Wednesday 30 March 2011

වෙනස් විදිහට හිතන්න............


හැමදාම එක එක විකාර කතා කිය කිය ඉන්නේ නැතුව පොඩ්ඩක් වැදගත් ටොපික් එකක් ගැන ලියන්න හිතුනා..
ඔබ හිතන්නේ මොන විදිහට ද...උත්තරේ අනිත් හැමෝමලා හිතන විදිහට කියන එක නම් ඔබට මෙතනින් ඉස්සරහට ලිපිය කියවන්න අවසරයක් නෑ
අපි අපේ ජීවිත කාලෙදි අනුන් කරන දේවල් කොච්චර දවසක් කරලා ඇද්ද..හැමදාම හැමෝම කරන ඒව කරාම අපිට පැවැතමක් නැති වෙනවා..
පොඩ්ඩක් හිතන්න..
මම සරල උදාහරනයක් ගන්නම්
අයිසෙක් නිව්ටන්ගේ ඔලුවට එදා ඇපල් ගෙඩිය වැටුනේ නැතිනම් අද ගුරුත්වාක‍්රෂනය කියලා එකක් හොයාගෙන නෑ නේද...ඒත් එහෙම ඇපල් ගෙඩිය වැටිලත් නිව්ටන් කියන මනුස්සයා වෙනස් විදිහට ඒක ගැන හිතුවේ නැතිනම් ඒත් ගුරුත්වාක‍්රෂනය කියලා එකක් අද නෑ...අද අපි හැමෝමලා නිව්ටන්ට පින් දිදී ගුරුත්වාක‍්රෂනයක් ගැන කතාකරනවා..අන්න එතනදි නිව්ටන් වෙනස් විදිහට හිතුවා..ඒකෙන් එයා නිර්මානයක් කරා..දුන්නා ගුරුත්වාක‍්රෂනය කියලා ඒකට අර්ථ දැක්වීමක්..
මෙන්න සරල ප්‍රශ්නේ....ඔබත් අද එදා නිව්ටන් කියපු දේ පිලිගන්නවා නේද..ඇයි අපිටත් බැරි වෙනස් විදිහට හිතන්නේ...නිව්ටන් හිතුවට වඩා වෙනස් විදිහට අපිට හිතන්න බැරිද...පැහැදිලිවම පුලුවන්..ඒත් ඕන කමක් නෑ
 හයිඩ්‍රජන් පුරවපු බැලුමක් උඩ යන්නේ වාතයට වඩා සැහැල්ලු නිසාලු...ඉතින් කෝ එතනදි අර කියපු ගුරුත්වාක‍්රශනේද මොකක්ද එක..ඕක තියෙනව නම් බැලුම පොලවටම අදින්න ඕන නේ..
මෙච්චර ලොකු ගුරුත්වාක‍්රශනයක් තියාගෙන බැලුමක් පොලවට ඇදගන්න බැරි නම් එතන ඊට වඩා වැඩි දෙයක් තියෙනවා.සමහර විට ඔබට ඒකට විරුද්දව ඕන තරම් තර්ක ගේන්න පුලුවන්.සමහර නියමයන් බිද වැටෙන්න යනවා වගේ පේනව නම් ඒක හොයා ගත්තු විද්වත්තු ඒ නියමය වලන්ගු වෙන්න කියලා තත්ව දෙනවා..ඒ තත්ව වලින් කරන්නේ ඒ නියමයන් රැක ගන්න එක මිසක් ඇත්ත ලෝකෙට පෙන්වන එක නෙමේ..අපිත් එයාලා කියන්නේ ඇත්ත කියලාම හිතාගෙන හිටියොත් අපිට කවදාවත් වෙනසක් දකින්න බෑ....හිත ඇතුලෙන් තර්ක කරන්න....ඒ ඔස්සේ හිතන්න...වෙනස් වෙන්න...
මීට කලින් මම කියපු පිටසක්වල ජීවින්ගේ   එකිනෙකට වෙනස් කතා දෙක පොඩ්ඩක් වෙනස් විදිහට හිතපු අවස්තාවක්..
        මම හැම නිතරම වගේ මගෙන්ම මේ ප්‍රශ්නය අහගන්නවා....
"මම කියන්නේ කවුද?..මගේ ඇග ඇතුලේ ඉන්නේ කවුද...කාට වුවමනා විදිහටද මගේ අවයවයන් ක්‍රියාත්මක වෙන්නේ...."
ඒකට මට තාම උත්තරයක් හම්බෙලා නෑ..මහාචාර්‍ය‍යවරු කියන්නේ ඒක කෙරෙන්නේ සිතෙන් කියලා..ඉතින් කෝ සිත කියලා අවයවයක්..අන්න ඒක කොහේද තියෙන්නේ...
ගොඩක් වෙලාවට මම ආසයි සැහැල්ලුවෙන් හිතන්න..ගෙදරට ඇදන් ඉන්න ඇදුම ඇදගෙනම ගාලු යන වෙලාවල් ඕන තරම් තියෙනවා..ශෝට් එකක් ඇදගෙන රබර් සෙරප්පු දෙකක් දාගෙන යන්න තියෙනව නම් ඒ වෙනස තේරුම් ගන්න පුලුවන්...
ඇයි මට බැරි අදර කතා ලියන්න...ආදරේ ගැන කවි ලියන්න..දුක හිතෙන කතා ලියන්න..මට බැරුව නෙමේ...මට අඩවන්න පුලුවන් වචන වලින්..ඒක මම දන්නවා..මම ඒක කරලත් තියෙනවා
ඒත් මම මොකටද වෙන කෙනෙක්ව අඩවන්නේ...ඊට වඩා කොච්චර ලස්සනද හිනාව..අන්න ඒක තමයි මට වටින්නේ..හැමෝම ආදරේ ගැන කවි ලියද්දි මම වැසිකිලියක් ගැන විකාර කවියක් ලියන්නේ මම වෙනස් නිසා...ඒ වෙනසට මම ආස නිසා..
උඹට පිස්සු බන් කියපු නැති යාලුවෙක් මට නෑ.උඹ නම් මහා විකාර වෙනස්ම් චරිතයක් කියපු නැති එකෙක් නෑ.
එක දවසක් අපේ ඉස්කෝලේ ගුරු දෙගුරු රැස්වීම තිබ්බා..12 වසරේ අන්තිම වාරේ වගේ මම හිතන්නේ..අපිට සංයුක්ත ගණියට ඉගැන්නුවේ පතිරගේ කියලා සර් කෙනෙක්..අපේ අම්මා සර්ගෙන් ඇහුවා කොහොමද සර් අපේ පුතා පන්තියේ වැඩ කරනවද කියලා...සර් පොඩි හිනාවක් දාලා කිව්වේ මිනිහට නම් වැඩ පුලුවන්..හැබැයි හෙනම පඩත්තලයි කියලා..ඒ වචනය අල්ලගෙන අපේ කොල්ලො මට හින්ට් ගැහුවට මම ඒකෙන් වෙනසක් දැක්කා..ඔව් මට ප්‍රශ්න තිබ්බා..අනිත් අයට නැති ප්‍රශ්න මට තිබ්බා..ඉතිනි මම පන්ඩිත නොවී ඉන්නේ කොහොමද,,..මට පිස්සු....ඒ මම හිතන විදිහ..පිස්සෙක් ලෝකය දකින්නේ වෙනස්ම විදිහට..පිස්සෙකුට බැදීම් නෑ..හරිම සරලයි...ඌට හිතෙන්නේ අනිත් උන්ට පිස්සු කියලා...
තව වෙනස් විදිහකට හිතන්න පුලුවන් දේවල් ඕන තරම් තීයෙනවා..ඒත් ඒවා ඒ විදිහටම අනිත් අයට හිතේවිද කියන්න මම දන්නේ නෑ..
ගොඩක් අය ආසයි නේ කැපිලා පේන්න..ඇදුමෙන්..සුවදින්,ලස්සනින්,.... අන්න ඒ විදිහට කැපිලා පෙනීමට යාම තාවකාලිකයි...දැනුමෙන් කැපිලා පේන්න උත්සහා කරන්න..හැසිරීමෙන් කැපිලා පේන්න උත්සහ කරන්න..ක්‍රියාවෙන් කැපිලා පේන්න....අන්න එතකොට පැවැත්මක් තියේවි...හැමෝටම හැමදාම මතකේ තියේවි..අදටත් ජෝතිපාල මහත්මයව මතකේ තියෙන්නේ රූපේ ලස්සන නිසා නෙමේ..අදටත් විජය කුමාරතුංග මහත්තයව මතකේ තියෙන්නේ මේකප් එක නිසා නෙමේ...
මම හිතනවා හැමෝටම රත්ගමයව මතකේ තියේවි කියලා...ඒ මම ලස්සන නිසාවත් (ලස්සන නම් තමයි හොදේ) මම අදින ඇදුම් නිසාවත් නෙමේ...මම ලියන විකාර පිස්සු කතා නිසා.කොහේ කවුරු කියෙව්වත් මේක රත්ගමයගේ ස්ටයිල් එකට ලියපු කතාවක් කියලා කිය වුනොත් මම වෙනස් දෙයක් කරා වෙනවා.කුප්ප කතාවක්,කුජීත කතාවක්,,ඉකේයියා... කියලා කොහේ හරි කිවොත් රත්ගමයව මතක් වෙනව නම් මම වෙනසක් කරලා තියෙනවා.....තවත් උදාහරන ගොඩාක් දාලා මේ ලිපිය දිගටම ලියන්න පුලුවන්.ඒතකොට වෙනසක් නැතිවෙනවා...මෙතනින් නවත්තමු..
අද ඉදලා වෙනස් විදිහට හිතන්න...පුලුවන් වෙලාවට නෙමේ...හැම නිතරම.....

46 comments:

  1. එල මචං... උඹට පුළුවන් හොඳ වෙනසක් කරන්න...

    ReplyDelete
  2. හොද අදහසක්...

    (හැබැයි ඉතින් අයිසෙක් නිව්ටන් නැත්නම් වෙන එකෙක් හරි ගුරුත්වාකර්ෂනේද මොකක්ද එක හොයගන්නවා බන්....)

    මම හිතන්නේ නම් මට ඕනේ විදියට...ඒක ආයේ කාටවත් ඔනේ විදියට නෙවේ....කරන්නේ මට ඕන දේ...බොරු සෝබනේට නම් මාත් තදින්ම විරුද්ධයි.. එහෙමයි කියලා උන්ව හදන්න යන්නේ නම් නෑ..

    මමත් උබ කියන දේවල් වලට එකගයි..

    ReplyDelete
  3. මටනම් හිතාගන්න පුළුවන් උඹ මේ ලිපිය ලියන්න හේතුව... ප්‍රසිද්ධියේ කියන්න හොඳ නැති නිසා නොකියා ඉන්නම්. මං හිතන්නේ අර මං උඹෙන් අවසර අරං දෙයක් කලේ... අන්න ඒ දේ අද හරි ඊයේ හරි අනවසරෙන් කරලා තියෙනවා. ඒක දකිද්දී මටත් තොගේ කුප්ප කුජීත මතක් වුනා. පඩත්තලයා... දෙන්නම් ජංබු උඹට.... හිටපංකෝ...

    ReplyDelete
  4. කුරුල්ලා
    මට නෙමේ බන්..හැම එකාටම පුලුවන්..හිතන්න විතරයි තියෙන්නේ...සල්ලි පස්සෙම දුවන්නේ නැතුව,,
    -----------------------------------------------------------------------------------------------
    නචී
    සමහර විට නිව්ටන් එදා ඒක කිව්වේ නැති නම් වෙන කෙනෙක් ඒක හොයා ගන්නවා..ඒක ඇත්ත..ඒත් ඒ නිව්ටන් කියපු විදිහට නෙමේ..වෙනස් විදිහකට...එයා ඒකට දෙන්නේ වෙන නමක්.වෙන අර්ථ දැක්වීමක්...අද අපි ඒ ගැන හිතන්නේ නෑ..මොකද ඒක නිව්ටන් හොයා ගත්තා කියලා හිතන නිසා..ඒත් ඇත්තටම අපි නිටන් ඒක හොයා ගත්තේ නෑ කියලා හිතාගෙන අපේම අර්ථ දැක්වීමක් දුන්නොත් අපිට නොගැලපීම් ගොඩක් පෙනේවි..මේකට විතරක් නෙමේ...හැම සොයා ගැනීමකටම...............

    ReplyDelete
  5. ekeeyya.....mama hituwa mama wage hitana kenekta inne mama witarai kiyala,,,,,

    ReplyDelete
  6. එකෝමත් එක කාලෙක රත්ගමස් ලිවුවලු කඩල පරිප්පු ගොට්ටෙක කතාවක්.. ඒ කතාවෙ අන්තිමටද කොහෙද..(මට හරියට නිච්චියක් නෑ..) අළුතින් හිතන දේ ගැන ලියලා තිබුනා..

    ඇත්තමයි රත්ගමස්.. මම ඔයගෙ ලිපියක් ඉස් ඉස්සෙල්ලාම කියෙන්නේ හොයම් ගහක්ද මොකද ගැන අමුතු විදිහට ලියලා තිබුන පෝස්ට් එකකින්.. මම හිතුවා මේ නම් සෑහෙන්ඩ පරිණත කෙනෙක් කියලා.. හොඳ වෙලාවට "අයියා" කියලා නැවැත්තුවේ.. තව පොඩ්ඩෙන් කියන්නෙ " මාමේ.." කියලා.. ඇත්තමයි එච්චර අමුතු,වෙනස් වැඩිහිටි විදිහට ලියලා තිබුනේ..

    කතාව ඇත්ත... කොහේ ගියත් නම නැතත් ලිපියේ අයිතිය කාගෙද කියලා හොයාගන්න පුළුවන් තරම් ආවේණික බවක් ලැබිලා තියෙනවා ඔයාට..

    අර ඉෂ් කිවුවනේ ඔයා අමුතු සත්වයෙක් කියලා.. ලංකාවටම ආවේණික.. ම්ම්.. නෑ... රත්ගමට ආවේණික.. ම්ම්.. ඒත් නෑ.. ඉරූටම ආවේණික කෙනෙක්.. තමන්ටම ආවේණික විදිහට හිතපු කෙනෙක්ට විතරයි පැඅවැඅත්මක් තියෙන්නේ..
    ඉතින් ඔයාට ජය...!!!

    ReplyDelete
  7. අයිසෙක් නිව්ටන් කාරයා ඕක හොයා ගත්තෙ නැත්තම් මටත් physics වලට A එකක් :D

    ReplyDelete
  8. නියම ලිපියක් මචෝ... හැබැයි අර හයිඩ්‍රජන් බැලුම් උදාහරනෙ නම් ගැලපෙන්නේ නැ ඔයා කියන කතාවට. ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් නම් නිවුටන් ගේ මත බිඳ වැටිලාය කියල කියනව (මම අහල තියන විදිහට ) .ඒකට මූලිකයෙක් උන අයිස්ටයින්වත් පිස්සෙක් කියලනෙ මුලින් හංවඩු ගහල තිබුනේ

    ReplyDelete
  9. -------------------------------------------------------------------------------------------------
    prasanna86k
    එහෙම සීන් එකක් නෙමේ බොලේ..පොඩ්ඩක් හිතුනා වෙනස් වෙන්නේ කොහොමද කියලා කියන්න ඕන කියලා...එහෙම කුප්ප ඉකේයියා දකිද්දි මාව මතක් වෙනව නම් මම වෙනස් නේ.. :))
    --------------------------------------------------------------------------------------------------
    Anonymous
    ඉකේයියා....උඹටත් නට් ද බොල....පිස්සන් කොටුවට යමන් හරිය...
    ---------------------------------------------------------------------------------------------------
    ප්‍රාර්ථනා
    ආ...කොහොමද නංගී....හික්...මම තාම චූටි කොල්ලා..වැඩිහිටියෙක් නෙමේ...අර මොට්ට ඉශ් මක්කා කිව්වත් එව්ව ගනන් ගන්න එපා..එයාටත් හොදටම නට්..
    -----------------------------------------------------------------------------------------------
    Buddhika Krishanha
    මට ඒ එකක් ගන්න නිව්ටන් විතරක් නම් නෙමේ...හැම එකාම නැති වෙන්න ඕනා...
    -------------------------------------------------------------------------------------------------
    buwa
    ඒක නම් ගැලපෙන්නේ නෑ තමා..ඒක මට තේරුනාට සාමාන්‍ය විදිහට ඒක පෙන්නන්න විදිහක් තිබ්බේ නෑ..ඔව්..ක්වොන්ටම් පිසික්ස් වලින් නිව්ටන් කියපුවා බිද වැටිලා තියෙන්නේ...ඒවා විතරක් නෙමේ ගොඩක් ඒවා බිද වැටිලා..ඒත් අපි ඉගෙන ගන්නේ යල් පැන ගියපු දේවල්...ඒවා හරි කියලා හිතන්නේ නැතුව පොඩ්ඩක් වෙනස් විදිහට හිතන්න කියලා තමා කියන ඕනා..දැන් හරියටම හරි කියන ඒවා ඉස්සරහට බිද වැටේවි..
    -------------------------------------------------------------------------------------------------
    DK
    කිතිද?
    --------------------------------------------------------------------------------------------------

    ReplyDelete
  10. ඔන්න මල්ලි උඹ කිව්ව එක මම පිලිගත්තා..

    "ඔබ හිතන්නේ මොන විදිහට ද...උත්තරේ අනිත් හැමෝමලා හිතන විදිහට කියන එක නම් ඔබට මෙතනින් ඉස්සරහට ලිපිය කියවන්න අවසරයක් නෑ"

    ඒ හින්දා මම ඔක කියවන්න ගියේ නැහැ..ආයේ ඉතිං උඹ කියන ඒවත් අපි අහන්න එපෑ..

    ReplyDelete
  11. onna mamawage hithana thawa ekek
    mamath kemathi ban pissek wenna moko pissekuta vitharai thamanta hithena vidiyata hithena de karanna ekanisa mamath asai pissek wenna

    ReplyDelete
  12. මේකට මම පස්සේ වෙලාවක කමෙන්ට් එකක් දාන්නම්...

    උබ කියන්න ඕන දේ නම් කෙලින්ම කියලා තියනවා බං...

    ReplyDelete
  13. හ්ම්ම්ම්ම්.....

    තමන් වෙනස් කියලා තමන්ටම හිතෙනවද???
    ඒක නම් අව්ලක්...
    නිව්ටන් කවදද කිව්වෙ එයා වෙනස්, එයා මෙහමයි කියලා ??

    මිනිස්සු තමයි එහෙම කිව්වෙ..


    උබ වෙනස් කියලා අනුන්න හිතෙනවා නම්
    කිසි අව්ලක් නැ....

    ReplyDelete
  14. තව දෙයක්.. තමං වෙනස් එකෙක් කියලා කියන්න ඔනී නැ.. ඒක අපි අදුර ගන්නම්.. හරියේ ? ;-)

    ReplyDelete
  15. අන්තිම ඇනොනිමස්ගේ කතාවට මාත් එකගයි..

    මාත් කාවුරුවත් කියන විදියට වැඩ කරන්න කැමති එකෙක් නෙවේ...ඒකයි බොස් කෙනෙක් ගාව වැඩට යන්න අකමැති..

    පොඩි කාලේ ඉදන්ම.. අහුවෙන අහුවෙන හැම දේම ගලවන්න ගත්තා..ඉලෙක්ට්‍රොනික් බඩු පේන්න බැ.. එත් මං විතරද එහෙම කරන එකෙක්ට ඉන්නෙ ?

    අනික මචං.. අපිට දෙයක් ඉගෙන ගන්න නම්.. අපිට යම්කිසි අද්‍යාපණ මට්ටමක් ඔනී.. මොකද අපි උපදින කොටම ඔව්වා ගෙනාවේ නැනේ.. ඉතිං අපිට පොත පතටත් ඔලුව දාලා යම්කිසි දැනුමක් එක් කරගන්න ඔනී.. ඇත්තටම මචං අපිට ඔනී විදියට හිතන්න අයිතිය තියෙනවා.. ඒත් අනික් උන්ගේ දැනුමත් අපි බලෙන් හරි ගන්න ඔනී ;-)

    ReplyDelete
  16. Ishta nut unata mottane harida..eya harima shoi kelleklu.. :P

    ReplyDelete
  17. Oyat nam Pixxu...... :P
    eth oyat tynne psycho problem 1k. make an appoinment as soon as possible... ( To me ;) )

    ReplyDelete
  18. ---------------------------------------------------------------------------------------------------
    මාරයාගේ හෝරාව
    ඔව්...අපේ එව්ව නම් එපා කිව්වම නවතිනවා..අරයගේ එව්ව නම් කියවගෙනම යනවා නේ..
    සත්‍යයේ සටහන
    ----------------------------------------------------------------------------------------------------
    mahima
    ජය වේවා!!පිස්සො හදමු..
    ----------------------------------------------------------------------------------------------
    MaRLaN
    පස්සේ රිෆ්ලයි කරන්නම්...
    ----------------------------------------------------------------------------------------------
    Anonymous
    සමහර විට මේ ටොපික් එක තේරෙන්නේ නැතුව ඇති..නිව්ටන් එයා වෙනස් කියලා කියන්න නැතුව ඇති..ඒත් මම කියනවා..මොකද මම නිව්ටන් නෙමේ... වෙනස් කියලා තමන්ට හිතෙනව නම් නිතරම ඒ වෙනස දකින්න පුලුවන්...
    ඒ වගේම මම වෙනස් කියලා අනුන්ටත් හිතෙනවා( ඒක දනිමි.)
    -----------------------------------------------------------------------------------------------
    Bunny
    අනිත් උන්ගේ දැනුම ගත්තට ඌ තමා බුද්දිමතා..ඌ තමා වැඩර්..ඌ කියපුවා හරියටම හරි කියලා හිතන් ඉදියොත් කවදාවත් වෙනස් වෙන්නේ නෑ...වෙනස් විදිහට බලන්න..තම හරි යන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්..ආයේ කියන්නම්..අයින්ස්ටයින් ගුරුත්වාකර්ශනේ හොයා ගත්තේ නැත්ට්නම් වෙන කෙනෙක් ඒක පහු වෙලා හොයා ගනීවි..හැබැයි ඒකට වෙන නමක් දේවි..වෙන සූත්‍රයක් දේවි..ඒක නිව්ටන් ගේ F=GMm/r2 ම වෙන එකක් නෑ..ඒක වෙනස් සූත්‍රයක් වේවි..වෙනස් අර්ත දැක්වීමක් වේවි..හැබැයි එකම සිද්දියට..මම කියන්නේ අන්න ඒක..නිටන් හොයාගත්තේ නැත්නම් වෙන කෙනෙක්ට ඒක හිතෙන්නේ කොහොමද කියන එක තීරනය කරන්න..නිව්ටන්ට වැදගෙන ඉන්නේම නැතුව
    -----------------------------------------------------------------------------------------------
    ඉශානි
    ඒක මම දන්නවා..හොදටම දන්නවා... :)) මොට්ටි
    -----------------------------------------------------------------------------------------------
    Dilsha Guruge
    අහ්..මේ ඉන්නේ පිස්සු කියන කට්ටිය...ඇයි වෙන කෙනෙක්ට පෙන්නුවොත් නරකද....පිස්සු දොස්ටරලගෙන් බෙහෙත් ගන්නේ නැතුව...
    ------------------------------------------------------------------------------------------------

    ReplyDelete
  19. දැන් ඔය නිව්ටන් මාමා හොයා ගත්තාය කියන එක කවුරු අතින් නැති වුණු එකක්ද?

    ReplyDelete
  20. සිරා අය්යේ කුප්ප, ඉකේය්යා..ඔය වගේ වචන දකිද්දී මට උඹව තමා මතක් වෙන්නේ අනෙක් අයටත් එහෙමය් කියලා මට හිතෙනවා.

    ReplyDelete
  21. උඹ උඹ වගේ මම මම වගේ :)

    ReplyDelete
  22. නෑනේ බං.අර බැලුං බෝලේ උඩ යන්න හේතුව වෙන දෙයක් බං.බැලුං බෝලේ බරට වැඩිය අවට වාතය මගින් ලබාදෙන උඩුකුරු තෙරපුම වැඩියි.ඒක නිසා බලය වැඩි උඩට.(වාතයේ ගනත්වයේ සිද්දියකුත් සම්බන්ද වෙනවා) ඒකයි බැලුම උඩ යන්නෙ.නැතුව නියමය වැරදි නෑ.උඹ A/L වලට මොනාද කලේ?ඕක දන්නෙ නැති වෙන්න.චිකේයියා.ලැජ්ජයි.හෙන කුප්පයි

    මොනා වුනත් කියන්න තියෙන්නෙ වෙනසක් කරන්නනම් වෙනස් විදියට හිතන්න කියලා තමා.ඒ ගොල්ලොත් ඒ විදියට හිතපු නිසා තමයි ඒ වගේ දේවල් හොයා ගත්තෙ

    ReplyDelete
  23. ඉකේයියා හරිම කුජීතයි..වෙනස් විදියට හිතන එක නරකමත් නෑ..ඒත් සමහර වෙලාවල් වලට ගැලපෙන්නේ නෑ මම හිතන විදියට නම්..

    ReplyDelete
  24. තමන් අනුන් නොවී තමන්ගෙ විදියට හිතල යමක් කරන්න පටන් ගත්ත දවසට තමන්ගෙම කියල අනන්‍යතාවයක් ගොඩනඟා ගන්න පුලුවන්වෙයි.
    ඒකනේ මම මම වගේ!! කියන්නේ.
    (මමත් ‍තාම ඕක ට්‍රයි කරනවා :P )

    ReplyDelete
  25. වෙනස් විදිහට හිතන්න ! හ්ම්.... මම නෙම් ඒ කතාවට එකඟ නෑ මල්ලියේ . මොකද මම හැමදාමත් හිතන්නේ එකම විදිහට . මම හිතන පතන විදිහ වෙනස් කරන්න කාටවත් බැරි වේවි . මගේ විතරක් නෙවේ කාට උණත් තමන් හිතන විදිහ වෙනස් කරන්න අමාරුයි . "මම වෙනස් උනා" කියලා හිතුවට ඇත්තටම මිනිහෙකුට ඒතරම් ලේසියෙන් වෙනස් වෙන්න බෑ . උපදින කොට ගෙනාපු ගතිලක්‍ෂණ පොඩිකාලේ සිතුම් පැතුම් මේ හැමදෙයක්ම අපි මැරෙනකම්ම තියේවි ...

    මම නිවුටන් වගේ හිතන්න ගත්තොත් එතන සඳරු කියලා එකෙක් නැතිවෙනවා නේද ? ...උඹත් ඔන්න ඔය පරණ රත්ගමයම වෙලා ඉඳපන් උඹ වෙනස් වෙන්න නම් එපා ..

    ReplyDelete
  26. කතාවනම් සහතික ඇත්ත..
    රත්ගමයා නම දාන්නැතුව ලිපියක් බ්ලොග් එකක දැම්මොත් අපිට එක අදුන ගන්න පුළුවන්.. ඒ රත්ගමයා අපිට වැඩිය වෙනස් නිසා..
    වෙනස්ව හිතන මිනිස්සු සුවිශේස දේවල් කරාවි.. ඒත් සමහරු ඒවා ඒ මොහොතේ තෙරුම් නොගනීවි..

    ReplyDelete
  27. ම්ම්ම් අනිත් අයට වඩා වෙනස් වුන ගමන් ලොකේ මිනිස්සු කියනව ඌට පිස්සු කියලා. ඒ කතාව නම් ඇත්ත

    ReplyDelete
  28. ලොල්ය.. පොඩ්ඩක් විත්‍ර දුකයි අයියෙ. හොද යි ඔයාම කියන්නකො බලන්න මම කවද හරි උබට පිස්සු කියල කියල තියෙනවද කියල?? උබ කියන්නෙ උබට පිස්සු කියල නොකියපු යාලුවෙක් නෑ කියල. ඒකියන්නෙ මම උබේ යාලුවෙක් නෙවේ කියලද?? හ්ම්ම්ම් කමක් නෑ...

    අනුසෝත ගාමී ලෝකයක් තුල පටිසෝත ගාමීව හිතන තවත් කෙනෙක්.. :D :D එල ය අය්යෙ.. :D

    ReplyDelete
  29. "දැනුමෙන් කැපිලා පේන්න උත්සහා කරන්න..හැසිරීමෙන් කැපිලා පේන්න උත්සහ කරන්න..ක්‍රියාවෙන් කැපිලා පේන්න....අන්න එතකොට පැවැත්මක් තියේවි..."

    මුලින්ම ඔය පණිවිඩේ එන්න ඇත්තේ ඉස්කෝලෙන්.ඔව් අපේ ඉස්කෝලෙන්.

    සිරාවට රත්ගමයා වෙනසක් කරල තියෙනව.කුප්ප කතා කිව්වොත් රත්ගමය.ඉකේයියා කිව්වොත් රත්ගමය.
    ඒක තමයි රත්ගමය මේ බ්ලොග් කරනයේ හදා ගනිපු,අපිට තාම හදාගන්න බැරි වුනු අනන්‍යතාව.
    ඔය වෙනස් හිතිල්ලට බ්ලොග් කියවන ගොඩක් අය ආදරේ කරනව කියල නම් මම දන්නවා.

    ReplyDelete
  30. රත්ගමයා කියන්නේ වෙන්සක් කරන්න කැමති වෙනස්ම විදිහට හිතන්න කැමති කොල්ලෙක් ට. මම ඒක දන්නේ මම බ්ලොග් ලියන්න කලින් ඉදලා. මොකද මට අහම්බෙන් රත්ගමයගේ කලින් බ්ලොග් එක කියවන්න අවස්ථාවක් ලැබුනා. එදා තමයි රත්ගමයව මුලින්ම අදුන ගත්තේ

    කිව්වත් වගේ කුප්ප එහෙමත් නැත්නම් කුජීත කියලා වචනයක් දැක්කොත් මුලින්ම මතක් වෙන්නේ රත්ගමයව. ඒ තරමට ඒ වචනත් එක්ක ඊට පිටිපස්සෙන් ඉන්න පිස්සු කොල්ලෙක් හන්දා

    සමහර වෙලාවට රත්ගමයා ලියන ආදර කතාවක් අපට මතක නැති වෙන්න පුලුවන් ඒත් රතා ලියන කුප්ප කතාවක් මාසයක් උනත් එක වගේ රස විදින්න පුලුවන් ඒ තරමට ඒ කතා ලස්සනයි. ඒවා වෙනස්ම ආරක කතා නිසා.

    රත්ගමයා කියන්නේ පට්ට කොල්ලෙක් !!!!!

    ReplyDelete
  31. ------------------------------------------------------------------------------------------------
    Kathandara
    නෑ නෑ...ඒක ඌ හොයා ගත්තට පස්සේ අපි නැත්තටම නැති උනා..
    --------------------------------------------------------------------------------------------------
    බීටා
    වැසිකිලි බර උනාම..මුත්‍රා බර උනාම එහෙම මාව මතක් වෙන්නේ නැද්ද.........
    -------------------------------------------------------------------------------------------
    පූසා
    අපි අපි වගේ සද සද වගේ තරු තරු වගේ මල් මල් වගේ
    ---------------------------------------------------------------------------------------------
    සීතල අයියා
    අන්න සීතලේ..අපි තර්ක කරමු..උඹ ඔය බර කියලා දක්වන්නේ නිටන් බර කියලා හදුන්වා දීපු එකමයි..ඒ වචනේ නිව්ටන් හදුන්වලා දුන්නේ ඔන්න ඔය සිද්දියෙන් බේරෙන්න..නිව්ටන්ට ඒකට හේතුවක් හොයා ගන්න බැරි උනාම ඒකට බර ගාවලා හෙමීට ශේප් වෙනවා..නිව්ටන් නෙමේ ඒක කරේ..පස්සේ ආපු උන්..ඔය හැම එකාම කරන්නේ තියෙන නියම රැක ගන්න තව තව අලුත් තත්ව දාන එක මිසක් ඒ නියමය බිද වට්ටන එක නෙමේ..මම පිසික්ස් තමා කරේ..ඒක තමා මම ආසම සහ විකාරම කරපු විශය
    -----------------------------------------------------------------------------------------------
    කැන්ඩි..
    නොගැලපෙන වෙලාවලදි නිශ්ෂබ්දව ඉදලා ගැලපෙන වෙලවෙදි ඒ තර්කේ එලියට දාන පුද්ගලයා තමා බුදිධිමතා කියන්නේ
    ---------------------------------------------------------------------------------------------
    තාරක Dilsh@n
    අන්න ඒක තමා පොඩ්ඩෝ මේ පෝස්ට් එකේ මූලික අදහස..උඹ ඒක උකහා ගැනීම ගැන සතුටුයි..
    ---------------------------------------------------------------------------------------------
    Dinesh
    හැමෝම එහෙමයි නේ අයියේ..අයියා ලියන නිසදැසක් උනත් එහෙමයි..සුපිරී තරු වැඩබුනේ ටික කාලයයි..ඒ මොකද ඒ ඩුබ්ලිකේට් තරු නිසා..මිනිස්සු ආදරේ කරේ ඇත්ත තරුවට මිසක් ඩුබ්ලිකේට් ඒවට නෙමේ..
    ---------------------------------------------------------------------------------------------
    හිස් අහස
    ඉතින් ඒක නේ සදරු අයියා..ඔයා හිතන්නේ වෙනස් විදිහට..ඔයා වෙන කවුරුවත් කොපි කරන්න යන්නේ නෑ...ඔයා කාවවත් අනුකරනය කරන්නේ නෑ..මට ඔයා වෙන්නත් බෑ ඔයාට මම වෙන්නත් බෑ..ඔයා ඔයා...අන්න එච්චරයි ඕන..ඔයා ඔයා උනාම අනිත් අයගෙන් ඔයා වෙනස් වෙනවා...
    ---------------------------------------------------------------------------------------------
    ayesha
    ඇත්තම තමා..ඇල්බර්ට් අයින්ස්ටයිනුත් හොදම හොද පිස්සෙක්.....
    ---------------------------------------------------------------------------------------------
    සුළඟිල්ල | pinkie
    නෑ උඹ කියලා නෑ..මොකද බොට මට වඩා පිස්සු නිසා,,
    -----------------------------------------------------------------------------------------------
    කුරුං ගුරුං
    ඔව් බන්...ඒක අමතක වෙන්නේ නෑ....මාව වෙනස් කරේ අර පිලිමේ ලග තියෙන පරන හෝල් එකට මායිම් වෙලා තිබ්බ චූටිම චූටි පන්තිය..ඒ පන්තිය ඇතුලෙ ඉදපු අවුරුදු දෙකට මම ජීවිතේ ඉගෙන ගත්තා...
    ----------------------------------------------------------------------------------------------
    මධුරංග
    ඉකේයියා...මම ආදර කතා ලිව්වොත් යුගයේ අබිලික්ම ලව් ස්ටෝරිය වෙනවා...බලන්න එන එකා සිය දිවි නසා ගන්නවා...
    -----------------------------------------------------------------------------------------------

    ReplyDelete
  32. ඔහ්... ලොල්ය.. උබ එහෙනම් මටත් පිස්සු කිවුව හරිය..? :P ලොල්ය. මතක තියගනින්..
    ඔලුවෙන් හිටන් ඉන්න ඈයන්ට කකුල් දෙකෙන් හිටන් ඉන්න ඈයන්ව පේන්නෙ ඔලුවෙන් හිටගෙන වගේ ලු
    උබ ගනන්ගන්න එපා බන්.. උබට මට අපිට පිස්සො කියන්නෙ ඔය ඔලුවෙන් හිටන් ඉන්න උන් තම.. හික් ය. :D

    ReplyDelete
  33. මේ රත්ගමයෝ . ඔන්න ඔය මධුරංගත් කියන එකේ ලියපංකෝ ආදර කතාවක් . බලන අයට කට පුරා චිකේයියා කියන්න පුලුවන් වෙන්න !

    ReplyDelete
  34. රත්ගමය BEYOND FRAME හිතන්න පටං අරගෙන වගේ . . . .
    අඩේ . . . . උඹට කියන්න ඔය නිවුටනය නොහිටියා නං . . . ..අපි මොන තරං ලේසි වෙනවද උසස්පෙල භෞතික විද්යාව ප්‍රශ්නපත්තරේ . . . . .

    ReplyDelete
  35. අඩේ රත්ගමො. නිව්ටන් ඒක හොයා ගත්තේ නැත්නම් වෙන එකෙක් ඒක හොයා ගනිවි බං.. (ඔය උබ වගේ එකෙක්) අනිවා කතාව ඇත්ත. වෙනස් විදිහට හිතුන එකෙත් පොඩු ගතියක් තියෙනව ..

    ජය...

    ReplyDelete
  36. @ඕනයා.. ලොල්ය.. ආච්චිගෙ තට්ටෙය. භෞතිකවිද්‍යාවට නව පනක් ආවෙ නිවුටන් නිසා. යාන්ත්‍ර විද්‍යාව දුවන්නෙ නිවුටොනීය විද්‍යාව නිසා.. හරිය..?? නිකන් අවකැපෙන කතා කියන්න එපා.. ලොල් නැතය.

    ReplyDelete
  37. ---------------------------------------------------------------------------------------------------
    සුළඟිල්ල | pinkie
    නෑ යකෝ...අනිත් අය කකුල් දෙකෙන් හිටගෙන ඉන්නව නම් අපි ඉන්න ඕන ඔලුවෙන් හිට්යගෙන
    ------------------------------------------------------------------------------------------------
    හිස් අහස
    මම ආදර කතාවක් ලිව්වොත් ඒක ඇම්ඩන්ගේ රසකතාවකට වඩා අන්ත වේවි
    -----------------------------------------------------------------------------------------------
    ඕනයා
    ඉකේයියා...බයෙන්ද ප්‍රේමේ මතක් කොරන්න එපා..
    ඒක නම් ඇත්ත..ඔය නිව්ටනයා පච කෙලියේ නැති නම් mcq 60න් 60ම ගහනවා
    ----------------------------------------------------------------------------------------------
    Gayan Rupasinghe
    නිව්ටන් හොයා ගත්තේ නැත්නම් වෙන කෙනෙක් හොයා ගන්නවා..අයින්ස්ටයින් ගුරුත්වාකර්ශනේ හොයා ගත්තේ නැත්ට්නම් වෙන කෙනෙක් ඒක පහු වෙලා හොයා ගනීවි..හැබැයි ඒකට වෙන නමක් දේවි..වෙන සූත්‍රයක් දේවි..ඒක නිව්ටන් ගේ F=GMm/r2 ම වෙන එකක් නෑ..ඒක වෙනස් සූත්‍රයක් වේවි..වෙනස් අර්ත දැක්වීමක් වේවි..හැබැයි එකම සිද්දියට..මම කියන්නේ අන්න ඒක..නිටන් හොයාගත්තේ නැත්නම් වෙන කෙනෙක්ට ඒක හිතෙන්නේ කොහොමද කියන එක තීරනය කරන්න.
    ------------------------------------------------------------------------------------------------
    සුළඟිල්ල | pinkie
    අනේ ඇගිල්ලෝ...උඹ තාමත් ගල් යුගේනේ...නිව්ටනා කෙලියේ පච කියලා ක්වොන්ටම් පිසික්ස් වලින් ඔප්පු වෙලා ඉවරයි..උඹ දන්නේ නැතුව ඇති..යාන්ත්‍ර විද්‍යාව දුවන්නෙ නිවුටොනීය විද්‍යාව නිසා තමයි...ඒක දියුනු වෙන්නේ නැත්තෙත් ඒක නිසාම තමා...
    ----------------------------------------------------------------------------------------------

    ReplyDelete
  38. //"මම කියන්නේ කවුද?..මගේ ඇග ඇතුලේ ඉන්නේ කවුද...කාට වුවමනා විදිහටද මගේ අවයවයන් ක්‍රියාත්මක වෙන්නේ...."
    ඒකට මට තාම උත්තරයක් හම්බෙලා නෑ..මහාචාර්‍ය‍යවරු කියන්නේ ඒක කෙරෙන්නේ සිතෙන් කියලා..ඉතින් කෝ සිත කියලා අවයවයක්..අන්න ඒක කොහේද තියෙන්නේ...//

    මේකට උත්තරේ බුද්ධ දේශණාවෙ තියනව නෙව.

    කොහොම උනත් වෙනස් විදියට හිතුවොත් තමයි අලුත් දේවල් බිහිවෙන්නෙ. රත්ගමස් අලුත් සොයාගැනීමක් වත් කරොත් නරකද?

    ReplyDelete
  39. හැමෝම කැමතියි බං යුනීක් වෙන්න. ඒත් ගොඩ්ක් දෙනාට ඒකට හිත හයිය මදී. වටේ පිටේ උන් මොනව කියයිද කියල ඌ අනිත් එවුන් වගේ ඔහේ සාමාන්‍යකරනය වෙලා ඉන්නව. ඒ අතිං උඹ පොඩ්ඩක් ඉස්සරහින්. ඒකයි උඹ වෙනස්.

    ReplyDelete
  40. උඹ කියන එක හරි මල්ලී, හැම එකාම එකම විදියට හිතන්න ඕන නැහැ. වෙනස් විදියට හිතන්න ඕන. වැදගත් වෙන්නේ අප හිතල කරන දෙයින් තමන්ට වගේම බාහිර සමාජයටත් අවැඩක් නොවීම ගැනයි. 19 වන සියවසේ අගභාගය වෙද්දී විද්‍යාඥයෝ පවා ප්‍රකාශ කරාලු දැන් ලෝකේ සොයාගන්න තියෙන දේවල් ඉවරයි. තවත් මොනවත් හොයා ගන්න දෙයක් නැහැ කියලා. නමුත් ලෝකේ වැඩියෙන්ම දේවල් සොයාගත්තේ සහ ලෝකේ මෙතෙක් තිබුන රටාව මුළුමනින්ම වෙනස් වෙලා new world order එක නැත්තනම් නව ලෝක රටාව බිහිවුනේ විසිවන ශතවර්ශයේදියි. අර මුලින් කියපු විදියට දැන් සොයාගන්න තියෙන දේවල් සොයාගෙන ඉවරයි කියල ඒවා මතම යැපුනා නම් දෙවනියට කියපු මහා විපර්යාස සිදු වෙන්නේ නැහැ. අළුත් විදියට, වෙනස් විදියට හිතුවොත් තමයි ඉදිරියක් සෑම අංශකම තියෙන්නේ. බ්ලොග් කලාවටත් ඒක පොදුයි...

    ReplyDelete
  41. සතුටුයි ඔබ වැනි කෙනෙක් දැකීම

    ReplyDelete
  42. රත්ගමයා කියන කතාව හරි.බ්ලොග් එකක් ලියන කොට ඒකාකාරී වෙන්න හොදනැහැ.මෙතනට ගැලපෙන චවනය වෙනස් නෙවෙයි විශේෂී කියන එක.තමන්ගේ අනන්‍යතාව අනුව සෑම බ්ලොග් කරුවෙක්ම විශේෂී අයෙක්.රත්ගමයගේ බ්ලොග් එකේ මම මුලින්ම කියෙව්වේ "පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට ඕනම ද?.. " ලිපිය.ඒක කියවපු දවසෙම මට තේරුණා රත්ගම බ්ලොග් එක විශේෂයි කියලා.හැබැයි මම ඒ වෙලාවෙ හිතුවෙ රත්ගමයා කියන්නේ තෙම්පරාදු වෙච්ච තලත්තෑනි කෙනෙක් කියලා.මමත් බ්ලොග් එකේ පාරම්පරික ජ්‍යොතිෂ ලිපි අතරට විද්‍යාව සම්බන්ධ කරල ලියන්නේ අර කිව්ව විශේෂත්වය බ්ලොග් එකට ලබා ගන්නයි.

    ReplyDelete
  43. හිතන්න...හිතන්න....හිතන්න....
    හැමවෙලේම හිතන්න...
    තමුන් හරියටම හිතන විදිහ කොයියම් මොහොතකදී හරි තමුන්ට අඳුර ගන්න පුළුවන් වෙයි....අන්න එතනින් එහාට ඒ විදියට හිතන්න...කවදා හරි කෙනෙක් කිව්වොත් "ඒ යකා පිස්සෙක්" කියලා ඒ කියන්නේ ඔබ හිතන්නේ සහ මුලින්ම වෙනස් විදියකට බවයි.(පිස්සෙක් වශයෙන් හන වැදුනු මකුළුවකුගේ අදහසකි)

    ReplyDelete
  44. Rathgama gobbayek pora wenna yanawalu!

    Ane **** umba kiyana kan thamai api hitiye wenas widiyata hithanna

    ReplyDelete
  45. machan rathgamayo,
    mama umbage honda bokkak.Anonymous comment kalata...

    Oya ekak eka ballo biruwata umba baya wenna epaa.ohoma comment daanne "ARAKA PANA NATHI EWUN"

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)