Sunday 6 February 2011

රත්ගමයාගේ ඇත්ත හෙලි වෙයි.....


අද මේ බ්ලොග් එක ලියන්නේ මම...මම රත්ගමයගේ මල්ලිකාරය...පොඩි රත්තා..මහ එකාට ලොග් අවුට් වෙන්න බැරි වෙලා නේ...මම කියන්නම් මගේ ඇසින් මම මේ ගොන් හාල් පාරුවාව දකිනා ආකාරය.....
  අපේ අයියා ඌ කලී එක වචනයෙන් නිර්වචනය කල හැකිය... ඒ නම් 'කුප්ප' ලෙසය...මාගේ ජීවිතයේ මට හමු වූ කුප්පම කුජීතම චරිතය අපේ අයියාය..මම ඒ ගැන ආඩම්බර වෙමි...
                    මූ හෙන පොරය..ඒ මූ හිතාගෙන සිටිනා ආකාරයයි...පෙරේදා මා කාමරයට වී පාඩම් කොරමින් සිටියෙමි... මූ 
''මල්ලි....මල්ලි '' 
යැයි බෙරිහන් දුන්නෝය..මම ගනන් නොගත්තෙමි....
''අඩෝ..ගස් බල්ලා...ඉන්න තැනකින් ඕ...කියාපන් ගොන් වස්සෝ''
යැයි මහත්මා ලෙසද අඩ ගැසුවාය..මම ගනන් ගත්තේම නැත...මා තියා වෙන මොකෙක්වත් මූව ගොම් බෙට්ටකට ගනන් ගන්නේ නැත...ඉතින් මා කොහෙත්ම ගනන් ගන්නේ නැත...මූට මල පැන්නේය.... ''අඩෝ...තොගේ කන් ඇහෙන්නේ නැද්ද...ඇරපිය දොර'' යැයි කියා වේගවත් පාරක් දොරට එල්ල කලාහුය......
ඉන් පසු මට අයියා හමුවූයේ කකුලට සිද්ධාලේප ආලේප කරනා අතර වාරයේ ය...එවිට නම් කුප්පකම මූනෙන් බේරෙනා හිනාවක් දමා....''ආ....මල්ලි'' යැයි කට පුරා පැවසුවාහුය....
තොට හෙනම ගහපන් යැයි සිතින් සිතන්නට ඇති බව මට පසුව පසක් විය.....
මූ කුනු හොරාය..අපේ ගෙදර තිබෙනා පෑන් සියල්ලම මුගේය...මට තියා අපේ පොඩිම මලයාටවත් පෑනක් තියා ගන්නට නැත..මූ ඒවාට අයිතිවාසිකම් කියයි...
හැබැයි මූ අපිට හෙන ආදරේය..ඒ මක්කා හෝ අලුගුත්තේරු වැඩක් කොර අම්මාට අසු වූ විට හා තුවාය අමතක වි නානකාමරයට රින්ගා ගත් විට පමනි...තුවාය ඉල්ලා අනේ මල්ලියේ යැයි අඩා වැලපෙයි..මූත්‍රා කොර ගනී....ඉතින් අපිටත් ලැජ්ජය....
මුගේ තුවාය ගැන තිබෙනා පුරාවෘත කතා එමටය..සමහරක් එව්වා හෙන භයානකය...කොටින්ම මුගේ තුවාය අපේ පවුලේ කිසිවෙකුත් අතින් අල්ලන්නේ නැත....ඇල්ලුවහොත් පලු දානවාය...කොටින්ම එය පාපිස්සකට වත් ගනේ නැත...අපේ ගෙදර මූටම කියා දත් බුරුසුවක් නැති කල තවත් කුමන කතාද.......
මූ වූ කලී පොල් ගස් නැගීමේ කෙල පැමිනියෙක්ය...කොටින්ම මූ නිසා අල්ලපු වත්තේ මිනිස්සුත් අපිත් එක්ක තරහ වී ඇත...පෙරේදා එම පොල් වත්ත හිමි මාටින් මාමා ''මෙම පොල් වත්තට බුදු සරණයි"' යනුවෙන් බෝඩ් කෑල්ලක් ද එල්ලුවා මතකය....තවද පූජා වට්ටි සහ පඩුරු කීපයක්ද අහල පහල පන්සල් වලට භාර වී ඇති බවට කට කතාද වේ......
කෙල්ලන් සම්භන්දව ද විවිද නොහොබිනා කුප්ප කතා ඇත...කොටින්ම කිසිම කෙල්ලෙක් අපේ ගේ පෙනෙන මානයෙන් ඉගිල්ලෙන්නේ නැත..ඒ මුගේ කුප්ප කමේ ඌෂ්නය වදිනා නිසාය..අපේ අම්මාද අගුරු කෑල්ලකින් ගේටුවේ ''කොල්ලාගෙන් ප්‍රවේශම් වන්න(ලොකු එකාගෙන්)'' යනුවෙන් ලියා ඇත්තේ කෙල්ලන් ගැන ඇති වූ නිමල සෙනෙහස නිසාය....
''ඉකේයියා'' යනු මුගේ ආදර්ශ පාඨයයි.. මූ යන යන තැන ඔය බෝඩ් කෑල්ල ගසන්නේ හරියට සුපිරි වීරයෙක් යැයි සිතාය...ඔය ඉකේයියා පිස්සුව ආවේ මූ සෝරෝ චිත්‍රපටයක් බැලූ පසුවය..සෝරො යන යන තැන z අකුර ගසා යනවා මෙන් මූ යන යන තැන ඉකේයියා ගසා යයි..එමගින් මුගේ නැහැදිච්ච් කම පෙන්නුම් කොරයි.....කොටින්ම දන්නා කිසිවෙක් මූ බ්ලොගයකට වත් වද්දා ගන්නේ නැත...මූ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කුප්පයෙකි....
 මේවා ම බ්ලොග් එකක ලියන්නට සුදුසු කතා නොවේය...මෙව්වා රට්ටු හිනස්සන වැඩය....නමුත් ඔබ තමුන්නාන්සේලාගේ දැන ගැනීමට මම මෙය ලියා පල කරමි....මම මුගේ පාස්වර්ඩ් එක ඉස්සුවෙමි.....දැන් මට මූට හොරෙන් බ්ලොගයට ලොග් විය හැකිය....පෝස්ට් දැමිය හැකිය...මු කිසියම් කුප්ප කුජීත වැඩක් කොර විට මා මෙහෙ සටහනක් දැමීමට හිතා ගත්තෙමි...... මූ මීට කලින් මූ ගැනම ලියූ ආත්ම පාපොච්චාරණය බලන්න මෙතනින් යන්න
ප.ලි - ඉකේයියා......... බී කෙයාර් ෆුල්........රත්ගමයා විල් බී බැක් සූන්...හී ඉස් එව්‍රි වෙයාර්

52 comments:

  1. ඉකේයියා.. කුප්පයි මේ ලියනgay අයියා..

    මොනවා වුනත් මල්ලී එක්කෝ අයියාගේ සුද්දොත් එක්ක තියෙන ගණුදෙනුව දන්නේ නෑ. නැත්තං ලියන්න අමතක වෙලා...

    ReplyDelete
  2. නියමයි රත්ගමයෝ(ගෙ මල්ලී යැයි කියාගන්නා තැනැත්තාට)... උබේ නියම හැටි අද තමයි දැනගත්තේ.... ඉකේයියා... හරිම කූජිතයි :D :)) =))

    ReplyDelete
  3. මොනවද බං මේ ලියන විකාර. වැඩකට ඇති දෙයක් කරපන්කො නිකම් බොරු පඩ ෂෝ නොදා

    ReplyDelete
  4. රත්ගමයා විසින්ම අනෙක් අයගේ අවධානය ගැනීම පිණිස කල තවත් එක කුප්පකමක් බව මනාව පසක් වේ. මෙලෝ රහක් නැත. මට හිනා යන්නේද නැත. නමුත් බොහෝම අමාරුවෙන් ලයික් එකක් දෙමි.

    ReplyDelete
  5. මම නම් හොදට හිනා වුනා..සුපිරි ලිවිල්ල

    ReplyDelete
  6. කුජීතය. කියලා වැඩක් නැත. මෙහෙම දෙයක් වනේ වන සතුරෙක්ටවත් සිදු වන්නට එපාය.

    ReplyDelete
  7. @Anonymous
    පඩ ශෝ හෝ එල පෝස්ට් වේවා අපිට ඒවා හොදය... උබ ඇනෝ කමෙන්ට් දාන්නේ උබට කොන්දක් නැති හින්දද? ලියන එකා ලියයි අපි කියවයි... අත පය තියාගෙන ඉන්න බැරි මනුස්සයෙක් කරන දෙයක් බලන්න බැරි උබ වගේ උන් බ්ලොග් නොකියවූවාට අපිට පාඩු නොවේ...මොකද කියවන්න උන් ඕනෑ තරම් ඇත උබට බලාගෙන ඉන්න බැරිනම් නාවටද කම් නැත

    ReplyDelete
  8. @චතුවා (ළමයා) හික්ස්...අඩෝ....අමතක උනා නේ....එව්වත් දාමි ඉදිරියට

    ReplyDelete
  9. අම්මේ මල්ලිට මල් තියලා වදින්න වටිනවා ...ආයේ දෙකක් නැ... රත්ග්මයාගේ ගේ කුප්ප කම් වලින් එකක් දෙකක් අමතකත් වෙලා තියෙන පාටයි ...ඔය සුද්දි යෝ එක්ක තියෙන ගණුදෙනු එහෙම ( අර ලිලී අක්කා එහෙම ) ..කොටින්ම ඔබතුමා අක්ශරය චැට් එකට සෙට් වි නැති නිසා එවා දැකිය නොහැකිය...දැක්කා නම් කියන්න දැ නම් අපමණය... කොහොම වුවත් ඔබතුමා දන්නාවද දන්නේ නැත ඔබගේ කුප්ප අයියන්ඩි ඔය පය ගහලා ඉන්න ගේත් මගේ නමට ලියන්න පොරොන්දු වි සිටියි..එය නම් ගලේ කෙටුවා වගේ සිදු විය යුතුයි... නැත්නම් අයියා ව සුදු ලස්සන වැන් එකකින් උස්සන බවටත් මා පොරොන්දු වි ඇත...පොරොන්දු වු කලී ඉටු කිරිම මහත්ම ගතියකි..ඔබගේ අයියාගේ මහත්මා ගතිය දන්න නිසා එ ගැන සැකයක් නැත...

    ප:ලි : ( රත්ගමයා මෙවා දකින එකක් නැ නේද මලයෝ.???.රත්ගමයට ජය වේවා )

    ReplyDelete
  10. @MaRLaN ඔන්න බලන්න ඉතින්...බොලා මෙච්චර කල් හිතන් ඉදියේ කොහොමද මුගේ ගැන නේ

    ReplyDelete
  11. මේ එන්නේ එලියට හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කිවුවලු

    ReplyDelete
  12. @Anonymous ඔයා අද ද බ්ලොග් එකට ආවේ...ඔබට කොමෙන්ට් කොර වැඩක් නෑ සහෝදරයා..පුලුවන් නම් වෙලා අරගෙන බ්ලොග් එක කියවන්න ඔක්කොම...ඔයාට ඕඅන උත්තර හම්බෙයි...අනික නමින් කොමෙන්ට් කරන්න බැරි තරම් චාටර් චරිත වලට මගේ බ්ලොග් එකේ කියවන්න දෙයක් නෑ තම...ජය!!!!!

    ReplyDelete
  13. @චේ උන්නැහේ... හික්ස් ..බොට හිනා නොයන බව දනිමි..මා බොට වත් කිසිවෙකුටත් මඩ ගැසුවේ නැත..මටම මඩ ගසා ගත්තෙමි...එය කෙනෙකුට හිනා යන ලෙස ලිව්වෙමි...කෙනෙකුට පඩ ශෝ ය්‍යැයි සිතෙන ලෙස ලිව්වෙමි......මා කරේ වෙනස් විදිහකට සිතීම පමනි....නැති නම් පැවත්මක් නැත....

    ReplyDelete
  14. @පබලු හික්ස්...එච්චරයි ඕන පබලු අක්කා......ඒ කොමෙන්ට් එක හොදටම ඇති

    ReplyDelete
  15. @පිණිබිඳු... කියාලා වැඩක් නැත..මෙසේ වෙන්නට එපාය...ඉකේයියාය.....රට්ටු හිනස්සමි.....හික්ස්ය

    ReplyDelete
  16. @MaRLaN අනේ වැඩක් නෑ බන් ඌට ක්මෙන්ට් කරලා

    ReplyDelete
  17. @ItalyDilan වචන හතරක කෝම්න්ටුවක් දමමි.... ''ඉකේයියා''

    ReplyDelete
  18. මල්ලිලා කවද බං අයියලාට චරිත සහතික දුන්නෙ..? දුන්නොත් ඉතින් පරිප්පුවක්මනේ.... මගේ මල්ලි කාරයත් දුන්න දවසක් මට සෙරමික් පිඟන් සෙට් එකකින් ඔළුව පැලෙන්න....

    ReplyDelete
  19. එල ලියන විදිහ මරු.. මාත් අද ඉදන් දිගටම මේක කියවනවා... :)

    ReplyDelete
  20. ගෙදර තමන්ට වඩා වයසින් බාල මල්ලිලා ඉන්න අයියලා ගොඩ වෙලාවට ඔය වගේ වැඩ කරනවා... අපෙ අයියත් ඔහොම තමයි... හැබැයි මේ රත්ගමයානම් පොඩි රත්ගමයා කියන විදිහට "කුප්පම" චරිතයක් තමයි..... අපි ඉතින් එක මුල් පොස්ට් වලින්ම දැනගත්තනේ.....

    ReplyDelete
  21. මල්ලිලාගෙන් ප්‍රවේසම් වෙන්ඩ ඕනි.... :O
    ආයෙ නම් ඕනි මගුලක් ලොගවුට් වෙලාමයි යන්නෙ...

    ReplyDelete
  22. හිකිස් හිකිස්.... පාඩම් කරද්දි ආපු නිදිමතත් ගියා හිනාවෙච්ච පාරට... හැබෑටම මල්ලි ලියුවා නම් මීට වඩා හිනා යාවි නේද????

    ReplyDelete
  23. @දුමී අයියා...අපේ එකා එහෙම මට ගහන්න ආවොත් අම්මපා මම දෙනවා කකුල් පාරක්....හැබැයි ඉතින් සිද්ධාලේප ගාන්න තමා එකෙක් නැත්තේ...හික්ස්....ඉකේයීයා......

    @neXuz එල එල..දිගටම එන්න..බ්ලොග් අවකාශයේ කුප්පම කුජීතම බ්ලොගටය පිලිගන්නවා...ඉකේයියා........

    @Dinesh අයියා කාටවත් මඩක් නොගහා මටම පුන්චි මඩක් ගහ ගත්තට පාඩු නෑ නේ....හික්ස්

    @දොලේ ගේට්ටුවේ ගැහුවොත් මොකෝ...මල්ලී ගෙන් ප්‍රවෙශම් වන්න කියලා

    @සමනලී දැන් ඉතින් පාඩම් කොරන්න....මල්ලි ඇත්තටම ලිව්ව නම් බඩ අල්ලගෙන හින් තමා වෙන්නේ..ඉකේයිය

    ReplyDelete
  24. හිහ් හි හි ඔන්න මටත් හිනා.............

    ReplyDelete
  25. වෙලාවට මට මල්ලිලා නෑ ..

    රත්ගමයා ගැන ගොඩක්දේ අද දැනගත්තා .

    මූ සම්මානයක් දෙන්නටම වටින පොරකි .! මුගේ රටක් වටින ශ්‍රී මුඛය ඉන්සූරන්ස් කරානම් මැනවි ..

    රත්ගමයට මගෙන් නොමිලේ අනාවැකියක් ..ඔබට ලඟදීම දචසක ඇත්තටම මල්ලිලා දෙන්නගෙන් නියම පෝරියල් එකක් ලැබෙනු ඇත..

    ජය වේවා !!

    ReplyDelete
  26. ඔන්න දැන් ඇත්ත එලි වී ඇත. කුප්ප කුජීත කුකුල් ඉරුවා ගැන අපි දැන් හොඳටම දනියි. දැන් බය නැතිව අතේ දුරින් ආස්සරය කොල හැකිය.

    ReplyDelete
  27. උඹ උඹවම තේරුම් අරන් ඉන්න එක ගැන සතුටුයි =))

    ReplyDelete
  28. වටිනා හෙලිදරව්වකි. හුදී ජනයා ගැන හිතලා රත්ගමයගේ මලයා කරලා තියන මේ පුන්‍ය ක්‍රියාව දහසකුත් එකක් වටී! :D

    ReplyDelete
  29. අනේ මන්දා බං! උඹේ අයියනං ලෝක කුප්පයෙක් තමයි. උඹ ඊටත් වඩා කුප්පයෙක් වගේ

    ReplyDelete
  30. ඉකේයියා... අයියයි මල්ලීයි දෙන්නම කුප්පද කොහෙද. :D

    ReplyDelete
  31. රත්ගමයා වනාහී කුප්පයෙකි (උඹ අද ද දන්නෙ) උගේ මල්ලි වනාහී ඊටත් වඩා කුප්පයෙකි.

    ReplyDelete
  32. @buwa මට වරදිනකොට හිනා වෙයව්....

    @හිස් අහස මට බය මුන් දෙන්න මම යන මාර්ගයේම ගිහිල්ලා කුප්ප වෙයිද කියාලා...හික්...කුප්පයාට හිමි සම්මානය නම් එපා හරිය.... :))

    @-HacKrisH- | හැක්ක්‍රිෂ් හැකා පැනියා...එච්චරයි කියන්නෙ මම..ඉකේයියා....

    @පූසා ජය වේවා!!!!

    ReplyDelete
  33. @kåʼnı @ SLSC හික්ස්.....බොලේ මේවා අමූලික බොරු...අර ටවල් එකේ කතාව ඇරෙන්න අනික්වා බොරු...

    @blog gadol වී අර් කුප්ප බ්‍රදර්ස්,,,ඉකේයියා....

    @කොට ජීවිතේ ඔව් ඔව්..හරියට කොටයි පාසලුයි වගේ

    @Ranga කුප්ප බ්‍රදර්ස් නේ...හික්..ඉකේයියා ද මන්දා

    ReplyDelete
  34. ඉකෙයියා කුප්පම කුජීත චරිතයක් නේ. ඒ උනත් මලයටත් හොදටම ලියන්න පුලුවන් නේ. පට්ට මලයෝ. එලම කිරි

    ReplyDelete
  35. මල්ලිගෙයි අයියගෙයි වෙනසක් නැ. මේක ලියපු බූරුවට තෙරෙන්නෙ නැද්ද ඌ ගාව පස් වඩ් එක තියෙනව කිවුවහම මෙ රත්ගමය පස්වඩ් එක මාරුකරනව කියල! ඊකේයිය!

    ReplyDelete
  36. http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/21.gif
    අපේ මලය කියන කථා 100%ක්ම ඇත්ත වගේ...
    මටත් මලයගෙන් පරිස්සමි වෙන්න වෙනව.
    මූත් මට මොන බාල්දියක් පෙරලයිද දන්නෑනෙ! http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/10.gif

    http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/21.gif http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/21.gif http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/21.gif

    ReplyDelete
  37. මල්ලි නියමෙට ලියලා තියෙනවා අය්යා ගැන. උපන් දා ඉදන් මල්ලි අයියාව හොඳට තේරුම් අරන් තියෙනවා. මෙහෙම අයියා මලයෝ වාසනාවන්

    ReplyDelete
  38. @මධුරංග අපොයි...මගේ චරිතය ඉවරයි වගේ........ඉකේයියා

    @මහසෝණා අප්පට සිරි මහසෝනා අයියත් ඇවිල්ලා..මඩක් නම් මහසෝනා එතන

    @පවිත්‍ර අනේ කට වහපන්..මම කියනවා උබේ අර 6 වසරේ ලව් එක හරිය

    @චෙරබ් මලයාඅ වනාහි කුප්පම කුප්ප කුජීතය...ඉකේයියාය

    @ayesha ඔව් ඔව්....වාසනාවන් තමා...ඉකෙයියා මෙහෙම මල්ලිලා

    ReplyDelete
  39. වඩේ ගැන දන්නෙ නැතුව ඇති නේ...............??

    http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/21.gif http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/10.gif http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/21.gif

    ReplyDelete
  40. @චෙරබ් වීරතුංග අප්පට සිරි,,,,..මේ මොකාය මේ???

    ReplyDelete
  41. තුවාය අමතක වෙන කේස් මටත් සැහෙන්ට වෙනව.හැබැයි උඹෙයි මගෙ තුවා දෙක වෙනස් හොදේ..කාට කාටත් කියන්නෙ මුගෙ ගෙදර යනව නම් තුවායකුයි සරමකුයි ඇරන් පලයව්..නැත්තං මුගෙ එකක් ගන්නව කියල ගිහිං කණගාටු වෙන්න වෙයි පස්සෙ ඉස්පිරිතාලෙ ගානෙ රස්තියාදු වෙන්නෙ වුනාම.

    ReplyDelete
  42. යකෝ මං මෙච්චි කල් හිතන් හිටියේ රත්ගමයා (ලොකු එකා) විතරයි මේ වගේ වැඩ කරන්නේ කියලා.. බලාගෙන යද්දී අනිත් දෙන්නත් එ ්වගේම තමා... ෂිඞ ඉකේයියා...

    ReplyDelete
  43. @පැන්da කියන්න බෑ..පැන්ඩා අයියගේ තුවායත් මේකමද කියලා....හික්ස්...ඉකේයියා....මීට වඩා අන්තද දන්නේ නෑ නේ

    @ප්‍රසන්න අපේ කුප්ප සහෝදර පව්ලක් නේ....හැබැයි ප්‍රසන්න අයියගේ විස්තර දානවා මම හොදේ

    ReplyDelete
  44. මට හිනා වෙලා බඩත් රිදෙනවා..=)) සියල්ලන්ගේම ඇස් පෑදීම සම්බන්දව මල්ලිට ජය...!!!

    ReplyDelete
  45. අලේ....මට මඩ ගහන කොට තාරා අක්කලාට හිනා...අනිච්චන් දුක්කේ.... x(

    ReplyDelete
  46. මම නං හිතං හිටියෙ මම "රත්ගමයා" බ්ලොහ් එක follow කරනවා කියලා.ඒත් එහෙම කරලා නෑ.. එ බව දැක්කෙ අද.. (අළුත් බ්ලොග් එකක් පටන් අරං කියලා කවුද දන්නෙ.. සොරි හොඳේ..?)

    අනේ Mr.රත්ගමස්... යුවර් බ්‍රදර් ඉස් වෙරි ක්‍රියෙටිව් නො... :p:p
    ඇත්තමයි රත්ගමයෝ.. මේ පිටුව නම් කියලා වැඩක් නැති තරම් ලස්සනට ලියලා තියනවා.. හිනාව නවත්තගන්ඩ බැරි උන තවත් රත්ගම පිටුවක්.. ඔය වගේ අයියලා නොවැ කොහෙත් ඉන්නේ.. මලයාගේ දෘෂ්ටි කෝණය හරියටම අඳුනගෙන වගේ.. මල්ලිට පෙන්නුවා නම් කියයි.. "අයියා හරි අයියා" කියලා..
    මම අහන්ඩමයි හිටියෙ.. මේ අළුත්ම කලාවක් ද..? :D
    "තමන්ටම මඩ ගසා ගැනීම..".......

    ReplyDelete
  47. @ප්‍රාර්ථනා අපි ඔක්කොම අලුත් උනා නේ.... :)
    බ්‍රදර් මාරයි නේ...ඔන්න බලන්න ඉතින්....ඔව් ඔව්..මේක කලාවක්...කාටවත් මඩ නොගහා සිවයන් මඩක් ගසාගෙන හැමෝමලා හිනස්සන්න පුලුවන් නම් ලොකු දෙයක් නේ....ඉකේයියා නෑ නේ

    ReplyDelete
  48. අඩෝ ස්වයං මඩ වචනේ මගේ.... කාගෙන් අහලද ඉස්සුවේ... අවුලක් නෑ මමත් එකක් ඉස්සවනේ... දැං එහෙනම් ගිනුම බැලන්ස් හරී...

    ReplyDelete
  49. @prasanna86k,
    ඇයි ගේමද....රිටර්න් එක දෙනවා හරිය...ඔය ඉතින් හන්දියෙන් යන්න නෙමේ...කපනවා..
    මම කියනවා අනිත් උන්ට කොහේද මේ මාලුවා ඉන්නේ කියලා...
    ඉකේයියා....බය වුනා නේ :))

    ReplyDelete
  50. බොලා දෙන්නම මහ කුප්පයො :))

    ReplyDelete
  51. කුප්පයි.....ඉකේයියා‍‍‍....

    මාත් කුප්ප වෙලා ඉකේයියා වුනාද මන්ද මේ කුප්ප කතා දොඩන්න ගිහින්....

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)