Monday 25 October 2010

මෙහෙම ගෙවුනා ජීවිතේ...............................

ජීවිතේ සුන්දර දවස් ගොඩක් මතකේ තියෙනවා..
පොඩි කාලේ ඉදලම ආසාවෙන් ඉදියෙ ඉන්ජිනේරුවෙක් වෙන්න..මට මතකයි ආච්චි අම්ම මගේ 5 වෙනි උපන් දිනේට ගෙනාව කාර් එක..ඒක හොදට තිබුනේ එක දවසයි..ඊලග දවසේ කාර් එකේ කෑලි තැන් තැන් වල...කඩලා නම් නෙමේ..ගලවලා..ආයෙ හදලා...සමහර කෑලි අඩුයි...
ඒත් ආච්චි අම්මා නෙමේ බැන්නෙ...හිනා වෙවී බලන් ඉදල කිව්වේ මගෙ ලොකු මුණුබුරා කවද හරි ඉන්ජිනේරුවෙක් වෙනව කියලා...තේරුම දන්නෙ නැති උනත් පොඩි කාලෙ දි කවුරුහරි ඇහුවොත් පුතේ ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියල මගේ උත්තරෙ උනේ ඉන්ජිනේරුවෙක් කියන එක..
ඉන්ජිනේරුවෙක් වෙන්න ඉදියට මොකද කවදාවත් පාඩම් කරන්න නම් අසාවක් තිබුනෙ නෑ..පාඩම් කරෙත් නෑ..ශිෂ්‍යත්ව විභාගේ කවුරුත් බලාපොරොත්තු උනාට වඩා ඉහලින් සමත් වෙන්න පුලුවන්කම ලැබුනා..අදත් මතකයි මුලු ඉස්කෝලෙම ලමයි පිට්ටනිය ලග තියෙන බුදුපිලිමෙ ලගට ගෙනල්ලා දමුල්ල මිස් ගත්තු ලකුනු ගනන කිව්ව හැටි..ගෙදර ගියේ මහා ගොඩක් සතුටින්..අම්මාගෙයි,තාත්තගෙයි බලාපොරොත්තු මහා ඉහලින් ඉෂ්ඨ කරා කියන සතුට මගේ හිතේ තිබුනා...ගෙදර ගියාම අම්මා මල්ලිලා දෙන්නට කිව්වේ "දැන් ඉතින් මට ඔය දෙන්නා ගැන බය වෙන්න දෙයක් නෑ..ලොකු අයියා ගියපු පාරෙම යන්න..දැක්ක නේ ලොකු අයියා.."
අම්මා එදා කියපු විදිහටම ලොකු අයියා ගියපු පාරෙම මල්ලිලා දෙන්නත් ගියා..ලොකු අයියාට වඩා හොදට පොඩි මල්ලී..පොඩි මල්ලිට වඩා හොදට චූටි මල්ලි විභාගෙ සමත් උනා..
           ඒ දෙන්නට ඉහලින් සමත් වෙන්න පුලුවන් වෙන්න හයිය දුන්න ලොකු අයියා තමයි මම..
කාලේ ටිකෙන් ටික ගෙවිලා ගියා..ඉගෙන ගන්න උනන්දුව අඩු උනා..පාඩම් කරනව කියන වචනේ පිලිකුල්ම උනා...වාර විභාග කීයක් නම් ලිව්වද...ඒ එකකට වත් අඩුම ගානේ එක රැයක් නිදි මැරුවෙ නෑ..එක්කො යාලුවො එක්ක රවුම් ගහනවා..සෙල්ලම් කරනවා..ටී.වී බලනවා...ඔය වගේ දේවල් තමා කරේ...එන්න එන්නම තත්වේ ගොඩක් දරුනු උනා...අපේ ඉස්කෝලේ තමා ගාල්ලේ තියෙන ප්‍රසිද්ධම පාසල.වාර විභාග වල මුල් 10 දෙනා අතරෙ ඉදපු මම ටික ටික පසු බැස්සා...
ඒක හොදටම තේරුනත් පාඩම් කරනව කියන එක එපා වෙල තිබුනේ..කොහොමද දෙයියනේ පොතක අකුරු දිහා බලාගෙන පැය ගානක් ඉන්නේ...

ඒත් අන්තිමට කාටවත් වරදක් කියන්න බැරි වෙන විදිහට..උසස් පෙළට ගණිතය ඉගෙන ගන්න පුලුවන් විදිහට සමත් උනා..උසස් පෙල ජීවිතේ තමයි මෙච්චර කාලෙකට මගේ ජීවිතේ තිබුන වටිනාම,ලස්සනම අවුරුදු 2ක්...මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා..(පාඩම් වැඩ ඇර )
ගණිතය,භෞතික විද්‍යව විශයන් දෙකට පන වගේ ආදරේ කරේ...ඒත් හත් ඉල්ව්වෙ කව්ද එකෙක් රසායන විද්‍යාව කියල විශයකුත් දාලානේ තිබුනේ උසස් පෙලට..ඒකෙන් උනේ අනිත් විශයන් දෙකත් එපා උන එක...
පල වෙනි පාරට උසස් පෙල්ට වාඩි උනෙ 2009 අවුරුද්දේ..ඇත්තටම මම විභාගෙට ගියපු විදිහට වාඩි උනා කියන වචනේ තමයි හරියන්නේ...මට කිසිම බයක් තිබුනේ නෑ විභගෙ ගැන..මොකද හොදටම වැඩ පුලුවන් එකයි,කිසිම වැඩක් බැරි එකයි විභාගයක් ආවට බය නෑ නේ..මම නම් අයිති උනේ කිසිම වැඩක් බැරි එකෙකුගේ ගොඩට...
කොහොම හරි ලිව්වා...අන්තිම දවසේ රසායන විද්‍යව ප්‍රශ්න පත්තරේට ලියන්න කිසිම දෙයක් දන්නෙ නෑ..කරන්නම දෙයක් නැති නිසා දීපු කටු වැඩ කොල වල කවි ලිව්වා..කොහොම හරි පැය දෙකක් ඇතූලත කවි 5කට වැඩිය ලිව්වා..ඒවා තාමත් මගේ කවි එකතුවේ තියෙනවා..දැන් නම් බලනකොටත් හිනා යනවා..
                                       ප්‍රතිඵල ආවම කවුරුත් පුදුම උනා...වෙන්න කොහෙත්ම බැරි දෙයක් වෙලා තිබුනේ..හැමදාම පන්ති කට් කරපු (පලමු වර උසස් පෙල ලියන විට අවසාන අවුරුදු එකහමාර තුල රසායන විද්‍යාව පන්තිය පැත්ත පලාතේ ගියේ නෑ )මම පාස් වෙලා...කොහොම උනාද දන්නෙ නෑ..C 2, S 1 ඕක තමයි ප්‍රතිඵලේ..
හිතට මාර ගැම්මක් ආවේ..එතකොටත් මම ආපහු REVISION යනවා..මේ පාර නම් දෙනවා නැති වෙන්න කියල හිතුවා..මාසයක් විතර කාගෙන වැඩ කරා..ආයේ අර පරන පුරුද්ද ආවා..උදේ පාන්දරම පන්ති යනවා..කඩේකින් රු 25 ට මොනව හරි කනවා..පන්තියට ගිහින් සර් කියන මොකක් හරි දේකට හයියෙන්,හැමෝටම ඇහෙන්න මොනවා හරි කියලා ඇඩ් එකක් දානවා..උදේ එන්නේ පරක්කු වෙලා..කොල්ලෝ 'සූ' පාර දානව එනකොට..ඉන්ටවල් එකේ දිත් පරක්කු වෙලා එනවා..ආයේමත් අර 'සූ' පාර එනවා..ඇඩ් පාරක් දාල ගිහින් ඉස්සරහම හරියෙන් වාඩි වෙනවා..කම්මැලි නම් නිදා ගන්නවා...පන්තිය ඇරුනම කෙල්ලො ටික යනකල් ඉදලා එලියට එනවා..හොද ලස්සන කෙල්ලෙක් දැක්කොත් කට කැඩිච්ච කතාවක් කියනවා..ගෙදර ඇවිල්ලා කාලා නිදා ගන්නවා..ඊට පස්සේ දවසේ ආයෙ පන්ති යනවා...ඔය ටික තමා දිගටම උනේ..පන්ති එන කෙල්ලොන්ට නම් රත්ගමයව එපා වෙලා තිබුනේ....(උන්ට එපා උනාට මට මොකෝ නේ...)
      සර්ටත් පන්තියෙ කෑ ගහන එකා හොයා ගන්න බැරුව ඉදියේ..අන්තිම දවස් වෙනකොට නම් හොයා ගත්තා කෑ ගහන්නෙ මෙන්න මූ කියල..එදා ඉදලා මොකෙක් හරි වෙන උලමෙක් කෑ ගැහුවත් ඇගිල්ල දික් කරල බනින්නෙ මට...කොහොමද කෙල්ලො 800ක් 1000ක් ඉස්සරහ කුනු කතා අහනකොට.විලි ලැජ්ජාව පණ පිටින් වලලනවා වගෙ නේ...පන්තිය ඉවර වෙන අන්තිම දවසේ සර් රත්ගමයට කිව්වේ මෙන්න මෙහෙම..
"උඹ කෑ ගැහුවනේ මෙච්චර දවස්..අදින් පස්සේ එහෙම බෑ නේ කොල්ලෝ..මම කවද හරි ප්‍රාර්ථනා කරනවා උඹ සර් වෙලා මම පන්තියෙ කොල්ලෙක් වෙන්න කියල..එදාට මම කෑ ගහනවා උඹට මල පනින්න"

                   ඒ තමා භෞතික විද්‍යාව උගන්නපු සුනිල් මෙන්ඩිස් සර්....මුල් පාර එපා වෙලා තිබුන රසායන විද්‍යාවට ආසාව ඇති කරේ ශ්‍රී පතිරණ සර්..දැන් නම් සර් ගේ වයස අවුරුදු 70ත් පැනලා..ඒත් එලට උගන්නනවා... ශුද්ද ගණිතයට විතරයි පන්ති ගියේ..නිහාල් සර් ලගට..ඒකත් ගියේ ඉදල හිටල තමා..
විභාගෙට මාස 3 කට විතර කලින් පුංචි සිද්ධියක් උනා.....ඒකෙන් මානසිකව ගොඩක් වැටුනා...ඒත් ඒකම හයියක් කරගෙන පාඩම් කරා..අර තිබුනු උනන්දුව ආයේ ආවා..මුල් පාර විභාගෙට මහන්සි උනේ 1%ක් නම් මේ පාර 70%ක් විතර මහන්සි උනා...දැන් නම් බයත් හිතෙනවා..ප්‍රතිඵල ලගදිම ඒවි...
                           ඉන්ජිනේරුවෙක් වෙලා ආච්චි අම්මාගේ හීනෙ හැබෑ කරන්න නම් බැරි වෙයි.ආච්චි අම්මෙ ලොකු මුණුපුරාට සමාවෙන්න..මට බැරි උනාට මල්ලිලා දෙන්නා ඒක කරාවි....
                   ඒත් විශ්ව විද්‍යාලෙකට යන්න පුලුවන් උනොත් මට ඒ ඇති....
බලන් ඉන්නේ.....මොනව හරි හොද දෙයක් වේවි..ප්‍රතිඵල ආවට පස්සේ ඔයාලටත් කියන්නම්.....එදාට හිනා වෙලා බ්ලොග් එක ලියන්න පුලුවන් වේවිද..අඩ අඩ ලියන්න වේවිද කියල නම් දන්නෙ නෑ..................


29 comments:

  1. පහසුවෙන්ම විශ්ව විද්‍යාලයකට යන්න පුළුවන් වෙන්න කියල සුභ පතනව, මොනව නැතත් පොඩ්ඩක් ඉගෙන ගන්න. කියමනකුත් තියෙනව නෙ "උගත මනා ශිල්පය මයි මතු රැකෙනා" කියල.

    ReplyDelete
  2. hitha hayiyya karaganin... umba goda gihilla thiyewi... baya wenna epa..

    ReplyDelete
  3. රත්ගමයා මලේ, බොහොම සංවේදී ලියමනක්. උඹට උඹ ගැන විශ්වාසයක් තියෙනවානම් එච්චරයි. උඹ හිතනවානම් උඹ ගොඩ ගිහිල්ල ඇති කියලා, ඒක ගැන ආයේ සැකයක් ඇති කරගන්න ඕනෙ වෙන්නෙ නැහැ ඕං.

    විභාගේ කියන්නෙත් ආයේ හැම දේම නෙමෙයි. දෛවයේ දොරවල් ගොඩක් තියෙනවා. උඹේ දෛවයේ හැටියට හරියටම සෙට් වෙන දොර උඹට ඇරෙනවා. ඔඹට ජයවේවා කියලා පතන්නම් !

    ReplyDelete
  4. මුල් සෑරේ exam කරනවට කරා. ඒත් 2නි සෑරේ බොක්කෙන්ම කරල කොහොම හරි කෑම්පස් ගියා. ඒක තමයි ගොඩක් කොල්ලන්ගෙ කතාව. උබට ජයවේවා කියලා මාත් පතනව.

    (මම නම් රසායන විද්‍යාවට ගොඩ ගියේ බද්දෙගෙ ගිහින්)

    ReplyDelete
  5. sri pathirana sir ge clss eke tikkata kalin awith kello balana usa kalu kolla.. hikiz.. mama nan dakka gaman hithuwe mu nan maha apathaywk wenna athi.. gedariin elawapu nisa mehema awith innawa athi kiyala..

    fb eke aduna gaththata passei pitin dakapu de waradi kiyala hithune.

    muge bana katha walata kattiya rawatenna epa.. me moratu kaallak... :P :P rathgamayo, loke kohe hitiyath ane bola me mawa nan amathaka karanna epa hode.. hikiz..

    mage sudu aiyata jaya weewa!! ( thuk witharak muge sudu..)

    ReplyDelete
  6. @har බොහොම ස්තූති...බලමු මොකද වෙන්නෙ කියලා.....උගත මනා ශිල්පය තමා මතු රැකෙන්නෙ.......

    @ දුමී..."විභාගේ කියන්නෙත් ආයේ හැම දේම නෙමෙයි". ඕකට තමා මම වැඩියෙන්ම ආස අයියාගේ කොමෙන්ට් එකේ...........

    @L200 අපොයි අයියා .... බද්දෙගෙ ගිහින් තමා මට කෙල උනේ................

    ReplyDelete
  7. @නංගා...හික්...මම හිතුවේ නෑ නේ ඒ දවස් වල ඉදල මගෙ ගැන ඇහැ දාගෙන ඉදිය කියල..ඔන්න දැන් ඔක්කොම මාට්ටුයි...මම ඉස්සි ඉස්සි බැලුවෙ කෙල්ලො නෙමේ බොලේ...(වැඩේමයි මේකි දිහා බලන්න..)
    කොයි මොරටු...අපේ මාමල නම් ඉන්නෙ මොරටුවේ..පිස්සුය බොලේ.....එච්චර දුර යන්නෙ නෑ...මේ මගේ රට..මම මේක දාල යන්නෙ නෑ ඕයි...ලෝකෙ කොහේ හරි උඹට ඕන නම් පල...මම ඉන්නෙ රත්ගමම තමා..( කසාදයක් බැද ගත් පසු ලැබෙන දෑවැද්ද අනුව පදිංචිය ලංකාව ඇතුලත කොහේ හෝ විය හැක )
    මගේ සුදු නංගට ජය වේවා..
    ගස් ගෙම්බි..උලමි...නාකිච්චි...මෝඩි.....
    (දිස් ලාස්ට් සෙන්ටෙන්ස් ඉස් ඉන්විසිබල් ෆෝ නිරහංකාරී)

    ReplyDelete
  8. වැඩ කරානම් උඹට මෙදා පාර වැඩ කරානම් ඒ විදිහටම ප්‍රතිඵලත් ලැබෙයි... අනිවාර්යෙන් ඉහලින්ම ගොඩයන්ට කියලා ප්‍රාථනා කරනවා... උඹ වගෙ හිතන එවුන් තමයි කැම්පස් වලින් එලියට බහින්ට ඕන... ලෝකේ ගැන පොතින් නැතුව ඔළුවෙන් දකින එවුන්...
    ලැබුනේ නැත්නම් තව පාරක් තියෙනවනෙ... ඒක හරියටම කරපන්... හැම බුලක්ම අමතක කරලා...
    ඕ ලෙවල් වලට මම වැඩ කරෙ සති දෙකයි... ඩී හතකුයි සී එකකුයි තිබ්බා... ඒ ලෙවලුත් ඒ වගෙම දෙන්නම් කියල හිතන් හිටියා... පේපර් එක දැක්කම කෑ ගැහුනා... කොහොම හරි එස් තුනක් ඇවිල්ලා තිබුනා... දෙවනි පාර වැඩ කරා.. ඒත් වැඩිපුරම කරෙ මල් පහන් පත්තු කරන එකයි... කෑලි පස්සේ යන එකයි... කොහොම හරි ගිය පාරට වඩා වැඩ කරා... පියෝ එක දුන්නා ලෙසටම... දෙවනි දවසෙ ඇප්ලයිඩ් එක දැක්කම ඇත්තටම ඇඬුනා... ලෝකෙම ඔළුව උඩට වැටුනා වගෙ දැනුනා... කොහොම හරි අන්තිමට සී දෙකයි එස් එකයි තිබුනා... තුන්වෙනි පාරක් කරන්ට හිත හදාගන්ට බැරිවුනා... දැන් ඒ කෙලපු පිස්සුවලට ඩබල් එකේ රිටන් එක එනවා... අවුරුදු නවයකට පස්සේ දැනුත් හිටපු ගමන් විභාගේ ලියනවා හීනෙන් පේනවා... බයිලා වගෙ එකක් නම් අමතක කරලා දාපන්... ඒත් උඹ ලියල තියෙන දේ දැක්කම දුකක් හිතුනා... විශ්වාසයි උඹට අඬන්ට වෙන්නේ නෑ... කරුමෙට හරි ඇනුනොත් ආයෙත් කරපන්... උඹට ගේම ගහන්ට පුලුවන්...

    ReplyDelete
  9. රත්ගම සහෝ.. ඔයා දන්නවාද අද ඔයා ටිකක් ඔයාගෙ හිත නිදහස් කරගෙන... ඔයා කොහොම කිව්වත් (ඔළුවෙන් හිටගෙන නෑ..නෑ.. මම එහෙම නෑ )කිවුවත් ඔයත් ගොඩක් සංවේදි ළමයෙක්,.. ඒත් ඒදේ අනික් අයට නොඅඟවන.. (සංවේදි කම දුර්වලකමක් වෙන්නේ අනෙක් අයට ඇඟවෙනකොට..ඔයාඑහෙම න යාළූ). ඔයා දන්නවානේ මම ත් ඉන්නේ ඔය බෝට්ටුවේමයි..(ඇයි අනේ වටපිට බලන්නේ.. ඔච්චර පේන්නැද්ද..?).. ප්‍රතිඵල ආපු දාට වෙනදේ පස්සෙ හිතමු ‍යාළු... මැරෙනක්ං ජීවත් වෙනවා වගෙ හිතන්න බෑනේ..ඒකයි..."මම නම් ප්‍රා‍ර්ථනා කරන්නේම හැමෝටම සතුටම එන්න කියලා"මම ඒ දේ පතන්නේ මුළු හදින්ම සහෝ.. ඉතින් ඔයාට ජය..! අද මම බ්ලොග් එකේ යම් තැනක ඉන්නවාද... කවදාහරි ලෝකෙ යම් තැනක මම ඉන්නවාද. කාලෙකට කලින් මගේ හිත හදපු යාළුවෝ කීපදෙනා මට මතක් වෙයි .. ඒ නිසා මට ඔයා ගැනත් තියෙන්නේ ලොකු ගෞරවයක්.. හැමදේම හොඳින් සිද්ධවෙයි යාලු..

    ReplyDelete
  10. රත්ගමයෝ සේම් හියර්.. හැබැයි විශයන් තමා වෙනස්.. උඹ බය නැතිව හිටපන්.. හැමදේම හොදින් ඇති.. තව ටික දවසකින් අපි දෙන්නම කෑ ගහලා අපේ ප්‍රථිපල කියමු සයිබරයටම.. සුබ පැතුම් කොල්ලෝ අනාගතයට..

    ReplyDelete
  11. @ Anonymous... ඔව් අයියා..නෑ...මම හිතනවා මේ පාර මොකක් හරි වෙලා ඇති කියලා....බලන් ඉන්නෙ..ප්‍රතිඵල හරි නෑ කියල මගේ ජීවිතේ ඉවර නෑනේ..ට්ව ජීවත් වෙනවා...

    @ප්‍රාර්ථනා...මම ඔලුවෙන් හිට ගෙන කියන්නෙ..මම සංවේදීද දන්නෙ නෑ අනේ..මගේ බෝට්ටුවේ නෑ නේ..මම මේ බලනවා..බොහොම ස්තූති යාලුවා...බලමු..බෝට්ටුවක නේ ඉන්නේ..හබල මගේ අතට ගන්නකල් බෝට්ටුව ඕන විදිහට යාවි..ඒත් හබල එක පාරක් අතට අහු වෙන්න දෙන්නකෝ....ඊට පස්සේ යන්නෙ මට ඕන තැනට

    @ළමයා..විශ් යූ අ බ්‍රරයිට් ෆියුචර්..ඕල් ඉස් වෙල් ලමයෝ..සබ්ජෙක්ට් ඉස් නොට් අ මැටර්....ෆිල් ඉන් ද බිලෑන්ක්ස් විත් සූටබල් ලෙටර්ස්....වෙන් අයි බී ඔල්ඩර්..අයි විල් බි ස්ට්‍රෝන්ගර් නේ අනේ................ඇක්චුවලි... දැට් ඉස් මයි ඉන්ග්ලිශ්.......

    ReplyDelete
  12. Ade ethakota ubada mendage clz eke kaagahapu chu kolla.Elane.Api ashraya karala tiyenawa ehenam wadagath minissuth.Santhoseta Aamasheth ulukku wenawa.Uba Rathgama mama Dadalle...Elaz ne baya wenna epa wada karapu ekekta kawadawath waradin na macho..giya para padan nokara c2 is 1i damma nam me para udinma pass athi...Apitath kiyapan result.uba wagema mamath bayen inne ban.Math 2nd shy kala. gOOd lUCk..!!!!

    ReplyDelete
  13. රත්ගමේ මචෝ උඹ මාර මීටරයක්. අර විශ්වය ගැන දාල තිබ්බ පෝස්ට් එකෙන් මට උඹ ගැන උඹේ දැනුම ගැන හිතාගන්න පුළුවන් . මට 100% විශ්වාසයි උඹ මේපාර කැම්පස් යනවා .

    උඹගේ පලවෙනි පාර රිසල්ට් එක එලනේ . දෙවනිපාර උඹ ගොඩ මචෝ

    මම එක Exam එකක් ඇරෙන්න අනික් ඔක්කොම මාර විදිහට ෆේල් උන එකෙක් . මම ගොඩ ගියේ BIT ඉවර කරාට පස්සේ.

    මගේ නෑදෑ පරපුර මාව BIT පාස් වෙනකන්ම පවුලෙන් කොං කරලයි හිටියේ .

    උඹට නම් ඒවගේ වෙන්න එපෝ !! උඹ ඉහලින්ම පාස් වෙනවා මම ඕන ඔට්ටුවක් අල්ලනවා !

    රිසල්ට් අපටත් කියපං මචෝ

    උඹට ජයම වේවා !!

    ReplyDelete
  14. මං මොනා කියන්නද ? උබට ජය...

    ReplyDelete
  15. රත්ගමයා මල්ලිට මාත් සුබ පතනවා විභහගය හොදින් සමත් වෙලා ආච්චි අම්මගේ සිහිනය සෑබැ කරන්න ලැබේන්න කියලා.

    ReplyDelete
  16. umba mepara university select wenawa sure....Dont worry macho

    ReplyDelete
  17. iru oya pass wei... (onna me comment eka kawruwath kiyapu nisa nemei damme honde... ape iru comments illala daganne nane kawadawath.. :P)


    anyway hadapathlenma subha anaagathayak prarthana karanawa saho.. :)

    ReplyDelete
  18. මෙන්න මෙයා කියන දේවල්... ඉර මොනා කිවත් ඉරු විභාගෙ ගොඩ යනවා... මෙන්න මගෙනුත් සුබ පැතුම්....
    ආඩම්බර අක්කා කියන එක වහාම නතර කරනු...

    ReplyDelete
  19. chemistry nam "sri" thamai.

    ReplyDelete
  20. බය නැතුව හිටපන් මල්ලි, මාත් උඹ වගේම ෆස්ට් ශ‍‍යි ඈනගෙන සෙකොන්ඩ් ශ‍‍යි ගොඩ ගියපු කොල්ලෙක්.
    උඹ අනිවාර්යෙන් ගොඩ් ගිහින් ඇති....

    ReplyDelete
  21. බය නැත්‍රව හිටපන් සහෝ... උඹ එලකිරි වගේ පාස් වෙයි.. ජයවේවා මචෝ...

    ReplyDelete
  22. @Anonymous 3 චූ කොල්ලා....හික්.......පල පල

    හිස් අහස ඔව් අයියා..නෑදැයොත් බලන් ඉන්නෙ කෙල වෙනකල් මට.....කෙල වෙන එකක් නෑ..කටවල් වැහේවි තව ටික කාලෙකින්

    -HacKrisH- බලමු බලමු හැක් අයියා....හික්..මොනව වෙයිද දන්නෙ නෑ

    ReplyDelete
  23. @හාවා...ටැන්කුයි හාවෝ

    CEL ටැන්කුයි මචෝ..බලමුකෝ

    @ගයනි...යකෝ.........මම රත්ගයා..කව්ද බොලේ ඉරු...මාව කාපිය..........

    ReplyDelete
  24. @වත් අක්කා...ආ...කොහොමෙයි ආඩම්බර අක්කෙ...හික්..ඔන්න මම මීට පස්සෙ ආඩමබර අක්කා කියන්නෙ නෑ...ආඩම්බර අක්කට......
    බලමුකෝ අක්කෝ....කොහොම වෙයිද දන්නෙ නෑ නේ

    @ano 4 ආයෙ දෙකක් නෑ...ශ්‍රී තමා මිනිහා

    @ano 5 බලමු අයියා...ගොඩ ගිහිල්ල ඇති...

    @ගෝල්ඩ් ෆිශ්.....බලමු මාලුවෝ........කියන්නම් කෝ ගොඩ ගියොත්

    ReplyDelete
  25. යකෝ මේ මගේ ඉස්ටෝරියමනෙ............. වෙනස් කරනවනම් කරන්න තියන්නෙ නම් ගම් විතරයි. කතාව ඒකම තමා......... කොල්ලෝ බයවෙන්න එපා....... පතාගෙන ආපු විදිහටනෙ ඔතාගෙන යන්න වෙන්නෙ කියලා කතාවක් තියනවනෙ.......... ඒ නිසා කෝකත් ඔට්ටුයි කියලා සතුටින් ඉන්න..... අයිය කෙනෙක් විදියට අත්දැකීමෙන් කියන්නෙ...... උ\පෙ ඉවරවෙලා නිකන් ගෙදරට වෙලානම් ඉන්න එපා.... මොනව මොනවා හරි කෝස් ටිකක් කරල අමතර සුදුසුකම් ටිකකුත් හදාගන්න. මොකද උ\පෙ පාස් වෙලා තිබුනොත් නම් ගොඩ. මොකක් හරි අවාසනාවකට හෝ වාසනාවකට ෆේල් වෙලා තිබුනොත් සොරි තමා. තව දෙයක්... කොම්පියුටර් ගැන දනුම තිබුනට මදි. ඒවා කොල කෑල්ලකත් සඳහන් වෙලා තියෙන්නෙ ඕනි. අපි දන්නවා කියල කටින් කිව්වට කවුරුවත් පිලිගන්නෙ නෑනෙ. සහතිකයක් ඕනිම වෙනවා. ඒ නිසා කොහෙන් හරි කොල කෑල්ලක ඔය දන්න කියන ටික ලියවගනින්. බයවෙන්න එපා. උඹට ජය නියතයි...... චමියගෙ සුභ පැතුම්..........

    ReplyDelete
  26. පහසුවෙන්ම විශ්ව විද්‍යාලයට යන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා..... හැබැයි පුතෙ උබත් ඔය අන්තරෙට එකතු වෙලා පිස්සු නටන්නනම් එප......:)

    ReplyDelete
  27. machan ubata suba pathanava.mama mathu rakena shilpayamai ugathamana kiyala mathu rakena shilpayak igenagannava. meka kiyevvama mata siravata mage podi kaleth mathak vuna. thiranagama kollek.

    ReplyDelete
  28. Mcn Umba ithin hamadama Andenna Post danava ne... Mn umbava anduna gaththeth FB 1ken... Mn umba gana vadiya danna.. Bt Mcn Umba Aniva Uni ya yuthu 1kek. so 1ka ehemama vena... sikurui....

    ReplyDelete
  29. 1%<<70% නේ. ජයෙන් ජය!

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)