Sunday 19 September 2010

පටන් ගන්න නෙව යන්නෙ..........

රත්ගමය ඉන්නේ රත්ගම නෙව....ඉතින් බල..මම අපෙ කොලු රචුවෙ හැත්ත බුරුත එක්ක කයිය දානකොට අපේ වහෙලා පට්ට ආතල් ගන්නවා...හිනාවෙනව..හුජ්ජ කරගන්නෙ නැති එක විතරයි....ඕන රෙද්දක් වෙන්න කියාලා රත්ගමයා හිතුවා මෙව්වා එකක කොටාලා දානවා කියාලා...ඔන්න අද ඉදලා රත්ගමයාට මක්කා හිතෙනවා කියාලා බලාපල්ලා කෝ.........නමෝවිතියෙන් වැඩ පටන් ගන්න තමා බලේ හදන්න..ඉවසාලා ඉදපියව්...

6 comments:

  1. මොකද්ද අයියෙ කපන්නෙ???????? :D

    ReplyDelete
  2. කුප්පයෝ,
    එහෙම පටන් ගත්තේ ආදරේට ඈ! මේ කමෙන්ට් එක උඹට කියවන්න ලැබෙයිද නම් දන්නේ නෑ. හැබැයි ඉතින් ඒත් ලියනව හිත ලියන්නම කියන හින්ද. ඇත්තටම මට ඊයේ රෑ තමයි උඹේ බ්ලොග් එක මුලිච්චි උනේ. ඒ වෙලාවේම හිතාගත්ත අද කොහොම හරි මේක කියවල ඉවරයක්‌ කරනව කියල. ඉතින් අද උදේ ඉඳං මම කොම්පුටරේ ඉස්සරහ උඹ ලියපු හැම පොස්ට් එකක්මයි ඒවාට දාල තිබ්බ කමෙන්ට්ස් උයි කියෙව්වා. කිව්වට විශ්වාස කරපන් දවල්ට කාවෙත් මේක ඉස්සරහ. කියවල ඉවරවෙනකොට වේලාව හවස 6 පසුවී මිනිත්තු 20යි. මම කියෝගෙන කියෝගෙන ඇවිල්ල අන්තිම පොස්ට් එකටම කමෙන්ට් එකක් ගහන්නයි හිතුවේ. උඹ අනිත් මිනිස්සු ගැන දරන ආකල්ප, යම් යම් සමාජ ගැටළු දකින කෝණය(පෞද්ගලික විශ්ව විද්‍යාල වගේ) ඇත්තටම මාව පුදුම කලා. උඹනම් ලියන්නටම උපන් එකෙක්. උඹ අවධාරණය කරපු හුඟක් ඒවා අතරේ එක වාක්‍යයක් මගේ හිත ඇතුලටම බැස්ස. "ඔබත් අනුන් අනුකරණය කරන පුද්ගලයෙකු නොවී, වෙනස් විදිහට ජීවිතේ දකින චරිතයක් වෙන්න, මොකද පුද්ගලයෝ ආදරය කරන්නේ චරිත වලට." (සංස්කරණයට සමාවෙන්න) උඹ වෙනස් කෝණ වලින් බලන හැටි වෙනස් මිමි වලින් මනින හැටි ඇත්තට මට පහදලා දුන්න(ලියපු හැම පොස්ට් එකකින්ම මම මොකක් හරි ඉගෙන ගත්ත). ජීවිතේ රස විඳින හැටි කියල දුන්න. ඇත්තටම අද මගේ ජීවිතය වෙනස් කරන සංදිස්ථානයක් උඹ නිර්මාණය කලා. උඹ මේ බ්ලොග් එක ලිවීමේ අභිප්‍රාය මනුස්සකම වර්ධනය කරගැනීම කියල එක පොස්ට් එකක තිබ්බ මම දැක්ක. ඇත්තටම උඹ ඒ හොයපු දේ දැන් උඹට හම්බවෙලා කියල උඹට වැටෙන කමෙන්ට්ස් කියවන ඕනේ එකෙක්ට තේරෙනවා. මම තාම පොඩි එකෙක් (12 වසරේ කියමුකෝ). හැබැයි මටත් ඔයා අයිය වගේ හුඟක් හීන තියෙනවා. දවසක මමත් මගේ හීන හැබෑ කර ගන්නවා. එදාට මමත් බ්ලොග් එකක් ලියනව, ලියල මගේ ජිවිතේ වෙනස් කරපු ඒ කුප්පය ගැන ලෝකෙටම කියනවා, මගේ දරුවන්ටත් කියනවා,උන්ගේ දරුවන්ටත් කියනවා,ඒ උන්ගේ ජිවිතත් චරිත කිරීමට. මේ කමෙන්ට් එක ඇනොනිමස් එකෙක් විදිහට දැම්මට තරහ නොවෙන්න. උඹ දිගටම ලියනව දකින්නයි මගේ ආසාව. අන්තිම වශයෙන් මගේ ජිවිතේ පෙරලියක් ඇති කරපු රත්ගමයටත්, මේ බ්ලොග් එකටත්,ඔය කතා වලට පාදක වෙචච හැම චරිතයකටමත් (පුද්ගලයෙකුටමත්) අනෙක වාරයක් ස්තුති වෙනවා.!
    මීට,
    සදාදරණිය රසිකයෙක්...!

    ReplyDelete
  3. yakado ... anthima post ekatath awith....
    ela a.......
    jaya weva....

    ReplyDelete
  4. පුරාවිද්‍යාකැනීම් කටයුතු කරන ගමං ගොඩ උනා :D

    ReplyDelete
  5. අඩෝ මම උබෙ ඔක්කොම පෝස්ට් කියෙව්වා එල මචන් බ්ලොග් එක ඉතින් සුපර්බ්.

    ReplyDelete
  6. මට හිතා ගන්න බැහැ මචන් බ්ලොග් ලියන උන්ට ලස්සන අදහස් කොහොම ඔලුවට එනවද කියල. කොහොම උනත් රත්ගමයො මම උබේ බ්ලොග් එක කියවල ඉවර නැහැ. ලංකාවෙ මිනිස්සුන්ගෙ අදහස් මාර ලස්සනයි. මන් මාර ආසවෙන් මේ බ්ලොග්ස් කියවන්නෙ. ජිව්විතේට ගොඩක් වටිනාකම් එකතු කරගත්තා. මම නම් ගොඩක් ඉගෙන ගත්ත මනුස්සයෙක් නෙවෙයි. මේ 2018ටේ අවසාන කාලය. :) උබ ලියපු සමහර කතා ඇතුලෙ ජීවත් වෙන්න ආසයි. :( උබව දකින්න ආසයි. උබ මේ කොමෙන්ට් එක දකින එක මගේ පරම සතුටයි.

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)