Wednesday 23 March 2011

මැරිච්ච එකා ඇවිල්ලා..................................



මම නැති ටිකට හරි හරි ජංජාල නේ වෙලා තියෙන්නේ...යකෝ...දවස් තුනක් සයිබරෙන් ඈත් වෙලා ඉදියොත් මාව මරා ගන්නවා..
පොඩි විභාග වගයකට මම කැලනිය පැත්තේ ගියේ..මර්වියාගේ අඩවිය නිසා පන පිටින් එන්න පුලුවන්ද කියලා පොඩි සංකාවක් තිබ්බ නම් තමා...ඒත් බොලේ මැරෙන්න තරම් සයිකෝ නෑ නේ මට..
දවස මට මතක විදිහට සදුදා.කැළනියේ ගොහුන් ඉරිදා විභාග කට්ට ගොඩ දාලා මාමලාගේ ගෙදරත් දවසක් නැවතිලා ඉදලා එන්න කියලා අම්ම කියපු නිසා සදුදා දවසේ මම ඉදියේ අපේ මාමලාගේ ගෙදර..පුරුදු විදිහට බොද මීදුමේ සංසලා නංගි අර කොන්ද පන නැති එකා එක්ක හුරතල් වෙන ජුගුප්සජනක ටෙලි කතා මාලාව බල බල ඉදියේ..ජංගම දුරකතන රාජයා චාජ් වෙන්න ගහලා සෙටි එකේ (මම හිතන්නේ සෙටි එක එක් ලක්ෂ ගානක්..) වාඩි වෙලා අගල් 41 ඇල්.ඊ.ඩී ටීවි එකෙන් තමා බැලුවේ..
කතාව ඉවර වෙලා ෆෝන් එක ගන්නකොට මිස්කෝල් 15 ක්..අප්පටසිරි...කවුද බොල මේ අවේලාවේ..දන්නේ නැති නම්බර්ම 10ක් විතර..මම පොඩ්ඩක් බය වෙලා ගියා.ආයේ සුනාමියක් වත් එනවද දන්නේ නෑ කියලා..

දන්න නම්බර් එකකට තිබ්බේ ළමයගෙයි පොඩි මහත්තයගෙයි නම්බර් විතරයි..කොකටත් කියලා මම ළමයට මැසේජ් එකක් දැම්ම මොකො අවුල කියලා...ටික වෙලාවකින් මුගෙන් මැසේජ් එකක් එනවා උඹ මැරිලා කියලා බස් එකක කතාවක් යනවා මේ ඒක දැන ගන්න කියාලා..මමත් ඉතින් පිස්සුද බන් මම හොදින් කියලා රිෆ්ලයි කරා..ඊට පස්සේ ඉතින් ඕක වැඩිය ගනන් ගත්තේ නෑ...

                කොහොම කොහොම හරි ගෙදර ආවේ පෙරේදා රෑ..ඇවිල්ලා බැලුවම නේ වැඩේ මීටර් උනේ..මෙච්චර මේ සීන් එක දුර ගිහිල්ල නේ..මේකට වග කියන්න ඕනා අර සුලැගිල්ලා කියලා තමා ආරංචිය..බුකියේ මම ඔන්ලයින් උනා විතරයි ඌම මට ලින්ක් වගයක් එවනවා මේව බලපන් අයියේ,,මට සමාවෙයන් කියලා..එතකොට තමා කරුනු කාරනා දැන ගත්තේ..ගොඩක් අය කලබල වෙලා..සීමාව ඉක්මවා ගියපු විහිලුවක් නිසා..කොහොම උනත් පමන ඉක්මවා විහිලු හොද නෑ..ඒවගේම කොටියා අවෝ වගේ වෙන්නත් බැරි නෑ..

මම කවදා මැරේවිද කියන්න මම දන්නේ නෑ...ඒත් මැරෙන දවසට මැරෑවි..මීට කලින් මැරෙන්න ගිහින් තුන් පාරක් බේරුනා...පල වෙනි පාර කටු කම්බි වැටක් බෙල්ලෙ පැටලිලා එහෙම්ම ලිදට වැටුනා දවසක්...දෙවනි පාර බස් එකකට හැප්පිලා කකුල විතරක් කැඩිලා මාස තුනක් ඇදක් උඩ ඉදලා බේරුනා..තුන් වෙනි පාර සුනාමියට අහු වෙලා බේරුනා..හතර වෙනි පාර මොකක් වේවිද දන්නේ නෑ..

    මම නිසා ගොඩක් අය කලබල වෙලා...මම මේ ගැන ලියන්න නෙමේ ඉදීයේ..ඒත් සිදංගනා අක්කා ඇඩුවා කියලා කිව්වම ලියන්න හිතුනා..මම දන්නවා හැමෝමලා මට ඉන්නවා කියලා..ඉලංදාරි අයියා වගේ මමත් මේ බ්ලොග් එකෙන් හම්බකරගත්තු දේවල් තමා ඔය මනුස්සකම...මම වෙනුවෙන් අඩපු...හැමෝටම වගේම අර මෝඩ ඇගිල්ලටත් ස්තුති...බීම බොන්න සෙට් වෙලා ඉදපු උන්ගේ බඩට පාර වැදුනා අන්තිමට..

තව අවුරුදු හැත්තෑවකින් වරව්..බොලාට බීම බොන්න ඇහැකි...

56 comments:

  1. ෂික් ඕයි.. මම මාර සතුටු වුනා උඹට කෝල් කලාම අන්සර කලේ නැති වුනාම.. ගාල්ලේ ට්‍රිප් එකක් දාගෙන එන ගමන් මලගෙදරත් ගිහින්ම එනවා කියලා..

    මට කෝල් කරලා සීන් එක කීවේ පූසා බබා.. කොහොම වුනත් සුළගිල්ල එදාම කපා හැරියා අපිනම්...

    ReplyDelete
  2. හැහ්...මූ මලානං දාන්න තිබ්බ යස දාන මාන පාටියක්...කොහෙද මේක තාම ජීවත්වෙනවනේ... ෂැහ්...
    අඩෝ මේ... තෝ මැරෙණවහෙම නෙමේ මෙව්ව අහල...හක හක්... කුප්පයනං මැරෙයි අපි කියන එව්වම අහල...

    ReplyDelete
  3. සිකේ මමත් ශෝකී පනිවිඩයක් ලියන්න පටන් ගද්දිම තමා බස් එකේ පූසා කිවුවේ වෙච්ච වින්නැහිය,සිකාලනම් සෙට් උනේම දවස් 7 අදින්න,නොමිලේ දවස්7ක් කන්න බොන්න පුලුවන් කියන්නේ මේ කාලේ කොයිතරම් ලොකු දෙයක්ද නේද රතෝ...උබත් 3ක් ගොඩ ගිය එකා ආයෙ බොරු වැලිගම්පිටි යන එක සෑහෙන කාලෙකට,,මමත් 2ක් පිමි පැනලා නේ ඉන්නේ.කකුල,අත පොඩි පොඩි ඇද කුද හිටියට යස අගේට ඉන්න පුලුවන් දැන්.
    මටත් අරූ ලග හිටියනම් දත් සේරම බඩට යවනවා සිගිති ආතල් ගන්න බොරු කියනවට.

    ReplyDelete
  4. අඩේ මම මේ කතාව දැනගත්තේ සින්ඩි ලංකාවල තිබ්බ ලිපියකින්. පොඩි බොරුවක් උනත් යන දුර පේනවනේ. මේක කියපු යාලුවත් හිතන්න්නෙ නැතුව ඇති මේක මේතරම් දුර යාවි කියල. මොනව උනත් අපේ එකා යහතින් ඉන්නවනේ.... අර සුලැගිල්ලා ට සමාවක් දෙමු. මුල්ම පාරනේ...

    ජය....

    ReplyDelete
  5. අපිනම් ඉතින් උඹ නැමති මනුස්සයා කොහෙද කියලා දන්න හින්දා කලබල උනේ නෑ... ඒත් බයක් තිබ්බෙ උබ අර මැරවින් එක්ක ගේමක් ගිහිල්ලවත්ද දන්නෙ නෑ කියලා.... කෝම හරි උඹ ඉන්නවනේ ඒ ඇති

    ReplyDelete
  6. මමත් බැලුවා මූට මොකද වෙලා තියෙන්නේ කියලා . පස්සේ මූනු පොතෙන්ම සත්‍ය කතාව ආරංචි උනා... ඕකනේ හලෝ කියන්නේ යන තැනක කියලා යන්ඩ කියලා ! කෑල්ලට විතරක් යන එන තැන් ගැන කීවට මදි . උඹගේ බ්ලොග් ගෙදර අසල්වාසියෝ අපි. අපිටත් කියපං උඹ යන එන තැන්.කනබොන හැටි . කොහේ ගියත් මූනු පොතේ ලියපං ...

    උදා :- මම වැසිකිලියට යමි

    තෝ අපේ ආයුෂත් අරගෙන හැමදාම ෆන් එකේ ජීවත් වෙයං ..

    ReplyDelete
  7. Cmntz nokarami.
    I.madapatha

    ReplyDelete
  8. ජෝක් තිබිය යුතුය නමත් තරමකට නේ ..

    දිර්ගායුවෙවා!!!!!!!!

    ReplyDelete
  9. විහිළුවක් දුරදිග ගිය තරම... මමත් විස්තරේ දැක්කෙ බ්ලොග් එකෙන් තමයි.. මුහුණු පොතෙත් එක එක ඒවා දැක්කට කාරනේ හරියට තෙරුනෙ නැහැ..

    අපිව හිනස්සලා මලයා කර ගන්න පිනම ඇති අවුරුදු 100 ජීවත් වෙන්න...:)

    ReplyDelete
  10. dil1990= Ur frndi Dilsha Ok...

    ReplyDelete
  11. Mg nam dengaththa Oya busy kiyala.... :) :)
    Coz api dnno Iru gale gahalawath maranna bea kiyala...

    ReplyDelete
  12. හොද වෙලවට මම ඔක්කොම ඉවර උනා මයි දැන ගත්තේ මෙව්වා..අප්පා නැත්නම් ඉරු අයියාගේ මලගමේ බැනර් එකට කවිය ලියන්නේ මම මුලින්ම....හෙහ්...

    ReplyDelete
  13. මගේ බස් එකක තමා කතාව ගිහින් තියෙන්නෙ මම දැක්කෙත් පහුවෙලා. මම හිටිය නම් ඕක වෙන්නෙ නෑ. අරූට සයිබර් කනේ පාරක් දීල කතාව ඉවර කරනවා.

    ReplyDelete
  14. අනේ මල්ලියේ.. ඔය කට කතාව නිසා ඔයාගේ ආයුෂ වැඩි උනා...ඒත් එදා බය වුනු තරමක්.... ඔයා හොදින්නම් ඒ ඇති...

    ReplyDelete
  15. අම්මපා එවෙලේ අර සුළඟිල්ලව අහු උනානම්...... :@

    ReplyDelete
  16. යසයි ඔය බස් වල නගිනවට.. :D

    ReplyDelete
  17. එකෙක්ගෙ ගොං පාට් එකක් නිසා වෙච්චි දෙයක් බලහල්ල.
    කොහොමටත් උඹ ජීවතුන් අතරනේ.
    ජයෙන් ජය මචෝ.. චිරං ජයතු

    ReplyDelete
  18. මැරිලා ඉපදුනාටත් පස්සෙයි අප්පා දැනගත්තෙ මෙයා මැරිලා හිටියා කියලා. අපරාදෙ.

    ReplyDelete
  19. අපරාදේ බීම බොන්න තිබුන චාන්ස් එක. කමක් නැහැ... අපි තව අවුරුදු 100කින් විතර සෙට් වෙන්නම්කෝ... :D

    ReplyDelete
  20. සික් විතරක් හොද කැමක් කන්න තිබුන චාන්ස් එක

    ReplyDelete
  21. මලේ උබට ලිදකට පෑනලා එක්ස්පීරියන්ස් එකක් තියනවාද බන්.මාත් ල0කාවේ ඔය වාසනවන්ත අත්දෑකිම තියන අතලොස්සගෙන් එකෙක් තමයි.ගුලියක් කාලා වෑඩිවෙලා කරුවලේ එනගමන වෑටුනා කියහන්කෝ ගෙවල් ගාව ලිදකට.වස ලජ්ජාව...හෆොයි....

    ReplyDelete
  22. අසoක
    හික්...මම වැට්ටේ කම්බි කටු වැටක් බෙල්ල වටේ ඔතාගෙන..ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පෙර පින් කොරන්න ඕනා

    ReplyDelete
  23. චතුවා (ළමයා)
    මම සෙත්ත පෝච්චි වෙනකල් ද ඉදියේ තඩියා..තව අවුරුදු 70ක් ඉදලා වරෙන් ගාලු...
    -----------------------------------------------------------------------------------------------
    Prabhath Darshana
    උඹ මට වඩා නාකි නේ බන් පොඩි..මට කලින් සෙත්ත පෝච්චි වෙන්නේ උඹ..හික්..
    ------------------------------------------------------------------------------------------------
    ItalyDilan
    තුනක් ගොඩ ගියාට හතර කියන්න බෑ නේ...තුන් පාරම හිතුවේ මම ඉවරයි තමා කියලා..
    -----------------------------------------------------------------------------------------------
    Gayan Rupasinghe
    මම එනකල්ම දන්නේ නෑ...ඇගිල්ලට සමාවක් දෙමු පව් නිසා...අහී අයිය නම් සමාව දේවිද දන්නේ නෑ..මලම පැනලා ඉන්නේ...
    ------------------------------------------------------------------------------------------------
    MaRLaN
    මැරවියා එක්ක ගේමට ගියා නම් මම නෙමේ උඩ යන්නේ ඌ..දන්නේ නෑ මගේ හැටි..
    ------------------------------------------------------------------------------------------------
    හිස් අහස
    මම ලියල නේ ගියේ මුහුනු පොතේ...කෑල්ලට කියන්න කියනවා...කී දෙනෙක්ට කියන්නෙයි..කෑලිම කීයක් ද.... :))
    මීට පස්සේ ලියලම යන්නම් වැසිකිලි යනකොටත් එක්ක...
    ------------------------------------------------------------------------------------------------
    Anonymous
    මඩ පාත දනිමි... :))
    ------------------------------------------------------------------------------------------------
    ඉලංදාරියා
    ඒක නම් ඇත්ත අයියේ...ඔයාටත් එසේම වේවා!!
    ------------------------------------------------------------------------------------------------
    Dinesh
    අම්මෝ...අවුරුදු 100ක් වැඩ්යි...90ක් 95ක් විතර ඉන්න තමා බලාපොරොත්තුව....
    ------------------------------------------------------------------------------------------------
    dilgg1990
    අඩේ.....ඩිල්ශා....ඔයා නෙහාරා දැක්කයි...ඒක නේ..මම බිසී කියලා දන්නව නේ...ඇත්තට උනා නම් එනවයි ලංවකාවට
    ------------------------------------------------------------------------------------------------
    නිම්ශා
    ඔව් ඔව්...කට ඇරන් බලාගෙන ඉන්න ඇත්තේ කවි ලියන්න..එව්වා හදේ..මම ලියලා තියෙන්නේ රැඩිකල් නිර්මානයක් එදාට දාන්න...
    ------------------------------------------------------------------------------------------------
    රංග - මගේ ලෝකය
    අනේ අසාරනයාට ඉන්න දෙමු..කොහේද ඉතින් බස් ඩ්‍රයිවර් බස් එකේ නැති උනාම බස් එක යන දිහාව එකෙක් වත් දෙන්නේ නෑ
    ------------------------------------------------------------------------------------------------
    සුදු හංසි
    මම දනිමි...ඇඩුවා...වැලපුනා...අපෝයි අර මෝඩ ඇගිල්ලා කරන වැඩ..
    ------------------------------------------------------------------------------------------------
    පූසා
    ඔය ඉන්නේ වැඩියෙන්ම කලබල වෙච්ච මෑන්..ලමයා තමා කතාව කිව්වේ... :))
    ------------------------------------------------------------------------------------------------
    Praසන්ன
    කවුද..අපි නම් යන්නේ නෑ ඔය බස් වල... හික්..
    ------------------------------------------------------------------------------------------------
    තීර්ථ යාත්‍රිකයා
    චිරන් ජයතු රත්ගම...මහින්ද මාමා එලවන් ඒවිද දෙන්නේ නෑ
    ------------------------------------------------------------------------------------------------
    පිණිබිඳු...
    එහෙනම් අක්කා වැඩිය කලබල වෙන්න නැතුව ඇති,..
    ------------------------------------------------------------------------------------------------
    කොට ජීවිතේ
    සෙට් වෙන්න කොහේ 100කින්...අයියගෙයි අක්කගෙයි බබාල දෙන්න එවන්න එදාට :))
    ------------------------------------------------------------------------------------------------
    Anonymous
    තව අවුරුදු 70කින් වරෙව්....කන්න දෙන්නම්

    ReplyDelete
  24. මොනා උනත් බ්ලොග් එක අප්ඩෙට් වෙන්නේ නැති උනාම හුගක් අය බය උනා.......... උබ ඔය විබාග කරන්නේ නැතුව බ්ලොග් එකේම හිටපන්

    ReplyDelete
  25. අපච්චියේ ඔච්චර සීන් කෝන් එකක් උනා ද?මම ඉතින් බස් වල නගින එකක්ය ඕක දැනගන්න.මැරුණේ නැති එකේ ඔන්න ඔහේ හෙට අනිද්දා බිග් මැච් සෙට් වෙන්නකෝ...

    ReplyDelete
  26. මම නම් ඔහොම දෙයක් විස්වාස කරේ නෑ, මොකෝ මේ යස අගේට ගහක් ගලක් වගේ හිටපු කොල්ලනේ, මොනා වෙන්නද කියල.අනික ඇප්ටිටුඩ් ටෙස්ට් එකට යනවත් කියල කිව්වනෙ කලින් දවසක.හිතුවෙම කවුරුහරි කරපු විහිලුවක් කියල.ඒත් පොඩි බයකුත් තිබ්බ,කරන කියන දේවලවල හෑටියට මොකවත් කරදරයක් වෙලාවත් ද කියල.දෑන් යහතින් ඉන්නවනේ,ඒ ඇති!! :)

    ReplyDelete
  27. නොදොකිං මූසලයා තෝ මැරිලා නැනෙ.. අඩෝ මමයි බොට මුලින්ම කෝල් කලේ මැරිලාද බලන්න :D
    උබ 4 වෙනි පාර මැරෙන්නෙ ඔන්න බලාපං හාවෙක්ගේ අතිං :D :D

    ReplyDelete
  28. මොනා උනත් මං අර සුලගිල්ලාට ස්තුතිවන්ත වෙනෙවා.. ටික මොහොතක් හරි අපි සතුටු ගංගාවේ ගිල්ලව්වාට :P

    ReplyDelete
  29. සික් විතරක්... මූ තාම ඉන්නවා.

    අඩෝ මටත් ඈඩුනා බං... උඹට මොනාහරි වෙලා නම් අපි උඳලා මොකටද?

    ReplyDelete
  30. අඩෙ අප්පා... මමත් ගියා නොවැ මර්වින් අයියගෙ අඩවියට... අපරාදෙ බොලා කලුද සුදුද කියල හරි බලාගන්ට තිබ්බා...

    ReplyDelete
  31. රත්ගමස්... එක දවසක් මුහුණු පොතේ හෝ බ්ලොග් එකේ නැත්තම් ඒක හැමෝටම ගොඩාක් දැන්නවා මිස්ටර්,,, ඒක දැන් ගන්න,...

    ReplyDelete
  32. ඉලව්ව ! උඹ මළේ නැද්ද මේපාරවත් බං. මං උන්න බිග්මැච් එනගනමන් රත්ගම හන්දියෙ බැහැල ඇපල් කෑලි, දෙහි රේණු පාවෙන බීම වීදුරුවක් බීල යන්නනෙ. ආයෙ ඉතිං කවද ඔහොම එකක් බොන්නද බං. තව කීදොහක් බලං ඉන්න වෙයිද මන්ද...... :D

    ReplyDelete
  33. වස් යන්නත් එක්ක ඔහොම කතා යන එක හොදයි.ඕවට ඉතින් රත්ගමයා කලකිරෙන්න ඕන නැහැ.කවුරුවත් එක්කවත් අමනාප වෙන්න ඕනත් නැහැ.

    ReplyDelete
  34. හික් ය... ලොල් නැතය.. උබනම් මාර එකෙක් බන් රත්තො.. අර බනියට විත්‍රයි මතක් උනේ මට ස්තූති කරන්න.. ස්තූතිකරපු උන් මදි නිසා ඕන්න මම ආයි විහිලුකරන්නෙ නෑ..(*කොන්දේසි සහිතයි)

    අනික අභීත අයියන්ඩි කිවුව උබ සමාව දෙනකන් උ දෙන්නෙත් නෑ කියල.. මොනා උනත් අනික් උන්වගේ නෙවේ.. හොද එක.. (වෙන නැත්නම්)

    @ItalyDilan, රංග - මගේ ලෝකය, පූසා, චතුවා (ළමයා)
    ලොල්ය.. හික් හික්.. ලොල්ය.. සමා වෙන්ඩෝ....

    ReplyDelete
  35. අඩෝ රත්ගමයා..තෝ එහෙනං පාරම් බාන්නේ තුන් පාරක් බේරුනා කියලා නේද..හිටිං ඊ ලග පාර ඇඩ්රස් නැති වෙන්නම දෙවන්න...

    උඔ හිතුවද අපි දුක්උනයි කියලා..උඹ වැරදිලාවත් එහෙම වැරදි ආකල්ප තියා ගන්න එපා..අනික ඔය සිදංගනා අඩන්නේ නැති තැනක් කියහං..
    උඹ මලා නෙවේ ඕකි බත් එකේ තියෙන මාව කෑල්ල දිහා බලාගෙනත් අඩන පිස්සී..උඹේ හිතේ හරි වටින ඇඬිල්ලක් කියලා නේද..?පික්ෂු නැත්තං ෂෝක්..

    අඩේ මම ඒ වෙලාවේ පුදුම විදියට කලබල උනා..මේ ආරංචිය ඇත්තද කියලා තහවුරු කරගන්න..
    මං ඒ වෙලාවේ සැහෙන දේවල් හිතුවා..කොහොමද මේක වෙන් ඇත්තේ කියලා..
    ඒත් මං අන්තිමට හිතුවා චන්දේ පැරදුන දුකට උඹ වහ බොන්න ඇති කියලා...

    ඒත් ටික වෙලාවකින් ඒ ආරංචිය බොරු කියලා දැන ගත්ත වෙලාවේ තමයි මට ඇත්තටම දුක හිතුනේ..මට කේන්ති ගිය පාර අර මොකාටද මංදා මං බැනගෙන බැනගෙන ගියා යකෝ..ඌ මොකාද කියන්නවත් මං දැන්ං උන්නේ නැහැ..
    චික් විතරක් මෙහෙම බොරු ආරංචි දෙන එවුවෝ...

    ReplyDelete
  36. අපිත් බැලුව රත්ගමයට මොකද වෙලා තියෙන්නෙ කියල. හැබැයි ඔහොම කතාවක් නම් මම දන්නෙ නෑ.

    ReplyDelete
  37. හපෝයි මෙහෙමත් දෙවල් වෙනවද? මැරිලා ඉපදුනාටත් පස්සේ තමා මාත් දන්නේ මෙයා මැරිලා හිටියා කියාලා. කොහොම උනත් ඒ වගේ විහිළු කරන්න එපා. ඒ දුකට ඇත්තටම කට්ටිය මැරෙයි.

    ReplyDelete
  38. මාර කුප්ප කේස් එක නේද ??

    ReplyDelete
  39. අඩේ... ඔක්කොම උන් සුලැඟිල්ලට බනි‍න්නේ මොකෝ.... ඕක මම දැන ගත්තනං අර බනියා කොලා වගේ මරණ දැන්වීමත් හදලා දෙනවා නොමිලේම.... අඩේ බොරුවක් හරි කියපු එකට සුලැගිල්ලට ස්තූති කරන්ඩ ඕනෑ නෙවද කුප්පයෝ.....

    ReplyDelete
  40. ඇයි බං උඹ මැරුනෙ නැත්තෙ?බලපං අපි කොච්චර ආසාවෙන්ද හිටියෙ ගාල්ලෙ පැත්තෙ ගිහිල්ලා දානයක් එහෙම කන්න.චි බලපං අපරාදෙ

    ReplyDelete
  41. බය වෙන්න එපා රත්ගමය. මේකව නම් ගලේ ගැහුවත් මරන්න බෑ. මාරම බේරිල්ලක් නේ බේරිලා තියෙන්නේ.

    ReplyDelete
  42. ඔයා මැරිලා හිටියාද රත්තො..මාර සීන් එක. එපා වෙනවා අප්පා

    ReplyDelete
  43. පහුගිය දවස් වල මේ පැත්තෙ එන්න බැරි උනු නිසාත්, බස් වල ගමන් නොකරන නිසාත් අනේ රත්ගම මලයෝ මට නම් ඔය හරුප එකක්වත් තේරෙන්නෙ නෑ අප්පා....

    කොහොමින් කොහොම හරි අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්ඩඕනෙ...

    ReplyDelete
  44. Ane mokada ane nehara dekka da ahanne...? what does it mean.????
    Oya mata tikt 1kak ewanawda,.....? aniwa mg eno oyat mage gane monwa hari aran.... ;)

    ReplyDelete
  45. අපරාදෙ මට මිස් වුනා නේ ඒ සීන් එකත් මේ මගුල් විභාගයක් හින්ද...
    ඒක නෙවෙ මේක ගිනස් රෙකොර්ඩ් එකක් රත්ගම විසින් කුප්ප කුජීත යන වචන භාවිතයෙන් තොරව ලියපු බ්ලොග් පොස්ට් එකන් මෙන්ඩො....

    ReplyDelete
  46. මාර සිද්දිය නෙව වෙලා තියෙන්නෙ. අර කිව්වත් වගේ මැරිල ඉපදුනාටත් පස්සෙ තමයි මාත් සීන් එක දැන ගත්තෙ.

    එනිවේ ගණන් ගන්න එපා, උඹට දීර්ගායුෂ!!!

    ReplyDelete
  47. බයවෙන්න එපා මල්ලී, මැරුනත් පණ පිටින් ඉන්නව වගේ මමියක් හදාගන්න හැටි මම පහුගිය දවස් ටිකේම කියල තිබුනේ. ඕන නම් පුරාණ ක්‍රමයට, එහෙමත් නැත්නම් අළුත්ම ක්‍රමේට...

    ReplyDelete
  48. බලපන්! අපිට නෑනෙ ඔහොම මැරෙන්න චාන්ස් එකක් lol

    අඩෝ ධනුකයට බයින්න එපා... ඊයෙ රෑ සාලියට චූ බර හැදෙන්න යකෝ දුන්නෙ :D :D

    ReplyDelete
  49. බැරිද අපිට බලන්න උඹ මරුණා කියලා දාලා තියන පෝස්ට් එක හිහ් හිහ්.........

    ReplyDelete
  50. රත්ගමයා වරෙන් මොරටුවෙ විභාගෙට මම උබව මරලා දාන්නම්...
    තව දවස් දෙකයි... ;)

    පවු බං මැරවියා..

    ReplyDelete
  51. අයියෝ....ඔක්කොටම රිෆ්ලයි කොරපු ටික නැති උනො.....අනේ ආයේ ටයිප් කරන්න ගොඩක් වෙලා යනවා...කට්ටිය සමාවෙන්න ඕනා....
    එක එක්කෙනාට වෙන වෙනම රිෆ්ලයි නැති උනාට හොදේ

    ReplyDelete
  52. අනේ. මම හිටියෙ මුගෙ මල ගෙදර ඇවිල්ල බීම වීදුරු 10 ක් 15ක් ගිලින්න. චැක්. උඹ ඉක්මනට මැරියන්කො

    ReplyDelete
  53. මූ මැරිල නෑනේ. මේ අපූරුවට ඉන්නේ.
    ඉකේයියා..

    ReplyDelete
  54. රත්තෝ...... අවුරුදු 100ක් ඉන්න නේද උබ හිතගෙන ඉන්නේ.... බලමුකෝ අපිත් ඉන්නවනේ....

    දිර්ගායුවෙවා!!!!!!!!

    ReplyDelete
  55. මේ වගේ විහිලු කොහෙත්ම අනුමත කරන්න බෑ

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)