Wednesday 15 June 2011

SB මාමාගේ නායකත්ව පුහුනු ටොපිය.............

                      
             කෝටි විස්සක ටොපියක් ඔබට රස බැලීමට ලැබුනෝතින් ඔබ කොරන්නේ කුමක් ද?
ඔබලා මක්කා කොරත් මම එය ලොවමි..කටේ දමා හපමි..චුට්ටි මුන් ඇටයක් ගානට ටොපිය පත්වනතුරු සිට හපා කමි....
SB මාමා අපිට දෙන්නට යන්නේද මෙවැනි ටොපියකි.එය හොද හෝ නරක වේවා අපි එය රස බැලිය යුතුමය..
මේ ටොපිය රස බැලීම ආවාට ගියාට කල නොහැක.ඒ සදහා මනා සූදානමක් ඕනෑ කොරයි.
එසේ වන්නේ මෙය කටට ගත්තා හපලා දැම්මා ජාතියේ එකක් නොවන බැවිනි...
මේ සදහා අප පහත සදහන් වියදම් දැරිය යුතුය....ආයේ ආයේ ටයිප් කිරීම ජුගුප්සාජනක නිසා මම ටිකක පමනක් දාන්නෙමි...


  • සුදු කැන්වස් (ඇන්ටි කෙනෙක් ගෙනත් දී තිබුනාය..ඉස්කෝලේ යන කාලේ දැමූ එව්වා තදය)  
  • නිල කොට කලිසම් (හොද වෙලාවට අපේ චූටි එකා තාම ඉස්කෝලේ යනවාය..උගේ ඉන මගේ ඉන සයිස් ය... ) 
  • සුදු ඇද රෙදි (මේක නිකන් පතිවත ටෙස්ට් කරලා බලන්න වගේ..සති තුනක් සුදු ඇද රෙදි කිලුටු නොකර ඉන්න ඕන ) 
  • පාස්පෝට් ප්‍රමාණයේ ෆොටෝ 3 ක්(බ්‍රහස්පතින්දා උදයේ විනාඩි පහෙන් ගැනීමට සිතා සිටිමි...)
  • ට්‍රැක් බොටම් (අහල පහල උන්ගෙන් ඉල්ලාගත්තෙමි)
  • දත් බුරුසුව සහ දත් බෙහෙත්..( ඒවා මොනවාදැයි මම නොදනිමි)
  • හාප් ශීට් සහ CR පොත් (ඉස්කෝලේ යන කාලේ පිසික්ස් Lab එකෙන් උස්සපුවා වගයක් තිබේ )
  • යට ඇදුම් දමා නැත..කෝකටත් ගත්තෙමි....

පහුගිය දින දෙක තුලදී මම කෙසේ වෙතත් මාගේ අම්මා සහ තාත්තා ටොපියට කෑමට වුවමනා මුලද්‍රව්‍ය සියල්ලක්ම පාහේ හොයාගෙන තිබුනෝය.
මට ඇත්තේ ටොපිය කෑම සදහා සහභාගී වීම පමනි...මම එය සතුටින් කමි... නායකත්වය කෙසේ වෙතත් පට්ටා ආතල් එකක් ගැනීමේ මූලික අභිප්‍රායෙන් යුතුව ඊටසහභාගී වෙමි....
හොද වෙලාවට ටොපිය ඇත්තේ අල්ලපු ගමේ කදවුරේය.නැතිනම් තවත් වියදමක් දරාගෙන ඩොටේ ඇති කදවුරකට මකබෑවිය යුතුය.එක අතකට අල්ලපු ගමේ ඇති ටොපිය කන්නට මොකක්දෝ වගේය.ඩොටේ එකක් ආවා නම් ලැබෙනා ආතල් එක තවත් වැඩි කොරගන්නට හැක...
කලින් ටොපිය කාපු ඇත්තෝ නම් එය රස යැයි කියති.ඒ රස මටද ලැබේවි යැයි විස්වාස කරමි..
මෙය දේශපාලන කන්නාඩි දාගෙන නොබලන්න...තියෙන කුප්පකමට ඔහේ කොටාගෙන ගියෙමි....
අවුරුදු 21 ක් තුල පලවා හැරීමට නොහැකි වූ මාගේ උපන් කුප්පකම දින 21කින් කෙසේ නම් පලවා හරින්නද.....
මම කෙල බේරමින් සිටිමි...ටොපිය රස වනු නිසැකය.....
ඔයින් මෙයින් පාඩු වන්නේ මාගේ අහිංසක බ්ලොග් එකටය...දින 21ක් මා නැතිව මෙය වල් වැදෙනු නිසැකය.......
මා නැති අතරේ මොකෙක් හෝ පැමින මෙය වල් වැදීමට නොදී සුද්දකර දමනු මැනවි...

56 comments:

  1. කෝවක දාල ගත්තක් කුප්ප කියන එක උඹෙන් ගැනවෙයිද දන්නෑ..

    ReplyDelete
  2. පරිස්සමින් ගිහින් එන්න.. කුප්පකම නැති වෙයිද දන්නේ නෑ එනකොට :)

    ReplyDelete
  3. රස කරලා කාපන්.මාරු අතල් ඕවගේ හම්බ වෙන්නේ

    ReplyDelete
  4. අහෝ දුකකි.. ටොපිය රස බලන අනික් උන්ට යන කලදසාව ගැන මට දුක හිතිනි..
    ඒ මක් නිසාද යත් අල්ලුපු ගමේ ලොකුම කුප්පයාද ටොපියේ රස බැලීමට පැමිණෙන බැවින්.. ඒ කුප්ප කම් ටොපිය දෙන තැන එවුන් ඉගෙන ගන්නා නිසාය...!

    ReplyDelete
  5. තෝ gay නිසා අනික් උන්ගේ ටොපියට මක් වෙයිදැයි මට තවත් මෙව්වා විදියට සිත් විය :P

    ReplyDelete
  6. ඇයි හිරේ ද යන්නේ?

    ඇයි බ්ලොග් එක ලියන්න බැරි?

    නොදන්න කමටයි අහන්නේ? නායකයෝ බ්ලොග් ලියන්නේ නැද්ද? ඔය කියන තැන පීසී නැද්ද? ලැපක් අරං යන්න බැරිද?

    හවසට ලෙක්චර්ස් ඉවර වුණාම අල්ලපු ගමේ නං ගෙදර ඇවිත් බ්ලොග් එක මේන්ටේන් කරලා යන්න බැරි ඇයි?

    ReplyDelete
  7. මගේ උපදේශය-

    දිවා පුහුණුව සහ දේශණ යනාදිය ඉවර වුණාම, ගෙදර එන්න.

    රාත්‍රී කැම වෙනතුරුම වැඩ තියෙනවා නං, කාලා නිදාගන්න යන්න කලින් ගෙදර දුවලා එන්න පුළුවන්නේ? අල්ලපු ගමේ නිසා.

    ඔය කියන තැනෙන් එළියට යන්න බැරි වෙන්න බෑනේ. මොකද හිර ගෙදරක්ද? සූරියකන්දක්ද, බටලන්දක්ද?

    කවුරු හරි ඔබට ගෙදර යන්න දෙන්නේ නැතුව බලහත්කාරයෙන් රඳවාගන්න හැදුවොත් අන්න එතකොට තත්වය තේරෙයි.

    ReplyDelete
  8. අවුරුදු 21 කින් අරින්න බැරිඋන කුප්ප කම දවස් 21කින් කොහොම අරින්නද...? :)
    හිනා කට ඉරාන එලියට

    ReplyDelete
  9. ඇස් බී මමා මෙතනට ආවේද හොද ටොපියක් කාලාය.. අවුරුදු දෙකක් ටොපිය ලෙවුවේව... ඊටත් කලින් ඇස් බී මාමා හොද හොද ටොපි කෑවේය.. රස ටොපි ගොඩවල්වලට පැන්නේන... බදාගෙන කෑවේව.. සමහර ටොපි තාමත් ලොවන්නේය.. ඇස් බී මාමා ඉලාගෙන කෑව ටොපියේ රස තාමත් ඔහුට දැනෙනවා වගේය.. ආයේ හොදන්න දෙයක් නැත.. ඇස් බී මමා කෑ ටොපි සියල්ල වමාර අනුන්ටත් කැවීමට හිතාගෙන ඉන්නවා විය යුතුත... හැබැයි මේ ටොපියනම් මට පෙනෙනා හැටියට ගූ ගොඩේ ගල් බනිස් වැනි ටොපියකි... ගල් බනිස් හොද උනත් ඇත්තේ ගූ ගොඩේය.. ටොපියේ රස දවස් විසි එකකට පසුව හෝ රත්ගමායා කියනකන් අපි බලා ඉන්නවාය....
    අන්තිමට එකක් කිව යුතුව ඇත.. ලගදීම ටොපි මාමා කස්ටියට ටොපි දෙන්න ගොස් ආයෙ දෙකේ පොත් පූට්ටුවෙන ටොපියක් කනවාය...ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නැත

    ReplyDelete
  10. අඩේ කතන්දර කියන ඒව නම් කරන්න එපා මලේ..කම්පුටර් තිබ්බොත් එහෙන් ලොග් වෙයන්..යකො විද්‍යාපීඨෙ ටීචර්ස්ලට වත් වීක් එන්ඩ් එකට ගෙදර එන්න දෙන්නෙ නැති එකෙ නායකත්ව පුහුණුවට යන්න බොලාට දවසෙ ගානෙ එන්න දෙන එකක් නැ..උඹ බූස්සෙ නේද..උස බ්ලිඩිමකට නැගල හවසට හවසට ගෙදරට අත වනපං.ඒ ඇති ගෙදර උන්ට..
    කතන්දර අර මාලන් ගෙ බ්ලොග් එක කියෙවෙ නැතුවා ? රෑට තමයි වැඩ තියෙන්නෙ..පුහ් බලන්න එපැයි..ලන්කා ටෘත් එකෙනම් කිව්වෙ මින්නෙරිය කැම්ප් එකෙ ස්ටැග් නයිටක් වගේ එකක් තිබ්බ කියල ඒත් ඉතින් ලංකාවෙ ස්ටැග් කරන්නෙ අපි විතරයි අන්න ඒක හින්ද මම ඒකට විරුද්ධයි..ශික්..ඕකුන් තමයි ඉස්සර අර මැඩම් එක්ක ඉන්න කාලෙ උන්ගෙ අර පත්තරෙ අර ඉ යන්නෙන් පටන් ගන්නෙ මොකද්ද අන්න එකෙන් අපේ ස්ටැග් එක ගැන පච හැලුවෙ..සිඩි එක ඇරන් බලපු එවුන් දන්නව හද්ද බොරු කියල .

    ReplyDelete
  11. නෑ නෑ මූට වැඩ තියෙන්නේ රෑටනේ...

    ReplyDelete
  12. හැක් හැක්... අනේ තො ඔය පුහුනුවෙදි ගහකින් වැටිල ගෙට වෙයන්... මගේ පරම පැතුම එයයි... :D :D :D :D

    ReplyDelete
  13. "යට ඇදුම් දමා නැත..කෝකටත් ගත්තෙමි..."
    හි හි ඒවා ඕනෙ නෑ බන් කියන විදිහට වැඩ කරපන්... ඒවා නැති තරමටලු ටොපිය රහ... තෝ ඕක‍ට ගිහිල්ලා අනිත් උන්ටත් ‍බොගෙ කුප්පකම් පුරුදු කරනව එහෙම නෙවෙයි... විශේෂයෙන් හමුදාවෙ උන්ට. බලමු හමුදාවටවත් පුලුවන්ද කියලා බොගෙ කුප්පකං නැති කරන්න... මේ බොගේ කුප්පකතා අහන් නැතුව දවස් 21ක් ඉන්න අමාරුයි බොල කොහොම කොහොම හරි කුප්ප කතා ටිකක් දාපන් උබට බැරිනං බොගේ මලයත් ඒ වැඩවලට හොදයි වගේ... (අර උබ ගැන ලස්සනට පෝස්ට් එකක් දාලා තිබුනේ..)

    ReplyDelete
  14. ඊ මෙන්න මූ ටොපිය කන්න යනවලු.
    අර කිව්ව කතවනම් ඇත්ත.උබේ කුප්ප කමනම් මකලාවත් යවන්න බෑ.

    ReplyDelete
  15. ගයාන් තාරක
    හික් හික්....හිනා හිනා
    -------------------------------------------------------------
    හසී
    අපෝ නෑ...මගේ මෙවා එක මම රැකගෙන එන්නේ...
    --------------------------------------------------------------
    දිලීප
    ඒකනේ බොලේ අපි යන්නේ....
    ---------------------------------------------------------------
    Bunny
    තෝ නේ අවලමා ගේ...එනවා මෙතන අනිත් උන්ට අපහාස කරන්න.....වලත්ත හාවා....
    ------------------------------------------------------------------
    කතන්දර Kathandara
    1. නායකත්ව පුහුනුවට යන්නෙමි..
    2.කදවුරේ කොමෙක් තිබ්බත් ජාලේ නැත..
    3.නායකයෝ බලොග් ලියයි..කොමෙක් ඇත..ලැපක් නැත
    4.එහෙම එන්න දෙනවා නම් එනවාය..මේක එහෙම සීනිබොලයක් නොවේය
    -------------------------------------------------------------
    කතන්දර Kathandara
    1.ගෙදර එන්න දෙන්නේ නැත...
    3.ගෙදර එන්න දෙන්නේ නැත...
    3.ගෙදර එන්න දෙන්නේ නැත...
    4.රදවාගෙන සිටීමක්ම තමා

    ReplyDelete
  16. බීටා
    ඒක විහිලුවක් නෙමේ යකෝ...
    --------------------------------------------------------------
    පොඩි මෑන්
    ඇස් බී මාමා ගැන කතා නොකරමි.බ්ලොගය කුප්ප තමා..ඒත් කුජීත කොර ගැනීමට අකමැත්තෙමි...
    ------------------------------------------------------------
    පැන්ඩා
    කියලා වැඩක් නැත..පොලිටික්කන් හමුවේ අපි හෙන බයිට් එකක් වෙමු..ඒත් පුහුනුව කියා දෙන්නේ ආතල් එකක්ය...ඒවා ගෙයින් එලියට නොබැස්ස උන්ට නම් හොදය...අපිට නම් එක්තරා ආතල් එකක්මය..
    ------------------------------------------------------------
    තාරක Dilsh@n
    රෑට වැඩ තියෙන්නේ උඹට නේ
    -----------------------------------------------------------------
    සුළඟිල්ල | pinkie
    ඇයි බොට අක්කා එක්ක එක එක ඒවා එලිපිට කරන්න පුලුවන් නේ මම නැතුව,,,
    -------------------------------------------------------------
    කිඩෝ
    ඌට ලියන්න දුන්නොත් මගේ චරිතය ඉවරයි..ඒක නිසා දවස් 21ක් යනකල් ඔහේ තිබුනාවේ...
    ------------------------------------------------------------
    සීතල අයියා
    ඔව් මොකෝ...උඹට දැන් ඉස්සි ආවද නැද්ද කියලා ඔත්තු දෙන්න එකෙක් නැති වෙනව නේ

    ReplyDelete
  17. දවස් 21 ක් කුප්ප කුජීත කතා නැතුව කනක් ඇහිල ඉන්න එකත් සිංහල බ්ලොග් බලන එවුන්ට ලොකු දෙයකි

    ReplyDelete
  18. එල හරි හුරතල්...

    ReplyDelete
  19. නිකන් අපරාදේ එස් බී කාරයා සල්ලි වියදම් කරනවා. මේවා රටේ සල්ලි නේ කන්නේ. මුන් මේ සල්ලි වලින් දුශ්කර පාසලක් නඩත්තු කලා නම් හෙන ගහනවා යෑ. ශික්.... මෙහෙව් පාලක ගොන් රැලක්. අපිත් කැම්පස් ගියා. මෙහෙම මගුලකට නම් ගියේ නෑ.

    මේවා කරලා මොනාද මන්දා බලාපොරොත්තු වෙන්නේ. මෙකෙන් හදන්නේ එස් බී කාරයා පොර වෙන්න මිසක් ළමයින්ට වෙන සෙතක් නම් නෑ.

    කොහොමහරි කමක් නෑ මල්ලි හොදින් වැඩටික කරගෙන වරෙන්. එච්චරයි කියන්න තියෙන්නේ. මල්ලිට බුදු සරණයි !!!!

    ReplyDelete
  20. ගිහිල්ලා වරෙන්කෝ..උඹට ඊටත් වඩා ආතල් දෙන්නං අපි කැම්පස් එකට ආපු දවසට

    ReplyDelete
  21. ඔය මගුල් පුහුණුව ගැන ලියල වාද කරල මට එපා වෙල ,ඒක හින්ද එව්ව මෙතන ලියන්නෙ යන්නෙ නැ . යන තැනක හොඳින් ඉන්න බලපන් කියල තමයි උඹ වෙනුවෙන් කියන්න තියෙන්නෙ .

    අනික් ගිය උන් ගිහින් ඇවිත් කඩේ ගියා . කඩේ යාම කෙසේ වෙතත් උඹ නම් කඳවුරේදී හමුවූ කෙලි පොඩ්ඩ කියල කතා සිරිස් එකක් නම් ලියයි . අර කතන්දර අය්යගෙ අදහස් ටික සැහෙන වැදගත්

    ReplyDelete
  22. රත්ගම මලේ, මට පේන්නේ උබලට නියම ටොපිය හම්බවෙන්නේ හමුදා පුහුණුවෙන් නෙවෙයි කැම්පස් එකේ අයියල අක්කලගෙන් වගේ.පේන්නැද්ද උඩ කමෙන්ට් එකෙන්.

    ReplyDelete
  23. හප්පට බොල උඹට බුස්සේ කෑම්ප් එකද ලෑබුනේ..එල එල..මොකක් වුනත් කමක් නෑ ඔලුව බේරන් වරෙන් ...පුලුවන් වුනොත් පට්ටම ෆන් එකකුත් ගනින්....සුබපෑතුම මලයා..

    ReplyDelete
  24. තව බ්ලොග් පොස්ට් ගොඩකට කතා එකතු කරගෙන එන්ට!

    ReplyDelete
  25. අතක් පයක් කඩාගෙන හරි කමක් නෑ පරිස්සමෙන් පුහුනුව ඉවර වෙලා ගෙදර වරෙං .

    ඕකේදී ගිනි අවි පුහුනුවත් දෙනවද මචං ?

    ReplyDelete
  26. මොන දේශපාලන අදහස් තිබුනත් මම මේ වැඩේටනම් එකගය. අපේ ගොන් ජොන්ටෝ පොත පතේම අලි ගැලී ඉදල ගොන්ම ගොන් ජොන්ටන් වෙන එක මේකෙන් ටිකක් හරි මග හැරෙයි කියල මම හිතනවා.
    කුම්බලා කරවල කෑවනම් දිරවපන් බලලෝ කිව්වලු. පල පල ගිහින් හොදට කතා ටිකක් දාරණය කරගෙන වරෙන්. ඇවිල්ල වෙඩි කාපු ඌර වගේ දාපිය බ්ලොගේ.
    අපිටත් බැරිය ඉතින් ඕවයේ වෙන්නේ මොනවද කියල ඉතින් දැනගන්න.

    සුබ ගමන් රත්තෝ..........

    ReplyDelete
  27. හිකිස් බිකිස්.. එහෙනං ගිහින් එන්නකෝ.. ඇවිත් කියන්නකො විස්තරේ.. :P

    ReplyDelete
  28. මේ පුහුනුව හොද වෙන්නත් පුලුවන්, රටට නයකයෝ බිහි කරන්නත් පුලුවන් වෙයි.
    ඒත් මේක පරජාන්තරවදී රටක්ලුනෙ, ඒක හින්ද මම නම් හිතන්නේ මේක "අනිවාර්ය " විය යුතු නෑ, මේක හොදනම් කැමති අයට සහභාගී වෙලා නායකයෝ වෙන්න පුලුවන්.

    ReplyDelete
  29. බැරි වෙලාවත් මේ පුහුණුව අසාර්ථකයි කියලා මේ වැඩ සටහන අකුල ගත්තොත් අනිවාර්යෙන් ඒ රත්ගමායා නිසායි මම හිතමි... මොකද රත්ගමයා හදන්න බැරි නිසා..

    ReplyDelete
  30. දිනේශ් අයියා කිවාත් වාගේ රත්ගමයාගෙ කුප්පකම් හමුවේ හමුදා පුහුණුව පුස්සක් වී යාදැයි මටත් සැකයක් පහල වේ.. :P පරිස්සමින් ගිහින් එන්නෝ...

    ReplyDelete
  31. අඩ ඩා.....
    යට ඇඳුම් ඕන නැතුව ඇති බං ඒව ගන්න එපා.....
    පරිස්සමිං ගිහිං වරෙන්කෝ...

    උපදේශය-රැට රැට අම්මි ඕන කියල වෙනද පුරුද්දට අන්නඩනව නෙවේ.

    ReplyDelete
  32. අඩේ.. එල හොඳේ.. පරෙස්සමෙන් ගිහින් වරෙන්..

    ReplyDelete
  33. අනේ උඹේ පතිවත.. :P
    කුප්ප වැඩ කරලා ගුටි කනවා එහෙම නෙවෙයි..

    ReplyDelete
  34. මම නං කථා එච්චර කියවන්නෙ නෑ ඒත් ටිකක් කියෙව්වා.උඹ ලෙසටම ලියල තියෙනව.ඉඳල හිටල හරි බලන්නම්. මාත් ෆලෝ... පස්සෙන් එනවෝ...

    ReplyDelete
  35. ඔය හමුදාවෙ ගොන් ලබ්බො දන්න නායකත්ව පුහුණුව.
    S.B. කියන මෝඩයා මහින්ද කියන හරකටම ගැලපෙනවා.

    ReplyDelete
  36. "දත් බුරුසුව සහ දත් බෙහෙත්..( ඒවා මොනවාදැයි මම නොදනිමි)"

    යන්තම් ඇත්ත කතාවක් කියලා තියෙනවා.

    ReplyDelete
  37. අපිත් අද ටොපියේ රස බලන්ඩ යනෝ......:D උඹත් රස බලලා වරෙන් රත්ගමයෝ....:D :D

    ReplyDelete
  38. උඹ ඒකෙ කරන කුප්ප වැඩ ටිකත් හුදී බ්ලොග් කියවන්නන් උදෙසා මේ බ්ලොග් එකේම ලියන්න ඇහැකිනෙ.

    පරිස්සමෙන් ගිහිං වරෙන් මලේ.

    ReplyDelete
  39. Kash- kuppa ayye...tofiya kala apitath rasa kiyanna

    ReplyDelete
  40. නිකන් දෙන එකේ කාලා එන්න .

    ReplyDelete
  41. උඹ මේකට යන්නම ඕනේ. උඹට අදුනගන්න දැක බලා ගන්න ගොඩක් දේවල් තියනවා දැනට උඹගේ දැනුමත් එක්ක.

    කුප්පකම නැති කරගෙන මේ පැත්තේ එනවා එහෙම නෙවේ ඔන්න.

    ReplyDelete
  42. ටොපි කෑවට කමක් නෑ..රජෝ.
    ටොපි කොල එහෙම අරගෙන එනවා නෙවි.

    පරිස්සමෙන් ගිහින් වරෙන් ...මලේ.

    ReplyDelete
  43. තොගේ ඉන්ෆෝ එක කෝ බොල??

    ReplyDelete
  44. කොල්ලො උම්බගෙ ලියන හැකියවනන් සිරා හොන්දේ..... :ඩී

    තවත් ලියපන් :D

    ReplyDelete
  45. අනේ මට ලොකු උදව්වක් ඕන දිල් අක්කි එක්ක කතා කරන්න මං ආසයි පුළුවන්නම් එයාට කියන්න එයා ලියන ඒවට ම‍ට comment දාන්න හදලා දෙන්න කියලා අනේ කවුරැ හරි මේ උදව්ව කරලා ඕන පිං මං බ්ලොග් එකට ආසවුනේ එයා නිසා

    ReplyDelete
  46. පුහුනුවට ගිහිල්ලා කුප්ප වැඩ ටිකක් කරලා කුප්පම කුප්ප කතා ටිකක් හොයාගෙන වරෙන් අපිට ආතල් එකේ අහගෙන ඉන්න....

    ReplyDelete
  47. අ‍ඩෝ මලේ කාපිය කාපිය ටොපිය...මන් දන්න හැම එකාම කීවේ මාර රහයි කියලා....කිසිගින්නක් නැතුව ගිලලා දාලා වරෙන්....

    ReplyDelete
  48. දෙයියනේ කිසිම ආතල් එකක් නැති වෙයං .......
    තනි කරම බෝරිං කඳවුරක් වෙයං .....
    යනවා මෙතන ආතල් ගන්න ......

    ReplyDelete
  49. නායකත්ව පුහුණුව ඔතනින්ම හබක් නෙව, ආයෙ මෙහෙව් කුප්පයෙක් ඕවට වද්දගන්නෙ ඇස් බී මාමට මෝල්ද හැබෑටම. හමුදාවත් කුප්ප වෙලායයි නෙව මෙහෙව් සරුපයෙක් සති තුනක් ඕවයෙ ලැග්ගම.

    ReplyDelete
  50. කැමැති නං යන්නැතුව ඉන්න පුළුවන් මලේ. හැබැයි එතකොට ඇස්.බී මාමා ලැට්ටොප් දෙන්නෙ නැල්ලු. ඒකත් එක්තරා විදිහක ටොපියක් තමා. මාමා හොද හිතින් දෙන එකනෙ. ඔන්න ඔහෙ ගිහින් ඒකත් අරං වරෙන් :D .මොළේ නං සුද්ධ කරන් එන්න එපා පුතෝ

    ReplyDelete
  51. ඒ ටොපිය රහ බලලා ඇවිල්ලා විස්තරේ කියන්නකෝ

    ReplyDelete
  52. බලාගෙන ඕවෑ කුචීත කෝප්‍රල් රාලහමිලත් ඉන්නව.. කෝකටත් කුප්ප වෙලාම ඉඳපං ම‍තෝ.. උඹ වැඩිය මහත නෑ නේද ? නැත්තං පී.ටී එකේදි තනි ඇහැට ඇඬෙයි ..

    ReplyDelete
  53. ඉක්මනට ඔය ටොපිය වලදලා ආවනං..:D

    ReplyDelete
  54. //අවුරුදු 21 කින් අරින්න බැරිඋන කුප්ප කම දවස් 21කින් කොහොම අරින්නද...?//
    බය නැතුව හිටහංකෝ... එස් බී මාම හදල ගනී.

    ReplyDelete
  55. ච්හ්.. මං මේක දැක්කේ පරක්කු වෙලාය...

    අඩේ මලයා ඉක්මනට, පරෙස්සමට, ඕක සුප්පලා වරෙන්කො යහතින්...

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)