Saturday 29 January 2011

රත්ගමයා අලුත් තැනක ආයේ බ්ලොග් එක ලියනවලු...........



රත්ගමයා බ්ලොග් කෙරුවාවට ඇවිල්ලා මාස 6ක් විතර ඇති මයේ හිතේ.මේ මගේ අලුත් බ්ලොග් එක..''කලින් බ්ලොග් එකට මොකද මලයෝ, උනේ'' කියලා ගොඩක් අය මගෙන් අහනවා.
ඒක ගොඩාක් දිග කතාවක්..රත්ගමයා ලියපු මාස 3 මගේ ජීවිතේ වැඩියෙන්ම සතුටු උන මාස කීපයක් තමා..ජීවිතේ විදින්නේ කොහොමද කියලා බ්ලොග් ලියන කාලේ ඉගෙන ගත්තා.ඉස්සර සමහර විට මාසෙකට බ්ලොග් පෝස්ට් 20ක් විතර දානවා.මාස 3ක් ඇතුලත ගොඩාක් යාලුවෝ හම්බුනා.එයාල තාමත් බ්ලොග් එක ලියනවා..ඒත් රත්ගමයා බ්ලොග් එක නැවැත්තුවා..නැවැත්තුවම ගොඩක් අය හෙව්වා..ඊමේල් ආවා ගොඩාක්..මුහුනු පොතේ දන්න දන්න හැම කෙනාම ඇහුවේ මොකෝ යකෝ ලියන්නේ නැද්ද කියලා.මට දෙන්න උත්තරයක් තිබුනේ නෑ..මාසයක් ඇතුලත 10,000 ක් බ්ලොග් එක බලලා තිබ්බා.. 80ක් විතර යාලුවෝ රොත්තක් හිටියා..
මෙච්චර කට්ටිය රත්ගමයට ආදරේ කරනව කියලා මම දැනන් ඉදියේ නෑ..අඩුම ගානේ මම වත් දැනන් ඉදියේ නෑ මට ලියන්න පුලුවන් කියලා.ඒත් ලියන පෝස්ට් එකකට කොමෙන්ට් වැඩටෙනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ..දැන් රත්ගමයා අලුතෙන් බ්ලොග් එක පටන් අරන්...ඒ නමින්ම වෙනස් තැනක..ගොඩක් දෙනෙක් දන්නේ නෑ ඒක...රත්ගමයත් ලියන්න කම්මැලි වෙලා..මොකද කියන්න දන්නේ නෑ..ඉස්සර රත්ගමයව ඉස්කෝලේ යාලුවෝ හිතන් ඉදියේ නිකම්ම නිකම් කොල්ලෙක් කියලා..ඒත් රත්ගමයා මට වටිනා කමක් දුන්නා...දැන් මොකක් හරි ලියමනක් ලියව ගන්න උනාම කියන්නේ...''අඩෝ. අරූට ලියන්න පුලුවන් ඔය වැඩේ ඌට බාර දෙමු කියලා....ඉතින් මේ රත්ගමයා මට වටිනවා...දැන් ඉතින් ආයෙත් වැඩ පටන් ගන්න කාලේකියලයි මම හිතන්නේ..මගේ ඉස්සර යාලුවෝ ඔක්කොම ආයේ මේ පැත්තේ එයි කියලා හිතනවා.......


ඔන්න කට්ටීය ලෑස්ති නේ....නැවතත් බ්ලොග් අවකාෂයේ කුප්පම කුප්ප...අප්පිරියම බ්ලොග් එක පටන් ගන්නයි යන්නේ.......එනව නේ මේ පැත්තට.......???

15 comments:

  1. අනිවාර්යෙන් එනවා බොල.. මං තමයි මුලින්ම එන්නෙ.. හිහ් හිහ්.. කොයි තරන් රන්ඩු උනත් මං හැමදාම කියන දේ අදත් කිය්නවා, දනන් කියන හැම කෙනාගෙන්ම හිතට දැනෙන්න, අඩවන්න ලියන්න පුලුවන් එකම කෙනා රත්ගමයා. ඉරූටවත් ඒක කරනන් බෑ...

    ReplyDelete
  2. ආයෙත් අහලා... උඹ ආයෙත් ලිව්වෙ නැත්නම් ඉතින් ඒකට හරියන්න රෙඩ්-ග්ලූ (රතු-ගම්) කුප්පියක් ගේන්න බැලුවෙ... :දිවදොට්ට
    එහෙනම් ඉතින් වෙල්කම් බැක් කිව්වා !! :සිනාසේ

    ReplyDelete
  3. කුප්පයාට ජය... කුප්පයා රජ වේවා ( මෙකා රජ උනොත් ඉදලා හමරයි... චැක්.. )


    :) ඔන්න නංගියාත් බලනෝ... ටියුබ් ලයිට් එක වගේ ආයේ එන්න යන්න බැ... ලියනවා නම් ලියන්න ඔනා එක දිගට ( නැත්නම් උස්සනවා සුදු වැන් එකකින් )

    ReplyDelete
  4. @නිරහංකාර අහිංසකාවි වරෙන් ඉතින්.....මේ...ඒක නෙමේ...කවුද මේ ඉරුවා.....

    @පූසා ඉකේයියා.....

    @Bhagya Sanuka :දිව දොට්ට :දත

    @නිම්ශා පලස් පලස්...ඉතාලියේ ඉන්න නිසා බේරුනා කියලා හිටු කෝ....

    ReplyDelete
  5. ඔන්න අපිත් අවා :-)

    ReplyDelete
  6. හෆොයි දෙවියනේ..... දැන් ඉතින් බ්ලොග් අවකාසෙටත් බුදු සරණයි.... ආයෙත් ඉතින් කුප්පකම් කෝටියයි...
    කොහොම උනත් චේ උන්නැහේ ඉන්නවා අපේ කුප්ප රත්ගමයා එක්ක. (ගේ නෙමෙයි)
    ජය වේවා සහෝදරයා.... ! දිගටම ලියපන්......

    ReplyDelete
  7. කුප්පකම් පිරි බ්ලොග් එක කියවන්න ඉතින් මම කවුරු නැතත් එනෝ.. අපේ දිග ඉරානේ...

    ReplyDelete
  8. @mahima අක්ෂරේ පැත්තේත් යන්න එන්න ඕනා ඕන්....

    @චේ උන්නැහේ... අනේ පලයන්...යකෝ මම නැතුව මේක පාලු එලා ගිහින් බොලේ

    @ලමයා ඉකේයියා...පුට් යුවර් හෑන්ඩ්ස් අප් ඉන්දි එයාර්

    ReplyDelete
  9. ඔන්න අපිත් අවා...

    ReplyDelete
  10. බයිලා නැතුව කියහන්කො කලින් එක නැවැත්තුවෙ මොකද කියලා. උඹ තව සතියකින් මේකත් නවත්තලා අලුත් තැනක ආයෙත් පටන් ගනියිඩ්ජ මන්දා???

    ReplyDelete
  11. නෑවිදින් ඉන්නේ කොහොමද රත්ගමයෝ.... කලින් බ්ලොග් එක මොන හේතුවක් උඩ නැවැත්තුවත් ආයෙත් ලියන්න හිතපු එක ගැනනම් හදවතින්ම සතුටු වෙනවා... රත්ගමයාට ජය වේවා!!!!!

    ReplyDelete
  12. @තාරා එන්න එන තාරා..පීපී ගගා එන්න..

    @හැකා දැන් ඒවා ඕනේ නෑ නේ බන් අයියේ....ඔන්න ඔහේ එව්වා අමතක කොරමු....

    @දිනේශ් දිනේශ් අයියට ජය වේවා!!!!!!

    ReplyDelete
  13. එහෙනම් ආයෙත් වැඩේ කොරල බලමුකෝ............ අපිත් තවම ජීවත් වෙනව බොල................ බොලාට මේක දාල යන්න දෙන්නෙ නෑ........ වර වර.......... තව වැඩ ගොඩාක් තියනවා කරන්න........... මේ පටන් ගත්ත විතරනේ..........

    ReplyDelete
  14. මේකාගේ කුප්ප වැඩ නිසා අපිත් වල් වෙනවා.. තෝ ඔය කුප්ප කතා කියලා.. අපි කුප්ප කමෙන්ට් දැම්මාම.. වල් හාවා කාර්ඩ් වදින්නෙ.. නොදෝම කිං තෝ මොකටද ආවේ ? :-D

    එළය එල්‍ය.. එළෑට ලියැපියැ. :P

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)