මේ මගේ 50 වෙනි බ්ලොග් පෝස්ට් එක..කලින් ලියපු රත්ගමයා බ්ලොග් එකෙත් පෝස්ට් මම මේකට එකතු කරා.අද උදේ තමයි දැක්කේ කලින් ලිව්වේ 49 වෙනි එක කියලා...මාව බ්ලොග් ලියන්න ගෙනාවේ අද මේකිත් 50 වෙනි පෝස්ට් එක ලියලා......උඹටත් ජය පැට්ටෝ......(අඩන්නේ නැතුව ලියපන්.....)
50 එනි පෝස්ට් එක විදිහට මොකක් දාන්නද කියලා කල්පනා කර කර ඉන්නකොට තමයි මට මතකෙට ආවේ මීට මාසෙකට විතර කලින් මම දැකපු සිද්ධියක්.
වෙලාව දවල් දෙකට විතර ඇති.තාත්තගේ පොඩි වැඩ වගයකට බැන්කුවට යන්න වෙලා තිබුනා.ගාලු යනවට වැඩිය හික්කඩුවට යන එක අඩු වෙලාවකින් කරන්න පුලුවන්.ඉතින් රත්ගම හන්දියේ ඉදලා බලන් ඉදියා බස් එකක් එනකල්..එතකොටම ආවා මාතර කොලඹ බස් එකක්..කොහොම හරි ඒකේ එල්ලුනා කියමුකෝ...ඔන්න දැන් කොන්දා කෑ ගහනවා..ඉස්සරහට යන්න..ඉස්සරහට යන්න...
මමත් ඉස්සරහට ගිහින් තැනක නැවතුනා..එතන ශීට් එකේ ඉදියේ ටිකක් තරුන අම්ම කෙනෙකුයි,තාත්තා කෙනෙකුයි චූටි පුතයි.පුතා ඉදියේ තාත්තගේ ඔඩොක්කුවට ඔලුව තියාගෙන අම්මගේ පැත්තට කකුල් දාගෙන..ඔක්කොම නිදි..ඔය අතරේ ටික දුරක් යනකොට පුතාට ඇහැරුනා.වටපිට බැලුවම අම්මයි තාත්තයි දෙන්නම නිදි..
කකුල් තිබුනේ අම්මගේ පැත්තෙනේ..කොල්ලා පුලුවන් තරම් වෙර දාලා අම්මට ගැහුවා කකුල් පාරක්..ඒත් අම්ම හොදටම නිදි ගමන් මහන්සිය නිසා..ආයේ දුන්නා තව පාරක්..ඒ පාර නම් ඇහැරුනා අම්මා...පොඩි එකා දිහා බලලා හිනා උනා..ඊට පස්සේ ඔලුව අත ගාලා මොනවද කිව්වා...පොඩි එකාට දැන් කකුල් පාර දෙන එක විනෝදයක් වෙලා..ඌ දිගටම ගහනවා..අම්මට රිදෙනවා..ඒත් අම්ම කරන්නේ කකුල් අල්ලලා ඉබින එක විතරයි...ඇත්තටම මම හිතුවා පොඩ්ඩක් හරි සැර කරයි කියලා..ඒත් එහෙම දෙයක් උනේ නම් නෑ මම බහිනකල්ම..සමහර විට මම මේ ලියපු විදිහට ඒක තවත් එක සාමාන්‍ය සිද්ධියක් කියලා හිතේවි...ඒත් ඒ වෙලාවේ එතන හිටිය නම් දැනෙන්නේ අමුතුම හැගීමක්...
සමහර අම්මලා දරුවන්ව ගගවල් වලට එහෙම නැති නම් කකුස්සි වලවල් වලට විසි කරලා යනවා...තවත් සමහරු තමන්ගේ ඇස්,වකුගඩු දීලා දරුවන්ව බේර ගන්නවා..මේ ලෝකේ හරිම පුදුමයි කියලා වෙලාවකට හිතේනවා...
ඒ වගේම කවදාවත් දැකලා නැති,හම්බෙලා නැති අයට උදව් කරන්න දිවා රෑ බලන්නේ නැතුව වෙහෙසෙනවා..බ්ලොග් ලියලා අපි හම්බ කරන්නේ සල්ලි නෙමේ....මනුස්සකම...කවද හරි ජීවිතේ සතුටු වෙන්න පුලුවන් අපි ලියපුව කියවලා...
හැමෝම දැන් ඉලන්දාරි අයියට උන දේ දන්නවා...ඉලන්දාරියා බ්ලොග් ලියලා හම්බ කර ගත්තේ මනුස්ස කම...ඒක කවදත් ඉලන්දාරියට පිහිට වෙනවා....
උඹට අපි ඉන්නවා අයියේ...උඹ බය නොවී ඉදපන්...අපි උඹව ගොඩ දානවා..
අනිව බන්.. අම්මගෙ ආදරේ තරන් දෙයක් මේලෝකෙ වෙන තියෙනවද?
ReplyDeleteකවදහරි අන්තිමට ඉතුරුවෙන්නෙ මනුස්සකම විතරයිනෙ.... අනිව කොහොමහරි ඉලන්දාරියව ගොඩ දාමු..
අහ් තව 50 පැටවු ගහන්න ලැබේවා කියලත් පාර්ථනා කරනව :D
ReplyDelete@Hasitha ජයසූරිය ජය වේවා!!!!උම්මා වේවා!!!!!උඹ මගේ බ්ලොග් එකේ පදින්චි වෙලාද බොල ඉන්නේ....පෝස්ට් එක දාපු ගමන් කොමෙන්ට් දෙකයි....හික්ස්...ඉකේයියා
ReplyDeleteකුප්ප ඉරුවාගේ 50 වෙනි පෝස්ට් එකට ජයග්‍රාහී සිව්වන කොමෙන්ටුව. ....
ReplyDeleteඅම්මගේ ආදරේ කියලා ඉවරකරන්න බැ සහෝදරයා. ඒක එච්චරටම වටිනවා.
ඒ වගේම මනුස්සකමේ නාමයෙන්, මිතුරුකමේ නාමයෙන් අපි ඉලන්දාරියා කොලුවව ගොඩ දානවා. ඒක සහතිකයි.
@චේ උන්නැහේ... දැන් කවුද කුප්ප..කවුද ඉරුවා..මම රත්ගමයා බොලේ.......ඒක තමා මගේ නම.....
ReplyDeleteඅම්ම කෙනෙක්ගෙ ආදරේට ලං කරන්න බෑ කියනවනෙ ඔය මොන ආදරයක් වත්.. ඒ ආදරේ අපෙන් කිසිම දෙයක් බලාගෙන කරන ආදරයක් නෙවෙයි.. මට මතකයි කොහෙදෝ බස් එකක ලියල තිබුනා මෙහෙම..
ReplyDelete"අතේ සතේ නැතත් අම්මා පුතේ කියයි!"
50 වෙනි පෝස්ටයට සුබ පැතුම් රත්ගමයෝ.. :ඩී
මට එක අතකට සතුටුයි උබ 50ක් ලියපු එක ගැන තව ලියන්නත් සුභ පතනවා....
ReplyDeleteමට දුකයි උබ 50 වෙනි පෝස්ට් 1 එනකන්ම අම්ම ගැන නොලියපු එකට
Very good, keep it up.
ReplyDelete@MaRLaN මම ලිව්ව බන් කලින්.... අම්ම තාත්තා දෙන්නම ගැන...
ReplyDelete@Observer thanks a lot
@kåʼnı @ SLSC බස් වල නෙමේ බන්...හිතේ ඕන්...බොහොම ස්තූති
ReplyDeleteජය!!!!!!
සුබම සුබ පැතුම් රත්ගමයෝ.... තව 50 එවාම 50 ක් ලියන්න ලැබෙන්න කියලත් පතනවා....
ReplyDeleteඑ වගේම ඔයා කියන එකත් හරි අම්මාගේ සෙනෙහස කවදාවත් මොනම දෙයක් හන්දවත් නැතිවෙන්නේ නැ එක අමරණියයි.. අපේ දිලුම් අයියාට මුකුත් වෙන එකක් නැ එයා ලග මෙච්චර හොද සහොදරයෝ රෑනක්ම එකට එකතු වෙලා ඉන්නකම්..මෙ ලෝකේ කොච්චර දෙවල් හම්බ කරත් අන්තිම ට අරන් යන්න පුලුවන් මනුස්සකම විතරමයි..ඉන්නකල් හම්බකරන්න ඔනාත් එක... :)
@නිම්ශා අලෙ.....මගේ නන්ගා ඇවිලා.....බොහොම ස්තූති කිව්වා වර්ණනාවට......ජය!!!!
ReplyDeleteමම බ්ලොග් අවකාශයේ ආසාවෙන් කියවන සටහන් වලින් එකක් තමා මේක....සුභ පැතුම්....දිගටම ලියන්න....
ReplyDeleteරත්ගමයාගේ අර්ධ ශතකයට අපෙන් සුභ පැතුම්... අපි මේ පැත්තේ ඉදන් හුරේ පාරක් දෙන්නම්....
ReplyDeleteමවු සෙනෙහස ගැනනම් මල්ලියේ ඉතින් මොනතරම් ලිව්වත් ඒ හැම දෙයක්ම ලියවෙන්නේ අඩුවෙන්... ඒ මොකද මවු සෙනෙහස අසීමිත නිසා....
අපි මේ ලෝකෙට එන්නෙ හිස් අතින්... හැබැයි ඇවිත් සල්ලි නම් පොදි බැද ගන්න නම් පුදුම මහන්සියක් ගන්නේ.... අපිට ජීවත් වෙන්න සල්ලි ඔන... හැබැයි මැරෙනකොට පොදි බැදන් අරන් යන්න තරම් සල්ලි හොයන මිනිස්සුත් ඉන්නවනේ.... නැති බැරි කෙනෙකුට උදව්වක් කරලා සමාජයට මොනවා හරි කරලා හොයාගන්න මනුස්සකම අපි මැරෙන දවසක අරන් යාවී.....
@මකුළුවා...... ඔන් මෙහේ නම් දැල් බදින්න බෑ හරිය...... අපි දිගටම ලියනෝ
ReplyDelete@Dinesh ඇත්ත අයියේ...ඔන්න හුරේ පාරට මමත් සෙට් උනා මෙහේ ඉදලා......
ReplyDeleteඅනිවා .. උඹටත් ජය... ඉලන්දාරියටත් ජය...
ReplyDeleteතව තවත් රට්ටු හිනස්සන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
රතා... එලම කිරි පෝස්ට් එකක් බං. අම්මලාගේ ආදරය ගැන කියලා නිම කරන්න බෑ බං. දරුවෝ මොන දේ කලත් අම්මලාගේ ආදරය අඩු වෙන්නේ නෑ. තව තවත් වැඩිවෙනවා මිසක්. අම්මෙකුගේ ආදරය කියන්නේ මහසාගරය වගේ. වැඩිවෙනවා මිසක් අඩු වීමක් නෑ.
ReplyDeleteඒ වගේම තමයි උතුන් මව් පදවියට නිගා දෙන අම්මලත් ඉන්නවා කියලා අමතක කරන්න හොද නෑ.
ඔන්න රත්ගමයෝ මං ඔහේටත් සුබ පැතුවා. නිරහංකාරිටත් සුබ පැතුවා.
ReplyDeleteඔහේට වාසනාවන්ත අනාගතයක් පැතුවා ඕන් හරිය.
@ගෝල්ඩ් ෆිශ් හික්ස්..හිනස්සනව හිනස්සනවා...බොලා මම හැරුනත් හිනා වෙනව නේ බොලේ..ඒකනේ බැරි.....
ReplyDelete@මධු එල එල...ජය වේවා!!!ඔන්න බලන්න ඉතින්...ගුරයි ගෝලයයි එකම දවසේ 50යි
50 වැන්නට මගෙනුත් සුභ පැතුම්. මෙතනින් නොනැවතී සිය දහස් ගණනක් පෝස්ට් ලියන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවා...!! :)) :))
ReplyDeleteපනහ ගහපු අපේ කොල්ලට ජය වේවා ! !
ReplyDeleteමාතෘකාව ගැනනම් මට වැඩිය කියන්න දේවල් නෑ ..මොකද මට ඉන්නේ එච්චරයි අම්මා විතරයි .. ඊට වැඩිය දෙයක් කියන්න බැරි උනත් එයාගේ වටිනාකම අගය මම හොඳටම දන්නවා .
රත්ගම මල්ලී අදහසක් නැද්ද ජන්දේ ඉල්ලන්න . උඹ ජන්දේ ඉල්ලුවොත් අම්මපා හොර ජන්ද දානවා මම ..උඹව පාර්ලිමේන්තුවට යවනවා තනියම හරි ..පොඩ්ඩක් හිතලා බලපං දැං නං පරක්කු වැඩී ලබන සැරේ ..
ඉතින් පනහ ගැහැවුවට සන්තෝසයි ..පාටියක්වත් නැද්ද ? එහෙමනං 100 ත් ගහලා 1000 ගහලා ..සින්දුවක් කියලා සොමියේ ඉන්න ..
ජය වේවා !!
@priyantha.ඒබී බොහොම ස්තූති ආවට...ලියමු ලියමු..දිගටම ලියමු.........
ReplyDelete@හිස් අහස හප්පට සිරි....මමත් මාතෘකාව ගැන කතා කොරන්න යන්නේ නෑ..ඔය චන්ද කෙරුවාව අපේ පවුලෙන් එන දෙයක් නේ...අපේ බාප්පා ඉල්ලනවා පුන්චි චන්දෙට...ඉතින් මම බහින එක හරි නෑ නේ අප්ප.....කට පොඩ්ඩක් වෙහෙසලා බරටම වැඩ මේ දවස් වල...පෝස්ටර් ගැහිලි..මරා ගැනිලි එහෙම ලාවට යනවා......ඔය අස්සේ තමා මගේ බ්ලොග් කෙරුවාවත් කොරන්නේ..කෙහේ ගිහින් හිටියත් ගෙදර ආපු හැටියේ දුවලා එන්නේ බ්ලොග් එකට.....
ReplyDeleteජයවේවා!!!
50 වැනි පෝස්ට් එකට අම්මාවරු ගැන ලියපු එක හොදයි.දිගු කාලීන මතකයට වැටෙන විදියටම ලියල තියෙනවා.
ReplyDeleteතම්බ්ස් අප්..
ReplyDeleteඅනාගත බ්ලොග්කරණය සදහා ජයෙන් ජය පතනවා රත්ගමයෝ. ඒ වගේම මෙච්චරකල් ලිවීමෙන් අපිව පිනවීම ගැනත් ස්තුතියි
ReplyDelete@JHOTHISHALANKA බොහොම ස්තුති..ඉස්සරහටත් හම්බවෙමු
ReplyDelete@KaZ ගුණසේකර අප්පට සිරි..ඔව් ඔව්..මට තේරුනා......
@blog gadol අනිවා..පිනවන්න බලමු...ජය වේවා!!!!1
half සෙන්චරියන් ඉක්මනටම සෙන්චරිය වාර්තා කරන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා,, මගේ සුභපැතුම්...
ReplyDeleteඅම්මා තාත්තාගේ ආදරය, අපි වෙනුවෙන් කල දේවල් වෙනුවෙන් අපිට කවදාවත් ණය ගෙවලා ඉවර කරන්න බෑ..
best of luck brother..
ReplyDelete@තාරා ඔව් තාරා...බොහොම ස්තුහ්ති සුබ පැතුවට....:)
ReplyDelete@යසිය තෑන්ක් යූ බ්‍රදර්....
මගෙනුත් සුබ පැතුම් මලයෝ... ;;)
ReplyDeleteජීවිතයේ උල්පත වූ අම්මා ..........
ReplyDelete