Monday 29 November 2010

වැලි ගොඩ දාපු පොලිස් මාමාගේ තවත් වැඩක්


අද උසාවි ගියා නඩුවකට.........මට නම් නෙමේ හැබැයි....සිද්ධිය මේකයි...
ගිය බ්‍රහස්පතින්දා හවස් ජාමේ පොලිස් මහත්තරු වගයක් කඩාගෙන පැන්නා අපේ කඩේ ඇතුලට....කුඩු කාරයෝ දෙන්නෙකුත් අරගෙන තමා ආවේ...කඩාගෙන බිදගෙන ආපු පොලිස් මාමා කෙනෙක් කුඩුකාරයෙක්ව පෙන්නල අපේ තාත්තගෙන් අහනව මූව දන්නවද කියලා....තාත්තා ඔව් කිව්වා...අනිත් එකා පෙන්නලා අහනවා මූව දන්නවද කියලා....තාත්තා ඌව දන්නෙ නැති නිසා නෑ කිව්වා.. මුන් දෙන්නා ඊයේ රෑ ගාල්ලේ කඩයක් කඩලා...මුන් කියනවා තමුසේගේ කඩේට ඒ කඩෙන් හොරකම් කරපු බඩු ගෙනල්ල දැම්ම කියලා..ඇත්ත කියපන්....මුන් ගෙනාපු බඩු කොහේද උඹ හැන්ගුවේ". මේක හරි කෙලියක් නේ යකෝ.....කොහේ තියන බඩ්ඩක්ද...ඉතින් තාත්ත කිව්වා එහෙම බඩු නෑ රාලහාමි..මම දන්නේ මෙයාව විතරයි..අනිත් කෙනා දැකලවත් නෑ කියලා..පොලිස්කාරයා ආයේ තදය වෙන්න ආවා..දැම්මා මාර සද්දයක්..."ගනින් බලන්න කඩේ තියන බඩු ඔක්කොගෙම බිල්..තමුසෙට බේරෙන්න බෑ අපෙන්..." මූ කියාපි...මිනිහා කතා කරපු විදිහෙන් තාත්තට මල පැන්නා..."මොකක්ද රාලහාමි කියන්නේ...තමුසේ තමුසේ කියලා කතා කරගන්න ගෙදර ගිහින්...මෙතන එහෙම බෑ..."මිනිහගේ සද්දේ ටිකක් අඩු උනා..."ආ...එහෙමද.....හොදයි බලාගමු උසාවියේදී' කියලා මෑන් ගියා...
ඉතින් අද නඩුව..
 ගිහින් පොඩ්ඩක් විස්තර විපරම් කරාම තමා වැඩේ මීටර් ඌනේ..කුඩු කාරයෝ දෙන්නා ගාල්ලේ කඩේ කඩලා අහු වෙලා...අහුවෙලා තියෙන්නේ හොරාට වැලි ගොඩ දාපු පොලිස් මාමට..(මතක ඇති කියල හිතනවා..මතක නැති නම් මෙතනින් බලන්න)..පොලිස් මාම කියල අපේ කඩේට බඩු දැම්ම කියල කිව්වොත් උඹලට පොඩි සහනයක් දෙන්නම් කියලා...මුන් ඒකට අහු වෙලා එහෙම කියලා..තව ලියන්න නම් යන්නේ නෑ...තාම නඩුව තියෙන නිසා...නඩුව කල් ගියා..තාත්තට ඇප ලැබුනා...අරුන් දෙන්නා රිමාන්ඩ්....වැලි පොලිස් මාමා හිනා පාරක් දාලා ගියා....
පොලීසියට ගියපු කලක්........

13 comments:

  1. පොලිස් උන්දැලා නයි වගේ... මොනා හරි ලැජ්ජාවක් උනොත්..උනුත් බලන්නෙ කොහොම හරි රිටන් එක දෙන්න..මෙ පැත්තෙත් ඔහොම දෙයක් උනා..පැට්ට්‍රල් දීලා නැතිව..
    කතා කරලා වැඩක් නැ බං...

    නැවත අපු එකට සතුටුයි... :D

    ReplyDelete
  2. අම්මප රත්ගමයො මුන් මේව කරන්නෙ කොහෙ යන්නද බං....තෙරුවන් සරණින් උඹල වැරද්දක් කරල නැති නිසා කරදරයක් වෙන එකක් නැ...වැඩෙ ඇදෙන්නෙ නරක අතට නම් අපි දෙමු සයිබර් අවකාශෙන්ම පොලිස් මාම ගෙ වැඩ ගැන යුනිෆොම් තියල ගෙදර යන්න හිතෙන පබ්ලිසිටි එකක්..

    ReplyDelete
  3. ඉතින් ඇයි ඔයා ඒක ඉහල තැන්වලට දැනුම් නොදෙන්නේ... ? ඒ සම්බන්දව පුළුවන්තරම් විස්තර එකතු කරලා පින්තූරත් එක්කම ඉහල තැනකට කියන්න මල්ලි.
    නීතිය තියෙන්නේ මිනිස්සු ආරක්ශා කරන්න මිසක් ඒක ක්‍රියාත්මක කරන්න ඉන්න වුන්ට මගුල් නටන්න නෙමෙයි.

    ReplyDelete
  4. අප්පෙ.. එකද උසාවි ගි‍යේ.. අනේ.. අනේ.. ලංකාවේ පොලිස් "මාමලාට" ගිය කල.. හැමදාම ඔය වගේ ජරා වැඩ කරනවනේ.. අනේ ඇත්තට..

    ReplyDelete
  5. ඔය වගේ කාලකන්ණි නිසා තමයි රටේ නීතිය බල්ලට යන්නේ. කුඩු කාරයන්ට කලින් උන්ට දඩුවම් දෙන්න ඕනේ

    ReplyDelete
  6. රත්ගම මලයා දකින්න ලැබීම සෑහෙන සතුටක් .

    මොකක්ද මේ කේස් එක. යකෝ ! උන්ට පුලුවන්ද එහෙම හිතෙන හිතෙන මිනිහට කේස් දාන්න ? මෙහෙම නම් මේ රටට පොලීසියක් ඕන වෙන එකක් නෑ නේ . ඔය ජරා සත්තුන්ට බනින්න මට වචන මතක් වෙනවා ඒත් මෙතන ඒව ලියන්න බෑ ..

    අර වැලි හොරාට නරකක්ම වෙයං ! උඹ බය වෙන්න එපා කොල්ලෝ උඹලට අසාධාරනයක් වෙන්නේ නෑ .ඇත්ත හැමදාම දිනනවා . ඕන දේකට අපිත් ඉන්නවා ..

    රත්ගමයාගේ තාත්තට ජයවේවා !!

    ReplyDelete
  7. කෝකටත් කොල්ලො පරිස්සමෙන්. පොලිස්කාරයෝ අතේ දුරින් ආශ්‍රය කරන්න කියලනේ කියන්නේ. වැඩිය ලං කරගෙනත් බැහැ. තරහ කරගෙනත් බැහැ

    ReplyDelete
  8. කියල වැඩක් නෑ බන්.. උන් ඔහොමම තමා

    ReplyDelete
  9. අනේ අම්මපා මේ පොලිස් කාරයන්ට **** ....!!

    ReplyDelete
  10. ආ කාලෙකට පස්සේ නේද? එක කතාව. ඔහොම වුන්ට බය වෙන්න නරකයි මලේ. දෙන්න තියෙන්නේ හොඳ ​ගේමක්.

    ReplyDelete
  11. රත්ගම පොලෝසියේ මාමලද... කෝකටත් පරිස්සමින්.. කඩේ අස්සට හොර බඩු දාල මාට්ටු කොරන්නත් බැරි නැතො උන්දැල නොවැ.

    ReplyDelete
  12. කතා ටිකේ ෆීඩ් අප්ඩෙට් කලාද..මීට කලින් කියවල කමෙන්ට් කලා වගේ මතකයි..උඹේ පරණ බ්ලොග් එකෙදි ද මන්ද ?

    ReplyDelete
  13. ඇයි බං ඊයෙද පෙරේද ද කොහේද නිවුස් බලට කිවුවේ පොලිස් කාරයෝ වගයක් කවුද කොල්ලෙක්ව හපලා කියලා...

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)