Friday 21 January 2011

මතකද.............



මෙය නිසදැසක් යැයි නොකියමි..
කතාවක්ද විය හැක....
හිත රිදවන වේදනාවන්ගෙන් ස්වල්පයක් පමනි...
දයාබර මිතුර
...මතකද......
අර දෙක වසර ලග තියෙන බෝගන් විලා ගස් පේලිය....
තාමත් ඒ වගේමයි....
උදේ පාන්දරම අපිත් එක්ක හිනා උන හැටි...
තාමත් ඒවා හිනා වෙනවා....
හැබැයි ඒ අපි එක්ක නෙමයි....
මතකද.....
උඹලා අපි සෙලම් කරපු පිට්ටනිය....
දැන් නම් ලස්සනට හදනවා.....
අපේ සද්දෙන් පිරිලා තිබුන හැටි...
තාමත් ඒ සද්දේ ඇහ්නවා....
හැබැයි ඒ අපේ නෙමේයි....
මතකද......
අපි ආදරේට කියපු කන්නන්ගරේ.....
තාමත් ඒ වගේමයි....
science day කාලේ ලස්සනට සරසපු හැටි....
තාමත් day වලට ලස්සනට සරසනවා....
හැබැයි ඒ අපි නෙමෙයි....
මතකද..
උඹලා අපි අකුරු කරපු පන්තිය.....
අපි ගුලි වෙලා ඉදපු අන්තිම දෙස් පේලිය....
තාමත් ඒ වගේමයි...
ඩෙස් එක පුරවලා අපේ නම් කොටපු හැටි.....
තාමත් ඒ වගේම නම් තියනවා....
හැබැයි ඒ අපේ නෙමයි.....
උබට මතකද අපේ ඉස්කෝලේ..
මතක් වෙන හැම වෙලාවෙම කදුලු උනාවිද.....
මම ඊයේ ඉස්කෝලේ ගියා,..
අත්සන් වගයක් ගන්න....
ගේට්ටුවෙන් පාස් එකක් අරන් ඇතුලට යන්න ඕන බන්....
පාට ඇදුමට එහෙම කරනවලු....
අපේ මල්ලි මට හිනා වෙනවා....
දැන් එයාලගේ කාලෙලු...
අපි ඉස්කෝලෙට පිට අයලු....
ඇත්ත වෙන්න ඇති...
ඒකාලේ ඇදපු සුදු ඇදුම් දැන් අපිට හිරයි බන්...
ඔව්...
අපේ ඉස්කෝලෙට අපිව දැන් පිට එවුන්..........
ඒත් තවමත් අපි ආදරේයි......රිච්මන්ඩ් නමට අපි ආදරෙයි.....

16 comments:

  1. උඹ කාලයක් අපිත් එක්ක බොහොම අපුරුවට උන්නා..හිටි ගමන් උබ නැති වුනා..අපි හැම තැනම කැ ගහ ගහ හෙව්වා..ඊට පස්සෙ උබ ආයෙත් ආව..සද්දයක් නැතුව ගියා..පස්සෙ බලන කොට මේක වෙනම බ්ලොග් එකක් ලියන්න අරගෙන..මම දැන උන්නෙත් නැ..කමක් නැ මලය ජිවිතෙ ඔහොම තමයි..උබ හොදින් නම් අපිට එච්චරයි.

    ReplyDelete
  2. අලේ...පැන්ඩයියේ...මම හොදින් ....හොදට ඉන්නවා..තැන පොඩ්ඩක් වෙනස් වෙලා අලුතෙන් පටන් ගත්තා....මුල ඉදලා....

    ReplyDelete
  3. මටත් උඹලගේ ඉස්කෝලේ ගැන කියන්න දෙයක් තියෙනවා.. කිව්වොත් උඹ මට පිස්සු කියලා හිතලා හිනාවෙයි.. අහන්න එපා.. කියන්නේ නෑ..

    ReplyDelete
  4. දෙපා වාරු නැත ඔබ හැර යන්නට ..

    ReplyDelete
  5. umba wagema thama apith. aath den apita ape scholeta yanna be. aluthen Madam kenek awith, api yanna nam eyata kalin kiyala yanna one. ithin ban den api ape paselen sehenna aath wela.

    ReplyDelete
  6. ඉස්කෝලේ කාලේ තමයි රත්ගමයෝ අපේ සුන්දරම කාලේ. ආයෙත් ඉස්කෝලෙට ගිහින් තියෙනවනම් කියලා වෙලාවකට හිතුනත් අපිව දන්න කවුරුත් අද නෑ කියලා හිතෙනකොට ගොඩක් දුක හිතෙනවා.

    හෙ හෙ හේ... රත්ගමයා ගාල්ලේ රිච්මන්ඩ් එකේද ? අහලා තියෙන විදිහට මනූශ නානායක්කාරත් ඔය ඉස්කෝලෙම තමයි නේ ?

    ReplyDelete
  7. සත්තයි මගෙත් ඇස් බොදවුනා,අන්තිම පේලිය කියවද්දි ඇඩුනා

    ReplyDelete
  8. මම මේ උඹෙ කුණු අවුස්සනකොට දැක්කෙ මේක. කියෙව්වට පස්සෙ මං ආයෙම රිච්මන්ඩ් ගියා වහේ බං. දැනට අඩුරුද්දකට විතර ඉස්සෙල්ල මං ආසාවට ඉරිද දවසක ගිහිල්ල ඉස්කෝලෙ පුරාම ඇවිද්ද. එදාත් අර පරාක්‍රමබාහුට උඩහින් තියෙන බෝගන්විලා පඳුරෙ මල් පිපිල. කුරුළු කූඩුවෙ ආයෙම කුරුල්ලො දාල. යකඩයගෙ කාමරේ ඉස්සරහ කණ්ඩියෙ උඩ තිබිච්ච රොබරෝසියා ගහ මුලින්ම කපල දාල. එළිමහන් විද්‍යාගාරෙ වැට කැඩිල. ෆාම් එක සෑහෙන්න දියුණුවෙලා. අපි වගේම ඉස්කෝලෙත් වෙනස්වෙලා. ඒත් අපි තවමත් රිච්මන්ඩ් ! මාර්තුවල බිග්මැච් එකේදි මුනගැහෙමු මලේ.

    ReplyDelete
  9. නියමයි සහෝ... මටත් දැනුනේ මම ආපහු රිච්මන්ඩ් එකට ගියා වගෙ තමයි.....

    ReplyDelete
  10. මදුරංග අයියේ මනූශ අයියා මහින්දෙ

    ReplyDelete
  11. RCG science day nam maxxa

    ReplyDelete
  12. උතුමි ඔබේ නම මනෝහරයි, මිහිරියි සොදුරුයි අමාරසයි ......

    අදත් මම ස්කෝලෙට ගිහින් ආව .. අපේ batch එකේ OBA meeting එකකට ..
    දැන් ස්කොලේ පට්ටම ලස්සන වෙලා ... මාරයි බොලව්

    ඔය උඩ තියන ෆොටෝ එක අරන් තියෙන්නේ අපි හිටපු පන්තිය ඉස්සරහ ඉදන් :D

    ReplyDelete
  13. මටත් ආයෙම ඉස්කෝලේ කාලේ මතක් උනා මලය මොනවා උනත් උබ ලස්සනට ලියල තියෙනවා
    @මදුරංග මනුෂ ගියේනම් මම දන්නා විදියට මහින්දෙට

    ReplyDelete
  14. හ්ම්ම්...අපේම ඉස්කෝලෙට අපිව දැන් පිට උන් වෙලා :'(

    ReplyDelete
  15. සිරාවට බන්....ඒ දවස් වල මොනවා කිව්වත් දැන් නම් ඉස්කෝලේ අපහු යන්න වෙන් නෑ කියල හිතෙනකොට මාර විදියට දුක හිතෙනවා....පොඩි රත්තා..(රවිඳු) මතක් කොරා කියපන්....මන් උගේ යාලුවෙක්...

    ReplyDelete
  16. Mamat dawasak giya prefect day 1kata ammoh fatta school 1k yanna pina thiyenna oona Richmond 1kata

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)