Tuesday 10 July 2012

බ්ලොග් අවකාශයේ කුජීතම බ්ලොගය - "100ක් ඩවුන්"


මීට අවුරුදු තුනකට විතරක කලින් කවියක් තියා වචන ටිකක් වත් ගැටගහගන්න බැරි සමනලයෙක් ඉදියා.එක දවසක් ඒ සමනලයා නිකමට වගේ වචන ටිකක් එකතු කරලා කවියක් වගේ එකක් ලිව්වා.ඊට පස්සේ ඒ ලියපු එක කෙලින්ම දුන්නේ ලස්සනම ලස්සන රෝසමලකට.අන්න එදා ඉදලා සමනලයා ලියනවා.ගොඩා...රියක් දේවල් ලියනවා.වෙලාවකට හිනා යන දේවලුත් ලියනවා.ඒත් අද රෝසමල සමනලයා ලග නෑ.ඒත් සමනලයා ලියනවා..සමනලයට ලියන්න කියලා දීලා රෝසමල යන්නම ගිහින්...

 මීට අවුරුදු දෙකකට විතර කලින් එකක් එක නම් වලින් බ්ලොග් මහා ගොඩක් ලියලා කාගේවත් සැලකිල්ලක් නැතුව ඉදපු එකෙක් ගමේ නමින් බ්ලොග් එකක් පටන් ගත්තා.බැලූ බැල්ලමට විකාර නමක් උනත් ලියන විකාර දේවල් එක්ක නමේ නොගැලපීමක් පේන්න නැතුවම ගිහින්..රත්ගමයා කියන නමින් පටන් ගත්තු ඒ බ්ලොග් එක අර කලින් කිව්ව රෝස මල නිසාම නවත්තලා දාපු කාලෙකුත් තිබුනා.ඒ නවත්තපු මාස කිහිපයට ගොඩක් අය රත්ගමයා ගැන හෙව්වා.ඉතින් ආයේ රත්ගමයා බ්ලොග් එක පටන් ගත්තා.ඒ රත්ගමයා කියන නමින් නෙමේ..වෙන මොකක්ද කසිකබල් කවුරුවත් දන්නෙවත් නැති ඉරූ කියන නමින්.

"අපිට ඉරුවෙක්ගෙන් වැඩක් නෑ.අපිට රත්ගමයා ඕන.."

බ්ලොග් එක කියපු කට්ටිය කිව්වා..ඉතින් දැන් මොනවා කරන්නද...ඉරූ ගේ ලෝකය බ්ලොග් එක ආයේ රත්ගමයාම උනා..
අන්න ඒකයි දැන් තියෙන රත්ගමයා බ්ලොග් එකේ සබැදි ලිපිනය www.rathgamaya.blogspot.com වෙන්නේ නැතුව http://www.sun-ge-lookaya.blogspot.com/ උනේ.

කොහොම කොහොම හරි කියන්න ආපු කාරනාව කියන්න අමතක උනානේ.අද දාන මේ බ්ලොග් සටහනත් එක්ක ඔක්කොම බ්ලොග් සටහන් 100ක් ලියලා තියෙනවා මේ බ්ලොග් එකේ.අවුරුදු දෙකට ඒ ගාන හොදටම මදි වෙන්න ඇති.ඒත් ඉතින් මොනවා කරන්නද.. :ඩී . 
අපේ මල්ලිලා දෙන්න උනත් අලුගුත්තේරු වැඩක් කරන්නේ ඉදලා හිටලනේ.ඉතින් උන් දෙන්නා ගැන ලියන්න වෙන්නේ කලාතුරකින් තමා.මල්ලිලා දෙන්නා ගැන මොනවා ලිව්වත් උන් දෙන්නා හරි හොදයි..හා පැටව් වගේ සුකුමාලයි.

ලියන හැම බ්ලොග් පෝස්ට් එකක්ම බ්ලොග් එකේ දාන්න කලින් මම පෙන්නන්නේ චූටි මල්ලිට.එයාට පෙන්නලා ඊට පස්සේ තමා බ්ලොග් එකේ දාන්නේ. ( චූටි මල්ලිට - මේක තොට පෙන්නන්නේ නෑ..දැම්මට පස්සේ බලපන් හොදේ!! ).ඒ අතින් නම් අපේ චූටි මල්ලි හරි හොදයි.හිනාව තද කරගෙන කියවද්දි මාර මෙව්වා එකක් එනවා.
මොනා කරන්නද ඉතින් ලියාගෙන යනවා මිසක්.සමහරවිට මට ඩිංගක් හරි ලියන්න පුලුවන් වෙන්න ඇත්තේ අපේ මහතාත්තා නිසා ( තාත්තාගේ තාත්තා ). 1970 ගනන් වල ලංකාවේ කවියන්ගේ සංගමේ සභාපති වෙලා ඉදලා තියෙන්නේ මහතාත්තා තමා. රත්ගම ටී.ලියනගේ කිව්වොත් සමහර විට ගොඩක් අය දන්නවා ඇති. මහතාත්තා දකින්නවත් වාසනාවක් නැති උනේ 89 කලබල දවස්වලම මහතාත්තව පැහැරගෙන ගිහින් තිබුන නිසා.

ඒ මොනවා උනත් ආයේ බ්ලොග් එකට එමුකෝ..ඉතින් අද බ්ලොග් පෝස්ට් 100ක් ඉවරයි...තව ඉස්සරහට 200,300 ඊට පස්සේ එන ඉලක්කම් අකුරුවලින් පහු කරනකල් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්ඩ ඕන.
බ්ලොග් එකක් ලියන්න කියලා දීපූ කලුමල්ලි සහ ඒ දවස්වල ඉදපු නිරහංකාර අහිංසකාවි (සිරෝසිස් නගා ) වත් අප්ප්පිරියාවෙන් යුතුව මතක් කරනවා.

ඉතින් සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවායි පතමින් අදට නවතිනවා..

                                 මම ඇච්.රත්ගමයා (ඇච් ස්ටෑන්ඩ් ෆෝර් හන්දියේ )
 

72 comments:

  1. කුප්පයි කුජීතයි !!!
    මම් ඒ දවස්වල බ්ලොග් කියවන කාලේ රත්ගමයා නෑ කියලා හෙනට කට්ටිය කතා උනා. ඊට පස්සේ කවුද මන්තා එකෙක් ඉරු ඉරූඌඋ කියාගෙන ආවා. බැලින්නම් ඌ තමා රත්ගම බුවා !!!

    සුබ පැතුම් මලේ !!!!
    චූටි මලයටත් සුබ පැතුවයි කියන්ඩ !!!

    ReplyDelete
    Replies
    1. මම එක වෙලා.
      අර බස් රේඩියෝ ඉමේජ් එකේ href කෑල්ලට ඉස්සරහින් <a කෑල්ලක් ඔබන්න. වැඩේ නිට්ටාවට සුවයි !!!

      Delete
    2. කවුද ඉතින් ඉරූ හැබෑට......හරි හරි ඔන්න මෙව්ව හැදුවා.......

      Delete
  2. කන්ග්‍රෑට්ස් බ්‍රෝ....

    ReplyDelete
  3. රත් උනත් ගමයෙක්නේ...
    ජයවේවා රත්ගමයෝ...
    අපි ඔබ සමගයි ඈ...

    ReplyDelete
    Replies
    1. ජය වේවා!!! මනාප ගොඩයි

      Delete
  4. මමත් අයියාගේ බ්ලොග් එක කියවන්න පටන් අරන් වැඩි කාලයක් ගත වී නැත....එහෙත් මම කියවලා තිබෙන හැම පෝස්ට් එකක්ම රසවින්දෙමි .අයියාට සුබ පැතුම්!!!! :)

    ReplyDelete
    Replies
    1. රස වින්දා නම් එච්චරය....සුබ පැතුවාට මෙව්වා ය...

      Delete
  5. අවුරුද්දක් ගියත් දෙකක් ගියත් 100ක් කියන්නෙ පොඩි ගානක්ද සුබ පැතුම් සහෝ.
    ඉදිරි ගමන සමනලුන් රෝසමල් ඇතත් නැතත් සාර්තක වේවා !!!…

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා. රෝසමල් මොකටද අපිට

      Delete
  6. හිතවත් රත්ගමයා,

    100ට සුභ පැතුම්.

    ප.ලි.
    සෝසමල් ගොඩක පැණි බොන්න ලැබේවා!!

    ReplyDelete
  7. ඔන්න සුභා කිවුවා... කුජීතයි කියන්නේ හොදම එක..

    ReplyDelete
    Replies
    1. ඔන්න පින් සිද්ද වෙච්චාවේ කිව්වා....

      Delete
  8. 100ට සුභ පැතුම්

    යකෝ මූ නෑයොද මන්දා

    ReplyDelete
  9. මං මුලින්ම ADSL අරන් කියවපු බ්ලොගිය මේකද කොහේද?? ඉන්න තැනකින් පියාඹලා එන්න මම තාමත් මෙතන බලන් ඉන්නවා.ඒක වෙන්න ඕනේ.කියවපු මුල්ම එකේ සිටම කුජීතයි ඈ

    ReplyDelete
  10. කුට්ට පජීතයි.... සදා ජය ඈ....ගමේ එකෙක්...

    ReplyDelete
  11. ''ලියන හැම බ්ලොග් පෝස්ට් එකක්ම බ්ලොග් එකේ දාන්න කලින් මම පෙන්නන්නේ චූටි මල්ලිට.එයාට පෙන්නලා ඊට පස්සේ තමා බ්ලොග් එකේ දාන්නේ. ( චූටි මල්ලිට - මේක තොට පෙන්නන්නේ නෑ..දැම්මට පස්සේ බලපන් හොදේ!! ).ඒ අතින් නම් අපේ චූටි මල්ලි හරි හොදයි.හිනාව තද කරගෙන කියවද්දි මාර මෙව්වා එකක් එනවා.'' මේ ටික ෂෝයි ..හී හී..

    අපෙනුත් ශුභ පැතුම් එහෙනම්! :)

    ReplyDelete
  12. සීයට දාහක් ආයුබෝවේවා!

    ReplyDelete
  13. කුජීතයි කුජීතයි...:) සුබ පැතුම්...:)

    ReplyDelete
  14. හරිම කුප්පයි. ජය වේවා !

    ReplyDelete
  15. බොහෝම ස්තුතියි බස් රේඩියෝ බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට

    ReplyDelete
  16. එළ... 100 ය 10000000000000000000000000000 වේවා !!!!!!!!!

    කෝ දැන් රෝස මල ?

    ReplyDelete
  17. 100ට.සුභපැතුම්

    ReplyDelete
  18. රත්ගමයා වෙත මගේ බලවත් මෙව්වා එක පල කරමි.... 100 පසුකර ඉදිරියට යන ඔබට ජයම වේවා!

    ReplyDelete
  19. එල! දිගටම ලියගෙන යන්න. ජයවේවා!!

    ReplyDelete
  20. අඩෝ සුභ පැතුම් යකෝ...!!!!

    :D

    ReplyDelete
  21. සුභ පැතුම් ඇච් රත්ගමයා මහතාණෙනි.....!!!!

    ReplyDelete
  22. තොගේ පොඩි මලයා අසමජ්ජතියෙක් වීමට හේතුව තොගේ කුප්ප බ්ලොග් පෝස්ටු කියැවීමෙන් බව අද ප්‍රත්‍යක්ෂ කර ගතිමි.තව තවත් ලියා පොඩි උන් අසම්ජාතීන් කොට සතර මහා දිව්‍යලෝකවල ඉපදීමට වරම් ලැබෙනු ඇත.

    ReplyDelete
  23. රත්ගමයාට සුභ පැතුම්.අපි කැමති රත්ගමයා වැඩියෙන් ලියනවට

    ReplyDelete
  24. සුබපැතුම්, මග නවතින්නේ නැතිව තව ත්වත් ලියන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
  25. ඉස්සරනම් හොඳම යාළුවා රත්ගමයා... දැන් අපිව මතකත් නෑ :ඩී

    සුභ පැතුම් !!!

    ReplyDelete
  26. එහෙනම් උඹටත් එහෙනම් 100 ක් වයසයි නේ!!!දිගටම ලියපන්!මල් හතයි ගස් දෙකයි ඈ!!!!

    ReplyDelete
  27. මේ බ්ලොග් එක මාර රහයි

    ReplyDelete
  28. සුබ පැතුම් අයියේ...

    ReplyDelete
  29. mamat asawen kiyawana blog ekak tama mekath.ehenam ayyata magenuth suba pathum hode......

    ReplyDelete
  30. කුප්පයි කුචීතයි, අති විශිෂ්ඨයි. උඩ ටික හගීම් බරයි. යට ටික විනෝද බරයි!
    ජය වේවා!

    ReplyDelete
  31. මගෙනුත් සුභ පැතුම් !

    ටිකක් වැඩි පුර ලියන්ඩෝ..

    ReplyDelete
  32. කූජිත රත්ගමයාට ජයම වේවා!!! මගෙන් සුභ පැතුම්!!

    ReplyDelete
  33. ජයම වේවා.. බූට් සීන් එකක් තියනවා කියා ආරංචී...

    ඒව නොහිත ලියපං බං.. :ඩී

    ReplyDelete
  34. කුප්ප,කුජිත,අලුගුත්තේරු,අවලං,පාහර,නරක සමනලයට තව තව වැඩියෙන් ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවායි කියා සුබ පතන්නේ ඔබේ හිතවත් මඩයාය. ;)

    ජය වේවා සහෝදරයා......!

    ReplyDelete
  35. සුභ පැතුම් ..දිගටම ලියමු .:DDDD

    ReplyDelete
  36. 100ට ජයවේවා මචන් තව නවසීයක් ලියන්න ලැබේවා.
    එතකන් දිගටම ඉන්න උත්සහා කරනවා.

    ReplyDelete
  37. අප්පට උඩු...! 100 ඈ...
    ඔන්න නොටියා රත්ගමයට දාන මුල්ම කමෙන්ට් එකෙන් විශ් කොලා.
    දකුණේ කමටයි රත්ගම ඒරියල් එකේ මෙව්වා එකටයි ඔන්න 5කුත් දැම්මා හිරිකිතක් නැතුවම.

    ReplyDelete
  38. සුබපැතුම් ..

    ReplyDelete
  39. සුබපැතුම් රත්ගමයෝ........

    ReplyDelete
  40. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  41. හැපි ශතකයක් ඈහ්
    බ්ලොගේ කෙසේවෙතත් අර පොටෝ කෑල්ලේ නම් පොඩි කුජීත බවක් පෙනේ

    ReplyDelete
  42. ඔන්න එහෙමනං හැපි සෙන්චරි කිව්ව..
    දිගටම කුජීත කතාම ලියපන් මචා...!!! :) :)

    ReplyDelete
  43. සුභම සුභපැතුම්.....!!!!!!!!

    ReplyDelete
  44. කිට්‍ටුව පාත එකෙක් විදියට ඕං ...මගෙත් සුභපැතුම්..!!!

    ReplyDelete
  45. රත්ගමයෝ... මම හැමදාම උබෙි පෝස්ටි එක කියවනවා. බොලාගේ මල්ලීලා දෙන්නා දෙන ආතල් නමි කියලා වැඩක් නැත. පැනලා ගිය රෝස මල් ගැන දුක් වෙන්නෙපා. හැමදේම හොදට වෙයි කියලා හිතහන්. ආ...තව දෙයක් උබෙි 100 ට මගෙන් උණුසුමි සුභ පැතුමි...!!!

    ReplyDelete
  46. සුභ පැතුම් මචං!

    ReplyDelete
  47. 500 ඉක්මණින් බැට් කිරීමට හැකි වේවා :)

    ReplyDelete
  48. එල රත්තා මගේ හදපිරි සුබපැතුම්!!!

    ReplyDelete
  49. suba pathum thamage duka hangagena anunwa sathutu kara ekath pinak :))) loku pinak malli hamadama liyanna api hamadaama oyage kujjitha blogaya kiyawanawa......... oya hithe thiyana dewal delete korala fun eke enna .......:)

    ReplyDelete
  50. සුභ පැතුම් රත්ගමයා..!!!

    ReplyDelete
  51. ඇච්. රත්ගමයගේ බ්ලොග් එක මම මුල ඉදන්ම බැලූවනේ.. ඉතින් සතුටුයි උඹෙ ගමන ගැන.. තව ඉස්සරහට හොද කුප්ප කතාම ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  52. සුබපැතුම් රත්ගමට!!!

    ReplyDelete
  53. රත්ගමයා ට සුබ පැතුම් !!

    ReplyDelete
  54. comment කලේ නැති උනාට වරද්දන්නෙ නැතුව කියවන බ්ලොග් එකක්..., දිගටම මේ විදියට රසට ලියන්න ලැබේවා...

    ReplyDelete
  55. සුභ පැතුම් ඈ

    ReplyDelete
  56. රත්ගමයා අයියාට බොක්කෙන්ම සුභපැතුම්! මේ කුප්ප කුජීතභාවය තවදුරටත් පවත්වාගෙන බ්ලොග් අවකාශයේ තව තවත් වැජඹේවායි ප්‍රාර්ථනා කරමි!

    http://sidhdiya.blogspot.com/

    ReplyDelete
  57. කුජීතයි ජය වේවා දිගටටටම ලියපන්න්න්...........

    ReplyDelete
  58. හැමෝටම රිෆ්ලයි දාන්න බැරි උනාට සමාවෙන්න ඕන...හැමෝටම ස්තූති හොදේ!!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා....!!! රිප්ලයි දාන්න බැරි වෙන නිස මම රිප්ලයි එක යටින් සුභ පැතුවා ඕන්..
      එහෙනම් 200 , 300 ත් පහුකරමු හරිය.. :D

      Delete
  59. සන්තෝසයි//..අයෙත් ආව එක ගැන....

    ReplyDelete
  60. කුජීතයි මචා :D :D
    සුබපැතුම් :) :)

    ReplyDelete
  61. මගේ උපන් ගමට ටිකක් ලඟයි ලඟයි වගේ පොරක්නේ. ජය වේවා! දිගටම ලියන්න.

    ReplyDelete
  62. අම්මටසිරි..අයෙ කතා දෙකක් නෙහෙ අපේ ගමේ එකෙක් නිසා...එල රත්ගමයෝ...එල.....

    ReplyDelete
  63. හත් ඉලවුවට ගහපු කලාබරේ කිවුවලු.. එල රත්ගමයෝ එල.. ඔන්න shagiyath ගොඩ වැදුනා..

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)