Sunday 31 October 2010

මෙගා ස්ටාර් හෙවත් කකුස්සි වල.....................


හිතූ පරිදිම වැසිකිලියක් විය...අවසානය කාගේ හෝ ඕනෑ කමකට අනුව සිදු වුනා දෝයි සිතේ..
අජිත් මෙගා ස්ටාර් විය..සුදුසු කම මොණර කොල මිටි විසිකිරීම හෝ දේශපාලනය විය හැක..
ස්වර්ණවාහිනිය ඇනගත් පලමු වතාව මෙය නොවේ..මීට පෙරත් ඇන ගත්තේය..
ආරම්භයේ සිටම වැඩ සටහනේ මාර්කට් එක උනේ ඇමති තුමාය...එතුමා මොන අසික්කිත කතාවක් කීවද ස්වර්ණවාහිනියට කිතිය..සැබැවින්ම මෙගා ස්ටාර් වැඩසටහනේ දක්ශයා වූයේ දයාසිරි ජයසේකර මන්ත්‍රී තුමා බව අවිවාදයෙන් පිලිගත යුතුමය..අනෙක් තරගකරුවන්,තරගකාරියන්ට බහුලව ලැබුනේ නර්තනයට,ඇග පෙන්වීමට ලැබුනු ඡන්දය..
රත්ගමයාට මතක ආකාරයට මීට පෙර ස්වර්නවාහිනිය ඇන ගත්තේ ජනාධිපතිවරණ සමයේදීය..සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ විවාදයක් රතු ඉර දේශපාලන වැඩ සටහන මගින් විකාශය කිරීමේදීය..එහිදී ද දයාසිරි ජයසේකර මහතා එක් පාර්ශවයක් විය..මහ රෑ ගෙවී යනතුරු විවාදය ආරම්භ නොවුනි...
සවර්ණවාහිනියට මේ ලෙඩ රෝග වැලදුනේ සිරස ජනප්‍රිය වීමත් සමගය...අලුත් දෙයක් කරනු වෙනුවට ඔවුන් කරේ සිරස කොපි කිරීමය..පලමුව මෙගා නාට්‍ය කොපි කලේය..ඉන් පසු සුපර් ස්ටාර් කොපි කලේය..ඩාන්සින් ස්ටාර් වෙනස් කර මෙගා ස්ටාර් ලෙස කොපි කරේය..දෙයක් කොපි කරාට වරදක් නැත..නමුත් මෙම නාලිකාවට කොපි කරන්නවත් හරියට බැරිය..
                   ප්‍රවෘත්ති විකාශයක් යනු රටේ ජාතික තොරතුරු වල වැදගත්ම අංගයකි..ලගදී සිට මේ නාලිකාවේ පුවත් වෙනුවට යන්නේ කෙටි නාට්‍යය..ලමා අපචාර,හොරකම් වැනි ක්‍රියා රසකර පුවත් විකාශය තුලට දමන්නේ විලි ලැජ්ජාවක් නොමැතිවය..
රටේ මිනිසුන්ට බස් ගාස්තු ඉහල ගියත් කමක් නැත..බඩු මිල ඉහල ගියත් කමක් නැත..සරත් හිරේ ගියත් කමක් නැත...ඒ කිසිවකින් හිතට දුකක් නැත..
නමුත් මර්වින් සිල්වා ,පබාට බැන්න විට,දයාසිරිට කට කැඩිච්ච කතාවක් කීව විට දුක සිතේ..අඩයි..වැලපෙයි..මේ මගේ රටය...මගේ රට මෙහෙමය...
රටට මෙහෙම කරන්නේ කුනුහරුප මාධ්‍යකාරයෝය...
කලුතර ගගේ පුංචි දරුවා පාවී යන වීඩියෝ දර්ශන පෙල ඔබට මතක ඇතැයි සිතමි...මේ මාධ්‍ය ආයතනය එය මාර්කට් කර තරම ඊටත් වඩා මතක ඇතැයි සිතමි..පොලිස් ප්‍රහාරයෙන් මුහුදේ ගිලී මිය ගිය පුද්ගලයා ඔබට මතක ඇතැයි සිතමි..ඊටත් වඩා මේ මාධ්‍ය ආයතනය එය මාර්කට් කල ආකාරය මතක ඇතැයි සිතමි...
මාධ්‍ය යනු රටක වටිනාම තොරතුරු ලබා ගන්නා ඒකකයයි...ඒව මේසේ පිස්සු කෙලින්නේ විට මහාජනතාව තණකොල කන තත්වයට දමා විය යුතුය..
අපේ මිනිසුන්ට මෙය මතක හිටින්නේ දවස් 14ක් පමනි...සිංහලයා එහෙමය..ඒ කිව්වේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ය...
රාජ්‍ය නාලිකා පිස්සු කෙලින විට අප වෙනත් නාලිකා කිහිපයක් ගැන් විස්වාස කලෙමු..ඒවාද පිස්සු කෙලින විට අප කා ගැන විශ්වාස කරන්නද...
කෙසේ හෝ අප ඉවසමු...තව දවසකින් මර්වින් සිල්වා ඇමතිතුමා කීවහොත් "මම අජිත්ට ගැහුවේ නෑ..අජිත්මයි මට ගහන්න කිවේ" කියා,අප එය පිලිගනිමු..ඒ මීට පෙරත් මෙවැනිම දේවල සිදුවී ඇති බැවිනි...
ඉදින් අපි සිනාසෙමු..අපට මොන ප්‍රශ්නද..මේ අපේ සිරි ලංකාවය...ඉදින් දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටිමු..........

29 comments:

  1. swarnawahiniya bari magul nokara, idiya nam okkoma hari, dayasiri oya thamai ape MEGA STAR....................

    ReplyDelete
  2. ඇත්තටම මමනම් අද හිතාගෙන හිටියෙ දයාසරි ජයසේකර මන්ත්‍රීතුමා මෙගාස්ටාර් වෙවි කියලා... එ කිසිම දෙශපාලන තිරනයක් නෙමෙයි... මෙ වැඩසටහනෙ මම දකින විදිහට හිටපු සාර්ථකම ගායකයා එතුමා.. මම නම් එතුමා මෙ වැඩසටහනට එනකම්ම දැනගෙන හිටියෙ නැහැ එතුමට ගිත ගායනය පිළිබද මෙ තරම් හැකියාවක් තියෙනවා කියලා.... එක දවසක් නම් වෙදිකාවක "ජොන් සිනා" සින්දුවෙ පොඩි කැල්ලක් කියනවා දැක්කා දෙශපාලන වෙදිකාවක..එතුමා සුනිල් එදිරිසින්හයන්ගෙ ගිත ඉතාමත්ම ලස්සනට ගායනා කලා... සමහරු කියාවි එතුමා අනිත් අය වගෙ රංගනයක යෙදුනෙ නැහැ කියලා... නමුත් එතුමා "මල්ලියෙ නරක මිතුරන්" ගිතයට එක්කල රංගනය මල්ලිට මතක ඇති... එතන ඔය අනිත් අය වගෙ මහා රංගනයක් ඉදිරිපත් කොකලත් එතුමා එ ගිතයට එක්කල රංගනය සාර්ථකයි කියල මම දකිනවා.... කොහොම උනත් තරගයෙ අවසානයනම් හිතපු විදිහට නෙමෙයි ඉවර උනෙ... මොනවා උනත් මට කියන්න තියෙන්නෙ සැබැ දක්ශයො අපෙ රටෙ හැමදාමත් යට ගියා කියන එක... දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා සැබැ ජයග්‍රහකයා කියලා පක්ෂ විපක්ෂ භෙදයකින් තොර හැමදෙනාගෙම තෙරිමයි කියල මම විශ්වාස කරනවා...

    ReplyDelete
  3. මෙගාස්ටාර් අවසන් කොටස අද තිබුන එක විතරයි මම බැලුවේ මටත් හිතෙනවා මහ ජරා වැඩක් අතමයි අන්තිමේට කරගත්තේ කියලා . දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා තමයි හැබෑ දක්‍ෂයා

    ඒත් මොනවා කරන්නද ? එයාලම තරඟයක් තියල එයාලම ජයග්‍රාහකයෙක් පෙන්නුවා මේං කියලා . අපිත් හුරේ කියමු

    ජ්..... වා

    ReplyDelete
  4. මේ දැන් මට මතක් උනේ

    කුක්කු බොන්න ඕන කියලා කියපු කෙනා තමයි තමයි හැබෑ දක්‍ෂයා . එයා තමයි මෙගා ජෝකර් සම්මානයෙන් පුද ලබන්නේ .

    ReplyDelete
  5. lemonade/ලේමනේරිස්31 October 2010 at 04:35

    මෙගා ස්ටාර් වෙන කවුරුත් නෙවෙයි, ආචාර්ය මර්වියාය. මිනිහට තරං පබ්ලිසිටියක් කාටවත් ලැබුනේ නැහැ ඔය නින්දිත වැඩ සටහනෙන්. හැබැයි පුදුමය කියන්නේ, හැමෝම මේ වැඩසටහනට බැණ බැණ ඒකම බලල!

    මම නම් දැන ගැන හිටිය, උපේක්ෂා වත් දයාසිරි වත් තේරෙන්නේ නැති බව. මම එත් හිතන් හිටියේ අපෙ සුරේෂ් මල්ලිට හොඳ කලක් යයි කියල. මොකද ඉතින් මිනිහට ටෙලි නාටියක්වත් ලැබෙන්නේ නැහැ නැ රගපාණ්ඩ. අනෙක් උන්ට නම් ඇමතිකම්, වත්කම්, සහ දස්කම් තියනවා, එත් මූට මුකුත් නැති එකා නේ. පවු අසරණය. අයෙත් ඉතින් ASP පැදුරු පාටිය තමයි.

    ReplyDelete
  6. පක්කිලි මාධ්‍ය කලාවේ ශ්‍රීලාංකේය අභිමානය ස්වර්ණවාහිනී. ඔය ඕකුන්ට පල දෙන්නේ ඕකුන් කරපු පක්කිලි වැඩ ටිකම තමා. ඔකුන්ට ඔහොම වෙලා මදි. මුන්ගේ ඇත්ත කියන ප්‍රවෘත්ති වල සිරසට ගල් ගහපු එක කිව්වෙම නෑනේ.

    ReplyDelete
  7. සින්දුත් කියයි... ගහත් ගනි.. එත් ඉතින් අපි මොකට කලබල වෙන්නද? අවුරුදු 2500 ඉපැරණි ලංකාව ගැන තව මොන කතාද? ඉන්දියාවෙන් අපු පිට දෙශක්කාර් ශාරුක් කාන්ට බොම්බ ගැහුව රටේ. ඔහොම ගහල මදි.....

    ReplyDelete
  8. බල්ලන් එක්ක ලැග්ගම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා.

    ReplyDelete
  9. What Happend in Grande Finale ? මෙගා ස්ටාර් අවසන් තරඟයේ මොකද වුනේ ? ::::වරණය::வரணய::WARANAYA::::

    ReplyDelete
  10. සහතික ඇත්ත බං මුන් හිතන් ඉන්නෙ අපි තුන් වේලටම තණ කොල කාල පුන්නක්කු ෂොට් එකක් දාල අතල් එකෙ ඉන්නව කියල...

    මම ඔක හරියට පලවෙනි වතාවට ටිකක් බැලුවෙ ඊයෙ තමයි...මට හරිම සංතොෂයි මම මෙච්චර කල් ඕක බලන්න කාලෙ නාස්ති නොකරපු එක ගැන...හේම නලින් ල, ජැක්සන් ල, රොස්මන්ඩ් ල මේකෙන් ඉවත් වුන එක හොදයි... නැත්තං මේ මිනිස්සුන් ගෙ ඇගෙත් මඩ ගැවෙනව..පෝය දවසට පෝ දින වැඩ සටහන් මාසකෙට සැරයක් බලන එක ඇරුනම දැන් ඉතුරු දවස් වල ස්වර්ණවාහිනියෙ බලන්න දෙයක් ඇත්තෙම නැ.

    ReplyDelete
  11. අනේ හොදම වැඩේ අපේ ගොන් රජාලට....අතේ සතේ නෑ...ඒවුනාට දගෙන මැසේජ් කොරනවා එක එකාව තරු කරන්න...රෑ නිදාවරාගෙන මොකද තරුව වෙන්නේ කියලා බලන් ඉන්නවා.බැහැල එළියට බැලුවනම් අහස ඔයිට වඩා ලස්සන තරු බලන්න පුළුහන්....
    හොදම වැඩේ කාලේ නාස්තිකරන් මුදල් වියදම් කරන් තරු තෝරනකම් බලං හිටපු අයට.....දැන්වත් හැදියල්ලා.....

    ReplyDelete
  12. සිරස කරන කරන එක ගෙඩි පිටිං කොපි කරන්න යන මුන්ට ඔහොම වෙලා මදි.

    ReplyDelete
  13. හොද වැඩේ අපිටනම් ඔහොම පඩ වැඩසටහන් තරග පෙන්නම බැ මුන්ගේ News නම් අන්තිමයිබ වල් කමේ ගියපු හැටි කෙටි නාට්‍ය හදලා රස කරලා පෙන්වනවා.

    ReplyDelete
  14. කොහොම උනත් දයාසිරි ජයසේකර මන්ත්‍රිකුමා සැබෑ දක්ෂයා කියල ඕනම කෙනෙකුට තේරෙනවා, ස්වර්ණවාහිනිය මිනිස්සු ටික ලස්සනට අන්දල හොද ගානක් හොයාගත්ත මේ මාධ්‍ය කලාව ජනතාව ප්‍රතික්ෂේප කලයුතුමයි ස්වර්ණවාහිනිය පැහැදිලිවම වන්චාවක් කලා කියල පේනව ස්වර්ණවාහිනිය මේ වන්චාව කලේ ජනතාවටයි මෙකලේ බලුවැඩක් කියන්ඩ බෑ බල්ලන් කවදාවත් මෙචිර පහත් වැඩකරපු බව මා නම් අහල නෑ

    ReplyDelete
  15. අනේ පව්........... ස්වර්ණවාහිනි……

    කොපි කිරීමේ කලාව දන්නේ නැත්නම් සිරසෙන් අහගන්න……

    එදා වේල නොකා SMS කරලා MEADIA පොහොසත් කරන
    ලාංකිකයිනි.... මුන්ට තොපෙ SMS එක නෙවෙයි වටින්නෙ....
    SMS එකෙන්.... උන්ට එන රු5.00 ට………

    කොහොම උනත් සැබෑ දක්ෂයා දයාසිරි ජයසේකර

    ReplyDelete
  16. Agreed.swarnawaahiniya chaater wela giya...motta wadak mega star

    ReplyDelete
  17. මේකේ real mega star මර්වින් සිල්වා ඇමතිතුමාය..තරගෙය් mega star විය දක්ෂතාවය අනුව නම් දයාසිරි ජයසේකර මන්ත්‍රිතුමාය..එහෙත් අහන අහන එකා බනින මේ අජිත් කියන මනුස්සායා කුමක් mega දැයි නොදනිම්.සමහර විට අප නොදැක්ක mega size යමක් මෙම වැඩසටහන නිෂ්පාදනය කරපු බුද්ධිකට අජිත් විසින් පාළු සෑදෑවක පෙන්වා තිබිය හැක ! !

    ReplyDelete
  18. oya okkoma live singing newei. me hamoma kalin studio ekaka record karalaa okkoma adu paadu ahadalaa record karapu song ekak thamai video karaddi pennanne. kattiya karanne kata hollapu eka witarai. adu gaane nikamatawath pennananawada kattiya practice karanawaa wath? naa neda? mega star taraga karuwo daksha wunath mulu show ekedima kare amu boruwak mechara kaalayak. superstar wage dakshayo newei meke inne. mime boru kaarayo. ehew aya dinnat ekai paradunath ekai.

    ReplyDelete
  19. මෙගා....කොහෙද මල්ලි.............තනිකර වසුරු ගොඩක්නේ...............

    ReplyDelete
  20. http://www.youtube.com/watch?v=PS4zX97ckEk

    ReplyDelete
  21. ටීවී බැලිල්ලනම් එපා වෙලා ගොඩක් කල්. හැබැයි ඉඳලා හිටල දකින දේවල් නම් මල් හතයි.

    ReplyDelete
  22. කවදාවත් නොබලපු mega star අන්තිම වටය බැළුවා ...කියන්න කනගාටුයි,,,දේශපාලනයකින් තෙරව දයාසිරි ජයසේකර ඇමති තුමා සැබෑ සුදුස්සා...බලපු එක ගැනත් ලොකු දුකක්.

    ReplyDelete
  23. @රත්ගමයා සහෝ.. ඔයා ඇත්තටම කතා කරන්නේ කතා කල යුතුම දේවල්... දැන් මාධ්‍යට කිසිම හැදියාවක් නෑ තමා.. ඔයාට මතකද ලංකාවම බෝම්බ බීතියෙන් වෙලුන කාලේ.. ඒ කාලේ රිවිර පත්තරයක් ගන්න බෑ ඒක පුරා මස් කෑලි විසිවුන, ලේ ගැලුව ෆොටෝ පිරිලා.. ටීවී එක දාන්න බෑ ඒක ඊට දෙවෙනි නෑ...
    කලූ ගඟට අමිල පුංචි පැටියාව විසි කරපු එක නෙවේ එයා ගඟෙන් බේරගන්න දර්ශනේ ... ඇයි මේ මිනිස්සුන්ට මෙච්චර හිතක් පපුවක් නැද්ද කියලා මට හිතුනා.. ඒක දැකලා අම්මා කෙනෙක් සිහිනැති වෙලා වැටුනා කියලා අන්තිමෙට පත්තරෙත් කෙනෙක් දාලා ඉල්ලීමක් කලා ආයේ එහෙම දේවල් දාන්න එපා කියලා..:(:(:(
    මෙගා ස්ටාර් ගැන නම් මම මුකුත්ම දන්නෑ සහෝ.. අපේ ගෙදර ටීවී එකක් නෑ.. එත් එකෙත් වෙන්න ඇත්තෙ "වාත රඟපෑමක්" වෙන්නැති.. අපේ මිනිස්සු "කවදාවත් හැදෙන්නෑ".. ඒත් කට්ටියක් ඉන්නවා ඒක වෙනස් කරන්න උත්සාහ කරන.. බලමු ..පුළුවන් වෙයිද කියලා..

    ReplyDelete
  24. මමනම් ඔය ස්ටාර් වැඩසටහන දිගටම බලලා නැහැ.අන්තිම එක බැලුවෙත් නැහැ. එස්.එම්.එස් යැවුවෙත් නැහැ.ඔය වලිය ගැන දැනගත්තෙත් උදේ අල්ලපු ගෙදර කඩේට ආපු අය ඒ ගැන කථා වෙනව ඇහිලා.බ්ලොග් වල තිබුණු වීඩියෝ වලින් තමයි සිද්ධිය දැක්කේ.ඔයාගේ බ්ලොග් එකේ තමයි මේ ගැන හොදම විදියට(බුද්ධි ගෝචරව) ලියල තිබුනේ.ඇත්තටම මේව නම් නරි නාටකම තමයි.

    ReplyDelete
  25. දයාසිරි තමයි හැබෑ දක්ෂයා. ඒක මුලු රටම දන්නවා. මේව නිකන් ගොන් පාට්. මිනිස්සු ආසයි රසවිඳනයට. මේ අය එතනින් අල්ලගෙන මිනිස්සුන්ව අන්දනවා. මර්වින් ඕකට ගෙන්න ගන්නෙම මිනිස්සුන්ට ආතල් දෙන්න.නැතුව කලාවට වත් කලාකරුවන්ටවත් සේවයක් වෙන්න නෙමෙයි.

    ReplyDelete
  26. අඩේ පට්ට මචන්...මන් එහෙන් මෙහෙන් කතාව දැනගත්තට හරියට ස්ටෝරිය දැනන් හිරියෙ නෑ

    ReplyDelete
  27. Hu hu hu.... Bola balala Bolama baninava.... Honda vade... !kane Oya gon part vlata api Set vennaththe.... he he he.......

    ReplyDelete
  28. අපරාදේ කියන්න බැහැ මෙගා ස්ටාර් බලන්න මම කාලය නාස්ති කලේ නැහැ. අපේ පැත්තේ පන්සලක කඨින පෙරහැරේ ප්‍රථමාධාර සේවා කටයුතු වගයක් කරන්න වෙලා මම ඒකට ගියා.

    උදේ තමා දැනගත්තේ මේ කතා ටික. කොහොම නමුත් දයාසිරි ජයසේකර මෙගා ස්ටාර් වෙන්න ඕනේ කියලා තමා මගේ හැඟීම. අතරින් පතර මෙගා ස්ටාර් බලද්දී වගේම මම දන්න කියන හුඟාක් අයගේ අදහස වුණ්ත් ඒක.

    ඒත් මොනවා වුනාද මන්දා ?

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)