Tuesday 15 February 2011

ස්**වාහිනියේ අප්පිරිය පුවත්.....


සිරි ලන්කාව වූ කලී කියා නිම කල නොහැකි සිදුවීම් වලි පිරි රටකි.මෙහි වන්නේ අමුතුම දේවල්ය..එව්වා අපි ප්‍රවෘත්ති ලෙසින් විවිධ නාලිකා ඔස්සේ දකිමු.
මෑතක සිට මා සහ අපේ නිවැසියෝ බලන්නේ පුවත් නොවේය..කතාය
ගැහැනු ලමුන් අතවරයට පත් වන ආකාරය කතාවක් ලෙසින් හරි අපූරුවට ගලාගෙන යයි.බලන්නට ආසා හිතේ..
වාහනයක් අනතුරට පත් වී මිනිසුන් විලාප දෙන ආකාරය කතාවක් ලෙස යයි..අපූරුය.ඔරුවක් පෙරලී මිනිසුන් මිය ගිය අයුරු යන්නේද ඉතා රසවත් කතාවක් ලෙසය...එයද කියා නිම කල නොහැකි සුන්දරත්වයලින් යුක්තය
මේ නාලිකාව අප්පිරිය වී ඇත..අතීතයේ හේම නලීන් ලා,ජැක්සන් ලා සිටි කාලයේ මෙම නාලිකාව කොතරම් හරබරව වැඩසටහන් ඉදිරිපත් කරාදැයි ඔබටම මතක ඇතැයි සිතමි
ලගදී සිට ජරා ජීරන ලෙස කොපි කිරීමේ කලාවේ හරි පූරුවට නිරත වෙයි.කොටින්ම මුන්ට කොපියක් වත් හරියට කිරීමට නොහැකිය..වැඩසටහන් ජනප්‍රිය කර ගැනීමට උත්සහා දරන්නේ දේශපාලනය උලා ගනිමිනි.කැලනියේ මැරයා දමා සිදු කල වැඩ සටහනක් කුජීතම වී ගිය අයුරු ඔබට මතක ඇතැ‍යි සිතමි.
දැයට කිරුල සදහා ඔබ සහභාගී වන්නේ නම් අකමැති මතක නාට්ට‍යේ රගපෑමේ වරම සදහා එකතු වන්න ලෙස පසු ගිය දිනක දැන්වීමක් මහා ලොකුවට දැම්මේ හෙන උජාරුවෙනි..
මේ අසික්කිත නාලිකාව විකුනන්නේ මිනිසුන්ගේ දුකය..හරිම සන්වේදී ලෙස අපට නොදැනෙන්න විකුනන්නේ මිනිසුන්ගේ කදුලුය.අපි අඩනාවිට මුන්ට එව්වා පුවත්ය..ඊයේ මම කාලය ගනන් බැලුවෙමි
විනාඩි 30 ක ප්‍රවෘත්ති විකාශයෙන් විනාඩි 10ක් වෙලද දැන්වීම්ය.විනාඩි 10ක් ක්‍රීඩා පුවත් සහ විදෙස් පුවත් වලට වැය වේ.ඉතුරු විනාඩි 10න් විනාඩි 7ක් පමන විකාෂය වූයේ මිනිසුන්ගේ දුකය..තොපේ පුවත් බලනවට අපිට පවුය.
ක්‍රීඩා පුවත් ද මරුය."ලෝක කුසලාන තරගයට සුබ පතා රට වටා යන පන්දුවට ඔබේ අත්සන තබන්න"..ක්‍රීඩා පුවත් අවසන්ය.ඔන්න මුන්ගේ ක්‍රීඩා පුවත්..
සරත් ෆොන්සේකා මහතා හිරේය..ඔහුගේ නඩුවක් මෙම නාලිකාවට ප්‍රධාන පුවතක් නොවේ.එව්ව රටම කෙටියෙන් ය.
විලි ලැජ්ජා නැති බඩගෝස්තරවාදී දෙශපාලනයක දැන් දැන් නිරත වන්නේ එලිපිටය..එම පුවත් යන්නේ අනේ සෑර් කියාගෙන දෙකට තුනට නැමීගෙනය
ඉදින්.....ඔබත් කතා නරඹන්නට කැනතිද?
එසේ නම් පුවත් බලන්න...හර බර පුවත් විකාශය...ඉලව් ඇට් එයිට්,...

54 comments:

  1. බෝතල් වලින් ගුටි කෑ හැටි උන්ට අමතක වෙලා වගේ.

    ReplyDelete
  2. කතා කරලා වැඩක් නෑ බං... මම ඉස්සර ආසම බලන්න ආසම දැන් නම් බලුම බලු... වමනෙ යන්න එනව News බලද්දි

    ReplyDelete
  3. සිoහල ජාතිය කියන්නේ */=%°ç...... ඔයාගේ වචනයෙන් කියනවානම් ඉකේයියා..කුප්පම ජාතියක්... අපිත් කරුමෙට සි0හල උනානේ :(

    ReplyDelete
  4. කියල වැඩක් නැ ඔය බලු වාහිනිය ගැන නම් , රටේ වැදගත් පුවත් එකක් වත් නැ තියෙන්නෙම මල ඇඩියාවල් මම නම් ඔය ජරාව බලන්නෙම නැ , වෙන කාගේ හරි ගෙදරකදි දැක්කොත් තමා

    ReplyDelete
  5. okanam mala jarawaahiniyak... eeeyaaa kakkkaaaaa....

    ReplyDelete
  6. එසේ නම් පුවත් බලන්න...හර බර පුවත් විකාශය...ඉලව් ඇට් එයිට්,

    ඒ කථාව නං සහතික ඇත්තය

    ReplyDelete
  7. හිකිස්.. "ඉලව් ඇට් එයිට්" ඕක බලන කාලය අපරාදේ බං... මම නම් බලපු කාලයක් මතක නෑ..

    ReplyDelete
  8. ඉලව් ඇට් එයිට් විතරක් නෙවෙයි.. කොයි නාලිකාවත් දැන් ‍එහෙම තමා.....

    ReplyDelete
  9. අපි නම් දැන් ටීවී අතැරල දාල තියෙන්නෙ.. බෝඩිමේ කොහොමත් ටීවී නෑනෙ. නිව්ස් එකක් දැනගන්නම ඕනෙ නම් පත්තරයක් තමයි බලන්නෙ. ඒ පුරුද්දට ගෙදර ආවත් ටීවී බලන්නෙ නෑ. ඔය වාහිනිය විතරක් නෙමෙයි මලේ හැම වාහිනියම ඔය වගේ තමයි...~x(

    ReplyDelete
  10. මමත් දැං අවුරුදු 5-6ක ඉඳන් ටීවී බලන්නෙ නෑ... දැනගන්න ඕන එව්ව සේරම බ්ලොග් වල තියෙනව නෙව... ඒ වුණාට ගෙදර උන් ඕක දාගෙන ඉද්දි මට සද්දෙ ඇහෙනවා... අර කිව්ව වගේ මොනාද මන්දා මේ... ප්‍රවෘත්ති වලදි සිදුවීම් මිසක් මතවාද එලියට දාන එක අවුලක්. ඒ වුණාට අපේ රටේ තියෙන්නෙම අවුල් වැඩනේ.... බලන මිනිස්සු පව් ඉතිං. අර කව්ද කිව්ව වගේ විකල්පෙකුත් නෑ මිනිස්සුන්ට...

    ReplyDelete
  11. මචන් මම ටී වී වැඩසටහන් කියලා බලන්නේ ටොරන්ට් එකෙන් බා ගන්න ටී වී සීරිසුයි , ටී එල් සී ,ඇනිමල් ප්ලැනට් වගේ ඒවා විතරයි.ලංකාවේ කෙලින් වැඩ කරන මාධ්‍ය එකක්වත් නෑ.අඩුමතරමේ දෙන දේ ගුණාත්ත්වය අතින් ඉහලින් දියන්.
    නිව්ස් බලන්න හොදම තැන තමා අන්තර්ජාලය.අන්තර්ජාලයේ සමහර වෙබ් අඩවී (ලාංකීය ) තාම හොද තත්ත්වයේ ප්‍රවෘත්ති දෙනවා.අනික තමා යු ටුයුබ් ඇඩ් නැතිව සම්බන්ධිත නිව්සුත් එක්ක බලන්න පුලුවන්.

    ReplyDelete
  12. නියමයි. අපිත් මේ ගැනම ලියන්න හිටියේ! රත්ගමයා ඉස්සර වුණානෙ. කට ඇරලා කිසිම බයක් නැතුව ඉකේයියා කියන්න පුලුවන් චැනල් එකක්

    ReplyDelete
  13. හේම නලීන් ලා,ජැක්සන් ලා හිටි කාලය ස්වර්ණවාහිනියේ ස්වර්ණමය කාලයයි.. වැඩේ කෙල වුයේ.. අළුත් පරම්පරාවක් හදන්නට ගිය තැනය.... හදරැදි පැයෙන් පටන් ගෙන කෝපි බොන්න ආ හාදයා දැන් යන්නේ පයින් නොව උඩින්ය... දුටු නුදුටු වටිනා වාර්තා වැඩ සටහනකි එයට මක් වීද මමත් නෙදනිමි ඒ කෙලුවාත් දැන් කෝපි කඩේය... මේකප් දමා තොල් පාට කරගත් අක්කලා හැඩේට රෑ අටට දුක විකුනන් කති.. හිනා වෙවී.. අනුන්ගේ දුක කියති.. හැන්දෑවේ හයට අගර දගර නැටුම් බලන්නට හිරිකිතය.. ස්ටාර් ඩාන්ස් කරවති...ඒ මදිවාට විනිශ්චය කරුවන් මරා ගති.. එතැන උන් සමහරෙක් තාලයකට ඇවිදින්නවත් නොදනී.. එකම ටෙලි නාටකය දින පහම බලන්නට සිදුවේ.. යන්තම් හෝ බලන්නට හැක්කේ.. මුල් පිටුව සහ ලෝක සිතියම පමණි.. එයත් මාස හය හතකින් බලන්නට බැරිවිය.. අළුත් තත්වය නොදනිමි.... මෙහෙවි විවිධාකාර ලොකයේ උඹෙයි මගෙයි මොළ ගෙඩි දෙක ගොලාකාර වීම ගැන අහන්න දෙයක් නෑ මල්ලියේ... ඇස් කන් වහන් ඉමු....

    ReplyDelete
  14. ස්වර්ණවාහිනියට ඔහොම වුනේ අර බුද්ධික කියන එකා ඔතන ලොක්ක වුනයින් පස්සෙ. ඌ කරන්නෙම අනිත් එවුන් කරන ඒව කොපි කර කර දාන එක. දැන් Dancing Mania කියල තවත් ගොන් වැඩක් කරන්න හදන්නෙ.

    ReplyDelete
  15. හ්ම්ම්.... ප්‍රවෘතියක් ප්‍රවෘත්තියක් මිස කතාවක් නොවිය යුතු. පුවත් වාර්ථාකරණයේදී හා රචනයේදී සැලකිළිමත් විය යුතු කරුණු කිහිපයක්ම තියනවා. ප්‍රවෘත්ති රචනයේදී යොදාගන්නා න්‍යාය හදූන්වන්නේ W5-H1 කියලා.
    ඒ කිව්වේ,
    * [Who] is it about?
    * [What] happened (what's the story)?
    * [When] did it take place?
    * [Where] did it take place?
    * [Why] did it happen?
    * [How] did it happen?
    අන්න එහෙම.
    සිංහලෙන් රචනය කරනවනම් ලිඛිත භාෂාවෙන් ම ලිවිය යුතු වෙනවා.
    ප්‍රවෘත්තියක් ලිවීමේදී අදාල සිද්ධිය පිළිබඳ රචකයාගේ හෝ අදාල ආයතනයේ අදහස් ගැබ් නොවිය යුතුයි.
    අනෙක් කාරණය ප්‍රවෘත්තියක් වාර්තා වැඩසටහනක්ම නොවිය යුතුයි. ප්‍රවෘත්ති විකාශයක වාර්තාමය පුවතක් හෝ දෙකක් අන්තර්ගත විය හැකි නමුත් සම්පූර්ණ විකාශයම වාර්තාමය පුවත් වලින් ම සැදි එකක් නිවිය යුතුයි.
    උදාහරණයක් ලෙස ප්‍රධාන පුවත් විකාශයක "යාපනයේ වර්ථමාන ජන ජීවිතය" ගැන වාර්ථාමය පුවතක් ඇතුළත් කළ හැකියි. ඒ පුවත අදාල ප්‍රදේශයේ සිටින මාණ්ඩලික වාර්ථාකරු හෝ අදාල වාර්ථාකරුවෙක් ලවා සිදු කළ යුතුයි.

    ReplyDelete
  16. මචං ඇත්තටම මමත් කියන්න හිටිය දෙයක් තමයි උඹ කියල තියෙන්නේ. ඇත්තටම මුන් විකුනන්නේ මිනිසුන්ගේ දුක තමයි. මුන්ට කඩේ යන්නැති වැදගත් කෙනෙක්ගේ පුවත් මුන් දාන්නේ ඕනවට එපාවට. හොදම උදාහරණයක් කියන්නම් හෙන්රි ජයසේන මහත්තය‍ගේ අවසාන කටයුතු දවසේ ඒක දැම්මේ අර රටතොට පුවත් කියල පොඩියටදාන එකේදී චිතකය ගිනිගන්න තප්පර දෙක තුනක කොටසක් විතරයි. මට මචං මුන් ගැන එන නියම වචන ටික කියන්න විදියක් නැහැ ඒක අශීලාචාරවෙන නිසා.

    ReplyDelete
  17. ඔය නිව්ස් අහනවට වැඩිය "No news is good news" කියල නිකන් ඉන්නව හොඳා.

    ReplyDelete
  18. පිණිබිඳු..
    මුන්ට එව්වා අමතකයි..මත තියෙනව නම් අර අලුත්ම ස්ටාර් එක පටන් ගනීවියැ,...ඉකේයියා

    MaRLaN
    ගුනාත්මක බවක් නෑ...කොපි කරන්න වත් බෑ නේ බන් මුන්ට

    චානුක ගොමස්
    සම හරක් නිසා අපි බාල්දු වෙලා තියෙන්නේ....අපි ලන්කාවේ කිව්වම ඉස්සර තිබ්බ පිලිගැනීම දැන් කොහෙත්ම නෑ

    buwa
    දෙරන නම් ටිකක් ගුනාඅත්මක නිසා අපි දෙරනට මාරු උනා... නාලිකාවක් සමබර නැති නම් බලන්න එපා වෙනවා

    Anonymous
    ඉකේයිය....කක්කා මෙච්චරම ජරා නෑ බන්...හික්...

    RanDil
    දැන් අර සිරසේ තීම් එක කොපි කොරලා නේ...සත්‍ය ප්‍රථමයෙන් කියන එක... 1 දාලා දානව ඒක යටින්

    ReplyDelete
  19. චතුවා (ළමයා)
    1.උඹලට අහුවෙන්නේ නැද්ද?
    2.දැන් එක එක පක්ෂ වල උන් බලන්නේ එක එක නිව්ස්

    තාරා
    තාරක්කලා ඉතින් පාඩම් කොරන එකම නේ කොරන්නේ...අපිට නම් නිව්ස් බැලුවේ නැහිනම් නින්ද යන්නේ නෑ....

    hare :-)
    සියලු තොරතුටු එකම වහලක් යටින්...බ්ලොග් තමා අපිට පිහිට....නැතිනම් ටුවිටරේ...

    sihinadanawwa
    හ්හික් හික්.....ඒකටත් දැන් ඇස්.ඇල්.ටී මාමලා කෙලවලා නේ තියෙන්නේ....අපි නම් බිලැක් ලිස්ට් වෙලා

    ReplyDelete
  20. blog ගඩොල්
    අපි ඔන්න කලින්ම දැම්මා...අර විභාගේ කොරලා ඉවර වෙනකල් පූසෝ බිසී නේ...මම නම් හෙන කාලෙකට කලින් දාන්න උන්නේ...

    සුදු හංසි
    අක්කාගේ දිග කොමෙන්ටුවෙන් පැහැදිලි වන්නේ හිතේ ඇති බලවත් අකමැත්ත්යි..මාගේ හිතේ ඇත්තේද ඔවැනිම හැගීමකි...මුන් ඉකේයීයාය.....

    Ranga
    මම ඕකාගේ නම දැම්මා මුලින්ම..පෝස්ට් එක පබ්ලිශ් කරායින් පස්සේ ඒක ඩිලීට් කොරා...ඌට හරි නෑ වගේ නිසා...ඇත්තටම ඌ තමා වගකියන්න ඕන...කඩේක තේ බිබී ඉදපු එකෙක් ගෙනල්ල මධය ආයතනයක ලොක්කෙක් කොරාට ඩාද හේම නලීන්ලා දුක් වෙනවා ඇති....


    LionLK
    සෑහෙන්න හොද පැහැදිලි කිරීමක්..ඔය කියපු එකක් වත් ඔය නාලිකාවේ නෑ...

    දිනේශ් දීපාල්
    අර කලුතර ගගේ ලමයාගේ සිද්දිය.ඊලගට අර පොලීසිය ගහලා මැරුන මනුස්සයගේ සිද්දිය...මුන් කොච්චර විකුනුවද...කාලාකන්නි යක්කු...මිනිහෙක් අඩනව නම් මුනට ඕන ඒ දුක තව වැඩි කරලා කියන්න...නිවස් කියන්නේ අපිට තීරනය කරන්න නෙම..උන් තීරනටය කරලා තමා අපිට කියන්නේ..උන්ගේ තීරනේ අපි භාර ගන්න ඕන

    ReplyDelete
  21. @Observer :)) :)) :)) :)) :)) :)) :)) :)) :)) :)) :)) :)) :)) :)) :)) :)) :)) :))

    ReplyDelete
  22. මම නම් ඔය තුප්පහි චැනල් එකක් වත් බලන්නේ නැත. හැම මගුලම එක වගේය. හැම එකාම එක එක පර දෙශපාලුවොන්ට කඩේ යති. මම නම් කවදාවත් එක බල්ලෙක්ට වත් කඩේ යන්නෙ නැත.

    ReplyDelete
  23. රත්ගමයා මේ ගැන ලියපු එක ගැන මටත් ගොඩාක් සන්තෝසයි. මේ වාහිනියේ වැරදි ගැන දිගින් දිගටම මගේ බ්ලොගයෙත් මම ලියලා තියෙනවා. මේ වාගේ නාලිකා තමයි මිනිසුන්ගේ මනසට විකාර එකතු කරන්නේ. මේවට රටේ ජනමාධ්‍ය හා සංස්කෘතික ඇමතිවරුත් වග කියන්න ඔනි. උන්දැල ඔහේ කටයි, පු..යි වහගෙන ඉන්නවා.
    මේ නාලිකාවට මේ කල ගියේ මේකේ ඉහලම තැනට ඔය මන්ද බුද්ධික දරුවා පත් උනාට පස්සෙයි.
    බලමු මුන් ඔය විදියට තව කොයිතරම් කාලයක් නටාවිද කියලා?

    ReplyDelete
  24. http://goo.gl/zx600
    කලකට පෙර ඔය ගැන වූ පොඩි කථාවක....

    ReplyDelete
  25. ඉෂාරා කෝරලේ ප්‍රවෘතිය කියනකොට හැමදාම නමෙන් කැල්ලයි කියන්න ඉෂාරා උනාට ෂාරා කියලා කියන්නේ වේසි

    ReplyDelete
  26. ස්වර්ණ වාහිණි‍යෙ නිවුස් විතරක් නෙමෙයි හැම වැඩසටහනක්ම ඉකේයිය කුප්පයි තමයි.

    ReplyDelete
  27. ඔය ගැන නම් කියලා වැඩක් නැ අයියා.. ලංකාවට නිවාඩු වලට ආවම ටිවි එකක් දාන්න බැ ..දාල වැඩකුත් නැ.. හැම එකකම වගේ ප්‍රවෘත්ති වලට වඩා තියෙන්නේ ඇඩ්... අනික බලන ප්‍රවෘත්ති වල බලන්න තරම් වැදගත් යමකුත් නැ...

    ReplyDelete
  28. කරැනා කරලා මට කියන්න පුලුවන්ද ලංකාවේ නිවුස් බලන්ඩ හොද නාලිකාව මොකක්ද කියලා

    ReplyDelete
  29. Maxxa Article 1k .. , Oya " Goooo wahiniya " Appriya welai tiyenne , Maha kunu Godak

    ReplyDelete
  30. අපි ඉතින් ලංකාවෙන් පිට ඉන්න නිසා අන්තර්ජාලයෙන් ඉඩ තියෙන වෙලාවක තමයි ඉතින් ප්‍රවෘත්තියක් හරි කතාවක් හරි බැලෙන්නේ.... වෙළද දැන්වීම් ඔක්කොම කපලා දෙන නිසා ඇඩ් වලින්නම් අපිට හැටළුවක් නැහැ.. හැබැයි ඉතින් අර ඇමති පුතෙක් වැලි ගොඩදාපු, කළුතර බෝල මැටි ඉවක් බවක් නැතුව ගොඩ දාන එවා පෙන්නපු එකනම් වටිනව කියන එකයි මගේ අදහසනම්.. හැබැයි ඔය අනිත් කෙටි නාට්‍ය තමයි වදගත් කමක් නැත්තේ..

    ReplyDelete
  31. අර චතුවා කියල තියෙනවත් වගේ හැම නාලිකාවෙම දැන් අඩු වැඩියෙන් ඔහොම තමයි :|

    ReplyDelete
  32. ඔව් බන් කිසි චැනල් එකකින් වැඩක් නෑ......බලන්න කිසි දෙයක් නෑ.......මම නම් මැච් එකක් ඇරෙන්න වෙන මොකවත් ටී.වී එකේ බලන්නේ නෑ........

    @චානුක ගොමස්
    මචන් එහෙම කියන්න එපා බන්......මේක ජාතියේ වරදක් නෙමෙයි........ඉන්න මිනිස්සුන්ගේ වරදක්.......

    ReplyDelete
  33. සිරාවටම අපටත් අප්පිරියයි. " කාලයක් ගුණාත්මක සජීවීකරණ නාලිකාව(මධුර වන්නකු සහෝදරයාගේ ත්‍රිමාන සජීවීකරණ ) ". දැන්නම් බලුම වෙලා..
    x(

    ReplyDelete
  34. මම නම් ඔය නාලිකාවට බොහෝම ස්තුති කරනවා මට රූපවාහිනී නරඔන එක එපා කෙරෙව්වාට..
    ඒ අයට ප්‍රවෘත්ති කියන්නෙ අස්වැන්නක්..
    තමන් හැර අනික් හැමෝම වැරදියි.. තමන්ට හිතෙන ආකාරයට පුවත් විකෘති කරමින් ඉදිරිපත් කරනවා..
    කෙටියෙන් කියනවා කියන ප්‍රවෘත්ති වලදි කියවෙන්නෙත් එක ප්‍රවෘත්තියක් විතරයි..

    ReplyDelete
  35. ඇනෝනිමස් කෙනෙක් අහලා තිබ්බා ලංකාවේ හොදම නිවුස් මොනාද කියලා... මං අනුමතක කරනවා "derana news"

    ඔය මලමගුලක් වත් නැනේ.. මං වගේ ඔය වෙලාවට කාටුන් එකක් බලාන උන්නා නම් :D Choota beem, Oggy , වගේ එව්වා යන්නෙ මහ රැටත් :D

    ReplyDelete
  36. මොන මගුලකටෙයි ඕව බලල අපේ ලේ පුච්ච් ගන්නෙ
    ඔය ගිරිපුර ඇත්තෝ වගේ එකක් බලල ආතල් එකේ ඉන්නව මිසක්

    ReplyDelete
  37. ඇත්ත තමයි මුන් දුක විකුණනවා.අනිත් ලයින් වලත් ලොකු වෙනසක් නැහැ.එකක ආණ්ඩුවේ පුරාජේරු,තව එකක මඩ,.....සේරම එහෙමයි.මමනම් ටී.වී රේඩියෝ ප්‍රවෘත්ති බලන්නෙම අහන්නෙම නැහැ.පත්තර විතරයි.ඒවටත් දැන් ඕව බෝවීගෙන එනවා.

    ReplyDelete
  38. :D මම ටීවී එකක් ගන්න කියල හිටියෙ
    දැන් හිතෙනව කුණුගොඩක් අරගන්න ඕනෙ නෑ කියල...

    ReplyDelete
  39. මමත් ටීවී බලන්නේ නෑ ..අපේ කාලකන්නි කමටද මන්දා අපට පැහැදිලිවට අහුවෙනෙත් ඔය කක්කුස්සි නාලිකාවම විතරයි . ඕකේ ගන්න දෙයක් නෑ කියලා අපේ ගෙදරින් පිලිගන්නේ මම විතරයි . ඒත් බලන්න වෙන චැනල් නැති නිසා . වහ කනවා වගේ මේකම බලනවා .මොනවා කරන්නද ?

    ඔය ඔක්කෝටම හරියන්න ගන්න ඩයලොග් ටීවී බලන්න CNN නිවුස් එවුව බැලුවම කාටද ආඩම්බර !

    ReplyDelete
  40. ගොඩක් තුති මෙතන ඉන්න හැමෝම අපිට බැන බැන උනත් අපේම News බලන එක ගැන සතුටුයි

    ReplyDelete
    Replies
    1. පාරේ යනකොට ගු ගඳක් දැනුනම එන්නේ කොහෙන්ද කියල බලනවා නැත්නම් පෑගිලා අපිවත් ගඳ ගහන නිසා. ඊට පස්සේ දන්නා අයට කියනවා බලාගෙන යන්න අන්න අතන අසුචි ගොඩක් කියල.

      Delete
  41. මේ පහත තියන Article හතරම මම ඊමේල් කලා ස්වර්ණවාහිණී එකේ මේ admin@swarnavahini.lk, support@swarnavahini.lk ඊමේල් ලිපින දෙකට. රටේ ජනතාව කොයි තරම් අප්පිරියාවක් දක්වනවද Live@8 එකට කියලා දැනගන්න. ඒ නිසා වෙන්න ඇති ඔය උඩින් EAP Media එකෙන් ක්මෙන්ට් කරලා ඇත්තේ...
    http://bit.ly/fPpXBF
    http://bit.ly/gv16Ws
    http://bit.ly/hacyvh
    http://bit.ly/eCyEPn

    ReplyDelete
  42. @EAP Media

    හික්ස්.. මම දැන් tv එක දිහාවත් බලන්නෙ නෑ ඔය වාහිනියට පිං සිද්ද වෙන්න.. ඒ නිසා හැමෝම කියලා කියන්න බෑ නෙව..

    ReplyDelete
  43. මමත් ඉස්සර ස්වර්ණවාහිනි නිව්ස් බලන්න තමයි කැමති. ඒත් දැන් ඒක කක්කි වෙලා :))

    ReplyDelete
  44. වැඩක් නෑ බං කතා කරලා, මම නම් ටීවී එක බැලිල්ල අතහැරලා තියෙන්නේ...

    ReplyDelete
  45. ඕං අද පබාට ගහපු එක හෙඩ්ලයින් වල දාල 7.30 ඉදන් කියෙව්වා. අනිතිමේදි තත්පර 2ක විතර පොඩි නිවුස් කෑල්ලක් දැම්ම. මු හදන්නේ ඕනෙම කුණු ගොඩක් මාකට් කරන්න. තව ටික දවසකින් සෝමාගෙ **** ගැනත් කියයි.

    ReplyDelete
  46. රත්ගමයා අද ඇදල අරන් තියෙන්නෙ නියම මාතෘකාවක්. මමනං ටී වී වල නිවුස් බලනැක අහෑරල ටිකක් කල්. ඒත් ඇහෙනවනෙ. කමෙන්ට්ස් දිහා බැලුවම හිතාගන්න පුළුවන් ඉලව් ඇට් එයිට් කොච්චර ජනාදරයට පත් වෙලාද කියල. ස්වර්ණවාහිණී හා ශ්‍රී එෆ්.එම් වල ප්‍රේක්ෂක ඉලක්කය උඹල අපි නෙමෙයි බං. අනුන්ගෙ ඕප දූපයක් අහල සතු‍ටු වෙන උන්ව. ඔළුවක් නැති උන් මාධ්‍ය ආයතන හසුරවන්න උනාම ඒවත් නිකන්ම නිකන් ලිඳ ලඟ සංගම් වෙනව. එහෙම කිව්වට අනිත් චැනල් වලත් මීට වඩා ලොකු වෙනසක් නෑ මගෙ හිතේ. එකම දේ මුන්ට තේරෙන්නෙ නෑ අනිත් උන්ට වගේ තමන්ගෙ බිස්නස් ඇජෙන්ඩාව කවර් කරන්න. හෙලුවෙන් රඟනකොට බිජු එලියෙ කියල උන් දන්නෙ නෑ

    ReplyDelete
  47. මොන මගුලකටද ඔය රෙද්ද බලන්නෙ අර ගොසිප් ලංකා හරි ගොසිප් 9 හරි බැලුවනම් ඉවරයි. ඔයිට වඩා හොදට නිවුස් තියනව ඒවගෙ.

    අර ගාල්තැන්නේ පර දේවගැතියගෙ කාලි අම්ම කියන යක්ෂණී වෙනුවෙන් හදාපු දේවාලේ හොරේ එලිවෙලත් මුං ලැජ්ජාවක් නැතුව ආයේ ඌ ගැන නිව්ස් වලට දැම්ම. ලැජ්ජවක් තියනවනම් ඕකුන් ඔහොම වැඩ කරයිද?

    ReplyDelete
  48. කට්ට්ය හෙනට ලියල තියෙන නිසයි මම කලින් ලියපු comment එකට හෙන ගහල ගිය නිසයි මම කෙටියෙන්ම කියන්නම්.ලංකාවට tv පෙට්ටිය ගෙනල්ල 25අවුරුද්දකටත් වැඩියි.අනික් රටවල් technology අතින් අඩට යද්දි ලාබය ගැන විතරක් හිතන හරියට live stream එකක්වත් දෙන්න බැරි අපේ වාහිනි වලට ගල් වලින් ගහලත් මදි... =))

    ReplyDelete
  49. දැන් එතකොට සිරස එම්ටීවී ශක්ති-ටීවී හොඳයිද? ඒවගෙ යන නිව්ස් ද හොඳම ඒවා? යූඑන්පී එකේ කවුරුත් රූපවාහිනියෙවත් අයිටීඑන් එකේ වත් ස්වර්ණවාහිනියෙවත් නිව්ස් බලන්නෙ නෑ. ඇයි ඒ? ප්‍රතිවිරුද්ධ මත දරා ගන්න තියන අමාරුව හින්දා.

    මොනව කිව්වත් ලංකාවෙ රාජ්‍ය මාධ්‍ය විතරක් නෙවේ, ප්‍රයිවට් ඒවත් පක්ෂග්‍රාහියි.

    මම කැමතියි රත්ගමය සිරස නිව්ස් ගැනත් විචාරයක් කරනවනම්.

    ReplyDelete
  50. සොරි වෙන්න ඕනා රිෆ්ලයි කොරන්න බැරි උනාට ඔක්කොමලටම......කොටින්ම මේ ඉලව් ඇට් එයිට් නොබලන තරමට මගේ ලේ කෝප වෙන එක අඩු වෙයි...එච්චරයි කියන්න තියෙන්නේ

    ReplyDelete
  51. ගික් හික් හික්.. අද ලන්කාවෙ තියන රුපවාහිනි නාලිකා ගෑන කතා කරලා වෑඩක් නෑ බාන්ස්...අසික්කිතයි,හිරිකිතයි.. මහින්ද ගුනසුන්දර අන්කල්ගේ කතා ඈහෙනකොත මට නම් වමනෙ යන්න එනවා..

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)