Friday 6 May 2011

හිස් අහසෙන් රත්ගමයාට උදව්!!


කට්ටිය බලන්න ඇති එක එක පෝස්ට් විනාඩියෙන් විනාඩිය වැට්ටේ මොකද කියලා..සිංඩි වලත් ටෙස්ටින්ග් පෝස්ට් අම්බානෙක වැටිලා තිබ්බා..මුලින්ම ඒ වැඩෙන් අපහසුතාවයට පත් උන කට්ටිය ඉන්නව නම් එයාලගෙන් සමාව ඉල්ලන්න ඕන..
එක පාරටම දාන දාන පෝස්ට් වැටෙන්නේ නැති ලෙඩක් තිබ්බ නේ බ්ලොග් එකට.පෝස්ට් දැම්මට ඒවා අර කොහේටද වැටෙන්නේ නෑ..කොහොම හරි මේ ලෙඩේට බෙහෙතක් හොයන්න කියලා හිතාගෙන ඉන්නකොට අද හවස් වරුවේ හිස් අහස පැත්තෙන් කෙදිරියක් ඇහුනා...
"ගමයෝ"
මෙහෙ වරෙන් කොලු පැන්චෝ..
මගේත් ඔය වගේ ලෙඩක් තිබ්බ නේ..මම ඕක හදා ගත්තේ මගේම හයියෙන්..උඹට ඒ වගේ හයියක් නෑ නේ සුදු පුතේ..ඉදින් මම හදලා දෙන්න..ඔන්න ඔහොමයි මගේ මේ ප්‍රේමනීය බ්ලොග් කතාවට ටියුෂන් සර් කෙනෙක් එන්නේ. හැබැයි මට කතා කරපු විදිහ නම් ඇල්ලුවේ නෑ ඕන්න
"රත්ගම මලේ..මෙහෙම කරහන්..ඔය ටෙම්ප්ලේට් එක වෙනස් කරලා බලපන්.."
හරි ඔන්න මම ඒක කරා..ඒත් හරි ගියේ නෑ නේ සදරු අයියා...ඔන්න ටෙස්ටින්ග් පෝස්ට් එකක් පබ්ලිශ් උනා..
"හරි ගියේ නෑ නේද මලේ..එහෙනම් අර පබ්ලිශින්ග් කරන එක එවුරිවන් දාපන්න්"
හරි මම ඒකත් කරා..දැන් ටෙස්ටින්ග් පෝස්ට් දෙකයි...
ඔන්න ඔය විදිහටම පෝස්ට් පහක් හයක් වෙනකල් සදරු සර්ගේ එක එක උපක්‍රම පාවිචි කරා..ඒත් බ්ලොග් එක ගොඩ යන පාටක් නෑ...
වැඩක් නෑ සදරු අයියේ..මේක අත ඇරලා දාමු
එහෙම අත අරින්න පුලුවන් ද මලේ...යකඩ බජාර් එකකට නෙලලා ඉන්න මම වගේ කොල්ලෙක් ඉන්නකල්.උඹ මට පාස් වර්ඩ් එක දියන්..මම වැඩේ පටස් ගාල ගොඩ දාල දෙන්නම්"
ඔන්න ඉතින් අන්තිම තුරුම්පුවත් ගැහුවා..පාස් වර්ඩ් එක වෙනස් කරා..වෙනස් කරලා දුන්නා සදරු සර්ට..
මම පැය භාගෙකින් එන්නම්..මට 5.30ට ක්ලාස් එකක් තියෙනවා.ඊට කලින් වැඩේ ගොඩ දාල දෙන්නම්..
එහෙම කියපු සර් තුමා නොපෙනී ගියා..
මමත් ඉතින් සියලු බලාපොරොත්තු සුන් කරගෙන පැත්තකට වෙලා ඉදියා..පැය භාගයක් යන්න හම්බුනේ නෑ ජංගමේට කෝල් එකක්..
"හලෝ"
"හලෝ මලේ"
"ඔව් සදරු අයියා"
"වැඩේ හරි..උඹ ලොග් වෙයන්..මම ලොග් අවුට් වෙන්නම්"
"මොකක්ද සදරු අයියා තිබ්බ අවුල"
"ආ..මේ ෆීඩ් එකක පොඩි අවුලක්"
ඔහොම කිව්වට අපිට ඉතින් තේරෙන එකක් යැ
ඔන්න ඉතින් සතුටු සිතින් මම ලොග් උනා බ්ලොග් එකට..හප්පොච්චියේ...බ්ලොගේ වනසලා පෝස්ට් දාලා නේ..
කමක් නෑ ඉතින් කොහොම හරි ලෙඩේ හදලා නේ..මම ආයෙත් කෝකටත් කියලා ටෙස්ටින්ග් පෝස්ට් එකක් දාලා බැලුවා..අම්මේ....නියමෙට වැඩ..
කොහොම හරි සදරු අයියගේ පැය දෙකක් විතර මේ වැඩේට නාස්ති වෙන්න ඇති..ඔන්න ඉතින් ඒකට ගොඩක් ස්තුති කිව්ව..
ඔය අනිත් බ්ලොග් වල ලෙඩ තියෙනව නම් සදරු අයියටම කියන්න..ඕන ලෙඩකට බෙහෙත් කරනවා..
එහෙනම් මේක මෙතනින් ඉවරයි.ආයේ හිත හිරි වට්ටන කතා රැසකින් ඉස්සරහටත් හමුවෙමු..එතක් සමුගන්නා මා.....
රත්ගමයා මහතා...

25 comments:

  1. ඒක තමා අපිත් මේ බැලුවේ මොකෝ කියලා. මොනවා උනත් ආයෙමත් රත්ගමයා ආපු එක වටිනවා.සදරු මල්ලිටත් ගොඩක් ස්තූතියි අපේ රත් ගනමයට උදව් කලාට

    ReplyDelete
  2. මමත් බැලුවා රත්ගමයාට මොකද උනේ කියලා.. අවුලක් නෑ දැන් ඔක්කොම හරිනේ... මේ සදරු සර් ක්ලාස් කරන්නේ කොහේද??

    ReplyDelete
  3. එළමයි බන්z උබ ආව එකට සතුටුයි

    ReplyDelete
  4. කොහොම හරි උඹගේ කට කැඩිච්ච කතා අපිට ආයෙමත් අහන්න පුලුවන් මොකද පහුගිය කාලේ හැංගිලා හිටියේ

    ReplyDelete
  5. Keep going machan aayemath liyanna issara vagema

    sandaru niyama kollekne

    ReplyDelete
  6. දැං කාටද අපි "එල මචං එල..." කියන්න ඕනේ...?

    ReplyDelete
  7. අපෝ මේ කුප්ප කුජීත රත්ගමයා ආයෙත් ඇවිල්ලා...ඇවිල්ලා මදිවට අපිට කියවන්න බෑ යකෝ උබේ පරන පෝස්ට්...ඕවා කියවලා මට ඇති වෙලා

    ReplyDelete
  8. එල එල ඒත් මම බෑලුවා උඹට මොකද්ද වෙලා තියෙන්නේ කියලා.ඔහොම යන් ඔහොම යන්.......

    ReplyDelete
  9. මධුරංග
    මධුරංග අයියා හැම ටෙස්ටින්ග් එකකට කමෙන්ට් දාන්න ඇවිල්ලා හෙම්බත් වෙලාද හිටියේ... :))
    ---------------------------------------------------------------------------------------------------
    Dinesh
    සෑ ක්ලාස් කරන්නේ කෙල්ලොන්ට තමා..යනව නම් යන්න..සදරු කොපුටර් පන්තියට
    ---------------------------------------------------------------------------------------------
    Anonymous
    බ්ලොගේ වැඩ කරේ නෑ නේ.,..අන්න බලන්න ඒකෙත් හැටි...
    ----------------------------------------------------------------------------------------------
    Thilina
    ලියනවා ලියනවා..ඉවසලා ඉන්නකෝ...
    --------------------------------------------------------------------------------------------
    prasanna86k
    ඔන්න ඔහේ උඩු සුලගට ඉව අල්ලන්න....කාට හරි වැදේවි නේ...
    ----------------------------------------------------------------------------------------------
    ItalyDilan
    හලෝ...මාෆි ඩිලාන්...
    ------------------------------------------------------------------------------------------------

    ReplyDelete
  10. අසoක
    යමු යමු,,,ඔහොම යමු,,,අල්ලගෙන ඉන්ඩෝ... :))

    ReplyDelete
  11. උඹල දෙන්නගෙං කාට හරි . . . . "එල එල"

    ReplyDelete
  12. .. මේකට මහන්සි වෙලාම උගුර කට වේලිලා දිව ගිලෙන්න වගේ .. අප්පා තියන මහන්සිය ..නැද්ද ....අර..

    හ්ම් දැන් ඉතින් ලියන්ඩ අහල ගම් හතක් හෙල්ලෙන්න . අර කුපාඩි කාතා ටික ආප හු අහන්න තිබ්බ ආසාව හින්දමයි මේක හදන්න මම එකතු උනේ ..

    ReplyDelete
  13. ඕනයා
    කාටා කිව්වේ එල කියාලා???
    ------------------------------------------------------------------------------------------------------
    හිස් අහස
    එච්චර මහන්සියක් උනාය බොලේ....ඔකේ...හෙට ඉදලා බලමු ලෝකයා හිනස්සන්න.... :))

    ReplyDelete
  14. ලොල්ය.. ඊට වඩා මුකුත් නොකිය උඤ්ඤං...

    ReplyDelete
  15. මාත් හිතුව ඔක්කොම දමල ගහල පිටරටවත් පැන්නද කියල ... ඉකේයියා කියල හිතාගෙන හිටියෙ ...

    ReplyDelete
  16. සුළඟිල්ල | pinkie
    ඇගිල්ලෝ...ලොලේ...නවත්ත ගනින්..
    _-------------------------------------------------------------------------------------------------------
    kumaraya
    පිටරටට අපි වගේ වැද්දෝ ගන්නෙ නෑ නේ බොලන්

    ReplyDelete
  17. මමත් බැලුවා බ්ලොග් එකට ආවත් කෝ අළුත් පෝස්ට් කියලා.අම්මේ ඇති.
    රත්ගමයා නැති සයිබරය ...........(ඉතිරි ටික කව්රු හරි පුරවන්න)

    ReplyDelete
  18. JHOTHISHALANKA
    පන්සලක් වැනිය...

    ReplyDelete
  19. දැන් අවුලක් නැහැනෙ .........

    ReplyDelete
  20. මේ දවස් වල මගේ බ්ලොගේ ලියවේනේ නැති ලෙඩක් තියෙනවය... බැරිද සඳරූ මලයට කියලා ඒ ලෙඩේ හදලා දෙන්ට...

    ReplyDelete
  21. අයෙත් පුළුවන් රත්ගමයාගේ කුප්ප කතා අහන්න පට්ට..:)

    ReplyDelete
  22. එල එල දැන් ඔන්න කුප්පයගෙ රත්ගම කතා අහන්න පුලුවන්,
    විද්දද මන්දා.

    ReplyDelete
  23. හික්ස් , මම හිතුවෙ උබට සිරාවටම පිස්සු කියල :D

    ඒක හින්දා පෝස්ට් කියවිල්ල නතර කරලා තිබ්බේ :D

    ReplyDelete
  24. කල්හාර දිසානායක
    දැන් නම් අවුලක් නෑ..උඹත් ඇවිල්ලා හැරිලා ගියා නේ... :))
    -------------------------------------------------------------------------------------------------------
    Jeew
    එහෙම අවුලක් නැතෝ...අද ඉදලා ලියවේවියෝ..
    --------------------------------------------------------------------------------------------------------
    බීටා
    යා යා....ඔන්න අදම එකක් පටන් ගන්න යන්නේ....
    -------------------------------------------------------------------------------------------------
    MK
    ජය වේවා!! :))
    ------------------------------------------------------------------------------------------------
    DarKneT | ඉෂාර
    ඉතින් උඹ හිතපු එක හරි නේ..පිස්සු තමා යකෝ...

    ReplyDelete
  25. කමෝන් යැ.. මං උන්නෙ ඒ පැත්තෙ ඇවිල්ලවත් බලන්නෙයි කියල. බස් ගාස්තුව ඉතුරුයි :D

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)