Monday 31 January 2011

ලෝක කුසලානය සහ කලාව විකිනීම



අපේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් ය.එය අවිවාදයෙන් පිලිගත යුතුය.ලෝක කුසලානයට ඇත්තේ තවත් මාසයකටත් වඩා අඩු කාලයකි..
කලාකරුවා යනු අපේ රට නියෝජනය කරන්නා වූ වටිනා සම්පතකි.මේ වන විට කලා කරුවා යනු එදා වේල වෙනුවෙන් කඩේ යන බොම්බයි මොටයි චරිත බවට පත් වී අවසානය.රූපවාහිනී හෝ ගුවන් විදුලිය දැමූ විට වැඩිපුරම ඇහෙන්නේ මොවුන් අපේ රටට ලොක කුසලානය ගෙන ඒමට දරනා මහන්සියයි..එකාට එකා නොදෙවෙනි වෙමින් එක පිට එක ලෝක කුසලානය වෙනුවෙන් ගී නිරමානය වේ.ගීතය ගයා අවසානයේ පවසන්නේ ''මේක වෙනස්ම ගීතයක්.අපේ රට ගැන කැක්කුමක් ඇති වෙන විදිහට තමා මේක නිර්මානය කරලා තියෙන්නේ.රට වෙනූවෙන් යුතුකම මම ඉටු කරා'' ආදී වදන්ය.
             මේ කලා කරුවාම එදා සුනාමිය වෙනුවෙන් ගී ගැයුවේය....නියගයකටද ගී ගැයුවේය..වහිනා විටද ගී ගැයුවේය..මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්නට ගී ගැයුවේය. ඒ ගීත මගින් වේරලියද්දලා,සහේලිලා රූකාන්තලා ගොඩ ගියෝය..අද ගීතය යනු එදා වේලා හම්බකර ගන්නා මගක් වී අවසානය...ඔය කලා කරුවාම ඔඩෙල් එකෙන් බඩු හොරකම් කර හිරිකිත ලෙස තවමත් රගපායි..අදාල මාධය ආයතනද තම කුට්ටිය වඩා ගැනීමට ඒවා යට ගැසීමට උත්සහා කරයි.. විශිෂ්ට කලාකරුවෙකු වන ජයලාල් රෝහන මහතා පැවසූ වදනක් මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි.."අද කඩේකට යන්න බෑ..ගියාම මුලු ඇගම චෙක් කරනවා...ඒ මිනිස්සු හිතන්නේ අපිත් හොරු කියලා..ඔන්න ඕකයි අද කලාකරුවගේ තත්වය"
                                      එදා 1996 ලෝක කුසලානය දිනා ගැනීමට පසු නිර්මානය උන 'පුන්සද පායා මගෙ රට දිලෙන්නා'' ගීතය තවමත් අපට අමතක නැත්තේ එය හතු පිපෙන්නා මෙන් නිර්මානය වූවක් නොවු බැවිනි.අද ලෝක කුසලානය වෙනුවෙන් කොපමන ගී නිර්මානය වී ඇද්දැයි කිසිවෙක් නොදනී..
                    එසේම......


                    අද ගායකයා යන වචනයට තේරුමක් දීමට සමත් කිසිවෙකුත් නොසිටී...හෙට ඔබත්,මමත් අපි සැවොමත් ගායකයෝ වෙමු..මක්නිසාද ඔබට,මට අපිට ගීතයක් ගායනා කරන්නට නොහැකි බැවිනි......


                        --------------------ඉලන්දාරියා වෙනුවෙන් අපි ---------------

34 comments:

  1. සිරාවටම ඇත්ත මචෝ උඹ කියපු කථාව.. ටීවී එක බලන්න බෑ රේඩියෝ එක අහ්න්න නෑ මේ ලෝක කුසලානෙට කියන සිංදු නිසා.. අනික එවා පිරියක් ඇතුව අහන්න පුළුවන් නම් ඒත් අවුලක් නෑ..

    ඒ මදිවට එක එක කොම්පැණි කාරයෝ ඇඩුත් දානවා...

    මට පේන විදියට අපේ කස්ටිය මුල් වටෙන්ම හැලෙන සීන් එකක් වෙයි වගේ..

    සික් විතරක්...

    ReplyDelete
  2. @සෝරෝ කියන්න දෙයක් නෑ සෝරෝ අයියා.....දැන් හැම එකාම සින්දු කියනවා...පුලුවන් එකයි බැරි එකයි ඔක්කොම කියනවා.....

    ReplyDelete
  3. කට්ටියක් බෝලයකට නූල් ඔත ඔත රට වටේ යනවා.. කට්ටියක් බැට් එකකට අත්සන් ගගහා යනවා.. විශ් කරලා එස්.එම්.එස් එවන්න කියලා ගාන කපාගන්නවා. ඒ අතරේ ඔයා කිව්වා වගේ කන් අඩි පැලෙන්න තරම් (සින්දු නමින්) ඝෝසාවල් යනවා. ඒ අතරේ ටිකින් ටික පටන් ගන්නත් කිලින්ම අපිට නම් කුසලානය එපාවීගෙන යනවා...

    ReplyDelete
  4. @තාරා අනේ ඇත්තටම මට ඕක අමතක උනා නේ..දැන් සමහර නාලිකා වල ප්‍රවෘත්ති වෙනුවට යන්නේ ඔය බෝල බැට් ගෙනියන ඒව තමා :))

    ReplyDelete
  5. ක්‍රිකට් යනු මට අදාල ක්‍රීඩාවක් නෙවෙයි. බලන්නවත් උනන්දුවක් නෑ. ඒ කොහොම වෙතත් උඹේ කතාවනම් ඇත්ත මචෝ..

    ReplyDelete
  6. සහතික ඈත්ත රත්ගමය කියපු කථාව....
    මමත් ඒ කතාවට එකගයි.

    මේ තියේන්න ලෝක කුසලානයට ගයපු ගීත අතලොස්සක්
    මේකේ 96 ලෝක කුසලානයට ගහපු ඒවත් තියෙනව 2011 ඒකට ගහපුවත් තියේනව.
    ඔයාලම බලන්නකො ඈත්තටම හෑගීමක් තියෙන්න මොනවයිද කියල ?

    :))

    http://bit.ly/eWHs9m

    ReplyDelete
  7. සිරා සිරා.. කොච්චර සින්දු තිබුනත් එකක්වත් හිතට වදීන් නැහැ. බොරු සද්දේ විතරයි

    ReplyDelete
  8. @ලමයා යකෝ උඹ ඉනේ අපේ රටේද බොල...විහිලුවට හරි මැච් එකක් බලාපන්.....

    @DiLoN එල එල...කලෙක්ශන් එක නම් පට්ටා..මම 1996ට ගහපු ටික බා ගත්තා

    @neXuz සද්ද විතරයි නම් තමා දැන් තියෙන ගොඩක් සින්දුවල

    ReplyDelete
  9. සහතික ඇත්ත රත්ගමයෝ..... මමත් ඔය කියන ක්‍රිකටි සින්දු කීපයක්ම පහුගිය දවස්වල ඇහුවා.... සමහරු තමන්ගේ පරන මෙලඩි එකකටම අළුත් වචන ටිකක් දාලා තිබුනා... නම් කියන එක හරි නැති නිසා අපි උදාහරණ නොදී ඉමු... අපි 1996 ලෝක කුසලානය දින්නේ මල්ලි කියන්න වගේ කිසිම සින්දුවක් නැතුව.. රටේ ක්‍රීඩාව වෙනුවෙන් ගීත ගැයෙන එක හොදයි.. ක්‍රිකට් අපේ ජාතික ක්‍රීඩාව නොවුනත් ලෝකය මුලින්ම අපි ගැන කතාකලේ ක්‍රිකට් නිසා... මේ සින්දු වැදගත් විදිහට ලියැවෙනවන්ම් ගැයෙනවනම් හොදයි කියන එකයි මගේ අදහස..

    ReplyDelete
  10. ඇයි යකෝ..? ක්‍රිකට් කියන්නේ අපේ ජාතික ක්‍රීඩාවද බොල? ලංකාව ක්‍රිකට් වැදගත් තමයි.. ඒත් මට අදාල නෑ.. :D

    ReplyDelete
  11. @Dinesh ඇත්ත දිනේශ් අයියා...හැමෝමලා හදන්නේ ලකුනු දාගන්න..මේ පාර කප් එක දිනුවොත්...අන්න එතකොට බලාගන්න පුලුවන් ඔය ලකුනු දාගන්න හදන කට්ටිය බුරුතු පිටින්ම

    @චතුවා (ළමයා)ක්‍රිකට් කියන්නේ අපේ ජාතික ක්‍රීඩාව වගේ තමා බොල...ක්‍රිකට් නිසා තමා අපේ රට ගැන ටිකක් හරි මිනිස්සු දන්නේ....සුද්දා හොයා ගත්තා වෙන්න පුලුවන්..ඒත් දැන් ක්‍රිලට් අපේ ක්‍රීඩාවක්...

    ReplyDelete
  12. සහතික ඇත්ත මචෝ‍‍‍‍....චොරම තමා....අපි ක්‍රිකට් වලට ආස බව ඇත්තය...මැච් එකක් දෙක්ක වැඩත් පාඩුකරන් බලන එකත් හැබෑවය.හැබැයි දැන්නම් මුංගේ සිංදු ඇහිලම ක්‍රිකට් බැලිල්ලත් එපාම වෙලාය....

    මේ දැන් ඔය ගහලා තියෙන සිංදු වලින් ඔෆිෂියල් සිංදුව මොකක්ද? එහෙම එකක් නැතිද? නැතිනම් තාමත් තොරනවද? හික් හික් යකාටම ගිය රටක් බොල මේක...
    අපේ උන්ගේ සමගිය මේකෙන්ම පේනවනේ...තව මොනවද කතා බං....කට පියන් හිපටන් නැතිනම් අපි පච වෙනවා....

    ReplyDelete
  13. කතාව ඇත්ත,..මෙන්න ආයෙත් අර වහපු එකෙ උන්න අපි ආදරෙ කරපු රත්ගමය අවදි වෙලා..
    ඒක නෙවෙ මොකද්ද අර නොලිමිට් සීන් එක..

    ReplyDelete
  14. ඉකේයියා...

    (අර අනූහයේ අපි දිනපු වෙලාවෙ දාපු අර අමුතුම සිංදුව අර මොකක්ද මංදා භාෂාවකින් දැපු එක..ඒකේ තේරුමනං මං දන්නෙ නැහැ ඒත් සිය පාරක් හරි බලන්න ආසයි..ඒක දැක්කත් මට කෙළින්ම අනූහයේ ෆයිනල් මැච් එක දැන් බැළුවා වගේ....ආන්න ඒක ඇර අනිත් කිසිම උලව්වක් මං බලන්නේ නැහැ..අපේ එව්වා උනත්..මුංගේ මල විකාර..ඉකේයියා...)

    ReplyDelete
  15. @෴ හසියා ෴ වැඩක් නෑ කියාලා හසියා අයියේ...සින්දු නෙමේ කතා කියන්නේ...එක එකා එක එක ඒවා කියනවා..

    @පැන්da නෝ ලිමිට් නෙමේ..මට පොඩ්ඩක් වැරදුනා...ඒක දැන් හදනවා....ඔඩෙල් ලෙස නිවැරදි වෙන්න ඕන..දන්නේ නැද්ද.....

    sinhalaya1st.blogspot.com/2010/11/blog-post_02.html


    @මාරයාගේ හෝරාව අප්පටසිරි...අන්න සින්දුව මාරයියේ...පප්පප්පරප් පප්....අරබි වෙන්න ඕන ඒක...ඒක ඉකේයියා නෑ අනේ....සිරාවටම වර්ල්ඩ්කප් බැලුවා වගේ තමා....

    ReplyDelete
  16. "සිංදු කපන මණ්ඩලේ"කුත් දාන්නයැ කියන්නේ? :P

    ReplyDelete
  17. @budhajeewa දානව නම් හොදා අප්පා...චිත්තර පටි කපන්නේ නැතුව ඔන්න ඔය සින්දු වගේ කතා ටික කපලා දානව නම් එල

    ReplyDelete
  18. @රත්ගමයා: තමන්ගේ කපන මණ්ඩලය සදාගත යුත්තේ තමන්මයි. අනුන් අනුන්ගේ කපන මණ්ඩල හදාගනීවි.

    ReplyDelete
  19. දැන් හදන සිංදු අපිට ගායනා කරන්න පුළුවන් සිංදුවත් අහගෙන ඉන්න පුළුවන් ඒවවත් නෙවෙයි නේ. බලහතකාරයෙන් ඇහෙන්ට සලස්වන සිංදුනේ. ඉතිං මේ වගේ ගන්න දෙයක් නැහැ හරි පද රචනයක් නැහැ. හැගීමක් දැනවෙන මෙලඩි එකක් නැහැ. නිකම්ම වචන ටිකක් කිය කිය මියුසික් ඉන්ස්ටුමන්ට් ටිකකට තඩි බානවා. ඒවා උන්ටත් මෙලෝ රහක් නැති නිසා කිරි පාට කකුල් ටිකක් පේනෙන්ට කෙල්ලෝ ටිකක් වටේට අරවා මේවා කකා බිබී නටවනවා. වෙන ගන්න දෙයක් නැති නිසා අපි ඉතිං අර කකුල් දිහා බලාගෙන ආතල් එකක් ගන්නවා. ඔය ෆන් එක අස්සේ ෆොන්සේකා මහත්තයා කූඩුව ඇතුලේ මැරිලා යනකම් චියර් කරනවා.

    ReplyDelete
  20. @ගීත් (සහෘදයා) මට ඔය කොමෙන්ටුවට ලයික් එකක් දාන්න බෑ නේ...අපි ජීවත් වෙන්නේ පුදුමාකාර ලෝකෙක තමා....එකෙක්ට වරදින කල් අනිත් එකා කට ඇරන් ඉන්නවා..ඒ අතර අනිත් එකාගේ දුක දන්න කට්ටියකුත් ඉන්නවා....

    ReplyDelete
  21. අනේ ඔය කිරිටොක් ගැන මමනම් දන්නෙ නෑ. බලමුකො වෙන දේ.......... දින්නොත් රටම කියවයි............. පැරදුනොත් ඒ කොල්ලො ටික පනපිටින් ඉන්නවදවත් බලන්න ඔය නටන උන්ට මතක් උනොත් ලොකු දෙයක්.............

    ReplyDelete
  22. @චමියා අන්න චමියට තෙරුනා...උඹට මතකද මචන් මම ලිව්වේ මන්ජු වන්නිආරච්චි ගැන.. පදක්කම ගෙනාවම ඔක්කොම ඇබලයෝ වගේ පස්සේ වැටුනා...පදක්කම නැතු වෙන්න යනකොට බල්ලෙකුට ගනන් ගත්තේ නෑ... x(

    ReplyDelete
  23. ඒක ඇත්ත. ලෝකේ ගොලාකාරයි මිනිස්සු විවිධාකාරයි. කට්ටියක් සෙල්ලම් කරලා සතුටු වෙනවා. කට්ටියක් සෙල්ලම් කරනවා බලං ඉදලා සතුටු වෙනවා. තව කට්ටියක් අසරණ වුන අයට පිහිට වෙලා සතුටු වෙනවා. තවත් අය අසරන වුන අයව තවත් අසරන කරලා සතුටු වෙනවා. එහොම තමයි ලෝකේ....කොම නමුත් මැච් බලන්න ආස අය මැච් බලයි. ඒතරේ ෆොන්සේකා මහත්තයා වගේ අයගේ දුක සැබ බලන අය ඒ ගැන බලයි. ලෝකේ ඔය විදිහට යයි.
    කෝම වෙතත් මාත් ක්රියකට් මැච් ලොලියෙක් තමා. 20 , 20 ලොස්ට් වුන වෙලාවේ පපුව හිරවෙලා මැරුනේ නැත්තේ පූර්ව පිනකට. කෝම හරි පරන ක්රි.කට් සිංදු වගේ අලුත් ඒව අහනකොට කිසිම ගතියක් ඇගට එන්නේ නැහැ. කලාව වානිජ කරනය වීම තමයි එයට හේතුව. මොකක් එළියට විසිකරලා තම අරමුනට යෑම තමයි වර්තමාන බොහෝ කලා කරුවන්ගේ අභිප්රාීය. මේ පාර ආපු සිංදු සෙට් එකේන් ලහිරුගේ කොදෙවුවන්ගේ පොල් ගස්වල කරටි කඩන්න කියන ගීතය තමයි මට නම් ටිකක් හරි ඇගට දැනුනේ. ඒකත් ඉතිං පදයෙන් පදයට කිසිම සම්බන්ධයක් නැති අච්චාරුවක් නේ පුරුදු පරිදි. තව ටිකක් කාලය අරගෙන ලහිරු ඕක කලා නම් ඔයිට වඩා සාර්ථකව එලියට දාන්න තිබුනා. මේ පාර ආපු ක්රිකකට් ගීත ලිස්ට් එකේන් චාටර්ම සිංදුව තමා BNS ෆන් එකට සෙට්වෙලාද මොකද්ද එක. ඒක න්ම් භාලාංශ පන්තියේ සෝන්ග් එකක්.

    ReplyDelete
  24. කතාව නම් සහතික ඇත්ත.
    එදා අනූහයේ ලෝක කුසලානෙට ගහපු සිංදුව අදටත් ගොඩක් ම ජනප්‍රියයි.

    ReplyDelete
  25. දන්නේ නම් නැ එ උනාට යන යන වෙබ් පිටු වල තියෙන්නෙත් අරයා කියන එකයි මෙයා කියන එකයි ක්‍රිකට් ටුලමන්ට් එකට...හෙහෙ ඔවා කියද්ද් මතක් වෙන්නේ අපේ තාත්තා කියන පොඩි අමුතු පද කැල්ලක්...

    'කාලෙන් කාලේට එන වසංගතේ නැ අඩුපාඩු' :)

    ReplyDelete
  26. @ගීත් (සහෘදයා) ඔක්කොම වගෙ ඇත්ත ගීත්...ලහිරුගේ සින්දුවේ නම් වෙනසක් තියෙනවා...ඒත් ඒක මේච්චරකල් මෙලෝ සිහියක් නැතුව ගහපු බයිලා රිද්මයටම ආපු එක නම් නොගැලපීමක් තියෙනවා;))..ඇත්තටම මම නම් ආසම අර අරාබි සින්දුවට 1996 වර්ල්ඩ් කප් එකට ගහපු..ඒක ඇහෙද්දි දැනෙන්නේ අපි කප් එක දිනුවා වගේ හැගීමක්:x...මොකද කියන්න නම් මම දන්නේ නෑ......

    @මධුරංග ඒ සින්දුව ජනප්‍රියයි නෙමේ අයියේ...ඒක ජනප්‍රිය උනා..බලෙන් ජනප්‍රිය කරේ නෑ..ඒකයි අදත් ඒක අහන්න ඕන කියලා හිත ඉල්ලන්නේ... :)

    @නිම්ශා තාත්තට කියන්න මම ඒ කොමෙන්ට් එකට ලයික් කියලා..අනික ඉතාලියේ ක්‍රිකට් නෑ නේ බන් නගේ...ෆුට්බෝල් නම් කමක් නෑ නේ
    :p

    ReplyDelete
  27. මචංලා පුලුවන් නම් ඔය දාල තියන ලින්ක් 1ඒ තියන සිංදුව අහල බලන්න...
    ගොඩක් සිංදු ආව තමයි 2011 CwC 1 වෙනුවෙන් ඒත් මේක තරම් හිතට වදින සිංදුවක් මං නම් දැක්කේ නෑ...
    ඒක බාගන්න ඕන කරන Link 1ක් දාල තියෙන්නේ

    http://wenasak.blogspot.com/2011/01/blog-post_30.html

    බාගන්න Link 1
    http://www.mediafire.com/?stbj2gy8650fp57

    ReplyDelete
  28. ප.ලි. - සිංදුවේ නියම හැගීම එන්න නම් සද්දෙ ටිකක් වැඩි කරලා ඇස් 2 වහගෙන අහගන ඉන්න

    ReplyDelete
  29. ඇත්ත තමා බං... හැම මගුලටම සිංදු කියනවා දැන් ඉන්න වුන්. ඒ වුනාට සිද්ධිය ඉවර වෙන්නත් කලින්ම සිංදුව ඉවරයි... මොනා කරන්නද බං සිරි ලංකාවනේ... ඊටත් වැඩිය ලෝකෙම අයිස්චරිය නොවෑ...

    ReplyDelete
  30. dilon chathuranga,
    ඔයාගේ ලින්ක් එක ගත්ත, වෙලා තියෙන වෙලාවක සින්දු ටික අහල බලන්න.

    ReplyDelete
  31. @prasanna86k ආයේ මක්කා කතා කොරන්නද.... දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නවා නේ ගෝල්ඩ්ෆිශ් අයියේ.... :)

    @Observer අනිව අනිවා....කොච්චර හිතට වැදෙනවද කියලා බලන්නකෝ :|

    ReplyDelete
  32. මචං උඔ කියන එක සහතික ඇත්ත. මට ඇත්තටම කියාගන්න බැරුව හිටිය දේවල් ටික නියමෙට දාල තියෙනව. උන් වැඩි දෙනෙක් පොළොවේ පය ගහල ඉන්න උන් නෙවේ. බොරු සෝබන කාරයෝ.

    ReplyDelete
  33. රත්ගමයෝ....උඹ මේ සිංදුව ගැන නේද කිව්වේ....මට මේක අහම්බෙන් හම්බවුනේ...මාරගති.....ඕක වැඩිය වාදනය වුනේ නෑ...මටත් ලාවට මතකයක් තිබ්බා....උඹ කි්වට පස්සේ තමා ආයෙත් මතක් වුනේ...ඔන්න අහලා බලපංකෝ ඇතිවෙනකම්ම...
    1996 Cricket World cup song-Chokra

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)