Monday 9 May 2011

කුරුටු ගෑවෙමි...........



ආදරණීය වස්තු,

මතකද...
ඉස්සර අපි පන්ති ගියපු දවස්
මහා හයියෙන් වහින කොට
චූටිම චූටි කුඩයක් යටට වෙලා
මාව තෙම්මන්නේ නැතුව එක්කගෙන ගිය හැටි....
අදත් ඒ විදිහටම වහිනවා
ඒත් කුඩේ යටින් යන්න අපි දෙන්නා නෑ

මතකද...
පන්තියේ ඉස්සරහම පේලියට වෙලා ප්‍රශ්න වලට
උත්තර හොයපු හැටි..
වැරදුන ප්‍රශ්න දෙන්න එක්ක විසදපු හැටි
අදත් මට ඒ වගේම ප්‍රශ්න තියෙනවා
ඒවා විසදන්න ඔයා ලග නෑ

මතකද....
අවුරුද්දට ඇදුම් ගන්න අපි දෙන්න
ගොඩාක් දුර ගිය හැටි.
මගේ අතේ එල්ලිලා විකාර ගොඩාක් කියවපු හැටි
අදත් කට්ටිය ඇදුම් ගේනවා
අතේ එල්ලා යන්න ඔයා ලග නෑ

මතකද....
වස්තුට මතකද
අපි දෙන්න ගොඩා..ක් ආදරේ කරපු හැටි..
දවසක් නොදැක ඉන්න තරම් බැරි උන හැටි..
ඒ ආදරේ ඔයා තාමත් කරනවා...
ඒත් ආදරේ දෙන්න මට බෑ....

44 comments:

  1. මොකෝ පුතේ අවුල

    ReplyDelete
  2. මම ඔය කවි සෙට් එකෙන් එක කවියක් මීට කලින් කියවලා තියෙනවා. මම හිතන්නේ රත්ගමයගේ බුකියෙන් වෙන්න ඇති. මාරම ලස්සනයි. කුප්ප කමක් ගෑවිලාවත් නෑ.

    ReplyDelete
  3. shanu
    අවුලක් නෙමේ බොලන්....ඔහේ ලියාගෙන යාමක්... :))

    මධුරංග
    ඔව් ඔව්...ඉස්කෝලේ ගැන ලිව්වා මේ වගේම එකක්..මධුරංග අයියට මතකයි නෙව..

    ReplyDelete
  4. මොකෝ අයියා කේස් එක ආදර නහරෙ කපල දැම්මද නැත්තං තිබුන ආදරේ වෙන කෙනෙකුට දීලද???

    ReplyDelete
  5. කිඩෝ
    නහර කපා ගැනීමක්...

    ReplyDelete
  6. ඔහොමත් කියනවද බොලා, අර කවුද කිව්වා වගේ මට බොක්කටම වැද්දුවා.
    අතීතය සුන්දරයි, නමුත් ඒ අතීතය මට ගොඩ දාන්න බෑ මචෝ!

    ReplyDelete
  7. මොකක්ද බං ඒ කුනුහර්පෙ?අන්තිම පේළියෙන් හිතං හිටපු ඔක්කොම උඩුයටිකුරු කලානෙ.

    ReplyDelete
  8. MK
    ගොඩ දාන්න පුලුවන්කම තියෙද්දිත් ගොඩ දාගන්න ඕන කමක් නැති එකාට මොකක්ද කියන්නේ... :((
    --------------------------------------------------------------------------
    සීතල අයියා
    මොකක් කියලද හිතන් ඉදියේ...ඒ පේලිය තමා කියාගන්න බැරි පේලිය..
    ඒ ආදරේ ඔයා තාමත් කරනවා...
    ඒත් ආදරේ දෙන්න මට බෑ....

    ReplyDelete
  9. ලස්සනය් මල්ලි !!!!!!!!!!

    ReplyDelete
  10. උට කියන්න එව්වා තියනවා, බුකියෙ සෙට් උනොත් කියන්නම් ;),
    අඩේ උබ මගේ මතකෙ ඇවිස්සුවා බොල,වස්තු නැතුව අනිත් ඔක්කොම නිකන් ඉරාකෙට ගහපු මිසයිලයක් වගේ.

    ReplyDelete
  11. Anonymous
    :))
    -----------------------------------------------------------------------------------------------------
    MK
    මොකාටද එන්න හදන්නේ?

    ReplyDelete
  12. Uba love karaddi wessata kude allan giye ekida? ane bolan. kolla neda kude ussagena kellawa turul karagena yanna one?

    ReplyDelete
  13. godak duka hitenawa,matath mewage experiences tiyanawa.

    ReplyDelete
  14. KiKi
    එහෙම නීතියක් තියෙනවද?? :O
    -----------------------------------------------------------------------------------------------------------------------------------
    Anonymous
    :( :( :(

    ReplyDelete
  15. ඔහේ ලිවුව එකක්නේ? අවුලක් නෑ..

    ReplyDelete
  16. හ​ෆෝයි මූ ආයෙමත් පටං අරන්....

    ReplyDelete
  17. චතුවා (ළමයා)
    යා යා....ඔහේ ලිව්වා

    prasanna86k
    මක්කා ආයේ පටන් අරන් තියෙන්නේ... :O

    ReplyDelete
  18. අනේ ප්‍රසන්න අයියේ මෙන්න මූ මට බනිනෝ!

    ReplyDelete
  19. ඇයි බොල රත්තා අය්යේ කෙලීට ආදරේ දෙන්ට බෑ කියන්නේ,,,,?

    ReplyDelete
  20. දුකයි.මටත් ගොඩක් දේවල් ආය මතක් වුනා.

    ReplyDelete
  21. රත්ගමයට මේ දවස් වල මොනව හරි වෙලා වගේ.... දැන් වෙනමම සීන් එකක් නෙ යන්නෙ...

    ReplyDelete
  22. රත්ත පුතේ මොකෝ අවුල??? මට නං නොතේරේ.... ළමය කිව්ව වගේ ඕහේ ලිව්ව එකක් නිසා අවුලක් නෑ (වගේ)

    ReplyDelete
  23. ආදරේ දීලා ආදරේ ගනිං කොල්ලෝ .. ..

    කලකට පෙර මම මේක දැක්කා බුකියේ තිබ්බා

    ReplyDelete
  24. මචන් ඇත්තටම උබල වෙන්වෙන එක මට දුකයි මොකද..... උබලා පෙම් කරපු හැටි.. හොරාට පේලිය දෙපැත්තෙ ඉදන් හොරට කතාකරපු හැටි මට මතකයි....උබේ වස්තු ආදරෙන් ඔතාපු බත් එක උබ අපිටත් දීල කෑවෙ උබලගෙ ආදරේ පරර්තකාමී නිසා...මම ඉස්සර හිතාගෙන හිටියා උබලා දෙන්න එකිනෙකා වෙනුවෙන් මවාපු යුවලක් කියල.....

    විරාමයක් මිස අවසානය නොවේ... ජීවිතය තව දුරයි...අවසානයේ සියල්ල හරියාවි...

    ජය වේවා.. මගේ පෙර පාසලේ සිට සහෝදරයට............

    ReplyDelete
  25. ම්හ්...එල...බැලුවහම හීන් දුකකුත් එනව....:D

    ReplyDelete
  26. MK
    ප්‍රසන්න කියලා එකෙක් නෑ..වල් මාලුවෙක් නම් ඉන්නවා
    --------------------------------------------------------------------------------------
    බීටා
    එක එක හේතු තියෙනවා බන්.... :)
    -------------------------------------------------------------------------------------
    නදී...
    :O අක්කට මක්ක මතක් උනාය?? :O
    -------------------------------------------------------------------------------------
    සුපර් මාරියෝ
    මොනවද වෙලා බන්..කියාගන්න බෑ
    ---------------------------------------------------------------------------------------
    කෙෂාන් විදුරංග
    ඔව් බන්..ඔහේ ලිව්ව එකක් නේ මේක..
    -----------------------------------------------------------------------------------------
    හිස් අහස
    ඒ මේක නෙමේ සදරු අයියා...ඒ වෙන එකක්...ඉස්කෝලේ ගැන ලියපු එකක්..
    ---------------------------------------------------------------------------------------
    යසියා
    උඹ මක්ක කතා කරන්නේ?? නැගිටපන් යකෝ..
    ------------------------------------------------------------------------------------------
    චතූ......
    හීනියට මක්ක හරි සප්පයම් වෙන්න :)

    ReplyDelete
  27. නියමය.. උබේ ආදර කතා අතරින් දැක්ක සිරාම එක.. :D :D නියමය.. ප්‍රතිපත්තියක් තියෙන්න ඔනි... :D :D :D

    ReplyDelete
  28. ඒ මේකට උඹගේ සයින් එක දාල නැ...දාපන් කුප්ප කතාවක්....

    ReplyDelete
  29. හලි හලි නැගිට්ටා බොලව්....

    ReplyDelete
  30. චූ කොරල ගිහින් නිදා ගනින් කොලුවො.

    ReplyDelete
  31. ඒ ආදරේ ඔයා තාමත් කරනවා...
    ඒත් ආදරේ දෙන්න මට බෑ....

    පාර බන්...එලz

    ReplyDelete
  32. මොකද උඹ boot එකක්වත් තිබ්බද කාටහරි...........

    ReplyDelete
  33. සුළඟිල්ල | pinkie
    ආදර කතාවක් නෙමේ කියලා පේන්නේ නැද්ද? :දිව
    ----------------------------------------------------------------------------------------------
    කුරුං ගුරුං
    දැන් එහෙම ඒවා ලියන්නේ නෑ මලේ
    -----------------------------------------------------------------------------------------------
    යසියා
    ඒක හෝදයි..වතුර ටිකක් ගා ගනින් මුනේ,,,,
    -----------------------------------------------------------------------------------------------
    Observer
    ඔන්න කිව්වා අංකල් කතාවක්...මම යැ චූ කොරන වැඩේ කරන්නේ..අංකල් නේ
    -----------------------------------------------------------------------------------------------
    Isuru Rangana Jr.
    පාර නෙමේ මහ පාර
    -----------------------------------------------------------------------------------------------
    හරී
    ඒ වගේ තමා බොලේ....

    ReplyDelete
  34. ඔයා ඔච්චර ආදරේ කරනවානම් ඇයි ආදරේ දෙන්න බැරි?

    ReplyDelete
  35. මෙන්න විශේෂ අවස්ථාවක්---තවත් සිංහල බ්ලොග් අවකාසයේ කුජීත කතා ලියන්නෙක් අවස්ස කර තිබේ...

    :P

    ReplyDelete
  36. ඇයි නැත්‍ ‍‍තේ ඔය ආද‍රේ පුරවලා කියලා ති‍යෙන් ‍නේ..........
    අ‍නේ ‍මේ කට්ටිය ‍බොරුවට කලබල කරන්න එපා ම‍ලේ..........
    ලස්සනයි......

    ReplyDelete
  37. අපූරුයි යාළු පදවැල

    ReplyDelete
  38. එක එක ඒවා කියවන්න එන්න එපා හරිය..............

    ReplyDelete
  39. නිකං ලියාවෙන්නෙ නෑ බොල. කියහං ඇත්ත........

    ReplyDelete
  40. බැලුවෙමි...කමෙන්ට් නොකරමි..උඹ වෙන ටොපික් එකකට මාරු වුනොත් හොදා

    ReplyDelete
  41. අම්මෝ.... ඔයාව දැකලා හිතට දැනෙන සතුටක්.... නැවතත් බ්ලොග් ලෝකයට පිවිසීම පිලිබඳව මාගේ බලවත් සන්තෝශය ප්‍රකාශ කරමි.... :)

    ReplyDelete
  42. පිණිබිඳු.
    මට ආදරේ දෙන්න පුලුවන් අක්කේ...මම ආදරේ දෙනවා....ගො...ඩා...ක් :))
    ----------------------------------------------------------------------------------------------
    කුරුං ගුරුං
    එකෙක් ඉන්නේ...ඒ ඇති :))
    ------------------------------------------------------------------------------------------------
    හා පැටික්කි (MS)
    ඒකනේ අක්කේ...කට්ටිය කලබල වෙලා නේ නික්න්... :)
    --------------------------------------------------------------------------------------------
    ayesha
    ටැන්කුයි වේවා!!
    --------------------------------------------------------------------------------------------
    Isuru Rangana Jr.
    කිසිත් නොකියම්...
    -----------------------------------------------------------------------------------------
    nawammawatha
    සිරාවට නිකන්...කිසි අවුලක් නෑ...
    ----------------------------------------------------------------------------------------------
    පැන්ඩා
    අනිවා මාරු වෙමි..මේ ටොපික් එක ඉවරටම ඉවරය... :)
    ----------------------------------------------------------------------------------------------
    කොට ජීවිතේ
    ඒක නේ කියන්නේ....හිනාවෙලා ඉන්ඩ හරිය... :)

    ReplyDelete
  43. මතකද....
    වස්තුට මතකද
    අපි දෙන්න ගොඩා..ක් ආදරේ කරපු හැටි..
    දවසක් නොදැක ඉන්න තරම් බැරි උන හැටි..
    ඒ ආදරේ ඔයා තාමත් කරනවා...
    එත් මට ආදරේ නොදැනෙන විදියට....
    මගෙන් ඈත් වෙලා.....
    ඉතින් මා කුමක් කරම්ද මගෙ මේ දොර ගලන ආදරේට......
    මට ලන් වෙලා මේ ආදරේ විදිමු අපි !!

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)