Monday 1 November 2010

වැලි ගොඩ දානවලු මාමලා හොරා පොලිස්.....


ස්ථානය- රත්ගමයාගේ ගෙදර පිටුපස මුහුදු වෙරල
වේලාව-පස්වරු 4.30
සිද්ධිය-වැලි ගොඩ දැමීම

කැන්ටරයක් අපේ ගේ පහුකරන් යන සද්දේ ඇහුනට අපි ගනන් ගත්තේ නෑ..මොක්ද අපේ ගෙදර පිටි පස්සේ ගෙවල් දෙකක් හදනවා..ඒකේ වැඩ කටයුතු වලට කියල තමා හිතුවේ.කොහොමින් කොහොම හරි කාලය ගෙවිලා ගියා..ටික වෙලාවකින් අපිට පණිවිඩයක් ලැබුනා..ඒ අපේ ගෙදර පිටි පස්සේ වෙරලේ වැලි ගොඩ දානවා කියලා.හොද වෙලාවට ගෙදර තාත්තා ඉදියා..ගිහිල්ලා බලනකොට වැඩ ඇත්ත..කැන්ටරේ ඇවිල්ලා වැලි ගොඩ දානවා.අපි ගියා එතනට ගිහිල්ලා කතා කරා.
"ඔබතුමාලා මේ කරන්නේ වැරදි වැඩක් කරුණාකරල මේ වැලි දාන්න.වෙරලේ වැලි අයින් කරන්න ඔබතුමාටවත් අපිට වත් කිසිම අයිතියක් නෑ "තාත්තා එහෙම කිව්වා..
ඒත් කැන්ටර්කාරයා නෙමේ සැලුනේ..
පැත්තකට ගිය කැන්ටර්කාරයා කෝල් එකක් ගත්තා.ටිකකින් පොලිස් රථයක්  ඇවිල්ලා නැවැත්තුවා..ඒකෙන් බැස්සේ අහවල් පොලීසියේ රාලහාමි කෙනෙක්.
එතුමා මහා හයියෙන් සද්දේ දැම්මා..වැලි ගෙනියන්නෙ රාජකාරි වැඩකටලු..අපිත් අහගෙන ඉදියා.ඒත් මේ වැඩේ වැරදි..මෙතන මේ ගැන කතාකරන්න ගියොත් කොහෙන් නතර වේවිද දන්නෙ නැති නිසා අපිත් හෙමීට අයින් උනා..ඒත් මේ වැඩේ නවත්තන්න ඕන..ගෙදර ගියපු ගමන් රත්ගමය කරේ වෙරල සංරක්ෂණ දෙපාරතමේන්තුවේ දුරකතන අංකය අන්තර්ජාලයෙන් හොයාගත්තු එක.පස්සේ තාත්තටත් කියල අවසර අරගෙන ඇමතුමක් දුන්නා..එතනින් කිව්වේ 119 ගහලා පනිවිඩේ පොලීසියට දැනුම් දෙන්න කියල.ඒත් හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක් නේ මේක..පොලීසියෙන්ම ඇවිල්ලා වැලි ගොඩ දානකොට ඒක පොලීසියට කියන්න පුලුවන්ද
ඒ පාර පැහැදිලි කරලා දුන්නා මේක කරන්නෙ පොලීසියේ ලොකු මහත්තයෙක් කියල..
ඒපාර නම් ඒ නිලධාරී මහත්තරු ඉක්මන් ප්‍රතිචාර දැක්වුවා..
පැය බාගයක් ඇතුලත නිලධාරී මහත්වරු 4 දෙනෙක් ආවා.ඒ එනකොට අර වැලි ගෙනියන්න ආපු කැන්ටර් එක එරිලා වැල්ලේ..යන්න බැරුව හිර වෙලා..
කොහොම හරි ඇවිල්ලා ඒ වැලි ටිකයි කැන්ටරයයි ,ඒකේ අයිතිකාරයවයි අතඩංගුවට ගත්තා..පොලීසියේ රාලහාමි නම් ඒ වෙනකොට ගිහිල්ලා..
එතනින් එහාට මොනව උනාද දන්නේ නෑ
මේ වගේ නීතිවිරෝධී වැඩ කොච්චර මේ ලංකාවෙ වෙනව ඇතිද..බලය පාවිච්චි කරන්නේ අයුතු වැඩ වලට..ඕන දේවල් වලට බලය පාවිච්චියක් නෑ..
සුනාමි ආපු දවස් වල අපි කොච්චර බයෙන් ද ඉදියේ.මගේ උස අඩි 6 යි..අපේ ගෙදර වතුර පිරුනා මගේ ඔලුවටත් වඩා උසට..ගේ ඇතුලට අඩිය තියන්න බෑ..අඩි 3ක් විතර මඩ තට්ටුව..මහා දුකක් විදල තමයි අපි වගේම අපේ ගෙවල් අවට මිනිස්සු ඔක්කොමලම ගෙවල් ආයේ තිබුනු තත්වෙට ගත්තේ ඒ දුක දන්න නිසා තමයි මේ පැත්තේ හැමෝමලම වෙරලෙන් වැලි ගොඩ දානවට විරුද්ධ..කුහක කමකට නම් නෙමේ..අඩුගානේ අපිවත් වැලි ගන්නෙ නෑ..තාමත් අපි මුහුදට ආදරේ..හිතට දුකක් දැනෙන ගොඩක් වෙලාවට මුහුදු වෙරලට ගිහින් වෙරලේ තියන ඔරුවක් උඩට නැගලා ඉර බැහැගෙන යන හැටි බලන් ඉන්න ඉස්සර වගේම මම තාමත් ආසයි..
අර රාලහාමි තාමත් අහවල් පොලීසියේ වැඩ කරනවලු..ඒක තමා නිල ඇදුමේ බලය කියන්නේ....ඒත් ඒක පාවිච්චි කරන්නෙම වැරදි වැඩවලටනේ......

22 comments:

  1. අඩේ උබත් සුනාමියට අහුවුනාද බං......... ? අදනෙ දන්නෙ....
    සිරාවට ලංකාවෙ දේෂපාලුවො සහ පොලිසිය කියන්න මහ ජරා හැත්තවල දෙකක්.
    ( ඒ අතරෙ හොඳ එකෙක් දෙන්නෙ කින්න පුලුවන්. )
    අනික අපි අසාධාරණයට විරුද්ධව කතා කරන එකත් උන් බලය පවිච්චි කරල නවත්තනවා..........

    හොඳ වෙලාවට වෙරල ආරක්ෂක කස්ටියට කතාකරල ගෙන්නුවේ. උබනම් එළ කොල්ලෙක් :)
    මෙව්ව තමා පත්තර වල වැටෙන්න ඔනේ. ඒත් අවාසනාවට යන්නෙ වෙනින් කුණුහරුපනෙ :(

    ඔබට ජය........... :)

    ReplyDelete
  2. මලයෝ,,,,, අඩි 6ක් තියන එකේ මට එක අඟල් 3ක් දෙන්නකෝ. මම හරියටම අඩි 5යි... :(

    ReplyDelete
  3. @රත්ගමයා ..කරපු වැඩේ එළ.. ඔහොම තමා ඉන්න ඕනෙ.. සල්ලි ඇර.. සමහර මිනිස්සුන්ට වෙන කිසි දෙයක් ඕනෙ නෑ.

    ReplyDelete
  4. hoda police karayo nathuwa nemei..
    unuth deshapalanayata ouohets wenawa rassawa nisa..
    kaaki coat gala wunama un okkoma ballo balallu wage

    ReplyDelete
  5. හොඳ වැඩක්... රත්ගමය ගැනත් තාත්තා ගැනත් සතුටුයි... දැන දැනම වැරදිම කරන තාත්තල පුතාල ඉන්න රටකට රත්ගමයයි තාත්තයි හොඳ ආදර්ශයක්... ආහ්... අඩි හයක් වැඩි නැද්ද බං...

    ReplyDelete
  6. රත්ගමයාගේ වැඩේ නම් හොදයී
    අසාධාරණයට විරුද්ද වෙන්න ඕනේ ඕනම තැනක
    ඒ දේ කරන්නේ කවුරු උනත් කමක් නෑ අසාධරණයී නම් කාටත් එක විදිහට අපි ප්‍රතිචාර දක්වන්න ඕනේ

    ReplyDelete
  7. ඉහි... ඉහි... ඉහි... හොද වැඩක් මලේ... අලුන්ට සාධු... සාධු... ඉහි... ඉහි... ඉහි...

    ReplyDelete
  8. Ela ela... Niyama wade karala thiyenne. Police uncle ge no eka balagena ekath qwa nan hariyatama hari... Kochchara busy unath umbe posts kiyawanna hithenawa kiyala man kalinuth qwa ne... Onna saakshi... :D

    ReplyDelete
  9. අන්න එහෙමයි කොල්ලෝ ඉන්න. ඕන උඹනම් සිරා දකුනේ පොරක් . කොහෙද අපේ පැත්තේ ඔය වගේ වැඩක් උනොත් එක මිනිහෙක් කට අරින්නේ නෑ (අපිට මුහුදු වැලි නෑ ) ඒත් දවසක් අපේ යාලුවෙක්ට සල්ලි කාර තාත්තකෙනෙක්ගේ පුතෙක් වෙඩි තීවා ! වෙලාවට යාලුව බේරුනා පොලීසියට ගියාම පොලීසියෙන් කුට්ටිය අරං වැඩේ යට ගැහුවා . පොලීසියෙන් කියපි විහිලුවටනේ වෙඩිතියල තියෙන්නේ කියලා . කාට කියන්නද මේ දුක ?

    දකුනේ කොල්ලට ජයවේවා !!

    ReplyDelete
  10. ර ත් ග ම යා ළමයා ගාලු කොලුවෙක් නේද ? හැබෑට පොලිසියේ මහත්තරුන්ට තියෙන්නේ අමුතුම බල තල. මටත් දවසක් ඔය වගේ වැඩක් වුනා... ඔන්න ආව උස මහත මිනිස්සු දෙන්නෙක් ආදායම් බලපත්‍රයක් ගන්න. හැබැයි වාහනේ ලියා පදිංචි සහතිකය නැහැ... ඉතින් මම හොඳින් කීව වාහ‍නයේ ලියා පදිංචි පොත හරි සහතික කරපු ජායා පිටපතක් හරි ඕනි කියල... මෙන්න මේකා ගත් කටටම කියනවා." අපි පොලිසියේ " හිහ් ... ඉතින් මම කීව. ආදායම් බල පත්‍රය ගන්නෙත් පොලීසියටට පෙන්නන්න තමයි කියල...

    ReplyDelete
  11. ර ත් ග ම යා ළමයා ගාලු කොලුවෙක් නේද ? හැබෑට පොලිසියේ මහත්තරුන්ට තියෙන්නේ අමුතුම බල තල. මටත් දවසක් ඔය වගේ වැඩක් වුනා... ඔන්න ආව උස මහත මිනිස්සු දෙන්නෙක් ආදායම් බලපත්‍රයක් ගන්න. හැබැයි වාහනේ ලියා පදිංචි සහතිකය නැහැ... ඉතින් මම හොඳින් කීව වාහ‍නයේ ලියා පදිංචි පොත හරි සහතික කරපු ජායා පිටපතක් හරි ඕනි කියල... මෙන්න මේකා ගත් කටටම කියනවා." අපි පොලිසියේ " හිහ් ... ඉතින් මම කීව. ආදායම් බල පත්‍රය ගන්නෙත් පොලීසියටට පෙන්නන්න තමයි කියල...

    ReplyDelete
  12. @ජේ.ඩී අහු උනේ නෑ..ගහගෙනම ගියා අයියා
    පත්තර හෙවත් මාධ්‍ය ගැන නම් කතා එපා

    @හිරු හික්...ලබා උපන් හැටියට නේ බබා උස යන්නේ

    @ප්‍රාර්ථනා සල්ලි සලිලි..දෙයියන්ගේ මල්ලි

    @යන්තර පොලිස් පොලිස්...ඔව් බන් හොද පොලිස් කාරයෝ නැතුවාම නෙමේ

    ReplyDelete
  13. @පුතා අඩි හයක්..වැඩි අප්පා...අර පාන් ගෙඩි වගේ බස් වල යන්න බෑ නේ...ඔලුව වදිනවා

    @හැක් සදු සදු බුදු පෙරහැර සා..................

    @අහිංසකී හැමෝමල බයයි නේ අහිංසකී....බලය තියෙන තැනට අපි කොහොමද හැප්පෙන්නේ

    @උදය දන්නව බන් උඹ කියවනව කියල..වෙනද නම් පෝස්ට් එක දාන්න කලින් උඹට පෙන්නලා හරි වැරදි අඩුපාඩු අහල නේ දාන්නේ..දැන් ඉතින් උඹ නෑ නේ..සමහර විට වැරදි ඇති දැන් දාන ඒවා ගේ..උඹ නේ රත්ගමයගේ ෆිට් එක

    ReplyDelete
  14. @හිස් අහස වැඩක් නෑ අයියා කතා කරලා..සල්ලි වලට කටවල් වහන්නත් පුලුවන්..වැහුනු කටවල් අරින්නත් පුලුවන්..ඒක නෙමේ...ඔයාගේ ආදර කතාව අහන්න පට්ට ආසාවෙන් ඉන්නෙ

    @ වත් අක්කා අයියෝ...දන්නෙ නැද්ද...පොඩ්ඩක් සිතියමක් අරන් බලන්නකෝ...රත්ගම තියෙන්නේ දකුනු පලාතේ...හික්කඩුවයි ගාල්ලයි හරි මැද..මාතර ඉදලත් දන්නෙ නෑ නේ අප්පා මේ වත් අක්කා

    ReplyDelete
  15. හොද වැඩක් මල්ලි කරල තියෙන්නෙ..... අසාදාරණය ඉස්සරහ බයවෙලා පස්ස ගහන්න ගොද නැහැ....

    ReplyDelete
  16. රත්ගම මට උඹලගෙ ගෙදර එන්න ඕනි...මටත් ආසයි මුහුද අයිනේ ජීවත් වෙන්න..ඔරු කොටයක් හරි වැල්ලට හරි වෙලා සැනසිල්ලෙ ඉර බැහගෙන යනව බලන්න...

    අනිත් එක කරපු වැඩේ නං නියමයි..ඔයාල වගේ තරුණ ළමයි රටට ආද‍ර්ශයක්

    ReplyDelete
  17. නියමයි රත්ගම, උඹ කරන්න ඕනේ වැඩේ ආදාල තැනදී එලටම කරනවා කියලා අපි දන්නවා කොල්ලෝ. මමත් සුනාමිය බලන්න ගිහින් ඒකට අහුවුනා. වෙලාවට ගස් වැල් තිබ්බ නිසා බේරුනා බොල.

    ReplyDelete
  18. Mcn, umba fatta porak ne... krapu vade pankadu 5*5= 25 mcn... වෙරල සංරක්ෂණ දෙපාරතමේන්තුවේ mahaththuru ava vele Ane ara පොලීසියේ රාලහාමිge muna tikak balaganna thibunanam thama sook.. pau ithin.. Mcn Umba krapu vade nam Masuran hodne.. Massa..

    ReplyDelete
  19. @දිනේශ් අයියා..වැඩක් නෑ අයියා..අන්න අර රාලහාමිකාරයා තාම පොලීසියෙ වැඩ

    @පැන්ඩා ..එන්න එන්න...කෑම ඩින්ගක් කාලා..පොඩ්ඩක් නාල..ඉර බහිනව බලලම යන්න ඇහැකි...හීක්

    @ගෝල්ඩ් ෆිශ්...හොද වෙලාවට ගස් වැල් තිබුනේ...මාලුවා නිසා පීනන ඇති...ඉල්ලන් කනව තව ඩින්ගෙන් අහක යන සුනාමි බලන්න ගිහින්

    @උන්නැහේ...රත්ගම එල කොල්ලෝ සහ එලම එල කොල්ලො ඉන්නෙ

    @ හික්...රාලහාමියා තාම ඉන්නව බන්...මම අද කොලඹ ගිහින් එනකොට ඌ ඉදියා හික්කඩුවේ මෝටර් සයිකලේ නැගලා....

    ReplyDelete
  20. රත්ගමයා තමා දවසකටවත් පොර. නියම වැඩක් මල්ලී.

    "අසාධාරණේ මෙයාට පෙන්නන්න බෑ" :) :) :)

    ReplyDelete
  21. රත්තරන් මලයා... එහෙම තමයි ඉන්ට ඕනි. පිස්සත් ඔය ලංකාවට ගිය වෙලේක වෙරල කොනක ඉද්දි.. ( හි හි ) ආව සුද්දෙක් ගත්තා ශවලක් එක්ක බාල්දියක් මෙන්න මූ වැලි ගන්නවා. ඒ ඉස්සරහ බොර්ඩ් එකේ ඉන්ග්‍රිසියෙන්ම තහනම් කියල තියෙද්දි.. ඇදගත්ත වලියක් හි හි. අන්තිමට පොර මාරු උනා.

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)