වෙනදට මේ පත්තරේ අතට ගන්නේ එක එක විදිහේ ප්‍රවෘත්ති බලන්න උනත් පහු ගිය සති තුන හතරෙදි පත්තරේ අතට ගත්තු ගමන් ඇස් දුවන්නේ නිර්මාණ පිටුවට...
එකේ තියෙන නිසදැස් එකින් එක කියවනවට වඩා කෙනෙක්ගේ නමක් හොයන එක මගේ දවසේ රාජකාරිය වුනා..
'සදලි නිම්සලා'
පත්තර පිටු අතරේ මගේ ඇස් මටත් තේරෙන්නේ නැතුවම එහේ මෙහේ දුවනවා..
ආ...මේ තියෙන්නේ....
හැරගියා
වහිද්දි හොදටෝම..
සිතත් හැඩුවා මතකයි..
අඩද්දී මුලු සිතම...
ඔබත් හැඩුවා මතකයි..
හඩද්දී ඔබ මා ගාව..
හැරගියා මම ඔබව..
මතකයි මතකයි මතකයි...
-- සදලි නිම්සලා---
සදලි...මේ ඔයාමද දෙයියනේ!!
සදලි...මේ ඔයාමද දෙයියනේ!!
අවුරුදු හතරක් තිස්සේ ඔයා මට දීපු නිසදැස් මිටිය මම එක අතකින් තුරුල් කර ගත්තා..කොල්ලො හරි බොලදයි..උන් බොලද බව එලියට පෙන්නන්නේ නෑ.
ඔව්...මමත් බොලද මම එලියට පෙන්නනේ නෑ...ඒත් මම බොලදයි දෙයියනේ...මමත් ආදරේ කරා..නොසෑහෙන්න ආදරේ කරා...
ආයෙමත් පත්තරේ අතට ගත්තු මම ඇද මිට්ටමට කොට්ටයක් තියාගෙන හේත්තු උනා..එදා දවස තාමත් ඇස් ඉස්සරහා මැවෙනවා...ඒ හැම වචනයක්ම මගේ කන් වලට ඇහෙනවා..දෙයියනේ!! මම බොලදයි...සෑහෙන්න බොලදයි...
'පිස්සු මෙන්ටලේ.....' මොනවද මෝඩියේ කල්පනා කරන්නේ.. අහස අල්ලන්න ප්ලෑන් එකක් වත් ගහනවද?
'හ්ම්ම්ම්ම්ම්ම්ම්.....නෑ '
'කියපන් බන්...මොකක්ද අවුල...ආයෙත් ගෙදරින් බර බරේද පැට්ටෝ...'
'ගෙදරින් මොන ප්‍රශ්න ආවත් මම ආදරේ කරන එක නවත්තන්නේ නෑ කියලා ඔයා දන්නවනේ මලිතු'
මොකක් හරි ලොකු ප්‍රහ්ස්නයක වගේ..නැති නම් සදලි මෙහෙම හැසිරෙන්නේ නෑ
'එහෙනම් මොකක්ද අවුල..'
"මට මේ මගුලේ විභාගේ කරන්න බෑ..දැන් දෙපාරක් කරා..කිසි තේරුමක් නෑ නේ රත්තරනේ..ඔක්කොටම වඩා හපන් බයෝ පාඩම් කරන්න ගියාම.."
අපෝ...මේකද මේ මහ ලොකු ප්‍රශ්නේ...හැමදාම මේකට උත්තර බැදලා එපා වෙලා අප්පා..
'බෑ කියලා දෙයක් නෑ සදලි..ඔයාට පුලුවන්...මම ඒක දන්නවා හොදටම..ලස්සනට නිසදැස් ලියන එක වගේම මේ පාර එක්සෑම් හොදට ගොඩ දාලා මම ඉන්න ෆැකල්ටි එකටම එන්න පුලුවන් කියලත් මම දන්නවා...'
'මම ආර්ට්ස් කරානම් ඉවරයි මලිතු..එහෙනම් ඔයාව මට හම්බෙන්නෙත් නෑ..මේ කිසිම ප්‍රශ්නයක් ඇත්තෙත් නෑ..'
' ඇයි සදලි...මොකක්ද කියන්න දෙයියනේ වෙලා තියෙන්නේ...'
'මම පත්තරේකට බයෝ ඩේටා එකක් ෆිල් කරලා යැව්වා..එයාලා අලුතෙන ලියන කට්ටියට චාන්ස් එක දෙනවලු...මම එක්සෑම් කරන්නේ නෑ..මට කවදාවත් ඔයාව අයිති වෙන එකකුත් නෑ..ආයේ ජීවිතේ වරද්ද ගන්න බෑ මලිතු..මම දන්නේ ලියන්න විතරයි..ඊට එහා දෙයක් මට බෑ..'
'කමක් නෑ..ඔයා කැමති දෙයක් කරන්න සුදු මැණික..ඒත් ආදරේ මම ගොඩක්...'
එයාගේ හැකියාවට මම විරුද්ධ වෙන්නේ මොකටද...මම තනිවම හිතුවා...
පස්සේ අපි අතරේ විනාඩියක නිශ්ෂබ්දතාවයක්...
'මට ඔයාට ආදරේ කරන්නත් බෑ මලිතු..'
අන්තිමට එයා ඒක කිව්වා..ඔව් එයා ඒක කිව්වා..
එයාගේ තියෙන හීන වලට මගෙන් භාදාවක් වෙන හැටි එයා හරි අපූරුවට විස්තර කරා...
ඔයා යන්න ගියා සදලි..
කදුලු පිරිච්ච ඇස් වලින් මම ආයේ පත්තරේ දිහා බැලුවා..ඔයා හොදට ලියනවා..ඇත්තටම ලස්සනට ලියනවා.මම වගේම ගොඩක් අය ඔයා ලියන ඒවා කියවනවා ඇති...
ගිය කෙනෙක් වෙනුවෙන් අඩන්න මම බොලද වැඩියි සදලියෝ....ඇත්තටම බොලද වැඩියි....
මතකය...
හැර යන්න ගිය ඔබව..
සොය සොයා හැම තැනම...
හන්ගමින් කදුලු කැට..
නොසලමින් දෑස්පිය...
බලා හිදිනා...
මේ දෑස බොලද දෝ...
සිතුනා..මට සිතුනා
මේකට තමයි බ්ං ජීවිතය කියන්නෙ ... බැදීම ඇතිවෙනවා ලේසියෙනේ වගේම බැදීම් නැතිවෙන්නත් වැඩි වෙලාවක් යන්නෙ නෑ ඒත් ඒ ඇතිවුන බැදීම් ආරක්ෂා කරගන්න එක තමයි අමරුම වැඩේ. හැම දෙයක්ම උපේක්ෂාවෙන් විදදරගන්න පුලුවන් වෙන්න ඔනේ ඒක තමයි ජීවිතය කියන්නේ
ReplyDeleteලෙසටම ලියලා තියනවා....
ReplyDeleteහ්ම් හ්ම්....මේ උඹේ ජීවිත කතාවද බං???
ReplyDeleteගෑණු ළමයි හිතන්නේ අපි එයාලට නීති දාලා කොටු කරන්න හදනවා කියලයි... එකයි එයාලා හිතන්නේ එයාලගේ හීන වලට අපි හරස් වෙයි කියලා... හ්ම්ම්ම්... එයාලා දන්නේ නෑ අපි එයාලට හොඳක් වෙනවට මිසක් නරකක් වෙන දෙයක් කියන්නේ නෑ කියල... ඒත් ඒක එයාලා තේරුම් ගන්නකොට ගොඩාක් පරක්කු වැඩියි...
ReplyDeleteදේව්දාස්...
හරිම ලස්සනයි මල්ලි,,
ReplyDeleteයන කෙනාට යන එක හරිම ලේසියි, ඒත් නවතින කෙනා එයාගේ මතකයන් එක්ක හැමදාමත් මැරී මැරී උපදිනවා..
ලස්සනට ලියල තියෙනවා..
ReplyDeleteමට දුකයි...
ReplyDeleteසිරාවටම ඇඩෙනවා මචන්.මේක ඇත්ත කතාවක් නෙවෙයි නේද?
ReplyDeleteෆට්ටට ලියලා තියෙනවා.. එල
ReplyDeleteඔව් බං.පිටට පෙන්නන්නෙ නැතුවට කොල්ලො බොලඳයි.අනික කෙල්ලෙක්ට කොච්චර ආදරේ උනත් ඒ ආදරේ කෙල්ලට පෙන්නන්න කෙල්ල තරම්ම දක්ශත් නැ නේද?
ReplyDeleteමලිතු කිව්වෙ?උඹට ද?
හප්පා... එක හුස්මට කියෝගෙන ගියාට අන්තිමේ ගත්ත හුස්ම ටික දන්නෙම නැතුව පිටවෙලා බං...
ReplyDeleteපට්ට බූට් එක... :D :D :D අඩෝ මෙහෙම දෙයක් හීනෙකින්වත් හිතෙන්නෙ නෑ.. නම් ගම් සියල්ලනම් මනඃකල්පිත අඑති. අනික්ව බොට වෙලා තියෙන එව්ව වෙන්ට ඔනි.. නැද්ද මං අහන්නේ...
ReplyDeleteහෙමින් කියවන්න බැරි හයියෙන් ඇඩෙන කතා උඹ ලියන්නේ....
ReplyDeleteඇත්තම කිව්වොත් දුකයි.... මේක ඇත්ත කතාවක්ම වෙන්න ඕනෙ.. මේ තරම් තාත්වික විදියට ලියන්න... පුදුම ලස්සනයි....
ReplyDeleteහොඳයි!
ReplyDeleteනියමෙටම ලියල තියෙනව... මේක උඹ හිතල ලියපු එකක්ද නැත්තන් ඇත්තම කතාවද?
ReplyDeleteඋබේ අත්දැකීමක්ද බන්... සිරාවටම හිතට වදින්න ලියල තියෙනවා...
ReplyDeleteහරිම ලස්සන අත්දැකීම් ටිකක් රත්ගමය මල්ලි.
ReplyDeleteලස්සනට ලියලා තියෙනවා. කියවනකොට දුකේ බෑ.
අර කිව්වත් වගේ තමන්ගේ පුද්ගලික අත්දැකීමක්වත් ද ?
අපි ලඟම තියෙන දේවල් එළිවෙන ජාමෙට පෙනිල නොපෙනිලා යන හීන වගේ බොඳවෙලා යනකොට හිත පැලෙන්න තරම් වේදනාවක් දැනෙනවා....එතකොට මෙන්න මේවගෙ නිර්මාණ එළියට පනිනවා...දුක විසිකරලා..එළියට...
ReplyDeleteලියලා තියෙන විදිය සරළයි...ලස්සනයි....
මොකක්ද රතෝ කේස් එක....
ReplyDeleteසිරාවටම දුක හිතෙනවා බන්....
මුකුත් අවුලක්ද??
ඇත්තටම රත් ගමයා කියන්නේ මලිතු ද???????
හරිම ලස්සන කතාවක් අයියේ..
ReplyDeleteබැදිම් ඇති වෙනවා නැති වෙනවා..බැදිම් මත්තේම නැහෙන්න අපිට බැ..ගිය දෙවල් අයිති අතීතයට..
මරු මරු. මොකද එකපාරට කුප්ප කතා අතෑරලා මේ වගේ අහිංසක ස්ටෝරියක් ලින්න හිතුවේ?
ReplyDeleteපොඩි කතාවක් තියෙනවා.වෙලාවක් තිබුණොත් ගිහින් බලලා හිතෙන දෙයක් කියලා එන්න.....
http://kathandaramama.blogspot.com/
(කමෙන්ට් එකකින් දැම්ම එක කරදරයක් නම් සමාවෛන්න.බැලුවේ නෑ කියලා කිසි තරහකුත් නෑ...)
වෙලාවකට මේ ආදරේ කියන්නේ මහ භයානක වයිරස් එකක් අප්පා.........
ReplyDeleteGiya kenek wenuwen andanne thawa lebenna kenek nethi hinda.godak kal adaraya karath tikak kal adaraya karath adare kiyanne adarema thamai.adaredi api hemoma bolanda wenawa.ekata genuda pirimida kiyala wenasak ne.ewagema niethi dala reka ganna adaren wedakuth ne.kathawa lassanai,sanwedie,dukai,niyamai.wish u al the bstGiya kenek wenuwen andanne thawa lebenna kenek nethi hinda.godak kal adaraya karath tikak kal adaraya karath adare kiyanne adarema thamai.adaredi api hemoma bolanda wenawa.ekata genuda pirimida kiyala wenasak ne.ewagema niethi dala reka ganna adaren wedakuth ne.kathawa lassanai,sanwedie,dukai,niyamai.wish u al the bst
ReplyDeleteGiya kenek wenuwen andanne thawa lebenna kenek nethi hinda.godak kal adaraya karath tikak kal adaraya karath adare kiyanne adarema thamai.adaredi api hemoma bolanda wenawa.ekata genuda pirimida kiyala wenasak ne.ewagema niethi dala reka ganna adaren wedakuth ne.kathawa lassanai,sanwedie,dukai,niyamai.wish u al the bst
ReplyDeleteරත්තො මේං මං අඬනව.. ඇස් දෙකෙම්ම..
ReplyDeleteසත්‍ය අත්දැකීමක් නෙම් නේද බන්....??
ReplyDeleteමේ බොලා ඔක්කොටමයි කියන්නේ...මේක කතාවක් විතරයි යකුනේ....ග‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර්
ReplyDeleteඅඩේ මේ උඹේ කතාව නෙවෙයි නේ???
ReplyDeleteසිරාවටම ලියල තියෙනවා බන්...පට්ටයි..
මේ මොන උලව්වක්ද රත්තෝ.. කෝ උඹෙ කුප්ප ට්‍රේඩ්මාක් එක මේකෙ ගෑවිලාවත් නෑ නෙව.
ReplyDeleteලස්සනයි. දුකයි.
ReplyDeleteගොඩක් දුකයි..සිතුවිල්ලක් විතරක් උනාට
ReplyDeleteකුප්පයා මොකෝ ආදරණීය වෙලා? මොනවා උනත් මාර ලස්සනට ලියලා තියෙනවා...
ReplyDeleteහැක හැක.... එලැමැ...... ඔන්න ඔය ප්‍රස්නෙ මටත් තියෙනව බං රත්තො.. කතාවක් ලිවුවාම හැමෝම හිතන්නෙ ඒක අපට උන දෙයක් කියල... හැබැයි මිනිස්සුන්ට එහෙම හිතෙනව කියන්නෙ උඹ සාර්ථකයි... ඒකයි කෑ නුගහ හිටිං
ReplyDeleteවාව්..කුප්පයාට බූට් එකක්!
ReplyDeleteතවත් කුප්ප කතාවක ඇරඹුමක් වගේ
ReplyDeleteමේකේ කිසි කුප්ප කමක් නෑනේ රත්ගමයෝ.... මට නම් ඇඬෙන්නත් ආවා. හිත ට දැනෙන විදිහ ට ලියලා තියෙනවා............
ReplyDeleteඅඩෝ.. මේක ඇත්ත කතාවක්ද ?
ReplyDeleteසිරාවටම කතාව කියවන්න කලිං මං නම දැක්කා.. නිසදැසෙ..
දැකලා පුරුදු නමක් නිසා..
සිරාවටම පලවෙනි කවිය කියවද්දි මොකක්ද වෙල ගියා
ReplyDeleteහප්පා බොලේ මෙන්න මටත් කදුලු ඇවිල්ලා.. එල...
ReplyDeleteජය...
දාලා යන්නම ඕන මචං..දුක කොච්චරද කියලා තේරෙන්න.
ReplyDeleteමට උන දෙයක් වගේ දැනුනා.
එලටම ලියලා තියනවා ......
ReplyDeleteඋඹ නෑ නෑ කිව්වට උඹට වෙච්ච දෙයක්ම තමා මේ ......
ආදරේ සොඳුරු බව
ReplyDeleteරැඳෙන්නේ බොලඳ කම මත
ඒ නිසා බොළඳ කම
ලැජ්ජාවක් නෙවෙයි...
ඒයින් සකි දැනගන්න
ඔබට ආදරය කරන්නට පුලුවන් බව...
අඩේ මේ උබේ සිරාම සීන් එකද?උබට නෙ උනෙ.
ReplyDeleteමේ පැත්තේ කලින් ඇවිත් තිබුනට කමෙන්ට් එකක් කොටන්නේ අදමයි.මේක ඔබේ කතාවනම් බොහොම දුක හිතෙන කතාවක්, නිර්මාණයක්නම් ඔබ බොහොම ලස්සනට අපූරුවට පෙල ගස්සලා තියෙනවා.
ReplyDeleteඅඩෝ රත්ගමයා... මම උඹව පළවෙනි පාරට පේරාදෙණියේ පාක් එකේදි දැක්ක ගමන් තේරුන් ගත්ත දෙයක් මේක. උඹ මටත් වඩා සිරා පොරක්. එදා ආපහු පාක් එකෙන් අපි සෙට්එක එළියට එනකං මම උඹ දිහා බලාගෙන හිටියේ.... උඹ කොච්චර අවුල් තිබ්බත් හිනා වෙලා ඉන්න උත්සහ කරනවා. ජීවිතේ කවුරුවත් හිනාවෙලා ඉන්නේ නැහැ බං...සැලෙන්න එපා රතෝ. ජීවිතේ හැමදාම හිනාවෙන්නත් බැහැ අඬන්නත් බැහැ... ජීවිතේට ගලන්න දෙන්න.. ලස්සන ලස්සන දේවල් ඔය මතකයන් අස්සෙන් උඹට පෙනෙයි...
ReplyDelete