මාමට කෝල් එකක් ගත්තනම් උඹට මාසයක් එකහමාරක් විතර පොලිස් අයියගෙ වැඩපොලේම නැවතිලා ඉන්න තිබුන......

    ReplyDelete
  35. මේ සිරා කතාවක්ද බං මල්ලියේ

    ReplyDelete
  36. හේ හේ.. වෙලාව හොදයි වගේ.. විමලසේන මාමාට කතා කරා නම්..

    ReplyDelete
  37. අර ෆෝන් එක ගැන මොනවත් කියල නැහැ නේ.

    ReplyDelete
  38. රට ජාතිය ආරස්සා කොරන්ඩ දිවි හිමියෙං කැපවුනු අපේ රත්තරං පොලිස් උත්තමයන්ට බොරු කියල නොමග ඇරියද? ඈ බං රත්ගමයෝ උඹේ වාහනේ ඒ සී එක කැඩිලම යන්ඩෝනෙ.ජීපීඇස් එක අංජබජල් වෙලා තෝ මහමග අතරමං වෙන්ඩෝන මේ කරපු අපරාදෙට.

    ReplyDelete
  39. හිහ් හිහ් පට්ටම පට්ට වෙච්චි ඇබැද්දිය නම්...
    ඇත්තටම රත්ගමයගේ මලයා අර විදියටම උත්තර දුන්නද....
    මරු.,හැදෙන ගහ දෙපැත්තෙන්ම පේනවා වගේ..,
    මලයගෙත් හැකියාව විදහාපාන සිදුවීමක් නෙහ්...
    ලිවීමේ සයිලියත් ටොප්......

    ReplyDelete
  40. හික්ස් අනේ අනේ! :)

    ReplyDelete
  41. hey there and thank you for your info – I have definitely picked up anything new from
    right here. I did however expertise some technical issues using this website, since I
    experienced to reload the site lots of times previous to
    I could get it to load properly. I had been wondering if your hosting is OK?
    Not that I'm complaining, but slow loading instances times will often affect your placement in google and can damage your high-quality score if advertising and marketing with Adwords. Anyway I am adding this RSS to my e-mail and can look out for much more of your respective fascinating content. Make sure you update this again very soon.
    Here is my webpage : cool article topics

    ReplyDelete
  42. Thanks for sharing such a good idea, article is
    fastidious, thats why i have read it entirely
    my page > click here to read this message

    ReplyDelete
  43. ලංකාවේ ඉන්නේ පොලිස් රල හැමිල නෙවෙයි කටු කන බල්ලෝ පෙන්න බැරි ජාතියක් මට

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)