මතකද...ඉස්සර අපි පන්ති යන දවස්....සතියකට දවස් 4ක් වත් අපි හම්බෙනවා....මගේ උනුහුමට තුරුලු වෙලා..ඇස් 2ක දිහා බලාන හිටිය හැටි..ඒ ලස්සන දවස්...හරියට පරන ආදර කතාවක් වගේ....එකින් එක එකින් එක මතක් වෙනවා....පිස්සු කෙල්ල..දැන් මේක කියවලා හිනා වෙනවා ඇති...හ්ම්ම්..මට මැවිලා පේනවා....එක දවසක් අපි මාතර ගිහින් වෙරලට ගිහින් රැලි පාගනකොට මගේ කකුලට පෑගිලා ඔයාගේ සෙරෙප්පුව කැඩුනා....අනේ මගේ පිස්සු කෙල්ල...අඩපු හැටි....දැන් යන්නේ කොහොමද කියලා...අඩලා අඩලා මගේ සෙරප්පු 2 අරගෙන දාගත්තා...
කලුතර බෝධිය වදින්න ගිහින්...මට මල්,පොල් තෙල්,හදුන්කූරු ගේන්න අමතක වෙලා..මම කඩෙන් ගන්න යනකොට මගේ දිහා බලලා හිනාවෙලා..''වස්තු ,මම මල්,හදුන්කූරු,පොල්තෙල් ගෙනාවා'' කියපු හැටි.උදේ පාන්දර 4ට නැගිටලා මල් කඩලා..ඔයා දන්නවද වස්තු..ඒ වගේ පුන්චි දේවල් වලින් ආදරේ කොච්චර වැඩි වෙනවද කියලා...ආ....මට වස්තු කියන්න පුරුදු කරේ ඔයා තමයි...ඔයාට මම වස්තු..මට ඔයා වස්තු.....බෝධිය වදිනකොට ඇස් 2ක පියාගෙනම කොචර වෙලාවක් වැන්දද...මතකයිද...
මමත් බලාගෙනම ඉදියා ලස්සන.ඇස් වහගෙන මොන මොනවද මුමුනනවා..වැදලා ඉවර වෙලා ඇහුවම කිව්වා හිතන දේවල් කාටවත් කියන්න හොද නෑ ..එතකොට ඒවා ඉටු වෙන්නෙ නෑ ලු..එත් මම දන්නවා ඔයා අපේ අනාගතේ ලස්සන වෙන්න පැතුව කියලා....
මගේ වස්තු ගොඩක් අහිoසකයි.මට කේන්ති ගියාම බැනගෙන බැනගෙන යනවා..එත් ඔයා කවදාවත් මට එහෙම බැනලා කතා කාරල නෑ..මම සැර කරාම ඉකි ගගහා අඩනවා.ඉතින් මම කොහොමද බනින්නෙ ඔය ඇස් දිහා බලගෙන....වස්තු මට සමාවෙන්න කිව්වම හිනාවෙනවා අඩ අඩ...මට දැන් මැවෙනව රත්තරන් ඒ දේවල්...
මට ගැලපෙනම කෙනා තමා ඔයා..මට මේ තරමට ආදරේ කරන්නඑපා ..මට ණයකාරයෙක් වෙන්න වෙයි ඔය ආදරේ ආපහු දෙන්න බැරි උනොත්.........මගේ නියපොතු කන පුරුද්ද නැවැත්තුවෙත් ඔයා..ඇගිල්ල කටේ දාගෙන නියපොතු හපනවා දැක්ක ගමන් මගේ අතට හයියෙන් ගහනවා.ඊට පස්සෙ ඔරවලා බලනවා..'අයේ නියපොතු කෑවොත් ඇත්තමයි මම යන්නම යනවා'.එහෙම කී පාරක් කියල ඇද්ද..කෝ ගියාද ඉතින්..හු හු හු....මාව දාල යන්න බෑ නේ...මට ඔයාව කිසිම වෙලාවක මතක් වෙන්නේ නෑ නේ වස්තු..බය උනා නේද?ඇත්ත කිව්වේ.මතක් වෙන්නේ අමතක උන කෙනෙක්ව..ඔයාව කොයිම වෙලාවකවත් මට අමතක වෙන්නෙ නෑ..නිතරම මගේ මතකෙ ඔයා ඉන්නවා.
ඔයා ගොඩක් ආසයි නේද රෝස මල් වලට.අද උදේ මම නැගිටල බලනකොට ලස්සන රෝස මලක් පිපිලා අපේ වත්තෙ..ඒ ලස්සන ඔයාට පෙන්නන්න විදිහක් නෑ..කමක් නෑ..ආයේ තව දවසක ලස්සනම ලස්සන රෝස මලක් පිපෙවි..එදාට දෙන්නත් එක්කම ඒ ලස්සන බලමු....
ආදරේ අහස තරම්...............
(මේක පරිප්පු 500 ක් ගෙනාපු ගොට්ටෙ ලියාල තිබ්බ කතාවක්....අනේ මම දන්නෙ නෑ ඕන්..හිතට වැදුන නිසා දැම්මේ....ඔයාලත් බලන්නකෝ කඩෙ ගියාම පරිප්පු ගේන කොල වල මේ වගේ දේවල් තියෙනවද කියාලා,....මේක පට්ට ආතල් ලොකයක් නෙව...........)
හ්ම්... අතීතය --> මතකය --> දුක --> පසුතැවීම --> කලකිරීම --> සදාකාලික විඳවීම
ReplyDeleteහ්ම් ආයෙත් මේ පොස්ට් එක කියවන්න ලැබීම සතුටක් මල්ලියා... නන්නත්තාර වෙලා හිටි මම බිලොග් ලියන්නියක් වෙලා.. ජීවිතේ හදගෙන්න පටන් ගත්තේ මේ පෝස්ට් එක නිසා....
ReplyDeleteඅතීතය සිහිනයක්ම පමණයි... මම දන්නවා ඔයා විදවනවා... ඒත් අතීතය තරම් ලස්සන දේකුත් නැහැනේ මල්ලියෝ.....
හ්ම්.......
ReplyDeleteනෝ කමෙන්ට්ස්........
කවදාවත් විඳින්න බැරි දේවල් රොත්තක එකතුවක්........
ලස්සන ආදර කතාවක් නේ. ආදරය කරන කාලයට තමන් ආදරය කරන කෙනා ගේ පුංචි පුංචි දේවල් උනත් ගොඩක් වටිනවා. ඒකනේ ඔය නියපොතු කන එක ගැන උනත් කියලා තියෙන්නේ.
ReplyDeleteමම අදුනන යාලුවෙක් ඉන්නවා එයාලා තරහා උනාම එයාගේ ගෑනු ළමයා හැමදාම කියනවලු එයාව දාලා යනවා කියලා. නමුත් කවමදාවත් එහෙම කරන්න දෙන්න්ටම බෑ. මොකද ඒ දෙන්නා පුරුම ආදරේකින් ඉන්නේ. වෙලාවක හිතෙනවා ආදරය කියන්නේ අපිව බැදලා තියා ගන්න හැගීමක් කියලා.
ඉරු ඉන්න පැත්තේ පුදුම ගොටු නේ තියෙන්නේ. මාරම අදහස් තියෙන කට්ටියක් ඉන්න පැත්ත නේ.
@පිනි බිදු අසමානතා තේරෙන්නේ නැතෝ............
ReplyDelete@සුදු ඇවිල්ලා ඇවිල්ලා මෙන්න මේකා ආයේ ඇවිල්ලා...හෙහෙ..තෑන්ක් කිව්වා අක්කගේ වර්ණනාවට
@හා අක්කා ...විදලාද කොහේද....
@මධු මේ රත්ගම පැත්තනේ....මම ඉරු නෙමේ නේ......(((
හිටු..බ්ලොග් එකේ නමත් වෙනස් කරන්න
මට රත්ගමයාගේ අමතක නොවෙන ලිවිලි වලින් එකක් මේක. ඉරු ලියපු එකක්ම පත්තරේ තිබිලා ඒ පත්තර කෑල්ලම රත්ගමයාට හම්බවෙලා කියලයි ආරංචිය...
ReplyDelete@රත්ගමයා :
ReplyDeleteපොඩි අතපසු වීමක්.... සමාව දෙනු මැනවි. අර කාලයක් රත්ගමයා කියලා බ්ලොග් ලියපු සහෝදරයා ද? ඊට ටික දොහකට පස්සේ බ්ලොග් ලිවීමෙන් සමු අරගෙන ආයෙත් බ්ලොග්කරනයට ආපු.
නම නම් වෙනස් කරන්න හිතන්නවත් එපා. නියම නම නේ. :-)
දැන් තමයි අපේ පරන පුරුදු රත්ගමයා ආයේ වැඩට බැහැලා තියෙන්නේ !
ReplyDeleteකඩලපරිප්පු ගෙනාපු ගොට්ටේද මේව ලියලා තිබුනේ ? ඇත්තටම මලේ මේව කවුරු ලියනවද දන්නේ නෑ නේද ? කොයි කඩෙන්ද ඔයා සිල්ලර බඩු ගන්නේ .
හෙට වෙන කඩේකින් බඩු අරං බලන්න සමහරවිට වෙන දෙයක් තියෙන්න පුලුවන් .
හැබැයි මට කියන්න තියෙන්නේ මේක ලියපු කෙනා . තමන්ගේ කෙල්ලට බොක්කෙන්ම ආදරේ කරන කෙනෙක් . එච්චරයි .
ජය වේවා !!
@චතුවා අනේ රත්තරනේ...කෑ ගහන්න එපා හත් ඉලව්වේ
ReplyDelete@මධු අන්න ඌ තමා මේ...හෙහෙ.....මම මාර ප්‍රසිධද වෙලානේ යකෝ
@සදරු සර් මම බඩු ගන්නේ අපේම කඩෙන්...හෙහෙ...මගේ පොත් එහෙම කඩේට දානවා ගොටු ගහන්න
රත්ගමයාව ආයෙත් දකින්න ලැබිම ගැන සතුටුය....ඊටත් වඩා මෙවගේ ලස්සන ඇදර කතාවක් දැකීම ගැන ඊටත් වඩා සතුටුය... ඉතින් දැන් මගේ සතුට දෙගුණ වෙලාය....
ReplyDeleteරත්ගමයා මලේ, ඔන්න මමත් යනින් හමන ගොඩ වැදිලා යන්න ආවා. වැඩි වෙලා ඉන්න ඇහැක් නැහැ....
ReplyDeleteමක්කෙයි කොරන්න කියන්නෙ වැඩ රාජකාරි බොහෝමැයි.... විගහින් ගොහින් එන්න යන්නම්.... වෙන ඇහැකි වෙලාවක බලාගෙන යන්නෙ එන්නම්...
මේ වගේ ආදරයක් ලබන්න ඇතිනම්....අනේ අපි පිං කොරලා නෑනෙවැ....
ReplyDeleteමේක ඔයාගෙම අත්දැකීමක් වගේ මට පේන්නෙ..
ReplyDeleteලස්සනයි , හිමිට ඔක්කොම කියවලා කොමෙන්ට් එකක් දාන්නම් ...
ReplyDeleteඅහ් ඉරු ගෙම්බෝ.. මැන්ටලේ මම ත් ඔක්කොම ටික කියවන්න ඔනා.... ම්ම් මේ මතකද අර මුනු අපි කියොගත්තේ අයියේ ආදර කේස් එකක් ගැන ..එහෙම අය ඉන්නවාලු නේ.. ( ඔයාම කිවේ) එදා විහිලුවක් කියලා හිතුවාට එ ඔයා වෙන්න ඇති කියලා මටත් හිතුනා ඔයා එහෙම අයියෙක් කියලා.. ඔයාගේ අහිංසක පරිප්පු ආදරේට ජයම වේවා... :)
ReplyDeleteඔයා ලියන විදිහ හරිම ලස්සනයි...හිනාත් යනවා සමහර ඒවා කියව්ද්දී...
ReplyDeleteමචං පරිප්පු ගෙනාපු ගොට්ට වගේ වෙන කොලේක ලියල තිබිලා නේද මේක දැම්මේ.... හරියට නිකං දිනපොතක කොලයක් වගේ.... :))
ReplyDeleteඑල මචං නියමයි...... ;)
මගේ පවුල උබේ ටෝක් එහෙමම කොපි පෑස්ට් කරලා මට එවනවා බං. මට හොරා තොගේ බ්ලොග් කියවනවද කොහෙද. :පී
ReplyDelete