Wednesday 2 March 2011

පුංචි ඡන්දයයි , පොලීසියයි , ලෝක කුසලානයයි......



මේ දවස් වල අපි බිසී වෙමු..එක අතකින් ලෝක කුසලානය පැවැත්වේ..තවත් අතකින් පුංචි ඡන්දයට පොරකති..ලෝක කුසලාන උනුසුම හමුවේ ඡන්දය කාගේ කාගේත් බයිට් එක වී ඇත..
 පාර්ලිමේන්තු මැතිවරනයකදී වියදම් කරන්නේ කෝටි ප්‍රකෝටි ගනන් ය..අත යටින් තවත් එවැනිම මුදල් කන්දරාවක් ගලාගෙන යයි..එසේ වියදම් කරාට පාර්ලිමේන්තුවට පැනගත්තාට කාටවත් පාඩු වන්නේද නැත..එය දියවන්නාව මැද නිවසට රින්ගාගත් හැම එකාම සහ රින්ගා ගැනීමට පොර කන හැම එකාම පාහේ දනී..කොටින්ම අපිද දනිමු..
පුංචි ඡන්දයට වියදම් කරන්නේ දාහේ ,සීයේ කොලය...ලගදී කරලියට ආ පන්දාහේ කොලයද විදුලි වේගයන් අතින් අතට මාරු වෙයි..
කොපමන මුදල් වියදම් කරද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප රු 5000 කි.මාසයක් සදහා ලැබෙන මෙම රුපියල් 5000 ක මුදලට දිනපතා 5000 කොල විසි කරන්නේ ඒ ලැබෙනා මුදලට වඩා ගසා කෑමට දත මැදගෙනය..සිරාවටම ප්‍රාදේසීය සභා මන්ත්‍රීවරයෙකුට ගසා කෑ හැක..මුලින්ම ඇමතියෝ ගසා කති..ඉන් පසුව ඇමතියන්ගේ ගෝලයෝ ගසා කති.තවත් අතර මැදියෝ ගසා කති..
අවසානයේ ප්‍රාදේශීය සභාවෙන් ගසා කති..එතින් ඉතුරු වන සොච්චම් මුදල ඔබ අපට මහත් බැති සිතෙන් ලැබේ..
ඉතින් පුංචි ඡන්දයද බයිට් එකට ගැනීමේ වරදක් නැත..මර්වින් සිල්වා ගේ පටන් මහින්ද රාජපක්ෂ දක්වා ගමන් පටන් ගන්නේ මේ පුංචි ඡන්දයෙන් ය..
ලෝක කුසලානයද ඔහේ ගලාගෙන යයි.ලෝක කුසලානය අස්සේ අපේ පොලිස් පති තුමා මාර පොර ටෝක් වගයක් දුන්නේ ය..ඒ තරගාවලිය ආරම්භවිමට පෙරය..
  • .sks wú
  • r;s[a[d ÿï fndaïn
  • msyshd ;shqKq wdhqO
  • ùÿre fnda;,a" lEka
  • u;ameka /f.k tau fyda î meñKSu
  • cd;sl fldäh fkdjk fjk;a fldä
  • fldä i|yd fmd¨
  • lsisu wdldrhl igka mdG ,shQ fldä nek¾ í,elald¾Ü
  • wmydijk f,i ,shQ jdlH iys; fld<
  • ix.S; NdKav
  • f,ai¾ fmdhskaÜia o¾mK
  • jD;a;Sh ùäfhda leurd

 එතුමාට අනුව ලෝක කුසලාන තරග නැරඹීමට යන විට පුවරු රැගෙන යාමට බැරිය..බෝතල් ද බැරිය..කොටින්ම පපරයක් වත ගෙන යාමට බැරිය..
පපර බෑන්ඩ් සංගීතය යනු ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එකට යන එකකි..කොටින්ම ප්‍රේක්ෂකාගාරයෙන් ඇසෙනා පපර සද්දය යනු අපේ රටේ සංකේතයක් බදු විය. නමුත් අති ගරු පොලිස්පති තුමාට අනුව පපර හොද නැත..එව්වා ඔට්ටු නැත...හෙන මාධ්‍ය සංදර්ශනයක් පවත්වා පොර ටෝක් දුන් හැටි හොදට මතකය.. පකිස්තානය සමග පැවති තරගයේදී පපර පමනක් නොව දැන්වීම් පුවරුද ඕනෑ තරම් පෙනෙන්නට තිබුනි..එව්වා දකින විට සහ අසන විට අපේ රටේ පොලීසියේ ලොක්කාගේ කීම කොයිතරම් දුරට වලන්ගු වනවා දැයි ඔබට මට සිතා ගත හැකිය..
පොලීසිය ගැන මෙයට වඩා කතා නොකරමි..මාගේ බ්ලොගය කුජීත බව සැබැවි..නමුත් පොලීසිය ගැන දමා මෙය කුජීත තුප්පහි කර දැමීමට මගේ තුන් හිතේ වත් බලා පොරොත්තුවක් නොමැත...
බලාගෙන ගියාම මේ රට මාරය...කියා වැඩක් නැත...පාසල් වල ක්‍රීඩා උත්සව වලට ආරාධිත අමුත්තා ලෙස දැන් දැන් සහභාගී වන්නේ ඇමැති වරුන්ය..ඊට වඩා උපාධියක් ඇති ගුරුවරයෙක් සහභාගී කර ගන්නේ නම් හොද යැයි අපේ මුල් පුටු වල ගොන් නැටි වලට නොවැටහෙන්නේ මේ දේශපාලනය වටා ඇති බලය නිසාය..
ඔබද මමද බලයට ආසා වෙමු..ඒ අප ද සාමාන්‍ය මිනිසුන් වන බැවිනි...බලය ලැබුනු විට ඔබද මමද ක්‍රියා කරනුයේ එක එක ආකාරයටය...
ඒ ගැන තවත් කතා නොකරමි...මම රටට ආදරය කරමි...
මා දන්නේ එපමනකි....
බිකෝස් අයි ඈම් ශ්‍රී ලංකාය....

14 comments:

  1. සුදු වෑන් තවම දුවනවාද?

    ReplyDelete
  2. එල එල පොලිසිය ගැන කියලා වැඩක් නෑ බං... නෙදකින් විතරක් අපේ රටේ පොලිසිය... අපේ පුංචිත් පොලිසියේ... තුඃ විතරක් කාලකන්නි.

    ReplyDelete
  3. ජයවේවා......!!! වෑන් එකේ මටත් ටිකක් ඉඩ තියා ගනින් මලේ.

    ReplyDelete
  4. පොලිස් පතිට නින්ද ගිය වෙලාවක කියපු භාෂාවක්ද ඔය දාලා තියෙන්නෙ

    . "sks wú
    r;s[a[d ÿï fndaïn
    msyshd ;shqKq wdhqO
    ùÿre fnda;,a" lEka
    u;ameka /f.k ta"

    කියල

    ReplyDelete
  5. මෙහෙව් කතා කියන්නේ ජාති ද්‍රොහී තුප්පහියෝය
    පලා බබ්බු අපිට අම්මට තාත්තට වැඩිය ආදරේය. නැත්නං රුපියල් පන්දාහටක බොකු බඩවැල් එලියට ඇදගන්නේ අහවල් කෙංගෙඩියකයදෑ ය
    පොලෝසියත් එසේමය. වැටවල් අස්සෙ ඉඳං වේග කැමරාව මානාගෙන ඔහෙ හි‍ටු කියා පාරට පනින්නේ හයියෙන් ගිහින් අපි ඇණ ගනීවිය යන බය හන්දාය.
    කිරිකැට් බලන්ට ඕවා ඕනෙ නැත, ඇස් දෙකක් තිබුනාම ඇතිය. හැබෑටම අපේ උන් කියන දේ නාහ ඕව සෙරම ලැජ්ජාවක් බයක් නැතුව අරං ගියපු හැටි. අඳෝමැයි. !

    ReplyDelete
  6. අනේ බං සුප්පුවක් ගහනං. ITN බලාපං.. එනවා මෙතන රජයට බනින්න..!
    උබ කිරිකට් නොබලා පැත්තකට වෙලා ඉදිංකෝ..අනික අපරාදෙනේ සල්ලි.. පොලිස් මාමා කියන්නෙ අහිංසක දෙමාපියංගේ සල්ලි වියදම් කරන්න එපා කියලා..! හරිනේ කතාව..
    අනික පපර බැන්ඩ් එක හැමෝටම කරතැහැකිද.. ඔය ඇච්චො බැච්චෝ ඔව්වා ගන්න ගිහින් සල්ලි ඉල්ලන්නෙ අම්මලා ගෙන්නෙ..

    තව කැමරාවක් ගන්න මං අඩපු ඇඩිල්ලක් බලපං..
    අනික් උනුත් මං වගේ ඇඩුවාම ?

    උබෙ මේ බ්ලොග් එක බැන් කරන්න ඔනී..! :P

    ReplyDelete
  7. වහාම මෙවැනි ආන්ඩු විරෝදී බ්ලොග් අඩවි තහනම් කිරීමල පෙළ ගැසෙමු.......නැද්ද කවුරුත් සුදු වෑන් අමතන නොම්බරේ දන්න කෙනෙක්

    ReplyDelete
  8. රත්ගමයා එඩිතර කොල්ලෙක් ඒ උනාට ප්‍රාදේශීය සභාවට යමෙක් ඉල්ලනවානම් ඉල්ලන්නේ තමන්ගේ ගමට තියන ආදරේ නිසා . අපේ රටේ දේශපාලනය 100% පිරිසිදුයි . යට ගැහිලි දන්නෙවත් නැති අවිහිංසක මහත්මා දේසපාලනයක් ඇති ලෝකයේ උතුම්ම රට ලංකාව .

    පොලීසිය බලන්නේ නිතරම මහජනයා ගැන විතරයි කවදාවත් අසාධාරනයක් වෙන්න ඉඩ තියන්නේ නෑ

    අද මම බීලාය ....අද ලෝකය වෙනදාට වඩා හුරුබුටියට මට පේනවා

    ReplyDelete
  9. නියම පෝස්ට් එකක් !!! ඔහොම තමයි රට යන්න්. ප්‍රාදේශීය සබාවට පැන ගත්තම පඩියට වැඩිය වාසි ගොඩක් තියෙනවනෙ.

    ReplyDelete
  10. ඇත්ත මමත් මුලින්ම ඔය බෑන්ඩ් තහනම් කරපු එක ගැන දුක් උනා... මොකද ඒ අපේ රටේ ක්‍රිඩාවත් එක්කම බැදිලා තිබුන දෙයක් නිසා.. අපේ රටේ මිනිස්සු අනිත් රටවල් වල වගේ පරදිනකොට කෑගැහුවේ ගිණි තිබ්බේ නැහැ.. දිගටම විනෝද උනා.. එ නිසා පස්සේ හරි ඒ තීරණය වෙනස් කරපු එක හොදයි...

    ReplyDelete
  11. මචෝ පුන්චි නිවැරදි කිරීමක් කරන්නම්. අර කිව්ව නීති ටික පස්සෙ ලිහිල් කලා නොවැ පොලිස්පති මාමා ම.

    ReplyDelete
  12. මට නම් පේන්නේ හැම දෙයින්ම රට ආපස්සට යනව වගේ කියල....

    ReplyDelete
  13. "කුප්ප", "කුජීත"
    මොනවද බං මේ ගොරක වචන? ඇත්තටම අප්පිරියම බ්ලොග් එක තමයි.:))

    ReplyDelete
  14. ".මම රටට ආදරය කරමි...
    මා දන්නේ එපමනකි....
    බිකෝස් අයි ඈම් ශ්‍රී ලංකාය...."
    මේක ගොඩාක් ඇත්ත රත්ගමස්.. මම දැක්ක දෙයක් තමා mobitel හැමෝම මාර විදිහට රටට ආදරේ.. අනික් අය නෑ නෙවේ.. ඒත් අනික් ඒවගෙ සමහර අය රට පැත්තට කතාව නෑ..

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)