Sunday 16 January 2011

අවසන් නිසැදැස.......



මට ලියන්න්න පුලුවන්....
හුගාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්..
හොදයි...
මම මෙහෙම ලියන්නම්..
රෑ අහසේ තරු පායලා..
ලස්සනට දිලිසෙනවා...
 ඉතින්..
මට ගොඩාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්..
දන්නවද....
මම එයාට ආදරේ කරා...
සමහර විට එයත් මට
ආදරේ කරන්න ඇති...
අද වගේ දවසක මම එයාව
තුරුල් කරන් අතොරක් නැතුව
සිප ගන්න ඇති..
ඔව්.....
එයා මට ආදරේ කරා...
සමහර විට මමත් එයාට ආදරේ කරන්න ඇති...
එ ඇස දෙකට
ආදරේ නොකර ඉන්නේ කොහොමද....
ඉතින්....
මට ලියන්න පුලුවන්....
රාත්‍රිය අනන්තයි...
එයා මගේ ලග නැති නිසා...
ඒ බව තවත් වැඩි වෙනවා...
අහසින් වැටෙන වැහි බිදු වගේ...
කවි පද එකෙන් එක ලියවනවා...
මගේ ආදරයට....
ඔව්...
මගේ ආදරයට....
එයාව ලන් කරගන්න බැරි උනා.....
ඉතින් කවි වලින් වැඩක් තියෙනවද....
මගේ ඇස් එයාව හොයනවා....
වෙනදට වගේ සීතලට තුරුල්
වෙලා ආදරේ
කරන්න කියලා දෙන්නේ කවුද?
මම කොච්චර ආදරේ කරාද...
එයා කොච්චර ආදරේ කරාද...
අර බලන්න....
තරු මට කතා කරනවා..
එයා ඉන්න ඕන අහසේලු...
නැහැ නැහැ....
මම යන්න දෙන්නේ නෑ...
ඒත්....
එයා ගියොත්
මට ලියන්න පුලුවන්.....
ගොඩාක් දුක හිතෙන විදිහට
ලියන්න පුලුවන්...
සමනල්ලු ගොඩාක් මල් වලට ඇදිලා යනවා....
ඒත් එක ආඩම්බර සමනලයෙක්
නිල් පාට ඇස් වල කදුලු පුරවගෙන
එකම එක රෝස මලක් දිහා
බලාගෙන ඉන්නවා...
ඉතින්....
මට ලියන්න පුලුවන්...
ගොඩාක් දුක හිතෙන විදිහට
ලියන්න පුලුවන්....

16 comments:

  1. හුග දවසකට පස්සේ රත්ගමයා ඇවිත් දුක හිතෙන කතාවක් දාලා ගිහින් .මටත් ලියන්න පුලුවන් රත්ගමයට ගොඩාක් දුක හිතෙන විදිහට .
    ඇත්තටම රත්ගමයෝ ආදරය කරන කෙනා ලඟ නැති උනාම ගොඩාක් දුකයි කියලා අහලා තියෙනවා.
    ඒ වගේමයි අපි ආදරය කරන කෙනා අපිව දාලා යද්දිත් ගොඩක් දුකයි.
    මටත් ලියන්න පුලුවන්. ...
    සම්බන්ධතා පටන් ගන්න එක සතුටක් උනත් ඒවා කවදහරි කැඩෙනවා කියලා හිතුනම ගොඩාක් දුකයි......
    පරිප්පු ඔතපු කොල වල තියෙන දේවල් ලියපු රත්ගමයා කාලයක් ලියන්නේ නැති උනාමත් ගොඩක් දුකයි :(

    මටත් ලියන්න පුලුවන්.....
    මෙච්චර කමෙන්ට් එකක් ටයිප් කලාට පස්සේ ඇගිලි රිදෙන එක ගැන හිතුනමත් ගොඩාක් දුකයි...

    ReplyDelete
  2. මාව මඤ්ඤන් උනා බන්

    ReplyDelete
  3. මලේ මුකුත් අවුලක්ද බං?

    උඹට කොහොමත් සංවේදීව ලියන්න පුළුවන් මචං. එල එල

    ReplyDelete
  4. මේ සීතල දවස් වල මොකද මලේ හීනවත් පේනවද???
    ආදරේ කරණ අය දාල යන්න වෙනකොටත් ගොඩක් දුක හිතෙනවා.කවද හරි දවසක අපි හැමෝටම ඒදවස එනවා.
    ලස්සනයි මලයෝ.........

    ReplyDelete
  5. මූ මේක අරන් තියෙන්නේ ඊ බේ එකෙන් . මටනම් 100% සුවර් මම දන්න රත්ගමයට මේ තරම් ලස්සනට ලියන්න බෑ ..

    සමහර විට රත්ගමයා වෙනස් උනාද දන්නේනෑ ..

    කොහොම උනත් පංකාදු 5

    ජය වේවා !!

    ReplyDelete
  6. ඇත්තමයි මල්ලියේ උඹට ලියන්න පුළුවන්
    ගොඩාක් දුක හිතෙන විදිහට

    ReplyDelete
  7. ඇස් වලට කඳුළු එන තරමට නුඹට ලියන්න පුලුවන්.
    වල දාපු අතීතය ඇස් ඉස්සරහට ගේන තරමට නුඹට ලියන්න පුලුවන්. හිත් කොනේ පතුල බෝතල් කට්ටකින් හූරනකොට රිදෙන තරමට නුඹට ලියන්න පුලුවන්.

    ReplyDelete
  8. බ්ලොග් එකේ දැන් ලියන්න බැරි විදියේ ලිපියක් මගේ හිතේ හිර වෙලා බන්. උබ ඒ බර තවත් වැඩි කලා

    ReplyDelete
  9. අනේ මන්දා ඕයි....මට ඇඩෙනවා අම්මපා....උඹ ආයේ ඇවිත් ලියන්න පටන් ගත්තේ මගේ ජිවිතේද මන්ද....අනේ මන්ද කියනවා ඇරෙන්න කියන්න දෙයක් නෑ මට....

    ReplyDelete
  10. ha ha oyata ලියන්න්න පුලුවන්....
    ela ela rathgamayoo

    ReplyDelete
  11. සමනල්ලු ගොඩාක් මල් වලට ඇදිලා යනවා....
    ඒත් එක ආඩම්බර සමනලයෙක්
    නිල් පාට ඇස් වල කදුලු පුරවගෙන
    එකම එක රෝස මලක් දිහා
    බලාගෙන ඉන්නවා...

    mama asama keella

    kiyala wedak nee bokkatama weduna

    ReplyDelete
  12. රත්ගමය හෙන ගොබ්බ talks දෙන්නේ...හෙන චාටෙර්.....adooo ගෙදර පලයන්...

    ReplyDelete
  13. ආ රත්ගමයො මට මේ පොස්ට් ටික මිස් වෙලානේ... දැනුයි දැක්කේ..

    ReplyDelete
  14. අෆ්ෆා මගෙ බඩ දගලනවා වගේ, පරණ මතකයන් ඇවිස්සුනා!
    මචෝ එල කිව්වා!

    ReplyDelete
  15. මොකද බන් මේ? උබෙ ඔලුව වැදුනද කොහෙ හරි?

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)