Friday 25 February 2011

මොරටුව හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල වල Aptitude Test එකම දවසේ.........



මුහුනු පොතේ කැරකි කැරකි ඉන්නකොට ඉන්බොක්ස් එකට මැසේජ් එකක් ආවා..ඉස්කෝලේ එකෙක්ගෙන් තමා මැසේජ් එක..මෑන්ට ආදරේට කියන්නේ ටුන්නා කියලා...
මෙන්න මේකයි මැසේජ් එක
  "මචන් මාර වැඩේ...මොරටුවේ Aptitude Test තියෙන දවස් වලම තමා ඌව වෙල්ලස්සෙත් Aptitude Test  තියෙන්නේ...මොකද කරන්නේ..."
 කිරි අප්පට විදුලි කොටපි කිව්වලු...
මට නම් මොරටුවෙන් ලියුම ආවා..ඒත් ඌවේන් ලියුම ආවේ නෑ...බලන් ඉදලා බෑ...කෙලින්ම ඇමතුවා ටුන්නාට
මම - මොකක්ද සීන් එක?
ටුන්නා - යකෝ එකම දවසේ Aptitude Test තියෙන්නේ ..මාර්තු 5යි 6 යි
මම - මල කෙලියයි..උඹට ලියුම ආවද? මට තාම ආවේ නෑ නේ..සදුදට ඒවි සමහර විට
ටූන්නා - ආවා යකෝ... එකම දවසේ තමා තියෙන්නේ
මම - උඹ චිනාගෙන් ඇහුවද? ඌත් දැම්ම නේ..ඌටත් ඒ දවස් මද?
ටුන්නා - ඔව් ඔව්...
මම - මම ඌටත් කෝල් එකක් ගන්නම් බලන්න
ඊට පස්සේ දුන්නා චිනාට කෝල් එකක්
බලනකොට වැඩේ ඇත්ත...
ටෙස්ට් දෙකම එකම දවසේ...
අම්මා දැන ගත්තොත් මෙතන ගිනි ගන්නවා..ගිනි අරන් අරෙහෙට මෙහෙට කෑ ගහනවා...හෙහෙ..එහෙම තමා අපේ අම්මා...
ඊට කලින් මම ගත්තා ඌව වෙල්ලස්ස කැම්පස් එකට කෝල් එකක්
පුද්ගලිය - හෙලෝ
මම - හෙලෝ..ඌව වෙල්ලස්සේ Aptitude Test තියෙන දවසේම............
පුද්ගලිය - ආ...මේ අංකටය කතා කරන්න
ඒ පාර ගත්තා ඒ අංකයට
මම - හෙලෝ ..මේ ඌව වෙල්ලස්සයි මොරටුවයි Aptitude Test දාලා තියෙන්නේ එකම දවසේ..මොකක්ද මේකට කරන්නේ
පුද්ගලිය - ආ....ඔව් එහෙම ප්‍රශ්නයක් තියෙනව තමයි..ගොඩක් දුරට ඒ දිනය මොරටුව විශ්ව විද්‍යාලයෙන් වෙනස් කරාවි...
මම - අපිට දැනුම් දේවිද ඒ ගැන
පුද්ගලිය- ඔව් දැනුම් දේවි....
ඇමතුම විසන්දි උනා.....

ඒ පාර ගත්තා මොරටුවට
මම - හෙලෝ..මේ ඌව වෙල්ලස්සෙයි මොරටුවෙයි Aptitude Test......
පුද්ගලයා - ආ...අද ඔෆිස් එකේ කවුරුවත් නෑ...හෙට කතා කරන්න.....
ඇමතුම ආයේ විසන්දි උනා
හීක්..මක් කොරන්නද අප්පා..මේ සිරි ලංකාව නේ....
විශ්ව විද්‍යාල පාලනාධිකාරියට ජය වේවා!!! මේ පෙන්නන්නේ ආණ්ඩුවේ කන්තොරු වලයි අපේ විශ්ව විද්‍යාල කන්තොරු වලයි තියන සමාන කම්....

27 comments:

  1. කියවන්න කලින් ඕන් මම කමෙන්ට් කරා... මමයි පලවෙනි කමෙන්ට් 1ක දැම්මෙ... හික් හික්

    ReplyDelete
  2. හික් හික්... ඔන්න පලමු තෑන් මම දිනා ගත්ත.. ලොල්ය... ඉතින් මොනාටදෑ ඔය ඇපටයිටිස් තියෙන්නෙ...?? o.O

    ReplyDelete
  3. ඔය විදිහට කැම්පස් වලට දිගටම කතා කරලා බලන්න... විභගෙ ඉවර උනාට පස්සෙ උත්තරයක් ලැබෙයි මම හිතන්නේ... ඒ ලංකාවේ හැටිනේ.........

    ReplyDelete
  4. කැම්පස් යන්න කලින් ඉදලම කැම්පස් වල හැටි දැනගෙන
    හොද හොඳ සෙල්ලම් ඉළිවෙන ජාමෙට

    ReplyDelete
  5. දැන් මොකකින් මොකක් වෙයිද රත්ගමස්..??? මොරටුව එහෙම වුනොත් තෝර ගන්න ... මට හිතෙන්නෙ ඒක වඩා හොඳ ඇති.. (මම දන්නෙ නම් නෑ වැඩි විස්තර)

    ReplyDelete
  6. මලයා මම දන්න තරමට මොරටුවෙ ටෙස්ට් එක තියන්නෙ හය වෙනිදා.

    ReplyDelete
  7. සුළඟිල්ල | pinkie
    නොදකින්..කියවලා කොමෙන්ට් කරපිය...ඕක ඉස්සරහට දැන ගනීවි

    Dinesh
    අහ්....ඒක නම් කියන්න බෑ...ඉවර උනාම ලියුම ඒවිද කියලා....හික්...අනේ වාසනාවන්

    AmilaArt
    ඉකේයිය...අපි නම් මේව්වා දැන ගෙන හෙන කල්...

    මෝල්ඩර් ෆයිල්ස්
    මොනා කරඳ..පිකට් කරනවා අපි..කුඩු කරනවා..අපේ උන් මෙහේ කඩු මුවහත් කරනවා....

    ප්‍රාර්ථනා
    මොරටුව න්ම් හොදා...ඒත් මම හිතන්නේ දින වෙනස් කරාවි

    පිණිබිඳු.
    6 වෙන්ඩිදා සහ 5 වෙනිදා දවස් දෙකේම තියෙනවා....ඌවේ තියෙන්නේ 6,5 සහ 12 වෙනිද....

    ReplyDelete
  8. හොඳ එකක් බලල පලයන් .මොර‍ටුවෙ හැබැයි කෑලි අඩුයි.

    ReplyDelete
  9. පුලුවන්නම් දෙකම ලියන්න මල්ලි,දවස වෙනස් කරයිනේ.

    ReplyDelete
  10. ඔහොම්ම ම තමයි. කිසි වැඩක් වෙලාවට වෙන්නේ නෑ. අපේ සනාතන මන්ඩලයත් ඔයිට දෙවෙනි නෑ.
    මොනා උනත් කොහේ ගියත් ඔන්න මම ඔයාගේ ටෙස්ට් එකට සුබ පැතුවා. එලටම කරන්න මල්ලි.

    ReplyDelete
  11. Send e-mails to the vice chancellors e-mail. Availlable in web sites. When you want to get a work done try to contact the correct person.

    ReplyDelete
  12. රත්ගමයා කියන්නේ ඉස්කෝලේ යන කෙනෙක්ද?? මම හිතන් හිටියේ මෙයා කැම්පස් නෙවේ කැම්පස් අවුට් වුන කෙනෙක් කියලා ලියලා තියන ලිපි කිහිපයක් කියෙව්වම

    ReplyDelete
  13. අනේ බං! ලංකාවෙ කැම්පස් වල ඔහොම තමයි. මමත් ලියන්නංකෝ මට වෙච්ච වැඩ

    ReplyDelete
  14. දීප්ස් අක්කෙ දන්නේ නැද්ද මූ දැන් ඔය කැම්පස් යන්න යන්නේ 4වෙනි පාරට...

    ර‍තෝ වෙලාව ශේප් කරගන්න බැරි වෙයිද? ලග ලග නේ දෙකම තියෙන්නේ?

    ReplyDelete
  15. dinesh
    අපොයි...කෑලි බල බල මම කොහේ යන්නද...හික්..කොහේ ගියත් කෑලි මගේ පස්සෙන් එනවා නේ....

    නිශා
    වෙනස් කරලා කියලා අරංචියක් ආවා අක්කා.....

    මධුරංග
    ජය වේවා!!! සුබ පැතුවට අපි අබිලික් නිසා වැඩේ මට ශුවර් නෑ..

    ඇනොන්ය්මොස්
    හප්පුච්චේ..මම කෝල් කොරා....

    deeps
    අනේ...මම මේ කටේ කිරි සුවද ගිහිල්ලා නැති පොඩි එකක් නෑ අක්කේ....ඉකේය්යා...මම මහ මිනිහෙක් වගේය....මේ අපේ රංග අයියා..මාරය අයිය වගේ....

    blog gadol
    අඩේ....එල එල...දාමු දාමු...ජය වේවා.....

    MaRLaN
    අනේ මුකුත් නාහා ඉදින්..බොට මොකෝ...එකයි නේ දැම්මේ..උඹ නම් ශේප්

    ReplyDelete
  16. හ්ම්... දන් නැ ඔවා...

    ReplyDelete
  17. mama poddak balala kiyannamko thiyena dine gana.....

    mona apptitute ekada?

    IT? textile?


    @ dinesh : kiyala wadak na...

    ReplyDelete
  18. අනේ දිනේශ් අපි වෙලෙන තරම දන්නෙ අපි..රත්ගම මල්ලි උඹ මොකද්ද ඇප්ලයි කරපු කොස් එක ?..

    ReplyDelete
  19. macho matath oya case ekamai.monawa hari detail eka dana gathoth maekata email parak kotanna sameeradiss@gmail.com

    ReplyDelete
  20. ඌව කැම්පස් එකේත් කියන්න තරම් අඩුවක් නෑ මල්ලි. පොඩි පොඩි කේස්නම් ඉතින් හැමතැනම තියෙනවනේ. උවමනාවක් තියෙනවනම් කොහේ ගියත් වෙනසක් නෑ. ඌව කැම්පස් එක ගැන විස්තර ඕනේ නම් පැන්ඩ අයියගෙන් හරි රත්ගම දසුන් අයියගෙන් අහල බලන්න.

    ReplyDelete
  21. අනේ මට මේකට හදිසි පිලිතුරක් ඹ්නා plz.....


    මම මේ පාර A/L කරලා campus දානකොට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ "ආගන්තුක සත්කාර,සංචාරක ව්‍යාපාර සහ සිද්ධි පිලිබද කලමනාකරනය" පාඨමාලාවටත් අයදුම් කලා.
    ඊයේ මට ඒකෙන් ලියුමක් ආව යෝග්‍යතා පරීක්ෂණයට 05 වෙනිදා එන්න කියලා.ඒකෙ සදහන් වන ආකාරයට මට මේ විෂයන් වලට පෙනී සිටීමට සිදු වෙනවා.

    01) Hospitality ,Tourism & EVT.MGT
    02) Indust.Info.Technology
    03) Entrepren.& MGT.Studies
    04) General paper

    යෝග්‍යතා පරීක්ෂණය තියෙන්නේ english වලින්.....කරැනාකර මට මේ විෂයන් වලට එන්නේ මොන වගේ දේවල් ද කියලා කියනවද?
    මට අවෂ්‍ය තොරතුරැ දැනගන්න web site ටිකකුත් කියන්න......!!!!!

    ReplyDelete
  22. @Thusitha Sampath: okkoma genaral test 1k wage tamai. a subject walata adala tikak kohen hari balan yanna. pass wenna amaru na.
    rathgama malayo, ubath hondata liyapan. kisi awlak wen na.

    ReplyDelete
  23. යෝග්‍යතා පරීක්ෂණයට ආව කියන්නෙ ඒ කැම්පස් එකට සිලෙක්ට් කර ගත්තා කියන එක නෙමෙයිනෙ. ඒ නිසා දෙකම ලියපන්. කොහොමත් අපේ යූ.ජී.සී එක ගැන නම් කියල වැඩක් නෑ. දැන් ඒකෙ ඉන්න සභාපතිය අපේ එකේ කලින් වී.සී ඌ දැන් එතනට ගිහින් අපිට පොර ටෝක් දෙනවා. අපේ එකේ ඉඳල ගිය මිනිහට අපේ කැම්පස් එකේ තියෙන ප්‍රශ්න තේරෙන්නෙ නෑ. අනේ අම්මපා මට ඕකව හම්බෙනවනම් දෙකක් කතා කරන්න.

    @ නිරංගි

    ඔයාගෙ කියමනට මමත් 100% එකඟයි. හැබැයි අපි ඉගෙන ගන්න තැනට ගරහන්න හොඳ නෑ කියල ඒවයෙ තියෙන ප්‍රශ්න හංගගෙන ඉන්න නරකයි. වැඩේ තියෙන්නෙ ඉතින් ඕව කතා කරන්න ගියාම අපි ජෙප්පො කියල බෝඩ් ලෑලි අලවන එක තමා.

    ReplyDelete
  24. මේ මේ මොරටුවෙ uni එකට මොනාවත් කියනවා එහෙම නෙමේ හරි.කියලා මේ පැත්තෙ එන්නත් නෙමෙයි

    ReplyDelete
  25. රත්ගමයා වෙත සාදරයෙන් දන්වමි...... රත්ගම තොගේ ඒරියා එක මෙන්ම මොරටුව මගේ ඒරියා එකය.. :P ... මොරටුව පැත්ත පලාතේ පස් පාගන්නටවත් හිතන්නට එපාය..... ඒය ඔබේ සෞඛ්‍ය පාඩමට හිතකරය....

    ස්තූතියි.
    සදා හිතවත්...
    චේ උන්නැහේ :D :D :D

    ReplyDelete
  26. ඉරු අයියේල මොරටුවද Study/Fun දෙකට හොද? පේරාදෙනියද? යන්න ඉස්සෙල්ල කියපංකෝ

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)