Tuesday 5 April 2011

රත්ගමයා ගැන එක එකාට මෙහෙම හිතුනලු.....


සිහින උලෙල හමාර උනා නේ..එක එක්කෙනා අදුර ගත්තා..කට්ටිය පුදුම උනා.. 'අම්මට සිරි..අඩෝ මේ උඹද" කියලා නොකියපු එකෙක් නැති තරම්.
ඉතින් මම මේ දැන් කියන්න යන්නේ රත්ගමයා බක් මහා උලෙලට ආවම එක එකාට මගේ ගැන ඇති උන හැගීම්.. ( අරින් එව්වා නොව..සාමාන්‍ය එව්වය ) ගැන පොඩි විස්තරයක්..මේව හිතුනේ කාටද කියලා මම දාන්නේ නෑ...බලන අයම හිතා ගත්ත නම් හොදා ඕන්


1. නොදකින් ගල් පොට්ට්යා..කුප්පයි කුජීතයි කිව්වට මුගේ ඇති කුප්ප කමක් නෑ...තාම කිරි සප්පයා වගේ පොඩි එකා නේ


2. මැදෑ...මම කෝල් කොරන කොට මූ ඇවිල්ලා නේ...ඒ මදිවට අර තුන් පා දුවන තැන ඉදලා අතත් උස්සනවා..මම සංජු ටීචර් එක්ක වාඩි වෙලා ඉදපු එක මූ දැක්කා...දැන් ඕකටත් මොකක් හරි එකක් කියාවිද දන්නේ නෑ..


3. අපෝ...මූ ද මේ රත්ගමයා..නොදකින් විතරක්...මට වඩා පොඩ්ඩක් මිටියි නේ..මගේ ලෝකේ කිව්වට,ගාල්ලේ කිව්වට මේ පොට්ටයා මාව අදුර ගත්තෙත් නෑ...ගල් බෝතලයක් එහෙම තිබ්බ නම් මම අනිවා වැනෙනවා..එහෙනම් මාව අදුර ගනීවි...පහු ගිය ටිකේ බ්‍රෑන්ඩ් අරක්කු ලිව්වට අපි ගහන්නෙත් ගල් තමා..එදත් බෑ බෑ කිව්වට පොඩ්ඩක් අරන් ඉදියේ...


4. අලේ අප්පා...අක්ෂරේ එකට ලිව්වට,ෆේස් බුක් එකේ චැටක් දැම්මට අද නේ කොල්ලව දන්නේ...ඇස් වහක් කටවහක් නෑ සීදේවි කොලු පැටියා..රෝස වලාකුලක්ම පායන්න ඕන කොල්ලගේ මූනට


5. ආපු ගමන් වතුර ගහන්න කියලා කට්ටිය ෆෝර්ම් කොලේ හොද වෙලාවට..මූට රිටන් එක දෙන්න බැරුව නේ ඉදියේ..නිතරම සත්‍යයේ සටහන කිය කිය යනවා...හැබැයි මූට වැඩිය මම අම්බානෙක කොටයි නේ.පොඩ්ඩක් ගත්ත නිසාද දන්නෑ මූව මට පේන්නේම ලස්සනට නේ..ඒ මදිවට මූත් එක්ක ඉන්න අර කෙලි පොඩ්ඩ..හිටපියකෝ තොපිට මම හොද පදයක් හදන්න...මාර හෝරාවක්ම තමා


6. අපෝ...විලි ලැජ්ජාවේ බෑ..කොල්ලගේ උසට මායි පාසලේයි ෆුල් හොල්මන්..ලගට අඩ ගහලා දෙන්න එක්ක අතට අත දුන්නට ලගට යන්න බෑ..කොට බව පේනවා..මේ ජීවිතේම කලකිරෙනවා අප්පා කොට නිසා..


7. මැරිච්ච එකා ඇවිල්ලා..මරපු එකා ආවේ නෑ නේ..එනකල් ඉදියේ අල්ල ගන්න..ටිකක් හිනා වෙයන් කෝ මලේ...හිනා වෙනකොට උඹ හැඩයි අනේ


8. යන්තම් ටිකට් දෙකක් කඩා ගත්තා..බස් ඩ්‍රයිවර් උනාට කොන්දොස්තර වැඩෙත් කොරන්න ඕන නේ...

9. කෙහෙල් කොට්ටක් තිබ්බට මොකද මේ යකා අවුරුදු කුමාරයා උනා නම් අපේ මූනවත් බලන එකක් නෑ..දැක්ක නෑ පලවෙනි වටෙන් කැපිලත් යන උඩ


10. මයේ මල්ලියා හරි හැඩයි නේ...සුදු හංස පැට්ටෙක් වගේ


11. බල්ලෝ චූ කරා වගේ මුගේ බ්ලොග් එකේ ලියලා ගියාට මේකා මහ මිනිහෙක් නෙමේ නේ..පොඩි ඇම්බැට්ටයෙක් නේ..


14. ආපු වෙලේ ඉදලා පනුවා වගේ එහා මෙහා දිව්වට මොකද මූ අවුරුදු කුමාරාට ඉදිරි පත් වෙලා කියල දැක්කේ දැන් නේ...මට වඩා නම් මූ මාර හැන්ඩි කොල්ලෙක්



13. අපෝ...මුගේ රත්ගම ගතියක් ගෑවිලාවත් නෑ...හිටපිය තොගේ බ්ලොග් එක ජරා කොරන්න - ඇනොනිමසෙක්


15 .අපි එක එක චැනල් වල මේකප් දාගෙන ඉදියට මේ කොලු පැන්චා මාර හැඩයි නේ..මූව මේ තරගෙන් දිනෙව්වොත් මට අනිත් දවසේ මේ කොල්ලා එක්ක වැඩසටහනක් කොරන්න දෙන්නත් බැරි නෑ..අම්මෝ..මගේ හිත මට ශුවර් නෑ..ඒක නිසා මූව කපලා දාලා අර පිටි ගෝනියක් වගේ පැනි බූලියව කුමාරයා කොරන්න ඕන

මොහොමඩ් අස්සේ ඉදිය නම් ඌ මෙහෙම හිතාවි
වැඩි වෙලා මෙතන ඉන්න හොද නෑ..රත්ගම එකෙක් නිසා මුගේ ගාව අවි ආයුධ තියෙන්න පුලුවන්...

අපි ගෙදර යන අතරේ ගෙදර යන ගමන් මෙහෙම සීන් එකකුත් එකෙකුට හිතෙන්න ඇති
මේ ඇන්ටියගේ දූ පොඩ්ඩක් කොලඹ කැම්පස් එකේ..ඒක නිසා මේ බස් එකේම කොළඹ ගියොත් ගොඩ..අම්බලන්ගොඩින් බැහැලා කොලඹ යනවා ආයේ...ගෙම්බා ගෙනාවේ පිටි පස්සේ ඉදපු මම කියලා මුන් හිතන එකක් නෑ..

එක එකාව කට්ටිය අදුරනවද බලන්න කෝ....

32 comments:

  1. ඇයි අර නංගී දීපු අලි පැටියා ?

    ඒ අතිං බලාපං මේ හාවා වගේ යාලුවෝ ආස්සරේ කරපං.. බලපං.. මං උබට වචනයක් කියලා නැ :-D

    ReplyDelete
  2. ලොල්ය... අහෝ කේදයකි... ඉරකි තිතකි. මේ එවුව ඔනි නෑ. 7 වෙනි එක කිවුවෙ කවුද කියල කියහන්කො..

    ReplyDelete
  3. වෙලාවට මන් හිතපු විදිය මේකේ නෑ.... ඒක දැම්මනම් උඹට ආයෙ රෙද්දක් ඇදගෙන බ්ලොග් ලියන්න ලැබෙන්නෙ නෑ..ඒ ත‍රම් කුජීතයි මට උඹ ගැන හිතුනු විදිය :D

    ReplyDelete
  4. කුප්ප මාර්ක් එක ගානට කොටල....අර පැත්තෙන් ගනිපු පොටෝ එක පාර...හැන්ඩ් නේ....

    ReplyDelete
  5. නොදොකින් ගස් බල්ල නිකම් වත් කිව්වෙ නෑ යනව කියලා. කිව්වනම් මේ සුපර් මාරියොත් එනවනෙ ස්ලිට් කුරුල්ලත් එක්කම... තොට හෙන හැත්ත පහම ගහපන්.....

    ReplyDelete
  6. මොනව උනත් ඔය මැද්දෙන් දාපු පොටෝ එකනම් මැක්සා..... තියන කැත ඔක්කොම මැකිල.... ලස්සන කොල්ලෙක් ඉන්නව කියන එක නම් අකැමැත්තෙන් උනත් කියන්න වෙනවා....

    ReplyDelete
  7. උඹ හිතේ ඇති නේද අපි ලව්වා පෝර දාගෙන ගොඩ යන්න..එව්වා ‍කොහෙද මේ අයියා එක්ක..ඉශ් නගා උඹට සැට් කොරලා මම එහෙමනං කතා හදන්නේ නැහැ.ඒ කෙලී මට කිව්වා..
    "මාරයියේ එහෙම දෙයක් නැහැ..අනේ වැරදිලාවත් ඔහොම විහිළු කරන්න එපා..අන්තිමට ඔය කුප්පයා හෙන ඇනයක් වෙයි මට" කියලා..ඉතිං ආයේ කවර කතාද..අර වාඩි වෙලා ඉන්න ගමන් උඹ ඒ කෙලීගේ ඇගට පාත් වෙනවාත් මං බලාගෙන..කෙලී ඇඹරි ඇඹරි අහකට යනවත් මම බලාගෙන..ඕනනං බනියාගේ කැමරාවෙන් අහපන්..ඌ පොටෝ එක ගන්නවා දැකලා තමයි මම උඹලා දිහා බැළුවේ..එත් උඹ ඒක දැක්කේ නැහැනේ..

    @බනියා...
    උඹ තාම ඒ පොටෝව දම්මේ නැත්තේ..යාළු ෆිට් එකටද..?නැත්තං නියම වෙලාවට පහර දෙන්න තියා ගත්තද..?

    ReplyDelete
  8. එක: නොහදුනයි

    දෙක: නොහදුනයි

    තුන: රංග අයියා නෙමේ

    හතර: රෝස වලාකුල නෙමේ

    පහ: මාරයා අයියා නෙමේ

    හය: කොජී අක්කා නෙමේ

    හත: සුළැඟිල්ල නෙමේ

    අට : නොහදුනයි

    නමය: කෙහෙල් කොටුවේ චූටි මහත්තයා නෙමේ

    දහය: නොහදුනයි

    එකොලහ: නොහදුනයි

    ආ යකෝ එකොලහට පස්සෙ දාහතර එන්නේ මොන රටේද?

    දහතුන: ඇනෝ නිසා නොහදුනයි

    දාහතර: නර්මදා ඇන්ටි නෙමේයි

    අන්තීමට ඉන්නේ :) කියන්න ලැජ්ජයි වගේ අප්පා....

    ReplyDelete
  9. Ane iruwo mama kiyanne mama nondi una widiha..me post eka balana un mangena mona nohitaida?tiyena degalillata kanuwakata adagena wetune kauda danne.bus cndctr gen tickt gannetuwa nondi une kauda danne...mama tawa kiyanne itn..ahu wenawako mata.
    (pissuma pissu kollek kiyala hitagena idiyata eka ehemama tama kiyala denagatta.pissuma pissu kollek)

    ReplyDelete
  10. ඇත්තද රත්ගමයෝ මේ මාරය අයිය කියන දේවල්? ඉකේයියා...

    ReplyDelete
  11. කොහොම උනත් ඉරුවා කියන්නේ මට නම් එළ කොල්ලෙක්,,ලෝකයා කුමක් කීවත්,,,

    ReplyDelete
  12. Bunny
    අනේ ඔව්...උඹව තමා ආස්සර කොරන්න ඕනා...මගේ රුපියල් 1000ක් ඉවරයි බොලාට බිත්තර රොටි පාටි දීලා
    ------------------------------------------------------------------------------------------------
    සුළඟිල්ල | pinkie
    ඇයි බන් අර මාඅ මරපු එකට උඹව මරන්න ඉන්නේ...අන්න එයා...
    ------------------------------------------------------------------------------------------------
    කුරුං ගුරුං
    පැත්තෙන් ගහපු ඒව්වට නෙමේ..හැම එකටම මම ලස්සනයි නේ
    -----------------------------------------------------------------------------------------------
    අනුරාධ
    නෑ නෑ...මේකේ නෑ පනුවෙක් ගැන..කවුරුවත් ඒක දැකලා නෑ...කවුද දන්නේ නෑ මාව තරගෙන් කපන්න කුමන්ත්‍රනය කොරේ..
    -----------------------------------------------------------------------------------------------

    ReplyDelete
  13. සුපර් මාරියෝ
    ඇයි යකෝ...පොඩ්ඩක් විපරම් කොරලා බලන්න එපැයි ඉතින්..
    මම කොහොමත් හැඩයි නේ බොල
    ------------------------------------------------------------------------------------------------
    MaRLaN
    සුලැගිල්ලා නෙමේ අදාල අංකේ,අන්න කියහන් බලන්න අන්තිම කවුද කියලා
    ------------------------------------------------------------------------------------------------
    මාරයාගේ හෝරාව
    මේව්වා තනිකරම මඩය..මම ආපු වෙලාවෙත් වතුර පාරක් දෙන්න කුමන්ත්‍රනය කොරේ මාව තරගෙන් පරද්දන්න..දැන් මේ අපේ යාලු ෆිට් එක ගැන එක එක නොසන්ඩාල කතා කියනවා..කොහොම හරි මගේ කට වැහුවම මාරයියට ලේසි නේ..මම කට වහන්නේ නෑ...
    බනියෝ..අන්න දාපන් අපි නොමනා ලෙස හැසිරින මෙව්ව එකක් තියේ නම්...අපි ඉතා සංවර ලෙස හැසිර්නේ මාරයියේ..
    ----------------------------------------------------------------------------------------------
    Anonymous ඉශ්
    ඔය මඩ...අතින් දාපුවා..අපෝ හෙන පච
    -----------------------------------------------------------------------------------------------
    Kasun
    දැක්ක නේ බන්...චරිත වලට නේ කතා හැදෙන්නේ.... ඔන්න බලන්න ඉතින්
    ----------------------------------------------------------------------------------------------
    ItalyDilan
    අන්න ඒක නේ කියන්නේ.... (එන පොට හොද නැත )

    ReplyDelete
  14. මම නම් ඔය කාගෙද ෆොටෝ කෑල්ලකින් කලින් දැකලා තිබ්බ හින්දා මුකුත් හිතුනේ නෑ :D

    ඇයි බන් අර කවුද අක්කා කෙනෙක් ( නම මතක නෑ :( )
    උබව හිතන් ඉදලා තියෙන්නේ ඔය දාලා තියෙන ෆෝටෝ එකේ විදිහට කියලා කිව්වේ :p

    ReplyDelete
  15. මම හිතන් හිටියේ කින්නරාවියේ ඉන්න චරිත ටිකට විතරයි හිත් කියවන්න පුලුවන් කියලා. බලාගෙන යනකොට අපේ රත්ගම ළමයටත් පුලුවන්නේ... ඇත්තටම ඔයාලා හැමෝමව දකින්න ලැබීම සතුටක්. ඒක නෙමෙයි මේ දාලා තියෙන ෆොටෝ එකනම් මාරම ගති.

    ReplyDelete
  16. මම ආවා උබ කෝ මාව ගනං ගත්තෙවත් නෑ නේ ! උඹ අර පැත්තකට වෙලා බනිස් කමින් හිටියා උඩ බලාගෙන . උඹගේ ෆොටෝ එකනම් මාරම ගති . ඈ උඹ කෙලත් එක්කද බොල ආවේ කෝ බලන්ඩ මම හොයාගන්නම් . මම හොයාගන්නම් .. උඹලට ජය වේවා එහෙමනං

    ReplyDelete
  17. අපරාදේ ලංකාවෙ හිටියනම් මමත් එනවා.. කට්ටියට මෙහෙම හිතන එක පුදුමයක් නෙමෙයි.. ඒක සාදාරණයි...

    ReplyDelete
  18. ඊලග සැරේ අහුවෙයන්කෝ අයියේ...මඩ හැලි පිටින් දෙන්නම්කෝ,,ඔහෝම හරියන්නේ නැ...අපිට බොරු කිවා නේ අර අරයා ගැන... :)

    ReplyDelete
  19. ඇ බන් මල්ලි අර මාරයා අයියා මොකද්ද බන් කියන කතාව..යකෝ උබ චා වෙලා නේ...මටනම් පේන්නේ උබ චීත්ත රෙද්දක් පස්සේ වෑටිලා වෑඩේ නොන්ඩි වෙලා වගේ...

    ReplyDelete
  20. මූ එදා කුජීත උන එක පෝස්ට් එකකින් වහ ගන්න හදනවා. ඉකේයියා.

    ReplyDelete
  21. ඔය කටනම් එදා තිබ්බේ නෑ :))

    ReplyDelete
  22. අඩේ ඉරුවා ගොඩ ගිහින් කියලා කියන්නේ .... ඒක ඇත්ත වෙන්න ඇති නෙද මලේ ???
    කුප්පයාගෙන් පාටි කෑල්ලක්වත් ඉල්ලගන්න ඕනේ ගොඩ ගිය සංතෝශෙට.
    ඇයි බොලව් මේ රත්ගමයටම එක එක දේවල් කියන්නේ. උගේ කුප්ප කම හින්දද ???

    ReplyDelete
  23. අන්තීමයා තමයි ඇනෝනිමස් විදිහට කමෙන්ටුවක් දාල තියෙන්නේ

    ReplyDelete
  24. අඩෝ කුප්පයා..
    රු 1000 අම්මපා තොට හෙන ගහන්ටොන,, මං ගාව තිබ්බ 1000 කොලෙන් බොලාලට ක්නන අරන් දුන්නෙ.. තෝ රු 100 දාලා මෙතන මගේ 1000 ගැන කතා කරන්න එනවා.. තෝ නම් හෙන කුජීතයි යකෝ :D

    ආ උබ ඔය පොටෝ එකේ සල්ලි දුන්නෙත් නැ මට ?
    බලපං ඒකට ආපු ප්‍රතිචාර :D

    ReplyDelete
  25. එන්න බැරි උනා, ඔය පින්තුරෙ ඉන්නෙ උබ ම ද????

    ජය..

    ReplyDelete
  26. මාරේ අයිය කියන්නෙ ඇත්තද ඉරුවෝ

    ReplyDelete
  27. ඔන්න රත්ගමස්... මූණු පොතේ අනං මනං ෆොටෝ දැම්මත් බ්ලොග් එකේ තමා ගතිම ෆොටෝ එක දාලා තියෙන්නේ... සිහින කුමාරයා වෙන්ඩ හිතපු එක පුදුමයක් නෑ..

    අනික් අයට ඔයා ගැන ඔහොම හිතුන එක කිසිම පුදුමයක් නෑ..:F:F

    ReplyDelete
  28. දන්න ටික ලියන්නන් :)

    2. කතන්දර අයියා
    3. රංග අයියා
    5. මාරෙ අයියා
    6. කොට ජීවිතේ අක්කා
    9. චූටි මහත්තයා

    :) :) :)

    ReplyDelete
  29. පහුගිය දවස් ටිකේම ඇවිත් බැලුවා.බ්ලොග් එකට ඇතුල් වෙන්න බැහැ.ඔය ආයිත් ඇවිත් ඉන්නේ.

    ReplyDelete
  30. බැලුවාම රත්ගමයත් මාර ඩයල් එකක්............

    ReplyDelete
  31. මම මෙහම ප්‍රකාශයක් කළේ නැහැ....
    අලේ අප්පා...අක්ෂරේ එකට ලිව්වට,ෆේස් බුක් එකේ චැටක් දැම්මට අද නේ කොල්ලව දන්නේ...ඇස් වහක් කටවහක් නෑ සීදේවි කොලු පැටියා..රෝස වලාකුලක්ම පායන්න ඕන කොල්ලගේ මූනට

    ReplyDelete
  32. ඈ බොල උඹේ මාර ගණිතමය හැකියාවක්නේ බං තියෙන්නේ... බලපං පොඩ්ඩක් 11,13,14,15... කෝ බොල 12වැනි එකාගේ කියපුවා... කොයි ඉක්කෝලෙටද ගියේ... අඩෝ උඹ මට ඕනෙ එකක් කියපං හිච්චං කාලේ ඉඳන් දන්න චීචට මුකුත් කියන්න එපා. උඹ ආයේ කළුතර පාස් කරලා කොලඹ එන්න නෙවේ....

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)