Thursday 14 July 2011

රත්ගමයා සහ මරණ තුනක්...............

    

හමුදාවට ගිහින් ආවට පස්සේ ලියන්න උනේ එක ලිපියයි.බ්ලොග් එකත් පාලුවට ගිහින්.ලියන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව ඉන්නකොට පොඩි පොඩි සිද්දි ටිකක් ඔලුවට ආවා..
ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්.මැරෙන්න කොච්චර ඕන උනත් මැරෙන්නේ නැති මිනිස්සු වගේම මැරෙන්න හිතපු නැති වෙලාවල් වලදි මැරෙන්න උන මිනිස්සුත් අපි අතරේ ඕන තරම් ඉන්නවා...

              ඔන්න ඔහොම සිද්දි තුනක් මගේ ජීවිතේදිත් වෙලා තියනවා.ඒතුනම ගොඩක් පොඩියට ලියලා දාන්නම්.

     පලවෙනි සිද්දිය වෙනකොට මට වයස අවුරුදු හයක් විතර වෙන්න ඇති.ඉස්සර අපේ ගෙදර තිබුනා පාලුවට ගිය ලිදක්.ඕකේ වතුර පිරිලා තිබුනා.ලිද වටේටම කටු කම්බි වැටක් බැදලා තිබුනේ.
පුංචි රත්ගමයා ඒ දවස්වල ගොඩක් ආසයි බයිසිකල් පදින්න.මහා වේගෙන් පැදෙගෙන ඇවිල්ලා බිම වැටිලා අතපය කඩා ගන්න පුදුම අමාරුවක් තමා තිබුනේ.
         ඔන්න ඉතින් මම බයිසිකලෙත් හයියෙන් පැදෙගෙන බෙල් එකත් ගහගෙන ලිදගාවින් යන්න එනවා.මගේ අවාසනාවට හරි බයිසිකලේ වාසනාවට හරි පත කලු ගලක් පාර මැද්දේ.පාරේ තියන ගල් බල බල කවුද ඉතින් බයිසිකල් පදින්නේ.(කලු ගල්) .මමත් ඉතින් ආපු වේගෙන්ම කලු ගල උඩින් රෝදේ තිබ්බා.මට පාලනය කරගන්න බැරි උන බයිසිකලේ මාවත් ඇදෙගෙනම ලිද පැත්තට ඇදිලා යනවා.මටත් කරගන්න දෙයක් නෑ.බ්‍රේක් ගහන්න හිතෙන්නෙත් නෑ..කඩාගෙන බිදගෙන ගියපු මමකෙලින්ම අර කටු කම්බි වැටේ පැටලුනා.
                        බයිසිකලේ ලිදේ කට ලග නැවතුනත් මගේ කකුල කටු කම්බි වැටේ ඇමිනිලා තියෙන්නේ.කම්බි වැටත් එක්කම මම ලිදට වැටුනා.කටු කම්බි කකුලේ පැටලිලා තිබුන නිසා මාව වතුරට වැටුනේ නෑ.ලිද ඇතුලේ ඔහේ එල්ලෙනවා.කකුලෙන් ලේ වැක් කෙරෙනවා.පොඩි එකා කාලේ බර නැති නිසා එල්ලි එල්ලි ඉන පුලුවන් උනා.මම මහ සද්දෙට මොර තියනවා.ලග පාත මොකෙක් වත් නෑ.වතුරට වැටුනොත් මම කපෝතියි.මගේ වගේ දෙගුනයක් වතුර පිරිලා ලිදේ.
          කොහොම හරි විනාඩි පහක් විතර කම්බි වැටේ ඇමිනිලා ලිද ඇතුලේ එල්ලි එල්ලි ඉදියා.පාරේ යන්න ගිය මනුස්සයෙක්ට සද්දේ ඇහිලා තමා මාව බේරගත්තේ.ඉස්පිරිතාලේ ගිහින් පිට ගැස්මට ඉන්ජ්ක්ෂනුත් ගහලා ගෙදර එක්ක ආවේ.අවුරුද්දක් විතර යනකල් මට ගෙදරින් බයිසිකල් තහනම් උනා.ඔන්න ඕකයි පලවෙනි සිද්දිය,..

දෙවනි එක වෙනකොට මම නමය වසරේ.

   හැමදාම ඉස්කෝලේ ගියේ කෝච්චියේ.මොකද කෝච්චියේ ඉස්කෝලේ යන එක ලේසියි.බස් එකේ ගියොත් බස් දෙකක යන්න ඕන.
        එදා කෝච්චි තිබුනේ නෑ.ස්ට්‍රයික් එකක් නිසා වෙන්න ඕන.ඉතින් මමයි මල්ලි දෙන්නම බස් එකේ යමු කියලා කතා වෙලා රත්ගම හන්දියෙන් ගාල්ල බස් එකක් නැග්ගා.බස් එක තනි දොර තියන පොඩි රෝසා බස් එකක්.පිසි පස්සේ හැම සීට් එකක්ම පිරිලා.ඩ්‍රයිවර් ලග ශීට් එකයි ඊට එකක් පස්සේ ශීට් එකකුයි විතරයි තිබුනේ.මොනා කරන්නද..මම ගියා ඩ්‍රයිවරා ලග ආසනේට.මලයා ඊට පස්සේ ශීට් එකේ.
            ඩ්‍රැයිවරා යනවා දැන් බස් එක ඇරලා දාගෙන.මූට තදියම.කොහොම කොහොම හරි ලයිට් හවුස් හෝටලේ ලගට වෙනකල් මූ කරදරයක් නැතුව ආවා.ඔහොම ඇවිල්ලා හෝටලේ වංගුවෙදි ඉස්සරහෙන් ගියපු කාර් එකකට ඉස්සර කරන්න බස් එක දකුනට කැපුවා.හුටා...කෙලියා නේද...පත කන්ටේනර් තඩියක් මූනටම.ආයේ ඉතින් මොන කතාද..පොඩි රෝසා බස් එකක මූනට කන්ටේනර් මූනක් සෙට් උනාම වෙන දේ හිතා ගන්න පුලුවන් නේ.
මම දැක්කේ කන්ටේනරේ ඉස්සරහට එනවා විතරයි.ඊට පස්සේ උනේ මොනවද කියලා දන්නේ නෑ.සිහිය එනකොට මම ඉදියේ ඉස්පිරිතාලේ ඇදක් උඩ.
          මල්ලි තමා පස්සේ මට විස්තරේ කිව්වේ.බස් එක කුඩුපට්ටම් වෙලා.මල්ලිට කරදරයක් වෙලා නෑ.මට එහා පැත්තේ ඉදපු අයියා එතනම මැරිලා.මාව එලියට ගන්න සෑහෙන ගේමක් දුන්නලු.අලවංගු දාලා ශීට් උස්සලා තමයි එලියට අරන් තියෙන්නේ.
ඇක්සිඩන්ට් එකෙන් මගේ කකුලක් දෙකටම කැඩුනා.ඒත් මොකෝ.මම ජීවත් වෙනවනේ.

ඔන්න ඕකයි දෙවනි සිද්දිය.

        වෙනි එක ඉතින් අපි හැමෝම දන්නව නේ.2004 දෙසැම්බර් 26.සුනාමි දවස..ඒ ගැන විස්තරයක් කරන්න ඕන වෙන එකක් නෑ.සුනාමි කතා අහලම ඇති වෙලා ඇති නේ කට්ටියට..
           ඒක නිසා රත්ගමයගේ මරන කතා සැට් එක මෙතනින් නිමා වෙනවා,
          අප්පටසිරි.,..අමතක උනානේ...හතරවෙනි පාරටත් එකෙක් මාව මැරුවනේ.අර ඇගිල්ලා රත්ගමයා මැරුනා කියලා ගෙනිච්ච කට කතාව..ඒක තව පොඩ්ඩෙන් අමතක වෙනවා...ඇගිල්ලට තියා කාටවත් රත්ගමයා ඩවුන් කරන්න බැරි උනා.
            මැරෙන එක කවද හරි කොහේදි හරි වේවි.ඒ දවස නොදැන් ඉන්න තරමට ජීවිතේ සතුටින් ඉන්න පුලුවන්.මැරෙන දවස දැන දැන ජීවත් වෙන මිනිස්සු කොච්චර විදවනවා ඇද්ද කියලා වෙලාවකට හිතෙනවා...
මොනා කරන්නද...අපි ඉපදෙන මැරෙන මිනිස්සු..මේ කිසිම දෙයක් යනකොට කවුරුත් ගෙනියන්නේ නෑ නේ... 
---------------------------------------------------------------------------------------
රත්ගමයා ලියූ අබිලික් ලව් ස්ටෝරි එක දැන් pdf එකක් ලෙස පිට වී ඇත..නුඹ රහසින් ඇවිත්....
                                             මෙතනින් බා ගන්න

50 comments:

  1. මාර බේරිල්ලක්නෙව බේරිලා තියෙන්නෙ..

    ReplyDelete
  2. උඹේ පණ බොහොම හය්යයි මලේ .. ඔය වගේ අත්දැකීම් එකම එකයි මට නම් තියෙන්නේ . ඒත් ඔය තරම් දුරට සිරියස් වුනේ නැ .

    ReplyDelete
  3. මටනම් ඔයවගේ අද්දැකීම් එකයි තාම.ගිලිලා මැරෙන්න ගියා,අවසාන එක අදද හෙටද කියන්න බෑ හැබැයි :)

    ReplyDelete
  4. උඹට උරුම ස්වාභාවික මරණයක් වත් හදිසි අණතුරකින් වෙන මරණයක්වත් නෙවේ බං.. උඹව කවුරු හරි මරලා දාන එක තමා වෙන්නේ.. අනිවා ඩෙෆා

    ReplyDelete
  5. හම්මෝ....හ්! මමත් සෑහෙන්න බයිසිකල් වලිං, ගස් වලිං වැටිල මැරිල තියනව :D

    ඔය කිව්ව වගේ කාර් එකේ යද්දි ඒකත් හැප්පිලා තියනව (පුස් බයිසිකලේක :D)

    ReplyDelete
  6. Me atthada bn. Atthanam mage sith gath case 1 tamai uba linde watenna gyapu 1.ubawa beragatta miniha paw.dan apaye atthe.tamai uba linde watenna gyapu 1.ubawa beragatta miniha paw.dan apaye atthe.

    ReplyDelete
  7. මාර කේස් මට නම් ඔය තරම් වෙලා නැ... එත් උබේ පණ ගොඩාක් හය්යයි මලයෝ...
    කොහොමත් උබ අද හෙට මැරෙන්න ඕන එකෙක් නෙමේ...
    දිර්ඝායු ලැබේවා

    ReplyDelete
  8. හමුදාවට ගිහින් ආවට පස්සේ රත්ගමයා කුප්ප කුජීත කතා නවත්තලද?

    ReplyDelete
  9. කුප්ප රත්ගම මහතා පූසෙක් වාගේය කියා මා හට කිව හැක (විහිළුවකි)

    ReplyDelete
  10. හෑ..හමුදා පුහුණුව වෙලාවෙ රත්ගමයාගේ ඔළුව කොහේහරි තදින් වැදිල වගේ.මේ රත්ගමයා! හොද හිතින් අර පරණ විදියට ලියන්නයි කිව්වේ.රත්ගමයා කොහොමත් බළලා වගේ තමයි.තෙරුවන් සරණයි.

    ReplyDelete
  11. හපොයි දෙවියනේ, හොඳ වෙලාවට බස් එකේ කොනේ සීට් එකේ වාඩි වුනේ නැත්තේ.. ඇගේ ලේ වතුර වෙන විදියේ දෙයක් නෙව වෙලා තියෙන්නේ, හපොයි...

    ReplyDelete
  12. රත්ගමයා මල්ලි කියලා කියන්නේ ගලේ ගහලවත් මරන්න බැරි එකෙක්. එහෙව් එකේ මෙහෙම මරන්නේ කෝම ??? ආහ් ඉස්සර ලිපියක් ලිව්වේ මරණින් නැගිට්ටා කියලා. අන්න එහෙම ලිව්වේ ඇගිල්ලා මරපු හන්දද !!!!!

    අඩෝ හිච්චි ඇඟිල්ලා බලාගමු හරිය !!!

    ReplyDelete
  13. බාකිං නිව්ස් වල කිව්ව ඒවා හරි එස්.බී. මාමා මූට මොකක් කරලද මන්දා... කොහොම උනත් උබනං වාසනාවන්තයි රත්තෝ ඔය වගේ බේරුනු එක ඇති...

    ReplyDelete
  14. මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය
    ඊළඟ වතාවේ පරළොව යනවාය

    හෙහ් හෙහ්

    ReplyDelete
  15. අපෝ ඔව්වා මොනාද.. ඉදපං මගේ ඊලද පොස්ට් එකෙන් වෙච්ච මගුල් ටික දාන්න.

    අපරාදෙ.. ලිදට වැටුනානම්.. :P

    ReplyDelete
  16. මරණ තුනක් ඇති රත්ගමයා පැනි කෑය...උඹනම් මලේ පන තියනකන් මැරෙන්නෑ

    ReplyDelete
  17. RoshanHerath
    මාර කියන්නේ මාරම මාරයි.... :)
    -----------------------------------------------------------------------
    buwa
    මොකක්ද අප්පේ ඒ අත් දැකීම..?
    ----------------------------------------------------------------------
    ගලායන ජීවිතය
    අක්කා පාවෙන සයිස් නේ...ගිලෙන්නේ නෑ පාවෙනව නේ
    -------------------------------------------------------------------------
    චතුවා (ළමයා)
    හැක් හැක්...මාව මරන්න ඉස්සෙලා රත්ගම හන්දිය පාස් කරලා පෙන්නපන්...
    --------------------------------------------------------------------------
    සසීන්ද්‍ර වීරසිංහ
    බයිසිකලේ විතරෙයි හැප්පුනේ...?
    ------------------------------------------------------------------------
    Gihan
    අනේ පලයන් යන්න....ඒ මිනිහා දිව්‍යලෝකේ ඇත්තේ
    ---------------------------------------------------------------------------
    දේවා ගේ අඩවිය
    අද හෙට නැති නම් කවද හරි මැරෙයි නේ...එදා දවස එනකල් ඉන්නවා බලාගෙන
    -------------------------------------------------------------------------
    Observer
    ඒවා නවත්තන්න කාටවත් බෑ හරිය...කුප්ප කතා බලාපොරොත්තුවන්න
    --------------------------------------------------------------------
    අලුත් කොල්ලා
    එතකොට පුසා??
    -------------------------------------------------------------------
    JHOTHISHALANKA
    අයියේ මගේ කෙන්දරේ පොඩ්ඩක් බලව ගන්න ඕනා....මොකද මෙහෙම වෙන්නේ කියලා?
    -------------------------------------------------------------------
    ප්‍රාර්ථනා
    ඒකනේ කියන්නේ අක්කේ කාලේ හොදා කියලා...තව අඩියක එහා උනා නම් මම අඩි පහක් යට
    --------------------------------------------------------------
    මධුරංග
    හුටා....ගලේ ගැහුවොත් මැරේවි බොලේ...ගල් වල ගහන්න යන්න එපා මාව
    ---------------------------------------------------------------
    කිඩෝ
    පලයන් කුඩ්ඩා..බොරු නිව්ස් දෙන්නේ නැතුව...හොර නිව්සා
    ----------------------------------------------------------------
    මාතලන්
    ඊලග වතාවේ මම යෝගට් කනවා...පැනිත් එක්ක
    ----------------------------------------------------------------
    Bunny
    තෝ මැරෙන්නේ බඩ පිපිරිලා....කන කෑමට
    --------------------------------------------------------------
    miuranga
    පන තියනකල් ඉතින් ඕන එකක් ඉන්නවා නේ..හැක් හැක් හැක්

    ReplyDelete
  18. දේවා ගේ අඩවිය
    මඩ මඩ....චික්චික්....

    ReplyDelete
  19. මචං මගේ ඊබේ වැඩේ ඉවර වෙනකම්ම උඹට කිසිම අතුරු අන්ත්‍රාවක් නොවී යහතින් ඉන්න ලැබෙන්න ඕන . උඹ මගේ බාන්ඩේ ගෙදරට ලැබෙනකම් පරිස්සමෙන් හිටු ඊට පස්සේ වැඩි අවුලක් නෑ උඹට ඕන දෙයක් කරගනිං .. අපි එන්නම් මාරියක් කාලා දෙහි උගුරක් බීලා යන්න ..

    පලි : අඩෝ ජොලියට කීවේ බං උඹ සියක් අරවා අරං අපෙත් අරවා අරං ජීවත් වෙයං

    තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි ! !

    ReplyDelete
  20. ee bn Rathgamaya..umba oya kyana Lighthouse eka harye wechcha accident eka mata mathaka nane bn..,anyway,umba kyanawa nn ehma ekk wenna athi..,kk,kathawa hondaya..umbata deergayu atha..ee unata umbe tyena KUPPA KUJEETHA bawa nn kathwee natha(:P).....,ado,labana parawath kuppa kathawak lyapan..
    ela ela

    ReplyDelete
  21. ඕනම එකෙක්ට වර තුනයි දෙන්නේ හරිය..?
    ඉන්ටවල් ඉවරයි..දැන් තමයි ෂෝ එක..ලෑස්ති පිට ඉඳින්..:D

    ReplyDelete
  22. මමත් දවසක් ඕපාතට වගේ එක පාරටම බයික් එක රේල් පාරට දාද්දි කෝච්චිය අඩි කිහිපයක් එහායින්...හොද වෙලාවට පාර මැදදි කෝච්චිය මීටර් උන්නෑ..එහෙම උනානම් බය වෙලා මැරෙනව..කොහොමහරි රේල් පාර මම පහු කරල තත්පර දෙකෙන් කෝස්චිය ගියා.....

    ReplyDelete
  23. පූසෙක් වගේ. උන්ට මරණ නමයක් තියෙනවා නේ.

    මං නං එකටයි මූණ දුන්නේ (තවමත්).

    ReplyDelete
  24. 99.9 අංක 1:
    මේකට කරන්න තිබුනේ ලිඳ වහන එකනේ. බයිසිකල් පදින එක තහනම් කරන එකයැ?

    ReplyDelete
  25. ඇත්තටම උබ නම් පන තියෙනකම් මැරෙන්නේ නෑ

    ReplyDelete
  26. aparade uba mokata tawath jeewath wela innawada manda apata me kuppa kata balanna :P :P ohamatama ban jewethe ipadenawa marenawa.kawada hitiyath meka dala yanna epai api.ube kuppa katha naitwa palui palui wage ban

    ReplyDelete
  27. බලන් ගියාම උඹත් පූසෙක් නොවැ!

    ReplyDelete
  28. යකෝ රත්තටත් මාර වාසනාවක්නේ තියෙන්නේ.....ස්වභාවික ආපදා වලදී පරිස්සම් වෙයන් කියලා කිව්වට හරි යන්නේ නෑනේ....කොහොමවුනත් මලේ පරිස්සමෙන්....

    ReplyDelete
  29. කුප්ප කතා, අබිලික් ලව් ස්ටෝරි ආපහු ලියපං කෝ

    ReplyDelete
  30. මචන් බ්ලොග් වල මැරෙන එක ගැන ලිව්වම ඉක්මනට මැරෙනව නේද..?? :P

    ReplyDelete
  31. මට නම් තාම ඔහෝම මුකුත්ම වෙලා නැහැ..මැරෙන්නේ කවදාද දන්නේ නැනේ..ඉන්නකම් හිනාවෙලා ඉන්නවා...

    ReplyDelete
  32. හිස් අහස
    යකෝ වැඩේ කරගන්නකල් විත‍රෙයි මම ඉන්න ඕන..හික් හික්
    ---------------------------------------------------------------------------
    Anonymous
    හොයලා බලපන් අවුරුද්ද 2004 ජනවාරි 23
    ------------------------------------------------------------------------
    මාරයාගේ හෝරාව
    මාරේ ඇවිල්ලා...මේ අඩගහනවා....හැක් හැක්...මාරයාගේ හෝරාව....
    ------------------------------------------------------------------------
    චාටර් කොල්ලා
    දවසක් නෙමේ උඹ හැමදාම ඕපාත තමා
    -----------------------------------------------------------------------
    කතන්දර Kathandara
    මම පූසෙක් නෙමේ බොලේ...ලිද වහන්න බෑ නේ..අනික ලිදවල් කීයක් කියලා වහන්නද?

    ReplyDelete
  33. JEEWAN
    පන ගියාමත් මැරෙන්නේ නෑ
    -------------------------------------------------------------------
    Anonymous
    හෑ.....මම නැති නම් තොපි කියවයි මේ වගේ කුජීත කතා
    --------------------------------------------------------------------
    blog gadol
    ඔය වල් පූසෝ සැට් එකේ පූස් රාලලා වගේ නෙමේ
    --------------------------------------------------------------------
    මකුළුවා.....
    පරිස්සම් උන්ත් වැඩක් නෑ නේ..මාරේ අයිය අඩගැහුවොත් යන්නම ඕන නේ
    ------------------------------------------------------------------
    දොඩන්
    ඔව් ඔව්..මේඒකට තමා රෙඩි උනේ
    ----------------------------------------------------------------
    KaZ Gunasekara
    ගිහින් පාඩම් කරපන් කලුවා
    -----------------------------------------------------------------
    නිම්ශා
    අඩේ මෙහෙම සීන් වෙන්නත් එපැයි..කොහොමත් කෙල්ලෝ මල් වගේ නේ බලාගන්නේ...

    ReplyDelete
  34. මට කියවීමට නොහැකි වු බොලාගේ අබිලික් ලවු ඉස්ටෝරිය . බාගත කොට හුස්මකට ක්iයෙවුවෙමි.
    …නියම කතාව ගොයියෝ :)

    ReplyDelete
  35. හුටා මමත් 2ක් පැනලා ඉන්නේ,,,උබ 3ක්,,,මාරයා කියන්නා වගේ උබට නම් ඉන්ටර්වල් ඉවරයි,,මට එකක් තියනවා තව

    ReplyDelete
  36. බොටත් මැරෙන දවස දැනගැනීමට අවශ්‍ය නම් මාරයා මහතාගෙන් විමසන්න.

    ReplyDelete
  37. අඩේ හිච්චි ඇඟිල්ල මරපු මැරිල්ල නම් පට්ට බං. මටත් ආසයි උඹව මරන්න.

    ReplyDelete
  38. රත්ගමය රත්ගමය කියනවට බලන්නයි ආවේ බලින්න්නම් මර පොරක්නේ. හැප්පෙන්නේ කළු ගල් කන්ටේනර් එක්කයි..අර ලිඳේ නම් නොවැටුණු එක හොඳයි ඒ මොකද ලිඳේ වැටුන නම් කොටු බොටු පු* ඇනෙන්න තිබ්බනේ..

    ReplyDelete
  39. අඩේ කිඩෝ කියපු කතාව ඇත්ත.... රත්ගමයගෙ කුප්ප කම ඉවර වෙලාද ??

    ReplyDelete
  40. මට පේන විදිහට හත් පනක් තියෙන එකෙක්ද කොහේද...
    තව තවත්..දීර්ඝායූ ලැබේවා...මලේ...!!

    ReplyDelete
  41. අන්තිම වාක්‍ය සහතික ඇත්ත බං..

    ReplyDelete
  42. Rathgamaya mamai nube maranaya..ha ha ha ha haaa..

    ReplyDelete
  43. නොදකින්.. යකො "ඇගිල්ලා" කියල ගුගල් එකේ සර්ච් කොරාම මයෙ මෙව්ව එක නෙවෙ එන්නෙ තොගෙ එක... අසිකිතයි.. තො මැරුනෙ නෑනෙ..

    ReplyDelete
  44. රත්තො. උඹව ගලේ ගහලාවත් මරන්න බෑ. බය නැතුව හිටපන්. මැරෙන දවසක මැරෙයි. දැන්ම ඒ ගැන කතාකරලා වැඩක් නෑ...

    ReplyDelete
  45. දැන් ඉතින් ආයේ බොරු. පූසෙක්ම තමා.........

    ReplyDelete
  46. ෂුවර් බලල් පනක් තියෙන්නෙ, තව පන හයක් තියනවා බය වෙන්න එපා .......

    ReplyDelete
  47. kaz මු මේ කියන්නෙ ඇත්තද? උබ මාර පිනක් කරලා තිනවා..

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)