Tuesday 15 March 2011

කුප්පභිෂේකයේ අවසාන කුප්පයා...............




හතර වටේම ලයිට් පත්තු වෙනවා..මම ඉදියේ ඇස් ඇර ගන්නවත් බැරුව..
කිරි අප්පට විදුලි කොටාපි...මෙන්න කමල් මාමා මට පිටිපස්සෙ ඉදලා කෑගහගෙන දුවගෙන එනවා...

''මෙන්න අදත් ඔබ පුල පුලා බලා සිටි සිරිලාංකීය කුප්පාභිශේකයේ මෞලි මංගල්ලය''


ඉකේයියා....මේ මොන කුජීත වැඩක් ද බොල මට වෙන්න යන්නේ....

 " අවසාන සුපිරි තරු බබලන රාත්‍රිය..හතලිස් දහසක් කුප්පයන් අතරින් අවසන් 12 තෙක් පැමින ඔබ කුල්මත් කර..හිරි කිත වදනින් හිරි ඔතප් බිදි කුප්පයා....පිලිගන්න රත්ගමයා මහතා"

එහෙම කියාපු කමල් අයියා දැම්මේ නැතෑ මගේ කරට අත..
එහෙමනම් අපි විලි+ශ්ච මංඩලය හදුනා ගනිමු..හෙලයේ රිදී සීනුව..බෙන්තර ඇල්පිටියේ සුරූපිනිය.... නීතා සුමාරසිංහ මැතිනිය සාදරයෙන් පිලිගන්නවා...."

එහෙම කිව්වා විතරයි ලයිට් එලියක් වැට්ටා මල නාකි හෝන්තුවකගේ මූනට...දත් 32කම පෙන්නලා වැන්දා ප්‍රේක්ෂකාගාරෙට..මේ මොනවද යකෝ වෙන්නේ...මට හිතා ගන්න බෑ...

ඊලගට අසුන් ගෙන සිටින්නේ හෙලයේ කැලනි කුප්පයා...කාවන්තිස්ස රජ පරපුරෙන් පැවත ගෙන ආ.......මැරවින් සිල්වා"

ඒ පාර ලයිට් එලිය වැට්ටේ හරිම සිල්වත් මාමා කෙනෙක් ගේ මූනට...එතුමා හරිම වැදගත් විදිහටයි ඉදියේ..මගේ බය ටිකක් අඩු උනා එතුමාව දැක්කම...

"අවසාන වශයෙන් අපේ ආරාධනය පිලිගෙන පැමිනි...අරවින්ද යායේ කුමාරයා....සුදු මාධව නරවින්ද......."

ඒ පාර ලයිට් එලිය තට්ටයක් උඩට වැටුනා..තට්ටේ දිලිසෙනවා හිරි කිතේ බෑ...ඒ අස්සේ ඒ මාමා මනමාල හිනාවක් දාලා හිනාවෙනවා....
කමල් මාමා මගේ දිහාට හැරුනා... 
"කුප්පයන් හතලිස් දහසක් අතරින් අවසාන කුප්පයන් දෙදෙනා අතරට පැමිනීම ගැන මොකද හිතන්නේ"

මම පොඩි වැදගත් පෙනුමක් මවා ගත්තා ඕන්...කැමරා තීයෙනව නේ හැම පැත්තෙම.. 
"හ්ම්ම්ම්...හිරිකිතක් දැනෙනවා..." 

"ඒකත් ඉතින් කුප්ප කම තාමා.මට මතකයි මම පොඩි කාලේ ඉදලා කරන තරමක් කරේ කුප්ප වැඩ..අපේ අම්මා ඉදියප්පන් හැදුවා මටමතකයි...ගොඩක් දුක්බර අතීතයක් අපි ගත කරේ...මේ තරගෙත් එක්ක ගොඩක් දේවල් වෙනස් උනා...අම්ම දැන් ඉදි ආප්ප හදන්නේ නෑ....දැන් රුලන් විස්කෝත්තු විකුනනවා.."
 
පිටිපස්සෙන් ලාවට සංගීත සද්දයක් එනවා...හොදයි අපි තරගය පටන් ගමු,,,,

"ලෙස්ට් ප්ලේ ද කුප්පනයර්,,,,,"

"එහෙනම් යමු පලවෙනි ප්‍රශ්නයට..මෙන්න මේකයි ප්‍රශ්නය....
සිරි ලංකාවේ පවතින වැසිකිලි වර්ග කීයද? ඒ මොනවාද...."

"අපෝ....හරිම ලේසි ප්‍රශ්නයක් නේ..පොඩි කාලේ සමාජ අධ්‍යනයට අපි මෙව්ව කොච්චර නම් පාඩම් කොරාද.....පිලිතුර වැසිකිලි වර්ග තුනයි"

1.වල කකුස්සි
2.කොමඩ්
3.වැල්ල
 
 ඔව්.....
ඔබ රුපියල් දස දහසක් දිනා ගන්නවා..මෙන්න ඔබට හිමි චෙක් පත...මම මේක තියා ගත්තට කමක් නෑ නේ....

"අනේ කමක් නෑ...තිය ගන්න"

:අපි යමු ඔබට තියෙන ඊලග ප්‍රශ්නයට...මේක බහුවරන ප්‍රශ්නයක්..කොළඹ මැජෙක්ටික් සිටි වෙලද සංකීර්ණය තෙවෙනි මහලේ දකුනු අත පැත්තට හැරුනු පසු තිබෙනා වැසිකිලි පද්දතියට ඇතුලත් වීමේ ගාස්තුව කීයද?"

 a.රුපියල් 5 යි
b.රුපියල් 10යි 
c.රුපියල් 8යි සත 25යි
d.රුපියල් 9යි

අම්මෝ...හරිම ලේසි නේ...මට පෑනක් දෙන්න පුලුවන්ද....

කියපු හැටියේ පෑනක් හම්බුනා...මම හදුන්වා දීපු සමීකරනෙට ආදේශ කොරලා බලමු කීයද කියලා...

                       මුත්‍රා බර 7ක් = පොල් ගෙඩියක්
                      පොල් ගෙඩියක් = රුපියල් 70යි
      එම නිසා : මුත්‍රා බර 7ක් = රුපියල් 70යි
     දෙපැත්තම 7න් බෙදමු
                     මුත්‍රා බර 1ක් = රුපියල් 10 

හික්...ඒවත් ප්‍රශ්නද අයියේ අපි වගේ කුප්පයන්ට...පිලිතුර b රුපියල් 10යි

"ඔබට හොදටම විශ්වාසයි නේද පිලිතුර..එහෙනම් මම කොම්පුටරේට භාර දෙනවා...කොම්පුටර් ලොක් ආන්සර් බී රුපියල් දහයයි"

එතකොටම ලයිට් ඩිම් වෙලා ගියා බී උත්තරේ ලොක් උනා කොම්පුටරේ...ටික වෙලාවක් තටම තටම ඉදපු කමල් මාමා හයියෙන් කෑ ගැහුවා 

''ඔව්...ඔව් රුපියල් ලක්ෂයක් දිනා ගන්නවා පිලිතුර රුපියල් 10ක් තමා"

ඊලග සහ අවසාන ප්‍රශ්නේ දිනා ගත්තොත් ඔබට රුපියල් මිලියනක් හම්බෙනවා..ඔබ මොකක්ද මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ...

මම හිතන් ඉන්නේ මේ ඔක්කොම සල්ලි කොටස් වෙලද පොලේ ආයෝජනය කරන්න"

"ඉතාමත්ම හොද අදහසක්..මොන වගේ ව්‍යාපාර වලද ආයෝජනය කරන්න හිතන් ඉන්නේ.."

"වැසිකිලි ව්‍යාපාර වල තමා..පොඩි කාලේ අපිට යන උනේ වැල්ලට...එහා ගෙදර සෝමේ මාමලට අපේ වැසිකිලිය සින්න වෙලා තිබ්බේ..ඉතින් ඒ වැසිකිලිය බේර ගන්නවා මේ මුදල ලැබුනොත්"

"හොදයි මගේ බලාපොරොත්තුවත් ඒක තමා...එහෙනම් ඊලග ප්‍රශ්නයට යමු...මෙන්න මේකයි ප්‍රශ්නය..හොදට හිතලා පිලිතුරු දෙන්න"

"හෙට තරගය පාවා දෙන්නේ කවුද?"

ඈ යකෝ...මේක හරි කෙලියක් නේ...දැන් තරගේ පටන් ගන්න කලින් තරගේ පාවා දෙන එකා කවුද අහනවා....නොදකින් මෙහෙම රටක්

"හ්ම්ම්ම්ම්ම්ම්........යනවා කෝල් අ ෆ්‍රෙන්ඩ් උපකාරකයට....මට අරන් දෙන්න මහින්ද අසුන්දර අයියාව"

ඔව්..අපි දැන් මලාටෙල් දුරකතනයකින් ඇමතුම ගන්නවා...

"හෙලෝ...මහින්ද අයිය..ඔබේ මිතුරෙක් අපිත් එක්ක ඉන්නවා ප්‍රශ්නයකට උත්තරයක් අහගන්න..ඔව් අහන්න ප්‍රශ්නය ඔබට තත්පර 30ක් හිමි වෙනවා."

 "මහින්ද අයියේ....මේකයි ප්‍රශ්නේ...හෙට තරගය පාවා දෙන්නේ කවුද..."

අයියෝ...සිම්පල් ක්වෙශ්චන් නේ මල්ලි.....පොඩ්ඩක් ඉන්න පිටපත පෙරලලා බලනකල්.....හ්ම්ම්ම්....හෙට 2011.03.18...අහ්...මේ තියෙන්නේ...හෙට පාවා දෙන්න තියෙන්නේ ***** ක්‍රීඩකයට (දුම්කොල හා මධ්‍යසාර පනත නිසා කොටු කොටු දමමි )

"බොහොම ස්තූති මහින්ද අයියා...මම ඒ පිලිතුර භාරගන්නවා,,,,"
ඔව්....ඔබ මිලියනයක් ජයග්‍රහනය කරනවා.පිලිතුර නිවැරදියි..දැන් ඔබට අර වැසිකිලිය බේරා ගන්න පුලුවන්...අපි මේ ගැන විද්වත් විලි+ශ්ච මංඩලෙන් අදහස දැනගමු.....

නීතා නංගි මොකද හිතන්නේ රත්ගමයගේ හැකියාව ගැන..
මට කියාගන්න බැරි තරම් සතුටුයි...අල්ලගෙන කුචි කවන්න හිතෙනවා අනේ....අපේ පැත්තේ හැම පාරකටම කොන්ක්‍රීට් දාලා...මේක කරන්නේ තනි මගේ........."

ඇති ඇති ඔබ තුමියගේ අදහස,,,,,ඊලගට අපි යොමු වෙන්නේ කාවන්තිස්ස මහතා ලගට....

"ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්"
මෙතන ඉන්න හැම එකාලම පිලි ගන්න ඕන විවාදෙකින් තොරව..මූ තමා මිනිහා..අඩෝ...උඹේ කුප්ප කම් රත්ගම තියා ගනින්..මගේ ආසනේට එක කොඩියක් දාන්න එන්න එපා උඹ...."

බොහොම ස්තූති....ඊලගටස සුදු මාධව අරවින්ද මහතා වෙත යොමු වෙමු..


මොනවා කියන්නද...ඔබ තාම පුංචි දළඹුවෙක්....මම දළඹුවෝ අල්ලන්නේ නෑ..කල් ගිහිල්ලා පිහාටු ආවම ඔබ සමනලයෙක්...අන්න එදාට මගෙන් පරිස්සම් වෙන්න..මම ඔබව අල්ලනවාමයි...අරවින්ද යායේ මල් පිපේවි එදාට..ස්තූතියි පැමිනියාට"

ඉකේයිය ...මේ මොන වලත්තයෙක් ද...මාව අල්ල ගන්න එනවා...මම අනුන්ගේ සමනලයෝ..වෙන එකෙක් අල්ල ගනින්...මගේ අල්ලන්න එන්නේ...වනචරයා...නරක සමනලයා.."

 මම ඒක කිව්ව විතරයි කැලනි සිරා විලි+ශ්ච මණ්ඩලයෙන් පැනගෙන ආවා...කවුද යකෝ සද්දෙ දාන්නේ...කුඩු කරනවා ඩෝ.....අඩෝ....කුඩු ලාල්...වරෙන්...ගල් ගහපාන්......"

ඒ අස්සේ කොහේ දෝ ඉදලා ආපු තඩි ගලක් මගේ ඔලුවට වැදුනා...බුදු අම්මෝ...මම එතනම දිගා උනා..


"තෝ තාම නිදිද..නැගිටපිය ගොන් හිවලා...වෙලාව බලපන් කීයද කියලා..."
සිහිනෙන් වගේ අපේ මල්ලිගේ කට හඩ ඇහුනා...ඇස් දෙක ඇරියම ඌ ඉන්නවා කොස්සකුත් අතින් අරන් මගේ ඉස්සරහ......

68 comments:

  1. ගලක්ද හිස් බෝතලයක්ද :D

    ReplyDelete
  2. කුප්පයෙකුට දෙන්න ඕන මිලියනයක් නෙමේ. කුප්ප කාන්තාවක්,එකතුවෙලා ලෝර්ඩ් ඔෆ් ද කුප්පයෙක් ලෝකෙට බිහිකරන්න..: :පී මෙම අදහස දැක්වුයේ ..........

    ReplyDelete
  3. සචියා15 March 2011 at 17:20

    අඩෝ මේක කියවලා බඩ බොකු එලියට ආවද කොහෙද ?? රත්ගමයගේ මල්ලි ඇයි කොස්සක් තියාගෙන හිටියේ ........ රත්ගමයාගේ room එක අතුගාන්න වෙන්න ඇති.

    ReplyDelete
  4. රත්ගමයට තියෙන්නේ මාර අදහස් නෙව...එළ එළ අයියේ...

    ReplyDelete
  5. කුප්පයාට හැක් වෙන්න හිතිලද ?
    මොනවා උනත් මටත් සුදු වෑන් පෙනුනා මේක කියවලා...

    ReplyDelete
  6. ඇත්වශයෙන්ම..... ඇක්චුවලි.... මේකෙ අවසානයේ මේ වගේ එකක් වන බව මා දැනගෙන සිටියා...

    ReplyDelete
  7. යකෝ මරවින්ට මොකක්ද උඹ කිවුවේ. ඔන්න සුදු වෑන් එකක් එනවා උඹලගේ ගේ දිහාට... :(

    ReplyDelete
  8. අර සුදු මාදව නරවින්දගේ කතාව නම් හරියතම හරි... එලම කිරි..

    ReplyDelete
  9. අඩේ රත්ගම මලේ බෙන්තර ඇල්පිටියට වදන් දුන්න එකනම් චුට්ටක් විතර කැතැයි... ආආආ....

    ReplyDelete
  10. අපරාදෙ තව ටිකක් මල්ලි පරක්කු උනානම්... හොද වලියක් බලාගන්න තිබ්බා

    ReplyDelete
  11. හොඳා හොඳා.. හිනා ගියා නෙව...
    නරක සමනලයා = http://www.youtube.com/watch?v=lOrUZiWuNuE (ඉස්පෑමිංග්)

    ReplyDelete
  12. ඔබගේ ලිවීමේ දක්ෂතාව අගයකරනමුත් එයින් මිට වැඩ පල ඇති වැඩක් ගත්තනම් යැයි සිතේ....

    ReplyDelete
  13. මල්ලි නිදා ගන්න කලින් පන්සිල් ගන්නෙ නැද්ද? නැත්නම් මෙ වගෙ නරක හින පෙන්නෙ නැහැනෙ..
    එක නෙමෙයි අර සමිකරණය මාර්ක් අයියාගෙ නෙද?? දැන් ඔක මල්ලි හොයාගත්ත විදිහට දාලා තියෙනවා දැකලා මාර්ක් අයියා මොනවා හිතයිද මන්දා.....:)

    ReplyDelete
  14. මේ ජන්ද ඌස්නේ අස්සේ රත්ගමයා අම්බානෙට කන්නයි හදන්නේ .නැත්නම් මේකා හැකේ හැක් වෙනයි හදන්නේ .

    මචං ඔය කක්කුස්සි වර්ග හතරක් තියනවා . අපේ පැත්තේ අය තවම යන්නේ ලිපට . ලිග්ගල් තුනෙන් දෙකක් මත කකුල් තිවුවා . සුදු පාට අලු වලට යටකරා .(ලිප දල්වන්නට පෙර .. )

    උඹට තරු පහෙන් *****ම දෙනවා පට්ටයි ...

    ReplyDelete
  15. රත්ගම ළමයටත් මාර අදහස්නෙ එන්නේ... :)

    ReplyDelete
  16. ආපෝ රත්ගමයා මල්ලිගෙන් කොහු පාරවල් කනවද? ඉකේයියා....

    ReplyDelete
  17. "කල් ගිහිල්ලා පිහාටු ආවම ඔබ සමනලයෙක්...අන්න එදාට මගෙන් පරිස්සම් වෙන්න..මම ඔබව අල්ලනවාමයි..."

    පරිස්සමින්.. තට්ටේ එක්ක සෙල්ලම් එපා...

    ReplyDelete
  18. මචං මේ.. උබේ කුප්ප කම වැඩියි හොදේ..!

    ReplyDelete
  19. අඩේ රත්ගමයෝ කියලා වැඩක් නෑ බං උඹේ හීනේ....මල් හතයි ආ.....

    -නිර්මල-

    ReplyDelete
  20. අඩෝ කව්ද ඩෝ අපේ ආචාර්ය තුමාට බනින්නේ ;)

    ෆට්ටයි රතෝ :D

    ReplyDelete
  21. ලොල්ය... බලාගෙන.. තාවම කතාව ඉවර උනේ නැ.. හරිය..?? දැන්තම කතව පටන් ගත්තෙ.. ඔහොම බලගෙන හිටු. උබට හීනෙන් වගේ දැලි පිහිප්‍රහාරයක් එයි. හික් ය.. අපිත් කැළනි පුර වරේ ඩෝ... සියනැකොරළේ හරිය.........???

    ReplyDelete
  22. ඔන්න ඉරූගෙ කුප්ප කම... කොච්චර ෂෝක් ද..? කාටද ආඩම්බර..? අපේ එකෙක් කුප්පාභිශේකෙකින් හරි දිනුවා කිවුවම අහ්..? ඒකෙත් හැටි.. රත්ගම පැත්තේ පොඩි එවුන් එක්ක එන්න නාකයි... මොන මොනා ලියලා තියේද කවුද දන්නේ..
    මේ අද වගේ..
    අදත් කියන්න තියෙන්නේ.. ටොකු අනින්න ඕනෙ එවුනට නම් ඔයා හොදට ඔළුව අත ගාලා ඔනෙ නම් තැඹිලි තෙල් ටිකකුත් ගාලා හිල් වෙන්ඩ ටොකු පාරවල් අනින්ඩ නම් රුසියා.. සිරාමයි.. ඒ වැඩෙනම් එළ ඉරූ.. නැත්තම් එවුන්ගේ මොලෙ පෑදෙන්නෙම නෑ.. ප්‍රශ්නෙ කියන්නෙ පෑදෙන්ඩ මොළයක් තියනවද කියල එක.. හික්ස්

    ReplyDelete
  23. අද තමා රත්ගම අය්යාගේ බ්ලොග් එක මුලින්ම කියෙවුවේ......
    රත් ගමයටත් මාර ම අදහස් නොවැ තියෙන්නේ.............
    මෙතනම ලියන්නම්.... අර ලියුම් දෙක නම් සිරාවට පට්ට......

    ReplyDelete
  24. මලේ කතාවනම් එල හොදේ..ආයි නියමෙට ලියලා තියන්වා.මට වෙන කියන්න වචන නැ..ඔන්න මම මුනු පොතටත් ශෙයා පාරක් දාගත්තා හොදේ.....

    ReplyDelete
  25. කුප්ප කියන්නෙ මොකක්‌ද?අනේ කියලා දෙන්ට කෝ

    ReplyDelete
  26. ඉකේයියා..උඹේ බ්ලොග් එක නම් මරු මලේ...මම සෑහෙන්න ප්‍රශ්නයකින් ඉදියේ...මේක කියව්වා විතරයි ඔක්කොම ප්‍රශ්න අමතකයි...
    - සුමින්ද -

    ReplyDelete
  27. ikeyiya saha kuppa kiyana wachan deka arena wena mukuth naha blog eke. hari loku deyak kiyalada hithagena inne?

    ReplyDelete
  28. DarKneT | ඉෂාර
    මූඩියක් මචන්
    ----------------------------------------------------------------------
    Anonymous -ජොලා
    ඔය ඇනෝ නම කිව්වේ පස්සෙනේ..ඔයාගේ කතා වගයකුත් තියෙනවා දන්න
    ----------------------------------------------------------------------
    කුරුං ගුරුං
    එල එල.....ජය වේවා!!!
    ------------------------------------------------------------------------
    රංචාගොඩ ළමයා
    ඉකේ...ඔය ජරා වචනේ මේකෙ කියන්න එපා...ඒ වචනේ දැන් විහිලුවක් වෙලා....
    ----------------------------------------------------------------------
    කෙෂාන් විදුරංග
    උඹ අබේසූන්දර මාමගේ පිටපත කියෙව්වද කොලුවෝ අවසානය කලින්ම දැනගත්තේ
    ----------------------------------------------------------------------
    සචියා
    නෑ බොල...ඌ තමා අපේ ගෙදර වැඩ කාරයා...අතු ගාන්න...ඇදුම් හෝදන්න ඉන්නේ ඌ තමා....
    ----------------------------------------------------------------------
    .ChAnDiKa.
    දැන් වෑන් එන්නේ නෑ...කෙලින්ම ඇවිල්ලා උස්සන් යනවලු....
    ------------------------------------------------------------------------
    Senaka
    ඒක මට කට පාඩම් බොලේ.....සමනල්ලු අල්ලන කතාව
    --------------------------------------------------------------------------
    හුදකලාවේ සටහන...෴
    ඉතින් ඔය වගේ ආච්චිලා ඒ පැත්තේ තියගෙන ඉන්න එක ඊට වඩා කැතයි නේ
    -----------------------------------------------------------------------------
    MaRLaN
    පිස්සුද යකෝ...එහෙනම් ප්‍රධාන පාලක මැදිරියට දාලා කලු කරනවා
    ------------------------------------------------------------------------------
    KaZ ගුණසේකර
    ස්පෑම් කරන්න එපා සමනලයෝ.....
    ---------------------------------------------------------------------------------
    dishanrajapaksha
    මේ වැඩේ මට නම් පලක තියෙනවා..කෙනෙක්ට පොඩ්ඩක් හරි හිනාවක් දෙන්න පුලුවන් නම් ඒක පලක් තියෙන වැඩක්...අඩවන කතා ලියලා වැඩක් නෑ..ඒ වගේම මේක උඩින් බැලුවම හිනා ගියාට මේක ඇත්තමට කියවලා බැලුවනම් අපි අපිටම හිනා වෙනව නේද කියලා හිතන්න ඕන මහත්මයා
    -----------------------------------------------------------------------------------
    Dinesh
    පන්සිල් ගන්න වෙයි වගේ...මාර්ක් අයියා දැන් ගන්න එකක් නෑ...මෑන්ට සිංහල බෑ නේ

    ReplyDelete
  29. මූටත් මාර හීන තමයි පේන්නේ.. කියව්ද්දිනම් හිනා.. ඒත් ඉතින් අන්තිමට හිතෙනවා අපි හිනා වෙලා තියෙන්නෙ අපිටමයි කියලත්..

    ReplyDelete
  30. හිස් අහස
    අපි ගාව බඩු තිබේ....පුන්චි පහේ පිස්තෝල කෑල්ලක්...
    හොද වෙලාවට වැසිකිලි 3යි කිව්වම කොම්පියුටරේට වැරදුනේ....මිලියනේ හබක් නැතිනම්
    ----------------------------------------------------------------------
    කොට ජීවිතේ
    මාර නෑ මාර නෑ :))
    ----------------------------------------------------------------------
    JHOTHISHALANKA
    නෑ නෑ...ඒක මේ නිකන් විහිලුවට ලිව්වේ....(අපෝයි....මාට්ටු උනා නේද )
    ---------------------------------------------------------------------------
    චතුවා (ළමයා)
    ඉකේයියා...මම සමනල්ලු අල්ලන්න යන්නේ නෑ උඹ අල්ලන්න ගියාට
    ----------------------------------------------------------------------------
    Bunny
    කුප්පා ස්ටර්..........
    -----------------------------------------------------------------------------
    annanmannan -නිර්මල
    මීට පස්සේ පන්සිල් අරන් දොයියන්න ඕනා...
    ------------------------------------------------------------------------------
    පූසා
    අනේ මම බැන්නේ නෑ...එතුමට අපි නම් බනින්නේ නෑ
    -----------------------------------------------------------------------------
    සුළඟිල්ල | pinkie
    ආ...උඹත් කැලනියෙද...ගල් ගහන්න පුලුවන්ද? ගස් බදින්න පුලුවන් ද? ඒ සුදුසුකම් තියෙද?
    -------------------------------------------------------------------------------
    ප්‍රාර්ථනා
    මෙතන ඉන්න ඔක්කොගෙන්ම ඔයා කතාව තේරුම් අරගෙන තියෙනවා...:)) අපි මේවට හිනා වෙනවා කියන්නේ අපි අපිටම හිනා වෙනවා කියන එකට...
    මේ තියෙන්නේ අපේ ජීවිත ගැන කතාවක් තමා රුවන්
    -------------------------------------------------------------------------------
    බීටා
    එල එල බීටෝ....වෙනස් විදිහට හිතන්න කියල නේ කියන්නේ...එතකොට තමා පැවැත්මක් තියෙන්නේ..
    ---------------------------------------------------------------------------------
    අසoක
    එල එල...ජය වේවා!!!!!!!!!!!1
    ---------------------------------------------------------------------------------
    Anonymous
    ඒක විමල් ඇමති තුමාත් කිව්වේ...එයාගෙන අහගන්න කෝ...
    -------------------------------------------------------------------------------
    Anonymous -සුමින්ද
    ඔය තියෙන්නේ.....ප්‍රශ්නෙ පොඩ්ඩක් හරි අඩු උනා නම් එච්චරයි ඕනා
    --------------------------------------------------------------------------------
    Anonymous
    ඔව්..ලොකු දෙයක්
    -------------------------------------------------------------------------------

    ReplyDelete
  31. සුදර්ශන බංඩාර හේරත්
    අන්න හරි......මම කැමති දෙවනි කොමෙන්ට් එක ඒක.....
    කාටද හිනාවෙන්න කියලා හිතලා බැලුව නම් අපිටමයි ලැජ්ජා හිතෙන්නේ...තරු පායවන්නෙත් අපි..පාර්ලිමේන්තුවේ උන් ඒකට යවන්නෙත් අපි...
    හිනා වෙන්නෙත් අපි....

    ReplyDelete
  32. හිනා වෙලා හිනා වෙලා කටත් රිදෙනවා. අපූරුවට ලියලා තියෙනවා යාළු.

    ReplyDelete
  33. අඩේ මේකා මරුවට ලියලා තියෙනවනේ. තාමත් හිනා. කොහොමහරි අපේ කුප්ප රතා කුප්ප ස්ටාර් උනා. මගේ සුබ පැතුම් !!!!

    මූට මේවා කොහොම හිතෙනවද මන්දා...... ලස්සනයි මලේ කතාව අගේ !!!!!

    ReplyDelete
  34. අපොයි....මහන්සි වෙලා නැහිලා අර ලැබ් එකේ තියන ඔක්කොම කෙමිකල් සැර ගියා මේකාගේ කොලම් දැකලා.... අප්පේ... මහන්සිය කොහෙන් ගියාද මන්දා හිනා වෙලා.. මරු අයියේ... සුපර්...

    ReplyDelete
  35. ඈ මලේ උදේට කෑවද..?

    (එතකොට මලයව අරවින්ද අයියටත් අල්ලලා ගියා ඈ...ඕකනේ කියන්නේ කොහේ ගියත් ගහට ගහක් මොරටුවේදී හම්බ වෙනවා කියලා)

    ReplyDelete
  36. ammata hudu malli mamath rajjama bele ube blog ela elakiri!!!

    Keep it up!!!

    ReplyDelete
  37. ඇයි අඩෝ මේ විනිස්ච මන්ඩලෙට අපේ රෝසි ගොනා නැද්ද?ඒකිත් ඉන්ට තිබ්බානේ නැත්තං කොහොමද ලොක්කා අපි පොඩි ෆන් එකක් ගන්නේ.
    කපනවා ඩෝ උඹෙ #@#%&%$#@#@

    ReplyDelete
  38. අනේ මන්දා ඔව්ව ලියන්න හිතට කොහොම අඩහස් එනවද කියලා.. හෙහ් හෙහ්
    ජය

    ReplyDelete
  39. නියමායි........ පට්ටම කතාවක්. කුප්පකම උතුරනවා.

    ReplyDelete
  40. තෝ හීනයක් දැක්ක නිසා බේරුනා... නැත්තං කොළඹ ඈවිත් ආපහු ගෙදර යන්නේ කළුතර පාස් කරලා කියලා මතක තියාගනින්... දෙනවා ඇස්ටි හැලෙන්න. දන්නවනේ...

    තව තව සුභ සිහින මැවීයන් උඹට.

    ReplyDelete
  41. මාරම මාර කුප්පයෙක් තමා ...... කුප්ප කම වැඩි කමට මූට පේන්නෙත් කුප්ප කුජීත සිහින ............ එල එල....
    තව තවත් කුප්ප සිහින පෙනේවා .......

    ReplyDelete
  42. කුප්ප හරි ඉස්ටාර් නොවැ බං. ආයෙ මොන කුප්ප, කුජීත, කුපාඩි වැඩක් කරල හරි රුපියල් මිලියනයක් දිනුවනං ආයෙ ඉතිං ගොඩනෙව. ඔය රට්‍ටු කියන කතා ගනං ගන්න එපා බං. උඹේ කුප්ප කම ඔහොම්මම තියාගනිං. දැං අනිත් චැනල් වලිනුත් ඔය වගේ කුප්ප ප්‍රෝග්‍රෑම් එකක් කලොත් උඹ ඒකෙනුත් එක නෙව.

    ReplyDelete
  43. ayesha
    කට රිදෙනව නම් අවුලක් නෑ..බඩ එහෙම රිදෙනව නම් ඕන්න ප්‍රශ්නයක් එනවා..බෙහෙත් ගන්න ඕන එහෙනම්
    ------------------------------------------------------------------------------------
    මධුරංග
    මේවා හිතෙන්නේ උන්ඩුක පුච්චෙන්....හික්...හිනා ගියා ගන් මොකක් හරි ලෙඩක්..බොලේ මෙව්වට හිනා යනවයි
    ------------------------------------------------------------------------------------
    නිම්ශා
    ඈ යකෝ...ලැට් එකට වෙලා කෙමිකල් අල්ල අල්ල මක්කා කොරන්නේ...පරමානු බෝම්බයක් වත් හදනවයි..
    -------------------------------------------------------------------------------------
    මාරයාගේ හෝරාව
    උදේට තාම කෑවේ නෑ අයියේ...දවල්ටම කනවා...නරවින්දයා මාව නේ අල්ලන්න ආවේ..
    ප.ලි - මාර අයියාගේ කොමෙන්ට් එකට උඩ කොමෙන්ට් එක කාගෙදැයි බලත්වා..
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
    ------------------------------------------------------------------------------------
    අකීකරු හිත
    පින් සිද්ද වෙච්චාවෙ...ඔන්න ඔහොම හිනා වෙලා ඉන්න අක්කේ...
    ----------------------------------------------------------------------------------------
    Anonymous 1
    ඉකේ බොලේ...මම ගම්මැද්දේ නෙව...උඹ කොහේ
    ---------------------------------------------------------------------------------------
    Anonymous 2
    රෝසි දාන්නේ කෝමා බන් නීතා ඉන්නව නේ..අනික මැරවියා ටෝක් කරන්න ගත්තම මට මිලියනය ගන්න එක ඇත්තක තියලා උන්ව හුරතල් කරන්න වෙන්නේ
    ---------------------------------------------------------------------------------------
    Gayan Rupasinghe
    ඒක නේ ..මම දන්නෙත් නෑ කොහෙන් එනවද කියලා
    --------------------------------------------------------------------------------------
    wiaw
    උතුරලා බේරෙනවා කුප්ප කම
    ---------------------------------------------------------------------------------------
    prasanna86k
    අපි රත්ගම කියලා අහලා නැද්ද....හික්..ඕන ඒරියා එකක් අපිට ඔට්ටුයි හරිය
    ------------------------------------------------------------------------------------------
    ටින් Tin
    පන්සිල් අරන් නිදා ගන්න ඕනා...එතකොට ඔව්වා පේන්නේ නෑ නේ
    -----------------------------------------------------------------------------------------
    nawammawatha
    හු වෝන්ට්ස් ටු බී අ කුප්පනයර් කිව්වලු...මිලියනට තාම දුන්නේ නෑ නේ
    ---------------------------------------------------------------------------------------------
    Anonymous
    එල කිරි සහ ජලය

    ReplyDelete
  44. අනේ බං දැන් මට කොමෙන්ට් එකක් දාන්න කලින් සෑහෙන කාරණා හොයලා බලන්ට තියෙනවා නෙව...
    හිටින් මං ඕකට පිළියම් හොයන්ට

    ReplyDelete
  45. ගින්දර මලේ..ඉස්සර මට තිබ්බ ආතල් ම බ්ලොග් එක කෙහෙල් කොටුවෙ චුටි මහත්තය ලියපු එක...ඒත් දැන් තවත් එකක් තියේ මට ආඩම්බරෙන් කියන්න පුලුවන් ඒ උඹෙ එක..උඹයි චූටි මහත්තය ලියන්න හාත්පසින් වෙනත් ෆීල්ඩ් දෙකක් ගැන හින්ද ආතල් එක බෙදන්න ඕනිත් නැ..
    එක නෙවෙ කුප්ප කමට කුප්ප මතෘකාව පට්ට නොගහ පොඩ්ඩක් වටේ කරකවල ගමුකො බං..
    මගෙන් එස් එම් එස් එකක් නැ එක්කො දෙකක්ම දැම්ම ඕං

    ReplyDelete
  46. මේක නම් මල් 7 යි ඕයි

    ReplyDelete
  47. ඊලඟ දවසේ එක එපිසෝඩ් එකකට පස්සේ ඇහැරෙන්න එපා. කාගෙන ඉඳලා, කොටස් කීපයක් ගියාට පස්සේ නැගිටලා ඒ කතා ටික ලියලා, පස්සේ වහාම නිදාගන්න අනිත් ටික බලන්න.

    ReplyDelete
  48. එල මල්ලි
    මට නම් දැන් හීනයක් බලන්නවත් හරියට නිදා ගන්න වෙන්නෙ නෑනෙ.... :((

    ReplyDelete
  49. රත්ගම නේ... ඕක ගමක්ද බොල... අර නිකං පාකිස්ථානේ වගේ කෑල්ලක්නේ...

    ReplyDelete
  50. අනේ ඔය ටිකනම් බැ.. ඒත් බොතල් හිස්කරන්න පුලුවන්.. සැන්ඩි නැතිව.. :P

    ReplyDelete
  51. pattai rathgama malliye... :P

    ReplyDelete
  52. මේක අති පට්ටය! අධෝමුකෙන් පවා හිනා(LMAO) ! :P

    ReplyDelete
  53. මාරයා අයියා දෙවන වරටද මාට්‍ටු වෙයි.....

    ReplyDelete
  54. මාරයාගේ හෝරාව
    කොහෙන් ගියත් මගේ රේඩාර් එකට අහු වෙනව නේ අයියා..හික්... සත්‍යයේ සටහනම තමා
    ----------------------------------------------------------------------------------------
    පැන්da
    ඒලෙ....මම වටේ කරකවල ගන්නම් කෝ...තව නම් තියනවා සෑහෙන්ඩ ලියන්නේ..මේ සිරිලංකාවේ අපිට හිනා නොයන සිදුවීමක් තියෙනවද අයියා.....
    -----------------------------------------------------------------------------------------
    buwa
    ikeayiyiaa....මොන මල් ගැනද කතා කොරන්නේ.....
    -----------------------------------------------------------------------------------------
    Kathandara
    ලංකාවේ ඉන්නකල් අපිට එපිසොයිඩ් ලයිව් බලන්න පුලුවන්..නිදා ගන්න්න ඕන වෙන්නේ නෑ....
    -----------------------------------------------------------------------------------------
    මගේ සිතුවිල්ල
    ඔහොම තමා ඉතින්..ජීවිතේ ගෙවිලා යනව නේ
    --------------------------------------------------------------------------------------------
    පුහ්.....රත්ගම දෙන්නේ නෑලු මෙන්න මෙයා...හික්....ලසිත් මාලි අයියගේ ගම...රත්ගමයගේ ගම...මිනිමරුවොන්ගේ ගම...මම නම් එහෙම නෑ....
    -------------------------------------------------------------------------------------------
    සුළඟිල්ල | pinkie
    ඔව් ඔව්..බොට දැන් බොන්න තමා වෙන්නේ.ගෙදරින් එලෙව්වම...
    -------------------------------------------------------------------------------------------
    TeeRox
    ආයේ මක්ක්ක කියන්නෙයි බොලේ.... :))
    -------------------------------------------------------------------------------------------
    දොලේ
    ඉකේ බොලේ දොළේ....එහෙම හිනා යන්නේ නෑ නේ බොලේ..... :))
    --------------------------------------------------------------------------------------------
    උඹට දෙපාරයි නේ..මට නම් සිය පාරක් විතර මාට්ටුයි බන්...මම මේ දැක්කේ නෑ වගේ ඉන්නවා...

    ReplyDelete
  55. මල්ලිලා..ජීවිතේ කියන්නේ හරි අපූරු ගමනක් හරිද..මං මේ උතුම් වූ චන්දේ දවසේ බීලා කියලා හිතන්න එපා..හරිද..?
    හිතුවත් කමක් නැහැ බං..උඹලනේ..ඕන දෙයක් හිතහල්ලා..අයියා තරහා නැහැ හරිද..?
    උඹලා හිතනවාද බං මං මාට්ටු කියලා..හෙහ් හෙහ්..

    ReplyDelete
  56. මාරයාගේ හෝරාව
    බීලම තමා....මේ කියවන ඒවා.....උතුම් කිව්වේ මක්කා??

    ReplyDelete
  57. රත්ගමයෝ දැන් අර හම්බවෙච්ච සල්ලි වලින් මොකක්ද බේර ගන්නවා කිව්ව නේද? දැන් ඒක බේර ගත්තද. සල්ලි ඉතුරු උනොත් අපිටත් කීයක් හරි දීපන්කෝ........

    ReplyDelete
  58. මචන් අලුත් කතා නැද්ද ?? උබට සල්ලි හම්බ උනා විතරයි බ්ලොග් එකත් අමතක උනා නේද ?

    ReplyDelete
  59. ගාමින්ද18 March 2011 at 17:47

    අඩෝ බලහන්කො කුප්ප ලිපියකට තියෙන උනුසුම් ප්‍රතිචාර. රත්ගමයො. උඹ හොඳා පත්තර වල තීරු ලිපි ලියන්න. හොඳ හීන් කැපිල්ලක් දෙන්න හොඳට දන්නව. :P

    බට් ලැජ්ජාවට කාරනේ මල්ලිගෙන් කොසු පාරවල් කන එක

    ReplyDelete
  60. ප්‍රබුද්ධ
    තාම වැසිකිලිය බේර ගත්තේ නෑ...චික්...මේක හීනයක් විතරයි නේ
    ---------------------------------------------------------------------------------------------
    සචියා
    සල්ලි හම්බුනාට මේක නම් අමතක වෙන්නේ නෑ...කතා ගබඩාවෙන් කතා තෝරනවා මේ දවස් වල
    --------------------------------------------------------------------------------------------
    ගාමින්ද
    පත්තර වෙල මේවා ලියන්න ගියොත් සුදු වෑන් ශුවර්...බඩුම තමා...හොරෙන් ලියන්න නම් ඇහැකි...

    ReplyDelete
  61. අඩෝ කුප්ප ස්ටාර් වෙන්න තොට SMS ගහපු අපි අමතකයි නේද බොල දැන් ?

    ReplyDelete
  62. Ayya oyagei post eka patta. Oyata adsesne account ekak thiyanavada? neththam mama hadala dennam. Mama me sandaha $20 gannava. kemathi nam pamanak mata mail karanna. irshadnilam@live.com ekata. Ok

    ReplyDelete
  63. මෑක්සා මසන් ..එලකිලි... මගේ පශ්චාත් භාගයෙනුත් හිනා ගියා..මරු post එක

    ReplyDelete
  64. ඔය වගේ කුප්ප හීන පේන එක නම් අන්තිම නරකයි මලේ

    ReplyDelete
  65. ඇත්තටම තාමත් අර වඩේට යන්නෙ වැල්ලටද?

    ReplyDelete
  66. ඉකේයියයි.. කුප්පකමයි රත්ගම චරිත ලක්ෂණ වෙන්ටැ නේ?
    එල එල..තව ලියපන් මචෝ..

    Samila Methmal De Silva

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)