Tuesday 1 February 2011

ගොඩක් ස්තූතියි හැමෝටම.........

මීට මාසෙකට කලින් රත්ගමයා බ්ලොග් එක එක පාරටම නැවැත්තුවා නේ..ගොඩක් අය රත්ගමයා ගැන හෙව්වා...මම ඒ තරම් වටින එකෙක් උනේ කොහොමද කියලා හිතා ගන්න බෑ..එහෙම හොයපු අය මහා ගොඩක් ඉදියා..සමහරු ඊමේල් එව්වා...සකයිප් එකේදි ඇහුවා...මුහුනු පොතේ නම් අහන්න උනේ නෑ මොක්ද මම ඒක ඩිඇක්ටිවේට් කරපු නිසා...
         අද උදේ මම නිකමට වගේ ගූගල් එකේ සර්ච් එකක් දැම්මා රත්ගමයා කියලා ගහලා...කලින් ලියපු පෝස්ට් ටිඅක ගූගල් මාමා පෙන්නුවා...ඔය අතරේ මට හම්බුනා මෙන්න මේ පල්ලෙහා දාලා තියෙන මැසේජ් එක..ඒක දාලා තිබ්බේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ...... පැන්ඩා අයියා තමා දාලා තිබ්බේ....











ඇත්තටම මේවා කියෙව්වහම මට පුදුම සතුටක් දැනුනා...මෙච්චර මගේ ගැන හොයන්නේ මොකටද කියලා මට හිතා ගන්න බැරි උනා...ඔයාට ගොඩාක් ස්තූති පැන්ඩා අයියේ... ඒ වගේම මගේ ගැන හොයාපු අනිත් හැමෝටමත් ගොඩක් පින්.... ජීවිතේ සතුටු වෙන්න පුලුවන් අවස්ථා ටිකයි තියෙන්නේ...මේ ඒ වගේ අවස්ථාවක්....
                           

22 comments:

  1. @ඇත්තටම පැන්ඩා කියන්නෙ හොඳ හිතක් තියෙන හොඳම හොඳ යාලුවෙක්.. එහෙම යාලුවො ලබන්න අපි පින් කරලා තියෙනව.. ඕන කෙනෙකුට දුකක් උනාම පැන්ඩා එතන ඉන්නව. ඒ අතින් නම් කියන්න බැරි තරම් වටින යාලුවෙක්. අපි නම් කියන්නෙ පැන්ඩා අපේ ලොකු අයියා කියලා...:)

    ReplyDelete
  2. @KaZ ගුණසේකර හික්ස්....:)) උඹයි අපේ ටිකිරි කෙල්ලයි තමා මාව මුලින්ම බ්ලොග් ලියන්න ගෙනාවේ කියලා මතක තියා ගනින්:p....එතකොට ඉරිසියා නැති වෙයි..........x(

    @තාරා පැන්ඩා අයියා මම බ්ලොග් එක පටන් ගත්තු දවස් වල ඉදලම මම ලියපු හැම පෝස්ට් එකක්ම කියෙව්වා:).... අනිවා ලොකු අයියා තමා....තව ගොඩක් අය ඉන්නවා මේ වෙලාවේ මතක් කරන්න ඕන......:|

    ReplyDelete
  3. උඹව හොයන්න පැන්ඩාට පිස්සුද මන්දා බං.. :)) :))

    ReplyDelete
  4. @චතුවා (ළමයා) තොට තියෙන්නේ ඉරිසියාව...පූ............ :))

    ReplyDelete
  5. @රත්ගමයා මූණ බලං අම්මප කියහං.. උම්ම්ම්මා.. :-*

    ReplyDelete
  6. කොහෙද බං කොල්ලො ගියෙ.... ආ හා දන් ඔහොම දිගටම ලියන්න....
    මම නීනු...

    ReplyDelete
  7. ඒ දවස්වල මමත් බ්ලොග් වලට ආපු අලුත රත්ගමයාගේ බ්ලොග් එක යාවත් කාලින වෙන්නේ නෑ. බ්ලොග් කලාවෙන් සමු අරන් කියලා මැසේජ් ආවා.
    ඒ දවස්වල රත්ගමයගේ පෝස්ට් වලට වහ වැටිලා හිටියේ. සිංහල ටයිප් කරන්න එච්චර දන්නෙ නැති හින්දා කමෙන්ට් නම් දාන්න උනේ නෑ.
    ඒකයි මම රත්ගමයා ආපුම දවස්වල කලින් එකාමද කියලා ඇහුවේ. මතකද රත්ගමයෝ.......

    ReplyDelete
  8. ප්‍රශ්න කියන දේවල් කාගෙත් ජීවිත වලට එනවා.... එවාට විසදුම් හොයන්න අමාරු මිසක් විසදුම් නැතුවා නොවයි..... කොහොම උනත් මල්ලියේ උඹ ආයෙත් අපු එක ගැන සතුටුයි..

    ReplyDelete
  9. හපොයි..උඹත් මොකට මේ පරණ කුණු ගොඩවල් අවුස්සන්නෙ..ඔන්න අමතක කරල ඉඳින් බං වැඩක් නැති වෙලාවට අර ඉස්සර කියන්න වගේ වැල්ලට ගිහින් ඔරු කඳකට හේතුවක් දාල ඇස් පියා ගෙන සැන සිල්ලෙ ඉදින් කො..මට තාම ඉරිසියයි මට වෙරළක් නැති එක ගැන රත්නපුරෙ.
    හොදින් ඉඳින් රතගමය උඹට තෙරුවන් සරණයි..
    අනේ මම හිතා හිටියෙ උඹල මට ලොකු අයිය කියන්නෙ මගෙ ප්‍රමාණය ගැන හිතල කියල

    ReplyDelete
  10. මමත් පැන්ඩ මලයව ලඟදි තමා අඳුර ගත්තෙ.හිත හොඳ පොරක්.දිගටම ලියපන් මලේ.අපිත් දිගටම එනවා.

    ReplyDelete
  11. @KaZ ගුණසේකර ඉකේයියා....චික්.....මම ඔව්වට නෑ :-o

    @Neranji___නෙරංජි මම තීනූ කියලා මම දන්නවා..දැන් ඉතින් රෝස වලාකුලත් හැඩි කොරන්න මම රෙඩි....හරිය....... ;)

    @මධුරංග මතකයි මතකයි මධුරන්ග අයියා..මොකෙඔ අමතක..මම නේ ලෙඩේ දැම්මේ මට ඉරු කියන්න එපා රත්ගමයා කියන්න කියලා....හෙහෙ...ඔන්න මම ඒක නිසා බ්ලොග් එකේ නමත් වෙනස් කොරා, පරන නමම දැම්මා :D

    @Dinesh අලේ මිස්ටර දිනේශ් අයියා....දන්නවා සතුටුයි කියලා අයියේ...බ්ලොග් එක පටන් ගත්තු දවසේ ඉදලම මේ පැත්තේ එනව නේ ඔයා....:x

    @පැන්da ලොකු අයියා නැතුව ලොකු සීයා වගේ එකක් නම් ගැලපෙනවා...හික්ස්...මම නෙමේ නමේ පරන එව්වා ඇවිස්සුවේ හරිය..ගූගල් මාමා තමා...වෙලාවක රත්ගම ආවම යමු රැල්ල පාගන්න...ඉකේයියා හැබැයි :-/

    @dinesh පැන්ඩා මලයා කියන්න එපාලු අයියේ...සීයා කියන්නලු...හික්ස්...ඉකේයියා නේ...වයසට නෙමේ නේ වැඩ :))

    ReplyDelete
  12. අඩේ කොල්ලෝ මෙක හරි අපුරු බ්ලොගයක් නේ බන්.මම නම් ආවේ අද් තමයි,එත් බන් හරිම ආඩම්බරයි ගාල්ලේ කොල්ලෙක් ගේ දස්කම් දෑක්කම.(මොකෝ මාත් ගාල්ලෙනෙ බන්),උබ ලියපන් කොල්ලෝ මමත් අද ඉදල රත්ගම පෑතේ කරක්ගහන්න එන්නම්කෝ.වෑඩි දුරකුත් නෑ නොවෑ පුටාර් එකේ විනාඩි පහයි....

    ReplyDelete
  13. @අසංක Asanka අලේ.....එන්න එන්න....රත්ගම හන්දියට ඇවිල්ලා හූවක් කියන්නකෝ...විනාඩියෙන් මම එතන ඇති..දිගටම එන්න...ජය වේවා!!! :))

    ReplyDelete
  14. මමත් මචං උඹට එන්න කියලා නොවඳිනා වැඳුම් වැන්ඳා ...මතක නැතෙයි ...

    උඹ එදා අපිව දමා ගිය හේතුව 100% මම දන්නවා ... ඉතින් මම පැත්තකට වෙලා බලාගෙන උන්නා ..මට උඹ පලා ගිය හේතුව කෙනෙක් කීවා ...මම දන්නවා මම දන්නවා ..... b-(

    ජය වේවා !!

    ReplyDelete
  15. @හිස් අහස අපොයි.....අරකි වැඩේ කාලා වගේ...නොදකින්...කේලමී....හික්ස්....:D
    මතකයි මතකයි...සදරු සර් මාව හොයන්න ගනිපු මහන්සිය හොදට මතකයි.......දැන් ඉතින් ආවානේ...මම මේ ඔය කියපු අදාල පුද්ගලිය අල්ලගන්න කියලා ඉන්නේ.... හික්ස්.... ජයම වේවා!!!! ;;)

    ReplyDelete
  16. ආයෙත් ලියන්න පටන් ගත්තු එක නම් හරිම අගෙයි. ඔයාට තියෙන්නෙ වෙනම ශෛලියක්.

    ReplyDelete
  17. @පිණිබිඳු... අගෙයි අගෙයි..... මේ මගේ මට හොද නෑ නේ ... :දිව දොට්ට හික්ස් :))

    ReplyDelete
  18. මම මේ බ්ලොග් එකට ඇව්ල්ලාම නැ මම හිතන්නේ ඒකට සමාවෙන්න නමුත් රත්ගමයාගේ පැමිනිමට සුභ පැතුම් දිගටම ලියමු අපි දිගටම කියවන්නම්

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)