Sunday 6 November 2011

කාලෙකට පසු...........


මාස දෙකකට විතර පස්සෙ ලියන පලවෙනි පෝස්ට් හිතෙට් එක.රත්ගමයට බ්ලොග් ලිවිල්ල එපා වෙලා කියලා කට්ටිය හිතුවද දන්නෙ නෑ.ඒත් මේ ලෝකේ මම ආසම කරන දේවල් වලින් ඉස්සරහින්ම තියෙන දේ තමා ලියන එක.කොලයක් අතට අරගත්තම ඒකෙන් කාක්කෙක් හදලා එහෙමත් නැතිනම් බෝට්ටුවක් හදලා ඒ කොලේ විසිකරලා දානවට වඩා දෙයක් කරන්න පුලුවන් කියලා මට හිතුනේ  මීට අවුරුදු තුනකට කලින්.කෙනෙකුට ලියපු නිසදැසකින් පටන් ගත්තු මගේ ලිවිල්ලට දැන් සෑහෙන්න කාලයක් වෙනවා.
ම්ම්ම්ම්ම්ම්....දැන් ලිවිල්ල ගැන පම්පෝරි ගැහුවා ඇති.මාස දෙකක් තිස්සේ කිසිම පෝස්ට් එකක් වැටෙන්න නැති හේතු උනේ මොනවද කියලා ගොඩක් අය දන්නේ නැතිව ඇති.
මීට මාස දෙකකට විතර කලින් වයඹ විශ්ව විද්‍යාලයෙන් පටන් ගත්තු කැම්පස් ගමන විශ්ව විද්‍යාල තුන හතරක කැරකිලා අන්තිමට මුලු ලෝකෙම තියෙන කැම්පස් අතර ලස්සනම කැම්පස් වලින් එකක්,එහෙමත් නැතිනම් මුලු ලංකාවෙන්ම තියෙන ලස්සනම කැම්පස් එක වෙච්ච පේරාදෙණිය කැම්පස් එකෙන් නැවතුනා.
මිනිස්සුන්ට එක එක හීන තියෙනවා.ඒත් ඒ හීන වලින් හැබෑ වෙන්නේ පොඩිම පොඩි ගානක්.මමත් එක මනුස්සයෙක්.මටත් පට්ට හීන තොගයක් තිබුනා.ඒ හීන වලින් එකක් තමා කැම්පස් එකකට යනවා කියන එක.මගේ තිබ්බ ඒ හීනේ සැබෑ වෙන්නේ සතුට දෙගුන තෙගුන වෙලා.
පේරාදෙණිය කැම්පස් එක,එහෙමත් නැතිනම් අපි ආදරේට කියන පේරේ..
ලංකාවේ තියන කැම්පස් වලින් වැටවල් බැදලා වෙන්කරලා නැති එකම කැම්පස් එක තමයි පේරාදෙණිය කැම්පස් එක.ඒකටත් හේතු ගොඩක් තියෙනවා.ඒවා ඔක්කොම ඉස්සරහට ලියන්න තියෙනවා.
ඒවා දැන්ම ලියන්න බෑ.කැම්පස් එකට ඇවිල්ලා මාසයක් පහු වුනත් අපි තාමත් පේරේ ගැන ඉගෙන ගන්නවා.පේරේ කැම්පස් එක අනිත් කැම්පස් වලට සාපේක්ශව මේතරම් දුරට ලස්සනට පිලිවලට තියෙන්නේ කොහොමද කියන එක අපි තාම ඉගෙන ගන්නවා.
ඉස්කෝල වල කෑ ගහලා,හූ තියලා,කෙල්ලොන්ට විහිලු කරලා ඩෙස් වල පෑන් වලින් කුරුටු ගාලා විකාර කරපු අපි තාමත් මේ කැම්පස් එකට අලුත්.පේරේ ඇතුලෙදි හැසිරෙන්න ඕන කොහොමද කියන එක මාසයක් මාස දෙකක් නෙමේ අවුරුදු ගානක් ගියත් ඉගෙන ගන්න එක මාර අමාරු වැඩක් කියන එක දවසින් දවස අපේ හිත් වලට තේරෙනවා.
ආපු මුල් කාලේ තේරුම් ගන්න අමාරු උන එක අතකට පට්ටම වදයක් උන දේවල් අපි හැමෝමලා මාරම ඕන කමකින් ඉගෙන ගන්නවා.පේරේ කියන්නේ අවුරුදු හතරක් නැතිනම් තුනක් යනකල් අපි ගොඩක් දෙනෙක්ගේ ගෙදර.100%ක් නේවාසිකාගාර විශ්ව විද්‍යාලයක් විදිහට සර් අයිවෝ ජෙනිග්ස් ගොඩනගපු පේරේ අද වෙනකොට ෆැකල්ටි නමයකින් සමන්විත වෙලා තියෙනවා.
පේරේ ඇවිල්ලා ඩිග්‍රියක් කියලා කොලයක් අරගෙන ඒකෙන් එලියට බහින්න රත්ගමයා වගේම රත්ගමයත් එක්ක සයන්ස් ෆැකල්ටියට ආපු ගොඩක් උන් ලෑස්ති නෑ.
මේ දවස් වල ජීවිතේ මටත් හොරෙන් ඔහේ ගෙවිලා යනවා.තව ටික දවසක් මේ විදිහට ගෙවිලා යාවි.ඊට පස්සේ රත්ගමයත් ජීවිතේ විදින්න පටන් ගන්නවා.
ඉතින්......
කැම්පස් නම් පේරේ තමයි....
පේරේ නම් සයන්ස් තමයි......

58 comments:

  1. පලවෙනි කොමෙන්ට් එක

    ReplyDelete
  2. දෙවෙනි කමෙන්ට් එක. දැන් එහෙනම් කියවන්න පටන් ගමු

    ReplyDelete
  3. එලකිරි මල්ලි !!!
    මේ දවස් ටික ගෙවන්න අමාරු උනාට ටික දවසක් ගියාම ජීවිතේ විඳින්න ගනීවි. මල්ලි වගේම මාලන් මල්ලිත් හොද හොද පෝස්ට් දමාවි.

    පේරාදෙනි යන එකෙක් කිව්වම ඉතින් ආසාවේ බෑ.

    ReplyDelete
  4. එල කියවල ඉවරවෙලා ගහන කොමෙන්ට් එක!

    ReplyDelete
  5. මරු මරු... ළඟදීම හම්බවෙමු මමත් නුවර. හැබැයි තාම පාසැල්. ඕල් ද බෙට්ස් ඕන්න!!!

    ReplyDelete
  6. සුභපැතුම් රත්ගම බොස්! දැං රත්ගමය මහත්තය එහෙ මොනාද කරන ඩිග්ග්‍රිය!

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. එල එල...

    කැම්පස් නම් පේරේ තමයි....
    පේරේ නම් සයන්ස් තමයි......

    ආයේ ඉතින් ලොවෙත් නෑ...

    ReplyDelete
  9. මෙච්චර දවස් කියෙව්වේ පේරා පරණ කතා . අලුත් තත්වය කියන්නකෝ

    ReplyDelete
  10. බින්ඩි ගේ හින්ට් එක මටත් එක්කයි.

    බලමුකෝ දැන් කාලේ උන් ගේ කතා!

    ReplyDelete
  11. ඉරිසියා හිතෙනවා.

    ReplyDelete
  12. පේරෙට පිං සිද්ද වෙන්න මුගෙ කුප්ප කම ගිහිං.. අනේ සාදු!

    ReplyDelete
  13. කුලියාපිටියේ තියෙන වයඹ කැම්පස් එකටනම් දෙපාරක් විතර ගිහින් තියෙනවා...ඒ වැඩ මුළුවකට සහබාගි වෙන්න...පේරේ ගැන නම් ඉතින් තව කතා මොකටද....
    ..කොහොමද අපේ ගම්පලාතේ ලස්සන.......:)
    ගේ ලඟ ඉඳන් පයින් උනත් එන්න පුළුවන් දුරක් තියෙන්නෙ....

    ReplyDelete
  14. මොකද ජීවීතේ ඔහේ හොරෙන් ගෙවිල යන්නේ...? පේරෙ ගියපු ගමං අනංගය එලියට පැනල මල්ටි බැරල් වලින් දීල වගේ.. :P

    ReplyDelete
  15. සෑහෙන කලෙකින්නේ මේ.. එහෙනම් ආයෙමත් දිගටම ලියමු...

    ReplyDelete
  16. සුභ අනාගතයක් මචං...!

    ReplyDelete
  17. සුබ පැතුම් රත්ගමයා.

    ReplyDelete
  18. කැම්පස් නම් ඉතින් පේරා තමයි..............
    ආයේ ඉතින් අහන්න දෙයක් නෑ

    Proud to be a student in Pera...:)

    ජයවේවා..............!!!

    ReplyDelete
  19. සමාවෙයං මල්ලියේ ..කොහොම හරි ආයේ ආපු එක ගැන මටත් තියෙන්නේ මාර සතුටක්

    ReplyDelete
  20. අපි නොදුටුව ඒ පුරහඳ උඹට හැකිය දකින්න .. කැම්පස් ජීවිතේට සුබ පැතුම් ..

    ReplyDelete
  21. "කැම්පස් නම් පේරේ තමයි....
    පේරේ නම් සයන්ස් තමයි......"

    මේක නම් කිව්වේ අපේ හින්ට එකට ඈ.

    ReplyDelete
  22. ඒකනේ අපි බැලුවා බ්ලොග් අමතක වෙලාවත්ද කියලා.හොදයි හොදයි.ලිවිල්ලෙන් නම් ඔයා වෙනස් වෙලා වගේ.:)

    ReplyDelete
  23. අඩේ උඹ ආයිත් ඇවිත් නේද මලයා ........
    සාදරයෙන් පිලිගන්නවා ..........
    බලමු පේරාදෙණියෙ රස කතා එහෙනම් .........

    ReplyDelete
  24. ඔව් ඇත්තටම ලියවිල්ලෙන් නම් වෙනස් වෙලා වගේ....එකෙන් මෙකෙන් සුබම සුබ පැතුම් අයියා..

    ReplyDelete
  25. මම ඊයේ වෙන්න ඕනේ. නිකමට වගේ මේ බ්ලොග් එක පැත්තේ ඇවිත් බැලුවා ඉස්සර හැම තිස්සෙම වගේ පේන්න හිටිය කොලුවට මොකද වුනේ කියලා.

    අලුත් ආරංචි ගැන දැනගන්න ලැබුණු එක ගැන සතුටුයි සහෝ. වැඩ ටික හොඳට කරගන්න :)

    ReplyDelete
  26. එලම කිරි කොල්ලෝ. පේරේ අලුත්ම තත්වේ එසැනින් දැනගන්න අපිත් බලාගෙන ඉන්නවා. අපි ඉන්න කාලේ තිබුණු ෆැකල්ටි හත දැන් නවයක් වෙලා එහෙනම්. එක නෙවෙයි අ.පේ. පිසාච මලය හම්බවෙන්නේ නැතෙයි? ඌ ඉන්නෙත් පේර සයන්ස් මගේ හිතේ.

    ReplyDelete
  27. කැම්පස් නම් පේරේ තමයි... ඒක නම් ඇත්ත... හැබැයි අනිත් කොටසට නම් එකග නැ ඕං... කොහොම වුනත් වැඩ ටික හොදින් කර ගෙන යන්න මල්ලී...සුබ පැතුම් ඔයාට

    ReplyDelete
  28. ආ බොල රත්ගමයො, උඹ අපේ කැම්පස් එක හරහා ගිය ගමනේ, උඹ දැක්කද එක වැටක් ට්යනවා කැම්පස් 1 වටෙට තියන වැට ඇරෙන්න.

    කොහොම හරි හොදට වැඩ ටික කරගනින්කො කුජීත වෙන්නෙ නැතිව

    ReplyDelete
  29. මෙහෙමයි මේක අපි කවුරුත් කැම්පස් ගිය රත්ගමයෙන් බලාපොරොත්තු වුන ලිපිය නෙවෙ..මේ දවස් ටික මඟ ඇරුනම ඒ ලිපිය එයි කියල මම හිතනව..මොකො රත්ගමය හැමදේම දිහා දැක්කෙ වෙනස් විදිහකට අපි ආදරෙ කලේ එකට..එක වෙනස් කරගන්න එපා ඕං කැම්පස් ගියාට

    ReplyDelete
  30. ලියපන්කො කුප්පයෝ.... පාළුයි උබ නැතුව.. සුබ පැතුම්....

    ReplyDelete
  31. මූට සින්නො ටික ‍රැග් එකෙට දීල තියෙන්නෙ පේරෙ ප්‍රමෝට් කරන්න වගේ.

    සුභ පැතුම් රත්තෝ.

    ReplyDelete
  32. කුප්ප රත්ගමයාට දයාබරව ලියන වග නම්,


    අමානුශික ලෙස කුප්පයි කිව්වට ටිකටික මානුශික වෙන්ට බලන්ට.ඒක කාටත් හොඳයි.ජීවිතේ හොඳම කාලෙ ගෙවෙන්නෙ කියල අමතක කරන්ට එපා. මොනම විදිහෙ කුප්ප වැඩක් කරන්ට හිතුනත් අම්මගෙ මුහුණ මතක්කරගන්ට එතකොට කුප්ප වැඩ කරන්ට හිතෙන ගතිය අඩු වෙනවා. මම මගෙ එකාට කියන්නෙත් ඕකයි. ඕක ප්‍රැක්ටිකල්. අත්දුටුයි ප්‍රත්යක්ශයි.


    රත්ගමයගෙ විෂයන් ගැන මට අදහසක් නැත. නමුත් ස්පෙශල් කලොත් අවුරුදු හතරක් පේරදෙනියෙ ගෙවන්ට වෙයි කියල තමා හිතෙන්නෙ. ඔහෙ නවක වදය දුන්නත් කෑවත් එකම පනිශ්මන්ට් ලැබෙන බව අහල තියනවා. "නුඹ පරිස්සමින් ඉඳපන්".අමල් බිසෝ වගෙ. බැච් ට්‍රිප් යනකොට පරිස්සං වෙන්ට. තරුණයින් අනතුරු වලට ලක්වෙනව ට්‍රිප් වලදි බොහොම.කෑම බීමත් පරිස්සමින් හොඳේ.


    ඉස්කෝලෙ කාලෙට වැඩිය ප්‍රමානයක් ශිෂ්‍යයෝ පංතියෙ බොහෝ විට ඉඳීවි. පාසැල් ගුරුවරුන්ට වඩා විශ්ව විද්යාල ඇදුරු වරුන් වෙනස්. ලොකුවට කරුණාවක් බලාපොරොත්තු වෙන්ට එපා තමා වැරැද්දක් කලොත්. ඇදුරුතුමන්ලා බලාපොරොත්තු වන්නේ ලොකු තරඟයකට මූන දීල එන මේපිරිස රටෙ ලෝකෙ වෙන දේවල් ගැන, ක්‍රීඩාගැන එහෙමත් යම් ප්‍රමාණයක වත් දැනුමක් ඇති කියල. සමහර විට අපෙමහඇදුරුතුමා අලුත් කට්ටියගෙං පුංචි පුංචි ප්‍රශ්න අහනවා. සමහරුන්ට උත්තර දීගන්ට බැරි උනාම බොහොම කලකිරෙනවා අපෙ අධ්‍යාපන ක්‍රමය ගැන.


    ටියුශන් වලට පුරුදු වෙච්ච කට්ටිය "සෙල්ෆ් ලර්නින්ග්" වලට පුහුණු වෙන්ට ඕනැ. කොටල පොවන්ට ඇදුරුවරු ලැහැස්ති නැහැ.ඇපෙ ඇදුරු තුමා නං ඉංග්‍රිසි දැනුම අඩු නිසා කෙරෙන අඩුපාඩුකං ගනංගන්නෙ නැහැ. නමුත් සමහරු ඒකත් ඉහලිං බලාපොරොත්තු වෙනවා.


    අමතක කරන්ට එපා ඇදුරු වරුං පැය විසිහතරෙම ඉන්නෙ ශිෂ්‍යයින් සමඟ බව. ගෙදර ආවත් ඔවුන්ට ප්‍රශ්නපත්‍ර අගයන්ට එහෙම තියෙනවා. තමං ඉගෙනගත්ත ටික නිරවුල්ව උත්තර පත්තරේට දාගත්තෙ නැත්තං සොරිම තමා. රිපීට් ඉන්ට කවුරුත් කැමති නැහැනෙ. පංති කට් කරන්ට හිතන්ටවත් එපා. සමහර වෙලාවට ඇදුරුවරු මනෝමෙං පංතියෙ ඉන්න අය ගැන ගන්නව. නැති අය හඳුනාගන්නා අදහසින්. ඊට පස්සෙ සොරිම තමා සමහරුන්ට. වෙලාවට ලෙක්චර් හෝල් එකට යන්ට. පරක්කු වෙල ඇතුල්වෙන අයගෙ මුහුණු ඇදුරන්ට හොඳට මතක හිටිනවා.


    අඳින ඇඳුම පිරිසිදුවට පිලිවෙලට අඳින්න. දන්ත සෞඛ්ය ගැන විමසිලිමත්වෙන්න. කට ගඳ ඇඳුම් ගඳ කොල්ලන්ට කෙල්ලො සෙට් වෙන්නෙ නැත.ටයි එකක් දාන්ට තියෙන උත්සවවලට ටයි අදින්ට. කිසිම වෙලාවක ඉංග්‍රිසි දැකල පසුබාන්ට එපා. ඒක අපෙ බාසාව නොවෙන නිසා. හැබැයි පොත්පත් පරිශීලනය කරන්ට වෙන නිසා ඒක හොඳට ඉගෙනගන්ට. පංතියට යනකොට සෙල්ෆෝන් නිවල යන්ට නැත්නං ඒකටත් සොරිම තමා.


    තමන් විශ්වවිද්‍යාලයට යන්නෙ ඉගෙනගන්ට කියන එක කොහෙත්ම අමතක කරන්ට එපා. කල්ලි ගැහෙන්ට යන්ට එපා.පුලුවන්නං MSc එකකටත් යන්ට ඕක ඉවරකරල.


    නුඹටත් නුඹේ සම වයසෙ කට්ටියටත් ජයෙන් ජය

    ReplyDelete
  33. අහ්හ් කුප්ප රතග්මයා ආයෙත් ඇවිදින්... :D ජය වේවා..!!! ඕං කැමපස් ගමනට මගෙන් සුභ පැතුම්...!!!

    ReplyDelete
  34. කැම්පස් නම් පේරේ තමයි කියමුකෝ එත් මල්ලි ඔයා ඇත්තටම ඉගෙන ගත්තේ පේරේ යන්නද

    ReplyDelete
  35. හිකිස්‌..මු ලියන විදිය නම අම්බානක වෙනස් වෙලා..මොකද්ද රහස??
    කොහොම හරි කමක් නෑ ලියපන්කො දිගටම විස්තර..අපිත් ඔය පැත්තේ එන්නම්කෝ ලගදීම ;)

    ReplyDelete
  36. ඇති යන්තම් රත්ගමයා ජීවතුන් අතර... එහෙනම් ආයෙත් දිගටම ලියමු.... :)

    ReplyDelete
  37. මාත් එක්ක එක හොස්ටල් එකේ උඹ ඉන්න එක මට හෙන මෙව්ව එකක්.....
    මෙව්ව එකක් කිව්වෙ....මලවදයක්..යකෝ......
    අවුරුදු හතරෙම අපි ෆිට් එකේ ඉමු එහෙනම්.......

    ReplyDelete
  38. අම්මේ.... රත්ගමය ව දැක්ක කල්.....
    කැම්පස් ගමන ට දෙවෙනි වතාවටත් සුබ පතනවා!!!

    අළුත් ජීවිතේ ගැන දිගට ම ලියන්න....
    කුප්පකම ගිහින් වගේ. ජය වේවා!!!

    ReplyDelete
  39. උඹ මොරටුව සිලෙක්ට් උනානං නොයා ඉඳිවි.. :D :P

    ReplyDelete
  40. ඇත්තට කුප්ප රත්ගමයට මොකද වුනේ,.. කුප්පකම ගිහින් නෙව,. මොන දේ වුනත් හොදට වැඩ කරගන්න මල්ලියේ,.

    ReplyDelete
  41. අම්මට සිරි.. උඹව හොයා ගන්න තිබුණු අමාරුවක්.. අන්තිමට පේරේ ගිහින් නැවතුනා නේ.. ලියපන් ලියපන්.. උඹ ලියනකම් තමයි මෙච්චර කල් බලන් හිටියේ..

    ReplyDelete
  42. විදින්න නෙවෙයි.. වැඩ වැඩි වෙන කොට විදවන්නත් ගනියි.. හොදට වැඩ කරගෙන පොඩි උන්ටත් එන්න ඔය කැම්පස් එක කන්නේ නැතුව තියහං :)))

    ReplyDelete
  43. උඹට කියන්න බං මාත් ගියා පෙරා එක්ශිබින් එකක් බලන්න.. ඒකෙ වර්ක්ශොප් එකකට ගියාම මට එන්න හිතුන්නැ බං.. මං මොන තරම් අවාසනාවන්තද කියලා හිතුනා.. :(
    උඹට ජය..!!

    ReplyDelete
  44. කැම්පස් ජීවිතේට ජය වේවා..!! මම නම් පේරේ නෙවෙයි..
    මට නම් කියන්න තියෙන්නෙ කැම්පස් නම් කොළඹ කියල තමා...
    ඇත්තටම කැම්පස් ජීවිතේත් එක සැරයක් හරි විඳලා තියෙන්නෙ ඕනේ.. නැද්ද මන් අහන්නේ..

    ReplyDelete
  45. Proud to be a Pera....

    ReplyDelete
  46. සුභ පැතුම් හදවතින්ම...
    උඹට "කුප්ප කම කපා ගනින්" කියල ජේෂ්ට උත්තමයො ටික කියුව නේද? ඇත්තම කියපන්... !!!

    තව දෙයක්.. කවි කාරි දීල තියන උපදෙස් ටිකත් හොඳට හිතට ගනින්.. හැබැයි "කල්ලි ගැහෙන්ට යන්ට එපා" කියල තියෙන්නේ හොඳ දේවල් වලට එහෙම නොවෙයි ඕන්...

    ReplyDelete
  47. කැම්පස් ගමනට මගෙනුත් සුභපැතුම්. ඔහොම යද්දි කැම්පස් එකේ තව රස කතා කියවන්න ලැබෙයි නේද?

    ReplyDelete
  48. සුබ පැතුම් කොලුවෝ.. ඉස්සරහට කැම්පස් රසකතා කියවන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
  49. එළ එළ... ජයවේවා...!!! වැඩ ටික හොඳට කරගෙන හිටපන්...

    ReplyDelete
  50. ගොඩක් කාලෙකින් ඇවිත් ඔන්න පේරෙ ගැන විතරක් කියන්න එපා. අපිටත් දුක හිතෙනවානේ. අපේ කැම්පස් එකත් ලස්සනයි. :D කොහොම උනත් සුබ පැතුම් මල්ලියො. අනාගතේ හැමදෙයක්ම හිතන පතන විදිහටම ඉටු වෙන්න සුබ පතනවා මේ ගමන්ම.

    ReplyDelete
  51. මේ බ්ලොග් ලිස්ට් එකේ තියන ඔක්කොම් බ්ලොග් කියවන්න ගියොත් උඹට ඉගෙනගන්නත් වෙලාවක් ඉතුරුවයිද කියලා මට නිකමට හිතුනා, නිකං පිස්සුවට වගෙ.....

    කපයි කියලා බයට ඩෝ ලිව්වෙ.

    henryblogwalker the dude

    ReplyDelete
  52. අහන්නත් ආසයි..යන්න බැරි වුණාට පේරාදෙණි කථා(හන්තාන අඩවියේ කථා)...සුභ පැතුම්!!!

    ReplyDelete
  53. කැම්පස් එකේදි හමුවූ කෙලි පොඩ්ඩ කියල කවදයි ලියන්නෙ?
    සුබ පැතුම් මලයෝ...

    ReplyDelete
  54. යකෝ රත්ගමයා කලින් කලට අතුරුදහන් වෙනවනේ.මේ ඉන්නේ ආයි ඇවිල්ල.අර කිව්ව වගේ "කැම්පස් එකේදී හමුවූ කෙලි පොඩ්ඩ" ගැන කතාවක් ලගදිම අහන්න පුළුවන් වේවි.

    ReplyDelete
  55. රත්ගමයත් එහෙනම් කැම්පස් ගිය ඈ ?? පුළුවන් නම් මවත් ගනින්කෝ කැන්ටිම කරන්න හරි කමක් නෑ

    ඉඩක් ලැබුන වෙලාවක අලුතින් පටන් ගත්ත මගේ මකර ගුහාව පැත්තෙත් ඇවිල්ල, අඩුපාඩු ඇතොත් පෙන්නලා දීල යන්න කියල මම ආදරයෙන් ආරාධනා කරනවා ( අවේ නැත්නම් කපනවා ඩෝ )

    ReplyDelete
  56. නියමයි මල්ලියෝ........... එහෙනම් මල් පාරෙත් ඉක්මනටම යන්න වාසනාව ලැබෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
  57. අනිවා අනිවා.....

    කැම්පස් නම් පේරේ තමයි....
    පේරේ නම් සයන්ස් තමයි.....

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)