Thursday 27 December 2012

නිවාඩුව - අයියේ! නායකත්ව පුහුනුවට යට ඇදුම් කීයක් ගෙනියන්න ඕනද? "


නිවාඩුවට ගෙදර ඇවිල්ලාත් දැන් දවස් සෑහෙන ගානක්ය.
මේ දවස් වල ගෙදර එකම යුද්ධයකි,පොඩි මල්ලී නායකත්ව පුහුණුවට යාමට සූදානමින් සිටී.උගේ සියලු ඕනෑ එපාකම් සොයා බලන්නේ ලොකු අයියා වන මාය.ලොකු අයියා වීමේ වාසිය එයයි.පුහුණුවට ගෙනයන්නට ඕනෑ සියලු බඩු භාන්ඩ ආදිය ගැන විස්තර අසා ගන්නේ මගෙන්ය.
 එකක් අසාගෙන තව විනාඩි කිහිපයකින් පොර දිව එයි..

"ඕයි...සපත්තු ගන්න ඕන මොන පාටද?"

"සුදු පාට...ගෑල්ලමයි දාන ජාතියේ ඒවා"

"තොගේ @#$%^&*(*&^%" (සංකේතාත්මකව පොර පිලිතුරු දෙයි )

ආයේ තව විනාඩි කිහිපයකින් නැවත දිව එයි...

"ඕයි උඹ මගේ අලුත්ම ඩෙනිම කැම්පස් එකට ගෙනිච්චා නේ..ඒක කෝ? " (පිසාච අඩවියේ පිසාචයා ඒ ඩෙනිම දැනටමත් අඳිනවා ඇතැයි මම සිතමි)

"ඒක දාලා ආවා"

"තොගේ #$%^&*()"  (නැවතත් ඒ සංකේත ටිකමය..)

ආයේ විනාඩි කිහිපයකින් දිව එයි!

"ඕයි යට ඇදුම් කීයක් ගෙනියන්න ඕනද? "

"උඹට නම් ඕන වෙන එකක් නෑ මම හිතන්නේ..."

"තොගේ @#$%^(_)(*&^%$ " (නැවත පෙර සංකේත ටිකමය )

පොඩි මල්ලීට මගෙන් ප්‍රශ්න අසා ඇති වන්නේ නැත.මටද උත්තර දි ඇති වන්නේ නැත.
පැත්තක් ගැනීමට නොහැකිව චූටි මල්ලී තනිවම සිනා සෙයි.උගේ සිනහව තවම හෙන ලාමකය.
 මා ගෙදර සිටියේ නැති දවස් කිහිපයට ඌ ටිකක් මහත් වෙලාය.පාට වැටිලාය.

පොර සිනහ සෙමින් මා අසලට පැමිනේ.චූටි මල්ලී සිනාහසීම මාගේ සිනහාසීමට ප්‍රතිලෝමව සමානුපාතික වේ.

"ලොකු අයියේ!! ෆේස් බුක් එකේ ඔයා ගෑල්ලමයෙක් එක්ක ඉන්නවා දාලා තිබ්බ ෆොටෝ එක මම අම්මට පෙන්නුවා"

අහෝ අයියනායක දෙයියනේ! අයියලාට මෙසේ වින කරන මල්ලිලා සිටීද.වයට අවුරුදු 12ක ඇට්ටරයෙක් කරන වැඩද මේ..

ගෙදර ආවාට වඩා හොස්ටල් එකේම සිටින්නට සිතෙන්නේ මේ වෙලාවටය.

කම්මැලිකම නිසා ගෙදර සිටින්නට සිත දෙන්නේද නැත.කරන්නට කිසිම දෙයක් නැති කමන් නිසා කොට කලිසමකුත් ඇදගෙන ගාල්ල පැත්තට බඩ ගෑවෙමි.

ගාල්ලත් වෙනස් වෙලාය.බස් නැවතුම් පලට හේත්තුවී විනාඩි කිහිපයක් සිටියෙමි.කොහේදෝ සිට සුලං රැල්ලක් පැමිනෙයි,දෑසත් වසාගෙන උඩු සුලඟට ඉව ඇල්ලුයෙමි.
නැවත දෑස් විවර කරද්දීම ඇය මා දෙස බලා සිටියාය.මම සලිත උනෙමි.මේ දිනවල ශුවර් එකට උල්කාපාතයක් පෘතුවිය අසලින් හෝ යනවා විය යුතුය.

          මාගේ ග්‍රහචාරය සිකුරා දෙසට නිතරම හැරේ..දකින දකින තැන සෙට් වන්නේ ගෑල්ලමයින්ය.පොත් මිටියක් දෑතට තුරුලු කරගෙන සිටි ඇය කවුරුන් හෝ එනතුරා සිටිනවා විය හැකිය. "University Of Ruhuna " ඇය හැඳ සිටි කමිසයේ සදහන් වී තිබුනි.දෙවරක් පමණ වට පිට බැලූ ඇයගේ දෑස් මාගේ දෑස් සමග එකට යා වුනි.ටිකකින් ඇය මා දෙස පිය මැන්නාය.

අහෝ!! දෛවය.... ඔහේ මට කොලොප්පම් කරනවාද?

මා සිනහවකින් ඇයව පිලි ගත්තෙමි...

මා අසලටම පැමිනි ඇය තොදොල් වෙමින් කතා කරන්නට පටන් ගත්තය.

"අයියේ!! මේ බුක් මාර්ක් එකක් අරගෙන අපිට පොඩි සහයෝගයක් දෙනවද? "

ගෙදර අත හැර කොහේ හෝ යාමට මම ඒ මොහොතේම තීරණය කලෙමි.

81 comments:

  1. අඩේ තාම විකුණනවද බන්??? (දැන්ම කියපන්!!!!
    මමත් ටක් ගාල එන්න අහන්නෙ) :ඩී

    ReplyDelete
    Replies
    1. දැන්නම් නැතුව ඇති..අවුලක් නෑ.. ඒ ගාන මට දීපන්..මං බුක් මාර්ක් එකක් ගෙනත් දෙන්නම්.. :ඩී සහයෝගය පල කරන්නනෙ ඕනෙ..

      Delete
  2. අඩෝ...කවද්ද ඩෝ....උඹේ හම්පඩ ඩෙනිමක් මං ගත්තේ..........නහයයක් තියෙන එකෙක් තොගෙ කලිසමක් ගන්නව තියා උඹෙ කාමරේටවත් එනවද කියපන්කෝ.....

    ReplyDelete
    Replies
    1. පිසාචයෝ උබ මූට සද්දෙ දාන්න ඉස්සෙල්ලා මගෙ shirt එක ගෙනත් දීපන්

      Delete
    2. පිසාචයා
      දැක්කනේ! ඩෙනිම අරගෙන මදිවට සද්දෙ දාල කාඩ් එකත් කුඩුකරගන්නව. දැංම කොමෙන්ටුව මකල දාපං, නැත්තං තව කීදෙනෙක් එයිද ගත්ත රෙදි ඉල්ලන්න!

      Delete
    3. මදැයි කොලා..මං ඩෙනිම ගැන විතරයි කිව්වෙ..ඕං අනිත් ගත්තුවත් අහු වෙනෝ.. :පී

      Delete
  3. හාකොස් හකොස්! මටත් හොස්ටල් එකටම වෙලා ඉන්ඩ හිතුනා බං ගෙදර ආපු ටික දවසට!! මුන් අහන කරන ඒවාට උත්තර දීලම එපා වෙලා!

    ReplyDelete
    Replies
    1. ආ..මල්ලිට කියපන් යට ඇදුම් නැතත් හොදවයින් පුවක් පට්ටයක් අරං යන්න කියලා....

      Delete
    2. තව වෙන මොනවත් නැතෙයි ගෙනියන්න ඕනෙ එව්වා..

      Delete
  4. ලොකු අයියට තමන්ගෙම කියල ඈදුමක් ඈත්තෙම නෑනෙ...... පව් දුකේ බෑ.... අසරනයා.....

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ..මල්ලිගෙ උනාම මොකෝ..මගෙ උනාම මොකෝ.. :පී

      Delete
  5. හි හි සහෝදර සමාගම මරු..

    ReplyDelete
    Replies
    1. බේබිලා තුන් දෙනාට වඩා හොඳානේ..

      Delete
  6. හොඳ එකෙක්ගෙං පොඩි එකා උපදෙස් අරං තියෙන්නෙ. අහෝ උගේ නායකත්ව පුහුණුව.

    ReplyDelete
    Replies
    1. හහ්..නරකට තියෙයි මං වගේ අයියෙක්ගෙන් උපදෙස් ගත්තම.. :ඩී

      Delete
  7. හික්ස්..... පව් අප්පා.....රත්ගමයා.....

    ReplyDelete
  8. අනේ රත්තො... තාම ඔයාටමයි කියල හරි හැටි ඇඳුමක් නැති හැටි අම්මප.. :p :p
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉන්නෝකො..මේ පාර අවුරුද්දට එකක් ගන්නවා..මෙහෙම ලෝකයාගෙන් කතා අහන්න බෑ :ඩී

      Delete
  9. හනේ යස වැඩේ ඉතිං ඒ නංගිට බුක් මාක් එකක් මෝරා කරගන්න ලැබුනාද දන් නැහැ...

    ReplyDelete
    Replies
    1. වැරදි ප්‍රශ්න අහන්නෙපා අයියෝ.. :ඩී

      Delete
  10. පිසාචයා කියන්නේ උඹේ ඩෙනිම් පට්ට ගඳයි කියලා....

    ReplyDelete
    Replies
    1. මං ඒක ඇන්දා මිසක් සුවඳ බැලුවෙ නෑනෙ..(ඒකෙ සුවඳ බලලා පිසාචයා පණ පිටින් සිටිනවා යනු ඌට ඊට වඩා ගඳකටද ඔරොත්තු දිය හැක)

      Delete
  11. මලයටත් සෙට් වෙලා තියෙන්නේ බොලා ගියපු තැනටම වෙන්ටෑ.
    සහෝදරවරුනි,
    කිසියම් හේතුවක් නිසා මට මේ අවස්ථාවෙදි ලන්ච් ශීට් මතක් වේ. ඒ හේතුව කුමක්ද යැයි සඳහන් කර 7788ට sms එකක් එවා වටිනා ත්‍යාගයක් දිනාගන්න.

    ReplyDelete
    Replies
    1. වටිනා තෑග්ග මොකද්ද කිව්වනම් සලකා බලන්න තිබ්බා.. :ඩී

      Delete
  12. මටත් ඕකම උනා උන්නැහේ. මාතරදි. මේ ලඟදි. හැබැයි කෙල්ල ආවෙ බුක්මාක් අරන් නෙවේ. ස්ටිකර් අරන්. කෙල්ලගෙන් ඒව ගන්න උනේ නම් නෑ. ඒත් එක්කම ආපු කොල්ලා උගෙ ලබ්බ ස්ටිකර් ටික මට දික් කලා.

    ReplyDelete
  13. ගමයෝ ඇඳුම් ඕනම වෙන එකක් නැ බං

    ReplyDelete
    Replies
    1. අම්මියෝ..ඒකව හිරේ යවන්නය හදන්නෙ..අසභ්‍ය ලෙස හැසිරුනා කියලා

      Delete
  14. අනේ පව් රත්ගමයා. උඹ වගේ අයියලා වාසනා කරන්න ඕන. ජය...!

    ReplyDelete
    Replies
    1. අඩේ මේ කොමෙන්ටුව මගෙ මල්ලිලා ඩබලට පෙන්විය යුතුය.. :ඩී

      Delete
  15. chooty malli nan maru dayal ekak:D

    ReplyDelete
    Replies
    1. ඇයි චූටි මල්ලිගෙ ලොකු අයියා නරකය?

      Delete
  16. patta wedanawak ne ! maru ah......

    ReplyDelete
    Replies
    1. ඒ වේදනාව දැනිලා තියෙනවා වගේ :ඩී

      Delete
  17. මහ මග යද්දි ඔය වගෙ දඩ වලින් ප්‍රවේසන් වෙන්න වග බලාගනින්...

    ReplyDelete
    Replies
    1. ඔයා එයාව දැක්කනම් ඔහොම කියන්නෑ අයියෝ

      Delete
  18. බොලා වගේ අයියලා ලබන්න ඒ වගේ මල්ලිලා පිං කොරලා තියෙන්න ඕනේ... ද??

    ReplyDelete
    Replies
    1. නැතුව..මං වගේ අය්යෙක් ගෙදරකට වාසනාවන්..

      Delete
  19. Hehe.. You really makes me laugh Romeo! XD BTW how old is your podi malli? ;D

    ReplyDelete
    Replies
    1. අයියෝ..ඒකට තව කසාද බඳින්න වයසක් නෑ..තාම පොඩි එකා..ගෙදර හුරතලේ..2011 අ.පො.ස උ.පෙ ලිව්වෙ..

      Delete
  20. අම්බලන්ගොඩ එකෙක්27 December 2012 at 23:41

    තැන ගොඩ උඩ කැන්ටිමය, මා දවල් බත් පත කටට දෙකට ඉවර කලේ උදේටත් බඩට මුකුත් දා ගන්නට වෙලා නොතිබූ නිසාය. ඒත් අනෙක් උන් බත් එක අත ගානවාය. අතේ ද ඉදුල්ය කටද දැවිල්ලය ඒත් නැගිටින්නට බැරිය, ඒවා මැනර්ස් ය. කන උන්ගේ පරම්පරාවම සිහිකරමින් එකෙක්ගෙන් උදුරාගත් පපඩමක් කටේ දමා ගතිමි.
    'අඩේ.. අන්න අරකි උබ දිහා බලන් ඉන්නවා' එකෙක් කනට කෙදිරුවේය.
    ' තෝ හීනෙන්ද නැත්තං ඔල්මාදෙ ද' හැරෙන තැපෑලෙන් මම දමාගැසුවෙමි. මූ මාව බයිට් එකට ගන්න හදනවා විය යුතුය. ඒව්වා සුම්මාය. මා ගගෙන් එහා බව මූ දන්නේ නැතිය.
    'බලපං ^*%!"£?තෝ පොර ටෝක් නොදී'
    මාත් හෙමිහිට ඔලුව හරවා බැලුවෙමි. වැඩේ ඇත්තය. සූකිරි කෑල්ලක් මා දිහා බලාගෙනය. අපි දිහා කෙල්ලෙක් බලුවොත් එක්කෝ වැරදිලාය නැත්තන් ඒකි වපරය. මම පසුපස ද හැරී බැලුවෙමි කවුරුත් නැත. ඇස් දෙක පිසදා නැවත බැලුවෙමි. මා හීනයක් දකින්නේ ද නැත. මැය බලා ඉන්නේ මා දිහාමය. දැන් නං සීයට දාහක් සුවර්ය.
    ලාවට හිනාවක් දැම්මෙමි. මැය ද සිනාසුනාය. දැන් නං වැඩේ ගොඩය. මේ දවස්වල සිකුරා නලලට ගසා ඇති සැටියකි.මොහොතකින් ඈ සෙමින් සෙමින් මා වෙත් පියමනිමින් සිටියාය.
    කිසිදින නොදුටු කිසි දින කතා නොකරපු රූමතියක් මා වෙත පියමනිමින් සිටී..
    ඇයට මා පලමුව කතා කල යුතුද? ඈ මට ඉස්සර වෙයි ද? මා හදවත වෙනදාමෙන් දෙගුණයක් වේගවත්ය.
    ඇගේ ඒ නිල්වන් දෑස තාමත් මාගේ දෑස අතහැර නැත. මේ මා කාලයක් තිස්සේ බලා සිටි අසිරිමත් මොහොත මෙය නොවේද ?
    ඈ මා අසලටම පැමිණ ඇගේ ගෑවෙන නොගෑවෙන සේ නැවතුනාය. මා ඉහලට ගත් හුස්ම පොද තාම එසේමය.
    'අයියේ, ඔයා **** ෆැකල්ටියේ නේද? ' ඈ ඉස්සර වුනාය.
    ඈ මා ගැන දන්නා සැටියකි. මාගේ සිත දහසක් හැගුම් වලින් පිරී ඉතිරීයන්නට ගතවූයේ නිමේශයකි.
    ' ඔව් නංගි, ඇයි එහෙම අහුවෙ? ' දහසකුති එකක් බලා පොරොත්තු සහිතව මම ඇසුවෙමි.






    'අනේ අයියෙ ටිකට් එකක් ගන්න පුලුවන්ද? ලොකු උදව්වක් '


    ReplyDelete
    Replies
    1. නංගිලා ඔක්කොම එකයි..සික්..අයියලාව නොමඟ යවනවා..

      Delete
  21. අඩෝ පට්ටයි බන්... :D

    ReplyDelete
  22. මම එතන හිටියා නම් බුක්මාක් සේරම ටික ගන්නවා බන් පවුනේ නංගි :)

    ReplyDelete
    Replies
    1. නංගිලා දැක්කම නැති සල්ලිත් එලියට එනවලු :පී

      Delete
  23. ලස්සණ කෙල්ලක් කතා කිරීමද එක අතකින් වාසනාවකි.!! හිත හදාගනින් රත්ගමයෝ. අපි සේරම එකම වල්ලේ පොල්!!

    ReplyDelete
    Replies
    1. සික් නේ..කලකිරෙනවා අප්පා..

      Delete
  24. යකෝ චූටි මල්ලියි පොඩි මල්ලියි දෙන්නම ඉන්නේ හරියට අපි නොදන්න ලයිව් වගේනේ.අපේ නංගි කෙනෙකුත් ඇහුවා මගෙං අයියේ නායකත්ව පුහුණුවට සුදු ඇඳ රෙද්දක් ඕනෙද කියලා.ඇත්තටම මොකටද බං සුදු ඇඳ රෙදි????අපි ඕකට ගියේ නෑනේ බං.ඒ හින්දා අපි නායකයොත් නෙමේ........

    ReplyDelete
    Replies
    1. ඔය ලිස්ට් එක එවන කට්ටියගෙන්ම තමයි අහන්න ඕනෙ.. :ඩී

      Delete
  25. කවියක් මතක්වුනා මට
    පව් වැඩෙ

    ReplyDelete
    Replies
    1. මතක් වෙච්ච කවිය මෙතන දැම්මනම් නරකෙයි?

      Delete
  26. පොඩි මල්ලීට මගෙන් ප්‍රශ්න අසා ඇති වන්නේ නැත.මටද උත්තර දි ඇති වන්නේ නැත. ඌද කුණුහබ්බ නොකියා යන්නේද නැත.....

    ReplyDelete
    Replies
    1. ඉකේයියා..ඔයාගෙ මල්ලිත් මෙහෙමද? දැන් හැදෙන එව්වො ඔක්කොම එකය..වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේම නැත..

      Delete
  27. සහයෝගය දෙන්න එපැයි කොල්ලෝ එච්චර තොදොල් වෙද්දී :P

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අයියෝ මං මෙච්චර වෙලා කිව්වෙ.. :පී

      Delete
  28. hanne malli goda kalekin mallila gana liyala (Y) man kiweuwa (Y) man kiyanne anu akka :) :) dannwada mathakada

    ReplyDelete
    Replies
    1. ඒ දෙන්නා නැති ජීවිතයක් මට තියෙනවද..?අම්මේ මගෙ පණ..(ළඟදි වැඩක් දෙකක් කර ගන්නට ඇත)

      Delete
  29. ෴ අයියේ! නායකත්ව පුහුනුවට යට ඇදුම් කීයක් ගෙනියන්න ඕනද? ෴

    අයියා එකක්වත් ගෙනිච්චෙ නැති කොට මල්ලිට උපදෙස් දෙන්නෙ කොහාමද, නේද බං.

    ReplyDelete
    Replies
    1. ඉකේ..පල පල..මං මගේ කියලා ඇඳුමක් ගෙනිච්චෙ නෑ..ගෙනිච්ච ඔක්කොම මල්ලිගෙනෙ..

      Delete
  30. අප්පද බොල රත්ගමයෝ, තාම කැම්පස් යන එවුන් බූක් මාර්ක් විකුණනවද ? මම හිතුවේ දැන් විකුනන්නේ ගැලක්සි ඇප්ස් කියලා....!

    ReplyDelete
    Replies
    1. හැමෝම මං වගේ ගැලැක්සි නෝට් යූස් කරන්නෑ දුමී අයියා..

      Delete
  31. Rathgamaya Ayye..
    Mama lagadi idan ayyage blog eka mula idalama kiyewwa.. Api godak dewal athin wenas unata, oyage life eke samahara siddi mata godak loku adarshayak una mama ( 1st try ) A/L bio walin exam fail una. ( 2nd try) kala dan resalts labana mase enawa. Hithagana ba monawa weida kiyala. 2nd try exam ekedi nohithuwa widiyata kisiyam deyak (kiyapu deyak) nisa mama godak manasikawa watuna. Bio, phy subjct 2 iwara wela antima chemstry dawase mata exam 1 tiyena bawath amathaka una. Deviyo wage eda mata exam 1 tiyenawa kiyala mathak kale shaladipathi waru depalai. Adath mama owunta hithin pin denawa. Hithin pathule athi abyanthara anthayen pahalatama wati siti mama kalayage awamen yamthak durata goda awa. Jivath wenna oni kiyala ayeth hithuwa. Hamadema wene hodata kiyala wage ayyage 2010 A/L iwara wela reslts pending kale liyapu blog eka mama kiyewwa.. Engine eka start wenna oni kale punchi spark 1k witharai. Eka labuna kiyala hithenawa.. Mama ayeth nagitinawa kiyana wishwase ati una.. Bohoma pin ayyata.. Oya nohithuwa widiyata ada manusheeya upakarayak oya nodanuwathwama kala.. Meka mama dakina oni kalin eth dakke ada.. Smahara wita eka ehema une hodakata. Mama eda eka dakkanam ada ati una hagima eda ati nowenna puluwan. Kohoma unath mama kawuda kiyana 1 wadagath na. Mama lokayata thawath eka barak witharai.. Ayya karana me wade digatama karana mokada meka thawath mama wage lamaita loku upakarayak wei. Meka thama mata labuna aluth awurudu thilinaya.. Ayyata labanna wu aluth awurudda jivithe sarthakama thawath awuruddak wewa kiyala prarthana karanawa..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ලැබුවා වූ අළුත් අවුරුද්ද සුභම සුභ අළුත් අවුරුද්දක් වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා..ගොඩක් ස්තූති කමෙන්ටුවට..ආපහු නැගිටින්න මල්ලි..දවසක ආයෙමත් මගෙ පෝස්ට් එකක මේ වගේම ඇනෝ කමෙන්ට් එකක් දාන්න රත්ගමයා අයියේ මම මෙඩිකල් ෆැකල්ටි තේරුණා කියලා..එදාට මට සතුටු වෙන්න පුළුවන් මමත් ඔයාට එතනට එන්න පුංචි හරි උදව්වක් නොදැන හරි දුන්න කියල..(Y)

      Delete
  32. පට්ට මචෝ පට්ටම පට්ට

    ReplyDelete
  33. මටත් ඕක වෙලා තිනො :-/

    ReplyDelete
    Replies
    1. ඒ කෙල්ලගෙ ඇස් පේන් නැතුවද කොහෙද :පී

      Delete
  34. උඹ කෙල්ලට නොම්බරේ දෙන්න ට්‍රයි කලේ නැද්ද(සමහර විට එකි දැක්ක ගමන් දැනගන්න ඇති)
    :D

    ReplyDelete
    Replies
    1. මං ජනප්‍රිය චරිතයක් කියලා නේහ්..

      Delete
  35. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. ටැන්කුයි මාමේ..මාමටත් එසේම වේවා!!!

      Delete
  36. නියම කතාව :)

    ReplyDelete
  37. Replies
    1. :පී දැන් පින් අතේ වැඩත් කරනවැයි

      Delete
  38. Patta oi....

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)