"මොන? "
නොසැලකිලිමත් බවක් බොරුවට මවා පාමින් මම පැවසූවෙමි.
නොසැලකිලිමත් බවක් බොරුවට මවා පාමින් මම පැවසූවෙමි.
" මේ තියෙන්නේ"
ලා රෝස පැහැයෙන් වර්ණ ගැන්වූ දඹරැගිල්ල පොතේ පිටුවක් මත තබමින් ඇය මා දෙස බැලුවාය...
ලා රෝස පැහැයෙන් වර්ණ ගැන්වූ දඹරැගිල්ල පොතේ පිටුවක් මත තබමින් ඇය මා දෙස බැලුවාය...
ඇයගේ දෙනෙත් සහ මාගේ දෙනෙත් තත්පර කිහිපයක් යාවී තිබෙන්නට ඇත. යුවතිය පලමුවෙන්ම දෑස් ඉවතට ගත්තාය
"අයියමද මේ ඔක්කොම කවි ලිව්වේ? "
අසන්නට කිසිවක් සිතාගත නොහැකි වූ නිසාදෝ ඇය නොගැලපෙන ප්‍රශ්නයක් ඇසුවාය.
අසන්නට කිසිවක් සිතාගත නොහැකි වූ නිසාදෝ ඇය නොගැලපෙන ප්‍රශ්නයක් ඇසුවාය.
"නංගි...මම යන්න ඕන... ලෙක්චර් එකට තව විනාඩි පහයි තියෙන්නේ"
ඇයගේ ප්‍රශ්ණයට පිලිතුරක් නොදුන් මම , මෙතනින් ගැලවී යැමේ අදහසින් පැවසීමි.
ඇයගේ ප්‍රශ්ණයට පිලිතුරක් නොදුන් මම , මෙතනින් ගැලවී යැමේ අදහසින් පැවසීමි.
"කෝ ඉතින් මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑ නේ..මේ ඔක්කොම කවි ලිව්වේ අයියමද?"
"ඔව් " යැයි හැගවෙන පරිද්දෙන් මම හිස සෙලවීමි.
"කවිකාරයා"
හිස මදක් ඇලකරමින් සිනහසෙමින් ඇය මුමුනයි..
ඉන් පසු සිනාසෙයි..
ඉන් පසු සිනාසෙයි..
"ඇත්තටම මෙහෙම උනාද? "
"මේ ලියලා තියෙන්නේ ඔයාගේ කලින් ගෑනු ලමයා ගැනද? "
"අපෝ මේ මේ කවිය නම් මට තේරෙන්නෑ.."
"ඇයි මේ පිටුවේ කවි දෙකක් ලියලා?"
ඇය ඔහේ කියවාගෙන යයි....ප්‍රශ්න අසයි...නැවත සිනාසෙයි...
තවත් බලා සිටිය යුතු නැත.ඇය මේ කියවාගෙන යන්නේ මාගේ ජීවිතයයි...
කවි පොත බලෙන් මෙන් ඇයගේ අතින් උදුරාගත් මම ඇය කෙරෙන් ඉවතට අඩි තබා දේශණ ශාලාවට දෙසට පිය නැගුවෙමි.
අඩි හත අටක් ඈතට යන තෙක් සිට යුවතිය නැවත කටහඩ අවදි කලාය.
"ඒයි කවිකාරයා...මටත් කවියක් ලියලා දෙනවද?"
"කවිකාරයා මැරිලා නංගි"
හෙමීට මිමිණූ මම තවත් අඩි ඉක්මන් කලෙමි...
------------ අරමුණක් නැති අපේ ජීවිත-------------
දිග එකක් ලියංනකො.කමක් නෑ ඉතින් කාන්තාරෙට පොද වැස්සත් වටිනවා නේ :v
ReplyDeleteබ්ලොග් එක මතක් වෙලා!
ReplyDeleteකාලෙකට පස්සේ ...ඔය ලියලා තියෙන්නේ නියමෙට
ReplyDeleteAne kathavak liyannako.kalin wage.
ReplyDeleteකවිකාරයාගේ මරණය!!!
ReplyDeletePatta!
ReplyDeleteme kavi leewe oyamada irindu?ape kathawa..........
ReplyDelete