Wednesday 13 October 2010

යුතුකම කල මoජු මාර්කට් වීම.............

මංජු  එය කලේය...දැන් මංජු  මාකට් විය යුතුය....මීඩියා මංජු  එලව එලවා හොයයි...තරග වදින්නට පෙර මංජු  ගැන අසා හෝ සොයා නොතිබූ සමහරු දැන් මoජුගේ ගුණ ගයයි...සිනා සෙයි...මoජු ඉපදුනු හැටි කියයි..මoජුගේ දෙමාපියන් කව්දැයි සොයයි...පදක්කම ගනන සොයයි...
රත්ගමයා මේ මොහොතේ මේ ලිපිය ලියන්නට අදහස් කලේ එක් සිදු වීමක් නිසාය...
මෙයට සුලු මොහොතකට කලින් මුහුණු පොතේ සැරිසැරුවෙමි.මුහුණු පොත පුරාම මoජු  ..සුබ පැතුම්ය....එල යැයි කීම් ය...මන්ජු තරග වදිනවා ඔය සුබ පතනා කී දෙනෙක් නැරඹුවා දැයි නොදනිමි...තරග වැදීමට පෙර රත්ගමයා " ගහපන් මඔජු...අපි බලන් ඉන්නවා...රන් පදක්කම ගෙනෙන්.....උඹට පුලුවන්....." කියා ස්ටේටස් දැමුවෙමි..එයට පසු තරගයේ විස්තරද ඇතුලත් කලෙමි...චැට් එකෙ සිටිනා බොහෝ දෙනෙකුට දැනුම් දුන්නෙමි..ඒ අතර රත්ගමයාගේ එක් මිතුරෙක් මoජු යනු බොක්සින් ක්‍රීඩකයා දැයි ඇසුවෙ තරගය ගැන පෙර කිසිම දැනීමක් නොමැතිවය..කොටින්ම ඔහු මoජු අවසාන තරගය දක්වා පැමිනි බවක් වත් දැන සිටියේ නැත.තරගය අවසන් වූ පසු මoජු රන් පදක්කම දිනූ බව ඔහුට පැවසූ විට පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේය...එල යැයි කීවේය..මීට සුලු මොහොතකට පෙර මoජු ගේ ඡායාරූපයක් ගෙන එය ඔබගේ profile pic එක ලෙස යොදා ගන්නා ලෙස හැම දෙනාටම දැනු දීගෙන යයි..මoජු දැන් හොදට විකිනේ....මන්ජු ගැන මෙසේ බ්ලොග් අඩවියේ ලිවීමද මoජුව මාකර්ට් කිරීමක් නෙවේ දැයි කෙනෙකුට
සිතෙන්නට පුලුවන..එය ඔහුගේ කැමැත්තය..
තරගයෙන් අනතුරුව එක්තරා නාලිකාවක මoජුගේ ජයග්‍රහනය ගැන උදම් අනනවා වෙනුවට මoජුට අතිගරු ජනාධිපති තුමා සුබ පැතූ බව කියාගෙන යයි..දිගටම කීවේ එයමය..මoජු ගෙන් තරගය හැන අසනවා වෙනුවට ජනාධිපති තුමා සුබ පැතුව එක ගැන මොනවා හිතෙනවා දැයි අසයි..මoජු සතුටු කදුලු වගුරවමින් කියන්නෙ එය ගොඩක් සතුටු බවයි..
මoජු ලoකාවට එන තෙක් දේශපාලුවන් දත මැදගෙන සිටිනු ඇත..මoජුට අයිතිකාරයන් අනන්තවත් ඉදිනු ඇත..රත්ගමයා ගේ අදහසට අනුව මoජුගේ ජයග්‍රහනයෙන් වැඩි කොටසක් ඩයන් ගෝමස් මහතාට හිමි විය යුතුය මීට පෙර මoජු පැරදුනු අවස්තා රැසක් තිබුනත් එතුමා මoජුව අත හැරියේ නැත...මoජුට අවශය අනුග්‍රහය ලබා දුන්නෙය..එය ඔහුට මහා ශක්තියක් වූවා නිසැකය..මේ ශක්තිය චින්තනට තිබුනා නම් ඔහු රන් පදක්කම දිනනු නිසැකය...තව දවස් කීපයකින් මoජු අමතක වනු ඇත.දැන් මොර දෙන මීඩියා කාරයොනුත් වෙන වෙන වැඩ වල යෙදෙනු ඇත....මෙය ලoකාවය....ලනoකාවේ ක්‍රීඩාව තිත්තය....
මoජු...ඔබ දිනා අවසන්ය...දැන් තිබෙන සටන බොක්සින් ගහනවාට වඩා අමාරුය...දේශපාලුවන් ගෙන්, බේරී සිටින්න....
ඔබට ජය
(ලිපියේ අඩුපාඩු ඇතිනම් සමාවන්න..කලබලයෙන් ලීවෙමි)

19 comments:

  1. මංජු මාර්කට් වී අවසාණය...මේ අපේ ශ්‍රී ලාංකාවයි...

    ReplyDelete
  2. මෙක තමයි අද අපෙ රටෙ තත්වෙ........... කොහොම උනත් මංජු ඔබට සුභ පැතුම්....

    ReplyDelete
  3. ඔබේ සිංහල ටයිප් කිරීමේ ගැටලුවක් තියෙනවා. ම0ජු නිවැරදිව ටයිප් කරොත් තමයි යුනිකෝඩි වල ව‍ටිනාකම තියෙන්නේ.
    ම0ජු නෙමෙයි මංජු (ං ටයිප් කරන්නේ x අකුරෙන්)

    ReplyDelete
  4. මේ කතාවනම් 100% ඇත්තයි.. මමත් මූණුපොතේ මංජුට සුබපතලා ස්ටේටස් එකක් දැම්මේ දිණුවට පස්සේ..

    ඒ වගේම කොයි තරම් මතක ති‍යාගෙන හිටියත් බලන්න මතක් වුනේ මූණුපොතේ අක්කා කෙනෙක් කිවුවට පස්සේ.. බාගයයි බැලුවේ.. :(

    අනුරුද්ධ රත්නායක ඔලිම්පික් යන්න සුදුසුකම් ලැබුවාම කොයි තරම් අය ඔහු වෙනුවෙන් කතා කලත් බලාපොරොත්තු වුණු ජය නොලැබුණු නිසා ද මන්දා දැන් ඔහු ගැන කතාවක්වත් නෑ. උන්නද මලාද කියලා අපේ ලොක්කා වගේම අනිත් මිනිස්සු දන්නවාද මන්දා. මංජුගේ මේ ජයග්‍රහණය ඔහු ලංකාවට එනකම් කියවයි. ආවාට පස්සේ සතියක් දෙකක්.. වැඩිම වුනොත් මාසයක් කියයි. ඊට පස්සේ අනුරුද්ධට වුන දේම නොවෙයි කියලා හිතන්නේ කොහොමද? මේ දෙන්නාවම ආයෙත් මතක් වෙන්නේ මේ වගේ තරගාවලියක් තියෙන කාලෙක තමා.

    අනිත් කාරණාව.. අනුරුද්ධ ඔලිම්පික් යෑම වගේම මංජුගේ මේ ජයග්‍රහණයෙත් ගෞරවය වෙන මොකාට ලැබෙන්නත් කලියෙන් උඹ කිව්වත් වගේ ලැබෙන්න ඕනි ඩයන් ගෝමස් මහතාට. ඒ වගේම, ලංකාවේ බොක්සිං ක්‍රීඩාව පැවතීමේ ගෞරවයෙනුත් වැඩි කොටසක් ඩයන් ගෝමස් මහතාට ලැබිය යුතුමයි.

    කොහොම වුනත් මංජු වන්නිආරච්චිට සුබපැතුම්!

    ReplyDelete
  5. @කණියා..දැනට භාවිතා කරන්නෙ ඔන් ලයින් පරිවර්තකය.මේක තාවකාලික පරිඝනකයක්.ඒකේ o නෑ..ඒක නිසා තමා එහෙම වෙන්නේ...ඔන් ලිනෙ පරිවර්තකයේ නෑ....ස්තූති...දැනුවත්ව කරන වැරද්දක් ඒක

    ReplyDelete
  6. @ ළමයා

    අනුරුද්ධ රත්නායක බොක්සින් ක්‍රීඩාවෙන් සමුගත්තා.

    ReplyDelete
  7. UCSC Online පරිවර්තකයේ බින්දුව ලියන්නෙ \n වලින් . හැබැයි ඒක වෙන අකුරකට පස්සෙ එංන ඕනෙ

    ReplyDelete
  8. මම ඒක දන්නවා චානක සහෝ.. නොදැන නෙවේ කීවේ.. අපේ අහලපහල ඉන්නේ. ඒ වුනාට ඇත්ත මේකනේ.

    ReplyDelete
  9. @චානක...බොහොම ස්තූති සහෝ....ලොකුම ලොකු උදව්වක්...අයේ ඒ වැරැද්ද වෙන්නෙ නෑ දැන් මංජු ලියන්න පුලුවන්...එල

    ReplyDelete
  10. මංජුට දේශපාලුවන්ගෙන් බේරී බොක්සින් ගහන්නට ලැබේවා!!

    ReplyDelete
  11. "මංජුට දේශපාලුවන්ගෙන් බේරී බොක්සින් ගහන්නට ලැබේවා!"
    මේක තමයි හොඳම එක . .
    මොනා වුනත් මගේත් සුභ පැතුම් ඔහුට පිරිනමන්න

    ReplyDelete
  12. හැමදේටම කලින් රත්ගමයා මම ලියපු සටහනට එල්ලන්ට හිටපු නැට්ටෙ ලියන්ට හිටපු දේ උඹ ඊටත් දහස් ගුණයකට වඩා හොඳට ලියල තියෙන එකට තුති... මීට මාස අටකට කලින් මංජු කොමන්වෙල්ත් බොක්සිං රිදී පදක්කම දිනල ලංකාවට ආවම ලංකාවේ කවුරුත් දන්නේ නෑ එහෙම එකක් වුනාදවත් කියලා... සිරාවටම මට බයක් දැනෙනවා මචං මේ හදන රැල්ලත් එක්ක මංජු බුල කෙලින්ට ගනියිද කියලා... මම දන්න මංජුවානම් එහෙම අන්දන්න පුලුවන් එකෙක් නෙවෙයි...ඉස්කෝලෙන් එකටම එලියට බැහැපු වලිසුන්දර අයියලා එංගලන්තේ ප්‍රොෆෙසනල් ගහන්ට යද්දි හැලුන් නැති එකා මං හිතන්නේ නෑ මේ රැල්ලට මාට්ටු වෙයි කියලා...ඒත් අපේ මිනිස්සු කාව හරි උඩටම උස්සලා තියලා වලකුත් කපලම අත අරින ජාතියේ උදවියනේ... මම දැක්කා කොහේ හරි තැනක ලියල තියෙනවා අනුරුද්ධට බැනලා මංජුව උස්සලා තියලා... අනුරුද්ධත් අනුරුද්ධගේ උවමනාවෙන් ඉස්සුනා නෙවෙයි...
    ආ... හැමෝම මංජුව ගැන කියද්දි අමතක වෙන එක්කෙනෙක් මංජු දිනද්දිත් එතැනම හිටියා... ඒ තමයි ඩෑන් එක්ක හිටපු අනිත් එකා... හර්ෂ අයියා... එයා තමයි මංජුගේ ඉස්කෝලෙදිත් බොක්සිං කැප්ටන්.... හර්ෂ අයියත් අමතක වෙන්ට නොදී මතක් කරන එක හොඳයි කියලා හිතුවා...

    ReplyDelete
  13. මොනවා කරන්නද මේක ලංකාවලු නේ... රත්ගමයෝ ඔයානම් නියම පොරක්... මොනව නැතත් මේවා ගැන කතා කරන එකනම් ලොකු දෙයක්... කොටින්ම මටත් අද මම ගැන ලැජ්ජයි... මං මගේ ජීවිතේ ලබපු අත්දැකීම් ඒකට හේතුවක් වුනා කියනනේ නිදහසට කාරනයක් විදිහටනම් නෙවේ.... මමත් මංජු වන්නිආරච්චිට සහොදරයාට මගේ මුළු හදවතින්ම සුබපැතුම් එකතු කරනවා....

    ReplyDelete
  14. ඔයා ලියන දේ හැමදාමත් හිතට වදිනවා අයියා..මට නම් ගොඩක් වැදුනා,මොකද මමත් මංජු තරඟ වදින්න කලින් ඒ ගැන හිතුවෙම නෑ..යාළුවෙක් මුහුනු පොතේ දැම්ම දිරි ගැන්වීමකට එකතු වුනා විතරයි.මොකද අපේ ගෙදර TV ගලවලා...ළඟදිම යථා තත්වෙට පත්වෙයි....
    ඔයා කිවුව හැමදේම ඇත්ත..මම දේශපාලනේ ගැන කතා කරන්න කැමතිම නෑ..හැමදාම වෙන්නෙ එකමදේ..මංජු අයියටත් වෙන්නෙ ඔයදේම තමා..

    ReplyDelete
  15. ශ්‍රී ලාංකිකයන්ගෙ ක්‍රීඩාවට තියන උනන්දුවනම් බොහොම මදි.ක්‍රිකට්වලට පුදුමාකාර උනන්දුවක් තියයන කීයෙන් කීදෙනාද ඒකෙ නීති රීතිවත් හරියට දන්නෙ..?

    නීති රීති නොදැන බලන ක්‍රීඩාව විඳගන්නෙ කෙසේද..?

    පෙර පරම්පරාව විසින් වර්තමාන පරම්පරාව ක්‍රීඩාවට නිසිඅයුරින් යොමු නොකිරීම තමයි ක්‍රීඩාවට ඇති උනන්දුව අඩුවීමට හේතුව කියල සිරිබියට නම් හිතෙන්නෙ.

    අපෙන් බිහිවන පරම්පරාවවත් එලෙස නිසිමගට යොමුකිරීමට අපිවගබලාගතයුතු නොවෙමුද..?.

    කෙසේ උවද එය තියුනු සටනකි, ....ලකුනු පමනක් නොවේ මංජු.....ඔබ ඔහුට රිදවූ නිසයි ඔබට කිරුල හිමි උනේ...ඔබට ජය.........!

    ReplyDelete
  16. @sithuwilimaniya @දුකා එහෙම හිතමු සහෝ......

    @පුතා..ඇත්ත කතාව පුතා....අනුරුද්ද දිනනකොට මංජු චා....මංජු දිනනකොට අනුරුද්දට බොක්සින් එපා වෙන්න වැඩ කරා....කොල්ලොන්ගෙ හයියට තමා බන් සෙල්ලම් කරන්නෙ

    @පොඩ්ඩා මල්ලී හැමෝගෙම සුබ පැතුම් දෙමු පොඩ්ඩෝ......

    ReplyDelete
  17. @ප්‍රාර්ථනා මං..ගොඩක් ස්තූති ඔයාට....ඔයාලගේ අදහස් නිසා තමා එක දිගට ලියන්නෙ...දන්නවා කියවනවා කියලා..ගොඩක් ස්තූති දිරිගැන්වීමට.....සුබ පතමු මංජුට

    @සිරිබිය ක්‍රිකට් වලට දෙන පහසුකම් චින්තනලට මංජුලට අනිත් ක්‍රීඩා වල කොල්ලො කෙල්ලොන්ට දුන්න නම් අද පදක්කම් වැහි වහීවි.......

    ReplyDelete
  18. ජයග්‍රහණයට පියවරුන් රැසක් සිටින අතර පරාජය අවජාතක දරුවෙකි

    ReplyDelete
  19. සුගීත්18 October 2010 at 13:32

    මම දන්න විදියටනම් අනුරුද්ද බොක්සිං ක්‍රීඩාවෙන් සමුගත්තෙ බොක්සිං එපා වී හෝ එපා කරපු නිසා නෙවේ.වයසේ ප්‍රශ්නයක් නිසා...

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)