Saturday 12 March 2011

මොනවද ගෑනියේ බලන්නේ..............



ටික දවසක ඉදලා ඉල්ලීම් එනවා..කුප්පයෝ ලියන්නේ නැද්ද යකෝ කියලා..
ඒ අස්සේ එකෙක් අපේ ගෙදරට කෝල් කොරලා රත්ගමයා ඉන්නවද කියලත් අහලා...ගන්නම දෙයක් නැති සතියක්..අම්මා අහනවා රත්ගමයා කියන්නේ කවුද කියලා..චූටි එකා  කියාපි ලොකු අයියා කියලා...ඒපාර අහනවා ඒ මොකද එහෙම කියන්නේ කියලා...මමත් ඉතින් කුප්ප හිනාවක් දාලා ශේප් උනා..මේකේ ලියන එව්ව දැක්ක නම් දැන්ම ගෙදරින් දොට්ට දානවා..
මෙච්චර දවස් නිෂ්ශබ්දව ඉදියේ වාර්ථා කොරන්න තරම් කුජීත සිදුවීමක් උනේ නැති නිසා...ඔන්න දෙවියනේ කියලා අද එකක් උනා..ඊයෙත් එකක් උනා.ඊයේ සිදුවීමට ඕන කරන දත්ත තාම විශ්ලේශනය කොරලා ඉවර නෑ..ඒක නිසා අද උන එක ඉස්සෙල්ලා දානවා...ඔන්න කතාව
අද ඌව වෙල්ලස්සේ ඇපිටුඩ් ටෙස්ට් එකේ අන්තිම දවස ..තියෙන්නේ ගාල්ලේ අප්‍රසිද්ද පාසලක.උදේම නැගිටලා වෙනදට හෝදන්නේ නැති මූන සෝදන් ලෑස්ති උනා..
රත්ගම හන්දියට වෙලා ඉදියේ බස් එකක් එනකල්..ඔන්න එනවා කතරගම කොලඹ බස් රාජයෙක්...අම්මෝ....විනාඩි 15න් ගාලු යන්න පුලුවන්...
         බස් එක නැවැත්තුවා මම ඉන්නවා දැකලා (නවත්තන්නේ නැතුව ගිය්ත් ඊලග දවසේ ඉදලා ඒ බස් එක රත්ගම ගහන්දියෙන් යන්නේ නෑ )
බස් එකට නැගල හිස් වෙලා තිබුනු ආසනයක වාඩි උනා..මගේ පැත්තේ ශිට් එකේ ඉන්නවා කපල් එකක්..මම හිතන්නේ ගොඩක් අඩු වයසේ දෙන්නෙක්..වයස 20 ක් 22ක් විතර ඇති...ඒ දෙන්නගේ ඔඩොක්කුවේ වයස අවුරුදු 2ක විතර පොඩි එකෙක්..
කොල්ලගේ අතේ බැලුම් බෝලයක් තියෙනවා...ටික දුරක් යනකොට බැලුම් බෝලේ පොඩී එකාගේ අතින් අත ඇරුනා...ඒක පාවේලා ගිහින් ජනේලෙකින් එලියට වැටුනා....ඔන්න දැන් මෑන්ගේ මූන බෙරි වෙලා..අම්මා දිහා බලනවා තාත්තා දිහා බලනවා...
කොලුවා- තාත්තේ බැලුමක් ඕනේ මට
තාත්තා -බැස්සම එකක් අරන් දෙන්නම්
කොලු - මට ඒක ඕනේ.....ඒකම ඕනෑ
ඔන්න අඩනවා..කන් අඩි පැලෙන සද්දෙට අඩනවා....කෑ ගහනවා...තාත්තා අහක බලාගෙන...ගානක් වත් නෑ පොරට නම්
අම්මා ඇඹරෙනවා...කරගන්නම දෙයක් නැති තැන අම්මා කරේ කොල්ලගේ කට තද කරා අතින්...
කෑ ගැහිල්ල දෙගුන කොරපු පොඩි එකා සුන්දර වදනින් අම්මව අමතනවා මෙන්න මෙහෙම..
''කට අත ඇරපන් යකෝ....මට හුස්ම ගන්න බෑ....මගේ බැලුම් බෝලේ හොයලා දියන්.....""
ඒ අස්සේ ඉස්සර ශීට් එකේ චූටි නංගා කෙනෙක් ඉන්නවා..වයස අවුරුද්දක් විතර ඇති..එයා මේ පොඩි එකා දිහා බල බල හිනා වෙනවා..මූට හෙන ලැජ්ජයි...
"මොනවද ගෑනියේ බලන්නේ...තොට හිනාද.තොගේ බෝලයක් නෙමේ නේ යකෝ..හැරියන් ඉස්සරහට..මගේ බොලේ හොයලා දියන් අම්මේ.....''
බස් එක බහිනකල්ම මුගේ කෑ ගැහිල්ල අඩු උනේ නෑ...අම්මට කර ගන්න දෙයක් නෑ..තාත්තා ඌට නෙමේ වගේ ඉන්නවා....අනේ මෙහෙමත් පොඩි උන් කියලා හිතුනා
                           මේකයි කියන්න ඕනෑ උනේ මට...අඩු වයසෙන් බැන්දම වගකීම් දරන්න ගොඩක් අපහසුයි... මේ ජෝඩුව දිහා බැලුවම ඒ බව හොදටම තේරුම් ගත්තා...


ඔන්න තොපි බදිනව නම් මාරයා  වගේ කල වයස එනකල් ඉදලා බැදපියව්...මෑන් ඔය ඉන්නේ ඔන්න ඔය හේතුව නිසා තමයි...කොහොමද කුප්ප කම,..


                              මේ කතාවත් බලමු  

63 comments:

  1. හොදයි අපේ කුප්ස් මේ පාර හොද සංවාදයකට මග පාදලා "කියලා කියනවා"

    ReplyDelete
  2. රත්ගම පැටියෙක් ඌ.. මට පොඩි සැකයක් ආවා. ඒ පොඩි එකාගේ තාත්තා ගැන.. :)) :))

    ReplyDelete
  3. ලොල්ය. මැදැ ඉදල ඉදල කුප්පය කිවුව කතාව. උගුඩුව කිවොත් ඔහොම 1ක්

    ReplyDelete
  4. මේ ගැන හොයල බලන්න අපි කමි‍ටුවක් පත් කරානම් හරි

    ReplyDelete
  5. රත්ගම පැත්තේ පොඩි උන්නේ.

    ReplyDelete
  6. මට මතක්වුනේ අර හොර කණ්ඩායම එක්ක හැදිච්ච ගිරා පැටියාගේ කතාව. තුනේ පන්තියේ බුද්ධාගම පොතේ තිබුනේ!

    ReplyDelete
  7. මේ ගැන වහාම සොයා බැලිය යුතු දෙයක් කොහොමද අර පොඩි කුප්ප කොල්ලෙක් හම්බුනේ මේ රත්ගමයට කියලා...අපිත් ඔන්න රත්ගමයගේ උපදෙස අකුරටම පිලිපදිනවා...

    ReplyDelete
  8. කිව්වත් වගේ රත්ගම පැටියෙක්වත් ද දන්නේ නෑ. මෙතන කසාද බදින එකේ වැරද්දක් නෑ. තියෙන්නේ ලමයට කතා කරන්න උගන්වපු එකේ වැරද්දක්.
    පොඩි කාලේදීම ඕක හදා ගත්තේ නැත්නම් මාරම අවුලක් වෙන්නේ ඕකා ලොකු උනාම.

    ReplyDelete
  9. වයසින් අඩු එක කොහොම උනත් ඒ ළමයා හැදෙන පරිසරය නම් හොද නැතුව ඇති මම හිතන විදිහට... පොඩි අය ගොඩක් වෙලාවට කතා කරන්නෙ එයාලට ඇහෙන දේවල් නේ...

    ReplyDelete
  10. ඕක ගැන තව ටිකක් ඉස්ස‍රහට ලියන්න ඕනි,....උඹ ලියනවද මම ලියන්නද ? එක්කො උඹ ම ලියපන් ...නැත්තං පැන්ඩි අහයි දැන් ද බඳින්න පහු කරන්න හිතුනෙ කියල..ඉකේයියා...

    ReplyDelete
  11. කතාව නම් නියමයි.
    සමහර අම්මලා තාත්තලා ළමයි ඔහොම හැසිරුනාම හිනාවෙලා ඒ ළමයට අනුබල දෙනවා
    රත්ගමය අවසානෙටම තේරුම් ගත් කාරණාව නම් එළය..

    *අඩු වයසෙන් බැන්දම වගකීම් දරන්න ගොඩක් අපහසුයි*

    ReplyDelete
  12. ගෙදර පරිසරේ අනුව තමා ලමයින්ගේ හැසිරීමත්.. එහෙම එකේ අම්මලා තාත්තලා උනාම වගකීමෙන් වචන පාවිච්චි කරන්න ඕන..

    ReplyDelete
  13. කතන්දර සූරීන්ට ගිරව් මතක් වුනාට මතනම් මතක් වුනේ උඹත් පොඩිකාලේ ඔය වගේම් ඉන්න ඇති කියලා =))

    ReplyDelete
  14. MaRLaN
    උඹත අඩු වයසෙන් බදින්න නේද කොල්ලො ඉදියේ..මාරේ අයිය වගේ පරිනත වෙනකල් ඉදලා බැදපන්

    චතුවා (ළමයා)
    උඹ නම් වෙන්න බෑ තාත්තා...මූ රත්ගම නෙමේ බන්..මම බස් එකට නගිනකොටත් උන් ඉදියා බස් එකේ

    සුළඟිල්ල | pinkie
    මොහොමඩ්,,,,,මෙන්න කොල්ලා ඉන්නවා....

    MaRLaN
    තොට බදින්න තියෙන තදියම බලපන් කෝ....

    JHOTHISHALANKA
    අපොයි...මේ රත්ගම එකෙක් නෙමේ..උන් නැගලා ඉදියේ බස් එකේ.....

    Kathandara
    පොඩි එකාගේ ගෙදර පරිසරයත් එහෙම වෙන්න ඇති...එහෙම නැති නම් අවට පරිසරය එහෙම වෙන්න ඇති..කපල් එක රංඩු කරන බවක් නම් පෙනුනේ නෑ

    මධුරංග
    එවක නම් ඇත්ත...මම හිතුවා අරම කිව්වම හොදටම නෙලාවි කියලා කොල්ලට..ඒත් අතක් තිබ්බේ නෑ....

    ItalyDilan
    උපදෙස පිලිපදින්න කලින් කසාද බැදලා හිටු..මම ඉක්මන් වෙන්න එපා කිව්වේ කොල්ලොන්ට...සීයලට නෙමේ..හික්

    පැන්da
    පැන්ඩ අයියම ලියන්න...දැන් ඉතින් වයසයි නේ..අපි තාම නාබර කොල්ලො.....අත්දැකීම් නෑ

    පබලු
    ඔන්න පබලු අක්ක එහෙම බදිනව නෙමේ දැන්ම හොදේ....:))

    ReplyDelete
  15. ලොල් පොලොල්ය ! රත්ගමයා හෙම නොවේ නේද ඒ උතුම් පියා.. දිව දොට්ට..

    ReplyDelete
  16. පූසා
    ඔන්න කිව්ව නාකි පූසා කතාවක්..අපි ලැජ්ජා බයට හැදුනු කොල්ලො...

    හසී
    මම හිතන්නේ ගෙදර පරිසරේ එහෙම වෙන්න ඇති...ඒ කොල්ලට අතක් උස්සලා පාරක් දුන්න නම් හරි..නැති නම් ඕකා මොකෙක් වෙයිද දන්නේ නෑ ඉස්සරහට

    ReplyDelete
  17. අහ් තව දෙයක් කියන්න අමතක වුනා
    "අඩු වයසෙන් බැන්දම වගකීම් දරන්න ගොඩක් අපහසුයි"
    මම එකඟ නැත. 20-22 ක් කියන්නේ වගකීම් දරන්න පුළුවන් වයසක්. මට නම් හිතෙන්නේ එතන තියෙන්නේ ඒ දෙමව්පියන් දරුවාට කියාදෙන දේවල් (හොඳ නරක, වැඩිහිටි කෙනෙක් එක්ක කතා කරන හැටි) ගැන ප්‍රශ්නයක්.

    ReplyDelete
  18. මේ කතාව කියෙව්වහම මට පොඩි කතාවක් මතක් උනා. මේක උනේ පාසල්ගේ හොඳම යාලුවෙක්ගේ තාත්තා කෙනෙක්ට. ඔන්න එක දවසක් ඒ තාත්තා ඉන්න ඩිස්පෙන්සරි එකට ආවලු හෙන පොශ් කපල් එකක් අවුරුදු හයක විතර කොලු පැටියෙක් එක්ක. කට්ටිය ඉතින් කතා කරන්නෙම කඩ්ඩෙන්. ඇවිත් තියෙන්නේ පොඩි එකාගේ කකුලේ තුවාලෙකට බෙහෙත් දාන්න. ඉතින් දැන් තුවාලෙට බෙහෙත් දාන ගමන් දොස්තර සැරින් සැරේ අහනවලු "රිදෙනවද පුතා" කියලා. කොල්ලා ටික වෙලාවක් සද්ද නැතුව හිටියලු. ටිකක් වෙලා ගිහින් එක පාරටම අර පොඩි එකා කිව්වලු "රිදෙනවා හු*** @%&*$#@$#%" කියලා. අනේ ඉතින් අර අම්මගෙයි තාත්තගෙයි මූණු රතු වෙලා දාඩියත් දාලා. :D

    ReplyDelete
  19. දොලේ
    මට තව කල් තියෙනව බොල....මම තාම චූටි කොල්ලා

    පූසා
    පූසා බැදලා තියෙන්නේ අවුරුදු 20 දි ලු......

    ReplyDelete
  20. කොට ජීවිතේ
    අපොයි....බෙල්ල වැල දාගන්න ඇති...චික්..ඒක නිකන් ඇම්ඩන්ගේ කතාවක් වගේ නේ......මාර පොඩි එකා....අපේ පැත්තෙත් ඉන්නවා ඔය වගේ පොඩි එකෙක් අක්කේ...ඌට රුපියලක් දීලා කුනුහර්පයක් කියපන් කිව්වම කියනවා...හික්....

    ReplyDelete
  21. රත්ගමයා: බදින්න හදිස්සියක් නැත තව අවුරුදු 8ක් වත් ඉන්නවා

    හසී: එහෙම්ම කියන බෑ මොකද ගෙදර එහෙම වචන කතා නොවුනත් අහල පහල එහෙම පරිසරයක් තියනවානම් ළමය ඒවා පුරුදු වෙනවා නේ...? ඔව් දෙමවුපියනේ තමයි එතන වැ‍රැද්ද ගොඩක්ම තියෙන්නේ මොකද තමන්ගෙ ලමයව හදා ගන්න දෙමවුපියො දැනගන්න ඕනා

    ReplyDelete
  22. ඔව් ඒක ඇත්ත වටපිටාවේ පරිසරය ගැනත් දෙමව්පියෝ සැලකිලිමත් වෙන්න ඕන

    ReplyDelete
  23. අඩු වයසෙන් බැදලා ලස්සනට පවුල් ජීවිත ගෙනියන ලමයි ඉන්න පවුලුත් දැකලා තියෙනවා ඒ වගේම ඔය විදියට ලමයි හදා ගන්න බැරි වුණ පවුලුත් දැකලා තියෙනවා ඕකට මම හිතන්නේ වෙන වෙන හේතු තියෙනවා කියලා සමහර විට දෙමව්පියන් ලමයා ගව නිතරම නැතුව ඇති එහෙම නැත්නම් ලමයා හැදෙන්නේ ආච්චී සීයා එක්ක වෙන්න ඇති.මොකෝ මම දැක්ක හුගක් සීන් වල සිද්ධිය ඕකයි

    ReplyDelete
  24. ඉතින් බන් වයස ගිහින් බැඳලත් දරුවව හදාගන්න බැරි උන් ඉන්නවනෙ.වයස කොච්චර උනත් හරි වැරැද්ද තේරෙන් නැති එකා ලමයි හැදුවොත් විනාසයි.

    ReplyDelete
  25. ළමයින්ට ඔනේ විදියටනේ සමහර දෙමව්පියෝ ඉන්නේ. ඒකයි ඔහොම වෙන්නේ

    ReplyDelete
  26. මටනම් පේන්නෙ මේ උඹට වෙච්ච අකරතැබ්බයක් වගේ

    ReplyDelete
  27. යකෝ මම දැන්නේ දැක්කේ...
    මලේ උඹ රෑට කාලාද ඉන්නේ..?

    ReplyDelete
  28. ජාතිය එකයි වගේ... :)) lol
    අඩෝ ඔන්න උබනන් අඩුවයසින් බදිනව නෙමෙයි 8-}

    ReplyDelete
  29. යකෝ ඔහොම විලිසංගයක් නැතුව උබ ගැනම කියනවද ;)
    අනිවා උඹ වෙන්ටැ අර සුට්ටන් එකාගෙ තාත්තා :D ඔහොම එව්වා පොඩි එවුන්ට පුරුදු කොරන්ට එෆා බං :D

    " සිරාවට මේ පොඩි එවුන් හැදෙන විදියට අපිට තව මොනවා මොනවා අහන්න වෙයිද දන්නේ නැ. මේකට එකෙක් වැරදී කියලා ඇඟිල්ල දික් කරන්නත් බැ. "

    ReplyDelete
  30. අප්පේ පොඩි එවුං අපේ මාමගේ පුතා එක දවසක් මාමට කීවලු "සඳරුවට මන්න පාරක් දෙන්න ඕන කියලා" අපේ අම්ම ඇහුවා මොනාද මල්ලි මේ ළමයට උගන්වන්නේ කියලා . මාම කියපි "අක්කේ ඒක නන්දා මාලනීගේ සින්දුවක්" කියලා !

    අඩු වයසින් බැඳට කමක් නෑ ළමයා බය කරගෙන කුනු හරප කියනකොට කට ලෙලදෙන්න දෙකක් දුන්නනම් ආයේ ඩයිජිං බිවුවා වගේ ඉඳියි . රත්ගමයා මල්ලී බැඳද ?

    මචං උඹ ළමයි කීයක් වගේ හදන්න හිතගෙන ඉන්නවයි ?

    ReplyDelete
  31. වයසේ වැරද්දක් නැහැ අයියේ.. විසි ගානක් කියන්නේ පොඩි වයසක් නෙමේ.. ලමයා ව හදාගන්න දැන ගන්න ඔනේ දෙමාපියන්... දෙමාපියොත් බඩ ගාන වයසේ නෙමේනේ ඉන්නේ... ලමයා අරහෙම කියද්දි තාත්තා අහක බලන් ඉන්නවා කියන්නේ නම් පුදුම තාත්තෙක් නේ..මගෙ ලමෙක් නම් කට ට එකක් ගහනවා රිදෙන්න... ආයේ අමතක නොවෙන්න...ආයේ නොවෙන්නම....

    ReplyDelete
  32. @රත්ගමයා නෑ බං.. මම නෙවේ තාත්තා.. මට සැක ඒකාගේ තාත්තා උඹවත්ද කියලා.. ආය ඌ රත්ගම නොවුනට අහලපහල පොරක් වෙන්න ඇතිනේ.. =)) =)) =))

    ReplyDelete
  33. හපොයි නිම්ශ නංගිගෙ වස

    සදරු අය්යා: මොකක්ද අයියේ සිංදුව

    ReplyDelete
  34. @නිම්ශා...
    අම්මෝ..ඔහොම කලොත් හොඳට හිටී...
    ළමයි කියන්නේ ළමයින්ට නංගියේ..එහෙමත් කටට ගහන්න පුළුවන්ද..මට මැවිලා පේනවා එහෙම දෙකක් වැදුනම ළමයෙක්ගේ මූණ බෙරි වෙලා යන හැටි..පොඩි කාලේ අපි කවුරුත් එහෙම තමයි..ඒ වෙලාවට අම්මලා තාත්තලා දැන ගන්න ඕන ළමයගේ අවධානය වෙන පැත්තකට ගෙනියන්න..ළමයින්ගේ අවධානය වෙන අතකට ගෙනියන එක මහා අමාරු දෙයක් නෙවේ..ඒ ගැන අවබෝධයක් අම්මලට තාත්තලට නැති එකයි අවුල...
    (අනේ අම්මේ මේවා කියන්න ගිහින් අපිටත් කන්න වෙයිද මංදා..?)

    ReplyDelete
  35. හෆොයි මාර ළමයෙක් නේ.අම්ම අප්පච්චි ගෙදර කතා කරන්නෙ ඔහොම වෙන්න ඇති. ඒකනෙ ළමයත් අරහෙම කතාකරන්නෙ.

    ReplyDelete
  36. MaRLaN
    උඹට හොදටම ශුවර් ද බදින්න හදිස්සියක් නෑ කියල....

    හසී
    ඔන්න අක්කේ බබා හදාගන්න හොදේ :))

    sihinadanawwa
    ගොඩක් වෙලාවට එහෙම තමා...අම්ම තාත්තා රට...කොල්ල රස්තියාදුවේ

    Kaz
    තෝ බදින්න ද යකෝ යන්නේ...ඉස්සෙල්ල විභාගේ ලියපන්... :O

    ayesha
    අන්න හරි..ඒක තමා මූලිකම හේතුව

    සීතල අයියා
    මට වෙච්ච එකක් තමා... :)) මම හිටියනේ එතන...හික්


    මාරයාගේ හෝරාව
    කෙල්ලෙක්වද? ඔව් ඔව්..මම කෑවා

    Hasitha ජයසූරිය
    මම අඩු වයසින් බැන්දත් තෝ වගේ එකෙක් නම් හදන්නේ නෑ

    ReplyDelete
  37. ජේ.ඩී
    ඉකේයියා....මම නම් ඔය බබාල හදන්න ඉක්මන් නෑ නේ...මම නෝනෙටත් කියලා තියෙන්නේ තව කල් ඉදලම හදමු කියලා :))

    හිස් අහස
    චික්....පොඩි එකා කියවනව විතරයි නේ...කරලා නෑ නේ....
    බැන්දෙ නෑ....තාම හොයනවා..... උපරිමය 3කට යටත්ව තමා හිතන් ඉන්නේ...ඒක්ත් ඉතින් පවතින ආණ්ඩුව අනුව වෙනස් කරන්න වෙනවා

    නිම්ශා
    අනේ....නෝටි අම්මි....මිරිස් කරල....ඔව්වා කියවලා ඉක්මන් වෙනවා නෙමේ හොදේ...මාරේ අයියා වගේ ඉවසන්න ඕනා.....

    චතුවා (ළමයා)
    අහ්...මට අමතක උනා.උඹ තාත්තා වෙන්න බෑ නේ...හික්... (තේරුනාද මන්ද )

    MaRLaN
    මේ...මට පේන්නේ උඹ බදින්නම වගේ හදන්නේ...ඒක නෙමේ...කෙල්ල කවුද බන්

    මාරයාගේ හෝරාව
    මගේ වචන 200ක පෝස්ටුවට මාරේ අයියාගේ කොමෙන්ටුව පේලි දෙකකි....
    නිම්ශාගේ පේලි දෙකේ කොමෙන්ටුව මාරේ අයියගේ කොමෙන්ටුව පෝස්ටුවකි,....
    සත්‍යයේ සටහන බුදිධියේ විමසුමට..

    නදී...
    අපොයි...මාරයගේ ලමයෙක් ද? :O

    ReplyDelete
  38. රත්ගමට-
    මටනම් බදින්න හදිස්සියක් නෑ බං....
    sihinadanawwa දාපු පිලිතුරට- අම්මල තාත්තල රට උනත් හොදට හැදෙන ලමයි ඉන්නව බං ඒත් අම්මලා තාත්තලා ලංකාවෙ ඉදලත් රස්තියාදු ගහන අයත් ඉන්නව උබේ මිම්ම වැරදී

    මාරයා අය්යා ගැන නම් හිතන්න වෙනවා... :-/

    ReplyDelete
  39. අන්න ඕකනේ කියන්නේ..උඹට පෙනුනේ නැහැ මම උඹේ පෝස්ට් එකට කොමෙන්ට දෙකක්ම දැම්ම කියන කාරණාව..
    දැන් බලහං තුනයි..

    අපි උඹලට සැලකුවට වැඩක් නැහැ මලේ..

    (මාලන් කොළුවත් එතනට පැනපි)

    ReplyDelete
  40. ඒ බං අර පොඩි එකා උඹගේ එකෙක් නෙමෙයි කියලා සුවර්ද?

    ReplyDelete
  41. MaRLaN
    මාරේ අයියට කොරලා දෙමු නේ බන්...උඹත පොඩ්ඩක් හොයලා බලපන් එන්නේ මොකාටද කියලා

    මාරයාගේ හෝරාව
    අනේ ඔව්...කෝ බලන්න පැනි හිනාව....හික්.... :))

    prasanna86k
    මට මතක නෑ නේ... හික්..... :))

    ReplyDelete
  42. මේ කියන්නෙ රත්ගමය පොඩි කාලෙ සීන් එකක් ද කොහෙද...........

    ReplyDelete
  43. oya ithin ammalaa thathathalaa gidara kathakarana hati wenna athi......

    ReplyDelete
  44. රත්ගමයා විසින් තමන්ගේ පොඩිකාලේ හැදියාව පිළිබඳ අත්දැකීමක් කතානූරූපීව ඉදිරිපත් කිරීමකි...
    කුජීතයි.... සොරි.. සොරි... අසික්කිතයි....

    ReplyDelete
  45. අසික්කිතයි නෙ වැඩේ. පොඩි එකා හදන්න නං ඉතිං අම්ම තාත්තට අවබෝධයක් තියෙන්න එපැයි.

    ReplyDelete
  46. Anonymous
    ඉකේයිය...මම බනිනව නම් බනින්නේ මීට වඩා සුන්දර වචනෙන් බොලේ

    Jeew
    (මුන් මෙව්ව කොහොම හොයා ගන්නවද මන්ද...) මේ මම නෙමේ බොල

    හරී
    අනිවා...හදාගන බෑ නේ පොඩි එකෙක්ව

    nawammawatha
    අත්දැකීම නැති කම තමා ඉතින්...අසහනේ නේ.. :))

    ReplyDelete
  47. රත්ගමයො ,උඹ හරිබන්..ඒ මහ එවුන්ගෙ කුප්පකම තමා..ඇත්තටම උන් දෙන තුචීතයි..කුප්පයි..උන්ගෙ කිචිය දැම්ම හොඳ වෙන්නෙ නෑ..උන්ට හොඳ වෙද්දි අර පොඩීකාට අයෙමත් කිචි හැදෙයි..ලන්කාවට කෙලවෙයි..

    ReplyDelete
  48. කලුව
    මක්ක කියන්නද කලුවෝ ඉතින්...හදා ගන්න්න බැරිකම නේ

    ReplyDelete
  49. පොඩි එකා කියන්නේ ඌට අහෙන දේවල් තමයි ඉතින්........ පොඩි ළමයි ඉන්න තැනදි ප්‍රවේසමෙන් කතා කරන්න ඔනේ......... ඇහුනද... රත්ගමයෝ..... :)) :))

    ReplyDelete
  50. නචී
    ඇයි බොලේ මාව මේකට අල්ල ගන්නේ..මම මේ පොතේ ගුරා නේ මේ කතාවේ
    -------------------------------------------------

    ReplyDelete
  51. @රත්ගමයාට
    මුලින්ම කියන්න ඕනෙ කුප්පයො තොගෙ බ්ලොග් එක මරේ මරු... මම මේකෙ ඔක්කම පෝස්ට් සහ කමෙන්ට් ටික එකක් නෑර කියෙව්වා මේ දවස් ටිකේ... සමාවෙයන් හොඳේ හොරා වගේ කියවල කමෙන්ට් නොදා හිටියට... රත්තො මම මේ පෝස්ට් එකේදි දැක්කෙ නෑ මචං උඹ දකින වෙනස් විදිය... ඉතිං චූටි කමෙන්ට් එකක් දාන්න හිතුනා...

    @රත්ගමයා ඇතුළු සියල්ලන්ටම
    මචං මමත් අවුරුදු විස්සෙන් බැන්ද එකෙක්... මේ අප්‍රේල් 7 වෙනිදට අවුරුදු දෙකක් වෙනවා... හැබැයි මචං අඩු වයසින් බඳින හැම එකාම අසහන කාරයො නෙවෙයි... අපිට එතරම් හදිසියෙන් බඳින්න සිද්ධ උනේ ගෙවල් වලින් ආපු බලපෑම් නිසයි... එතනදි මම හිටි මතය වුනේ ආදරය කලා නම් ඒ ආදරය විවාහයෙන් හෝ මරණයෙන් (මරණය කිව්වෙ සිය දිවි නසාගැනීම නෙවෙයි, වැරදියට අවබෝධ කරගන්න එපා) පමණක් කෙලවර යුතුයි කියලයි... උඹල කාටහරි ඒක මහ මෝඩ බොලඳ කතාවක් වගේ පේන්න පුළුවන්... නමුත් මචං කෙල්ලෙක්ට ආදරය කරල ගෙවල් වලට බයේ සම්බන්ධෙ නවත්වල කෙල්ලව අතරමං කරන කොන්ද පණ නැති කොල්ලෙකුට වඩා කොන්ද කෙළින් තියන් දහසක් බාධක වලට මූණ දීල සෑහෙන්න දුක් විඳල මගෙ ආදරය ජය ගත්ත එක ගැන මම අද සතුටු වෙනවා... දැන් උඹල තර්ක කරයි දෙමව්පියන්ට පිටුපාන එක ඊට වඩා පව් වැඩක් කියල... මට ඒකට කියන්න තියෙන්නෙ උඹල එහෙම කියනවනම් ඒක හිතන්න තිබුණෙ ආදරය කරන්න කලින් කියලයි... මම බැන්ද කියල මාව අපේ පවුල් වලින් කොන් උනා... අදටත් සමහරු මගෙ මූන බලන්නෙ නෑ... නමුත් මගෙ ගෙදර අය සහ වයිෆ්ගෙ ගෙදර අය සති දෙකක් යන්න කලින් අපි දෙන්න ගැන ගොඩක් සතුටු උනා... විශේෂයෙන්ම මගෙ ගැන... එච්චර ප්‍රශ්න ගොඩක් මැද්දෙත් එයාව අතහැරියෙ නෑ කියන දේ ගැන... මේ මගෙ ගැන පම්පෝරියක් ගහනව කියල හිතන්න එපා... මම මේ ටික කියන්නෙ උඹල හිතන විදිය ටිකක් හරි වෙනස් කරන්නයි... මචං සැබෑ ආදරය කියන්නෙ ඒකටයි... උඹලට උඹලගෙ ගෙවල් වලට විරුද්ධව වැඩ කරන්න බැරිනම් ගෙවල් වලින් කෙල්ලෙක් හොයල දෙනකම් හිටපල්ලා... ආදරය කරන්න එපා... මොකද ගෙදරින් ඒ කෙල්ලට අකැමති උනොත් උඹ ඒකිව අතාරින නිසා... මම දකින විදියට ඒක ලොකු අපරාධයක්... මේක මම කියන්නෙ කොල්ලන්ට විතරක් නෙවෙයි කෙල්ලන්ටත් එක්කයි... අපිට අපේ ගෙවල් වලට පස්සෙ හරි පෙන්වන්න පුලුවන්නම් අපි ගත්තු තීරණය නිවැරදියි කියල ඒ ප්‍රශ්න හැමදෙයක්ම හරියනවා... මොකද හැම දෙමව්පියෙක්ම ඔය කාරණයෙදි විරුද්ධ වෙන්න මූලික හේතුව තමන්ගෙ දරුවා දුක් විඳිවි කියන සැකයයි... ඉතිං අඩු වයසින් බැන්ද කියල වගකීම් දරන්න බෑ කියන දේ මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනව... මම හිතන විදියට ඒක පුද්ගලයා අනුව වෙනස් වෙනවා... සමහරු ඉන්නවා වයසට ගියත් වගකීමක් දරන්න බැරි... මම දකින විදියටනම් මේ තමයි අපේ හොඳම වයස... තරුණ ජවය සමග අභියෝග වලට නොබියව මුහුණ දිය හැකි කාලය... අපිට තිබෙන එකම අඩුපාඩුව අත්දැකීම් මඳ කම පමණයි... නමුත් බුද්ධිමත්ව කල්පනා කරල තීරණ ගත හැකිනම් සිහියෙන් වැඩ කල හැකිනම් ඒ අඩුපාඩුවත් ජයගැනීම එතරම් අසීරු නැහැ... අනිත් කාරණය තමයි අත්දැකීම් වෙන්නම ඕනෙ නෑ අපි අද පුවත්පත, රූපවාහිනිය ආදී විවිධ මාධ්‍යන්ගෙන් දකින හැම සිදුවීමක්ම අපට පාඩමක් කොට ගත හැකියි... මම ඇත්තටම මේ පොස්ට් එකෙන් ලොකු දෙයක් ඉගෙන ගත්තා...

    මේක දකින සමහරු මට පළු යන්න බනියි සමහරවිට... ඒත් මචං මට කියන්න තියෙන දේ මම බොක්කෙන්ම කිව්වා ඔන්න... සංවාදයට විවෘතයි...:)

    රත්ගමයාට ජයවේවා...!!!

    පලි :-අපි දෙන්න නම් දැම්මම ලමයි නොහද ඉමු කියලයි ඉන්නෙ... මොකද අපි තවමත් ආර්ථික අතින් එතරම් ශක්තිමත් නැති නිසා :D

    ReplyDelete
  52. දිග කොමෙන්ට් එක අකුරක් නෑර කියෙව්වා..ඇත්තම මම මේක දැම්මේ අඩු වයසින් බදින එක වැරදි දෙයක් කියන්න නෙමේ..
    අඩු වයසින් බදින අම්මලා තාත්තල වෙන අයට වගකීම් දරන්න අමාරුයි කියන්න...නමුත් ඒකම විතරකුත් නෙමේ මේ පෝස්ට් එකේ අරමුන උනේ..පොඩි විනෝදයක් ගන්න එකත් අරමුනක් උනා..
    නමුත් මෙහෙම කතාවකුත් තියනවා...කොච්චර අඩු වයසෙන් බැන්දත් වගකීම් දරන්න පුලුවන් නම් එතන සාර්තක වෙනවා..මම මේ කතාවේ එන කපල් එක දකිනේ අනුන්ට උවමනා විදිහට දරුවෝ හදන්න ගිහින් අමාරුවේ වැටුනු ගතියක්..ඒ පොඩි එකා මෑ විදිහට නරක් වෙන්න ඇත්තේ සමහර විට ඒ අම්මගෙයි තාත්තගෙයි වරදක් නිසා වෙන්න නෙමේ ඇති..වට පිටාව.ආශ්‍රය කරන අය ඒකට ගොඩක් දුරට බලපානවා...

    මම හිතන්නේ කුඩ්ඩා අයිය කෙනෙක් වෙන්න ඕන කියලා..
    අයියා කරපු වැඩේ කිසිම වැරැද්දක් නෑ නේ..ආඅදරේ කරන කෙනාව අද බැන්දත්..අවුරුදු දෙකකින් බැන්දත් ඒකේ වැරැද්දක් නෑ..ආදරේ කරන එක තමයි ඕන...
    කොහොමත් ඉක්මන් උනා කියලා දෙන්නට වැරද්දක් වෙලා නෑ නේ...සතුටින් ඉන්නව නේ..මේ කතාවේ කපල් එක වගේ අනුන්ට ඕනවට ආදරේ කරල නෑ නේ...වගකීම් තේරෙනව නම් ජීවිතේ ජය ගන්න පුලුවන්...
    ජය වේවා!!!!!!

    ReplyDelete
  53. රත්තො මම ඒ ටික කිව්වෙ උඹටවත් උඹේ කතාවට වත් වරදක් කියන්න නෙවෙයි මචං... උඹ වැරදියට හිතන්න එපා හරිද... ගොඩක් උන් මචං අඩු වයසින් බැදපු කොල්ලෙකුයි කෙල්ලෙකුයි දිහා අමුතු ඇහැකින් (උඹේ භාෂාවෙන් කියනවනම් "ඉකේයියා" විදියට) බලන්නෙ... අසහනේට බැන්ඳ උන් දෙන්නෙක් වගේ... මම අන්න ඒක වැරදියි එක ටික කිහිප දෙනෙක්ට හරි තේරුම් කරල දෙන්නයි හැදුවෙ...

    ReplyDelete
  54. සචියා14 March 2011 at 17:39

    රත්ගමයත් පොඩි කලේ මෙහෙම වෙන්ට ඇති මගේ හිතේ

    ප. ලි. මෙය මාගේ ප්‍රථම කොමෙන්ටුවයි :)

    ReplyDelete
  55. ලීවේ නැත්නම් කපනවා කීව හන්දා බයටයි ලියන්නේ.(කපන්නේ පිරිමින්ගෙ රැවුල, ගෑනුන්ගේ කොන්ඩෙද? ඉකේය්යා ) ලමයට හොඳට රිදෙන්න පාරක් ගහලා ඇඬෙව්වානම් බහිනකල් අඬ, අඬා යයි.

    දැන් තේරෙනවද අපි කසාද නොබඳින්නේ ඇයි කියලා.

    ReplyDelete
  56. අපෝ කොල්ලගෙ වාග් මාලාව.. බය හිතෙනවා මට නං.. පොඩි කාලෙ ඔහොම ඞ් හිතාගත හැකි ලොකු වුනාම... හොද වෙලාවට අන්තිමට කිවුවේ ඔයා කියන්න යන දේ..:):).. රත්ගමස්.. මේක අඩු වයසින් බැන්ද නිසා වුන දෙයක් නෙවේ.. ඒ ලොකු දෙන්න්ගෙ හැටි.. එයාලා නිසා තමා පොඩි එකා නැහැදිලා තියෙන්නේ.. හික්ස්‍..

    ReplyDelete
  57. කුඩ්ඩා
    හිතුවට වඩා හොදට තේරුම් ගියා...අයියලා සතුටින් ඉන්නවා කියන්නේ....අපිටත් ගොඩක් සතුටුයි....
    ජයවේවා දෙන්නටම!!!!
    --------------------------------------------------------
    සචියා
    ඉකේයියා බොලේ.....මම පොඩි කාලේ කුප්ප නෑ
    ප.ලි - මෙය මාගේ අම්බානෙක ගානක කොමෙන්ට්ටුවයි
    -------------------------------------------------------
    Podi Kumarihami
    ඉඩා...මේන් බලාපල්ලකෝ...මෙයා බදින්නේ නැත්තේ මේකලු...පුහ්...වලව්වට එන එකෙක්වත් මේ නාකි හුටප්පරේ කර ගහ ගනීයෑ....හික්...ඒක පිටි දාලා බේරෙන්න නේද හැදුවේ
    -------------------------------------------------------
    ප්‍රාර්ථනා
    වටපිටාවේ වැරැද්ද විය යුතුය....කොහොමද අපේ පැත්තේ පොඩි උන්.... :))

    ReplyDelete
  58. අඩේ මරු සීන් එකනේ වෙලා තියෙන්නේ. පට්ටයි බං ඈ....
    ජය...

    ReplyDelete
  59. Gayan Rupasinghe
    මරු මරු සීන් තමා වෙන්නේ

    ReplyDelete
  60. කෝ අද දානවා කිවුව කතාව..? අහ්..??

    ReplyDelete
  61. ප්‍රාර්ථනා
    ඉන්නකෝ අලේ....හවස් වෙනකල්.....තාම උදේ පාන්දර නේ

    ReplyDelete
  62. 11.45..??? උදෙ පාන්දර..?? මට නම් පාන්දර තමා.. ඒත් ඔය වෙලාවට නැඟිට්ටම "නැඟිටින වෙලාව නම් කුපිතයි " ද මොකක්ද කිවුවේ... රත්ගම පැත්තේ කට්ටියගේ කතා දිව දෙකේ ද..? හෙ..හෙ..


    හදිස්සියක් නෑ..හවසට දාන්නකෝ..
    කියවනකම් ඉවසිල්ලක් නැතෝ..

    ReplyDelete
  63. ප්‍රාර්ථනා
    හරි හරි....මට තාම උදේ පාන්දර නේ......
    හවස 4 සහ 5 අතර බලාපොරොත්තු වන්න

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)