Tuesday 11 September 2012

ඇස්.බී දිසානායකගේ පරම්පරාවට ගණදෙවි පිහිටයි!


ආදරණීය මාමි,

 මාමා කියා කියන්නද අයියේ කියා කියන්නද මට හිතා ගන්න බෑ අයියෝ,රනිල් නම් අයියා ඔයැයිට මම මාමි කියන්නම්.ඇත්තටම මාමි ඔයැයි උසස් අධ්‍යාපන ඇමති උනයින් පස්සේ මම කැම්පස් එකේ ඉන්න කාලෙට වැඩිය වැඩි කාලයක් ගත කරේ ගෙදර පවුලේ උදවිය එක්ක.අපිට එහෙම ගත කරන්න වෙන්නේ එක්කෝ වැකේශන් එකට නැති නම් වෙන විශේෂ නිවාඩු දවසක විතරයි.අපේ ලෙක්චරස්ලටත් එහෙමයි.ඒ සර්ලට ගෙදර ඉන්න වෙලාවක් ඇත්තෙම නැති තරම්.දැන් ඒ අදුරු යුගය නෑ.ඔයැයි සෝ ග්‍රේට් මාමි.මට ඔයාව අල්ලගෙන ඉබින්න හිතෙනවා.ඔයා කොට නිසා මට ඔයාගේ නලලම ඉඹින්න පුලුවන්.ඒත් ඉතින් රටේ මිනිස්සු මොනවා නොකියයිද මම ඔයාව ඉම්බොත්.එයාටට තේරෙන්නේ නෑ නේ මේ හැමදේම කරන්නේ ඔයා අපිට තියෙන ආදරේ නිසා කියලා.
ඇත්තටම මාමේ අර z මෙව්වා මෙහෙම කරලා මෙහෙම එකතුකරන විදිහ කිව්වේ මාමා නේද? හොරා,...බොරු කියන්න එපා හොදේ! මම දන්නවා ඒක හොයාගගන්න ඇත්තෙත් ඔයා කියලා.ඔයාගේ ඔය චූටි මොලේට ඔව්වත් මහ වැඩ නෙමේ නේ.
මාමටයි මාමගෙ උසස් අමාත්‍යංශේ අයටයි ඊට පහල අමාත්‍යංශේ අයටයි පින් සිද්ද වෙන්න අපේ මල්ලි තාම ගෙදර.අපි අවුරුදු දහතුනක් ඉස්කෝලේ ගියා.මල්ලිටයි මටයි කතා කරන්න හම්බ වුන වෙලාවල් ගොඩක් අඩුයි.දැන් මමයි මල්ලි දවසේ පැය විසි හතරෙම කතා කරනවා.පොඩි කාලේ කරන්න බැරි උන සෙල්ලම් අපි දැන් කරනවා.ඊයේ ගිනි ගිනි බෝලේ කරා.පෙරේදා කොපර කොපර පිපිඤ්ඤා කරා.අද උදේ එලුවන් කන්න යනකොට මල්ලි සිංහයා උනා එළුවට ගන්න කෙනෙක් නැතුව ඒක අතර මග නැවැත්තුවා.අපරාදේ...ඒ වෙලාවේ මාමා ලග ඉදිය නම් කියලා හිතුනා.
දැන් කැම්පස් වල ඉන්නේ කොටි නේද මාමේ.අපේ අම්මලට නම් විකාර.මම නම් බයෙන් ඉන්නේ අපේ මල්ලිව කැම්පස් යවන්න.හදිස්සියේ මල්ලිගේ නරක තැනක් කොටියෙක් කෑවොත්,මොකෝ ආයේ වවන්න කියලද..මාමා එක පාරක් පේරාදෙණියේ කැම්පස් එකට ඇවිල්ලා අර විවෘත කරපු මෙව්වා එකක් ආයේ විවෘත කරන්න ගිහින් කොටියා කෑව සිද්දිය අහනකොටත් ඇග කිලිපොලා යනවා.ඒක නෙමේ මාමේ..සරසවි වල ඉන්න ඇදුරෝ හෙන නෝටි කට්ටිය නේද? දෙන දේ කාලා ඇදලා ඉන්නේ නැතුව තව අනම් මනම් ඉල්ලන්නත් එනවා.හ..මට නම් පුදුම තරහක් එන්නේ එයාලා එක්ක.මේ කැම්පස් කියන ඒවා ඔක්කොම වහලා දාන්න ඕන.වහලා දාලා සල්ලි දීලා උගන්නන්න ඕන.එතකොට එයාලා ඉල්ලන දේවල් දෙන්න පුලුවන් නේ.
           දැන් නම් කැම්පස් කියන එක අපිටත් එපා වෙලා තියෙන්නේ.මාමාට ඕන උනෙත් ඒක නේද? මාමා හරිම කුප්පයි මාමේ.ලබන අවුරුද්දේ කැම්පස් යන්න තේරුන ලමයි දැන් කොත්තු දානවා , කඩවල් ගානේ බඩු විකුනනවා ..අන්න බලන්න එයාලා ස්වයං රැකියා වල නි‍යැලිලා ඉන්නේ.ඒක අපේ රටට කොච්චර හොදද? ලබන අවුරුද්දේ කැම්පස් එන ලමයි ගාන අඩු වේවි.ඊට පස්සේ තව අඩුවේවි.අපි මෙව්ව නැත්තටම නැති කරලා දාන්න ඕන.අන්න ඊට පස්සේ අර ලමයා කොත්තු දාලා , බඩු විකුනලා හම්බ කරන සල්ලි වලින් එයාටම එයාගෙ ඉගෙනීමට වියදම් කරගන්න පුලුවන්.අපේ අල්ලපු ගෙදර එකා මේ පාරත් විභාගේ ලිව්වා.මම දන්නවා ඌ මේ පාරත් ෆේල්.අන්තිම ගොන් මැටි හරකෙක්.පොරගේ පන්තියේ ඉන්නේ හෙන බ්‍රයිට් කොල්ලෙක්ගෙන් කොපි කරන්න ගියාම ඌ පෙන්නුවේ නෑ කිය කිය අඩනවා.ආයේ පාරක් විභාගේ ලියන්න ගියොත් නම් මම ඌට කනට දෙකක් ගහනවා.ඇයි වදේ මෙච්චර හොද රස්සා තියෙද්දේ මොන ලබ්බකට මේ විභාගේ ලියනවද මංදා.ඊලග පාර ඡන්දේ ඉල්ලන්න දාලා ඌව ඡන්දෙන් දින්නවනවා.ඊට පස්සේ බැරියෑ පොරටත් උසස් අධ්‍යාපන ඇමති වෙන්න.නැද්ද මම අහන්නේ.ආන්න ඊට පස්සේ පුලුවන් අර කොපි කරන්න නොදුන්න එකාගේ පඩි අඩු කරන්න.කොච්චර ඉගෙන ගත්තත් මෝටර් බයික් එකෙක් ලෙක්චර්ස් දෙන්න යන කොට අර වෙඩි නොවදින මෙව්වා එකකින් ඇවිල්ලා කොලොප්පම් කරන්න..හූ කියන්න..
මේ කරන කියන දේවල් වෙනුවෙන් මාමා ලබන ආත්මේ තව ටිකක් උස යන්න ඕන.
            ඉතින් මාමේ මම නවතින්නම්.මාමට තව තවත් අධ්‍යාපනේ කන්න ශක්තිය ලැබෙන්න ඕන.මාමා තව තව කෑගහන්න.තව තව කතා කියන්න.ඔය කක්කා කටින් පිටවෙන වචනයක් වචනයක් ගානේ රටේ මිනිස්සු ඇත්ත තේරුම් ගනීවි.ඔව්.පරක්කු වෙලා හරි උන් ඇත්ත තේරුම් ගනීවි.මාමට කපිල වස්තු ධාතූන්වහන්සේලාගේ පිහිටයි
 මාමාගේ අම්මට දෙවි පිහිටයි (ඒක කැම්පස් වල කොල්ලෝ කියන්න කියලා කිව්වේ )

සරසවි ආචාර්‍යවරුන්ගේ සටනට ජය වේවා!!

ප.ලි - මේක ආතල් එකට ලිව්ව එකක් නොවන බව සලකන්නේ.අමර මලෙන් ලිව්වේමි.

                         මේ ලියලා තියෙන අකුරු මොන තරම් ලොකු කතාවක් කියනවද?

97 comments:

  1. Nice to see this man.. I was doing this alone since the strike began and nw there is no fear with me man coz i kn i have a backup nw. Thankz
    today im going with anoo
    Guess who am I

    ReplyDelete
    Replies
    1. නම නැතුව නම් අදුරගන්න බෑ?

      Delete
  2. ලෙසටම ලියල තියෙනව මචෝ, කුප්පයි කුජීතයි..!!!

    ReplyDelete
    Replies
    1. කුප්පයි කුජීතයි වෙන්නේ කරන වැඩ!

      Delete
  3. තොපි වාගේ කාළකන්නින් එතුමාගේ අම්මාට පින් දෙන්න ඕනා නැතිය. එසේ කොරලා අර බන්දුල ඇමතිතුමාගේ අහිංසක අම්මත් මිය පරලිව ගියේය. තොපි වගේ කාළකන්නින් ඒ මරණයට වග කිව යුතුය. තොපිත් හදන්නෙ කුමාරයා වාගේ හඳ අල්ලන්න යන්නද. මෙන්න මෙහෙ බොගක් දාගෙන ආතල් එකේ කුඹුරක් කොටාගෙන කුමාරයා හඳට යන වෙලාවට උඩ බලාගෙන අමුඩෙ ගලවල අමුඩෙ වනලා එතුමාට ආචාර කරණ හැටි දැන් ඉඳලම කුඹුරකට බැහැලා පුරුදු වෙයන්. වී වගා කොරලා ඒවට මිලක් නැතෙයි කියලා අපෙ අම්මටත් පින් දෙන්නෙ නැතුව. ආර්ථික භෝග වවපන්.

    ReplyDelete
    Replies
    1. නාමල් බේබි දෙන බෙට්ටක් කාලා කරන හුජ්ජක් බීලා අපිත් කුඹුරක් කොටන් ඉන්න හදන්නේ

      Delete
  4. ඒක හරි මල්ලි.
    මුන් හිටියට මෙලෝ වැඩක් නෑ.. පඹයෙක් හදලා කුඹුරක තිබ්බොත් අඩුගානේ කුරුල්ලෝ ටිකවත් එලවලා දායි. මුන් එහෙමවත් වැඩක් නෑ. ලක්ෂය පන්නලා පඩි නම් ගන්නවා ඇති ! නෙද්දකින් !

    අන්තිමේදි කෙල වෙන්නේ අහිංසක ළමයින්ගේ ජීවිත වලට ! පවු !

    ReplyDelete
    Replies
    1. එයාලට මොකෝ කෙල උනත්...:) ඔය කුඹුරක් කොටන් ඉන්නේ නැතෑ..නැද්ද

      Delete
  5. පවු බං අහිංසක ළමයි... උඹ නම් කමක් නෑ කියමුකෝ... ඒත් කී දාහාක් බලාපොරොත්තු ගොඩ ගහගෙන ගෙවල් වල ඉන්නවද...

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ!! මම අහිංසක නැද්ද වල් මාලුවෝ.

      Delete
  6. එළුවන්ට අපහාස කොරන්න එපා බං..

    ReplyDelete
    Replies
    1. එහෙනම් මූට කියන්න හොද නමක් යෝජනා කරන්න :ඩී

      Delete
  7. උගතුන් නැති රටක් පාලනය කරන්න හරිම ලේසියි කියනවානේ!

    ReplyDelete
    Replies
    1. මේ කරගෙන යන්නේ ඒක තමා...

      Delete
  8. මාමා ඉපදිල තියෙන්නෙ (අර එයා හිරේ ගියපු නැකත) එයාගෙ ‘පුකේ‘ නැකතින් බං, ඒකයි මේ සේරටම මුල.

    ReplyDelete
    Replies
    1. පුකේ නැකතින්ද පුකෙන්ද දන්නේ නෑ ඉපදුනේ

      Delete
  9. කටේ රත්තරන් දාන්න ඕනේ අප්පා..
    මට නම් දැන් සෙකන්ඩ් ෂයි ඒක කරන්නත් එපා වෙලා :/ එන එහෙකට යන්න හිතිලා තියෙන්නේ එස් බී මාමිගේ බයිලා නිසා ...

    ReplyDelete
  10. Nidhas adyapanaya Nethooo ........Mokakda me nidahas adyapane ne kiaya kegahanne thopi?
    Thopi 1 wasare indan Anduwe salli walin igana gena,
    5 wasare indan mahapola salli aran,
    ita passe campus gihin ethana pinata igana gena,
    ayeth mahapolo pinata hinga kala iwara wela
    kegahapi nidahas adyapane ne kiyala.
    THopi ethakota mechra kal igana gaththe thope amma ekige ahawal eka wikunala hambukarapu salli walinda ?
    Yako loke hema diyunu ratakama lamai anduwe sali walin igana gattayin passe ewa padiyen anduwa kapa gannawa,
    Thopi witharai nikan igana ganne.
    Samaharun nikan igana gena rata paninawa honda rasawal walata (oya udgoshana karana unama thama thawa kalayak giyama).
    Nikan igana gen tahwa udgoshna koranawa, ane thopita hariyayi da ithin, Yako Nikan ugannane lankawe witharai yako, ehema eke monada thopi kiyanne nidahas adyapanaya nee kiyala. Thopi wage ohoma hithana pathana unta hariyayi da ithin, thopi wage heththak inna ratakata hariyayi da ithin ???

    ReplyDelete
    Replies
    1. අපි නම් ඔය කියන විදිහට නිකන් ඉගෙන ගෙන කැම්පස් වත් ගියා.ඒත් ඔබතුමාට නම් ඒ නිකන් දුන්න චාන්ස් එකෙන් ඉගෙන ගන්න බැරි වෙලා වගේ.5 වසරට යනකම් වත් ඉස්කෝලෙකට ගිහින් තියනවද? මේ comment එක type කරන්න අකුරු ටිකවත් ඉගෙන ගත්තෙ ඔය නිදහස් අද්යාපනේ හින්දා නේද? ඇයි දැන් ආන්ඩුවේ සල්ලි වලින් ඉගෙන ගත්තා කියන්න ලැජ්ජයිද?

      Delete
    2. "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."

      හැරල්ඩ් ජේ. ලැස්කි
      (1893-1950)

      Delete
    3. Den oya Nikan igana gena campus giya pudgayalata kiyana de truma ganna hekiyawak nee wage???. Nikan igana gena saha igana ganimin nidhas adyapanayk lankawe ne kiyana kata wa weradi kiyala thamai man kiyala thiyenne. Mokada ehema igana gattu hemoma ratata naya karayo nisa. "ඇයි දැන් ආන්ඩුවේ සල්ලි වලින් ඉගෙන ගත්තා කියන්න ලැජ්ජයිද? " eka omatuma ahanne magen da netnam boruwata nidahas adayapanaya ne kiyala kegahana ungenda ? magen ahanawanam obatuma capus giya eken palak netha, anduwa nikan harakekta salli wiyadam kara etha.

      Delete
    4. List of countries with free post-secondary education

      This is not a complete list

      Argentina
      Brazil
      Denmark
      Finland
      France
      Germany
      Greece
      Hungary
      Italy
      Malta
      Mauritius
      Morocco
      Norway
      Scotland
      Spain
      Sri Lanka
      Sweden
      Trinidad and Tobago
      Barbados
      Kenya
      Peru

      Delete
  11. Ape unta Nkan hambawenawne ithin unta kisi agayak ne,

    ReplyDelete
    Replies
    1. "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."

      හැරල්ඩ් ජේ. ලැස්කි
      (1893-1950)

      Delete
  12. හ්ම්ම්ම්... කියන්නට වචන නැත්තේ ලියන්නට ඕනේ දෑ අඩු නැතුවම ඇති නිසයි..

    ReplyDelete
    Replies
    1. මේ ලියා තිබෙනවා මදිය,,

      Delete
  13. මේ වගේම කතාන්දර 80 දශකයේ අග බාගයේ තිබුනා. ඒ කාලේ තිබුනේ ලංකාවේ විශ්වවිද්‍යාල දෙවර්ගයයි (Open University සහ Closed University) ආයෙත් එහෙම කාලයක් නොඒවා කියලා කවුරු කවුරුත් ප්‍රාර්තනා කරනවනම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කාලයක් එන්න ලගද මන්දා

      Delete
  14. අර ඇනෝ කාරයාගේ.......ජාතකේ.....&^%^&%&%&!!
    අනේ SB මාමේ මේ ලියුම් කඩදහිය කොහෙන් හරි කියෝපන්!අකුරු බැරි නම් මට අපිට කියපන්!!සිතිජයට එහා දකින අපිට උඹට අකුරු කියල දෙන එක කජ්ජක් නෙවෙයි!

    ReplyDelete
    Replies
    1. සල්ලි දුන්නෝත් ඒකට එහා නෙමේ ඊටත් එහා පෙන්නයි

      Delete
  15. පට්ට පොස්ට් ඒක රත්ගමයෝ ....

    ReplyDelete
  16. අනේ මන්ද....මතක ඇති කාලේ ඉඳලා කැම්පස් කචල්. මතකයේ තියන මුල්ම සිද්ධිය තමා පේරාදෙණියේ 'මණ්ඩපාධිපති' එළවන්ට දාපු වලිය..ඊට පස්සේ වීරසූරිය කේස් එක. හොඳ වෙලාවට පොඩි කාලෙම කැම්පස් යන අදහසක් තිබුනේ නෑ. ඒ උනත් මං හිතනවා අපේ උසස් අධ්‍යාපනේ දවසින් දවසට වල පල්ලට යනවා.. යනවා නෙවෙයි දක්කනවා .මේ හාල්පාරුවෝ ඩබල..

    ReplyDelete
    Replies
    1. දැන් ඕනවට වඩා කචල්..කැම්පස් විතරක් නෙමේ...එක වසරේ ඉදලම කචල්

      Delete
  17. මෙයාලා මරණින් මතු නිවන් දකින්න ඕනා!!
    (නැත්නම් ආයෙ ආත්මෙක ඉපදුනොත් තව පාරක් පාර්ලිමේන්තු ගිහින් තවත් රට කයි. අපේ අධ්‍යාපනේ කයි)

    ReplyDelete
  18. අම්මපා රත්තෝ මුන්ට කියන්න ‍වචන නෑ.. කාලකාණ්නි &*&^..

    ReplyDelete
  19. Replies
    1. මැරුන දවසට අඩන්න එකෙක් නැති වෙයි

      Delete
  20. මොනා කියන්නද තේරන්නේ නැහැ. ඒ තරම්ම කලකිරීමක් තියෙන්නේ....

    ReplyDelete
  21. කියලා වැඩක් නෑ.

    ReplyDelete
  22. මට වචන එන්නෑ කමෙන්ට් කරන්න...

    ReplyDelete
    Replies
    1. ආවට කමෙන්ට් කරන්නත් බෑ..සුදු වෑන් එනෝ

      Delete
  23. කොහෙද මේ එස් බි මාමගේ වැඩ නිසා එකම විභාගෙට රෑන්ක් 4 ක් දුන්නා.විභාගේ ලියල දැන් අවුරුද්දකටත් වැඩියි කැම්පස් යන්න බලන් ඉන්න අපි තාම ගෙදර.

    ReplyDelete
    Replies
    1. කසාදයක් බැදලා ජොබ් එකක් කරා නම් ඉවරයි

      Delete
  24. http://srilankansinkuwait.com/pageopen.asp?id=539

    ReplyDelete
    Replies
    1. ධාතූන් වහන්සේලාගෙම පිහිටයි

      Delete
  25. අනේ මන් දන්නේ නෑ මොනවා වෙනවද කියලා.. මම මේ එක විභාගයක් ලියල දිස්ත්‍රික්ක රෑන්ක් 4ක් අරන් 4 වතාවක් පිච්චි පිච්චි ගෙදරට වෙලා ඉන්නෝ..
    මල කරුමයක් අප්පා.. දැන් හෙට මොනවා වේවිද දන්නේ නෑ.
    අපි ඉතින් දේශ ප්‍රේමි ජනතාවනේ..
    මට නිකන් පිස්සු වගේ අනේ..

    ReplyDelete
    Replies
    1. අපි දෑත් ශක්තිමත් කරමු..

      Delete
  26. නොමිලේ අධ්‍යාපනේ දෙන්නේ නෑ වෙන රටවල.තොපිට කරනවා මදි.කාළකන්නි.කැම්පස් ගියාම හිතන්නේ උඹලා හෙන පොරවල් කියලා.ඒත් තියෙන කුහකකම පේන්නෙ තොපි ප්‍රයිවට් කැම්පස්වලට විරුද්ධව කෑ ගහන එකෙන්.

    ඔන්න ඔහොම මට කට්ටිය බැණලා තියෙනවා.ඒ ඔක්කොටම වගේ උත්තර හම්බ උනා මේ ලිපියෙන්

    ReplyDelete
  27. අං තට්ටු පැළදි මිනිස් හරකුන් උසස් තනතුරු වලට පත්වූ විට ඔවැනි තත්ත්ව ඇතිවේ.රජයේ අධ්‍යාපනය විභාග ගැන ජනතාවට ඇති විශ්වාසය පළුදු වන තුරු ඔවුන් තම දරුවන් මුදලට කෙරෙන පෞද්ගලික අධ්‍යාපනයට යොමු කරන්න උත්සාහ නොගනී.අධ්‍යාපනය විභාග ක්‍රම ගැන විශ්වාසය නැති වීමට නම් එය මහා අවුල් ජාලයක් විය යුතුය.පාලකයන් මේ සිදු කරන්නේ එම අවුල ඇති කරවීමයි.එවිට ඔවුන්ට අධ්‍යාපනය මුදලට විකිනිය හැකිය.
    තව වසර කීපයකින් පමණ විද්‍යා විෂයයන් තුනටම ඒ සාමාර්ථ ගත්තත් ඉංජිනේරු වෛද්‍ය අධ්‍යාපනයට ඇතුල් වීමට ළමයින්ට නොහැකි වේඬි.නමුත් එස් තුනක් දැමූ ධනවත් පවුල් වල කලා,වානිජ සිසුන් පවා පිටරට ගෙස් වෛද්‍ය ඉංජිනේරුවන් බවට පත්වී රට කාබාසීනියා කරයි.මේ සටහන ලියන මාගේ පියාද අද ඔත්පලව සිටින්නේ පිටරට උපාධියක් ලබා රජයේ රෝහළකට පත්වීමක් ලැබ පැමිණි වෛද්‍ය විද්‍යාව හරිහැටි නූගත් තැනැත්තියක් නිසාමය.ග්‍රාමීය රෝහළ් වල එම්.බී.බී.එස්. වෛද්‍යවරුන් සිටින්නේ එක් අයකු බව ගැමියන් වන අප එදා දැන සිටියේ නැත.තාත්තාගේ මුත්‍රා බටය ඇතුල් කරන ගමන් එම තිරිසන් කාන්තාව මගෙන් ඇසූවේ "මේක වෙනදා මීට වඩා ඇතුල් කරනවා නේද?" යනුවෙනි.පිරිමියෙකුට මුත්‍රා බටයක් දැමීමේදී එය ඇතුල් කළ යුතු ප්‍රමාණය ඇය දැන සිටියේ නැත.නිවැරදි මාර්ගයට එල්ල නොවූ එයින් මුත්‍රාශයේ බිත්තිය සිදුරු වී අධික ලෙස රුධිරය පිට විය.එදා අසනීප වූ මගේ තාත්තා අදටත් ඔත්පලය.
    2010 වසරේ වෛද්‍ය සභාව මගින් ඒ වනවිට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී සිටි හයසිය ගානක් පමණ වූ පිටරට පෞද්ගලික වෛද්‍ය උපාධි ලත් වෛද්‍යවරුන් අතරින් 200 යක අහඹු නියැදියක් ගෙන සිදු කළ සමීක්‍ෂණයකින් හෙළිවී ඇත්තේ ඉන් විශාල පිරිසක් ලංකාවේ පිළිගත් උසස් පෙළ විභාගයවත් නිසිලෙස සමත් වී නැති බවත් 26 දෙදෙක් උසස් පෙළට කළා වානිජ විෂයයන් හැදෑරූ අය බවත්ය.
    ආදරණිය සයිබර් සොයුරණි මේ යන්නේ අධ්‍යාපනය මුදල් යට කරවීමේ දීර්ඝ කාලීන සැලැස්මේ අවසන් අදිරයයි.අද දින මුත්‍රාශය සිදුරු වූයේ මගේ පියාගේය. හෙට දිනයේ එය ඔබගේ පියාගේ හෝ සීයාගේ විය හැකිය.
    අවසාන වශයෙන් කිවයුත්තේ පාලකයන්ගේ මෙම උත්සාහය අප හට නැවැත්විය නොහැකි බවයි.රතු විප්ලව කරුවන් ඔබගේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය සුරකින බවට කෑ ගැසුවත් පෞද්ගලික අධ්‍යාපනයේ රස හොදට බලන්නේ රතු පිලේ ඉහළ පුටුවල වැජඹෙන්නන්ගේ දරුවන්ය.කවුරුන් කෙසේ කීවත් මෙතෙක් පැවති නිදහස් අධ්‍යාපන ක්‍රමය මනරම්ය.මහා පොරයෙන් ජයගෙන ඉදිරියට යන්නන් හැබෑ දක්‍ෂයන්ය.ධනයෙන් හා බලයෙන් පිටරට උපාධි ලබා පැමිනෙන වෛද්‍ය ඉංජිනේරුවනාට වඩා ලංකාවේ නිදහස් උසස් අධ්‍යාපනයෙන් බිහිවන එවැන්නන් විශිෂ්ඨය.එස් බි වැන්නන්ටත් මෙහි ඵල විපාක වැටහෙන්නේ වයසට ගොස් ලෙඩක් දුකක් සෑදී බෙහෙතක් ගන්නට ගිය විට මුළු රටේම සිටින්නේ හොර වෙදුන් හා සමාන පිටරට උපාධි වෛද්‍යවරුන් බවත් තමාට බෙහෙත් කිරීමට සිටින්නේත් තමා විසින්ම තත්ත්වය ලබා දුන් එවැනි පුද්ගලයන් බව දුටු විටය.
    ඉහත වෛද්‍ය වරුන් සම්බන්ධව විශේෂයෙන් සදහන් කළේ මුදලට අධ්‍යාපනය විකිනීමේ වැඩසටහණින් ලංකා සමාජයට වැඩිම බලපෑමක් සිදු වන්නේ ඔවුන්ගෙන් වීම නිසාමය.වෙනත් ක්‍ෂෙත්‍ර වලද මෙම තත්ත්වය ඉදිරි අනාගතයේදී ඔබ සැමට දැක ගත හැකිය.

    ReplyDelete
    Replies
    1. මේකට තව එකක් එකතු කරන්න ඕන
      ඇත්තටම කලා වානිජ වලින් පවා එස් තුන ගත්තු අය දොස්තරල කරල එළියට දාන කැම්පස් කඩ දැනටමත් ලංකාවේ හැදිලා ඉවරයි.

      Delete
    2. මොනවා කරන්නද!1 මේක එහෙම එකකට තමා කරන්නේ.දැන් ඉගෙන ගන්න ඉන්න අපිටත් කැම්පස් එපා වෙලා තියෙන්නේ.ඉස්සරහට සල්ලි තියෙන එකා කොහොමටවත් කැම්පස් එන්නේ නෑ සල්ලි දීලා ඉගෙන ගන්නව මිසක්.කවුද කැමති කැම්පස් ඇවිත් නාකි වෙන්න..අනික සල්ලිත් තියාගෙන..බල්ලෝ ටික එකතු වෙලා බුරන්නේ ඒකට තමා

      Delete
    3. salli tiyana eka eekale indan ota karanna one eka pitarata gihin karal lankawata enawa, eka edath una aye amutuwen issara hata wenna deyak ne. wela tiyenne, campus yana unge winyak neti wimatj, campus palanaya karana unge winayak netiwimathya. Pitarata camus lankawe dana eka hariyata karanawanam eka bohoma prayojana ganna puluwan wedak, eka weradiyata kaloth awul godai. hebei ee okotama kalin ape unta nikan ugannana eke watina kama kiyala denna one, ewa ge paripalanaya hariyata karnna puluwan minissu path akanna one. methana pari palane witarak newei weradi. oya degollogema aakalpa tama iweradi .

      Delete
    4. නිකන් දෙනදේ හරියට දෙනව නම් ප්‍රශ්නයක් නෑ නේ....

      Delete
  28. මට නම් කමක් නැහැ.ඒත් අපෙ අම්මගෙ හීන??????????????????????????????????

    අපූරු ලියවිල්ල සහෝ!

    ReplyDelete
    Replies
    1. ඒවට මොනවා වෙයිද???
      ස්තූතියි

      Delete
  29. උගතුන් වැඩි උනාම පස්සට කරදරයි කියල හිතනවා ඇති..

    කෝම උනත් අර අන්තිම ෆොටොවනම් හිතට වැදුනා..

    ReplyDelete
    Replies
    1. මට නම් කමක් නැහැ.ඒත් අපෙ අම්මගෙ හීන?????ඒවට මොනවා වෙයිද..

      Delete
  30. මොක කිව්වත් අන්තිටම උන් දිනුම්ය. අනේ මුන්ට දෙන එවුන් කවුද බං ? එක්කො අපේ උන් කතිර ගහද්දි අත වෙව්ලනවාද ?

    ReplyDelete
    Replies
    1. මගෙ හිතේ ඩබල් වෙලා පේනවා ඇති..ඒකනෙ වැරදි තැනටම කතිරෙ වදින්නෙ..

      Delete
  31. අනේ මන්ද හිනාවෙන්නද අඬන්නද කියලා මේවට...

    ReplyDelete
    Replies
    1. අපිට වෙන දේට අඬලා අපිම ඒක කරගත්තු නිසා හිනාවෙන්න..

      Delete
  32. ආශ්චර්යයට තව චුට්ටම චුට්ටයි :(

    ReplyDelete
    Replies
    1. වැඩිය නෑ... තව අවුරුදු දෙක තුනකින් ලෝකෙ ආශ්චර්යමත්ම දේශයෙ මේ අපි ඉන්නෙ..

      Delete
  33. උඹලට තියෙන ආදරේට කරන වැඩනේ ඕවා අපි මොනා කියන්නද.

    ReplyDelete
  34. ක්ෂිතිජයට ඉහළින් බලාගෙන ඉන්නකොට හරියයි...මාමි කිව්වේ එහෙම කරන්න කියලනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් එතකොට ක්ෂිතිජයට පහලින් වෙන දේවල් ගැන කාටවත් පේන්නෙත් නෑ කතා කරන්නෙත් නෑනෙ..

      Delete
  35. මොනවා කියන්නද මන්දා ඔය දේවල් නිසා කැම්පස් නොගිය මගේ ජිවිතෙත් සමහර දේවල් පස්සට ගිහින්..... කිවත් වගේ උබලට තියන ආදරේට තමා ඔහොම කරනවා ඇත්තේ...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..ආදරේ පිරිලා ඉතිරිලා යනවා..

      Delete
  36. බල්ලට ගිය රට කිව්වලු..රට පාලනය කරන්න මේ වගේ උදවියට දුන්නම මේ දේ සිද්ද වෙයි කියල නිකමටවත් හිතෙනවනම්......වැඩේ කියන්නේ මේ ගැන දැනගෙනත් අපේ උගත් බුද්දිමත් උදවිය මේ මිනිස්සුන්ට ඡන්දෙ දෙනවනේ අෆ්ෆා.අනේ මේ ඇමති දූර වලට හෙන ගහනවානම්.(ඇමති දූර නෙවෙයි ඇමති දූර හොබවන උගත් අති උත්තමයන්ට)

    ReplyDelete
    Replies
    1. ඒක අපි අපිටම හෙන ඉල්ලගන්නවා වගේ වැඩක්..ඒ උත්තමයන්ට කතිරෙ ගහන්නෙත් අපේ බුද්ධිමත් ඡන්ද දායකයොනෙ

      Delete
  37. සුදු බන්ඩේ මාමි ළමයිට ආදරෙයි
    එයාල නිදහසක් නැතුව එක දිගට ඉගෙන ගෙන එයාලට මොනා හරි වෙයි කියල තමා මාස 3ක් නිවාඩු දුන්නේ නැතුව මේ බොලා කියන විගඩම් නිසා නෙමේ

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..ආදරෙයි අහස තරම්..

      Delete
  38. ගොඩ දවසකින් මේ පැත්තට එන්න බැරි උනා. අත ඇරිච්චා තියනවද කියලා බලලා එන්නං.

    ReplyDelete
  39. This comment has been removed by the author.

    ReplyDelete
  40. හපොයි...දෙමව්පියෝ කොච්චර දුක් විඳලද දරුවන්ගේ විභාග පාස් කරවන්නේ?අන්තිමට ළමයි අතරමන් වෙනවා..දෙමව්පියෝ සුසම් හෙලනවා..

    ReplyDelete
    Replies
    1. දෙමව්පියො විතරක්ම නෙමෙයි..දරුවොත් කොච්චර දුක් විඳලද විභාග පාස් වෙන්නෙ..අන්තිමට දෙගොල්ලොම සුසුම් හෙලනවා

      Delete
  41. ඇත්තටම මේ ළඟදී ප්‍රයිවෙට් කැම්පස් එකක ඩිග්‍රරියක් කරන එක්කෙක් මට කියනවා අපෝ ඔයා පාස් වෙලා ගියාට වැඩක් නැනේ නේද.. ගෙදර.. මගේ ඩිග්‍රරිය නම් ලබන අවුරුද්දේ ඉවර වෙනවා කියලා.. හොම්බට අනින්න හිතුනත් වැඩක් නැනේ.. ඒකාගේ හොම්බට නෙවෙයි නේ අනින්න ඕනේ කියලා හිතලා මම වචනයක් වත් නොකියා යන්න ගියා.. සංසාරේ එපා වෙනවා එහෙම කතා අහද්දී.. ඇයි අප්පා අවුරුදු ගාණක් ඉගෙන මහන්සිවෙලා පාඩම් කරලා කැම්පස් ගියාට පස්සේ කතා අහගනිල්ලකෝ එක එකාගෙන්...

    ReplyDelete
    Replies
    1. අපේ ඩිග්‍රි ඉවර වෙද්දි ඒගොල්ලො කසාදත් බැඳලා ළමයිත් ඉඳීද සැකයි..අපි පටන් ගත්තා විතරනෙ..

      Delete
    2. ඇත්ත ඇත්ත... මන් දන්න සමහර ගැනු ලමයි ඉන්නවා දැනටමත් බැඳලා කැම්පස් එන්නේ.. ම්ම්ම්... :/

      Delete
  42. අඩේ විහිළුවකටවත් මෙව්ව මේ කාලකන්නි හැත්තට පෙන්නන්න එකෙක් නැද්ද... පට්ටම ලියුම

    ReplyDelete
    Replies
    1. විහිළුවට හරි පෙන්නුවත් වැඩක් වෙයිද සැකයි

      Delete
  43. බඩ කොර වෙනවා හිනා වෙලාම..
    ඒ එක්කම පොඩි දුකකුත් දැනෙනවා..,
    කිව්වත් වගෙ මුන්ට මේක පෙනුවත් දැනෙන එකක් නෑ බන්..

    ReplyDelete
  44. හරියටම හරි රත්ගමයෝ..මමත් al fail වෙලා මෙහෙ ආව උපදියට... ලංකාවේ 4න කරන එක දෙකහමාරෙන් ඉවර කල..උධ්ගූෂණ එනම් මනම් strick බයිලා . නෙහෙ. ගුරුවරු අරව මෙව්වා ඉල්ලන්නේ නෙහෙ.. මහා සීතලේ එළිවෙනකම් වේද කරලා ලංකාවේදී වත් දවස්ඉස්කෝලේ නොගිය මම මෙහෙදී කල. මොකද අමාරුවෙන් හම්බ කරන දේ යේ ගෙවන්න බේරී නිසා.. ලංකාවේ ඉගෙනගන්ට එවුන්ට සොරීම තමි...ඕක අපේ වෙරෙද්ද බන්.. යේ හෙට චන්දයක් අවත ලස්සනට උදේ පාන්දරම ගිහිල්ල උඋටම චන්දෙ ගහල එනවා.. අපිටම පව් කියල තමි කියන්ට වෙන්නේ බන්..

    ReplyDelete
    Replies
    1. :) ඔය ටික තේරෙන්න සමහරුන්ට තව ගොඩක් කල් යයි..

      Delete
  45. පොඩි පුතා රැසිය‍වෙන් අහසට
    අපේ සරසවියේන් පාරට

    ReplyDelete
    Replies
    1. ආස්චර්යය මහත්වරුනි ආස්චර්යය

      Delete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)