Thursday 31 March 2011

ලෝක කුසලානය දිනන්න නම්.................


අපි ඔක්කොමලා බලන් ඉන්නේ අප්‍රේල් මාසේ 2 වෙනිදා තියෙන අවසාන මහා තරගය දිහා නේ...සමහරු බලන් ඉන්නේ නම් අප්‍රේල් 3 වෙනිදා තියෙන සිහින බක් මහා උලෙල එනකල්..කොහොම හරි මම හිතුවා අපේ ක්‍රිකට් කණ්ඩායම මේ අවසාන මහා තරගයෙන් දිනන්න නම් මොන වගේ දේවල්ද කරන්න ඕන කියලා පොඩි පෝස්ට් එකක් දාන්න.....
ඉන්දියානු කන්ඩායම අවසාන මහා තරගයට ආපු එක පකිස්තානය ආවට වඩා හොද උනත් ඔවුන්ගේ රටේ ඔවුන්ගේ පිට්ටනියක ඔවුන්ගේ නරඹන්නන් ඉදිරියේ ක්‍රීඩා කරන එකේ වාසිය ඉන්දියානු කන්ඩායමට තියෙනවා..ඒත් ඒකම ඔවුන්ට මානසික පීඩනයක් ගේන හේතුවක් වෙන්නත් පුලුවන්..
ඔවුන්ගේ පිතිකරු ලැයිස්තුව ගත්තොත් මුල්පෙල පිතිකරුවන් ලකුනු අතර ඉන්නවා..නමුත් මැදපෙල එකපාරටම කඩා වැටෙන තත්වයක් තමයි තිබුනේ..රයිනා මැදපෙල ක්‍රීඩා කරන්න ගත්ත එකෙන් මැදපෙලත් ශක්තිමත් වෙලා තියෙනවා..
ශේවාග් සහ සචින්ගේ විකට් දෙක අපි ඉක්මනට ලබා ගන්න ඕන..ශේවාග් ඉක්මනට යන තරමට ඉන්දියාව ලබා ගන්න ලකුනු ගාන ඉක්මනට අඩු වෙනවා..මම දැකපු දෙයක් තමයි ශේවග් බවුන්සර් පන්දු වලට නිදැල්ලේ යන්න ඉඩ හරින එක..ඒක තේරුම් අරගෙන විකට් එක කෙලින් ඒ කියන්නේ විකට් ටු විකට් පන්දු යැව්වොත් ශේවග් ඉක්මනට දවා ගන්න පුලුවන්..ටෙන්ඩුල්කාර් ක්‍රීඩා කරපු විදිහට නම් ඔහුව දවා ගන්න ඉතාමත් හොද පන්දුවක් වැටෙන්න ඕනා..
ඊලගට අපි සලකා බලන්න ඕන ක්‍රීඩකයා තමා යුවරාජ් සිං.තරගාවලියේ වීරයා වෙන්න ඉඩකඩ තියෙන ක්‍රීඩකයෙක් තමා ඔහු..ඉන්දියාව මේ ලෝක් කුසලානයේ ගොඩක් දුරට යැපුනේ ඔහුගේ පිත්තෙන් රැස්කර ගනිපු ලකුනු වලින්..ඒක නිසා ඔහුවත් ක්‍රීඩාගාරයට ඉක්මනට යවන්න ඕන..රයිනා කියන්නෙත් ශුවර් කරන්න බැරි ක්‍රීඩකයෙක්...ඉන්දීය නායකයා දෝණි නම් මේ තරගාවලිය ලකුනු පැත්තෙන් හොද එකක් නෙමේ..ඒත් කොයි වෙලේ ක්‍රියාත්මක වේවිද දන්නේ නෑ..
      ඉන්දිය කන්ඩායම මුලින් පන්දුවට පහර දෙනව නම් ලකුනු 250ට අඩුවෙන් නියත වශයෙන්ම දවා ගන්න ඕනා..අපේ බැටින්ග් ලයින් අප් එක ගත්තොත් මුල් පිති කරුවන් තුන් දෙනා ගැන ලොකු බලාපොරොත්තුවක් තමා තියෙන්නේ...ඩිල්ශාන් සහ තරංගගේ හොද ආරම්භය ගොඩක් මේ තරගයට ඕන වෙනවා..සංගා ගැන ඉතින් කියන්න දෙයක් නෑ නේ..ඔහු දන්නවා ක්‍රීඩා කරන්න..හැම කෙනාටම වඩා..මහේලත් ඉදලා හිටලා වැදීමේ න්‍යායට නැතුව නිසැකවම වැදිමේ න්‍යාය පාවිච්චි කරොත් ගොඩම තමා..අපේ මැද පෙල ගැනත් කතා නොකරම නෑ..චාමර සිල්වා සහ තිලාන් සමරවීර
ලකුනු අතර නෑ..මම දැකපු දෙයක් තමයි චාමර සිල්වට පන්දුව ස්ථාන ගත කරන්න බැරි වීම..බෝල දහයක් ගැහුවොත් ඒ දහයම යන්නේ ෆීල්ඩ් එක අතට..හතරේ එකක් ගැහුවොත් ඊලග බෝල 10ම ලෑලි..චාමර කපුගෙදර අවසාන තරගෙදිවත් උත්සහ කරන එකක් නෑ කියලයි මම හිතන්නේ..කපුගෙදර එක තරගයකදි අසර්තක උනාම ඉතුරු තරග හැම එකටම දැම්මේ සිල්ව..ඒත් සිල්වා අසාර්තක වෙන කොට දිනන කන්ඩායම කියලා වෙනස් කරන්නේ නෑ..මේ වගේම දෙයක් ගිය පාර ලෝක කුසලානයේදිත් උනා..ඒක ක්‍රීඩකයට කරන ලොකු අසාධාරනයක්..ඊලගට මැතිව්ස් ගැන කතා කරමු..මැතිව්ස් කියන්නේ අපි හොයා ගත්තු හොදම ක්‍රීඩකයෙක්..මැතිව්ස් ඔය ගහන තැනට වඩා උඩට දාන්න පුලුඒන් නම් මීට වඩා ලොකු සේවයක් ගන්න පුලුවන්..ඒත් එහෙම දාන්න බැරි ඊට උඩින් දෙන්න අසර්ථක නිසා...
මම හිතනවා මැතිව්ස් සහ මුරලිගේ අබාධ තත්වයන් සෙනසුරාදා වෙනකොට හොද වේවි කියලා.
මුරලි වෙනුවට යවපු රන්දීව් මුරලිගෙන් වෙන්න පුලුවන් සේවය 75% ක් වත් කරාවි කියලා හිතන්න පුලුවන්..ඒත් මැතිව්ස් වෙනුවට වාස් නම් කොහෙත්ම ගැලපෙන්නේ නෑ..මැතිව්ස් කියන්නේ අපේ මැද පෙලේ කොදුනාරටිය.වාස් එතනට පොඩ්ඩක් වත් ආදේශ කරන්න බෑ..සමරවීර සහ සිල්වා රිද්මයේ නැතුව ඉන්න කොට වාස් එතනට කොහෙත්ම හරියන්නේ නෑ..ඒත් මම හිතන්නේ මුරලි සහ මැතිව්ස් අනිවාර්‍ය‍යෙන් අවසාන තරගයට ක්‍රීඩා කරාවි කියලා...එහෙම උනොත් ගොඩාක් හොදයි..
පන්දු යැවීම ගත්තොත් ශ්‍රීලංකාව ඉන්දියාවට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ..මාලිංග,මුරලි ඇරුනම මෙන්ඩිස් ක්‍රීඩා කරාවි අනිත් පන්දු යවන්න රංගන සහ කුලසේකර කියන දෙන්නගෙන් කෙනෙක් තමා ඇතුලට එන්නේ..මගේ මතය නම් කුලසේකර.. දග පන්දු වලට පහර දෙන ඉන්දියානු ක්‍රීඩකයන්ට කුලසේකර උත්තරයක් වේවි කියලා හිතනවා...
ඉන්දියාවේ කට්ටිය ගත්තොත් හර්බුජාන් ගෙන් පරිස්සම් වෙන එක හොදයි..පරිස්සම් වෙනවා කියන්නේ නරක බෝලේට අත දිග ඇරලා ගහන්න ඕනා.එතකොට තමා හර්බුජාන් වැටෙන්නේ...නේරා කියන්නෙත් ඉතා හොද පන්දු යවන්නෙක්...එහෙම නැති නම් තින්කින්ග් බෝලර් කෙනෙක්..නේරා පන්දු යවන්නේ තරගයට ඕන විදිහට..ඒ පන්දු වලිනුත් බේරෙන්න ඕනා...යුවරාජ් හොදට පන්දු යවලා තියෙනවා.
කොහොම උනත් එදා දවසේ හොදට සෙල්ලම් කරන කන්ඩායම සහ වාසනාවන්ත කන්ඩායම දිනාවි..ඉන්දියාවට වඩා අවසාන මහා තරග වල අපිට වාසනව තියෙනවා..
මුරලි සහ මැතිව්ස් වෙනුවට වාස් සහ රන්දීව් ගෙන්නුවේ කුප්ප කමකටද කියලත් හිතෙනවා..ඉන්දියන්කාරයෝ චූන් කරන්න කරපු කුජීත වැඩක් වෙන්නත් පුලුවන්.
 මැතිව්ස් සහ මුරලි 100%ක් සුව වෙන්න කියලා අන්තිමට ප්‍රාර්ථනා කරනවා....

35 comments:

  1. මැතිව්ස්ටයි මුරලිටයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.....

    උඹේ පෝස්ට් එකට මම මුකුත් කියන්නේ නෑ :))

    ReplyDelete
  2. ela ela .. එහෙම උනොත් හොදා..

    ReplyDelete
  3. අපේ මුල් පෙල ගැනනම් බයක් නැහැ.. බෝලින් සයිඩ් එකත් හොදයි... මල්ලි කිවුවා වගේ මැද පෙල තමයි අවුල.. මම හිතන විදිහට මේ තරගාවලියෙම මැද පෙලට හරියට සෙල්ලම් කරන්න අවස්ථාවක් නොලැබීම එකට හේතුවක් වෙන්න පුළුවන්.. එත් හැමදාම මුල් 3දෙනා ගහනකම් බලන් ඉදලා බෑ..
    අපේ ටීම් එක කප් එක උස්සයි කියන එක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව..

    ReplyDelete
  4. රත්ගම ඉන්න මිනිස්සු ගැන අපි දන්නවනේ. ඉතින් මේ මෝඩ වචන ටික ගැනත් පුදුමයක් නෑ...

    අනේ ගොනෝ... මෙන්ඩිස් කීයටවත් ඉන්දියා මැච්වල ගහන්නෙ නෑ.. ඉන්දියාවෙ අය තමයි මෙන්ඩිස් ට වැඩියෙන් ම නෙළන්නෙ. උන් ට මෙන්ඩිස් ව කියවන එක ලේසි වැඩක්..

    ලෝක කුසලානෙ ආව ම සෝබනේ ට ක්‍රිකට් උණ හදාගත්ත ට පහුගිය කාලෙ එක මැච් එකක් බලල නෑ වගේ...

    හප්පා වාස් ගැන මරු විචාරයක් නෙ? අඩුගානේ බලපන් වාස් පහුගිය සීසන් වල එංගලන්තෙ කවුන්ටි ගහපු හැටි. ලංකාවෙ පළමුපෙළ ගහපු හැටි...

    රංගන වෙනුවට කුලසේකර? අනේ ගොනෝ? පොඩ්ඩක්වත් seam, swing වෙන්නෙ නැති විකට් එකක ඉන්ස්වින්ග් විතරක් දාන්න පුලුවන් කුලසේකර? ඒකත් බලල තමයි වාස් ව යවන්නෙත්

    අනේ උඹ යි මම යි දන්න ක්‍රිකට් සොබනේ... සෝබනේ ට ෆෝම් වෙන්නෙ උඹලා... හා හා හා...

    ReplyDelete
  5. මැතුවුස් නම් ආවොත් හොඳයි බෝලර් කෙනෙක් ගෙනුයි බැට්මන් කෙනෙක්ගෙනුයි දෙන්න පුලුවන් උපරිමේ මිනිහා අපට දීලා තියනවා . හැබැයි වාස් කියන්නේත් අහක දාන්න පුලුවන් කොල්ලෙක් නෙවේ කියලා මතක් කරන්න කැමතියි . මිනිහා ටීම් එකෙන් අයිං වෙයි කියලා හිතන්නවත් බැරි තත්වයක තමා උනේ . ඒත් පොර එකපාරටම වැටුනා . අමතක කරන්නත් එපා වාස් තරමක් හොඳ බැට්මන් කෙනෙක් ..

    මම හිතනවා අපේ මුරලියි ඇන්ජියි දෙන්නට ගේමට එන්න බැරි උනොත් රන්දීවු සහ වාස් අපි බලා පොරොත්තු වෙන තරමට තරඟේ ගොඩ දායි කියලා.

    ReplyDelete
  6. මොනා හරි කරලා කප් එක ඉස්සුවොත් ඒ ඇති බං...

    ReplyDelete
  7. Anonymous
    හෙහෙ..ඔයා නමින් දැම්ම නම් ඉවරයි නේ අනේ...
    මෙන්ඩිස් ඉන්දියාවට ගහනවද නැද්ද කියලා ගැහුවම බලමු....
    සෝබනේට මැච් බලන්නේ වෙන උන් වෙන්න ඇති..අපි නම් හැමදාම බලනවා..
    ඔය ඉතින් මුම්බායි පිච් එක ගැන දන්න තරම තමා..
    ඔබ තුමා කලමනාකාරතුම වෙන්ඩෑ

    ReplyDelete
  8. මුම්බායි පිච් එක ගැන දැනගන්න උඹ ද කියුරේටර්? ආයෙත් ලස්සනට උම්බෑ කියනවා.

    ReplyDelete
  9. අනේ මන්දා මලයෝ. මැතිව්ස්, මුරලි එදාට සෙල්ලම් කරන්න කියන එක විතරයි මගේ ප්‍රාර්ථනාව.

    ReplyDelete
  10. රොබින්
    ඒක එහෙම වේවි කියලයි මම නම් හිතන්නේ

    ReplyDelete
  11. පූසා
    හෙහෙ....කියන්න යන්න එපා....
    --------------------------------------------------------------------------------------------------
    ඉලංදාරියා
    කප් එක ආයේම ගේමු තමා අයියේ..
    ------------------------------------------------------------------------------------------------
    Dinesh
    අපි ඔක්කෝම හිතන් ඉන්නේ එහෙම තමා.ජය වේවා!!
    ----------------------------------------------------------------------------------------------
    හිස් අහස
    වාස් හොදයි තමා අයියේ..ඒත් මැතිව්ස්ට ආදේශයක් වෙන්නේ නෑ...වාස්ට කැපිල්ල ආවා..මෙතන කුලසේකර වෙනුවට වාස් දාන්න පුලුවන්..මම කිව්වේ මැතිස් කියන කෙනාට තාම ලංකාවේ ආදේශයක් නෑ කියන එකයි...
    කවුරු සෙල්ලම් කරත් හොදට ක්‍රාඅ කප් එක උස්සනව නම් එල.
    -----------------------------------------------------------------------------------------------
    prasanna86k
    අනිවා...එච්චරයි ඕනා....
    ----------------------------------------------------------------------------------------------

    ReplyDelete
  12. වාස් කියන්නෙ බෝලෙ අළුත් පිට ස්වින්ග් කරන්න පුලුවන් එක ක්‍රීඩකයෙක්. ටෙන්ඩුල්කාර් සහ ෂෙවාග් ෆෝම් වෙන්ඩ නොදී වාස්ට තියාගන්න පුළුවන්. මාලින්ග ගත්තත් ඕවර් 20ක් විතර ගියාම තමයි ලස්සනට රිවර්ස් ස්වින්ග් එක එන්නෙ.. වාස් නිව් බෝල් ඇටෑක් එකට උපරිමයි.

    ReplyDelete
  13. රත්ගමයා නෙමෙයිද මේක ලිව්වේ .... ????

    ReplyDelete
  14. උඹ මේ වගේ ගොන් ආතල් පෝස්ට් දාන්න කලින් තව මැච් 2,3ක්වත් බලලා ඉන්න තිබුනා..
    තොගෙ ගමේ එකෙක් හැටියට අපිට ලැජ්ජයි නම දාන්නත් මේවට..
    තු... නොදෝකින් අවලමා..

    ReplyDelete
  15. --------------------------------------------------------------------------------------------------
    දොලේ
    අනිවා වාස් කියන්නේ එල ක්‍රීඩකයෙක්..මම කියන්නේ වාස් මැතිව්ස්ට ආදේශ කරන්න බෑ කියලා..මැදපෙල යන්තම් හරි හිටලා තිබ්බේ මැතිව්ස් නිසා..නැති නම් ඉවරටම ඉවරයි
    ------------------------------------------------------------------------------------------
    වැප්
    මේක ලියපු එකෙක් නෑ නේ හොය ගන්න...ඉකේ..
    ------------------------------------------------------------------------------------------------
    Anonymous
    ගමේ උන් නම් නම දාන්න බය වෙන්නේ නෑ..ඔබතුමා දිගටම එන්න මගේ බ්ලොග් එක බලන්න...ජය වෙවා!!

    ReplyDelete
  16. හ්ම්ම්ම්, මට නම් ඔය මැච් පිස්සුව පිස්සුවක් විදිහට නෑ :D , බලන්න හම්බුනොත් බලනවා

    මොනවා උනත් අවසාන එකට මුරලි එයි කියලා හිතන්න පුලුවන්

    ReplyDelete
  17. ක්‍රිකට් ගැන විස්තරයක් දෙන්න තරම් දෙයක් නම් දන්නේ නෑ...
    ඒත් ඔය ඇනෝ ගැන නම් කිවුවෑකි දෙයක්.. මිනිස්සු හැමෝගෙම අදහස් එක වගෙ නෙමේ.. කෙනෙක්ට හොද දේ තව කෙනෙක්ට නරක් වෙන්න පුලුවන් ඒත් ඒ දේ කියන්න ඕන ඔහොම කොන්දක් නෑති එකෙක් වගෙ ඇනෝ කමෙන්ට් දාල නෙමේ.. කොන්දක් තියනවනම් දැන් වත් නම කියහන්...
    දැන් උබ තමයි මෙතන බොරු ශෝ එක දාන්නේ...

    ReplyDelete
  18. මම නම් බලන් ඉන්නෙ පළවෙනිද වෙනකන්...

    ReplyDelete
  19. අනේ මමත් ප්‍රාර්ථනා කරන්නේ මැතිව්ස්ටයි මුරලිටයි ඉක්මනට හොඳ වෙන්න කියලා.මැතිව්ස් අපේ ටීම් එකට ඇති වෙන පීඩනය නැති කරන විදිහ.. ඇත්තටම මම හිතන්නේ වෙන ආදේශකයෙකුට කරන්න බැරි වෙයි කියලා.. මැතිව්ස් හා මුරලි ... ඉක්මනටම සනීප වෙන්න..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  20. පොඩි රිස්ක් එකක් අරං තිසර පෙරේරයි කපූයි දැම්මොත් තිලානුයි සිල්වයි වෙනුවට හොදයි වගේ.. මුකුත්ම නැතුවට වඩා මොකක්හරි තියෙන එක වටිනවනෙ...

    ReplyDelete
  21. මැතිව්ස් තුවාල වුන එක නම් අපිට හරි පාඩුවක්.
    @සුළඟිල්ල - ඇයි පලමුවෙනිදට තවත් නරක විහිළුවක් කරන්නද?

    ReplyDelete
  22. මාත් ලිව්වෙ ඔය ගැනම තමා.....:D මෙන්ඩිස් ගෙන් මුලින්ම කැමට පස්සෙ ඉන්දියාව මෙන්ඩිස්ට ගහනව , නේරා වෙනුවට අශ්වින් ක්‍රිඩා කරයි බොහෝවිට .රන්දිව්ට මුරලිවවත් මැතිව්ට වාස්ව වත් ගැලපෙන්නෙ නැ , ඒත් වෙන විකල්පෙකුත් නැ , වාස් ගන්නව නම් කුලසේකර කොහොමටත් වැඩක් වෙන්නේ නැ . මම තාම කල්පනා කරන්නෙ චාමර සිල්ව ජයසූරියට වඩා හොඳයි කියල තිරණය කරපු පොල් බුරුවා කව්ද කියල ???

    ReplyDelete
  23. මචන් ඔය ටික මෙහෙම කියන්න තිබ්බ."ඔක්කොම හොදට කලොත් අපි දිනනවා" කියල....වාස් ට ටෙන්ඩුල්කාර් අවුට් වෙන හැටියි වාස් අන්තිම මැච් කරපු හැටියි මෙන්ඩියට ඉන්දියාව ගහන හැටියි ඔබට කාගෙන් හරි අහන්න තිබ්බා ලියන්න කලින් චා නොවි.

    ReplyDelete
  24. අපේ කොල්ලො හරිම වසය්.....
    යකඩ කියා පපඩන් කය්.....

    ReplyDelete
  25. අනේ මචො අපි ආයෙත් බලාපොරොත්තු අත් දෙකෙ ගොඩ ගහගෙන ඉන්නෙ..පර්සි අයීය අපිට කැළලක් කියල ඕනි නම් මේ දවස් වල අබේසුන්දර ලව්ව කියවල එතනට රත්ගම යවන්න පුලුවන්..හැබැයි උඹ කුප්ප කම් කරන්න ගියොත් ලංකාවටම ගෙදර එන්න වෙන හින්ද ටිකක් සැකයි..
    ඒත් මේ කතා ටික සංගට කියන්න උඹව පර්සි ගෙ ප්ලෙස් එකට දාල ඒ හරහා ටීම් එකට කිට්ටු කරවන්න අපිට පුලුවන්..
    මොකො කියන්නෙ උඹෙ වචෙනෙ විතරයි පැන්ඩට ඕනි

    ReplyDelete
  26. අපිට කරන්න තියෙන්නේ ලංකා කණ්ඩායමට අපේ සුබ පැතුම් එක් කරන එක. ඒ නිසා ශ්‍රි ලංකා කණ්ඩායමට අපේ උනුසුම් සුබ පැතුම් !!!!

    සිංහල බ්ලොග් අවකාශයට කෘමි උවදුරක් ඇති වෙලා වගේ. නමක් ගමක් නැති දෙපැත්තට ම නැති උන් ටිකක් කමෙන්ට් කරන්න පටන් අරන් වගේ. කෘමිනාෂක ටිකක්වත් ගහලා මෙවුන් ටික එලවලා දාන්න ඕනේ.

    ReplyDelete
  27. කප් එක ආයෙම ගේමු අපි..........

    ලoකාවේ අපේ ජාතික පැතුම......

    ReplyDelete
  28. දැන අහපු දෙයක් හැටියට මැච් එකේ වාසියක් ලංකාවට අත් වෙන්න යන්නේ ඒත් අප්‍රියෙල් එක නිසා ඒක මම මෙතන කියන්න යන්නේ නෑ ස්ථිර නැති නිසා..
    මොනවා වුනත් දින්නකම් වෙනදා වගේ බලන් ඉන්නේ..

    ReplyDelete
  29. දිලේ අපේ රට ආයේ ආයේ.. අනේ කොහොම හරි දිනුවොත් හොඳා. නැත්තන් ඊළඟ දවසට මුන් ටික දුකට බීල වැටිල ඉඳලා තමා අහුලගන්න වෙන්නෙ තැන් තැන් වලින්. අවුරුදු උත්සවේට කට්ටිය නැති වෙයි.

    ReplyDelete
  30. අනේ කොහොම හරි දින්නොත් ඒ ඇති ...................! :-)

    උන්ගෙ රටේ නිසා ටිකක් උන්ට වාසි වගේ තමයි .. ඒත් අපේ කොල්ලො දිනවී ............

    ජය අපටයි ... !!

    ReplyDelete
  31. අන්න බොලං කොහොම හරි කොරල මේකව ක්‍රිකට් බෝඩ් එකට තල්ලුකරල දාමු ඔක්කොම එකතුවෙලා. ආයෙ ඉතිං හැමදාම මැච් දිනනව. ඒක ෂුවර්. [මොකෝ රත්ගමයො කියන්නෙ යෝජනාව හො‍ඳෙයි ?]

    ලංකාවට ජය වේවා....

    ReplyDelete
  32. @නවම්
    හොඳට තියෙයි. මං නම් ආයෙ මැච් බලන්නේ නෑ. :P

    ReplyDelete
  33. @ නවම්,
    කරන මඟුලක් මේ මැච් එකෙන් පස්සෙ. මොකද ලංකාව අන්තිමට දිනන මැච් එකවත් හරියකට බලා ගන්න එපැයි.

    ReplyDelete
  34. Ado shewag & sachin ikmanat out unane, eth mch 1 dinuweyi?

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)