Monday 14 May 2012

ආදරණීය ඔබා මාමා හෙවත් සොදුරු මිනිසාණෙනි,ඔබට නිවන් සුව!!!


උදේ පාන්දරම ලැබුනු දුරකතන ඇමතුමක්,
"මචං රත්තා පොඩි අවුලක්,"
"ඇයි මොකද?"

 එතනින් එහාට ඇහුන දේ විශ්වාස කරන්නේ කොහොමද කියලා බලාගෙන මම විනාඩියක් විතර හිතුවා.
ඒත් දෙවියනේ ඊයේ රෑත් මම ඔබා මාමා ලියපු පෝස්ට් එකක් කියව්ව නේ.
 සමහර දේවල් විශ්වාස කරන්නත් අමාරුයි.බ්ලොග් එකේ අකුරු ලියන්න අරගෙන කාලෙකට පස්සේ එක දවසක් බ්ලොග් එකේ පෝස්ට් එකකට මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබුනා.

"මම මේ බල්ලෝ චූ කරනවා වගේ කමෙන්ට් එකක් දාලා යනවා නෙමේ.මේක කියවලා මගේ බඩත් රිදෙනවා හිනා වෙලා"

ඒ වචන ටික අමතක වුනේ නැත්තේ අවුරුදු 20ක කොල්ලෙක්ගේ කටින් පිට වුන වචන ටිකක් නොවුනු නිසා.
ඒත් ඔබා මාමා වචන වලින් තරුණයි,අපිටත් වඩා තරුණයි.ඔබා මාමා කමෙන්ට් හැටියට දාන සමහර දේවල් අපි දාන පෝස්ට් එකකට වඩා රසවත් උනේ ඒකයි.
ඔබා මාමා ආයේ කිසිම බ්ලොග් එකක කමෙන්ට් එකක් දාන එකක් නෑ.ඒත් ඔබා මාමා ඉතුරු කරලා ගිය මතයන් විතරක් හැම බ්ලොග් පෝස්ට් එකකම එකතුවෙලා තියේවි....

හිතවතා නුඹ,
සුමිතුරා නුඹ,...
කදුලු බිදුවක් නෙතින් ගිලිහෙයි...
නුඹේ සමුගැන්ම හිත දවාලයි
දිවිය කුරිරු වී
නුඹව සොරකම් කලත්
නුඹේ මතකයන්
කෙසේ සොරකම් කරන්නද


 ආදරණීය ඔබා මාමා හෙවත් සොදුරු මිනිසාණෙනි,ඔබට නිවන් සුව!!!

23 comments:

  1. ඔබට නිවන් සුව ආදරණීය ඔබා මාමේ

    ReplyDelete
  2. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  3. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  4. ඇත්තටම මේක හීනයක් වගේ තාමත්
    ඒ සොදුරු මිනිසාගේ සමුගැනීම මට තාමත් අදහගන්න බැහැ......
    ඔබට නිවන් සුව.....!!!!

    ReplyDelete
    Replies
    1. ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....

      Delete
  5. සිංහල බ්ලොග් කියවන්නෙක් වන මම බ්ලොග් වලට ඇබ්බැහි වුනේ ඔබා අයියා නිසයි.ගොඩක් බ්ලොග් වලට පාර සොයා ගත්තේ ඔහුගේ බ්ලොග් එකෙන්.. අපි දාන හැම කමෙන්ට් එකටම ඔහු රිප්ලයි එකක් දැම්මා ඒ රිපලයි වල අපි බලාපොරොත්තු වුවාට වඩා ලෙන්ගතු කමක් හිතවත් කමක් දැනුනා . අපේ හිත්වල ඇතිකරපු ඒ ලෙන්ගතුකම කොතරම්ද කියලා දැනුනේ ඊයේ දවස තුල එම දුක්බර ආරංචිය ගැන ලියවුන පෝස්ට් සහ කමෙන්ට් කියවන සෑම මොහොතක් පාසා දෙනෙත් කදුලින් බොද වෙන කොටයි. කිසිදා නුදුටු වචනයක් කතා නොකරපු කෙනෙක් අපේ හිත්වලට මෙතරම් තදින් බැදුනේ කොහොමද..
    සිංහල බ්ලොග් අවකා්ශයේ සොදුරු මිනිසාට.. අව්‍යාජ නොහදුනන හිතවතාට නිවන් සුව!

    ReplyDelete
  6. ඔබා මාමාට නිවන් සුව ලැබේවා....!!!!

    ReplyDelete
  7. ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා......

    ReplyDelete
  8. විස්වාස කරන්නත් අමාරු උනා :'(
    ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා!!

    ReplyDelete
  9. ඔබා මාමා හෙවත් සොදුරු මිනිසාණෙනි, ඔබට සුව නිවන්!

    ReplyDelete
  10. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  11. ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා !!

    ReplyDelete
  12. මම තවමත් බ්ලොග් ලෝකයට ආගන්තුකයි..ඒත් ඒ ලෝකයට පිය නගපු පලවෙනි දවසෙ ඉඳන් මගේ මුළු හදවතින්ම මම ඒකට බැඳුනා..මම ඔබා මාමා කියන චරිතය පුද්ගලිකව හඳුනන්නෙ නෑ..ඒත් සහෘද බ්ලොග්කරුවන්ගේ ආදර ගෞරවයට මෙතරම් බඳුන් වෙන්නනම් ඔබ අනිවාර්යයෙන්ම බ්ලොග් අවකාශයේ මහා වළාවක්ව රජයන්න ඇතී..යළි වඩින්න අප අතරටම...බ්ලොග් ලෝකයේ අනාගතයට ඔබ නැති අඩුව තදින්ම දැනෙනු ඇත.....

    ReplyDelete
  13. හුඟක් අයගෙ ඔබා මාමා, ටික දෙනෙකුට ඔබා අයියා, කිහිප දෙනෙකුට නිකම්ම ඔබා වුන ඔබ සිංහල බ්ලොග් අවකාශයේ තරුණ, වැඩිහිටි සියළු දෙනාගෙම ආදරණීයයෙක්, සමීපතමයෙක් වුණේ ඉතාමත් කෙටි කාලයකින්. එතරම් කෙටි කාලයකින් හැමෝගෙම ආදරය, ගෞරවය දිනාගත් කිසිවෙක් මේ සයිබර් අවකාශයතුළ කිසිදාක පහළ නොවූවා සේම කිසි දිනෙක පහළ නොවේවි. එයයි ඔබ තුළ තිබූ සුවිශේෂත්වය. ඔබවැනි සහෘදයෙක්, ලෙන්ගතු වැඩිහිටියෙක් මේ තරම් හදිසියෙන් එක් වරම නික්ම යාම අපි කොහොම ද දරාගන්නෙ, විශ්වාස කරන්නෙ. වෙනදාට නිදහසක් ලද සැනින් බ්ලොග් අවකාශයට එන්නෙ කොයිතරම් නම් සතුටකින් ද? ඒත් අද දරා ගන්න බැරි පාළුවකින් සිත වෙළිල ගිහින්. මේ හැමදෙයක්ම නැවත Undo කරන්න පුළුවන්නම්, ඒත් සැබෑ ජීවිතේට මොන Undo ද? ඔබ අපට නොකියම අපෙන් සමුඅරන්. ඒත් ඔබට සමුදීමට නොහැකිව අද අපි හැමෝම ලත වෙනව. නොකියාම නික්ම ගිය සහෘදයාණනි! ඔබට සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  14. උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව...!!!!

    ReplyDelete
  15. ඔබා මාමේ ...ඔබට නිවන් සුව...

    ReplyDelete
  16. ඔබා අයියාට නිවන් සුව ලැබේවා...ඔබා අයියා ගැන ලියවුනු ලිපි වලින් දැනෙන්න ලියවුනු ලිපි තුනෙන් එකක් රත්ගමයගේ මේ ලිපිය.

    ReplyDelete
  17. සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......
    රාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
    අලුත් දවසක් උදාවේවි.....
    එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................

    ReplyDelete
  18. සුභ ගමන් ඔබා මාමේ!

    ReplyDelete
  19. ඔබා මාමේ...
    සුබ ගමන්!

    ReplyDelete
  20. ආදරණීය ඔබා මාමේ..
    ඔබේ ලොවට අපි එනතුරු, ඔබට ආයුබෝවන්..!

    ReplyDelete
  21. ඔබා මාමේ ඔහෙ කට්ටියවත් හිනස්සව හිනස්සව ඉන්ඩ. අපිත් එනවා හැකි ඉකමනට.

    ReplyDelete
  22. මම එන්න කලින් ඔහු ගිහින්...

    ඔබා මාමාට නිවන් සුව !

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)