Sunday 5 June 2011

නුඹ රහසින් ඇවිත්..... ( 3 වන කොටස )


නුඹ රහසින් ඇවිත් (1 වන කොටස)

නුඹ රහසින් ඇවිත් (2 වන කොටස)

දොරටද පයින් පාරක් දී දොර ඇරගත් ඉලංදාරියා ගේ තුලට වැදුනේය.කුස්සියේද කන්නට කිසිවක් නැත.අම්මා වැඩට ගොස් එන්නටද තවත් පැය තුනක් පමන තිබේ.
ඇද සිටි ඇදුම පිටින්ම ඇදට වැටුන තරූශ දෑස් අඩවන් කරගත්තේය.

එන්න..අපි ඔහුගේ සිතුවිලි තුලට රිංගමු.
 එහි ඔබ සිතනා ආකාරයට කෙලෙසකවත් අනුත්තරා සිටියේ නැත.බිම වැටී බයාදු මුහුනෙන් බලා සිටිනා සකුන්තල පමනක් සිටියේය..

"ඇති වෙන්න නෙලුවා ගෑනු පෙරේතයට"

කට කොනකින් සිනාසුන තරූශ තමාටම මුමුනා ගත්තේය.
 තරූශගේ දෑස් පිය වෙන්නට වැඩි වෙලාවක් ගත නොවුනේය.

දහවල් කාලයේ නිදාගන්නේ කාලකන්නි ඉලන්දාරීන් පමනක් නොවේ.ඉලංදාරියාගේ නිවසට කිලෝ මීටර් ගනනාවක් ඈතින් වූ නිවසක සුන්දර දැරිවියක්ද නිදාගෙන හුන්නාය.

"දුවා..අනු...නැගිටින්න දුව..පන්ති ගිහිල්ලා ආපු ගමන් නිදාගන්න එක නෙමේ නේ කරන්න ඕන"
"හ්ම්ම්ම්ම්ම්...නිදිමතයි තාත්තා.මට මහන්සියි නේ."

 එක වරක් දෑස් හැර බැලූ යුවතිය දිසානායක මහතාටද නොඇසෙන ලෙස කෙදිරුවාය.
මද සිනාවක් පෑ දිසානායක මහතා සුපුරුදු සෙල්ලමටම වැටුනේය.යුවතියගේ කකුල් දෙකෙන් ඇද ඇද මිට්ටම අසලටම ගත්තේය.

අනේ අනේ....අවුරුදු 18 ක කෙල්ලක් නැගිට්ටව ගන්න තියන අමාරුව.ඒක නෙමේ දුවා...මොකද අද අලුත් පන්තිය.

අපෝ...මහ රස්තියාදුකාරයෝ ඉන්න තැනක් නේ ඒක.අද පන්ති ඇරිලා එද්දි එක කොල්ලෙක් තව කෙනෙක්ට බිම දාගෙන ගහනවා.පව් අර බිම වැටුන කෙනා.හොදටම ගුටි කෑවා තාත්තා.ඒ ගහපු කොල්ලා නම් හරිම රස්තියාදුකාරයෙක් කියලා ඉරේශා කිව්වා"

අහ්.ඔය ගියපු ටිකට යාලුවෙකුත් හදාගෙන ඉන්නේ..ඔහොම තමා දුව කොල්ලො.කෙල්ලෙකුට ගහගන්න ඇති.මගේ සුදු දුවා පරිස්සම් වෙන්න.ඊලග දවසේ උන් ගහ ගන්නේ මේ ලස්සන මූනට වෙන්න බැරි නෑ."

දිසානායක සිනහසෙමින් කී දෙය කිසියම් හෝ ආකාරයකට සත්‍ය වීමට ඉඩ තිබේ.අනුත්තරා එතරම් සුන්දර වූවාය.

 --------------------------------------------------------------------------------

මම ඔබව සතියක් ඉදිරියට කැදවාගෙන යමි.මක් නිසාද යත් අපගේ කතාව ගලාගෙන යන්නේ සිකුරාදා ජීව විද්‍යා පන්ති දිනයන් හී දී පමනක් බැවිනි.

පලමු දිනයේ ගාල්ල බස් නැවතුම් පලේ බසයක් එනතුරු මග බලා සිටියේ අප කතාවේ චරිත අතරින් අනුත්තරා පමනි.ඒත් අද දින සකුන්තල සූරියබන්ඩාරද බලා සිටියේය.ඒ බසයක් එනතුරුමදැයි මම නොදනිමි.

සකුන්තලව ඈතදීම දුටු අනුත්තරා සිනහ වූවාය.සකුන්තලගේ මුහුනේද සිනහවක් ඇදුනේය.එය හිතවත් කම පෙන්වන සිනහවක් ද මනමාල සිනහවක් දැයි තීරණය කිරීමට අපහසුය.

"කොහොමද? මම දැන් ගොඩක් වෙලාවක ඉදලා මෙතන.තාම බස් එකක් නෑ.බස් ස්ට්‍රයික් ද දන්නෙ නෑ."
 එසැනින් කොළඹ බසයක් පැමිනියේය.

"මේ තියෙන්නේ බස්.ඔන්න මමම එන්න ඕන බස් එකක් එන්න"
අනුත්තරාද මුකුලු වෙමින් කීවාය.

යුවතිය බස් රථයට නැගි පසු ඊට පිටු පසින් සකුන්තල බසයට ගොඩ විය.
ඔවුන්ගේ සුන්දර කතාව විනාඩි පහලවක් හෝ විස්සක් නිදහසේ ගලා යන්නට ඇත.එත් ඊට වඩා ඔවුන්ට තොදොල් වීමට අපේ කතා නායකයා ඉඩ තැබුවේ නැත.

හික්කඩුව නගරයේ බස් රථය නවත්වනවාත් සමගම තරූශ බසයට ගොඩවිය.
සකුන්තල දුටු තරූශට සිනහවක් ගියේය.
ඔබට මට තරම් ඔහුට සකුන්තල සහ අනුත්තරා එකට සිටිනු ගානකට වත් නැති සේය.

"අඩෝ...ගෑනු පීටර්..ඒ පාර මේ අලුතෙන් ආපු කෑල්ල අල්ල ගත්තද...උඹ තමයි මිනිහා නේ.."

ඔහු කොතරම් හඩින් එය කියුවේද කියතොත් මුලු බසයේ සිටි පිරිසම තරුශ දෙසත් සකුන්තල දෙසත් අනුත්තරා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවෝය.යුවතිය ලැජ්ජාවෙන් රතු වූවාය.සකුන්තල ඔරවමින් අහක බලා ගත්තේය.ඔහු ඊට වඩා දෙයක් නොකරන තරමට පෙර දිනයේ තරූශ මුහුනට එල්ල කල පහරවල් සැරය.

මහ රස්තියාදුකාරයෙක්.මුන් වගේ කාලකන්නි මොකට ඉපදෙනවද දන්නේ නෑ..ඕක කියලා තමයි මම එදා ගුටි කෑවෙත්.ඒ පාරවල් තාම රිදෙනවා.ඔයත් පරිස්සම් වෙන්න අනු..මූට කෙල්ලොත් පේන්න බෑ.."
අනුත්තරාද අප්පිරියාවෙන් යුතුව තරූශ දෙස බැලුවේය.

බසය අම්බලන්ගොඩ නගරයට එනතෙක්ම ඔබට පැවසීමට තරම් විශේෂ දෙයක් සිදු නොවිනි... 
--------------------------------------------------------------------------------------------------------------------------

ආයෙත් බ්ලොග් එක ලෙඩ දෙන්න ගත්තා.අර පෝස්ට් අප්ඩේට් නොවීමේ ලෙඩේ..මේක කොයි වෙලාවේ පබ්ලිශ් වේවිද දන්නේ නෑ..සදරු අයියත් උත්සහා කරා මේක හදන්න..ඒත් බැරි උනා තාම.....ඊයේ මම ඩොමේන් එකක් ගත්තා..ඒක බ්ලොගේට දැම්මයින් පස්සේ තමා මේ අවුල ආයේ ආවේ...

37 comments:

  1. ඉවරයි බොල ඉවරයි... මට අහන්න තියෙන්නෙ අර සකුනද මොකාද කියන එකා මොකට ඉපදුනාද කියල.. ඔකුන් වගේ හාල්පාරුවො නිසා තමා අපිටත් තැනක් නැත්තෙ... අසිකිතයි. කුජීතයි...

    ReplyDelete
  2. අඩො... මං ද පලවෙනියට මෙවුව එකක් දැම්මෙ.. එලැ එලැ ඈ.. :D :D

    ReplyDelete
  3. මේ තරුශයා ෂුවර් රත්ගම බුවෙන් වෙන්ටෝනේ..

    ඉතින් ඊට පස්සේ..???

    ReplyDelete
  4. මේ ඉක්මනට ඉතුරු ඒව ඩාපන් ඈ...

    ReplyDelete
  5. ඔහොම යං ඔහොම යං

    තවම හොඳයි

    ReplyDelete
  6. Meke anthimata luv batta wenne ara tharushaya wage....

    ReplyDelete
  7. කතාව හොඳයි..මචං සිරාවට ලියනවා..මගේ බොක්කත් දනවා ටිකක් විතර

    ReplyDelete
  8. කතාව හොදයි .. දිගටම යමු.. අපි කියවනවා....
    මටත් හිතෙන විදියට තරූශගෙයි රත්ගමයගෙයි තියෙනව මොකක්නමුත් සමානකමක්... හික්ස්..
    ජය!!

    ReplyDelete
  9. ආහ් එල ..මරු කතාව

    ReplyDelete
  10. මචං මම දන්නෑ මට මොහම දැනෙන්නෙ ඇයි කියලා අර සකුන්තල කාරයත් එක්ක මගේත් ඇරියස් එකක් තියනවද කොහෙ..... සික් තරුශයා මුගේ දතක් දෙකක් ගැලෙව්වෙ නෑනෙ... ගෑණූ උන බහින්න....

    ReplyDelete
  11. කතාව නම් ලස්සනට ගලාගෙන යනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දාන්න. නියම කතාව. කුප්ප කමක් ගෑවිලාවත් නෑ.

    ReplyDelete
  12. අහ්.... අදනේ මම මේ කතාව දැක්කේ. කොටස් තුනටම කොමෙන්ටු එකට දාන්නම්. නියම කතාව. හරි ලස්සනයි. ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න.

    ReplyDelete
  13. අඩෝ ඊලග එක ඉක්මනටම ඕනා.. මම මේකට ඇඩික්ට් වෙලා ද කොහෙද... :D :D :D

    ReplyDelete
  14. තව ටිකක් දිගට ලියන්න අය්යෝ. තත්පර ගානෙන් ඇඩ් වැටෙන ටෙලියක් වගේනේ . අර හදනවා කිව්ව ටෙලියද මේ. උදේට කෑල්ලයි හවසට කෑල්ලයි වත් දාන්න . සකුන්තලා දුෂ්ටය වෙන කතාවක් වගේ . කොරියන් ටෙලි ඔය වගේමයි. එක කෙල්ලයි කොල්ලෝ දෙන්නයි . නැත්නම් කොල්ලයි . ...ලෝකේ වෙන කොල්ලෝ නැහැ වගේ එකාගේ පස්සේ දුවන කෙල්ලෝ දෙන්නයි. ඒ වුනාට ඒ කතාත් ලස්සනයි. මේ කතාවත් ලස්සන වෙයි

    ReplyDelete
  15. කතාවනං හොඳට ගලාගෙන යනවා...

    අඩේ මටනං අර සාකුන්තල පව් කියලා හිතෙනවා..මොනවා උනත් ඌ අහිංසකයෙක් දැනටනං..‍(හෙට අනිද්දට උඹ ඌව නාස්ති කරයි සමහර විට)

    ReplyDelete
  16. හ්හ්ම්ම්ම්... ලස්සනට ලියනවා. මටත් හිතෙන්නේ තරූෂගෙයි රත්ගමයගෙයි සමානකමක් තියෙනව වගෙයි.

    ReplyDelete
  17. යකෝ කොට වැඩියි...තව දිගට ලියපියකෝ....
    එළ හොඳේ...

    ReplyDelete
  18. ආ...ඔය ලියන්නේ අගේට.නියමයි.
    ඔහොම යාං...........

    ReplyDelete
  19. රත්ගමයා ටයිප් නොවන රත්ගමයාගේ කතාවක්. අනේ වාසනාවන්.

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. නියමයි මල්ලි..කතාව තව ටිකක් දිගට දානවනම් තමා හොද

    ReplyDelete
  22. මේකෙ තාම කිසි කුප්ප කමක් ගෑවුනේවත් නැහැනෙ....හැබෑටම මේ උඹමද ලියන්නෙ ?

    තව 7 කින් ඉවර කරන්නෙ කොහොමද මෙච්චර පොඩ්ඩ පොඩ්ඩ ලියල....තව ටිකක් දිගට දාමු...

    ReplyDelete
  23. නියම කතාව මල්ලියේ.ඉස්කොලේ ගිය කාලේ මතක්වෙනෝ....රත්ගම බ්ලොගයේ මුල්ම ලිපි වල හිටපු නියම රත්ගමයා ආයිත් ඇවිල්ල.

    ReplyDelete
  24. අනේ ඕයි මීට වඩා ටිකක් දිගට දාපියො....මේක ඉවර වෙන කන් කියවන්න ඕන එක දිගට....මම නං සකුන්තලයගෙ පැත්තෙ

    ReplyDelete
  25. මේ අර කවුද කිව්වා වගේ තරුෂ කොල්ල අන්තිමට නලු බට්ට වෙයිද?

    ReplyDelete
  26. මේ කතාව ලියන්න අදහස කොහෙන්ද බන්.. උබට උන එකක්වත්ද.. උඔ බයෝද් කලේ..

    ඉතුරු ටික දාපන් ඉක්මනට....

    ReplyDelete
  27. මේ රත්ගමයා ගැන කතාවක් ය..? ඈ

    ReplyDelete
  28. එල එල.. රත්ගමයෝ.. කතාව මේ විදිහටම දිගටම ලියාගෙන යන්න.. මේ පිටපත අපිට මෙගා එකකට ගත හැකි.. :)

    ReplyDelete
  29. කතාව ලියාගෙන යන්න .. මම ඉතින් මේක අනිවා බලනවා කියලා උඹ දන්නවනේ ..

    ReplyDelete
  30. අප්පටහුඩු! රත්ගමයා මහතාටත් තියෙන්නෙ අරුව මෙව්ව අතෑරල බොළඳ නවකතා ලියන්ඩනේ.. 1 2 3 4 කියල සැට් එකක්ම ලියතහැකි... ඔයා මාර ටැලන්ටඩ්නෙ ආහ්! (හිතට ගන්ඩ එහෙම එපා ඉතින්...)

    ReplyDelete
  31. ඉතුරු ටික ඉක්මනට දාන්ඩෝ...

    ReplyDelete
  32. උබේ කතාව ටිකක් අමුතුයි. හැබැයි ඒ අමුත්ත සැහෙන්න හොදයි. ලස්සනට කතාව යනවා.. හැබැයි ටිකක් හෙමින් ඉස්සරහට යන්නේ. උබ කිව්වනේ කොටස් 10කින් විතර ඉවර කරනවා කියල. යන විදියට කොටස් 10 කින් ඉවර කරන්න හෙන කප්පාදුවක් දෙන්න වෙයි. එක්කෝ ටිකක් ඉක්මනට කතාව ගලාගෙන යන්න ඇරපන්.. නැත්නම් කතාවේ කොටස් ප්‍රමාණය දික් කරපන්. වැඩේනම් පංකාදු පහයි.

    ReplyDelete
  33. මට පෝස්ට් තුනක්ම මිස් වෙලා නෙ. අවුලක් නෑ සේරම එකපාරම කියවනකොටත් ගතියක් තියනව. :D

    නියමෙට ලියල තියනව රත්තෝ...

    ReplyDelete
  34. සකුන්තල කොල්ලෙක් විදියට පණ මදි ..........
    මම වගේ උනා නම් ඇදලා අරං කන පැලෙන්න දෙන්නෙ .......

    ReplyDelete
  35. Mama Facebook eke sinhala blog page ekak haduwa... aday haduwe, mata addakeema na. so poddak gihin balala waradi adupadu thiyenam kiyanawada?

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)